6. අඤ්ඤතරකුලදාරිකාවත්ථු අට්ඨකථා
6. අඤ්ඤතරකුලදාරිකාවත්ථු
6. එක්තරා කුලදුවක පිළිබඳවු කථා පුවත
නත්ථි රාගසමොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං කුලදාරිකං ආරබ්භ කථෙසි.
“නත්ථි රාගසමො’ති’ ඉමං යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්තරා කුල දැරියක් නිමිති කරගෙන දේශනාකළහ.
තස්සා කිර මාතාපිතරො ආවාහං කත්වා මඞ්ගලදිවසෙ සත්ථාරං නිමන්තයිංසු. සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො තත්ථ ගන්ත්වා නිසීදි. සාපි ඛො වධුකා භික්ඛුසඞ්ඝස්ස උදකපරිස්සාවනාදීනි කරොන්තී අපරාපරං සඤ්චරති. සාමිකොපිස්සා තං ඔලොකෙන්තො අට්ඨාසි. තස්ස රාගවසෙන ඔලොකෙන්තස්ස අන්තො කිලෙසො සමුදාචරි. සො අඤ්ඤාණාභිභූතො නෙව බුද්ධං උපට්ඨහි, න අසීති මහාථෙරෙ. හත්ථං පසාරෙත්වා “තං වධුකං ගණ්හිස්සාමී”ති පන චිත්තං අකාසි. සත්ථා තස්සජ්ඣාසයං ඔලොකෙත්වා යථා තං ඉත්ථිං න පස්සති, එවමකාසි. සො අදිස්වා සත්ථාරං ඔලොකෙන්තො අට්ඨාසි. සත්ථා තස්ස ඔලොකෙත්වා ඨිතකාලෙ “කුමාරක, න හි රාගග්ගිනා සදිසො අග්ගි නාම, දොසකලිනා සදිසො කලි නාම, ඛන්ධපරිහරණදුක්ඛෙන සදිසං දුක්ඛං නාම අත්ථි, නිබ්බානසුඛසදිසං සුඛම්පි නත්ථියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඇගේ දෙමාපියෝ ඇය විවාහ කර දෙන මංගල උත්සව දිනයේ දී බුදුරදුන්ට ආරාධනා කළහ. බුදුහු භික්ෂු සංඝයා පිරිවරා ගෙන එහි වැඩමකර වැඩසිටියහ. එම මනාලියද? මැනවින් භික්ෂූන් වහන්සේලාට ජලය පෙරීම් ආදිය කරමින් ඔබ මොබ හැසිරෙයි. ඇගේ ස්වාමීයා ද ඒ ඒ දේ බලමින් සිටියේය. ඇය දෙස රාගික වශයෙන් බලාසිටි ඔහුගේ ඇතුළත කෙළෙස් මුදාහැරියේය. ඔහු නුවණින් පෙළුනේ බුදුරජාණන් වහන්සේට හෝ අසූමහා ශ්රාවකයින්ට උවටැන් නො කළේය. අත දිගහැර ඒ මනාලිය ගන්නෙමියි සිතුවේය. බුදුහු ඔහුගේ එම අදහස දැනගෙන එම ස්ත්රිය නොපෙනෙන ලෙසට අදිටන් කළහ. ඔහු බිරිඳ නොදැක බුදුන් දෙස බලා සිටියේය. ඔහු බලා සිටින විට බුදුහු කුමාරය, රාග ගින්න හා සමාන වෙනත් ගින්නක් නැත. දේවේශය හා සමාන කිළුටක් නැත. ස්ඛන්ධ පරිහරණය තරම් දුකක් නැත. නිවන් සුවය හා සමාන සැපයක් නැතැයි පවසා මෙම ගාථාව පැවසුහ.
“නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො කලි; නත්ථි ඛන්ධසමා දුක්ඛා, නත්ථි සන්තිපරං සුඛ”න්ති.
රාගය වැනි වු ගින්නක් තුන් ලොවේ නැත තරහව වැනි වු කැලලක් තුන් ලොවේ නැත පස්කඳ දැරුම සැරසුම වැනි දුකක් නැත පරම සුවය නිර්වාණය නමින ඇත
තත්ථ නත්ථි රාගසමොති ධූමං වා ජාලං වා අඞ්ගාරං වා අදස්සෙත්වා අන්තොයෙව ඣාපෙත්වා භස්මමුට්ඨිං කාතුං සමත්ථො රාගෙන සමො අඤ්ඤො අග්ගි නාම නත්ථි. කලීති දොසෙන සමො අපරාධොපි නත්ථි. ඛන්ධසමාති ඛන්ධෙහි සමා. යථා පරිහරියමානා ඛන්ධා දුක්ඛා, එවං අඤ්ඤං දුක්ඛං නාම නත්ථි. සන්තිපරන්ති නිබ්බානතො උත්තරිං අඤ්ඤං සුඛම්පි නත්ථි. අඤ්ඤඤ්හි සුඛං සුඛමෙව, නිබ්බානං පරමසුඛන්ති අත්ථො.
එහි - නත්ථි රාග සමො - දුම ජලය හෝ අඟුරු හෝ නොදක්වා ඇතුළතම දවා අළුමිටක් කිරීමට පටන් රාගය හා සමවු අනෙක් ගින්නක් නම් නැත. කලී යනු ද්වේශය හා සමාන අපරාධයක් ද නැත. ඛන්ධසමා යනු පඤ්චස්කන්ධය හා සමාන පරිහරණයෙන් ඇතිවන වෙනත් දුකක් නැත. සන්තීපරං යනු නිවන හා සමාන වූ වෙනත් උත්තරීතර සැපයක් ද නැත. නිබ්බාණං පරමං සුඛං යන්නේ අදහස එයයි.
දෙසනාවසානෙ කුමාරිකා ච කුමාරකො ච සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. තස්මිං සමයෙ භගවා තෙසං අඤ්ඤමඤ්ඤං දස්සනාකාරං අකාසීති.
දේශනය අවසන මනාල කුමරිය සෝවාන් ඵලයේ පිහිටියහ. එම අවස්ථාවේ දී බුදුහු එකිනෙකා පෙනන ආකාරයට අදිටන් කළහ.
අඤ්ඤතරකුලදාරිකාවත්ථු චතුත්ථං.