7. එකඋපාසකවත්ථු අට්ඨකථා
7. එකඋපාසකවත්ථු
7. එක්තරා උපාසකයෙකුගේ කථා පුවත
ජිඝච්ඡාති ඉමං ධම්මදෙසනං සත්ථා ආළවියං විහරන්තො එකං උපාසකං ආරබ්භ කථෙසි.
“ජිගච්ඡා” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ අලවි නුවර වැඩසිටියදී එක් උපාසක කෙනෙකුන් නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි දිවසෙ සත්ථා ජෙතවනෙ ගන්ධකුටියං නිසින්නොව පච්චූසකාලෙ ලොකං වොලොකෙන්තො ආළවියං එකං දුග්ගතමනුස්සං දිස්වා තස්සූපනිස්සයසම්පත්තිං ඤත්වා පඤ්චසතභික්ඛුපරිවාරො ආළවිං අගමාසි. ආළවිවාසිනො සත්ථාරං නිමන්තයිංසු. සොපි දුග්ගතමනුස්සො “සත්ථා කිර ආගතො”ති සුත්වා “සත්ථු සන්තිකෙ ධම්මං සොස්සාමී”ති මනං අකාසි. තංදිවසමෙව චස්ස එකො ගොණො පලායි. සො “කිං නු ඛො ගොණං පරියෙසිස්සාමි, උදාහු ධම්මං සුණාමී”ති චින්තෙත්වා “ගොණං පරියෙසිත්වා පච්ඡා ධම්මං සොස්සාමී”ති පාතොව ගෙහා නික්ඛමි. ආළවිවාසිනොපි බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා පරිවිසිත්වා අනුමොදනත්ථාය පත්තං ගණ්හිංසු. සත්ථා “යං නිස්සාය අහං තිංසයොජනමග්ගං ආගතො, සො ගොණං පරියෙසිතුං අරඤ්ඤං පවිට්ඨො, තස්මිං ආගතෙයෙව ධම්මං දෙසෙස්සාමී”ති තුණ්හී අහොසි.
එක් දිනක් බුදුහු දෙව්රම ගඳකිළියේ වැඩසිටියදී අළුයම ලොව බලන්නේ අලවි නුවර වැසි එක්තරා දුගී මිනිසෙකු දැක ඔහුගේ හේතු සම්පත් දැක පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන අලවිනුවරට වැඩම කළහ. අලවි පුර වැසියෝ බුදුන්ට ආරාධනා කළහ. ඒ දුගී මිනිසා ද බුදුන් වැඩිය අසා බුදුවෙත එළඹ ධර්මය අසනෙමියි සිතක් ඇති කර ගත්තේය. එදිනම ඔහුගේ එක් ගවයෙක් පළා ගියේය. එනිසා ඔහු ගවයා සොයා යන්නේද ධර්මය අසන්නේදැයි සිතා ගවයා සොයාගෙන පසුව ධර්ම දේශනය අසමියි සිතා අළුයම ගෙයින් නික්මුනේය. නගර වැසියෝ බුදුන්ට ආරාධනා කර වඩා හිඳුවා බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දන් පිරිනමා අනුමෝදනය සඳහා පාත්රය ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ යමෙක් උදෙසා තිස්යොදුන් මග ගෙවා පැමිණියේද ඔහු ගොනෙක් සොයමින් වනයට ගිය නිසා ඔහු පැමිණිවිට ධර්මය දේශනා කරන්නෙමියි නිහඬ වුහ.
සොපි මනුස්සො දිවා ගොණං දිස්වා ගොගණෙ පක්ඛිපිත්වා “සචෙපි අඤ්ඤං නත්ථි, සත්ථු වන්දනමත්තම්පි කරිස්සාමී”ති ජිඝච්ඡාපීළිතොපි ගෙහං ගමනාය මනං අකත්වා වෙගෙන සත්ථු සන්තිකං ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. සත්ථා තස්ස ඨිතකාලෙ දානවෙය්යාවටිකං ආහ – “අත්ථි කිඤ්චි භික්ඛුසඞ්ඝස්ස අතිරිත්තභත්ත”න්ති? “භන්තෙ, සබ්බං අත්ථී”ති. තෙන හි “ඉමං පරිවිසාහී”ති. සො සත්ථාරා වුත්තට්ඨානෙයෙව තං නිසීදාපෙත්වා යාගුඛාදනීයභොජනීයෙහි සක්කච්චං පරිවිසි. සො භුත්තභත්තො මුඛං වික්ඛාලෙසි. ඨපෙත්වා කිර ඉමං ඨානං තීසු පිටකෙසු අඤ්ඤත්ථ ගතාගතස්ස භත්තවිචාරණං නාම නත්ථි. තස්ස පස්සද්ධදරථස්ස චිත්තං එකග්ගං අහොසි. අථස්ස සත්ථා අනුපුබ්බිං කථං කථෙත්වා සච්චානි පකාසෙසි. සො දෙසනාවසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සත්ථාපි අනුමොදනං කත්වා උට්ඨායාසනා පක්කාමි. මහාජනො සත්ථාරං අනුගන්ත්වා නිවත්ති.
එම පුරුෂයා ද දවල්වී ගොනා දැක ගවගාලට ගෙනගොස් දමා ඉදින් අනෙකක් නැත බුදුන් දැක වැදීම් පමණක් හෝ කරමියි. බඩගින්නෙන් පෙළුනද ගෙදර යාමට නොසිතා පැමිණ බුදුන් වැඳ එකත් පසෙක සිටියේය. බුදුහු ඔහු වාඩිවී සිටියදී උපස්ථායකයින්ගෙන් භික්ෂු සංඝයා වළදා ඉතිරිවු දෙයක් තිබේදැයි විමසා ස්වාමීනි සියල්ල ඇත යැයි පැවසුවිට එසේ නම් මේ තැනැත්තාට කෑම දෙන්නැයි පැවසුහ. ඔහු බුදුන් පැවසු තැනම ඔහු වාඩි කරවා කැඳ බත් ආදී කෑයුතු පානය කළ යුතු ආදියෙන් හොඳින් සැලකූහ. ඔහු බත් අනුභව කොට කට සේදුවේය. මෙතැන හැර ත්රිපිටකයේ කවර තැනකවත් බුදුරජාණන් වහන්සේගේ ආහාර පිළිබඳ විමසීමක් දක්නට නොලැබේ. ඔහුගේ කරදර නිසා විසිරී ගිය සිත එකඟවිය. අනතුරුව බුදුහු අනුපිළිවෙල කථාව කර සිව්සස් දේශනය කළහ. ඒ තැනැත්තා දේශනය අවසානයේ සෝවාන් ඵලයේ පිහිටියේය. බුදුන්ද අනුමෝදනා කර නැගීසිට වැඩම කළහ. මහජනයා බුදුන් පසුපස ගමන්කර නැවතුනහ.
භික්ඛූ සත්ථාරා සද්ධිං ගච්ඡන්තායෙව උජ්ඣායිංසු – “පස්සථාවුසො, සත්ථු කම්මං, අඤ්ඤෙසු දිවසෙසු එවරූපං නත්ථි, අජ්ජ පනෙකං මනුස්සං දිස්වාව යාගුආදීනි විචාරෙත්වා දාපෙසී”ති. සත්ථා නිවත්තිත්වා ඨිතකොව “කිං කථෙථ, භික්ඛවෙ”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “ආම, භික්ඛවෙ, අහං තිංසයොජනං කන්තාරං ආගච්ඡන්තො තස්ස උපාසකස්සූපනිස්සයං දිස්වා ආගතො, සො අතිවිය ජිඝච්ඡිතො, පාතොව පට්ඨාය ගොණං පරියෙසන්තො අරඤ්ඤෙ විචරි. ‘ජිඝච්ඡදුක්ඛෙන ධම්මෙ දෙසියමානෙපි පටිවිජ්ඣිතුං න සක්ඛිස්සතී’ති චින්තෙත්වා එවං අකාසිං, ජිඝච්ඡාරොගසදිසො රොගො නාම නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
භික්ෂූන් වහන්සේලා බුදුන් හා ගමන් කරමින්ම උඩින් කථාකරමින් බලන්න ඇවැත්නි බුදුරජාණන් වහන්සේගේ ක්රියාව අනෙක් දිනවල මෙබඳු දෙයක් නොකරති. අද එක් මිනිසෙක් දුටුවිටම කැඳබත් ආදිය ගැන විමසා දෙවීය. බුදුහු නැවතී සිටගෙන මහණෙනි කුමක් කියවුදැයි විමසා එම කරුණ දැනගෙන එසේය මහණෙනි. මම තිස් යොදුන් මගගෙවා කතර පසුකර පැමිණියේ ඒ උපසකගේ හේතුසම්පත් දැනගෙනය. ඔහු අළුයම සිට අතිශයෙන් කුසගිනි වී ගොනෙකු සොයමින් කැලෑවේ හැසිරුනේ ය. කුසගින්නෙන් වෙලී සිටිය දී ධර්මදේශනා අවබෝධ කර ගැනීමට නොහැකි යයි සිතා මෙලෙස කළෙමි. කුසගින්න තරම් තවත් රෝගයක් නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
“ජිඝච්ඡාපරමා රොගා, සඞ්ඛාරපරමා දුඛා; එතං ඤත්වා යථාභූතං, නිබ්බානං පරමං සුඛ”න්ති.
හැම රෝ අතර බලවත් ලොව බඩගින්නයි. අන් හැම දුකට වැඩියෙන් එයදුක දන්නයි බඩගිනි කෙනා බුදුබණ දහමත් පන්නයි බඩගිනි නිවුම මුල් වශයෙන් කළයුත්තයි.
තත්ථ ජිඝච්ඡාපරමා රොගාති යස්මා අඤ්ඤො රොගො සකිං තිකිච්ඡිතො විනස්සති වා තදඞ්ගවසෙන වා පහීයති, ජිඝච්ඡා පන නිච්චකාලං තිකිච්ඡිතබ්බායෙවාති සෙසරොගානං අයං පරමා නාම. සඞ්ඛාරාති පඤ්ච ඛන්ධා. එතං ඤත්වාති ජිඝච්ඡාසමො රොගො නත්ථි, ඛන්ධපරිහරණසමං දුක්ඛං නාම නත්ථීති එතමත්ථං යථාභූතං ඤත්වා පණ්ඩිතො නිබ්බානං සච්ඡි කරොති. නිබ්බානං පරමං සුඛන්ති තඤ්හි සබ්බසුඛානං පරමං උත්තමං සුඛන්ති අත්ථො.
ජිගච්ඡා පරමා රොගා බඩගින්න බලවත් රෝගයයි පඤ්චස්කන්ධය බලවත් දුකයි. මෙ ඇති සැටියෙන් දැන නිවන පරම උතුම්ම සැපයයි දැනගන්න. එහි ජීගචඡා පරමා රොගා - බලවත් රෝගය නම් අනෙක් රෝගාබාධ වරක් හෝ සුව කළ හැකිය. දෙවන වශයෙන් යටපත් වේ. බඩගින්න නම් නිතරම පිළියම් ප්රතිකාර කළ යුතුමය. රෝගයන් අතර මෙය පරම රෝගයයි සඞ්ඛාරා - යනු පඤචස්ඛන්ධයයි එතං ඤත්වා මෙය දැන බඩගින්න තරම් රෝගයක් නැත. ස්ඛන්ධ පරිහරණය සමාන දුකක් නැත මේ කරුණ ඇති සැටියෙන් දැන නුවණැත්තා නිවන අවබෝධ කරයි. නිබ්බාණං පරමං සුඛං නිවන පරම සුවයයි එය සියලු සුව අතර උසස්ම සුවය යන අර්ථයි
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
එකඋපාසකවත්ථු පඤ්චමං.