යෙදුමෙන් කියවන්න

8. පසෙනදිකොසලවත්‍ථු අට‍්ඨකථා

8. පසෙනදිකොසලවත්‍ථු

8. පසේනදී කොසොල් රජුගේ කථා පුවත

ආරොග්‍යපරමා ලාභාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො රාජානං පසෙනදිකොසලං ආරබ‍්භ කථෙසි.

“ආරෝග්‍ය පරමා ලාභා” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී පසේනදී කොසොල් රජු නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ රාජා තණ‍්ඩුලදොණස‍්ස ඔදනං තදුපියෙන සූපබ්‍යඤ‍්ජනෙන භුඤ‍්ජති. එකදිවසං භුත‍්තපාතරාසො භත‍්තසම‍්මදං අවිනොදෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා කිලන‍්තරූපො ඉතො චිතො ච සම‍්පරිවත‍්තති, නිද‍්දාය අභිභූයමානොපි උජුකං නිපජ‍්ජිතුං අසක‍්කොන‍්තො එකමන‍්තං නිසීදි. අථ නං සත්‍ථා ආහ – “කිං, මහාරාජ, අවිස‍්සමිත්‍වාව ආගතොසී”ති? “ආම, භන‍්තෙ, භුත‍්තකාලතො පට‍්ඨාය මෙ මහාදුක‍්ඛං හොතී”ති. අථ නං සත්‍ථා, “මහාරාජ, අතිබහුභොජනං එවං දුක‍්ඛං හොතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

කොසොල් රජු සහල් දෝණයක (නැලි සොළසක) බත් ද එයට අනුරූප ව්‍යාංජන ද අනුභව කරයි. රජු එක දිනක් උදේ ආහාර අනුභව කොට බත් මතය දුරුනොකර ම බුදුන් වෙත ගොස් ක්ලාන්ත ස්වරූපයෙන් එහා මෙහා පෙරළෙමින් සිටියේය. නිදිමතින් පෙළුනේ ඍජුලෙස නිදාගැනීමට නොහැකිව එකත්පසෙක වාඩිවිය. අනතුරුව බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසුහ. ඇයි මහරජ විවේක නොගෙනම පැමිණියේද? එසේය ස්වාමීනි අනුභව කළ තැන්සිට මට මහා දුකක් ඇතිවේ. අනතුරුව බුදුහු මහරජ බොහෝ ආහාර ගැනීම දුකක් වේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“මිද‍්ධී යදා හොති මහග‍්ඝසො ච, නිද‍්දායිතා සම‍්පරිවත‍්තසායී;

මිද්ධි යදා හොති මහග්ඝසොච නිද්දායිතා සම්පරිවත්ත යායී

මහාවරාහොව නිවාපපුට‍්ඨො, පුනප‍්පුනං ගබ‍්භමුපෙති මන්‍දො”ති. (ධ· ප· 325); –

මහා වරා හොව නිවාප පුට්ඨො පුනප්පුනං ගබ්හ මුපෙති මන්දො

“මිද්ධි යදා හොති” - නිදිමත තැනැත්තා දැඩි නිදිමතින් නිදාගන්නේද පෙරළෙමින් නිදාගනී. කෑමගත් මහා ඌරෙකු සේ නැවත නැවත ප්‍රමාදයෙන් නිදන තැනටම පැමිණේ.

ඉමාය ගාථාය ඔවදිත්‍වා, “මහාරාජ, භොජනං නාම මත‍්තාය භුඤ‍්ජිතුං වට‍්ටති. මත‍්තභොජිනො හි සුඛං හොතී”ති උත‍්තරි ඔවදන‍්තො ඉමං ගාථමාහ –

මෙම ගාථාවෙන් අවවාද දී මහරජ භෝජනය නම් පමණ දැන ගතයුතුය. පමණ දැන ගැනීමෙන් සුවය වේ. තවදුරටත් අවවාද දෙමින් මේ ගාථාව පැවසුහ -

“මනුජස‍්ස සදා සතීමතො, මත‍්තං ජානතො ලද‍්ධභොජනෙ; තනුකස‍්ස භවන‍්ති වෙදනා, සණිකං ජීරති ආයුපාලය”න‍්ති. (සං· නි· 1.124);

සිහි ඇති මිනිසා ලද භෝජනයේ පමණ දැන පමණට ආහාර ගනී. එලෙස නොවී මෙන් ඔහුගේ සිරුර වේදනා ඇතිකරයි ඉක්මනින් දිරායයි ආයුෂ ද සීමා වේ.

රාජා ගාථං උග‍්ගණ‍්හිතුං නාසක‍්ඛි, සමීපෙ ඨිතං පන භාගිනෙය්‍යං, සුදස‍්සනං නාම මාණවං “ඉමං ගාථං උග‍්ගණ‍්හ, තාතා”ති ආහ. සො තං ගාථං උග‍්ගණ‍්හිත්‍වා “කිං කරොමි, භන‍්තෙ”ති සත්‍ථාරං පුච‍්ඡි. අථ නං සත්‍ථා ආහ – “රඤ‍්ඤො භුඤ‍්ජන‍්තස‍්ස ඔසානපිණ‍්ඩකාලෙ ඉමං ගාථං වදෙය්‍යාසි, රාජා අත්‍ථං සල‍්ලක‍්ඛෙත්‍වා යං පිණ‍්ඩං ඡඩ‍්ඩෙස‍්සති, තස‍්මිං පිණ‍්ඩෙ සිත්‍ථගණනාය රඤ‍්ඤො භත‍්තපචනකාලෙ තත‍්තකෙ තණ‍්ඩුලෙ හරෙය්‍යාසී”ති. සො “සාධු, භන‍්තෙ”ති සායම‍්පි පාතොපි රඤ‍්ඤො භුඤ‍්ජන‍්තස‍්ස ඔසානපිණ‍්ඩකාලෙ තං ගාථං උදාහරිත්‍වා තෙන ඡඩ‍්ඩිතපිණ‍්ඩෙ සිත්‍ථගණනාය තණ‍්ඩුලෙ හාපෙසි. රාජාපි තස‍්ස ගාථං සුත්‍වා සහස‍්සං සහස‍්සං දාපෙසි. සො අපරෙන සමයෙන නාළිකොදනපරමතාය සණ‍්ඨහිත්‍වා සුඛප‍්පත‍්තො තනුසරීරො අහොසි.

රජුට ගාථාව ඉගෙන ගැනීමට නොහැකිවිය. ළඟ සිටි සුදස්සන නම් බෑනා වු තරුණයාට ගාථාව ඉගෙන ගන්නැයි පැවසුවේ ඔහු මේ ගාථාව ඉගෙන ගෙන මම කුමක් කරන්නේදැයි බුදුන් ගෙන් විමසුවේ. එහිදී බුදුරජාණන් වහන්සේ පැවසුහ. රජු ආහාර ගන්නා විට අවසාන බත්පිඬුව ගන්නාවිට මේ ගාථාව කියන්න. රජු අර්ථය සලකා අවසාන පිඩුව විසි කරනු ඇත. එම පිඬුවේ බත් ඇට ගණනට සිරිලන සේ රජුට බත් උයන අවස්ථාවේ සහල් ප්‍රමාණය අයින් කරන්න. ඔහු ස්වාමීනි යහපතැයි සවස ද උදේ ද - රජු ආහාර ගන්නා විට අවසාන බත් පිඩුව ගන්නා අවස්ථාවේ දී ගාථාව පැවසුවේය. එවිට අත්හරින බත් පිඬුවේ ඇට ගණන අනුව සහල් අඩුකළේය. රජුද ඔහුට ගාථාව අසා දහසක් පරිත්‍යාග කළේය. ඔහු පසුකාලයේ දී නැළියක් පමණ බත් ගැනීමෙන් සිහින් සිරුරක් ඇතිවිය. සුවයට පත්විය.

අථෙකදිවසං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා ආහ – “භන‍්තෙ, ඉදානි මෙ සුඛං ජාතං, මිගම‍්පි අස‍්සම‍්පි අනුබන්‍ධිත්‍වා ගණ‍්හනසමත්‍ථො ජාතොම‍්හි. පුබ‍්බෙ මෙ භාගිනෙය්‍යෙන සද‍්ධිං යුද‍්ධමෙව හොති, ඉදානි වජීරකුමාරිං නාම ධීතරං භාගිනෙය්‍යස‍්ස දත්‍වා සො ගාමො තස‍්සායෙව න‍්හානචුණ‍්ණමූලං කත්‍වා දින‍්නො, තෙන සද‍්ධිං විග‍්ගහො වූපසන‍්තො, ඉමිනාපි මෙ කාරණෙන සුඛමෙව ජාතං. කුලසන‍්තකං රාජමණිරතනං නො ගෙහෙ පුරිමදිවසෙ නට‍්ඨං, තම‍්පි ඉදානි හත්‍ථපත‍්තං ආගතං, ඉමිනාපි මෙ කාරණෙන සුඛමෙව ජාතං. තුම‍්හාකං සාවකෙහි සද‍්ධිං විස‍්සාසං ඉච‍්ඡන‍්තෙන ඤාතිධීතාපි නො ගෙහෙ කතා, ඉමිනාපි මෙ කාරණෙන සුඛමෙව ජාත”න‍්ති. සත්‍ථා “ආරොග්‍යං නාම, මහාරාජ, පරමො ලාභො, යථාලද‍්ධෙන සන‍්තුට‍්ඨභාවසදිසම‍්පි ධනං, විස‍්සාසසදිසො ච පරමා ඤාති, නිබ‍්බානසදිසඤ‍්ච සුඛං නාම නත්‍ථී”ති වත්‍වා ඉමං ගාථමාහ –

අනතුරුව රජු දිනක් බුදුන් වෙත ගොස් බුදුන් වැඳ මෙසේ පැවසුවේය. ස්වාමීනි දැන් මට සුවයක් ඇතිවිය. මම දැන් මුවෙක් හෝ අශ්වයෙක් ලුහුබැඳ අල්ලාගැනීමට හැකිවෙමි. මෙයට පෙර බෑනා සමග මගේ සටනක් විය. දැන් මගේ වජිර කුමාරි නම් දුව සහෝදරියගේ පුතාට ද ඒ ගම ඇයට නෑමට ගන්නා සුවඳ වර්ග සඳහා දෙන ලදිමි. ඔහු සමග අරගලය විවාදය සන්සිඳුනි මේ කරුණ නිසාද සුවයක් ඇතිවිය. කුඩරාජ සමයේ පැවති මාණික්‍ය රත්නයද මුලදී ඇතිවිය. එයද දැන් මගේ අතට පත්විය. මෙයද සැපයට කරුණකි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයින්ගේ විශ්වාසවන්තකම කැමතිවන මම ඔබගේ ඥාති දියණියක් ආවාභ කර ගනිමි. මෙයද මගේ සැපයට හේතුවේ. බුදුහු මහරජ නිරෝගිකම නම් උතුම් ලාභයකි. ලද දෙයින් සතුටට පත්වීම තරම් ධනයක් නැත. විශ්වාසවන්තයා සමාන ඥාතියෙක් නැත. නිවණ තරම් සුවයක් ද නැතැයි පවසා මේ ගාථාව පැවසුහ.

“ආරොග්‍යපරමා ලාභා, සන‍්තුට‍්ඨිපරමං ධනං; විස‍්සාසපරමා ඤාති, නිබ‍්බානපරමං සුඛ”න‍්ති.

උතුම් ලාභය මිනිසෙකුට ඇති - නිරෝගී බව ම යයි දතයුති සිතේ සතුටම උතුම් සම්පත නිවන් සුවමයි උතුම් සුවසෙත විස්වාසයයි හොඳම නෑයා - බුදුන් දෙසුවේ කොසොල් රජුහට

තත්‍ථ ආරොග්‍යපරමා ලාභාති අරොගභාවපරමා ලාභා. රොගිනො හි විජ‍්ජමානාපි ලාභා අලාභායෙව, තස‍්මා අරොගස‍්ස සබ‍්බලාභා ආගතාව හොන‍්ති. තෙනෙතං වුත‍්තං – “ආරොග්‍යපරමා ලාභා”ති. සන‍්තුට‍්ඨිපරමං ධනන‍්ති ගිහිනො වා පබ‍්බජිතස‍්ස වා යං අත‍්තනා ලද‍්ධං අත‍්තනො සන‍්තකං, තෙනෙව තුස‍්සනභාවො සන‍්තුට‍්ඨී නාම සෙසධනෙහි පරමං ධනං. විස‍්සාසපරමා ඤාතීති මාතා වා හොතු පිතා වා, යෙන සද‍්ධිං විස‍්සාසො නත්‍ථි, සො අඤ‍්ඤාතකොව. යෙන අඤ‍්ඤාතකෙන පන සද‍්ධිං විස‍්සාසො අත්‍ථි, සො අසම‍්බන්‍ධොපි පරමො උත‍්තමො ඤාති. තෙන වුත‍්තං – “විස‍්සාසපරමා ඤාතී”ති. නිබ‍්බානසදිසං පන සුඛං නාම නත්‍ථි, තෙනෙවාහ – නිබ‍්බානපරමං සුඛන‍්ති.

එහි ආරෝග්‍ය පරමා” නිරෝගීබව උතුම් ලාභයයි. රෝගී බව දක්නට ලැබුනද ලාබ අලාභ සිදුවේ. එහෙත් නිරෝගී බව සියළු ලාභ ගෙන ආයේ වෙයි. ආරෝග්‍ය පරමා ලාභා යන්න එහෙයින් කියන ලද්දේ සන්තුටඨි පරමං ධනං ගිහි පැවිදි කාටත් තමා ලබන සතුට අන් ධනයන්ට වඩා උතුම් ධනයයි සතුට වනාහි සෙසු සියළු ධනයන්ට වඩා උතුම් වූ පරම ධනයයි. විස්වාස පරමා ඤාති මව හෝ පියා හෝ ඔහු සමග ලබන තමන් සතු විශ්වාසය නැතද ඥාති නොවන කෙනෙක් සමග හෝ පවතින විශ්වාසවන්ත බව උතුම් ඥාතිත්වයයි විස්වාස පරමා ඥාති යන්න එහෙයින් කියන ලදී. නිවන හා සමවූ සුවයක් නම් නැත. නිබ්බාණං පරමං සුඛං යන්න එහෙයින් කියන ලදී.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

පසෙනදිකොසලවත්‍ථු ඡට‍්ඨං.