9. තිස්සත්ථෙරවත්ථු අට්ඨකථා
9. තිස්සත්ථෙරවත්ථු
9. එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත
පවිවෙකරසන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙසාලියං විහරන්තො අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ කථෙසි.
“පවිවෙකරසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
සත්ථාරා හි, “භික්ඛවෙ, අහං ඉතො චතූහි මාසෙහි පරිනිබ්බායිස්සාමී”ති වුත්තෙ සත්ථු සන්තිකෙ සත්ත භික්ඛුසතානි සන්තාසං ආපජ්ජිංසු, ඛීණාසවානං ධම්මසංවෙගො උප්පජ්ජි, පුථුජ්ජනා අස්සූනි සන්ධාරෙතුං නාසක්ඛිංසු. භික්ඛූ වග්ගා වග්ගා හුත්වා “කිං නු ඛො කරිස්සාමා”ති මන්තෙන්තා විචරන්ති. අථෙකො තිස්සත්ථෙරො නාම භික්ඛූ “සත්ථා කිර චතුමාසච්චයෙන පරිනිබ්බායිස්සති, අහඤ්චම්හි අවීතරාගො, සත්ථරි ධරමානෙයෙව මයා අරහත්තං ගණ්හිතුං වට්ටතී”ති චතූසු ඉරියාපථෙසු එකකොව විහාසි. භික්ඛූනං සන්තිකෙ ගමනං වා කෙනචි සද්ධිං කථාසල්ලාපො වා නත්ථි. අථ නං භික්ඛූ ආහංසු – “ආවුසො, තිස්ස තස්මා එවං කරොසී”ති. සො තෙසං කථං න සුණාති. තෙ තස්ස පවත්තිං සත්ථු ආරොචෙත්වා, “භන්තෙ, තුම්හෙසු තිස්සත්ථෙරස්ස සිනෙහො නත්ථී”ති ආහංසු. සත්ථා තං පක්කොසාපෙත්වා “කස්මා තිස්ස එවං අකාසී”ති පුච්ඡිත්වා තෙන අත්තනො අධිප්පායෙ ආරොචිතෙ “සාධු, තිස්සා”ති සාධුකාරං දත්වා, “භික්ඛවෙ, මයි සිනෙහො තිස්සසදිසොව හොතු. ගන්ධමාලාදීහි පූජං කරොන්තාපි නෙව මං පූජෙන්ති, ධම්මානුධම්මං පටිපජ්ජමානායෙව පන මං පූජෙන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
ශාස්තෲන් වහන්සේ මහණෙනි මම මෙයින් මාස හතරකට පසුව පිරිණිවන් පාන්නෙමියි පැවසූවිට බුදුන් ළඟ සත් සියයක් භික්ෂූන් වහන්සේලා සන්ත්‍රාසයට පැමිණියාහු වෙති. රහතන් වහන්සේලාට ද ධර්ම සංවේගය ඇතිවිය. පෘථග්ජන භික්ෂූහු කඳුළු වැගුරූහ. භික්ෂූන් වහන්සේලා වර්ග වෙමින් කුමක් කරන්නෙමු දැයි කථාකරමින් හැසිරෙති. මේ අතර තිස්ස තෙරුන් නම් එක්නමක් බුදුරජාණන් වහන්සේ සිව් මසකින් පිරිණිවන් පාන්නාහ. මම කෙළෙස් සහිතය බුදුරජාණන් වහන්සේ වැඩසිටියදීම මවිසින් අර්හත්වය ගැනීම වටනේයැයි සිතා සිවු ඉරියව්වෙන් එක ඉරියව්වකින් වාසය කළේය. භික්ෂූන් වහන්සේලා සමග ගමන් කිරීමක් හෝ කිසිවෙකු සමග කථා කිරීමක් හෝ නැත. අනතුරුව උන්වහන්සේට භික්ෂූන් වහන්සේලා මෙලෙස පැවසුහ. ඇවැත්නි තිස්ස කුමක් හෙයින් මෙලෙස කරමුදැයි විමසුහ. එම කථා නො ඇසූ නිසා උන්වහන්සේ පිළිබඳව බුදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි තිස්ස තෙරුන් ඔබ වහන්සේට ස්නේහයක් නැත. බුදුහු එම තෙරුන් කැඳවා තිස්ස ඔබ මෙසේ කරන්නේ කුමක් හෙයින්ද? එම තෙරුන් විසින් තමන්ගේ අභිප්‍රාය දැනුම් දුන්විට සාධුකාර දී මා කෙරෙහි ස්නේහය ඇත්තෙක් වේ නම් ඔහු තිස්ස හා සමාන කෙනෙක් වේවා. සුවඳමල් ආදිය පුජා කරන්නා මා පුජා කරන්නේ නොවේ. ධර්මානු ධර්ම පිළිපදින්නෝම මට පුජාකරන්නෝ වෙති. වදාරා මේ ගාථාව වදාළහ.
“පවිවෙකරසං පිත්වා, රසං උපසමස්ස ච; නිද්දරො හොති නිප්පාපො, ධම්මපීතිරසං පිව”න්ති.
හුදෙකලා රසය ද - නිවන් රසය ද යන දෙරස බොන ඇත්තා - දාහ නැති කොට පව් ද නස්නේ.
තත්ථ පවිවෙකරසන්ති පවිවෙකතො උප්පන්නං රසං, එකීභාවසුඛන්ති අත්ථො. පිත්වාති දුක්ඛපරිඤ්ඤාදීනි කරොන්තො ආරම්මණතො සච්ඡිකිරියාවසෙන පිවිත්වා. උපසමස්ස චාති කිලෙසූපසමනිබ්බානස්ස ච රසං පිත්වා. නිද්දරො හොතීති තෙන උභයරසපානෙන ඛීණාසවො භික්ඛු අබ්භන්තරෙ රාගදරථාදීනං අභාවෙන නිද්දරො චෙව නිප්පාපො ච හොති. රසං පිවන්ති නවවිධලොකුත්තරධම්මවසෙන උප්පන්නං පීතිරසං පිවන්තොපි නිද්දරො නිප්පාපො ච හොති.
එහි පවිවේකරසං යනු විවේකයෙන් උපන් රසයයි හුදෙකලා බවට සැපයයි යන අර්ථයි. පීත්ථා - යනු දුක අවබෝධ කරන්නේ අරමුණු වශයෙන් අවබෝධ කර ගනිමින් නිවන සාක්ෂත් කිරීම් නම් වු රසය බී. උපසම්සස්සව යනු ක්ලේශ උපසමනය නම් වු නිවන් රසයම බී නිද්දරොහොති මේ රස දෙකම පානය නිසා ක්ෂීණාශ්රව භික්ෂුව අභ්‍යන්තරයේ රාගාදි කරදර නැති නිසා කෙළෙස් දාහ නැත්තෙක් ද පව් නැත්තෙක් ද වේ. රසං පිබං නවවිධ ලෝකෝත්තර ධර්ම වශයෙන් උපන් ප්‍රීති රසය පානය කරමින් කරදර නැත්තෙක් ද පව්කම් නැත්තෙක් ද වේ අර්ථය දෙයි.
දෙසනාවසානෙ තිස්සත්ථෙරො අරහත්තං පාපුණි, මහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසන තිස්ස තෙරුන් අර්හත්වයට පත්වුනි. මහජනයාට ද දේශනය සාර්ථක විය.
තිස්සත්ථෙරවත්ථු සත්තමං.