යෙදුමෙන් කියවන්න

10-12. සක‍්කවත්‍ථු අට‍්ඨකථා

10-12. සක‍්කවත්‍ථු

10-12. සක්දෙව්රජ පිළිබඳ කථා පුවත

සාහු දස‍්සනන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවගාමකෙ විහරන‍්තො සක‍්කං ආරබ‍්භ කථෙසි.

“සාහු දස්සන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බේලුව ගමේ වැඩ සිටියදී සක්‍ර දේවේන්ද්‍රයා නිමිති කරගෙන දේශනා කළහ.

තථාගතස‍්ස හි ආයුසඞ‍්ඛාරෙ විස‍්සට‍්ඨෙ ලොහිතපක‍්ඛන්‍දිකාබාධස‍්ස උප‍්පන‍්නභාවං ඤත්‍වා සක‍්කො දෙවරාජා “මයා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ගිලානුපට‍්ඨානං කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා තිගාවුතප‍්පමාණං අත‍්තභාවං විජහිත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා හත්‍ථෙහි පාදෙ පරිමජ‍්ජි. අථ නං සත්‍ථා ආහ “කො එසො”ති? “අහං, භන‍්තෙ, සක‍්කො”ති. “කස‍්මා ආගතොසී”ති? “තුම‍්හෙ ගිලානෙ උපට‍්ඨහිතුං, භන‍්තෙ”ති. “සක‍්ක, දෙවානං මනුස‍්සගන්‍ධො යොජනසතතො පට‍්ඨාය ගලෙ බද‍්ධකුණපං විය හොති, ගච‍්ඡ ත්‍වං, අත්‍ථි මෙ ගිලානුපට‍්ඨකා භික‍්ඛූ”ති. “භන‍්තෙ, චතුරාසීතියොජනසහස‍්සමත්‍ථකෙ ඨිතො තුම‍්හාකං සීලගන්‍ධං ඝායිත්‍වා ආගතො, අහමෙව උපට‍්ඨහිස‍්සාමී”ති සො සත්‍ථු සරීරවළඤ‍්ජනභාජනං අඤ‍්ඤස‍්ස හත්‍ථෙනාපි ඵුසිතුං අදත්‍වා සීසෙයෙව ඨපෙත්‍වා නීහරන‍්තො මුඛසඞ‍්කොචනමත‍්තම‍්පි න අකාසි, ගන්‍ධභාජනං පරිහරන‍්තො විය අහොසි. එවං සත්‍ථාරං පටිජග‍්ගිත්‍වා සත්‍ථු ඵාසුකකාලෙයෙව අගමාසි.

බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීමෙන් පසු ලේ පාචනය ඇතිවු බව දැනගෙන සක් දෙරජ ම විසින් බුදුන්වෙත ගොස් ගිලානෝපස්ථානය කිරීම වටීයයි සිතා තුන් ගවු පමණ වූ ආත්මභාවය අත්හැර දමා බුදුන් වෙත එළඹ අත් පා පිරිමැදීය. අනතුරුව බුදුහු මේ කවරෙක් දැයි විමසුහ. ස්වමීනි මම ශක්‍රදෙවියායි. කුමක් නිසා පැමිණියේද? ඔබවහන්සේ ගිලන්වූ නිසා උවටැන් කිරීමට පැමිණියෙමි. ශක්‍රය දෙවියන්ට මිනිස් ගඳ යොදුන් සියයක් දක්වා (හමයි) ගෙලබැඳි කුණපයක් ලෙසට මිනිස් ගඳ වෙයි. ඔබ යන්න මට උවටැන් කිරීමට භික්ෂූන් ඇත. ස්වාමීනි මම යොදුන් අසූහතර දහසක් දුර සිටිය දී ඔබවහන්සේගේ සිල් සුවඳ ආස්වාදනය කර ආවේමි. මම ම උවටැන් කරනෙමි. බුදුරජාණන් වහන්සේ ශරීර මළ පහකරන භාජනය අන් අයට අතින් අල්ලන්නටවත් නොදී හිසේ ම තබාගෙන බැහැර කරන්නේ මුහුණ ඇකිලීම් පමණවත් නොකළේ ය. සුවඳ බඳුනක් ගන්නාක් මෙන් විය. සිරුර මළ භාජනය හිසෙන් ගෙන ගොස් බැහැර කළේය. උවටැන් කළේය.

භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “අහො සත්‍ථරි සක‍්කස‍්ස සිනෙහො, එවරූපං නාම දිබ‍්බසම‍්පත‍්තිං පහාය මුඛසඞ‍්කොචනමත‍්තම‍්පි අකත්‍වා ගන්‍ධභාජනං නීහරන‍්තො විය සත්‍ථු සරීරවළඤ‍්ජනභාජනං සීසෙන නීහරන‍්තො උපට‍්ඨානමකාසී”ති. සත්‍ථා තෙසං කථං සුත්‍වා කිං වදෙථ, භික‍්ඛවෙ, අනච‍්ඡරියං එතං, යං සක‍්කො දෙවරාජා මයි සිනෙහං කරොති. අයං සක‍්කො හි දෙවරාජා මං නිස‍්සාය ජරසක‍්කභාවං විජහිත්‍වා සොතාපන‍්නො හුත්‍වා තරුණසක‍්කස‍්ස භාවං පත‍්තො, අහං හිස‍්ස මරණභයතජ‍්ජිතස‍්ස පඤ‍්චසිඛගන්‍ධබ‍්බදෙවපුත‍්තං පුරතො කත්‍වා ආගතකාලෙ ඉන්‍දසාලගුහායං දෙවපරිසාය මජ‍්ඣෙ නිසින‍්නස‍්ස –

බුදුහු ඔහුගේ කථාව අසා මහණෙනි කුමක් කියවු ද මෙය ආශ්චර්යක් නොවේ. ශක්‍රදේවේන්ද්‍ර තෙමේ මා කෙරෙහි නො කරයි ද මේ සක් දෙවිඳු මා නිසා මහළු ශක්‍ර භාවය දුරු කර සෝවාන් වී තරුණ ශක්‍ර බවට පත්විය. මම ඔහුට මරණ භය තර්ජන ඇතිවුවිට පංචසිඛ ගාන්ධර්ව විද්‍යාපුත්‍රයා පෙරටු කොට පැමිණිවිට ඉන්ද්‍රසාල ගුහාවේදි දෙව් පිරිස් මැද සිටියදී.

“පුච‍්ඡ වාසව මං පඤ‍්හං, යං කිඤ‍්චි මනසිච‍්ඡසි; තස‍්ස තස‍්සෙව පඤ‍්හස‍්ස, අහං අන‍්තං කරොමි තෙ”ති. (දී· නි· 2.356) –

“ශක්‍රය ඔබ කැමති යම් ප්‍රශ්නයක් වේ නම් පිළිතුරු මගෙන් විමසන්න ඒ ඒ ප්‍රශ්නවලට මම විසඳුම් දෙන්නෙමි”

වත්‍වා තස‍්ස කඞ‍්ඛං විනොදෙන‍්තො ධම‍්මං දෙසෙසිං. දෙසනාවසානෙ චුද‍්දසන‍්නං පාණකොටීනං ධම‍්මාභිසමයො අහොසි, සක‍්කොපි යථානිසින‍්නොව සොතාපත‍්තිඵලං පත්‍වා තරුණසක‍්කො ජාතො. එවමස‍්සාහං බහූපකාරො. තස‍්ස මයි සිනෙහො නාම අනච‍්ඡරියො. භික‍්ඛවෙ, අරියානඤ‍්හි දස‍්සනම‍්පි සුඛං, තෙහි සද‍්ධිං එකට‍්ඨානෙ සන‍්නිවාසොපි සුඛො. බාලෙහි සද‍්ධිං පන සබ‍්බමෙතං දුක‍්ඛන‍්ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මෙලෙස පවසා ඔහුගේ දුක දුරුකරන්නේ ධර්මය දේශනා කළෙමි. දේශනය අවසානයේ දාහතර කෝටියක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. ශක්‍රයා ද වාඩිවී සිටියදීම සෝවාන් ඵලයට පත් වී තරුණ ශක්‍රයෙක් විය. මෙලෙස මම ඔහුට බොහෝ උපකාර කළෙමි. එනිසා මා කෙරෙහිය කිරීම අරුමයක් නොවේ. මහණෙනි. ආර්යයාගේ දර්ශනය ද සුවයෙකි. ඔවුන් හා එක් තැනක වාසය කිරීම ද සුවයකි. බාලයන් හා ඇසුර නම් හැමකින්ම දුකකැයි පවසා මේ ගාථා වදාළහ.

“සාහු දස‍්සනමරියානං, සන‍්නිවාසො සදා සුඛො; අදස‍්සනෙන බාලානං, නිච‍්චමෙව සුඛී සියා.

දැක අරී සඟ ගණ උහු හා එක්ව විසුමෙන බාලයන් දුර ලන කෙනා සැපයම ලබයි නිතියෙන.

සාහුදස්සන මරියානං ආර්යන්ගේ දර්ශනය හා ඔවුන් සමග විසීම හැම කල්හි සුවයකි. බාලයන් නොදැමෙන් ඇසුරු නොකිරීමෙන් සැප ඇත්තෙක් වන්නේය.

“බාලසඞ‍්ගතචාරී හි, දීඝමද‍්ධාන සොචති; දුක‍්ඛො බාලෙහි සංවාසො, අමිත‍්තෙනෙව සබ‍්බදා; ධීරො ච සුඛසංවාසො, ඤාතීනංව සමාගමො”.

බාලයන් සම ගින් හැසිරෙන කෙනා නොම ගින් නෙක කරදර මගින් විපත් වේමැයි උනට නිසගින්

බාලයා හා එක්ව හැසිරෙන්නා බොහෝ කල් දුකින් ජීවත්වේ. බාලයා හා එක්ව විසීම සතුරන් සමග විසීමක් වේ. නැණවතා සමග සැපවත් සහවාසය ඥාති සමාගමයක් වැන්න.

තස‍්මා හි –

මේ නිසා -

“ධීරඤ‍්ච පඤ‍්ඤඤ‍්ච බහුස‍්සුතඤ‍්ච, ධොරය‍්හසීලං වතවන‍්තමරියං; තං තාදිසං සප‍්පුරිසං සුමෙධං, භජෙථ නක‍්ඛත‍්තපථං ව චන්‍දිමා”ති.

නැණවතුන් සිත සේ පිළිවෙත් පුරා මනසේ අහස මැද සඳසේ සදා බැබළෙනු මැනව සුවසේ.

ධීරවූ ප්‍රාඥවූ බොහෝ ඇසුපිරූ තැන් ඇති සීලයෙන් යුත් කෙලෙස් වමාරා දැමු නැණවත් සත්පුරුෂයන් සඳ අහස සේවනය කරන්නාක් මෙන් සේවනය කළ යුතුය.

තත්‍ථ සාහූති සුන්‍දරං භද‍්දකං. සන‍්නිවාසොති න කෙවලඤ‍්ච තෙසං දස‍්සනමෙව, තෙහි සද‍්ධිං එකට‍්ඨානෙ නිසීදනාදිභාවොපි තෙසං වත‍්තපටිවත‍්තං කාතුං ලභනභාවොපි සාධුයෙව. බාලසඞ‍්ගතචාරී හීති යො බාලෙන සහචාරී. දීඝමද‍්ධානන‍්ති සො බාලසහායෙන “එහි සන්‍ධිච‍්ඡෙදාදීනි කරොමා”ති වුච‍්චමානො තෙන සද‍්ධිං එකච‍්ඡන්‍දො හුත්‍වා තානි කරොන‍්තො හත්‍ථච‍්ඡෙදාදීනි පත්‍වා දීඝමද‍්ධානං සොචති. සබ‍්බදාති යථා අසිහත්‍ථෙන වා අමිත‍්තෙන ආසීවිසාදීහි වා සද‍්ධිං එකතො වාසො නාම නිච‍්චං දුක‍්ඛො, තථෙව බාලෙහි සද‍්ධින‍්ති අත්‍ථො. ධීරො ච සුඛසංවාසොති එත්‍ථ සුඛො සංවාසො එතෙනාති සුඛසංවාසො, පණ‍්ඩිතෙන සද‍්ධිං එකට‍්ඨානෙ සංවාසො සුඛොති අත්‍ථො. කථං? ඤාතීනංව සමාගමොති යථාපි ඤාතීනං සමාගමො සුඛො, එවං සුඛො.

එහි සාහු - යනු සොඳුරු යහපත් සන්නිවාසො හුදු දැකීම් පමණකි. ඔවුන් සමග එකමතැන වාඩිවීම් ආදී ඔවුන්ට වතාවත් කිරීම, යහපතක්මය බාලසඞ්ගතචාරී යමෙක් බාලයන් හා ඇසුරු කෙරේද දීඝමද්ධානං - යනු යමෙක් බාලයන් හා අත්පා සිඳීම් ආදිය කරමු යයි කීවිට එවැන්නා හා එකට එකතුවී කරත් ද බොහෝකල් දුක්විඳී. සබ්බ - යනු යම් සේ කඩුගත් අතින් හෝ අචිත්‍ර වු ආශිර්විෂයන් සමග හෝ එකට විසිම නම් එය නිතර දුකට හේතුවේ. ධීරොච සුඛ සංවාසො - මෙහි සුවසේ විසීමනම් එකට එකතු වීමයි. නුවණැත්තන් සමග වාසය සුව ගෙනදේ. සමාගමො - ඥාතීන් හා එකතු විම සුව එළවයි.

තස‍්මා හීති යස‍්මා බාලෙහි සද‍්ධිං සංවාසො දුක‍්ඛො, පණ‍්ඩිතෙන සද‍්ධිං සුඛො, තස‍්මා හි ධිතිසම‍්පන‍්නං ධීරඤ‍්ච, ලොකියලොකුත‍්තරපඤ‍්ඤාසම‍්පන‍්නං පඤ‍්ඤඤ‍්ච, ආගමාධිගමසම‍්පන‍්නං බහුස‍්සුතඤ‍්ච, අරහත‍්තපාපනකසඞ‍්ඛාතාය ධුරවහනසීලතාය ධොරය‍්හසීලං, සීලවතෙන චෙව ධුතඞ‍්ගවතෙන ච වතවන‍්තං, කිලෙසෙහි ආරකතාය අරියං, තථාරූපං සප‍්පුරිසං සොභනපඤ‍්හං යථා නිම‍්මලං නක‍්ඛත‍්තපථසඞ‍්ඛාතං ආකාසං චන්‍දිමා භජති, එවං භජෙථ පයිරුපාසෙථාති අත්‍ථො.

තස්මාහි යම් හෙයකින් බාලයන් සමග සංවාසය දුකමැයි නුවණැත්තන් හා වාසය සුවය. එහෙයින් උත්සාහවන්ත වේ. ලෞකික ලෝකෝත්තර ප්‍රඥා සම්පන්න වීමයි. පඤඤාං - අධිගම්‍ය සම්පන්න වීමයි. බහුස්සුත නම් - අරිහත්වයයි. කෙළෙසුන්ගෙන් දුරුවීම ආර්යත්වය වේ සීලමය වු බර ඉසිලීම ධොරයහ සීලං - සිල්වන්ත බවද, ධූතඞ්ග දැරීම ද, වතවන්තං කලේශය දුරින් දුරු කිරිම අරියං එබඳුවූ සප්පුරිසං නිර්මල වූ ශෝභන ප්‍රඥාව අහස සඳ ඇසුරු කරන ලෙසට සත්පුරුෂයන් ඇසුරු කරන්න. යන අරුතයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.

සක‍්කවත්‍ථු අට‍්ඨමං.

සුඛවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සුඛ වර්ග වර්ණනාව නිමියේය.

පන‍්නරසමො වග‍්ගො.

පසළොස්වැනි වර්ගයයි.