යෙදුමෙන් කියවන්න

1-3. තයොජනපබ‍්බජිතවත්‍ථු අට‍්ඨකථා

1-3. තයොජනපබ‍්බජිතවත්‍ථු

1-3. භික්ෂූන් තිදෙනාගේ කථා පුවත

අයොගෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තයො පබ‍්බජිතෙ ආරබ‍්භ කථෙසි.

“අයොග” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී පැවිද්දන් තිදෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.

සාවත්‍ථියං කිර එකස‍්මිං කුලෙ මාතාපිතූනං එකපුත‍්තකො අහොසි පියො මනාපො. සො එකදිවසං ගෙහෙ නිමන‍්තිතානං භික‍්ඛූනං අනුමොදනං කරොන‍්තානං ධම‍්මකථං සුත්‍වා පබ‍්බජිතුකාමො හුත්‍වා මාතාපිතරො පබ‍්බජ‍්ජං යාචි. තෙ නානුජානිංසු. තස‍්ස එතදහොසි – “අහං මාතාපිතූනං අපස‍්සන‍්තානංයෙව බහි ගන‍්ත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. අථස‍්ස පිතා බහි නික‍්ඛමන‍්තො “ඉමං රක‍්ඛෙය්‍යාසී”ති මාතරං පටිච‍්ඡාපෙසි, මාතා බහි නික‍්ඛමන‍්තී පිතරං පටිච‍්ඡාපෙසි. අථස‍්ස එකදිවසං පිතරි බහි ගතෙ මාතා “පුත‍්තං රක‍්ඛිස‍්සාමී”ති එකං ද‍්වාරබාහං නිස‍්සාය එකං පාදෙහි උප‍්පීළෙත්‍වා ඡමාය නිසින‍්නා සුත‍්තං කන‍්තති. සො “ඉමං වඤ‍්චෙත්‍වා ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා, “අම‍්ම, ථොකං තාව අපෙහි, සරීරවලඤ‍්ජං කරිස‍්සාමී”ති වත්‍වා තාය පාදෙ සමිඤ‍්ජිතෙ නික‍්ඛමිත්‍වා වෙගෙන විහාරං ගන‍්ත්‍වා භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා “පබ‍්බාජෙථ මං, භන‍්තෙ”ති යාචිත්‍වා තෙසං සන‍්තිකෙ පබ‍්බජි.

සැවැත් නුවර එක්තරා කුලයක මව්පියන්ට ප්‍රිය වූ එක් පුත්‍රයෙක් සිටියේය. එක් දිනක් ගෙට ආරාධනා කළ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනයක් අසා ඔහු පැවිදිවනු කැමතිව මවු පියන්ගෙන් පැවිදි වීමට අවසර ඉල්ලීය. ඔවුහු අනුමත නොකළහ. අනතුරුව ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මම දෙමාපියන්ට නොපෙනී පිටත ගොස් පැවිදි වන්නෙමි. අනතුරුව පියා බැහැර යන විට මොහු රැකබලා ගන්නැයි මවට පැවරුවේය. මව බැහැර යන විට ඔහු රැක ගැනීමට පියාට පැවරුවේය. මේ අතර දිනක් පියා ගිය විට මව පුතා රැකගන්නෙමියි. එක දොරක් අතින්ද අනෙක පයින් ද මැඩ ගෙන සෙවනේ වාඩිවී නූල් කටිමින් සිටියදී ඔහු ඇය රවටා යන්නෙමියි සිතා මෑණියෙනි ටිකකට සිරුරු කිස කිරීමට ඉඩදෙන්නැයි ඇගේ පා පාගාගෙන එළියට ගොස් වේගයෙන් පන්සලට ගොස් භික්ෂුගෙන් ස්වාමීනි මා පැවිදිකරන්නැයි ඉල්ලා සිටියේය. පසුව එම භික්ෂූන් වෙත පැවිදි විය.

අථස‍්ස පිතා ආගන‍්ත්‍වා මාතරං පුච‍්ඡි – “කහං මෙ පුත‍්තො”ති? “සාමි, ඉමස‍්මිං පදෙසෙ අහොසී”ති. සො “කහං නු ඛො මෙ පුත‍්තො”ති ඔලොකෙන‍්තො තං අදිස‍්වා “විහාරං ගතො භවිස‍්සතී”ති විහාරං ගන‍්ත්‍වා පුත‍්තං පබ‍්බජිතං දිස‍්වා කන්‍දිත්‍වා රොදිත්‍වා, “තාත, කිං මං නාසෙසී”ති වත්‍වා “මම පුත‍්තෙ පබ‍්බජිතෙ අහං ඉදානි ගෙහෙ කිං කරිස‍්සාමී”ති සයම‍්පි භික‍්ඛූ යාචිත්‍වා පබ‍්බජි. අථස‍්ස මාතාපි “කිං නු ඛො මෙ පුත‍්තො ච පති ච චිරායන‍්ති, කච‍්චි විහාරං ගන‍්ත්‍වා පබ‍්බජිතා”ති තෙ ඔලොකෙන‍්තී විහාරං ගන‍්ත්‍වා උභොපි පබ‍්බජිතෙ දිස‍්වා “ඉමෙසං පබ‍්බජිතකාලෙ මම ගෙහෙන කො අත්‍ථො”ති සයම‍්පි භික‍්ඛුනිඋපස‍්සයං ගන‍්ත්‍වා පබ‍්බජි. තෙ පබ‍්බජිත්‍වාපි විනා භවිතුං න සක‍්කොන‍්ති, විහාරෙපි භික‍්ඛුනිඋපස‍්සයෙපි එකතොව නිසීදිත්‍වා සල‍්ලපන‍්තා දිවසං වීතිනාමෙන‍්ති. තෙන භික‍්ඛූපි භික‍්ඛූනියොපි උබ‍්බාළ‍්හා හොන‍්ති.

අනතුරුව ඔහුගේ පියා ගෙදර පැමිණ මගේ පුතා කොහේදැයි විමසීය. ස්වාමීනි ! දැන් මේ අසල සිටියේය. මගේ පුතා කොහේදැයි විමසා බලමින් ඔහු නොදැක විහාරයට යන්නට ඇතැයි සිතා එහි ගොස් පුතු පැවිදිවී සිටිනු දැක හඩා දරුවා මා නැසුවේ ඇයිදැයි කියා, මගේ දරුවා පැවිදි වු විට මම ගෙදර කුමක් කරන්නදැයි ඔහු ද භික්ෂූන්ට ආයාචනාකර පැවිදි විය. අනතුරුව ඔහුගේ මව දරුවා හා සැමියා විහාරයේ පැවිදි වී සිටිනු දැක මට ද ගෙදර සිටීමෙන් ප්‍රයෝජනයක් නැතැයි භික්ෂුණී ආරමකට ගොස් පැවිදිවුවාය. ඔවුහු පැවිදි වූවද වෙන්වී සිටිමට නොහැකි විය. මේ නිසා විහාරයේදී ද භික්ෂුණී අරමේදී ද එකට වාඩිවී කථාකරමින් දිවාකල ගතකරති. මේ නිසා භික්ෂූන් අතරත් භික්ෂුණීන් අතරත් කරදරයක් විය.

අථෙකදිවසං භික‍්ඛූ නෙසං කිරියං සත්‍ථුං ආරොචෙසුං. සත්‍ථා තෙ පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර තුම‍්හෙ එවං කරොථා”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ “කස‍්මා එවං කරොථ? න හි එස පබ‍්බජිතානං යොගො”ති. “භන‍්තෙ, විනා භවිතුං න සක‍්කොමා”ති. “පබ‍්බජිතකාලතො පට‍්ඨාය එවං කරණං අයුත‍්තං. පියානඤ‍්හි අදස‍්සනං, අප‍්පියානඤ‍්ච දස‍්සනං දුක‍්ඛමෙව. තස‍්මා සත‍්තෙසු ච සඞ‍්ඛාරෙසු ච කඤ‍්චි පියං වා අප‍්පියං වා කාතුං න වට‍්ටතී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

මේ නිසා දිනක් භික්ෂුවක් ඔවුන්ගේ මේ ක්‍රියාව බුදුන්ට දැනුම් දුන්න. බුදුහු ඔවුන් කැඳවා ඔබ මෙසේ කරන්නේ සැබෑදැයි විමසා එය සැබෑ යයි පවසා සිටිවිට මෙසේ කරන්නේ කුමක් හෙයින්ද මෙය පැවිද්දන්ගේ ස්වභාවය නොවේ. ස්වාමීනි වෙන්වී සිටිමට නොහැක්කෙමු. පැවිදි වු තැන්සිට මෙලෙස කිරීම යුතු නොවේ. ප්‍රියන්ගේ නොදැකීම ද අප්‍රිය වුවන්ගේ දැකීම ද දුකක්මය. එනිසා සත්ත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහිත් ප්‍රිය හෝ අප්‍රිය හෝ කිරීම සුදුසු නොවේ. යයි පවසා මේ ගාථාව පැවසුහ.

“අයොගෙ යුඤ‍්ජමත‍්තානං, යොගස‍්මිඤ‍්ච අයොජයං; අත්‍ථං හිත්‍වා පියග‍්ගාහී, පිහෙතත‍්තානුයොගිනං.

නුසුදුසු තැන තමන් යෙදීම ද සුදුසු නැත නොයෙදීම ද පුද්ගල තෙම අර්ථය හැර දමා ප්‍රිය දෙයම ගන්නාවු ආත්මාර්ථයේ යෙදුනහු පතයි. ප්‍රියකරයි.

“මා පියෙහි සමාගඤ‍්ඡි, අප‍්පියෙහි කුදාචනං; පියානං අදස‍්සනං දුක‍්ඛං, අප‍්පියානඤ‍්ච දස‍්සනං.

ප්‍රිය වූවන් සමග ද අප්‍රිය වූවන් සමගද කිසිදිනෙක එක් නොවනු. ප්‍රියයන්ගේ නොදැක්ම ද අප්‍රියයන්ගේ දැකීම ද දුක් ඇති කරයි.

“තස‍්මා පියං න කයිරාථ, පියාපායො හි පාපකො; ගන්‍ථා තෙසං න විජ‍්ජන‍්ති, යෙසං නත්‍ථි පියාප‍්පිය”න‍්ති.

එනිසා කිසිවක් ප්‍රිය නොකරන්න යම් කෙනෙකුට ප්‍රිය හෝ අප්‍රිය බවක් නැන්ද එවැනි අයට ගැටළු ඇති නොවේ.

යෙදිය යුතු තැන නුවණ නොයොදන දනා අනුවණ මහණදම් නො පුරණ කෙනා දෙලොව ගමන අවුරණ

පියයන්ගේ වියොව ද අප්පියයන්ගෙ ඇසුර ද දුක් උපදවයි තද දෙපිරිසෙන් වෙන්වීමයි හොඳ

තත්‍ථ අයොගෙති අයුඤ‍්ජිතබ‍්බෙ අයොනිසොමනසිකාරෙ. වෙසියාගොචරාදිභෙදස‍්ස හි ඡබ‍්බිධස‍්ස අගොචරස‍්ස සෙවනං ඉධ අයොනිසොමනසිකාරො නාම, තස‍්මිං අයොනිසොමනසිකාරෙ අත‍්තානං යුඤ‍්ජන‍්තොති අත්‍ථො. යොගස‍්මින‍්ති තබ‍්බිපරීතෙ ච යොනිසොමනසිකාරෙ අයුඤ‍්ජන‍්තොති අත්‍ථො. අත්‍ථං හිත්‍වාති පබ‍්බජිතකාලතො පට‍්ඨාය අධිසීලාදිසික‍්ඛත‍්තයං අත්‍ථො නාම, තං අත්‍ථං හිත්‍වා. පියග‍්ගාහීති පඤ‍්චකාමගුණසඞ‍්ඛාතං පියමෙව ගණ‍්හන‍්තො. පිහෙතත‍්තානුයොගිනන‍්ති තාය පටිපත‍්තියා සාසනතො චුතො ගිහිභාවං පත්‍වා පච‍්ඡා යෙ අත‍්තානුයොගං අනුයුත‍්තා සීලාදීනි සම‍්පාදෙත්‍වා දෙවමනුස‍්සානං සන‍්තිකා සක‍්කාරං ලභන‍්ති, තෙසං පිහෙති, “අහො වතාහම‍්පි එවරූපො අස‍්ස”න‍්ති ඉච‍්ඡතීති අත්‍ථො.

එහි අයොග - නම් නොයෙදිය යුතු සිහි නුවණින් තොර වීමය. වෛශ්‍ය ආදී නොයෙදිය යුතු ස්ථාන හයක යෙදීමයි. සිහිනුවණින් තොරව තමන් යෙදවීම යන අරුතයි. යොගයනු විපරීත වු සිහිනුවණින් නොයෙදීමයි. අත්ථංහිත්වා අරුත අක්ෂර පැවිදි වු තැන් සිට අධිසීල ආදී ශීක්‍ෂත්‍රය යන අරුතයි. එය අතහැර, පියග්ගාහී - පඤ්චකාම ගුණ සංඛ්‍යාත ප්‍රිය දෙයම ගන්නේ පිහෙත්තනානුයොගින එම ප්‍රතිපත්තියෙන් සසුනෙන් චුත වුයේ ගිහි බවට පත්ව පසුව දෙව්මිනිසුන් අතර සත්කාර ලබති. ඔවුන් කෙරේ ප්‍රිය වේ. මා පියෙහි අහෝ මම ද මෙබඳු ආත්මයක් ලබන්නේ නම් යනුවෙන් කැමති වෙති.

මා පියෙහීති පියෙහි සත‍්තෙහි වා සඞ‍්ඛාරෙහි වා කුදාචනං එකක‍්ඛණෙපි න සමාගච‍්ඡෙය්‍ය, තථා අප‍්පියෙහි. කිං කාරණා? පියා නඤ‍්හි වියොගවසෙන අදස‍්සනං අප‍්පියානඤ‍්ච උපසඞ‍්කමනවසෙන දස‍්සනං නාම දුක‍්ඛං. තස‍්මාති යස‍්මා ඉදං උභයම‍්පි දුක‍්ඛං, තස‍්මා කඤ‍්චි සත‍්තං වා සඞ‍්ඛාරං වා පියං නාම න කරෙය්‍ය. පියාපායො හීති පියෙහි අපායො වියොගො. පාපකොති ලාමකො. ගන්‍ථා තෙසං න විජ‍්ජන‍්තීති යෙසං පියං නත්‍ථි, තෙසං අභිජ‍්ඣාකායගන්‍ථො පහීයති. යෙසං අප‍්පියං නත්‍ථි, තෙසං බ්‍යාපාදො කායගන්‍ථො. තෙසු පන ද‍්වීසු පහීනෙසු සෙසගන්‍ථා පහීනා හොන‍්ති. තස‍්මා පියං වා අප‍්පියං වා න කත‍්තබ‍්බන‍්ති අත්‍ථො.

ප්‍රිය සත්ත්වයන් අතර සංකාර කෙරෙහි හෝ කිසිදින එක්‍ෂණයකදු නොයෙදේ. අප්‍රියන් කෙරෙහි ද එසේමය. ප්‍රියයන් වියෝග වශයෙන් නොදැකීම ද අප්‍රියයන් එළඹීම් වශයෙන් දැකීම ද දුකකි. තස්මා - යම් හෙයකින් මේ දෙකම දුකකි. එනිසා කිසි සතෙක් හෝ සංඛාරයන් හෝ ප්‍රිය නොකරන්න. පියාපායෙහි ප්‍රියයන්ගෙන් වෙන්වීම වියෝගයයි. පාපක - නම් ළාමකයි. ගන්ථා තෙසං න විජ්ජන්ති - යමෙකුට ප්‍රියක් නැත්ද ඔවුන්ගේ අභිධ්‍යා කාය ග්‍රන්ථ පිරිහේද යමෙකුට අප්‍රිය බවක් නැත් ද ඔවුන්ගේ අභිධ්‍යා කාය ග්‍රන්ථ පිරිහේ. යමෙකුට අප්‍රිය නැත්ද ඔවුන්ට ව්‍යාපාද කාය ග්‍රන්ථ වේ. මේ ප්‍රශ්නයක් පවතී ද ඒ තාක් අනෙක් ග්‍රන්ථ පිරිහේ එනිසා ප්‍රිය හෝ අප්‍රිය හෝ නොකළ යුතුය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති. තෙන පන තයො ජනා “මයං විනා භවිතුං න සක‍්කොමා”ති විබ‍්භමිත්‍වා ගෙහමෙව අගමිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ. ඒ තිදෙන අප තිදෙනාම වෙන්වී සිටිමට නොහැකි යයි උපැවිදි බවට පත්ව ගෙදර ගියාහුය.

තයොජනපබ‍්බජිතවත්‍ථු පඨමං.