4. අඤ්ඤතරකුටුම්බිකවත්ථු අට්ඨකථා
4. අඤ්ඤතරකුටුම්බිකවත්ථු
4. එක්තරා කෙළෙඹියෙක් පිළිබඳ වූ කථා පුවත
පියතො ජායතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං කුටුම්බිකං ආරබ්භ කථෙසි.
“පියතො ජායති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම සිටියදී එක්තරා කෙළඹියෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො හි අත්තනො පුත්තෙ කාලකතෙ පුත්තසොකාභිභූතො ආළාහනං ගන්ත්වා රොදති, පුත්තසොකං සන්ධාරෙතුං න සක්කොති. සත්ථා පච්චූසකාලෙ ලොකං වොලොකෙන්තො තස්ස සොතාපත්තිමග්ගස්සූපනිස්සයං දිස්වා පිණ්ඩපාතපටික්කන්තො එකං පච්ඡාසමණං ගහෙත්වා තස්ස ගෙහද්වාරං අගමාසි. සො සත්ථු ආගතභාවං සුත්වා “මයා සද්ධිං පටිසන්ථාරං කාතුකාමො භවිස්සතී”ති සත්ථාරං පවෙසෙත්වා ගෙහමජ්ඣෙ ආසනං පඤ්ඤාපෙත්වා සත්ථරි නිසින්නෙ ආගන්ත්වා එකමන්තං නිසීදි. අථ නං සත්ථා “කිං නු ඛො, උපාසක, දුක්ඛිතොසී”ති පුච්ඡිත්වා තෙන පුත්තවියොගදුක්ඛෙ ආරොචිතෙ, “උපාසක, මා චින්තයි, ඉදං මරණං නාම න එකස්මිංයෙව ඨානෙ, න ච එකස්සෙව හොති, යාවතා පන භවුප්පත්ති නාම අත්ථි, සබ්බසත්තානං හොතියෙව. එකසඞ්ඛාරොපි නිච්චො නාම නත්ථි. තස්මා ‘මරණධම්මං මතං, භිජ්ජනධම්මං භින්න’න්ති යොනිසො පච්චවෙක්ඛිතබ්බං, න සොචිතබ්බං. පොරාණපණ්ඩිතාපි හි පුත්තස්ස මතකාලෙ ‘මරණධම්මං මතං, භිජ්ජනධම්මං භින්න’න්ති සොකං අකත්වා මරණස්සතිමෙව භාවයිංසූ”ති වත්වා, “භන්තෙ, කෙ එවමකංසු, කදා ච අකංසු, ආචික්ඛථ මෙ”ති යාචිතො තස්සත්ථස්ස පකාසනත්ථං අතීතං ආහරිත්වා –
ඔහු තමන්ගේ පුතුන් කළුරිය කළ විට දරු දුකින් ආකූලව ආදාහන කරන සොහොනට ගොස් හඬයි. දරු දුක ඉවසා ගැනීමට නොහැකිය. බුදුහු අළුයම් වේලේ ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක පිණ්ඩපාතයෙන් වැළකී එක් භික්ෂුවක් පසුපස ගමන් කිරිමට ගෙන ඔහුගේ ගෙදොරට වැඩම කළහ. ඔහු බුදුන් වැඩම කළ බව අසා මා සමග පිළිසඳර කථාවට කැමති යයි සිතා බුදුන් ගෙතුළට පිවිසවා ගේ මැද අසුනක් පනවා බුදුන් හුන්කල පැමිණ වැඳ එකත් පසෙක වාඩිවිය. ඉක්බිති බුදුහු ඇයි උපාසක දුක්වන්නේ යයි විමසා ඒ දරුවන්ගෙන් වෙන්වීමේ දුක නිසා යයි දැන්වුවිට උපාසකය නොසිතන්න. මේ මරණය නම් එකම තැනක එක් අයෙකුටම සිදුවන්නක් නොවේ. භවයේ ඇතිවු හැම කෙනෙකුටම මේ මරණය සිදුවේ. එක සංස්කාරයක් වුවද නිත්‍ය නොවේ. එනිසා මරණ ධර්මය භේදයකි. සිඳුනේ යයි නුවණින් ප්රත්යවේක්ෂා කළ යුතුය. ශෝක නොකළ යුතුය. පැරණි නුවණැත්තෝ ද දරුවන් මියගිය විටදී මරණය උරුමය. බිඳෙන සුළුයයි ශෝක නොකර මරණ සතියම වැඩිහයි පවසා සිටිවිට ස්වාමීනි ! කවරදා මෙසේ කළහුද? කවුරුන් මෙසේ කළාහුදයි පවසන ලෙසට ඉල්ලා සිටිය නිසා එය ප්‍රකාශ කරනු සඳහා අතීතය ගෙනහැර දැක්වුහ.
“උරගොව තචං ජිණ්ණං, හිත්වා ගච්ඡති සං තනුං; එවං සරීරෙ නිබ්භොගෙ, පෙතෙ කාලකතෙ සති.
“උරගාව තචං ජීණ්ණං” සර්පයා දිරාගිය හැව අත්හැර යයි. මෙලෙසම මියගිය විට දී තමන් පරිහරණය කළ මේ සිරුර අත්හැර දමයි.
“ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං; තස්මා එතං න සොචාමි, ගතො සො තස්ස යා ගතී”ති. (ජා· 1.5.19-20) –
සිරුර දැවෙන විට දී නොදැනේ. ඥාතීන් අඩන විට නො ඇසේ. එනිසා ශෝක නොකරමි මියගිය තැනැත්තා යා යුතු තැනට යයි.
ඉමං පඤ්චකනිපාතෙ උරගජාතකං විත්ථාරෙත්වා “එවං පුබ්බෙ පණ්ඩිතා පියපුත්තෙ කාලකතෙ යථා එතරහි ත්වං කම්මන්තෙ විස්සජ්ජෙත්වා නිරාහාරො රොදන්තො විචරසි, තථා අවිචරිත්වා මරණස්සතිභාවනාබලෙන සොකං අකත්වා ආහාරං පරිභුඤ්ජිංසු, කම්මන්තඤ්ච අධිට්ඨහිංසු. තස්මා ‘පියපුත්තො මෙ කාලකතො’ති මා චින්තයි. උප්පජ්ජමානො හි සොකො වා භයං වා පියමෙව නිස්සාය උප්පජ්ජතී”ති වත්වා ඉමං ගාථමාහ –
මෙසේ පළවෙනි නිපාතයේ උරග ජාතකය විස්තර කර දී මෙලෙස පෙර නුවණැත්තෝ පිය පුතුන් කළුරිය කළ විට යම් සේ හැසිරුනේ ද ඔබ කර්මාන්ත අත්හැර නිරාහාරව අඬමින් හැසිරේ ද එලෙස නොකර මරණ සති භාවනා බලයෙන් ශෝක නොකර ආහාර ගන්න, කර්මාන්ත කරන්න. එනිසා මගේ පිය පුතුන් කළුරිය කළේයයි නොසිතන්න. උපදින සැමට ශෝකයක් බියක් දෙකම ප්‍රිය බව නිසාම උපදීයයි පවසා මේ ගාථාව පැවසුහ.
“පියතො ජායතී සොකො, පියතො ජායතී භයං; පියතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භය”න්ති.
පියයන් නිසා නිතරමසෝ දුක් ම ඇතිවේ පියයන් නිසාවෙන් නිතරම බිය ඇතිවේ ප්‍රියයන් හා බැඳුම නැති කැරුමම සුව වේ බව දුක නිසා මග පල ලැබුමට මග වේ
ප්‍රියබව නිසා ශෝකය ඇතිවේ. ප්‍රියයන් නිසා බිය ඇතිවේ. ප්‍රියයන්ගෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නැත.
තත්ථ පියතොති වට්ටමූලකො හි සොකො වා භයං වා උප්පජ්ජමානං පියමෙව සත්තං වා සඞ්ඛාරං වා නිස්සාය උප්පජ්ජති, තතො පන විප්පමුත්තස්ස උභයම්පෙතං නත්ථීති අත්ථො.
එහි පියතො යනු සංසාර වට්ටය මුල්යකොට ඇති ශෝකයක් හෝ බියක් හෝ උපදින්නේ ප්‍රිය වූ සත්ත්වයන් නිසා හෝ සංඛාර නිසා ඇතිවේ. එනිසා ඉන් මිඳුන තැනැත්තාට මේ දෙකම නැත. යන අරුතයි.
දෙසනාවසානෙ කුටුම්බිකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසානයේ කෙළෙඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණ පිරිසට ද දේශනය සාර්ථක විය.
අඤ්ඤතරකුටුම්බිකවත්ථු දුතියං.