යෙදුමෙන් කියවන්න

5. විසාඛාවත්‍ථු අට‍්ඨකථා

5. විසාඛාවත්‍ථු

5. විශාකාව පිළිබඳ කථා පුවත

පෙමතො ජායතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විසාඛං උපාසිකං ආරබ‍්භ කථෙසි.

“පෙමතො ජායතීති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී විශාඛා උවැසිය නිමිති කරගෙන දේශනා කළහ.

සා කිර පුත‍්තස‍්ස ධීතරං සුදත‍්තං නාම කුමාරිකං අත‍්තනො ඨානෙ ඨපෙත්‍වා ගෙහෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස වෙය්‍යාවච‍්චං කාරෙසි. සා අපරෙන සමයෙන කාලමකාසි. සා තස‍්සා සරීරනික‍්ඛෙපං කාරෙත්‍වා සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී දුක‍්ඛිනී දුම‍්මනා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

ඇය විශාකාව පුතෙකුගේ දුවක් වූ දන්තා නම් කුමරියක තමන්ගේ ස්ථානයේ තබා නිවසට වැඩමවන භික්ෂූන්ට වතාවත් කරවීය. ඇය ටික කලකින් කළුරිය කළාය. විශාඛාව ඇගේ සිරුරු කිස නිමවා ශෝකය දරාගැනීමට නොහැකිව දුකින් දොසින් කඳුළු වැකුන මුහුණින් යුතුව අඬමින්ම බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක වාඩිවුවාය.

අථ නං සත්‍ථා “කිං නු ඛො ත්‍වං, විසාඛෙ, දුක‍්ඛිනී දුම‍්මනා අස‍්සුමුඛා රොදමානා නිසින‍්නා”ති ආහ. සා තමත්‍ථං ආරොචෙත්‍වා “පියා මෙ, භන‍්තෙ, සා කුමාරිකා වත‍්තසම‍්පන‍්නා, ඉදානි තථාරූපං න පස‍්සාමී”ති ආහ. “කිත‍්තකා පන, විසාඛෙ, සාවත්‍ථියං මනුස‍්සා”ති? “භන‍්තෙ, තුම‍්හෙහියෙව මෙ කථිතං සත‍්ත ජනකොටියො”ති. “සචෙ පනායං එත‍්තකො ජනො තව නත‍්තාය සදිසො භවෙය්‍ය, ඉච‍්ඡෙය්‍යාසි න”න‍්ති? “ආම, භන‍්තෙ”ති. “කති පන ජනා සාවත්‍ථියං දෙවසිකං කාලං කරොන‍්තී”ති? “බහූ, භන‍්තෙ”ති. “නනු එවං, භන‍්තෙ, තව අසොචනකාලො න භවෙය්‍ය, රත‍්තින්‍දිවං රොදන‍්තීයෙව විචරෙය්‍යාසී”ති. “හොතු, භන‍්තෙ, ඤාතං මයා”ති. අථ නං සත්‍ථා “තෙන හි මා සොචි, සොකො වා භයං වා පෙමතොව ජායතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙහිදී තථාගතයන් වහන්සේ විශාඛාව දැක දුකින් දොසින් කඳුලු පෙරා අඩමින් සිටින්නේ කුමක් නිසාදැයි විමසුහ. ඇය ඒ සියළු තොරතුරු පවසා මට ඉතා ප්‍රිය මනා ගතිපැවතුම් ඇති ඇය නැතිවීම නිසා, එබඳු ගති පැවතුම් ඇති වෙනත් කෙනෙක් සොයාගැනීම අපහසුය. බුදුහු සැවැත් නුවර කොතරම් ජනකායක් සිටිදැයි ඇගෙන් විමසුහ. ස්වාමීනි ඔබවහන්සේ මට පැවසු ලෙසට සත්කෝටියක් ජනතාව සිටිති. ඉදින් මෙපමණ වු ජනයා ඔබගේ මිණිබිරියන් හා සමාන වන්නේ නම් එලෙස වීමට කැමතිද? එසේය ස්වාමීනි. මේ සැවැත් නුවර දිනකට කීදෙනෙක් මියයක්ද? බොහෝදෙන මියයති. ඉදින් ඒ සියලු දෙනා වෙනුවෙන් හඬන්නම් එන්සේ හඩන්නට ඔබට දිවා රෑ වේලාවක් ඉතිරි වන්නේද? එසේ වේවා ස්වාමීනි මම තේරුම් ගතිමි. මට වැටහිණ අනතුරුව බුදුරජාණන් වහන්සේ එසේ නම් ශෝක නොකරන්න. ශෝකය බිය ඇතිවන්නේ ප්‍රේමය නිසාය යයි පවසා මේ ගාථාව පැවසුහ.

“පෙමතො ජායතී සොකො, පෙමතො ජායතී භයං; පෙමතො විප‍්පමුත‍්තස‍්ස, නත්‍ථි සොකො කුතො භය”න‍්ති.

දුකට හා බියට ද මුල්ම හේතුව ප්‍රේමයයි ප්‍රේමය නොමැති තැන ඇතිවන්නෙ අම සුවයයි

ප්‍රේමය නිසා ශෝකය ඇතිවේ ප්‍රේමයෙන් බිය ඇතිවේ ප්‍රේමයෙන් මිඳුන තැනැත්තාට ශෝකයක් කොහින්ද බියක් කොහින්ද

තත්‍ථ පෙමතොති පුත‍්තධීතාදීසු කතං පෙමමෙව නිස‍්සාය සොකො ජායතීති අත්‍ථො.

මෙහි ප්‍රේමය නම් දු පුතුන් නිසා ඔවුන් කෙරෙහි කරන ලද ප්‍රේමයම වේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේදී බහුජනයා සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.

විසාඛාවත්‍ථු තතියං.