6. ලිච්ඡවීවත්ථු අට්ඨකථා
6. ලිච්ඡවීවත්ථු
6. ලිච්ඡවි කුමාරවරුන්ගේ කථා පුවතයි
රතියා ජායතීති ඉමං ධම්මදෙසනං සත්ථා වෙසාලිං නිස්සාය කූටාගාරසාලායං විහරන්තො ලිච්ඡවී ආරබ්භ කථෙසි.
“රතියා ජායති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ කූටාගාර ශාලාවේ වැඩසිටියදී ලිච්ඡවි කුමාරවරුන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙ කිර එකස්මිං ඡණදිවසෙ අඤ්ඤමඤ්ඤං අසදිසෙහි අලඞ්කාරෙහි අලඞ්කරිත්වා උය්යානගමනත්ථාය නගරා නික්ඛමිංසු. සත්ථා පිණ්ඩාය පවිසන්තො තෙ දිස්වා භික්ඛූ ආමන්තෙසි – “පස්සථ, භික්ඛවෙ, ලිච්ඡවයො, යෙහි දෙවා තාවතිංසා න දිට්ඨපුබ්බා, තෙ ඉමෙ ඔලොකෙන්තූ”ති වත්වා නගරං පාවිසි. තෙපි උය්යානං ගච්ඡන්තා එකං නගරසොභිනිං ඉත්ථිං ආදාය ගන්ත්වා තං නිස්සාය ඉස්සාභිභූතා අඤ්ඤමඤ්ඤං පහරිත්වා ලොහිතං නදිං විය පවත්තයිංසු. අථ නෙ මඤ්චෙනාදාය උක්ඛිපිත්වා ආගමංසු. සත්ථාපි කතභත්තකිච්චො නගරා නික්ඛමි. භික්ඛූපි ලිච්ඡවයො තථා නීයමානෙ දිස්වා සත්ථාරං ආහංසු – “භන්තෙ, ලිච්ඡවිරාජානො පාතොව අලඞ්කතපටියත්තා දෙවා විය නගරා නික්ඛමිත්වා ඉදානි එකං ඉත්ථිං නිස්සාය ඉමං බ්යසනං පත්තා”ති. සත්ථා, “භික්ඛවෙ, සොකො වා භයං වා උප්පජ්ජමානං රතිං නිස්සාය උප්පජ්ජතියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඔවුන් එක් දිනක් එකිනෙකාට අසමාන ඉතා අලංකාර වස්ත්‍ර ආභරණවලින් සැරසී උයනට යාම සඳහා නගරයෙන් නික්මුණාහුය. බුදුරජාණන් වහන්සේ ද පිඩුපිණිස පිටත් වෙමින් ඔවුන් දැක භික්ෂූන් ඇමතූහ. මහණෙනි යම් කෙනෙක් තාවතිංස දෙවියන් නුදුටුවෝනම් මොවුන් බලන්නැයි පවසා නගරයට පිවිසුණහ. ඔවුන් උයනට යන්නේ එක් නගර ශෝභිනියක් ගෙන ගොස් ඇය නිසා ඊර්ෂ්‍යාවෙන් පෙළී එකිනෙකාට පහරදී ලේ ගඟක් මෙන් විය. අනතුරුව ඔවුන්ව ඇඳන්වල තබා ඔසවාගෙන ආපසු ආවාහුය. බුදුහු ද දානය වළදා නගරයෙන් නික්මුණාහ. භික්ෂූන් ද මෙලෙස ගෙන යන ලිච්ඡවී කුමාරවරු දැක ස්වාමීනි. ලිච්ඡවී කුමාරවරු උදයේ දෙවිවරු මෙන් සැරසී නගරයෙන් නික් මී දැන් එක් ස්ත්‍රියක් නිසා මෙබඳු ව්‍යසනයකට පත්වුහ. බුදුහු මහණෙනි. ශෝකය හෝ බිය ගතිය නිසාම ඇතිවේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“රතියා ජායතී සොකො, රතියා ජායතී භයං; රතියා විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භය”න්ති.
පස්කම් රතියෙ ඇල්මද ඉතිරින් කෙරෙහි බැල්මද බිය දුකට මුල් වෙද එයින් වෙන්වීම මයි නිවරද
රතිය නිසා ශෝකය ඇතිවේ. රතිය නිසා බිය ඇතිවේ. රතියෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නොසින්ද
තත්ථ රතියාති පඤ්චකාමගුණරතිතො, තං නිස්සායාති අත්ථො.
එහි රතිය යනු - පඤ්චකාම ගුණයේ ඇතිවන රතියයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
මේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදියට පත්වුහ.
ලිච්ඡවීවත්ථු චතුත්ථං.