7. අනිත්ථිගන්ධකුමාරවත්ථු අට්ඨකථා
7. අනිත්ථිගන්ධකුමාරවත්ථු
7. අනිත්ථිගන්ධ කුමාරයා පිළිබඳ කථා පුවත
කාමතොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අනිත්ථිගන්ධකුමාරං නාම ආරබ්භ කථෙසි.
“කාමතෝ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී නම් අනිත්ථිගන්ධ කුමාරයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර බ්රහ්මලොකා චුතසත්තො සාවත්ථියං මහාභොගකුලෙ නිබ්බත්තො ජාතදිවසතො පට්ඨාය ඉත්ථිසමීපං උපගන්තුං න ඉච්ඡති, ඉත්ථියා ගය්හමානො රොදති. වත්ථචුම්බටකෙන නං ගහෙත්වා ථඤ්ඤං පායෙන්ති. සො වයප්පත්තො මාතාපිතූහි, “තාත, ආවාහං තෙ කරිස්සාමා”ති වුත්තෙ “න මෙ ඉත්ථියා අත්ථො”ති පටික්ඛිපිත්වා පුනප්පුනං යාචියමානො පඤ්චසතෙ සුවණ්ණකාරෙ පක්කොසාපෙත්වා රත්තසුවණ්ණනික්ඛසහස්සං දාපෙත්වා අතිවිය පාසාදිකං ඝනකොට්ටිමං ඉත්ථිරූපං කාරෙත්වා පුන මාතාපිතූහි, “තාත, තයි ආවාහං අකරොන්තෙ කුලවංසො න පතිට්ඨහිස්සති, කුමාරිකං තෙ ආනෙස්සාමා”ති වුත්තෙ “තෙන හි සචෙ මෙ එවරූපං කුමාරිකං ආනෙස්සථ, කරිස්සාමි වො වචන”න්ති තං සුවණ්ණරූපකං දස්සෙති. අථස්ස මාතාපිතරො අභිඤ්ඤාතෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා “අම්හාකං පුත්තො මහාපුඤ්ඤො, අවස්සං ඉමිනා සද්ධිං කතපුඤ්ඤා කුමාරිකා භවිස්සති, ගච්ඡථ ඉමං සුවණ්ණරූපකං ගහෙත්වා එවරූපං කුමාරිකං ආහරථා”ති පහිණිංසු. තෙ “සාධූ”ති චාරිකං චරන්තා මද්දරට්ඨෙ සාගලනගරං ගතා. තස්මිඤ්ච නගරෙ එකා සොළසවස්සුද්දෙසිකා අභිරූපා කුමාරිකා අහොසි, තං මාතාපිතරො සත්තභූමිකස්ස පාසාදස්සූපරිමතලෙ පරිවාසෙසුං. තෙපි ඛො බ්රාහ්මණා “සචෙ ඉධ එවරූපා කුමාරිකා භවිස්සති, ඉමං දිස්වා ‘අයං අසුකස්ස කුලස්ස ධීතා විය අභිරූපා’ති වක්ඛන්තී”ති තං සුවණ්ණරූපකං තිත්ථමග්ගෙ ඨපෙත්වා එකමන්තං නිසීදිංසු.
ඔහු නම් බඹලොවින් චුතවී සැවැත් නුවර මහත් සම්පත් ඇති කුලයක ඉපදුනේ උපන් දින සිටම ස්ත්‍රියක් ළඟට එනුත් නොකැමති වෙයි. ගැහැනුන් වඩාගත් විට හඬන නිසා කඩ කැටියකින් (රෙදිතිරයකින්) වසා ගෙන කිරි පොවති. ඔහු වයසට පත්වූ විට දෙමාපියන් දරුව ! විවාහයක් කරදෙමියි පැවසුවිට මට ගැහැනුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි ප්‍රතික්ෂේප කර නැවත නැවත ආයාචනා කරන්නේ පන්සියයක් රන්කරුවන් ගෙන්වා ඔවුන්ට රන් කලං 25ක් සහ කහවණු පන්සියයක් දෙවා ඉතා විසිතුරු ඝනරන් ස්ත්‍රී රුවක් සාදවා නැවත දෙමාපියන් දරුව ඔබ විවාහයක් කරව්. යුවතියක් ගෙන එන්නෙමියි පැවසුවිට එසේනම් මේ රුවට සමාන ස්ත්‍රියක් ගෙන එන්නේ නම් ආවාහය කරන්නෙමි යි රුව දැක්විය. අනතුරුව ඔහුගේ දෙමාපියෝ ප්‍රසිද්ධ ප්‍රකට බ්‍රාහ්මණයින් ගෙන්වා අපේ පුතු මහා පින්වතෙකි. එනිසා මෙබඳු යුවතියක් වන්නේ ය. මේ දරුව ගෙන ගොස් මෙබඳු තරුණියක් ගෙන එන්න යයි යැවුහ. ඔවුන් යහපතැයි කියා චාරිකාවේ යෙදී මධුරට සාගල නුවරට ගියෝ එනුවර සොළොස් වියැති අභිරූපී කුමරියක් සිටියේය. ඇගේ දෙමාපියෝ ඇය සත්මහල් ප්‍රාසාදයක උඩම තලයේ තබා ආරක්ෂා කළහ. එම බ්‍රාහ්මණයෝ රන්රුව නගරයේ තබා ගෙන ඉදින් මෙබඳු යුවතියක් නගරයේ සිටි නම් මිනිස්සු මේ රුව දැක මෙය අසවල් කුල දුවනිය හා සමානයයි කියති. ඔවුන් එම රන්රුව ගෙන ගොස් තොටුපලට යන මාර්ගයේ තබා එකත් පසෙක වාඩිවී සිටියහ.
අථස්ස කුමාරිකාය ධාතී තං කුමාරිකං න්හාපෙත්වා සයම්පි න්හායිතුකාමා හුත්වා තිත්ථං ආගතා තං රූපකං දිස්වා “ධීතා මෙ”ති සඤ්ඤාය “දුබ්බිනීතාසි, ඉදානෙවාහං න්හාපෙත්වා නික්ඛන්තා, ත්වං මයා පුරෙතරං ඉධාගතාසී”ති හත්ථෙන පහරිත්වා ථද්ධභාවඤ්චෙව නිබ්බිකාරතඤ්ච ඤත්වා “අහං මෙ, ධීතාති සඤ්ඤමකාසිං, කිං නාමෙත”න්ති ආහ. අථ නං තෙ බ්රාහ්මණා “එවරූපා තෙ, අම්ම, ධීතා”ති පුච්ඡිංසු. අයං මම ධීතු සන්තිකෙ කිං අග්ඝතීති? තෙන හි තෙ ධීතරං අම්හාකං දස්සෙහීති. සා තෙහි සද්ධිං ගෙහං ගන්ත්වා සාමිකානං ආරොචෙසි. තෙ බ්රාහ්මණෙහි සද්ධිං කතපටිසම්මොදනා ධීතරං ඔතාරෙත්වා හෙට්ඨාපාසාදෙ සුවණ්ණරූපකස්ස සන්තිකෙ ඨපෙසුං. සුවණ්ණරූපකං නිප්පභං අහොසි, කුමාරිකා සප්පභා අහොසි. බ්රාහ්මණා තං තෙසං දත්වා කුමාරිකං පටිච්ඡාපෙත්වා ගන්ත්වා අනිත්ථිගන්ධකුමාරස්ස මාතාපිතූනං ආරොචයිංසු. තෙ තුට්ඨමානසා “ගච්ඡථ, නං සීඝං ආනෙථා”ති මහන්තෙන සක්කාරෙන පහිණිංසු.
අනතුරුව එම කුමරිගේ කිරිමව ඇය නහවා සිටවා. ඇය ද නානු කැමතිව එහි පැමිණියේ එම රූපය දැක මේ මගේ දුවණියයි සිතා අහෝ අවිනීත තැනැත්තිය. ඔබව නහවා නික්මුණ විට නුඹ මට පළමුව මෙහි ආවාදැයි අසා අතින් පහර දී තදබව දැන චලනයද නොමැති බව දැන මට මගේ දුවයයි සිතුවෙමි. මේ කුමක්දැයි පැවසුවාය. අනතුරුව එම බ්‍රාහ්මණයෝ - මෑණියනි ඔබේ දුවණිය මේ ආකාර දැයි විමසුහ. මෙය මගේ දුවණිය ළඟ මෙය මොන අගයක් දැයි පැවසුවාය. එසේ නම් ඔබේ දුවණිය මට පෙන්වන්න යයි කීහ. ඇය ඔවුන් සමග ගෙට ගොස් ස්වාමී දුවට දැනුම් දුන්නාය. ඔවුන් බ්‍රාහ්මණයන් සමග පිළිසඳර කථා කොට දියණිය ප්‍රාසාදයෙන් බස්වා යට මහලේ තැබු රන්රුවළග තැබුහ. රන්රුව ප්‍රහා නැතිවිය. බමුණෝ රන්රුව දෙමාපියන්ට දී කුමරිය රඳවා ගොස් අනිත්ථිගන්ධ කුමරුගේ දෙමාපියන්ට දැනුම් දුන්හ. ඔවුහු සතුටු සිතින් යව් ඇය වහා කැඳවාගෙන එන්නැයි මහත් සත්කාර කර පිටත් කළහ.
කුමාරොපි තං පවත්තිං සුත්වා “කඤ්චනරූපතොපි කිර අභිරූපතරා දාරිකා අත්ථී”ති සවනවසෙනෙව සිනෙහං උප්පාදෙත්වා “සීඝං ආනෙන්තූ”ති ආහ. සාපි ඛො යානං ආරොපෙත්වා ආනීයමානා අතිසුඛුමාලතාය යානුග්ඝාතෙන සමුප්පාදිතවාතරොගා අන්තරාමග්ගෙයෙව කාලමකාසි. කුමාරොපි “ආගතා”ති නිරන්තරං පුච්ඡති, තස්ස අතිසිනෙහෙන පුච්ඡන්තස්ස සහසාව අනාරොචෙත්වා කතිපාහං වික්ඛෙපං කත්වා තමත්ථං ආරොචයිංසු. සො “තථාරූපාය නාම ඉත්ථියා සද්ධිං සමාගමං නාලත්ථ”න්ති උප්පන්නදොමනස්සො පබ්බතෙන විය සොකදුක්ඛෙන අජ්ඣොත්ථටො අහොසි. සත්ථා තස්සූපනිස්සයං දිස්වා පිණ්ඩාය චරන්තො තං ගෙහද්වාරං අගමාසි. අථස්ස මාතාපිතරො සත්ථාරං අන්තොගෙහං පවෙසෙත්වා සක්කච්චං පරිවිසිංසු. සත්ථා භත්තකිච්චාවසානෙ “කහං අනිත්ථිගන්ධකුමාරො”ති පුච්ඡි. “එසො, භන්තෙ, ආහාරූපච්ඡෙදං කත්වා අන්තොගබ්භෙ නිසින්නො”ති. “පක්කොසථ න”න්ති. සො ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා “කිං නු ඛො, කුමාර, බලවසොකො උප්පන්නො”ති වුත්තෙ, “ආම, භන්තෙ, ‘එවරූපා නාම ඉත්ථී අන්තරාමග්ගෙ කාලකතා’ති සුත්වා බලවසොකො උප්පන්නො, භත්තම්පි මෙ නච්ඡාදෙතී”ති. අථ නං සත්ථා “ජානාසි පන ත්වං, කුමාර, කිං තෙ නිස්සාය සොකො උප්පන්නො”ති? “න ජානාමි, භන්තෙ”ති. “කාමං නිස්සාය, කුමාර, බලවසොකො උප්පන්නො, සොකො වා භයං වා කාමං නිස්සාය උප්පජ්ජතී”ති වත්වා ඉමං ගාථමාහ –
කුමරු ද එම ප්‍රවෘත්තිය අසා රන්රුවටත් වඩා රූමත් යුවතියක් ඇතැයි අසා ඒ ඇසු පමණකින් ස්නේහය උපදවා වහා ගෙන එන්නැයි පැවසුවේය. ඇය ද යානයක නංවා ගෙන එන්නේ ඉතා සිවුමැලි බැවින් රථයේ කම්පනය නිසා හටගත් වාත රෝගයකින් අතරම කළුරිය කළාය. කුමරු ද එන එන අයගෙන් නිතර ප්‍රශ්න කරයි. ඈ කෙරෙහි දැඩි සෙනෙහසින් විමසන නිසා මැරුණ බව නොදන්නා දින කීපයක් පසුකොට මේ කරුණු දැනුම් දුන්හ. ඔහු එබඳු රූමත් යුවතියක් සමග සමාගමය නො ලැබුවේ යයි දොම්නසට පත්වූයේ දැඩි සේ කම්පනයට පත්වුයේය. බුදුහු ඔහුගේ හේතු සම්පත් දැක පිඩු පිණිස හැසිරෙමින් ඔහුගේ ගෙට වැඩම කළහ. අනතුරුව කුමරුගේ දෙමාපියෝ උන්වහන්සේ ගෙතුළට වැඩමවා හොඳින් සත්කාර කළහ. බුදුහු බත්කිස නිමවා අනිත්ථිගන්ධ කුමරා කොහිදැයි විමසුහ. ස්වාමීනි ඔහු ආහාර නොගෙන කාමරය තුළට වී සිටියයි පැවසුහ. ඔහුට කථාකරන්නැයි පැවසුහ. කුමරු පැමිණ බුදුන් වැඳ එකත් පසෙක සිටියේය. ඇයි කුමාරය ඔබ බලවත් ශෝකයෙන් පෙළෙන්නේදැයි විමසුහ. එසේය ස්වාමීනි. මෙබඳු රූමත් කාන්තාවක් අතර මගදී කළුරිය කළේයැයි මට බලවත් ශෝකයක් ඇතිවිය මට කෑමත් අප්‍රිය වෙයි. එහිදී බුදුරජාණන් වහන්සේ ඔබට මෙතරම් ශෝක වේදනාවක් ඇතිවුයේ කුමක් නිසාදැයි ඔබ දන්නේදැයි විමසුහ. ස්වාමීනි මම නොදනිමි. කාමය නිසා කුමරුනි ඔබට මෙබඳු ශෝකයක් ඇතිවිය. ශෝකයත් - බියත් - කාමය නිසාම ඇතිවේ. යයි පවසා මේ ගාථාව දෙසුහ.
“කාමතො ජායතී සොකො, කාමතො ජායතී භයං; කාමතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භය”න්ති.
පුහුදුනගෙ කාමය සෝ බිය ඇතිකෙරේමය දුරු කොට කෙලෙස් කම් කළයුතු නිවන් යාමය.
තත්ථ කාමතොති වත්ථුකාමකිලෙසකාමතො, දුවිධම්පෙතං කාමං නිස්සායාති අත්ථො.
මෙහි කාමතො - යනු වත්ථුකාම ක්ලේශකාම යන දෙයාකාර කාමය අදහස් කෙරෙයි.
දෙසනාවසානෙ අනිත්ථිගන්ධකුමාරො සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
මෙම දේශනය අවසානයේ දී අනිත්ථිගන්ධ කුමරු සෝවාන් ඵලයට පත්වුහ.
අනිත්ථිගන්ධකුමාරවත්ථු පඤ්චමං.