යෙදුමෙන් කියවන්න

13. සුප‍්පබුද‍්ධසක්‍යවත්‍ථු අට‍්ඨකථා

13. සුප‍්පබුද‍්ධසක්‍යවත්‍ථු

13. සුප්‍රබුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුව

න අන‍්තලික‍්ඛෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා නිග්‍රොධාරාමෙ විහරන‍්තො සුප‍්පබුද‍්ධං සක‍්කං ආරබ‍්භ කථෙසි.

න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින කාලයේ සුප්‍රබුද්ධශාක්‍යයා අරභයා දේශනා කරනලදි.

සො කිර “අයං මම ධීතරං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛන‍්තො ච, මම පුත‍්තං පබ‍්බාජෙත්‍වා තස‍්ස වෙරිට‍්ඨානෙ ඨිතො චා”ති ඉමෙහි ද‍්වීහි කාරණෙහි සත්‍ථරි ආඝාතං බන්‍ධිත්‍වා එකදිවසං “න දානිස‍්ස නිමන‍්තනට‍්ඨානං ගන‍්ත්‍වා භුඤ‍්ජිතුං දස‍්සාමී”ති ගමනමග‍්ගං පිදහිත්‍වා අන‍්තරවීථියං සුරං පිවන‍්තො නිසීදි. අථස‍්ස සත්‍ථරි භික‍්ඛුසඞ‍්ඝපරිවුතෙ තං ඨානං ආගතෙ “සත්‍ථා ආගතො”ති ආරොචෙසුං.

හෙතෙම වනාහි මොහු මගේ දුව හැරදමා ගියේයයිද මගේ පුතා පැවිදිකර වෛරියකුගේ තැන තැබීයයිද මේ කරුණු දෙක නිසා බුදුන් කෙරෙහි ආඝාත බැඳ, මොහුට ආරාධනා ලබන තැනට ගොස් වළඳන්ට නොදෙන්නෙමියි ගමන්මග අහුරා මත්පැන් බිබී වීථියෙහි නැවතී සිටියේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් පිරිවරා එතැනට වැඩමවූ පසු බුදුන් වැඩියබව දැන්වූහ.

සො ආහ – “පුරතො ගච‍්ඡාති තස‍්ස වදෙථ, නායං මයා මහල‍්ලකතරො, නාස‍්ස මග‍්ගං දස‍්සාමී”ති පුනප‍්පුනං වුච‍්චමානොපි තථෙව වත්‍වා නිසීදි. සත්‍ථා මාතුලස‍්ස සන‍්තිකා මග‍්ගං අලභිත්‍වා තතො නිවත‍්ති. සොපි එකං චරපුරිසං පෙසෙසි “ගච‍්ඡ, තස‍්ස කථං සුත්‍වා එහී”ති. සත්‍ථාපි නිවත‍්තන‍්තො සිතං කත්‍වා ආනන්‍දත්‍ථෙරෙන “කො නු ඛො, භන‍්තෙ, සිතස‍්ස පාතුකම‍්මස‍්ස පච‍්චයො”ති පුට‍්ඨො ආහ – “පස‍්සසි, ආනන්‍ද, සුප‍්පබුද‍්ධ”න‍්ති. පස‍්සාමි, භන‍්තෙති. භාරියං තෙන කම‍්මං කතං මාදිසස‍්ස බුද‍්ධස‍්ස මග‍්ගං අදෙන‍්තෙන, ඉතො සත‍්තමෙ දිවසෙ හෙට‍්ඨාපාසාදෙ සොපානපාදමූලෙ පථවිං පවිසිස‍්සතීති.

එහා පාරෙන් යන ලෙස ඔහුට කියව්. ඔහු මහල්ලෙක් නොවේ. ඔහුට මේ පාර ඉඩ නොදෙමියි කීවේය. නැවත නැවතත් කීවේ නමුත් එසේම කියමන් හුන්නේය. ශාස්තෘන්වහන්සේ මාමාගෙන් මාර්ගයෙන් ඉඩ නොලබා එතැනම නැවතුණහ. හෙතෙම බුදුරදුන් වෙත චරපුරුෂයන් යවමින්, යව, ගොස් කියන්නේ මොනවාදැයි දැනගෙන එවයි කීය. බුදුරජාණන්වහන්සේත් සිනා පහළ කළ කල්හි ආනන්‍ද තෙරණුවෝ ස්වාමීනි, සිනා පහළ කරනලද්දේ කුමක් නිසාදැයි ඇසූවිට, ආනන්ද සුප්පබුද්ධ ඔබට පෙනෙන්නේදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. ආනන්ද මා වැනි බුදුකෙනෙකුන්ට මාර්ගය නොදී ඔහු කෙළේ බරපතළ ක්‍රියාවකි. මෙයින් හත්වෙනි දිනයේ යට ප්‍රාසාදයෙහි ඉණිමංමුලිදී ඔහු පොළොවෙහි ගිළීයන්නේය.

චරපුරිසො තං කථං සුත්‍වා සුප‍්පබුද‍්ධස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කිං මම භාගිනෙය්‍යෙන නිවත‍්තන‍්තෙන වුත‍්ත”න‍්ති පුට‍්ඨො යථාසුතං ආරොචෙසි. සො තස‍්ස වචනං සුත්‍වා “න දානි මම භාගිනෙය්‍යස‍්ස කථාය දොසො අත්‍ථි, අද‍්ධා යං සො වදති, තං තථෙව හොති. එවං සන‍්තෙපි නං ඉදානි මුසාවාදෙන නිග‍්ගණ‍්හිස‍්සාමි. සො හි මං ‘සත‍්තමෙ දිවසෙ පථවිං පවිසිස‍්සතී’ති අනියමෙන අවත්‍වා ‘හෙට‍්ඨාපාසාදෙ සොපානපාදමූලෙ පථවිං පවිසිස‍්සතී’”ති ආහ.

චරපුරුෂයෝ ගොස් තමන් ඇසූ කතාව සුප්‍රබුද්ධට කීහ. ළඟට ගිය තොපට මගේ බෑණා නැවැත්වීම ගැන කුමක් කීයේදැයි ඇසූවිට බුදුන් වදාළ හැටියෙන්ම ඒ කථාව කීහ. හෙතෙම ඒ වචන අසා, මෙතනදී මගේ බෑණාගේ කථාවේ වරදක් නැත. ඒකාන්තයෙන්ම ඔහු කියන දේ එසේම වෙයි. එසේ වුවත් ඔහුට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි. හෙතෙම මා මෙයින් හත්වෙනි දිනයේ පෘථුවියෙහි ගිළී යන්නේ යයි අනියමින් නොකියා යට ප්‍රාසාදයෙහි හිණිමංමුල පොළොවේ ගිළී යන්නේයයි කීවේය.

“ඉතො දානි පට‍්ඨායාහං තං ඨානං න ගමිස‍්සාමි, අථ නං තස‍්මිං ඨානෙ පථවිං අපවිසිත්‍වා මුසාවාදෙන නිග‍්ගණ‍්හිස‍්සාමී”ති අත‍්තනො උපභොගජාතං සබ‍්බං සත‍්තභූමිකපාසාදස‍්ස උපරි ආරොපෙත්‍වා සොපානං හරාපෙත්‍වා ද‍්වාරං පිදහාපෙත්‍වා එකෙකස‍්මිං ද‍්වාරෙ ද‍්වෙ ද‍්වෙ මල‍්ලෙ ඨපෙත්‍වා “සචාහං පමාදෙන හෙට‍්ඨා ඔරොහිතුකාමො හොමි, නිවාරෙය්‍යාථ ම”න‍්ති වත්‍වා සත‍්තමෙ පාසාදතලෙ සිරිගබ‍්භෙ නිසීදි. සත්‍ථා තං පවත‍්තිං සුත්‍වා, “භික‍්ඛවෙ, සුප‍්පබුද‍්ධො න කෙවලං පාසාදතලෙ වෙහාසං උප‍්පතිත්‍වා ආකාසෙ වා නිසීදතු, නාවාය වා සමුද‍්දං පක‍්ඛන්‍දතු, පබ‍්බතන‍්තරං වා පවිසතු, බුද‍්ධානං කථාය ද‍්විධාභාවො නාම නත්‍ථි, මයා වුත‍්තට‍්ඨානෙයෙව සො පථවිං පවිසිස‍්සතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මෙතැන් පටන් මම එතැනට නොයන්නෙමි. ඉන්පසු ඔහු කියන තැනින් පොළොවට ප්‍රවිෂ්ට නොවී මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමියි හෙතෙම තමන්ගේ පරිහරණයට ගන්නා සියල්ල සත්මහල් පහයේ ඉහළම මහළට ගෙනගොස් ඉණිමග ඉවත්කොට දොර වසා අනිත් එක් එක් දොරටුවක රැකවලුන් දෙදෙනා බැගින් හිඳුවා, ඉදින් මම ප්‍රමාදයකින් හෝ යටට බසිනු කැමති වුවහොත් එය වලක්වව්යයි කියා හත්වෙනි ප්‍රාසාදතලයෙහි ශ්‍රීයහන් ගබඩාවේ හුන්නේය. ශාස්තෘන්වහන්සේ එපවත් අසා මහණෙනි, සුප්‍රබුද්ධ හුදෙක් ප්‍රාසාද තලයෙන් අහසට නැගී හෝ සිටියත් නැවකන් ගොස් මූදට පැන්නත්, පර්වත මැදකට හෝ පැමිණියත් බුදුවරුන්ගේ කතාවක දෙවිධියක් නැත. මා කී තැනින්ම ඔහු පොළොවට පිවිසේනනේමයයි වදාරා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:

“න අන‍්තලික‍්ඛෙ න සමුද‍්දමජ‍්ඣෙ, න පබ‍්බතානං විවරං පවිස‍්ස; න විජ‍්ජතී සො ජගතිප‍්පදෙසො, යත්‍ථට‍්ඨිතං නප‍්පසහෙය්‍ය මච‍්චූ”ති.

අහසෙහි උඩට හෝ මුහුදෙහි පතුළටම හෝ පරුවත මැදක ගොස් හෝ පව්කර සිටින කෙනෙකුට මෙ කියූ තැන්වලට ගොස් මරුගෙන් මිදෙනු නොහැකිය

තත්‍ථ යත්‍ථ ඨිතං නප‍්පසහෙය්‍ය, මච‍්චූති යස‍්මිං පදෙසෙ ඨිතං මරණං නප‍්පසහෙය්‍ය නාභිභවෙය්‍ය, කෙසග‍්ගමත‍්තොපි පථවිප‍්පදෙසො නත්‍ථි. සෙසං පුරිමසදිසමෙවාති.

එහි නප්පසහෙථ මච්චු යනු යම් පෙදෙසක සිට මරණය නොඉවසා, එයට යටත් නොවී සිටීමට පුළුවන් කෙස් අගක් ප්‍රමාණවූ පෘථිවි ප්‍රදේශයක් නැත. සෙස්ස පෙරසේමය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

සත‍්තමෙ දිවසෙ සත්‍ථු භික‍්ඛාචාරමග‍්ගස‍්ස නිරුද‍්ධවෙලාය හෙට‍්ඨාපාසාදෙ සුප‍්පබුද‍්ධස‍්ස මඞ‍්ගලස‍්සො උද‍්දාමො හුත්‍වා තං තං භිත‍්තිං පහරි. සො උපරි නිසින‍්නොවස‍්ස සද‍්දං සුත්‍වා “කිමෙත”න‍්ති පුච‍්ඡි. “මඞ‍්ගලස‍්සො උද‍්දාමො”ති. සො පනස‍්සො සුප‍්පබුද‍්ධං දිස‍්වාව සන‍්නිසීදති. අථ නං සො ගණ‍්හිතුකාමො හුත්‍වා නිසින‍්නට‍්ඨානා උට‍්ඨාය ද‍්වාරාභිමුඛො අහොසි, ද‍්වාරානි සයමෙව විවටානි, සොපානං සකට‍්ඨානෙයෙව ඨිතං. ද‍්වාරෙ ඨිතා මල‍්ලා තං ගීවායං ගහෙත්‍වා හෙට‍්ඨාභිමුඛං ඛිපිංසු. එතෙනුපායෙන සත‍්තසුපි තලෙසු ද‍්වාරානි සයමෙව විවටානි, සොපානානි යථාඨානෙ ඨිතානි. තත්‍ථ තත්‍ථ මල‍්ලා තං ගීවායමෙව ගහෙත්‍වා හෙට‍්ඨාභිමුඛං ඛිපිංසු. අථ නං හෙට‍්ඨාපාසාදෙ සොපානපාදමූලං සම‍්පත‍්තමෙව මහාපථවී විවරමානා භිජ‍්ජිත්‍වා සම‍්පටිච‍්ඡි, සො ගන‍්ත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්තීති.

සත්වෙනි දිනයෙහි බුදුරදුන් භික්‍ෂාවෙහි හැසිර අවසන්වූ පසු යට ප්‍රාසාදයෙහි සුප්‍රබුද්ධගේ මංගල අශ්වයා මත්වී උද්දාමයෙන් ඒ ඒ බිත්තිවලට ගසන්ට පටන් ගත්තේය. උඩ සිටි සුප්‍රබුද්ධ මේ අසා ඒ කිනම් ශබ්දයක්දැයි විමසීය. මගුල් අසු මත්වී බිත්තිවලට ගසන ශබ්දය යයි දැනගත්තේය. ඒ අශ්වයාත් සුප්‍රබුද්ධ දැකම සන්සුන් වන්නෙකි. ඉන්පසු ඔහු අසු නැවැත්වීම සඳහා හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ආවේය. දොරවල් තමන්ම විවෘත විය. හිණිමග සිය ස්ථානයේම පිහිටියේය. දොරටුවේ සිටි මල්ලවයන් ඔහු බෙල්ලෙන් අල්ලාගෙන යටට තල්ලුකර දැම්මේය. මේ ආකාරයෙන්ම මහල් සතේම දොරවල් ඉබේම විවෘත විය. හිණිමං තිබුණු තැන්වලම නැවත පිහිටියේය. ඒ ඒ මහල්වල සිටි රැකවල්ලු ඔහු බෙල්ලෙන් අල්ලා යට මහල්වලටම තල්ලුකර දැම්මේය. ඉන්පසු ඔහු යටම මහලේ හිණිමංමුලට පැමිණෙනවාත් සමග මහපොළොව පැලී විවරව ඔහු පිළිගත්තේය. හෙතෙම ගොස් නිරයෙහි උපන්නේය.

සුප‍්පබුද‍්ධසක්‍යවත්‍ථු ද‍්වාදසමං.

දොළොස්වන සුප්‍රබුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුවයි.

පාපවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පාපවර්ග වර්ණනාව නිමියේය.

නවමො වග‍්ගො.

නවවෙනි වර්ගයයි.