12. තයොජනවත්ථු අට්ඨකථා
12. තයොජනවත්ථු
12. භික්ෂූන් තුන්නමකගේ වස්තුව
න අන්තලික්ඛෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො තයො ජනෙ ආරබ්භ කථෙසි.
න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ මිනිසුන් තුන්දෙනෙක් නිමිතිකරගෙන දේශනා කරනලදි.
සත්ථරි කිර ජෙතවනෙ විහරන්තෙ සම්බහුලා භික්ඛූ සත්ථු දස්සනත්ථාය ආගච්ඡන්තා එකං ගාමං පිණ්ඩාය පවිසිංසු. ගාමවාසිනො තෙ සම්පත්තෙ ආදාය ආසනසාලාය නිසීදාපෙත්වා යාගුඛජ්ජකං දත්වා පිණ්ඩපාතවෙලං ආගමයමානා ධම්මං සුණන්තා නිසීදිංසු. තස්මිං ඛණෙ භත්තං පචිත්වා සූපබ්යඤ්ජනං ධූපයමානාය එකිස්සා ඉත්ථියා භාජනතො අග්ගිජාලා උට්ඨහිත්වා ඡදනං ගණ්හි. තතො එකං තිණකරළං උට්ඨහිත්වා ජලමානං ආකාසං පක්ඛන්දි. තස්මිං ඛණෙ එකො කාකො ආකාසෙන ගච්ඡන්තො තත්ථ ගීවං පවෙසෙත්වා තිණවල්ලිවෙඨිතො ඣායිත්වා ගාමමජ්ඣෙ පති. භික්ඛූ තං දිස්වා “අහො භාරියං කම්මං, පස්සථාවුසො, කාකෙන පත්තං විප්පකාරං, ඉමිනා කතකම්මං අඤ්ඤත්ර සත්ථාරා කො ජානිස්සති, සත්ථාරමස්ස කම්මං පුච්ඡිස්සාමා”ති චින්තෙත්වා පක්කමිංසු.
ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වාසයකරන කාලයේ බුදුන් දකිනු පිණිස යන භික්ෂූන්වහන්සේලා එක් ගමකට පිඬු පිණිස වැඩියහ. ගම්වැසියෝ ඒ පැමිණි භික්ෂූන් කැඳවාගෙන ගොස් ආසන ශාලාවෙහි වඩාහිඳුවා කැඳඅවුළුපත් දී පිණ්ඩපාත වේලාව එනතුරු බණ අසමින් සිටියහ. එකෙණෙහි බත් උයා සූපව්‍යංජන උයමින් සිටි ස්ත්‍රියකගේ භාජනයක් තුළින් නැගුණු ගිනිජාලාවක් උඩට ගොස් වහළයට වැදුණේය. එහි එක් පිදුරු ගසකට ගිනි ඇවිළී දැල්වෙමින් අහසට නැගුණේය. එකෙණෙහිම එක් කපුටෙක් පියාඹා යන අතර ඒ ගිනිගත් ගොයම්කරලකට හොට පොවා දැවී ගම මැද වැටුණේය. භික්ෂූහු එය දැක, අනේ, පුදුමයක්. බලන්න මේ කාකයෙක් විපිළිසරපත්වූ යයි කියා, මොහු කළ පාපකර්මය වෙන කාටවත් බලාගත නොහැකිය. එය ඇසිය යුත්තේ බුදුන්ගෙන්මයයි සිතා නික්මී ගියහ.
අපරෙසම්පි භික්ඛූනං සත්ථු දස්සනත්ථාය නාවං අභිරුය්හ ගච්ඡන්තානං නාවා සමුද්දෙ නිච්චලා අට්ඨාසි. මනුස්සා “කාළකණ්ණිනා එත්ථ භවිතබ්බ”න්ති සලාකං විචාරෙසුං. නාවිකස්ස ච භරියා පඨමවයෙ ඨිතා දස්සනීයා පාසාදිකා, සලාකා තස්සා පාපුණි. “සලාකං පුන විචාරෙථා”ති වත්වා යාවතතියං විචාරෙසුං, තික්ඛත්තුම්පි තස්සා එව පාපුණි. මනුස්සා “කිං, සාමී”ති නාවිකස්ස මුඛං ඔලොකෙසුං.
බුදුන් දකිනු පිණිස නැව් නැගී එන භික්ෂු පිරිසකගේ නැව මුහුදේ මැදදී නැවතිණි. එහි සිටි මිනිස්සු මේ නැවේ කවුරු හෝ කාලකණ්ණියෙක් සිටිය යුතුයයි සිතා එය පරීක්ෂා කිරීමට සීට්ටු දැමූහ. (තැටියක වතුර පුරවා තමන්ගේ නම ලියා ඒ තළියට දමා බැලීම) නැවියාගේ බිරිඳද එහි විය. ඈ දර්ශනීය, ප්‍රිය උපදවනසුලු තරුණ තැනැත්තියකි. ඒ භාර්යාවට වාරය පැමිණි කල ඇගේ නම ලිවූ සීට්ටුව තලිය පතුළට ගියෙය්. තුන් වරක්ම දමා බැලූ කල තුන්වාරයේම එය දිය යටට ගියේය. මිනිස්සු ඉන්පසු නැවියාගේ මූණ බැලූහ.
නාවිකො “න සක්කා එකිස්සා අත්ථාය මහාජනං නාසෙතුං, උදකෙ නං ඛිපථා”ති ආහ. සා ගහෙත්වා උදකෙ ඛිපියමානා මරණභයතජ්ජිතා විරවං අකාසි. තං සුත්වා නාවිකො කො අත්ථො ඉමිස්සා ආභරණෙහි නට්ඨෙහි, සබ්බාභරණානි ඔමුඤ්චිත්වා එකං පිලොතිකං නිවාසාපෙත්වා ඡඩ්ඩෙථ නං, අහං පනෙතං උදකපිට්ඨෙ ප්ලවමානං දට්ඨුං න සක්ඛිස්සාමී තස්මා යථා නං අහං න පස්සාමි, තථා එකං වාලුකකුටං ගීවාය බන්ධිත්වා සමුද්දෙ ඛිපථාති. තෙ තථා කරිංසු. තම්පි පතිතට්ඨානෙයෙව මච්ඡකච්ඡපා විලුම්පිංසු.
නැවියා, එක් ස්ත්‍රියක් නිසා මහාජනයා නැසීම කළ නොහැකියයි මෑ ජලයට දමව්යයි කීවේය. ඈ රැගෙන දියෙහි දමන විට මරණභයෙන් තැතිගත් ඈ මහහඬින් හැඬුවාය. ඒ ඇසූ නැවියා මෑ ආභරණ පිටින් නසා දැමීම පාඩුවකියි ආභරණ ගළවාගෙන, රෙදි කැබැල්ලක් හැඳ පෙරවා ඈ දියට දමව්. මම මැය දිය මතුපිට දඟලමින් යනු දකින්ට කැමති නොවෙමි. ඒ නිසා ඈ මට නොපෙනෙන හැටියට මැයගේ කරේ වැලි පිරවූ කළයක් ගැට ගසා දමව්යයි නියෝග කෙළේය. මිනිස්සු එසේ කළහ. ඈ වැටුණු තැනම මසුන් කැසුබුවන් විසින් විනාශකර දමනලදි.
භික්ඛූ තං පවත්තිං ඤත්වා “ඨපෙත්වා සත්ථාරං කො අඤ්ඤො එතිස්සා ඉත්ථියා කතකම්මං ජානිස්සති, සත්ථාරං තස්සා කම්මං පුච්ඡිස්සාමා”ති ඉච්ඡිතට්ඨානං පත්වා නාවාතො ඔරුය්හ පක්කමිංසු.
භික්ෂූහු ඒ පුවත දැක, බුදුන් හැර මැය විසින් පෙර කළ කර්මය දන්නෙක් නැතැයි, බුදුන්ගෙන්ම මෙය අසා බලන්නෙමුයයි කැමති තැනට අවුත් නැවෙන් බැස ගියාහුය.
අපරෙපි සත්ත භික්ඛූ සත්ථු දස්සනත්ථාය ගච්ඡන්තා සායං එකං විහාරං පවිසිත්වා වසනට්ඨානං පුච්ඡිංසු. එකස්මිඤ්ච ලෙණෙ සත්ත මඤ්චා හොන්ති. තෙසං තදෙව ලභිත්වා තත්ථ නිපන්නානං රත්තිභාගෙ කූටාගාරමත්තො පාසාණො පවට්ටමානො ආගන්ත්වා ලෙණද්වාරං පිදහි. නෙවාසිකා භික්ඛූ “මයං ඉමං ලෙණං ආගන්තුකභික්ඛූනං පාපයිම්හා, අයඤ්ච මහාපාසාණො ලෙණද්වාරං පිදහන්තො අට්ඨාසි, අපනෙස්සාම න”න්ති සමන්තා සත්තහි ගාමෙහි මනුස්සෙ සන්නිපාතෙත්වා වායමන්තාපි ඨානා චාලෙතුං නාසක්ඛිංසු. අන්තො පවිට්ඨභික්ඛූපි වායමිංසුයෙව. එවං සන්තෙපි සත්තාහං පාසාණං චාලෙතුං නාසක්ඛිංසු. ආගන්තුකා සත්තාහං ඡාතජ්ඣත්තා මහාදුක්ඛං අනුභවිංසු.
තවත් භික්ෂූන් සත්නමක් බුදුන් දකින්ට යන ගමන් සවස එක් විහාරයකට පැමිණ නැවතීමට තැනක් අසා බැලූහ. ඒ ළඟ එක් ගල්ලෙණක ඇඳන් සතක් තිබුණේය. ඔවුන්ට ඒ ඇඳන් හතම ලැබී එහි ගොස් නිදා සිටිද්දී මහරෑ කුළුගෙයක් පමණ ගලක් පෙරළී අවුත් ලෙණෙහි දොරටුව වැසී ගියේය. නේවාසික භික්ෂූහු අපි මේ ලෙණ ආගන්තුක භික්ෂූන්ට පැවරුවෙමු. මේ ගලත් ලෙණෙහි දොරටුව වසමින් වැටුණේය. මෙය ඉවත් කරමුයයි අවට ගම්හතක මිනිසුන් රැස්කරවා වෑයම් කළ නමුත් නොහැකිවිය. දින හතක් යන තුරුම ගල සොලවා ගැනීමට පවා නොහැකිවිය. ආගන්තුක භික්ෂූහු දිනහතක්ම බඩසාදුකින් මහදුකක් වින්දහ.
සත්තමෙ දිවසෙ පාසාණො සයමෙව පවට්ටිත්වා අපගතො. භික්ඛූ නික්ඛමිත්වා “අම්හාකං ඉමං පාපං අඤ්ඤත්ර සත්ථාරා කො ජානිස්සති, සත්ථාරං පුච්ඡිස්සාමා”ති චින්තෙත්වා පක්කමිංසු. තෙ පුරිමෙහි සද්ධිං අන්තරාමග්ගෙ සමාගන්ත්වා සබ්බෙ එකතොව සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නා සත්ථාරා කතපටිසන්ථාරා අත්තනා අත්තනා දිට්ඨානුභූතානි කාරණානි පටිපාටියා පුච්ඡිංසු.
සත්වෙනි දිනයේ ගල තමන්ම පෙරළී පහවී ගියේය. ඒ භික්ෂූහු ලෙනෙන් එලියට අවුත්, අපේ මේ පාපකර්මය බුදුන් හැර වෙන කිසිවෙකුටත් දැනගත නොහැකිය. මෙය බුදුන්ගෙන්ම අසන්නෙමුයයි ගියහ. ඒ භික්ෂූහු පෙර පිටත් වී ආ භික්ෂූන් හා එක්ව බුදුන් හමුවට පැමිණ තමන් අත්දුටු කරුණු පිළිවෙලින් විමසූහ.
සත්ථාපි තෙසං පටිපාටියා එවං බ්යාකාසි – “භික්ඛවෙ, සො තාව කාකො අත්තනා කතකම්මමෙව අනුභොසි. අතීතකාලෙ හි බාරාණසියං එකො කස්සකො අත්තනො ගොණං දමෙන්තො දමෙතුං නාසක්ඛි. සො හිස්ස ගොණො ථොකං ගන්ත්වා නිපජ්ජි, පොථෙත්වා උට්ඨාපිතොපි ථොකං ගන්ත්වා පුනපි තථෙව නිපජ්ජි. සො වායමිත්වා තං දමෙතුං අසක්කොන්තො කොධාභිභූතො හුත්වා ‘ඉතො දානි පට්ඨාය සුඛං නිපජ්ජිස්සසී’ති පලාලපිණ්ඩං විය කරොන්තො පලාලෙන තස්ස ගීවං පලිවෙඨෙත්වා අග්ගිමදාසි, ගොණො තත්ථෙව ඣායිත්වා මතො. තදා, භික්ඛවෙ, තෙන කාකෙන තං පාපකම්මං කතං. සො තස්ස විපාකෙන දීඝරත්තං නිරයෙ පච්චිත්වා විපාකාවසෙසෙන සත්තක්ඛත්තුං කාකයොනියං නිබ්බත්තිත්වා එවමෙව ආකාසෙ ඣායිත්වාව මතො”ති.
බුදුරජාණන්වහන්සේත් ඒ ප්‍රශ්න පිළිවෙලන් විසඳූසේක - මහණෙනි, ඒ කපුටා තමන් කළ කර්මයම අනුභව කෙළේය. අතීත කාලයේ බරණැස එක් ගොවියෙක් තමන්ගේ ගොනුන්සීසෑම් ආදියට පුහුණු කරන්ට වෑයම් කළත් ගොන් දමනය කර පුහුණු කරන්ට නොහැකි විය. ඔහුගේ ගොන්නු ටිකදුරක් ගොස් බිම වැටෙති. තළා උඩට ඔසවා තැබුවත් තව ටිකක් ගොස් වැටෙති. හෙතෙම වෑයම් කොට ගොනුන් පුරුදු කර ගැනීමට නොහැකිව ක්‍රෝධයෙන් දැවී ඉතින් එහෙනම් තෙපි මෙතනම නිදා ගනිව්යයි කියා ගොනුන්ට ගෙනා පිදුරුමිටියක් ගෙනවුත් මුළු සිරුරම වෙළා ගිනි තැබුවේය. ගොන්නු දැවී එතැනම මිය ගියෝය. මහණෙනි, ඒ ගොවියා මේ කපුටාය. ඔහු කළ පාපකර්මය මෙයයි. හෙතෙම එහි විපාක වශයෙන් දිගු කලක් නිරයේ පැසී සත්වරක් කාකයෝනියෙහි ඉපදී මෙසේ අහසේදීම දැවී මළේය.
සාපි, භික්ඛවෙ, ඉත්ථී අත්තනා කතකම්මමෙව අනුභොසි. සා හි අතීතෙ බාරාණසියං එකස්ස ගහපතිකස්ස භරියා උදකහරණකොට්ටනපචනාදීනි සබ්බකිච්චානි සහත්ථෙනෙව අකාසි. තස්සා එකො සුනඛො තං ගෙහෙ සබ්බකිච්චානි කුරුමානං ඔලොකෙන්තොව නිසීදති. ඛෙත්තෙ භත්තං හරන්තියා දාරුපණ්ණාදීනං වා අත්ථාය අරඤ්ඤං ගච්ඡන්තියා තාය සද්ධිංයෙව ගච්ඡති. තං දිස්වා දහරමනුස්සා “අම්භො නික්ඛන්තො සුනඛලුද්දකො, අජ්ජ මයං මංසෙන භුඤ්ජිස්සාමා”ති උප්පණ්ඩෙන්ති. සා තෙසං කථාය මඞ්කු හුත්වා සුනඛං ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා පලාපෙති, සුනඛො නිවත්තිත්වා පුන අනුබන්ධති.
මහණෙනි, ඒ ස්ත්‍රියත් තමන් කළ කර්මවලටම විපාක අනුභව කළාය. අතීතයෙහි බරණැස එක් ගෘහපතියෙකුගේ බිරිඳ වී, දිය ගෙනඒම, වී කෙටීම, පිසීම ආදි සියලු වැඩ සියතින්ම කළාය. ඈ ඇති කළ එක් බල්ලෙක් ඒ ගෙදර සියලු වැඩ කරන දෙස බලමින් ඈ සමගම සිටියි. කුඹුරට බත් ගෙන යනවිට, දර කොළ ආදිය ගෙන ඒමට කැලයට යනවිට ඈ සමගම යයි. ඒ දුටු තරුණයෝ, අරේ බලුවැද්දා පිටත්ව සිටී. අපි අද මාංශ සහිතව කන්නෙමුයයි කෙනෙහිලි කරති. ඈ ඔවුන්ගේ කථාවෙන් ලජ්ජාවී බල්ලාට කැටදඬු ආදියෙන් පහර දී එලවා දමය. බල්ලා නැවතී යළි පසුපසින් යයි.
සො කිරස්සා තතියෙ අත්තභාවෙ භත්තා අහොසි, තස්මා සිනෙහං ඡින්දිතුං න සක්කොති. කිඤ්චාපි හි අනමතග්ගෙ සංසාරෙ ජායා වා පති වා අභූතපුබ්බා නාම නත්ථි, අවිදූරෙ පන අත්තභාවෙ ඤාතකෙසු අධිමත්තො සිනෙහො හොති, තස්මා සො සුනඛො තං විජහිතුං න සක්කොති. සා තස්ස කුජ්ඣිත්වා ඛෙත්තං සාමිකස්ස යාගුං හරමානා රජ්ජුං උච්ඡඞ්ගෙ ඨපෙත්වා අගමාසි, සුනඛො තායෙව සද්ධිං ගතො. සා සාමිකස්ස යාගුං දත්වා තුච්ඡකුටං ආදාය එකං උදකට්ඨානං ගන්ත්වා කුටං වාලුකාය පූරෙත්වා සමීපෙ ඔලොකෙත්වා ඨිතස්ස සුනඛස්ස සද්දමකාසි. සුනඛො “චිරස්සං වත මෙ අජ්ජ මධුරකථා ලද්ධා”ති නඞ්ගුට්ඨං චාලෙන්තො තං උපසඞ්කමි. සා තං ගීවායං දළ්හං ගහෙත්වා එකාය රජ්ජුකොටියා කුටං බන්ධිත්වා එකං රජ්ජුකොටිං සුනඛස්ස ගීවායං බන්ධිත්වා කුටං උදකාභිමුඛං පවට්ටෙසි. සුනඛො කුටං අනුබන්ධන්තො උදකෙ පතිත්වා තත්ථෙව කාලමකාසි. සා තස්ස කම්මස්ස විපාකෙන දීඝරත්තං නිරයෙ පච්චිත්වා විපාකාවසෙසෙන අත්තභාවසතෙ වාලුකකුටං ගීවායං බන්ධිත්වා උදකෙ පක්ඛිත්තා කාලමකාසීති.
ඒ බල්ලා වනාහි මීට භව තුනකට පෙර ඇගේ ස්වාමියා විය. එනිසා ඒ ස්නේහය සිඳ දැමීමට නොහැකිවිය. මේ අගක් කොණක් නැති සංසාරයෙහි ස්වාමියෙකු හෝ භාර්යාවක නොවුණු කෙනෙක් නැත. ළඟම ආත්මභාවවල නෑදෑයන් කෙරෙහි බලවත් ස්නේහය පවතී. ඒ නිසා ඒ සුනඛයා ඒ ස්නේහය හැර දමන්ට අපොහොසත් විය. ඈ ඌ හා නොමනාපයෙන්, සැමියාට කැඳ බත් රැගෙන වැල්පොටකුත් බෙල්ලේ ලාගෙන කුඹුරට ගියාය. සුනඛයාත් ඈ සමගම ගියේය. ඈ සැමියාට කැඳ දී හිස් කළය රැගෙන එක් දියවලකට ගොස් කළය දියෙන් පුරවාගෙන ළඟ සිටි සුනඛයාට කථා කළාය. සුනඛයාත් කලකින් අද මට මිහිරි කථා ශබ්දයක් ඇසුණේයයි වළිගය සොලවමින් ඈ වෙත පැමිණියේය. ඈ සුනඛයාගේ බෙල්ල තදින් අල්වා ගෙන එක් වැල්කෙළවරක් කළයේ බැඳ එක් වැල්කෙළවරක් සුනඛයාගේ බෙල්ලෙහි බැඳ කළය වතුරට දැම්මාය. කළය අනුව පෙරළීගෙන ගිය සුනඛයා වලට වැටී ගිලීගොස් මරණයට පත්විය. ඈ ඒ පව්කමේ විපාකයෙන් දිගුකලක් නිරයේ පැසී විපාකය අවසන් නොවී භව සියයක් වැලිකළයක් බෙල්ලේ බැඳගෙන ජලයෙහි වැටී මළේය.
තුම්හෙහිපි, භික්ඛවෙ, අත්තනා කතකම්මමෙව අනුභූතං. අතීතස්මිඤ්හි බාරාණසිවාසිනො සත්ත ගොපාලකදාරකා එකස්මිං අටවිපදෙසෙ සත්තාහවාරෙන ගාවියො විචරන්තා එකදිවසං ගාවියො විචාරෙත්වා ආගච්ඡන්තා එකං මහාගොධං දිස්වා අනුබන්ධිංසු. ගොධා පලායිත්වා එකං වම්මිකං පාවිසි. තස්ස පන වම්මිකස්ස සත්ත ඡිද්දානි, දාරකා “මයං දානි ගහෙතුං න සක්ඛිස්සාම, ස්වෙ ආගන්ත්වා ගණ්හිස්සාමා”ති එකෙකො එකෙකං සාඛභඞ්ගමුට්ඨිං ආදාය සත්තපි ජනා සත්ත ඡිද්දානි පිදහිත්වා පක්කමිංසු.
මහණෙනි, තෙපිත් තමන් කළ කර්මවලට විපාක අනුභව කළාහුය. අතීතයේ බරණැස ගොපලුදරුවෝ සත්දෙනෙක් එක් කැලෑ පෙදෙසක සතිය බැගින් සත්වරක් ගෙනුන් කවා එන අතරමග එක් විශාල තලගොයෙකු දැක ඌ පිටුපස එලවා දිවූහ. ගොයා පලාගොස් එක් තුඹසකට රිංගුවේය. ඒ තුඹසේ සිදුරු සතක් විය. දරුවෝ, අපට දැන් මූ අල්වාගන්ට නොහැකිය. හෙට අවුත් අල්වා ගනිමුයයි කියා එක එකා එක බැගින් අතුකොළමිටි ගෙනවුත් බිල් සිදුරු හත වසා ගියහ.
තෙ පුනදිවසෙ තං ගොධං අමනසිකත්වා අඤ්ඤස්මිං පදෙසෙ ගාවියො විචාරෙත්වා සත්තමෙ දිවසෙ ගාවියො ආදාය ගච්ඡන්තා තං වම්මිකං දිස්වා සතිං පටිලභිත්වා “කා නු ඛො තස්සා ගොධාය පවත්තී”ති අත්තනා අත්තනා පිදහිතානි ඡිද්දානි විවරිංසු. ගොධා ජීවිතෙ නිරාලයා හුත්වා අට්ඨිචම්මාවසෙසා පවෙධමානා නික්ඛමි. තෙ තං දිස්වා අනුකම්පං කත්වා “මා නං මාරෙථ, සත්තාහං ඡින්නභත්තා ජාතා”ති තස්සා පිට්ඨිං පරිමජ්ජිත්වා “සුඛෙන ගච්ඡාහී”ති විස්සජ්ජෙසුං. තෙ ගොධාය අමාරිතත්තා නිරයෙ තාව න පච්චිංසු. තෙ පන සත්ත ජනා එකතො හුත්වා චුද්දසසු අත්තභාවෙසු සත්ත සත්ත දිවසානි ඡින්නභත්තා අහෙසුං. තදා, භික්ඛවෙ, තුම්හෙහි සත්තහි ගොපාලකෙහි හුත්වා තං කම්මං කතන්ති. එවං සත්ථා තෙහි පුට්ඨපුට්ඨං පඤ්හං බ්යාකාසි.
ඔවුහු දෙවෙනි දිනයේ ඒ තලගොයා ගැන අමතකකොට කැලෑ ප්‍රදේශයෙහි හරකුන් එලවා ගෙන එනවිට ඒ තුඹස දැක එය සිහිවී ඒ ගොයාට කුමක් සිදුවී ඇද්දැයි තමතමන් වසා දැමූ සිදුරු විවෘත කළහ. තලගොයා ජීවිතය පිළිබඳ ආශාවෙන් තොරව ඇටත් සමත් ඉතිරිව වෙවුලමින් නික්මුණේය. ඔවුහු ඒ දැක අනුකම්පා උපදවා ඌ නොමරව්. සත්දිනක් බඩගින්නේ සිටියේයයි උගේ පිට පිරිමැද සැපසේ යවයි පිටත්කර හැරියෝය. ඔවුහු ගොයා නොමැරූ හෙයින් නරකයෙහි නොපැසුණාහ. සතිදෙකක් එකතුව ආත්මභාව දහහතරක් සත්දිනය බැගින් බඩගින්නේ සිටියහ. මහණෙනි, තෙප ගොපල්ලන්ව ඒ කර්මය කරනලදැයි මෙසේ බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන් විචාළ පැනය විසඳූහ.
අථෙකො භික්ඛු සත්ථාරං ආහ – “කිං පන, භන්තෙ, පාපකම්මං කත්වා ආකාසෙ උප්පතිතස්සපි සමුද්දං පක්ඛන්දස්සාපි පබ්බතන්තරං පවිට්ඨස්සාපි මොක්ඛො නත්ථී”ති. සත්ථා “එවමෙතං, භික්ඛවෙ, ආකාසාදීසුපි එකපදෙසොපි නත්ථි, යත්ථ ඨිතො පාපකම්මතො මුච්චෙය්යා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු එක් භික්ෂුවක් බුදුරදුන්ගෙන්, ස්වාමීනි එබඳු පව්කම් කරන්නවුන්ට අහසේ ඉහළටත්, මුහුදේ පතුළටත්, පර්වතයන්ගේ මැදටත් පිවිස හෝ මිදීමක් නැත්තේදැයි ඇසීය. බුදුරජාණන් වහන්සේ මහණ එසේමය. යම් තැනක සිට පව් කළොත් ආකාශාදි කිසිම ප්‍රදේශයක සිට හෝ එයින් මිදීමක් නොලැබිය හැකියයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස; න විජ්ජතී සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතො මුච්චෙය්ය පාපකම්මා”ති.
අහසෙහි උඩට හෝ මුහුදෙහි පතුලටම හෝ පර්වත මැදට ගොස් හෝ පව්කර සිටින කෙනෙකුට මෙකියන තැන්වලට ගොස් මිදෙන්නට කිසිදාක නොලැබේ
තස්සත්ථො – සචෙ හි කොචි “ඉමිනා උපායෙන පාපකම්මතො මුච්චිස්සාමී”ති අන්තලික්ඛෙ වා නිසීදෙය්ය, චතුරාසීතියොජනසහස්සගම්භීරං මහාසමුද්දං වා පවිසෙය්ය, පබ්බතන්තරෙ වා නිසීදෙය්ය, නෙව පාපකම්මතො මුච්චෙය්ය. පුරත්ථිමාදීසු ජගතිපදෙසෙසු පථවීභාගෙසු න සො වාලග්ගමත්තොපි ඔකාසො අත්ථි, යත්ථ ඨිතො පාපකම්මතො මුච්චිතුං සක්කුණෙය්යාති.
එහි අර්ථය නම්, ඉදින් යම්කිසිවෙක් මේ උපායෙන් පව්කර මිදෙන්නෙමියයි අහසෙහි හෝ ඉඳියිද, අසූහාරදහසක් යොදුන් මුහුදු පතුලෙහි පිවිසෙයිද, පර්වත මැදකට ගොස් හෝ හිදයිද, එසේවුවත් පව්කමින්න්ම මිදිය නොහැකිය. පෙරදිග ප්‍රදේශවල පෘථිවි භාගයන්හි වලිගයක අග පමණවූ තැනක සිටියත් එයින් මිදීමට ඉඩක් නැත. ඒ කිසිම තැනක පව්කම්වලින් මිදීමට නොහැකිය යන අර්ථයයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු, සම්පත්තමහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයෙහි ඒ භික්ෂූහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටත් ඒ ධර්මදේශනාව සාර්ථකවිය.
තයොජනවත්ථු එකාදසමං.
එකළොස් වන භික්ෂූන් තුන්නමකගේ වස්තුවයි.