යෙදුමෙන් කියවන්න

11. මණිකාරකුලූපකතිස‍්සත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

11. මණිකාරකුලූපකතිස‍්සත්‍ථෙරවත්‍ථු

11. මණිකාර කුලුපගතිස්ස තෙරණුවන්ගේ වස්තුව

ගබ‍්භමෙකෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මණිකාරකුලූපකං තිස‍්සත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

ගබ්භමෙකෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරන කාලයේ මණිකාරකුලුපගතිස්ස තෙරුන් අරභයා දේශනා කරනලදි.

සො කිර ථෙරො එකස‍්ස මණිකාරස‍්ස කුලෙ ද‍්වාදස වස‍්සානි භුඤ‍්ජි. තස‍්මිං කුලෙ ජයම‍්පතිකා මාතාපිතුට‍්ඨානෙ ඨත්‍වා ථෙරං පටිජග‍්ගිංසු. අථෙකදිවසං සො මණිකාරො ථෙරස‍්ස පුරතො මංසං ඡින්‍දන‍්තො නිසින‍්නො හොති. තස‍්මිං ඛණෙ රාජා පසෙනදි කොසලො එකං මණිරතනං “ඉමං ධොවිත්‍වා විජ‍්ඣිත්‍වා පහිණතූ”ති පෙසෙසි. මණිකාරො සලොහිතෙනෙව හත්‍ථෙන තං පටිග‍්ගහෙත්‍වා පෙළාය උපරි ඨපෙත්‍වා හත්‍ථධොවනත්‍ථං අන‍්තො පාවිසි. තස‍්මිං පන ගෙහෙ පොසාවනියකොඤ‍්චසකුණො අත්‍ථි.

ඒ තෙරණුවෝ මැණික්කරුවකුගේ ගෙදර දොළොස් වසක් වළඳමන් එහිම සිටියහ. ඒ ගෙදර අඹුසැමි දෙදෙනා මවුපිය තනතුරේ තබා තෙරුන් පෝෂණය කළහ. දිනක් මැණික්කරුවා තෙරුන් ඉදිරියේම සිට මස් කපමින් සිටියේය. ඒ වෙලාවේ ප්‍රසේනජිත් කොසොල් රජු, මෙය සෝදා කපා විද වහා එවන්නැයි එක් මැණිකක් එවීය. මැණික්කරු ලේ තැවරුණු අතින් එය පිළිගෙන පෙට්ටියක් උඩතබා අත් සෝදාගැනීමට ගේ ඇතුළට ගියේය. ඒ ගෙදර ඇතිකරන කොස්වාලිහිණියෙක්ද සිටියේය.

සො ලොහිතගන්‍ධෙන මංසසඤ‍්ඤාය තං මණිං ථෙරස‍්ස පස‍්සන‍්තස‍්සෙව ගිලි. මණිකාරො ආගන‍්ත්‍වා මණිං අපස‍්සන‍්තො “මණි කෙන ගහිතො”ති භරියඤ‍්ච පුත‍්තකෙ ච පටිපාටියා පුච‍්ඡිත්‍වා තෙහි “න ගණ‍්හාමා”ති වුත‍්තෙ “ථෙරෙන ගහිතො භවිස‍්සතී”ති. චින‍්තෙත්‍වා භරියාය සද‍්ධිං මන‍්තෙසි – “ථෙරෙන මණි ගහිතො භවිස‍්සතී”ති. සා, සාමි, මා එවං අවච, එත‍්තකං කාලං මයා ථෙරස‍්ස න කිඤ‍්චි වජ‍්ජං දිට‍්ඨපුබ‍්බං, න සො මණිං ගණ‍්හාතීති.

ඒ ලිහිණියා ලේ ගඳින් ඉවවැටී මස් කැබැල්ලකියි සිතා ඒ මැණික තෙරුන් බලබලා සිටිද්දීම ගිලදැම්මේය. මැණික්කරු ඇවිත් මැණික නොදැක මැණික ගත්තේ කවුදැයි භාර්යාවගෙනුත් පුතුන්ගෙනුත් පිළිවෙලින් අසා ඔවුහු අපි නොගත්තෙමුයයි කීකල්හි, තෙරුන් විසින් ගන්නාලදැයි සිතා භාර්යාව සමග කථා කරමින් මැණික තෙරුන් විසින් ගන්නාලදැයි කීවේය. භාර්යාව, ස්වාමීනි, එසේ නොකියව. මෙතෙක් කල් මම තෙරණුවන්ගේ කිසි වරදක් නොදුටිමි. උන්වහන්සේ මැණික නොගන්නා ලදැයි කීවාය.

මණිකාරො ථෙරං පුච‍්ඡි – “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ මණිරතනං තුම‍්හෙහි ගහිත”න‍්ති. න ගණ‍්හාමි, උපාසකාති. භන‍්තෙ, න ඉධ අඤ‍්ඤො අත්‍ථි, තුම‍්හෙහියෙව ගහිතො භවිස‍්සති, දෙථ මෙ මණිරතනන‍්ති. සො තස‍්මිං අසම‍්පටිච‍්ඡන‍්තෙ පුන භරියං ආහ – “ථෙරෙනෙව මණි ගහිතො, පීළෙත්‍වා නං පුච‍්ඡිස‍්සාමී”ති. සා, සාමි, මා නො නාසයි, වරං අම‍්හෙහි දාසබ්‍යං උපගන‍්තුං, න ච ථෙරං එවරූපං වත‍්තුන‍්ති. සො “සබ‍්බෙව මයං දාසත‍්තං උපගච‍්ඡන‍්තා මණිමූලං න අග‍්ඝාමා”ති රජ‍්ජුං ගහෙත්‍වා ථෙරස‍්ස සීසං වෙඨෙත්‍වා දණ‍්ඩෙන ඝට‍්ටෙසි. ථෙරස‍්ස සීසතො ච කණ‍්ණනාසාහි ච ලොහිතං පග‍්ඝරි, අක‍්ඛීනි නික‍්ඛමනාකාරප‍්පත‍්තානි අහෙසුං, සො වෙදනාපමත‍්තො භූමියං පති. කොඤ‍්චො ලොහිතගන්‍ධෙනා ගන‍්ත්‍වා ලොහිතං පිවි. අථ නං මණිකාරො ථෙරෙ උප‍්පන‍්නකොධවෙගෙන “ත්‍වං කිං කරොසී”ති පාදෙන පහරිත්‍වා ඛිපි. සො එකප‍්පහාරෙනෙව මරිත්‍වා උත‍්තානො අහොසි.

මැණික්කරුවා තෙරුන් අමතා, ස්වාමීනි, මෙතැන් තිබූ මැණික ඔබවහන්සේ විසින් ගන්නාලදද? උපාසකය නොගත්තෙමි. ස්වාමීනි මෙහි වෙන කිසිවෙක් නොසිටියහ. එය ඔබම ගන්නාලදැයි, මට ඒ මාණික්‍යරත්නය දෙන්නැයි කීවේය. තෙරනම තම කථාව භාරනොගන්නා හෙයින් නැවත භාර්යාව අමතා, මැණික ගන්නා ලද්දේ තෙරුන් විසින්මයි. පීඩා කරමින් හෝ උන්වහන්සේගෙන් අසන්නෙමියි කීවේය. ඈ, හිමියනි, අප වනසන්ට එපා, අපි දාසයන්වීම මීට වඩා උතුම්ය. තෙරුන්ට මෙසේ කීම අයුතුයයි කීවාය. අපි සියලු දෙනාම දාසයන් බවට පත්වුණත් මේ මැණික තරම් නොවටින්නෙමුයයි කියා, ලණුවක් රැගෙන තෙරුන්ගේ හිස වෙළා දඬුවකින් මිරිකා තද කෙළේය. තෙරුන්ගේ හිසෙන් හා නාසයෙන් ලේ වැගිරෙන්නට විය. ඇස් එළියට එන්නාක් මෙන් දැනිණි. තෙරණුවෝ වේදනාවෙන් බිම ඇදගෙන වැටුණහ. ලිහිණියා ඒ ලේ ගඳින් එතැනට අවුත් ලේ බීවේය. ඉන්පසු මැණික්කරුවා තෙරුන් සමග උපන් කෝප වේගයෙන් තෝ මෙතැන කුමක් කරන්නේදැයි පාදයෙන් පහරක් ගසා හෙළීය. ලිහිණියා එකපාරෙන්ම මැරී උඩුකුරුව වැටුණේය.

ථෙරො තං දිස‍්වා, උපාසක, සීසෙ වෙඨනං තාව මෙ සිථිලං කත්‍වා ඉමං කොඤ‍්චං ඔලොකෙහි “මතො වා, නො වා”ති. අථ නං සො ආහ – “එසො විය ත්‍වම‍්පි මරිස‍්සසී”ති. උපාසක, ඉමිනා සො මණි ගිලිතො, සචෙ අයං න අමරිස‍්සා, න තෙ අහං මරන‍්තොපි මණිං ආචික‍්ඛිස‍්සන‍්ති. සො තස‍්ස උදරං ඵාලෙත්‍වා මණිං දිස‍්වා පවෙධෙන‍්තො සංවිග‍්ගමානසො ථෙරස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “ඛමථ, මෙ, භන‍්තෙ, අජානන‍්තෙන මයා කත”න‍්ති ආහ.

ඒ දුටු තෙරණුවෝ, උපාසකය මගේ හිසෙහි වෙළුම මදක් බුරුල්කොට මේ කොස්වාලිහිණියා ගැන බලව. ඌ මියගොස්ද නැද්දැයි බලවයි කීහ. ඉන්පසු ඔහු තෙරණුවන් අමතා, මේ පක්‍ෂියා වගේම ඔබත් මැරෙන්නෙයයි කීවේය. උපාසකය, මේ ලිහිණියා ඒ මැණික ගිල්ලේය, මූ නොමැරුණා නම්, මම දිවිහිමියෙන් ඒ බව නොකියමි. එවිට මැණික නිසා ඔබ මූ මරන්නේය. මැණික්කරු උගේ බඩ පලා මැණික දැක වෙව්ලමින් තැතිගත් සිතින් යුක්තව තෙරුන් පාමුල වැඳ වැටී, නොදන්නාකමින් මා කළ වරදට සමාවුව මැනවැයි කීවේය.

උපාසක, නෙව තුය‍්හං දොසො අත්‍ථි, න මය‍්හං, වට‍්ටස‍්සෙවෙස දොසො, ඛමාමි තෙති. භන‍්තෙ, සචෙ මෙ ඛමථ, පකතිනියාමෙනෙව මෙ ගෙහෙ නිසීදිත්‍වා භික‍්ඛං ගණ‍්හථාති. “උපාසක, න දානාහං ඉතො පට‍්ඨාය පරෙසං ගෙහස‍්ස අන‍්තොඡදනං පවිසිස‍්සාමි, අන‍්තොගෙහපවෙසනස‍්සෙව හි අයං දොසො, ඉතො පට‍්ඨාය පාදෙසු ආවහන‍්තෙසු ගෙහද‍්වාරෙ ඨිතොව භික‍්ඛං ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා ධුතඞ‍්ගං සමාදාය ඉමං ගාථමාහ –

උපාසකය ඔබේ දෝෂයක් නැත. මගේත් දෝෂයක් නැත. මෙය සංසාරදෝෂයයි. ඔබට සමාවදෙන්නෙමියි කීවිට ස්වාමීනි, මට සමාව දෙන්නෙහි නම් පෙර කළසේ මෙන්ම මගේ ගෙදර නැවතී භික්ෂාව ගනුමැනවැය කීවේය. උපාසකය, මම අද පටන් අනුන්ගේ ගෙදරක වහළයක් යටට ඇතුළු නොවෙමි. ගෙවල් ඇතුළට යාමේ වරද මෙයයි. මෙතැන් පටන් දෙපයේ වීරියෙන් ගෙවල්වල සිටගෙනම භික්ෂාව ලබාගන්නෙමි කියා ධුතාංග සමාදන්වී මේ ගාථාව ප්‍රකාශකළහ:

“පච‍්චති මුනිනො භත‍්තං, ථොකං ථොකං කුලෙ කුලෙ; පිණ‍්ඩිකාය චරිස‍්සාමි, අත්‍ථි ජඞ‍්ඝබලං මමා”ති. (ථෙරගා· 248) –

අහර ටික ටික ඉල්ලා ගැනීමට මුනිවරුන් උදෙසා පිසෙයි බත් හැම තැන පිඬු සිඟා ගෙන යන්නෙමි දෙපා වාරුව ඇතිතෙක්

ඉදඤ‍්ච පන වත්‍වා ථෙරො තෙනෙව බ්‍යාධිනා න චිරස‍්සෙව පරිනිබ‍්බායි. කොඤ‍්චො මණිකාරස‍්ස භරියාය කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. මණිකාරො කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති. මණිකාරස‍්ස භරියා ථෙරෙ මුදුචිත‍්තතාය කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්ති.

මෙසේ පැවසූ තෙරණුවෝ එම ආබාධයෙන්ම නොබෝ කලකින් පිරිනිවන් පෑහ. කොස්වාලිහිණියා මැණික් කපන්නාගේ බිරිඳගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මැණික් කපන්නා මියගොස් නිරයෙහි උපන්නේය. මැණික් කපන්නාගේ බිරිඳ තෙරුන් කෙරෙහි මෘදුසිත් ඇතිකරගත් හෙයින් මියපරලොව ගොස් දෙව්ලොව උපන්නාය.

භික‍්ඛූ සත්‍ථාරං තෙසං අභිසම‍්පරායං පුච‍්ඡිංසු. සත්‍ථා, “භික‍්ඛවෙ, ඉධෙකච‍්චෙ ගබ‍්භෙ නිබ‍්බත‍්තන‍්ති, එකච‍්චෙ පාපකාරිනො නිරයෙ නිබ‍්බත‍්තන‍්ති, එකච‍්චෙ කතකල්‍යාණා දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති, අනාසවා පන පරිනිබ‍්බායන‍්තී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

භික්‍ෂූන්වහන්සේලා ඔවුන් ඉපදුණු තැන් ගැන බුදුරජාණන්වහන්සේගෙන් අසා සිටියහ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, මේ ලොව සමහරු මවුකුස උපදිති, පව්කරන සමහරු අපායෙහි උපදිත් කළ පින් ඇත්තෝ දෙව්ලොව උපදිති. අනාශ්‍රව රහතන්වහන්සේලා වනාහි පිරිනිවන්පාතියයි වදාරා අනුසන්ධි ගලපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

“ගබ‍්භමෙකෙ උප‍්පජ‍්ජන‍්ති, නිරයං පාපකම‍්මිනො; සග‍්ගං සුගතිනො යන‍්ති, පරිනිබ‍්බන‍්ති අනාසවා”ති.

සමහරු මවුකුසද පව්කාරයෝ නිරයෙද පිනැත්තෝ සුගතියෙහිද නිකෙලෙස්හු නිවනට ද යෙති

තත්‍ථ ගබ‍්භන‍්ති ඉධ මනුස‍්සගබ‍්භොව අධිප‍්පෙතො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

එහි ගබ්භං යනුවෙන් මනුෂ්‍යගර්භයක්ම අදහස් කරනලදි. මෙහි සෙසු විස්තර කියනලද අර්ථමය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

මණිකාරකුලූපකතිස‍්සත්‍ථෙරවත්‍ථු දසමං.

දසවන මණිකාර කුලුපගතිස්ස තෙරණුවන්ගේ වස්තුවයි.