යෙදුමෙන් කියවන්න

10. කොකසුනඛලුද‍්දකවත්‍ථු අට‍්ඨකථා

10. කොකසුනඛලුද‍්දකවත්‍ථු

10. කෝක නම් බලුවැද්දාගේ වස්තුව

යො අප‍්පදුට‍්ඨස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොකං නාම සුනඛලුද‍්දකං ආරබ‍්භ කථෙසි.

යො අප්පදුට්ඨස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කෝක නම් බලුවැද්දකු අරභයා දේශනා කරනලදි.

සො කිර එකදිවසං පුබ‍්බණ‍්හසමයෙ ධනුං ආදාය සුනඛපරිවුතො අරඤ‍්ඤං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ එකං පිණ‍්ඩාය පවිසන‍්තං භික‍්ඛුං දිස‍්වා කුජ‍්ඣිත්‍වා “කාළකණ‍්ණි මෙ දිට‍්ඨො, අජ‍්ජ කිඤ‍්චි න ලභිස‍්සාමී”ති චින‍්තෙත්‍වා පක‍්කාමි. ථෙරොපි ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො පුන විහාරං පායාසි. ඉතරොපි අරඤ‍්ඤෙ විචරිත්‍වා කිඤ‍්චි අලභිත්‍වා පච‍්චාගච‍්ඡන‍්තො පුන ථෙරං දිස‍්වා “අජ‍්ජාහං ඉමං කාළකණ‍්ණිං දිස‍්වා අරඤ‍්ඤං ගතො කිඤ‍්චි න ලභිං, ඉදානි මෙ පුනපි අභිමුඛො ජාතො, සුනඛෙහි නං ඛාදාපෙස‍්සාමී”ති සඤ‍්ඤං දත්‍වා සුනඛෙ විස‍්සජ‍්ජෙසි. ථෙරොපි “මා එවං කරි උපාසකා”ති යාචි. සො “අජ‍්ජාහං තව සම‍්මුඛීභූතත‍්තා කිඤ‍්චි නාලත්‍ථං, පුනපි මෙ සම‍්මුඛීභාවමාගතොසි, ඛාදාපෙස‍්සාමෙව ත”න‍්ති වත්‍වා සුනඛෙ උය්‍යොජෙසි. ථෙරො වෙගෙන එකං රුක‍්ඛං අභිරුහිත්‍වා පුරිසප‍්පමාණෙ ඨානෙ නිසීදි. සුනඛා රුක‍්ඛං පරිවාරෙසුං. ලුද‍්දකො ගන‍්ත්‍වා “රුක‍්ඛං අභිරුහතොපි තෙ මොක‍්ඛො නත්‍ථී”ති තං සරතුණ‍්ඩෙන පාදතලෙ විජ‍්ඣි. ථෙරො “මා එවං කරොහී”ති තං යාචියෙව. ඉතරො තස‍්ස යාචනං අනාදියිත්‍වා පුනප‍්පුනං විජ‍්ඣියෙව. ථෙරො එකස‍්මිං පාදතලෙ විජ‍්ඣියමානෙ තං උක‍්ඛිපිත්‍වා දුතියං පාදං ඔලම‍්බිත්‍වා තස‍්මිං විජ‍්ඣියමානෙ තම‍්පි උක‍්ඛිපති, එවමස‍්ස සො යාචනං අනාදියිත්‍වාව ද‍්වෙපි පාදතලානි විජ‍්ඣියෙව.

ඔහු එක්දිනක උදේ වරුවේ දුන්නත් රැගෙන තමන්ගේ දඩබල්ලන්ද පිරිවරාගෙන කැලයට යන අතර, අතරමග පිඬු පිණිස හැසිරෙන එක් භික්‍ෂුවක් හමු වී කාලකණ්ණියෙක් මට මුණ ගැහුණේයයි කලකිරී අද මට කිසිදෙයක් හමුනොවේයයි සිතමින් ගියේය. තෙරණුවෝත් ගමේ පිඬුසිඟා ආහාර ගෙන නැවත විහාරයට වැඩියහ. අනිත් තැනැත්තාත් කැලයට ගොස් කිසිවක් නොලැබ ආපසු එනවිට නැවතත් තෙරුන් දැක අද මම මේ කාලකණ්ණියා දැක කැලයට ගොස් කිසිවක්ම ලබාගත නොහැකිවීමි. දැන් යළිත් මොහු මුණගැසුණේය. බල්ලන් ලවා මොහු කවා ලන්නෙමියි සංඥාවක් දී සුනඛයන් මුදා හැරියේය. තෙරණුවෝ එසේ නොකරව උපාසකයයි ඉල්ලා සිටියෝය. අද මම ඔබ හමුවූ නිසා කිසිවක් නොලදිම. නැවතත් මට මුණගැසීමට ආවෙහිය. තා බල්ලන් ලවා කවා ලන්නෙමියයි කියා බල්ලන් පිටත්කර හැරියේය. තෙරණුවෝ වහා එක් ගසකට නැගී පුරුෂප්‍රමාණ උසින් සිටියෝය. බල්ලෝ ගස පිරිවරා සිටියහ. කෝක එහිගොස්, ගසට නැගුණත් තොපට මිදීමක් නැතැයි ඊතලතුඩකින් තෙරුන්ගේ යටිපතුල විද්දේය. තෙරණුවෝ එසේ නොකරවයි ඉල්ලා සිටියේමය. අනිකා උන්වහන්සේගේ ඉල්ලීම පිළිනොගෙන නැවත නැවතත් විද්දේමය. තෙරණුවෝ එක් පාදයක් විදින විට එය උඩට ගෙන අනිත් පයින් සිටිති. එය විදින විට අනික් පය තබා අනික ඔසවයි. මෙසේ ඒ වැද්දා තෙරුන්ගේ ඉල්ලීම පිළිනොගෙන දෙපාදයම විද්දේය.

ථෙරස‍්ස සරීරං උක‍්කාහි ආදිත‍්තං විය අහොසි. සො වෙදනානුවත‍්තිකො හුත්‍වා සතිං පච‍්චුපට‍්ඨාපෙතුං නාසක‍්ඛි, පාරුතචීවරං භස‍්සන‍්තම‍්පි න සල‍්ලක‍්ඛෙසි. තං පතමානං කොකං සීසතො පට‍්ඨාය පරික‍්ඛිපන‍්තමෙව පති. සුනඛා “ථෙරො පතිතො”ති සඤ‍්ඤාය චීවරන‍්තරං පවිසිත්‍වා අත‍්තනො සාමිකං ලුඤ‍්ජිත්‍වා ඛාදන‍්තා අට‍්ඨිමත‍්තාවසෙසං කරිංසු. සුනඛා චීවරන‍්තරතො නික‍්ඛමිත්‍වා බහි අට‍්ඨංසු.

තෙරුන්ගේ සිරුර පන්දම්වලින් පුළුස්සන්නාක් මෙන් දැවෙන්ට පටන්ගත්තේය. තෙරණුවන්ට වේදනාව නිසා සිහි එලවාගන්ටත් අපහසු විය. පෙරවූ සිවුර ගැළවී වැටෙද්දීත් එය සලකාගත නොහැකිවිය. ඒ සිවුර වැටී කෝකගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා වැසීයනසේ පතිතවිය. සුනඛයෝ තෙරුන් වැටුණේය යන කල්පනාවෙන් සිවුර ඇතුළටම වැදී තම සැමියා ඇද ඇද ඉරඉරා කා දමා ඇට පමණක් ඉතිරි කළහ. සුනඛයෝ සිවුර ඇතුළෙන් එළියට අවුත් සිටියහ.

අථ නෙසං ථෙරො එකං සුක‍්ඛදණ‍්ඩකං භඤ‍්ජිත්‍වා ඛිපි. සුනඛා ථෙරං දිස‍්වා “සාමිකොව අම‍්හෙහි ඛාදිතො”ති ඤත්‍වා අරඤ‍්ඤං පවිසිංසු. ථෙරො කුක‍්කුච‍්චං උප‍්පාදෙසි “මම චීවරන‍්තරං පවිසිත්‍වා එස නට‍්ඨො, අරොගං නු ඛො මෙ සීල”න‍්ති. සො රුක‍්ඛා ඔතරිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ආදිතො පට‍්ඨාය සබ‍්බං තං පවත‍්තිං ආරොචෙත්‍වා – “භන‍්තෙ, මම චීවරං නිස‍්සාය සො උපාසකො නට‍්ඨො, කච‍්චි මෙ අරොගං සීලං, අත්‍ථි මෙ සමණභාවො”ති පුච‍්ඡි.

ඉන්පසු තෙරණුවෝ එක් වියළිදණ්ඩක් බිඳගෙන ඔවුන් වෙත වීසිකෙළේය. සුනඛයෝ තෙරුන් දැක අපි අපේ ස්වාමියාම කා ඇතැයි වනයට ගියාහුය. තෙරණුවෝ, ඔහු මගෙ සිවුරු අතරට ගොස් නැසුණෝය. එයින් මගේ සීලයට කිසියම් වරදක් වීදැයි කුකුසක් ඇතිකරගත්හ. උන්වහන්සේ ගසෙන් බැස බුදුන් සමීපයට ගොස් මුල පටන් ඒ පුවත දන්වා සිටියහ. ස්වාමීනි, මගේ සිවුර නිසා ඒ උපාසකයා නැසුණේය. ඉතින් මගේ සීලයට එයින් වරදක් නැද්ද? මගේ ශ්‍රමණභාවයට හෝ එයින් වරදක් නැද්දැයි ඇසූහ.

සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා “භික‍්ඛු අරොගං තෙ සීලං, අත්‍ථි තෙ සමණභාවො, සො අප‍්පදුට‍්ඨස‍්ස පදුස‍්සිත්‍වා විනාසං පත‍්තො, න කෙවලඤ‍්ච ඉදානෙව, අතීතෙපි අප‍්පදුට‍්ඨානං පදුස‍්සිත්‍වා විනාසං පත‍්තොයෙවා”ති වත්‍වා තමත්‍ථං පකාසෙන‍්තො අතීතං ආහරි –

බුදුරජාණන්වහන්සේ ඒ තෙරණුවන්ගේ වචන අසා මහණ ඔබේ සීලයට වරදක්වී නැත. ශ්‍රමණභාවයටද වරදක් වී නැත. ඔහු පිරිසිදු සිල් ඇත්තෙකුට ද්‍රෝහීවී විනාශයට පැමිණියේය. එය මෙකල පමණක් නොව අතීතයේදීත් ද්වේෂ සිත් නැත්තන්ට ද්වේෂ කිරීමෙන් විනාශයට පැමිණියේමයයි වදාරා එහි අර්ථය පැහැදිලිකරමින් අතීතකථාව ගෙනහැර පෑහ.

අතීතෙ කිරෙකො වෙජ‍්ජො වෙජ‍්ජකම‍්මත්‍ථාය ගාමං විචරිත්‍වා කිඤ‍්චි කම‍්මං අලභිත්‍වා ඡාතජ‍්ඣත‍්තො නික‍්ඛමිත්‍වා ගාමද‍්වාරෙ සම‍්බහුලෙ කුමාරකෙ කීළන‍්තෙ දිස‍්වා “ඉමෙ සප‍්පෙන ඩංසාපෙත්‍වා තිකිච‍්ඡිත්‍වා ආහාරං ලභිස‍්සාමී”ති එකස‍්මිං රුක‍්ඛබිලෙ සීසං නිහරිත්‍වා නිපන‍්නං සප‍්පං දස‍්සෙත්‍වා, “අම‍්භො, කුමාරකා එසො සාළිකපොතකො, ගණ‍්හථ න”න‍්ති ආහ. අථෙකො කුමාරකො සප‍්පං ගීවායං දළ‍්හං ගහෙත්‍වා නීහරිත්‍වා තස‍්ස සප‍්පභාවං ඤත්‍වා විරවන‍්තො අවිදූරෙ ඨිතස‍්ස වෙජ‍්ජස‍්ස මත්‍ථකෙ ඛිපි. සප‍්පො වෙජ‍්ජස‍්ස ඛන්‍ධට‍්ඨිකං පරික‍්ඛිපිත්‍වා දළ‍්හං ඩංසිත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපෙසි, එවමෙස කොකො සුනඛලුද‍්දකො පුබ‍්බෙපි අප‍්පදුට‍්ඨස‍්ස පදුස‍්සිත්‍වා විනාසං පත‍්තොයෙවාති.

අතීතයෙහි එක්තරා වෙදෙක් වෙදකම් පිණිස ගමේ ඇවිද කිසි වෙදකමක් නොලැබ බඩගිනි වී නික්ම ගොස් ගම්දොර බොහෝ ළමයින් සෙල්ලම් කරනු දැක මොවුන්ට සර්පයෙකු ලවා දෂ්ටකරවා වෙදකම් කොට ආහාරපාන ලබා ගන්නෙමියි සිතා එක් රුක්ඛිලයක හිස ඔසවා සිටින සර්පයෙකු පෙන්වා, එම්බල කොල්ලනි, අර පෙනෙන්නේ සැළලිහිණි පැටියෙකි. ඔහු අල්වාගනුවයි කීවේය. එක් ළමයෙක් සර්පයාගේ බෙල්ලෙන් තදින් අල්වා පිටතට ගෙන ඌ සර්පයකු බව දැන ඇවිදගෙන අවුත් ළඟ සිටි වෙදාගේ ඔළුව උඩට දැම්මේය. සර්පයා වෙදාගේ උරහිස් දැඩිව වෙළාගෙන දෂ්ට කොට එතැනම මරා දැමීය. මෙසේ මේ කෝක බලුවැද්දා පෙරත් ද්වේෂ නොකරන්නන්ට ද්වේෂකොට විනාශයට පැමිණියේ යයි

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ශාස්තෘන්වහන්සේ මේ අතීත කථාවද ගෙනහැර පා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක:

“යො අප‍්පදුට‍්ඨස‍්ස නරස‍්ස දුස‍්සති, සුද‍්ධස‍්ස පොසස‍්ස අනඞ‍්ගණස‍්ස; තමෙව බාලං පච‍්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත‍්තො”ති.

තරහ නැති නිකෙලෙස් පිරිසිදු අයට කිසිවෙක් තරහෙන් පිරී ඉතිරී තරහෙන් යමක් කළහොත් යටිසුළඟෙහි දැමූ දූවිලි දැමූ අය සොයා එනු මෙන් විපාකය ඔහු වෙතට ගෙන එයි

තත්‍ථ අප‍්පදුට‍්ඨස‍්සාති අත‍්තනො වා සබ‍්බසත‍්තානං වා අදුට‍්ඨස‍්ස. නරස‍්සාති සත‍්තස‍්ස. දුස‍්සතීති අපරජ‍්ඣති. සුද‍්ධස‍්සාති නිරපරාධස‍්සෙව. පොසස‍්සාති ඉදම‍්පි අපරෙනාකාරෙන සත‍්තාධිවචනමෙව. අනඞ‍්ගණස‍්සාති නික‍්කිලෙසස‍්ස. පච‍්චෙතීති පතිඑති. පටිවාතන‍්ති යථා එකෙන පුරිසෙන පටිවාතෙ ඨිතං පහරිතුකාමතාය ඛිත‍්තො සුඛුමො රජොති තමෙව පුරිසං පච‍්චෙති, තස‍්සෙව උපරි පතති, එවමෙව යො පුග‍්ගලො අපදුට‍්ඨස‍්ස පුරිසස‍්ස පාණිප‍්පහරාදීනි දදන‍්තො පදුස‍්සති, තමෙව බාලං දිට‍්ඨෙව ධම‍්මෙ, සම‍්පරායෙ වා නිරයාදීසු විපච‍්චමානං තං පාපං විපාකදුක‍්ඛවසෙන පච‍්චෙතීති අත්‍ථො.

එහි අප්පදුට්ඨස්ස යනු තමන්ට හෝ සියලු සතුන්ට ද්වේෂ නොකරන්නාටයි. නරස්ස යනු සත්ත්වයාටයි. දුස්සති යනු අපරාධ කිරීමයි. සුද්ධස්ස යනු අපරාධ නොකරන්නාටය. පොසස්ස යන මෙයද වෙනත් අයුරකින් සත්ත්වයාටම කියන නමකි. අනංගනස්ස යනු කෙලෙස් නැති තැනැත්තාටය. පච්චෙති යනු ආපසු එයි. පටිවාතං යනු එක් පුරුෂයෙක් පටිවාතයෙහි-සුළඟ ගසාගෙන තමන් වෙත එන වාතයෙහි සිට තවත් කෙනෙකුට පහර දෙනු කැමැත්තෙන් වීසිකරන ලද සියුම් දූවිලි ඒ පුරුෂයා වෙතම ආපසු එයිද, ඔහු උඩටම වැටෙයිද, එපරිද්දෙන් යම් කෙනෙක් තරහක් නැති කෙනෙකුට අතින් පයින් ගැසීමෙන් ද්වේෂය ඇතිකර ගනීද, ඒ ගැසූ පුද්ගලයා වෙතම මෙලොවදී හෝ පරලොවදී පැසවමින් ඒ පාපය විපාකදුක් වශයෙනුත් ආපසු එයි යන අර්ථයි.

දෙසනාවසානෙ සො භික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයෙහි ඒ භික්‍ෂුව රහත් බවෙහි පිහිටියේය. පැමිණි පිරිසටද එය සාර්ථක දේශනාවක් විය.

කොකසුනඛලුද‍්දකවත්‍ථු නවමං.

නවවන කෝක නම් බලුවැද්දාගේ වස්තුවයි.