යෙදුමෙන් කියවන්න

9. කුක‍්කුටමිත‍්තනෙසාදවත්‍ථු අට‍්ඨකථා

9. කුක‍්කුටමිත‍්තනෙසාදවත්‍ථු

9. කුක්කටමිත්ත වැද්දාගේ වස්තුව

පාණිම‍්හි චෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො කුක‍්කුටමිත‍්තං නාම නෙසාදං ආරබ‍්භ කථෙසි.

පාණිම්හි චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වැඩසිටින කාලයේ කුක්කුටමිත්ත නම් වැදිපුත්‍රයා නිමිතිකරගෙන දේශනා කරනලදි.

රාජගහෙ කිර එකා සෙට‍්ඨිධීතා වයප‍්පත‍්තා සත‍්තභූමිකපාසාදස‍්ස උපරි සිරිගබ‍්භෙ ආරක‍්ඛණත්‍ථාය එකං පරිචාරිකං දත්‍වා මාතාපිතූහි වාසියමානා එකදිවසං සායන‍්හසමයෙ වාතපානෙන අන‍්තරවීථිං ඔලොකෙන‍්තී පඤ‍්ච පාසසතානි පඤ‍්ච සූලසතානි ආදාය මිගෙ වධිත්‍වා ජීවමානං එකං කුක‍්කුටමිත‍්තං නාම නෙසාදං පඤ‍්ච මිගසතානි වධිත්‍වා තෙසං මංසෙන මහාසකටං පූරෙත්‍වා සකටධුරෙ නිසීදිත්‍වා මංසවික‍්කිණනත්‍ථාය නගරං පවිසන‍්තං දිස‍්වා තස‍්මිං පටිබද‍්ධචිත‍්තා පරිචාරිකාය හත්‍ථෙ පණ‍්ණාකාරං දත්‍වා “ගච‍්ඡ, එතස‍්ස පණ‍්ණාකාරං දත්‍වා ගමනකාලං ඤත්‍වා එහී”ති පෙසෙසි. සා ගන‍්ත්‍වා තස‍්ස පණ‍්ණාකාරං දත්‍වා පුච‍්ඡි – “කදා ගමිස‍්සසී”ති? සො “අජ‍්ජ මංසං වික‍්කිණිත්‍වා පාතොව අසුකද‍්වාරෙන නාම නික‍්ඛමිත්‍වා ගමිස‍්සාමී”ති ආහ. සා තෙන කථිතකථං සුත්‍වා ආගන‍්ත්‍වා තස‍්සා ආරොචෙසි. සෙට‍්ඨිධීතා අත‍්තනා ගහෙතබ‍්බයුත‍්තකං වත්‍ථාභරණජාතං සංවිදහිත්‍වා පාතොව මලිනවත්‍ථං නිවාසෙත්‍වා කුටං ආදාය දාසීහි සද‍්ධිං උදකතිත්‍ථං ගච‍්ඡන‍්තී විය නික‍්ඛමිත්‍වා තං ඨානං ගන‍්ත්‍වා තස‍්සාගමනං ඔලොකෙන‍්තී අට‍්ඨාසි. සොපි පාතොව සකටං පාජෙන‍්තො නික‍්ඛමි. සා තස‍්ස පච‍්ඡතො පච‍්ඡතො පායාසි. සො තං දිස‍්වා “අහං තං ‘අසුකස‍්ස නාම ධීතා’ති න ජානාමි, මා මං අනුබන්‍ධි, අම‍්මා”ති ආහ. න මං ත්‍වං පක‍්කොසසි, අහං අත‍්තනො ධම‍්මතාය ආගච‍්ඡාමි, ත්‍වං තුණ‍්හී හුත්‍වා අත‍්තනො සකටං පාජෙහීති. සො පුනප‍්පුනං තං නිවාරෙතියෙව. අථ නං සා ආහ – “සාමි, සිරී නාම අත‍්තනො සන‍්තිකං ආගච‍්ඡන‍්තී නිවාරෙතුං න වට‍්ටතී”ති. සො තස‍්සා නිස‍්සංසයෙන ආගමනකාරණං ඤත්‍වා තං සකටං ආරොපෙත්‍වා අගමාසි. තස‍්සා මාතාපිතරො ඉතො චිතො ච පරියෙසාපෙත්‍වා අපස‍්සන‍්තා “මතා භවිස‍්සතී”ති මතකභත‍්තං කරිංසු. සාපි තෙන සද‍්ධිං සංවාසමන්‍වාය පටිපාටියා සත‍්ත පුත‍්තෙ විජායිත්‍වා තෙ වයප‍්පත‍්තෙ ඝරබන්‍ධනෙන බන්‍ධි.

රජගහනුවර එක් සිටුදුවක් වැඩිවිය පැමිණ සත්මහල් පහයක ඉහළම පහයේ සිරියහන් ගැබක තබා එකම සේවිකාවක් දී මවුපියන් විසින් පෝෂණය කරනලදුව සිටියාය. දිනක් සවස් භාගයෙහි වාකවුළුවෙන් ඇතුළුවීථිය දෙස බලා සිටින ඈට තොණ්ඩු පන්සීයක්ද උල් පන්සීයක්ද රැගෙන මුවන් මරා ජීවත්වන එක් කුක්කුටමිත්ත නම් වැද්දෙක් පන්සීයක් මුවන් මරා ඔවුන්ගේ මස්වලින් ගැල්පුරවාගෙන ගැල් අසුනේ හිඳගෙන මස් විකිණීම සඳහා නගරට පිවිසෙනු දැක ඔහු හා පිළිබඳසිත් ඇතිකරගෙන තම සේවිකාවට කථා කොට, ඇගේ අතට ලිපියක් දී, යව, මොහු පිටත්වන වේලාව දැනගෙන එවයි යැවුවාය. ඈ ගොස් ඔහුට ලියුම දී පිටත්වන වේලාව ඇසුවාය. අද මස් විකුණා හෙට පාන්දරම අසවල් දොරටුවෙන් නික්ම යමියි කීවේය. ඈ ඔහුගේ කථාව අසා අවුත් සිටුදියණියට එය කීවාය. සිටුදුව තමන්ගේ ගතයුතු වස්ත්‍රාභරණ සියල්ල සූදානම් කරගෙන උදෑසනම කිලිටිවස්ත්‍ර හැඳපෙරවාගෙන කළයක්ද රැගෙන දාසියන් සමග නානතොටට යන්නාක් මෙන් පිටත්වී නියමිත තැනට ගොස් ඔහු එන මග බලමින් සිටියාය. ඔහුද ගැල පදවාගෙන ආවේය. ඈ ඔහුගේ පසුපසින් ගියාය. ඔහු ඈ දෙස බලා, මම තී කාගේ දුවක්දැයි නොහඳුනමි. මෑණියනි, මා පිටුපසින් නොඑවයි කීවේය. මම ඔබේ ඉල්ලීමක් අනුව නොඑන්නෙමි. මගේ කැමැත්තෙන් එන්නෙමි. ඔබ නිශ්ශබ්දව ඔබේ රිය පදවාගෙන යන්න. ඔහු නැවත නැවතත් වැළැක්වූයේමය. ඉන්පසු ඈ ඔහුට මෙසේ කීවාය. ශ්‍රියාව තමන් ළඟට එන විට වැළැක්වීම නොවටී. හෙතෙම ඈ නිසැකයෙන්ම එනබව දැන ඇය ගැලෙහි නංවාගෙන ගියේය. ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ. ඈ ඔහු සමග සංවාසයට පැමිණ පිළිවෙලින් පුතුන් සදෙනෙකු ලබා ඔවුන් වියටපත් කල්හි ගෘහබන්‍ධනයෙන් බැන්දවීය.

අථෙකදිවසං සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො කුක‍්කුටමිත‍්තං සපුත‍්තං සසුණිසං අත‍්තනො ඤාණජාලස‍්ස අන‍්තො පවිට‍්ඨං දිස‍්වා, “කිං නු ඛො එත”න‍්ති උපධාරෙන‍්තො තෙසං පන‍්නරසන‍්නම‍්පි සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයං දිස‍්වා පාතොව පත‍්තචීවරං ආදාය තස‍්ස පාසට‍්ඨානං අගමාසි. තං දිවසං පාසෙ බද‍්ධො එකමිගොපි නාහොසි. සත්‍ථා තස‍්ස පාසමූලෙ පදවලඤ‍්ජං දස‍්සෙත්‍වා පුරතො එකස‍්ස ගුම‍්බස‍්ස හෙට‍්ඨා ඡායායං නිසීදි. කුක‍්කුටමිත‍්තො පාතොව ධනුං ආදාය පාසට‍්ඨානං ගන‍්ත්‍වා ආදිතො පට‍්ඨාය පාසෙ ඔලොකයමානො පාසෙ බද‍්ධං එකම‍්පි මිගං අදිස‍්වා සත්‍ථු පදවලඤ‍්ජං අද‍්දස. අථස‍්ස එතදහොසි – “කො මය‍්හං බද‍්ධමිගෙ මොචෙන‍්තො විචරතී”ති. සො සත්‍ථරි ආඝාතං බන්‍ධිත්‍වා ගච‍්ඡන‍්තො ගුම‍්බමූලෙ නිසින‍්නං සත්‍ථාරං දිස‍්වා, “ඉමිනා මම මිගා මොචිතා භවිස‍්සන‍්ති, මාරෙස‍්සාමි න”න‍්ති ධනුං ආකඩ‍්ඪි. සත්‍ථා ධනුං ආකඩ‍්ඪිතුං දත්‍වා විස‍්සජ‍්ජෙතුං නාදාසි. සො සරං විස‍්සජ‍්ජෙතුම‍්පි ඔරොපෙතුම‍්පි අසක‍්කොන‍්තො ඵාසුකාහි භිජ‍්ජන‍්තීහි විය මුඛතො ඛෙළෙන පග‍්ඝරන‍්තෙන කිලන‍්තරූපො අට‍්ඨාසි.

ඉන්පසු දිනෙක ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් පුතුන් භාර්‍ය්‍යාව හා කුක්කුටමිත්ත තම ඤාණදැලට ඇතුළත්වූ බව දැක, මේ කිමෙක්දැයි සොයා බලනසේක් ඒ පසළොස් දෙනාම සෝවාන්මගට හේතුසම්පත් ඇත්තවුන්බව දැක, උදෑසනම පාසිවුරු දරා ඔවුන්ගේ නිවහන බලා වැඩමවූහ. එදින ඔවුන්ගේ පාසවලට එක් මුවෙක්වත් හසුනූණේය. ශාස්තෘන්වහන්සේත් ඔහුගේ මලපුඩුපාස තිබෙන තැනම පියවරතබා පෙන්වා එයින් එහා රුක්ගොමුවක් යට වැඩහුන්හ. කුක්කුටමිත්ත උදෑසනම දුන්නත් රැගෙන මලපුඩු ඇති තැනට ගොස් මුල පටන් ඒ මලපුඩු බලා, පාසයන්හි බැඳුණු එකම මුවෙක්වත් නොදැක බුදුරදුන්ගේ පියවර සටහන් දුටුවේය. කවුරුන් හෝ මගේ පාසවල බැඳුණු මුවන් මුදමින් ඇවිදියි, කියා සිතක් ඇතිවිය. හෙතෙම බුදුන් කෙරෙහි ආඝාත බැඳ යනවිට රුක්ගොමුමුල වැඩසිටි බුදුන් දැක, මොහු මගේ මුවන් මුදාහරින්නට ඇත, මොහු මරා දමන්නෙමියි දුන්න ඇද්දේය. දුන්න අදිනු දුටු බුදුරජාණන්වහන්සේ, එයින් විදින්ට ඉඩ නොදුන්හ. හෙතෙම ඊතලය විදහැරීමට හෝ එයින් ඉවතට ගැනීමට හෝ නොහැකිව පතුඇට බිඳීයන්නාක් මෙන්, වේදනා විද කටින් කෙළ පෙරපෙරා දුන්න ඇද වෙහෙසට පත්විය.

අථස‍්ස පුත‍්තා ගෙහං ගන‍්ත්‍වා “පිතා නො චිරායති, කිං නු ඛො එත”න‍්ති වත්‍වා “ගච‍්ඡථ, තාතා, පිතු සන‍්තික”න‍්ති මාතරා පෙසිතා ධනූනි ආදාය ගන‍්ත්‍වා පිතරං තථාඨිතං දිස‍්වා “අයං නො පිතු පච‍්චාමිත‍්තො භවිස‍්සතී”ති සත‍්තපි ජනා ධනූනි ආකඩ‍්ඪිත්‍වා බුද‍්ධානුභාවෙන යථා නෙසං පිතා ඨිතො, තථෙව අට‍්ඨංසු. අථ නෙසං මාතා “කිං නු ඛො මෙ පුත‍්තාපි චිරායන‍්තී”ති වත්‍වා සත‍්තහි සුණිසාහි සද‍්ධිං ගන‍්ත්‍වා තෙ තථාඨිතෙ දිස‍්වා “කස‍්ස නු ඛො ඉමෙ ධනූනි ආකඩ‍්ඪිත්‍වා ඨිතා”ති ඔලොකෙන‍්තී සත්‍ථාරං දිස‍්වා බාහා පග‍්ගය‍්හ – “මා මෙ පිතරං නාසෙථ, මා මෙ පිතරං නාසෙථා”ති මහාසද‍්දමකාසි. කුක‍්කුටමිත‍්තො තං සද‍්දං සුත්‍වා චින‍්තෙසි – “නට‍්ඨො වතම‍්හි, සසුරො කිර මෙ එස, අහො මයා භාරියං කම‍්මං කත”න‍්ති. පුත‍්තාවිස‍්ස “අය්‍යකො කිර නො එස, අහො භාරියං කම‍්මං කත”න‍්ති චින‍්තයිංසු. කුක‍්කුටමිත‍්තො “අයං සසුරො මෙ”ති මෙත‍්තචිත‍්තං උපට‍්ඨපෙසි, පුත‍්තාපිස‍්ස “අය්‍යකො නො”ති මෙත‍්තචිත‍්තං උපට‍්ඨපෙසුං. අථ තෙ නෙසං මාතා සෙට‍්ඨිධීතා “ඛිප‍්පං ධනූනි ඡඩ‍්ඩෙත්‍වා පිතරං මෙ ඛමාපෙථා”ති ආහ.

ඉන්පසු ඔහුගේ පුත්තු ගෙදර ගොස් අපේ පියා ඒමට පමා වෙයි. ඒ කුමක් නිසාදැයි කීකල්හි, මවුතොමෝ දරුවනි පිටත්වී යව්යයි පිටත් කළ නමුදු දුනුත් රැගෙන ගිය නමුත් ඒ දුටු ගැනීමට අපොහොසත්ව සිටි පියා දැක, අපේ පියාට පසමිතුරෙක් වියහැකියයි සත්දෙනාම දුනු ඇදගෙන, බුද්ධානුභාවයෙන් යම් සේ ඔවුන්ගේ පියා සිටියේද, එපරිද්දෙන්ම ඔවුහුද සිටියාහුය. ඉන්පසු ඔවුන්ගේ මව, මගේ පුතුනුත් පමා වන්නේ ඇයිදැයි යෙහෙළියන් සත්දෙනාත් සමග ගොස් ඉහත සඳහන් පරිදි සිටි ඔවුන් දැක, මොවුන් මේ දුනුදිය ඇදගෙන සිටින්නේ කාටදැයි බලන විට බුදුරදුන් දැක, ඉසඅත් බැඳගෙන, මගේ පියා නොනසව, මගේ පියා නොනසවයි මහහඬින් ශබ්ද කළාය. කුක්කුටමිත්ත ඒ ශබ්දය අසා අනේ අපි නැහුණා. මේ අපේ මාමා නේද, අපි මහා බරපතළ වරක් කෙළෙමුයයි සිතීය. ඔහුගේ පුත්‍රයෝත්, අනේ අපේ අත්තා නේද මේ, අපි මහා බරපතළ වරදක් කෙළෙමුයයිද සිතූහ. කුක්කුටමිත්ත මේ මගේ මාමායයි මෙත්සිත උපදවා ගත්තේය. පුත්‍රයෝ මේ අපේ අත්තායයි මෙත්සිත් උපදවා ගත්හ. ඉන්පසු ඔවුන්ගේ මවු සිටුදුව, වහාම දුනු පසෙක දමා මගේ පියා සමාකරගනිව්යයි කීවාය.

සත්‍ථා තෙසං මුදුචිත‍්තතං ඤත්‍වා ධනුං ඔතාරෙතුං අදාසි. තෙ සබ‍්බෙ සත්‍ථාරං වන්‍දිත්‍වා “ඛමථ නො, භන‍්තෙ”ති ඛමාපෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අථ නෙසං සත්‍ථා අනුපුබ‍්බිං කථං කථෙසි. දෙසනාවසානෙ කුක‍්කුටමිත‍්තො සද‍්ධිං පුත‍්තෙහි චෙව සුණිසාහි ච අත‍්තපඤ‍්චදසමො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

ශාස්තෘන්වහන්සේ ඔවුන් මෘදු සිත් ඇත්තවුන්කොට, දුනු බහා තබන්ට අවස්ථාව ලබාදුන්හ. ඉන්පසු ඒ සියලු දෙනාම බුදුන් වැඳ ස්වාමීනි අපට සමාවුව මැනවියි සමාකරවාගෙන, එක් පැත්තක හිඳගත්හ. බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව වදාළහ. දේශනා කෙළවර කුක්කුටමිත්‍රයාත් සමග පුතුන් යෙහෙළියන් පසළොස් දෙනා සෝවාන්ඵලයෙහි පිහිටියාහුය.

සත්‍ථා පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං විහාරං අගමාසි. අථ නං ආනන්‍දත්‍ථෙරො පුච‍්ඡි – “භන‍්තෙ, කහං ගමිත්‍ථා”ති. කුක‍්කුටමිත‍්තස‍්ස සන‍්තිකං, ආනන්‍දාති. පාණාතිපාතකම‍්මස‍්ස වො, භන‍්තෙ, අකාරකො කතොති. ආමානන්‍ද, සො අත‍්තපඤ‍්චදසමො අචලසද‍්ධාය පතිට‍්ඨාය තීසු රතනෙසු නික‍්කඞ‍්ඛො හුත්‍වා පාණාතිපාතකම‍්මස‍්ස අකාරකො ජාතොති. භික‍්ඛූ ආහංසු – “නනු, භන‍්තෙ, භරියාපිස‍්ස අත්‍ථී”ති. ආම, භික‍්ඛවෙ, සා කුලගෙහෙ කුමාරිකා හුත්‍වා සොතාපත‍්තිඵලං පත‍්තාති.

බුදුරජාණන්වහන්සේ පිඬුසිඟා වැඩ සවස් වේලෙහි විහාරයට පැමිණියහ. ඉන්පසු ආනන්‍ද තෙරණුවෝ, ස්වාමීනි, කොහි වැඩිසේක්දැයි ඇසූහ. ආනන්ද කුක්කුටමිත්ත සමීපයටයයි වදාළහ. ඒ ප්‍රාණාතිපාතිකියා එසේ නොකරන්නෙකු බවට පත් කෙළෙහිදැයි ඇසූහ. ආනන්දයෙනි එසේය. ඔහු තමන් පසළොස් වැනි කොට අචල ශ්‍රද්ධාවෙන් යුක්තව, ත්‍රිවිධරත්නය පිළිබඳ නිසැකවී ප්‍රාණවධ නොකරන්නෙක් වූයේය. භික්ෂූහු ස්වාමීනි, උන්ගේ භාර්යාවත් එහි සිටියා නොවේදැයි ඇසූහ. මහණෙනි, එසේය, ඈ කුලගෙයක කුමරියක්වී එකල්හිම සෝවාන්ඵලයට පැමිණ සිටියායයි වදාළහ.

භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “කුක‍්කුටමිත‍්තස‍්ස කිර භරියා කුමාරිකකාලෙ එව සොතාපත‍්තිඵලං පත්‍වා තස‍්ස ගෙහං ගන‍්ත්‍වා සත‍්ත පුත‍්තෙ ලභි, සා එත‍්තකං කාලං සාමිකෙන ‘ධනුං ආහර, සරෙ ආහර, සත‍්තිං ආහර, සූලං ආහර, ජාලං ආහරා’ති වුච‍්චමානා තානි අදාසි. සොපි තාය දින‍්නානි ආදාය ගන‍්ත්‍වා පාණාතිපාතං කරොති, කිං නු ඛො සොතාපන‍්නාපි පාණාතිපාතං කරොන‍්තී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “න, භික‍්ඛවෙ, සොතාපන‍්නා පාණාතිපාතං කරොන‍්ති, සා පන ‘සාමිකස‍්ස වචනං කරොමී’ති තථා අකාසි. ‘ඉදං ගහෙත්‍වා එස ගන‍්ත්‍වා පාණාතිපාතං කරොතූ’ති තස‍්සා චිත‍්තං නත්‍ථි. පාණිතලස‍්මිඤ‍්හි වණෙ අසති විසං ගණ‍්හන‍්තස‍්ස තං විසං අනුඩහිතුං න සක‍්කොති, එවමෙවං අකුසලචෙතනාය අභාවෙන පාපං අකරොන‍්තස‍්ස ධනුආදීනි නීහරිත්‍වා දදතොපි පාපං නාම න හොතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

භික්‍ෂූහු, කුක්කුටමිත්තගේ භාර්යාව කුමරියක්ව සිටියදීම සෝවාන්ඵලයට පැමිණ ඔහුගේ ගෙදරට ගොස් පුත්‍රයන් සත්දෙනෙක් ලැබුවාය. ඈ මෙතරම් කලක් දුන්න ගෙනෙව. ඊතලය ගෙනෙව. අඩයටිය ගෙනෙව, දැල ගෙනෙවයි කීකල ඒවා ගෙනවුත් දුන්නාය. තෙමේත් ඈ දුන් දේවල් රැගෙන වනයට ගොස් පරපණ නැසීම කළේය. කිම සෝතාපන්නයෝ ප්‍රාණාතිපාතය කරද්ද? බුදුරජාණන්වහන්සේ අවුත්, මහණෙනි, කිනම් කථාවක් කරමින් හුන්නාහුදැයි විචාරා, මේ කථාවෙනුයි කීකල්හි, මහණෙනි, සොතාපන්නයෝ පරපණ නොනසත්. ඈ කර තිබෙන්නේ වචනය ඉටුකිරීම පමණකි. මෙන්න අර ආවුධය. මෙය ගෙන ගොස් සතුන් මරන්නැයි ඇයට සිතක් නැත. වණයක් නැතිවට ඒ අතින් විෂ ඇල්ලුවත් ඒ විෂය සිරුරට ඇතුළු කිරීමට නොහැකිය. ඒ විධියට අකුසල චේතනාවක් එහි නොවන බැවින්, පව්නොකරන්නකු බැවින් දුනු ආදිය ගෙනත් දුන්නත් පවක් නම් නොවන්නේමයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍රකාශ කළහ.

“පාණිම‍්හි චෙ වණො නාස‍්ස, හරෙය්‍ය පාණිනා විසං; නාබ‍්බණං විසමන්‍වෙති, නත්‍ථි පාපං අකුබ‍්බතො”ති.

අතෙහි වණයක් නැත්නම් විසක් නැත අතට විස ගත්තත් වණ නැති අයට විස නොවදී පවක් නැත පව් නොකරන්නහුට

තත්‍ථ නාස‍්සාති න භවෙය්‍ය. හරෙය්‍යාති හරිතුං සක‍්කුණෙය්‍ය. කිං කාරණා? යස‍්මා නාබ‍්බණං විසමන්‍වෙති අවණඤ‍්හි පාණිං විසං අන්‍වෙතුං න සක‍්කොති, එවමෙව ධනුආදීනි නීහරිත්‍වා දෙන‍්තස‍්සාපි අකුසලචෙතනාය අභාවෙන පාපං අකුබ‍්බතො පාපං නාම නත්‍ථි, අවණං පාණිං විසං විය නාස‍්ස චිත‍්තං පාපං අනුගච‍්ඡතීති.

එහි නාස්ස යනු නොවන්නේය. හරෙය්‍ය යනු බැහැර කිරීමට හැකි ව්නනේය. කුමක් නිසාද? යම් හෙයකින් නාබ්බණං විසමන්වෙති තුවලායක් නැති අතක් විෂබීජ වර්ග ඇතුළට ගෙන යෑමට සමත් නොවෙයිද, එමෙන් දුනු ආදිය ගෙනවුත් දෙන්නාටද අකුසල චේතනා නොවන නිසා, පවක් නොකරන නිසා, පවක් නම් සිදුනොවේ. තුවාලයක් නැති අතක් බාහිර විෂබීජ ඇතුළට ගැනීමට අසමත් වන්නාක්මෙන් ඔහුගේ සිතද පාපය අනුව නොයයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

අපරෙන සමයෙන භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “කො නු ඛො කුක‍්කුටමිත‍්තස‍්ස සපුත‍්තස‍්ස සසුණිසස‍්ස සොතාපත‍්තිමග‍්ගස‍්සූපනිස‍්සයො, කෙන කාරණෙන නෙසාදකුලෙ නිබ‍්බත‍්තො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, භික‍්ඛවෙ, අතීතෙ කස‍්සපදසබලස‍්ස ධාතුචෙතියං සංවිදහන‍්තා එවමාහංසු – “කිං නු ඛො ඉමස‍්ස චෙතියස‍්ස මත‍්තිකා භවිස‍්සති, කිං උදක”න‍්ති. අථ නෙසං එතදහොසි – “හරිතාලමනොසිලා මත‍්තිකා භවිස‍්සති, තිලතෙලං උදක”න‍්ති. තෙ හරිතාලමනොසිලා කොට‍්ටෙත්‍වා තිලතෙලෙන සංසන්‍දිත්‍වා ඉට‍්ඨකාය ඝටෙත්‍වා සුවණ‍්ණෙන ඛචිත්‍වා අන‍්තො චිනිංසු, බහිමුඛෙ පන එකග‍්ඝනසුවණ‍්ණඉට‍්ඨකාව අහෙසුං. එකෙකා සතසහස‍්සග‍්ඝනිකා අහොසි. තෙ යාව ධාතුනිධානා චෙතියෙ නිට‍්ඨිතෙ චින‍්තයිංසු – “ධාතුනිධානකාලෙ බහුනා ධනෙන අත්‍ථො, කං නු ඛො ජෙට‍්ඨකං කරොමා”ති.

ඉන්පසු කාලයක භික්‍ෂූන් අතර, මේ කුක්කුටමිත්තට පුතුන් ලේලිවරුන් සහිතව සොවාන්වීමට තිබූ හේතුසම්පත් මොනවාද? කිනම් කරුණක් නිසා වැදිපවුලක ඉපදුණේත් ඇයිදැයි කථාවක් ඇතිවිය. බුදුන් එතැනට වැඩමවා, මහණෙනි, මෙහි කථාකරමින් සිටියේ කුමක් පිළිබඳවදැයි අසා, මේ කතාවෙනියි කී පසු, මහණෙනි, අතීතයෙහි කාශ්‍යප දසබලයන්වහන්සේගේ ධාතුචෛත්‍යයේ කටයුතු කරගෙන ගිය මිනිස්සු, මේ චෛත්‍යයට මැටි වශයෙන් කුමක් ගත යුතුද? ජලය වශයෙන් කුමක් ගතයුතුදැයි කථිකා කළහ. හිරියල් මනෝසීල මැටි වියයුතුය. තලතෙල් ජලය විය යුතුයය තීරණය කළහ. ඔවුහු හිරියල් මනෝසීල ගෙන කොටා තලතෙලෙන් අනා ගඩොල් කපා පුළුස්සා රන් ආලේප කර ඇතුළත බැන්දාහ. පිටපැත්ත ඒකඝන රත්තරනින්ම හැදූ ගඩොලින් බැන්දාහ. එක් ගඩොලක වටිනාකම ලක්‍ෂයක් විය. ඔවුහු ධාතු නිධාන ගර්භය තෙක් චෛත්‍යයෙහි වැඩ නිමවූ පසු ධාතුනිධාන වේලාවේ බොහෝ ධනය අවශ්‍ය වේ. එහි ප්‍රධානත්වය ගන්නේ කවුරුන්දැයි සිතූහ.

අථෙකො ගාමවාසිකො සෙට‍්ඨි “අහං ජෙට‍්ඨකො භවිස‍්සාමී”ති ධාතුනිධානෙ එකං හිරඤ‍්ඤකොටිං පක‍්ඛිපි. තං දිස‍්වා රට‍්ඨවාසිනො “අයං නගරසෙට‍්ඨි ධනමෙව සංහරති, එවරූපෙ චෙතියෙ ජෙට‍්ඨකො භවිතුං න සක‍්කොති, ගාමවාසී පන කොටිධනං පක‍්ඛිපිත්‍වා ජෙට‍්ඨකො ජාතො”ති උජ‍්ඣායිංසු. සො තෙසං කථං සුත්‍වා “අහං ද‍්වෙ කොටියො දත්‍වා ජෙට‍්ඨකො භවිස‍්සාමී”ති ද‍්වෙ කොටියො අදාසි. ඉතරො “අහමෙව ජෙට‍්ඨකො භවිස‍්සාමී”ති තිස‍්සො කොටියො අදාසි. එවං වඩ‍්ඪෙත්‍වා වඩ‍්ඪෙත්‍වා නගරවාසී අට‍්ඨ කොටියො අදාසි. ගාමවාසිනො පන ගෙහෙ නවකොටිධනමෙව අත්‍ථි, නගරවාසිනො චත‍්තාලීසකොටිධනං. තස‍්මා ගාමවාසී චින‍්තෙසි – “සචාහං නව කොටියො දස‍්සාමි, අයං ‘දස කොටියො දස‍්සාමී’ති වක‍්ඛති, අථ මෙ නිද‍්ධනභාවො පඤ‍්ඤායිස‍්සතී”ති. සො එවමාහ – “අහං එත‍්තකඤ‍්ච ධනං දස‍්සාමි, සපුත‍්තදාරො ච චෙතියස‍්ස දාසො භවිස‍්සාමී”ති සත‍්ත පුත‍්තෙ සත‍්ත සුණිසායො භරියඤ‍්ච ගහෙත්‍වා අත‍්තනා සද‍්ධිං චෙතියස‍්ස නිය්‍යාදෙසි.

එක් ගම්වැසි සිටුවරයෙක් මම ප්‍රධාන වන්නෙමියි කියා, ධාතුනිධාන අවස්ථාවේ එක්කෝටියක රත්රන් ගෙනත් තැබුවේය. ඒ දුටු රටවැසියෝ, මේ නගර සිටුවරයා ධනයම එකතුකරයි. මෙබඳු චෛත්‍යයක මූලිකයාවීමට අපොහොසත් වෙයි. ග්‍රාමවාසී සිටුවරයා කෝටියක ධනයක් යොදා මූලිකයාවීයයි දොස් කීහ. නාගරික සිටුවරයා ඒ අසා මම දෙකෝටියක් දී මූලිකයා වන්නෙමියි දෙකෝටියක් දුන්නේය. අනිකා මමම මූලිකයා වන්නෙමියි තුන්කෝටියක් දුන්නේය. මෙසේ වැඩි කරමින් ගොස් නාගරික සිටුවරයා අටකෝටියක් දුන්නේය. ග්‍රාමවාසී සිටුවරයාගේ ගෙදර තිබූ මුළු ධනය නවකෝටියක් විය. නාගරික සිටුහුගේ වත්කම සතළිස්කෝටියකි. ඒ නිසා ගම්වැසි සිටුවරයා, ඉදින් මම නවකෝටියක්, දසකෝටියක් දෙන්නෙමියි කීවොත් එයින් මා නිර්ධනයෙක් වෙයි. එසේ සිතූ ඔහු මෙසේ කීවේය: මම මෙපමණ ධනයකුත් දෙමි. දූ දරුවන් සහිතව චෛත්‍යයට දාසයෙක් වන්නෙමියි, පුතුන් සත්දෙනාත් යෙහෙළියන් සත්දෙනාත් භාර්යාවත් සහිත තමනුත් චෛත්‍යය උදෙසා පාවා දුන්නේය.

රට‍්ඨවාසිනො “ධනං නාම සක‍්කා උප‍්පාදෙතුං, අයං පන සපුත‍්තදාරො අත‍්තානං නිය්‍යාදෙසි, අයමෙව ජෙට‍්ඨකො හොතූ”ති තං ජෙට‍්ඨකං කරිංසු. ඉති තෙ සොළසපි ජනා චෙතියස‍්ස දාසා අහෙසුං. රට‍්ඨවාසිනො පන තෙ භුජිස‍්සෙ අකංසු. එවං සන‍්තෙපි චෙතියමෙව පටිජග‍්ගිත්‍වා යාවතායුකං ඨත්‍වා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. තෙසු එකං බුද‍්ධන‍්තරං දෙවලොකෙ වසන‍්තෙසු ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ භරියා තතො චවිත්‍වා රාජගහෙ සෙට‍්ඨිනො ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. සා කුමාරිකාව හුත්‍වා සොතාපත‍්තිඵලං පාපුණි. අදිට‍්ඨසච‍්චස‍්ස පන පටිසන්‍ධි නාම භාරියාති තස‍්සා සාමිකො සම‍්පරිවත‍්තමානො ගන‍්ත්‍වා නෙසාදකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස සහ දස‍්සනෙනෙව සෙට‍්ඨිධීතරං පුබ‍්බසිනෙහො අජ‍්ඣොත්‍ථරි. වුත‍්තම‍්පි චෙතං –

රටවැසියෝ, ධනය නම් උපයා ගත හැකිය. මොහු අඹුදරුවනුත් සමග තමන් චෛත්‍යයේ දාසභාවයට පත්වෙයි. මූලිකයා මොහුම විය යුතුයයි ඔහු මූලිකයා කළහ. මෙසේ ඔහු සෙසු ජනයාත් සමග චෛත්‍යයේ දාසභාවයට පත්විය. රටවැසියෝ නැවත ඔවුන් දාසභාවයෙන් නිදහස් කළහ. එසේවුවත් චෛත්‍යයට පිළිදැගුම් කරමින් ආයු ප්‍රමාණය ගෙවා එයින් චුතව දෙව්ලොව උපන්හ. එක් බුද්ධාන්තරයක් දෙව්ලොව විසූ ඔවුහු මේ බුද්ධෝත්පාද කාලයේ භාර්යාව එයින් චුතව අවුත් රජගහ නුවර සිටුහුගේ දුවණියවී උපන්නාය. ඒ කුමරිය කුමාරිකා කාලයේදීම සෝවාන්ඵලයට පැමිණියාය. සත්‍යය අවබෝධ නොකළවුන්ගේ ප්‍රතිසන්ධිය අනියත හෙයින් සැමියා චුතව අවුත් වැදිපවුලක උපන්නේය. ඔහු දුටු මොහොතේම සිටුදුව කෙරෙහි පූර්ව ස්නේහය නැගී ආවේය. ඒ නිසා මෙසේත් කියා ඇත:

“පුබ‍්බෙව සන‍්නිවාසෙන, පච‍්චුප‍්පන‍්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප‍්පලංව යථොදකෙ”ති. (ජා· 1.2.174);

පෙර එක්ව විසුමේ පුරුද්දෙන් මේ දිවියෙද ප්‍රේමය හටගනී විලෙහි උපුල් පිපෙන විලසින්

සා පුබ‍්බසිනෙහෙනෙව නෙසාදකුලං අගමාසි. පුත‍්තාපිස‍්සා දෙවලොකා චවිත්‍වා තස‍්සා එව කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හිංසු, සුණිසායොපිස‍්සා තත්‍ථ තත්‍ථ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා තෙසංයෙව ගෙහං අගමංසු. එවං තෙ සබ‍්බෙපි තදා චෙතියං පටිජග‍්ගිත්‍වා තස‍්ස කම‍්මස‍්සානුභාවෙන සොතාපත‍්තිඵලං පත‍්තාති.

ඈද පෙර ස්නේහය අනුවම වැදිකුලයට ගියාය. ඔවුන්ගේද පුත්‍රයෝද දෙව්ලොවින් චුතව අවුත් ඇගේ කුස පිළිසිඳගත්තාහුය. යෙහෙළියෝද ඒ ඒ තැන්වල ඉපදී වැඩිවියට පැමිණ ඔවුන්ගේ ගෙවල්වලටම ආවාහ. මෙසේ ඒ සියලු දෙනාම චෛත්‍යය පිළිසකරකරමින් ඒ පින්කමේ ආනුභාවයෙන් සෝවාන්ඵලයට පත්වූහ.

කුක‍්කුටමිත‍්තනෙසාදවත්‍ථු අට‍්ඨමං.

අටවන කුක්කටමිත්ත වැද්දාගේ වස්තුවයි.