8. මහාධනවාණිජවත්‍ථු අට‍්ඨකථා
8. මහාධනවාණිජවත්‍ථු
8. මහදන වෙළඳාගේ වස්තුව
වාණිජොවාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාධනවාණිජං ආරබ‍්භ කථෙසි.
වාණිජොව යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේදී මහත්ධන වෙළඳා අරභයා දේශනා කරනලදි.
තස‍්ස කිර වාණිජස‍්ස ගෙහෙ පඤ‍්චසතා චොරා ඔතාරං ගවෙසමානා ඔතාරං න ලභිංසු. අපරෙන සමයෙන වාණිජො පඤ‍්ච සකටසතානි භණ‍්ඩස‍්ස පූරෙත්‍වා භික‍්ඛූනං ආරොචාපෙසි – “අහං අසුකට‍්ඨානං නාම වාණිජ‍්ජත්‍ථාය ගච‍්ඡාමි, යෙ, අය්‍යා, තං ඨානං ගන‍්තුකාමා, තෙ නික‍්ඛමන‍්තු, මග‍්ගෙ භික‍්ඛාය න කිලමිස‍්සන‍්තී”ති. තං සුත්‍වා පඤ‍්චසතා භික‍්ඛූ තෙන සද‍්ධිං මග‍්ගං පටිපජ‍්ජිංසු. තෙපි චොරා “සො කිර වාණිජො නික‍්ඛන‍්තො”ති ගන‍්ත්‍වා අටවියං අට‍්ඨංසු. වාණිජොපි ගන‍්ත්‍වා අටවිමුඛෙ එකස‍්මිං ගාමෙ වාසං කත්‍වා ද‍්වෙ තයොපි දිවසෙ ගොණසකටාදීනි සංවිදහි, තෙසං පන භික‍්ඛූනං නිබද‍්ධං භික‍්ඛං දෙතියෙව. චොරා තස‍්මිං අතිචිරායන‍්තෙ “ගච‍්ඡ, තස‍්ස නික‍්ඛමනදිවසං ඤත්‍වා එහී”ති එකං පුරිසං පහිණිංසු. සො තං ගාමං ගන‍්ත්‍වා එකං සහායකං පුච‍්ඡි – “කදා වාණිජො නික‍්ඛමිස‍්සතී”ති. සො “ද‍්වීහතීහච‍්චයෙනා”ති වත්‍වා “කිමත්‍ථං පන පුච‍්ඡසී”ති ආහ. අථස‍්ස සො “මයං පඤ‍්චසතා චොරා එතස‍්සත්‍ථාය අටවියං ඨිතා”ති ආචික‍්ඛි. ඉතරො “තෙන හි ගච‍්ඡ, සීඝං නික‍්ඛමිස‍්සතී”ති තං උය්‍යොජෙත්‍වා, “කිං නු ඛො චොරෙ වාරෙමි, උදාහු වාණිජ”න‍්ති චින‍්තෙත්‍වා, “කිං මෙ චොරෙහි, වාණිජං නිස‍්සාය පඤ‍්චසතා භික‍්ඛූ ජීවන‍්ති, වාණිජස‍්ස සඤ‍්ඤං දස‍්සාමී”ති සො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කදා ගමිස‍්සථා”ති පුච‍්ඡිත්‍වා “තතියදිවසෙ”ති වුත‍්තෙ මය‍්හං වචනං කරොථ, අටවියං කිර තුම‍්හාකං අත්‍ථාය පඤ‍්චසතා චොරා ඨිතා, මා තාව ගමිත්‍ථාති.
පන්සීයක් සොරු වෙළෙන්දාගේ ගෙදර බිඳීමට අවකාශයක් බලමන් සිටියත් එබඳු අවකාශ වේලාවක් නොලැබූහ. පසු කලක වෙළෙන්දා ගැල් පන්සීයක බඩු පුරවා භික්‍ෂූන්වහන්සේලාට, ස්වාමීනි මම වෙළඳාමට අසවල් තැනට යමි. ඔබවහන්සේලාත් යනු කැමති නම් පිටත්වෙනු මැනවි. අතරමගදී භික්‍ෂාවෙන් අපහසුවක් නැතැයි කීවේය. ඒ ඇසූ භික්‍ෂූන් පන්සීයක් ඔහු සමග යෑමට පිටත්වූහ. අර සොරුත් ඔහු වෙළඳාම සඳහා පිටත්වූබව අසා එහි ගොස් කැලෑවටවී සිටියහ. වෙළෙන්දාත් ගොස් කැලෑමුවදොර එක් ගමක නවාතැන් ගෙන දෙතුන්දිනක් ගොනුන් හා ගැල්ආදිය සකස්කර ගත්තේය. ඔහු ඒ භික්‍ෂූන්ට නිබඳව භික්‍ෂා දුන්නේය. සොරු එහි කල් ගතවී යන හෙයින් යව, ඔහු ගමෙන් පිටත් වෙන දවස දැනගෙන එවයි එහි යැවූහ. හෙතෙම ඒ ගමට ගොස් එක් එක් සහායකයෙකු අමතා, වෙළෙන්දා පිටත්ව යන්නේ කවදාදැයි ඇසීය. හෙතෙම දෙතුන්දිනකින්යයි කියා, කුමක් සඳහා එසේ අසන්නේදැයි ඇසීය. ඉන්පසු ඔහු, අපි පන්සීයක් සොරු මේ කරුණ නිසා කැලෑවේ සිටින්නෙමුයයි කීවේය. අනිකා එසේ නම් යව, ඉක්මනින් පිටත් වන්නෙමුයයි ඔහු යවා කිම සොරුන් වළක්වන්නෙම්ද, නැතහොත් වෙළෙන්දාදැයි සිතා සොරුන්ගෙන් මට වැඩක් නැත. වෙළෙන්දා නිසා පන්සීයක් භික්‍ෂූහු ජිවත් වෙති. වෙළෙන්දාට සංඥාවක් දෙන්නෙමියි හෙතෙම එහි ගොස් පිටත්වන්නේ කවදාදැයි අසා තුන්වෙනි දිනයේයයි කීකල්හි, මගේ වචනය අසව, කැලෑවෙහි තොප එනතුරු පන්සීයක් සොරු බලාගෙන සිටිති. දැන්මම නොයවයි කීය.
ත්‍වං කථං ජානාසීති? තෙසං අන‍්තරෙ මම සහායො අත්‍ථි, තස‍්ස මෙ කථාය ඤාතන‍්ති. “තෙන හි ‘කිං මෙ එත‍්තො ගතෙනා’ති නිවත‍්තිත්‍වා ගෙහමෙව ගමිස‍්සාමී”ති ආහ. තස‍්මිං චිරායන‍්තෙ පුන තෙහි චොරෙහි පෙසිතො පුරිසො ආගන‍්ත්‍වා තං සහායකං පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා “නිවත‍්තිත්‍වා ගෙහමෙව කිර ගමිස‍්සතී”ති ගන‍්ත්‍වා චොරානං ආරොචෙසි. තං සුත්‍වා චොරා තතො නික‍්ඛමිත්‍වා ඉතරස‍්මිං මග‍්ගෙ අට‍්ඨංසු, තස‍්මිං චිරයන‍්තෙ පුනපි තෙ චොරා තස‍්ස සන‍්තිකං පුරිසං පෙසෙසුං. සො තෙසං තත්‍ථ ඨිතභාවං ඤත්‍වා පුන වාණිජස‍්ස ආරොචෙසි. වාණිජො “ඉධාපි මෙ වෙකල‍්ලං නත්‍ථි, එවං සන‍්තෙ නෙව එත‍්තො ගමිස‍්සාමි, න ඉතො, ඉධෙව භවිස‍්සාමී”ති භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා ආහ – “භන‍්තෙ, චොරා කිර මං විලුම‍්පිතුකාමා මග‍්ගෙ ඨිතා, ‘පුන නිවත‍්තිස‍්සතී’ති සුත්‍වා ඉතරස‍්මිං මග‍්ගෙ ඨිතා, අහං එත‍්තො වා ඉතො වා අගන‍්ත්‍වා ථොකං ඉධෙව භවිස‍්සාමි, භදන‍්තා ඉධෙව වසිතුකාමා වසන‍්තු, ගන‍්තුකාමා අත‍්තනො රුචිං කරොන‍්තූ”ති.
ඔබ එය දැනගත්තේ කෙසේද? ඔවුන් අතර මගේ යහළුවෙක් ඇත. ඔහුගේ කථාවෙන් මම එය දැන ගතිමි. එසේනම් මෙහෙන් යාමෙන් වැඩක් නැතැයිද, නැවතී ගෙදරම යන්නෙමියි කීවේය. ඔවුන් කල් යවන හෙයින් නැවත ඒ සොරුන් විසින් යවන ලද පුරුෂයා එහි ගොස් ඒ යහළුවාගෙන් අසා එපුවත දැන නැවත ගෙදරම යනබව දැන ගොස් සොරුනට දන්වා සිටියේය. ඒ ඇසූ සොරු එතැනින්ම නික්මී ගොස් වෙනත් මාර්ගයක සිටියාහුය. එහිද කල්යවන හෙයින් නැවතත් සහායකයා සොයා ගියහ. හෙතෙම ඔවුන් එහි සිටිබව දැන වෙළෙන්දාට නැවත දන්වා සිටියේය. වෙළෙන්දා මෙතැනත් මට අඩුවක් නැත. එනිසා මෙතැනිනුත් නොයමියි, මෙතැන් පටන් මෙහිම වසමියි සිතා භික්‍ෂූන් ළඟට ගොස්, ස්වාමීනි, සොරු මා කොල්ලකන අටියෙන් මාර්ගයෙහි රැක සිට, නැවත මා නවතින බව දැන මේ මාර්ගයෙහිත් රැක සිටිති. මම එහෙ මෙහෙ නොයා ටික කලක් මෙහිම වසමි. ඔබ වහන්සේලාත් මෙහිම වසනු කැමැත්තාහු නම් එසේ කරනු මැනවි. රුචියක් නොවන අය වඩිනු මැනවැයි දන්වා සිටියේය.
භික‍්ඛූ “එවං සන‍්තෙ මයං නිවත‍්තිස‍්සාමා”ති වාණිජං ආපුච‍්ඡිත්‍වා පුනදෙව සාවත්‍ථිං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා “කිං, භික‍්ඛවෙ, මහාධනවාණිජෙන සද‍්ධිං න ගමිත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ, මහාධනවාණිජස‍්ස විලුම‍්පනත්‍ථාය ද‍්වීසුපි මග‍්ගෙසු චොරා පරියුට‍්ඨිංසු, තෙන සො තත්‍ථෙව ඨිතො, මයං පන තං ආපුච‍්ඡිත්‍වා ආගතා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, මහාධනවාණිජො චොරානං අත්‍ථිතාය මග‍්ගං පරිවජ‍්ජති, ජීවිතුකාමො විය පුරිසො හලාහලං විසං පරිවජ‍්ජෙති, භික‍්ඛුනාපි ‘තයො භවා චොරෙහි පරියුට‍්ඨිතමග‍්ගසදිසා’ති ඤත්‍වා පාපං පරිවජ‍්ජෙතුං වට‍්ටතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –
භික්‍ෂූහු මෙසේ ඇති කල අප නොනවතින්නෙමුයයි වෙළෙන්දාට දන්වා දෙවෙනි දවසේම සැවතට ගොස් බුදුන් වැඳ සිටියාහුය. බුදුරජාණන්වහන්සේ කිම මහණෙනි මහාධන වෙළඳා සමග නොගියාහුදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, මහධන වෙළඳා කොල්ලකෑම පිණිස පාරවල් දෙකකම සොරු රැක සිටිත්. එහෙයින් ඔහු එහිම නැවතුණේය. ඒ නිසා අපි ආවෙමුයයි කීහ. මහණෙනි, මහත්ධන වෙළඳා සොරුන් ඇතිනිසා මාර්ගය අත්හැරියේය. ජීවත්වනු කැමති මිනිසා හලාහල විෂය හැරදමයි. භික්ෂූන් විසන්ද ත්‍රිවිධ භවයන් සොරුන් රැකගෙන සිටින මගක් මෙන් සලකා පාපය හැර දැමීම කළ යුතුයය වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍රකාශ කළහ:
“වාණිජොව භයං මග‍්ගං, අප‍්පසත්‍ථො මහද‍්ධනො; විසං ජීවිතුකාමොව, පාපානි පරිවජ‍්ජයෙ”ති.
සොරු ඇති මග ඉවත ලන රැකවරණය නැති වෙළඳෙකු මෙන් දිවිය නිසා විෂ හරිනු සේ සියලු පව්කම් හැරදමනු යෙහෙකි
තත්‍ථ භයන‍්ති භායිතබ‍්බං, චොරෙහි පරියුට‍්ඨිතත‍්තා සප‍්පටිභයන‍්ති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යථා මහාධනවාණිජො අප‍්පසත්‍ථො සප‍්පටිභයං මග‍්ගං, යථා ච ජීවිතුකාමො හලාහලං විසං පරිවජ‍්ජෙති, එවං පණ‍්ඩිතො භික‍්ඛු අප‍්පමත‍්තකානිපි පාපානි පරිවජ‍්ජෙය්‍යාති.
එහ භයං යනු බියවියයුතු, සොරුන් රැකසිටින නිසා පැමිණිය හැකි බියක් යන අර්ථයි. මෙයම මෙසේත් කියා ඇත. මහධන වෙළඳා රැකවරණයක් නැති නිසා භය සහිත මග හැරදැමුවාක් මෙන්, දිවි රැකගැනීමේ අදහසින් හලාහල විෂය හැර දමන්නාක්මෙන් නුවණැති භික්‍ෂුව ස්වල්පමාත්‍රවූ පාපයත් හැරදැමිය යුත්තේය.
දෙසනාවසානෙ තෙ භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු, සම‍්පත‍්තමහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.
දේශනා කෙළවර ඒ භික්‍ෂූහු ප්‍රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටද එම දේශනාව ප්‍රයෝජනවත්විය.
මහාධනවාණිජවත්‍ථු සත‍්තමං.
හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.