යෙදුමෙන් කියවන්න

7. බිළාලපාදකසෙට‍්ඨිවත්‍ථු අට‍්ඨකථා

7. බිළාලපාදකසෙට‍්ඨිවත්‍ථු

7. බිළාලපාදක සිටුහුගේ වස්තුව

මාවමඤ‍්ඤෙථ පුඤ‍්ඤස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො බිළාලපාදකසෙට‍්ඨිං ආරබ‍්භ කථෙසි.

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි, ඛිළාලපාදක නම් සිටුවරයා උදෙසා දේශනා කරන ලදි.

එකස‍්මිඤ‍්හි සමයෙ සාවත්‍ථිවාසිනො වග‍්ගබන්‍ධනෙන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දෙන‍්ති. අථෙකදිවසං සත්‍ථා අනුමොදනං කරොන‍්තො එවමාහ –

එක් කාලයක සැවැත්නුවර වාසී මිනිස්සු කොටස් වශයෙන් බෙදාගෙන බුදුන් ප්‍රමුඛ මහාසංඝයාට දන් දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ අනුමෝදනා බණ කියමින්,

“උපාසකා ඉධෙකච‍්චො අත‍්තනාව දානං දෙති, පරං න සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ භොගසම‍්පදං ලභති, නො පරිවාරසම‍්පදං. එකච‍්චො අත‍්තනා දානං න දෙති, පරං සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ පරිවාරසම‍්පදං ලභති, නො භොගසම‍්පදං. එකච‍්චො අත‍්තනා ච න දෙති, පරඤ‍්ච න සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ නෙව භොගසම‍්පදං ලභති, න පරිවාරසම‍්පදං, විඝාසාදො හුත්‍වා විචරති. එකච‍්චො අත‍්තනා ච දෙති, පරඤ‍්ච සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ භොගසම‍්පදඤ‍්චෙව ලභති, පරිවාරසම‍්පදඤ‍්චා”ති.

උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු තමන් තනියම දන් දෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරනොගනිති. ඔහු උපනුපන් තැන්වලදී භොගසම්පත් ලබයි. පරිවාර සම්පත් නොලබයි. සමහරු තමන් දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවයි. ඔහු උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තව එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. ඔහු උපනුපන් තැන්වල භෝග හා පිරිවර සම්පතත් යන දෙකම නොලබයි. තවත් පුද්ගලයෙක් තමනුත් දන් දෙනගමන් අනුනුත් සම්මාදන් කරගනී. ඔහු උපනුපන් තැන්වලදී භෝගසම්පතත්, පරිවාරසම්පතත් යන දෙකම ලබයි.

අථෙකො පණ‍්ඩිතපුරිසො තං ධම‍්මදෙසනං සුත්‍වා “අහො අච‍්ඡරියමිදං කාරණං, අහං දානි උභයසම‍්පත‍්තිසංවත‍්තනිකං කම‍්මං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං උට‍්ඨාය ගමනකාලෙ ආහ – “භන‍්තෙ, ස‍්වෙ අම‍්හාකං භික‍්ඛං ගණ‍්හථා”ති. කිත‍්තකෙහි පන තෙ භික‍්ඛූහි අත්‍ථොති? සබ‍්බභික‍්ඛූහි, භන‍්තෙති. සත්‍ථා අධිවාසෙසි. සොපි ගාමං පවිසිත්‍වා, “අම‍්මතාතා, මයා ස‍්වාතනාය බුද‍්ධප‍්පමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො, යො යත‍්තකානං භික‍්ඛූනං සක‍්කොති, සො තත‍්තකානං යාගුආදීනං අත්‍ථාය තණ‍්ඩුලාදීනි දෙතු, එකස‍්මිං ඨානෙ පචාපෙත්‍වා දානං දස‍්සාමා”ති උග‍්ඝොසෙන‍්තො විචරි.

එක් නුවණැති පුද්ගලයෙක් ඒ ධර්මදේශනාව අසා අහෝ, එය අසිරිමත් කරුණකි. මම දැන් උභයසම්පත් ලබාදෙන ක්‍රියාවක් කරන්නෙමියි සිතා බුදුන් නැගිට යන වේලාවෙහි ස්වාමීනි, හෙට දිනයේ අපෙන් භික්‍ෂාව ගනු මැනවැයි ආරාධනා කෙළේය. උපාසකය ඔබට කෙතරම් භික්‍ෂූන් අවශ්‍යද? ස්වාමීනි, සිටින සියලුම භික්‍ෂූන්වහන්සේලා අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ. හෙතෙම ගමට ගොස් මෑණිවරුන, පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, මම හෙට දානය පිණිස බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කෙළෙමි. යමෙකුට යම් පමණ භික්‍ෂූන්ට දිය හැකිනම් එතෙක් භික්‍ෂූන්ට කැඳ ආදිය සඳහා අවශ්‍ය සහල් ආදිය දෙන්න. එක්තැනකදී උයා දෙන්නෙමු යයි උද්ඝෝෂණය කරමින් ගම වටා ඇවිදියි.

අථ නං එකො සෙට‍්ඨි අත‍්තනො ආපණද‍්වාරං සම‍්පත‍්තං දිස‍්වා “අයං අත‍්තනො පහොනකෙ භික‍්ඛූ අනිමන‍්තෙත්‍වා පන සකලගාමං සමාදපෙන‍්තො විචරතී”ති කුජ‍්ඣිත්‍වා “තයා ගහිතභාජනං ආහරා”ති තීහි අඞ‍්ගුලීහි ගහෙත්‍වා ථොකෙ තණ‍්ඩුලෙ අදාසි, තථා මුග‍්ගෙ, තථා මාසෙති. සො තතො පට‍්ඨාය බිළාලපාදකසෙට‍්ඨි නාම ජාතො, සප‍්පිඵාණිතාදීනි දෙන‍්තොපි කරණ‍්ඩං කුටෙ පක‍්ඛිපිත්‍වා එකතො කොණං කත්‍වා බින්‍දුං බින්‍දුං පග‍්ඝරායන‍්තො ථොකථොකමෙව අදාසි. උපාසකො අවසෙසෙහි දින‍්නං එකතො කත්‍වා ඉමිනා දින‍්නං විසුංයෙව අග‍්ගහෙසි. සො සෙට‍්ඨි තස‍්ස කිරියං දිස‍්වා “කිං නු ඛො එස මයා දින‍්නං විසුං ගණ‍්හාතී”ති චින‍්තෙත්‍වා තස‍්ස පච‍්ඡතො පච‍්ඡතො එකං චූළුපට‍්ඨාකං පහිණි “ගච‍්ඡ, යං එස කරොති, තං ජානාහී”ති. සො ගන‍්ත්‍වා “සෙට‍්ඨිස‍්ස මහප‍්ඵලං හොතූ”ති යාගුභත‍්තපූවානං අත්‍ථාය එකං ද‍්වෙ තණ‍්ඩුලෙ පක‍්ඛිපිත්‍වා මුග‍්ගමාසෙපි තෙලඵාණිතාදිබින්‍දූනිපි සබ‍්බභාජනෙසු පක‍්ඛිපි. චූළුපට‍්ඨාකො ගන‍්ත්‍වා සෙට‍්ඨිස‍්ස ආරොචෙසි.

පසුව එක් සිටුවරයෙක් තමන්ගේ වෙළෙඳසැල වෙත පැමිණි ඒ පුද්ගලයා, දැක, මොහු තමන්ට දියහැකි තරමින් භික්‍ෂූන්ට ආරාධනා නොකොට ගමපුරා සම්මාදමේ යයි කෝපවී ඔබ ගෙනා භාජනය ගෙනෙන්නැයි කියා ඇඟිලි තුනට අසුවන ප්‍රමාණයක් සහල් මුං මෑ ආදියෙන් දුන්නේය. ඔහු එතැන් පටන් බිළාල පාදක (බළල්කකුල්) සිටු නමින් ප්‍රකට විය. ගිතෙල්, පැණි ආදියෙන් දුන්නේ කළයට කරඬියේ කොණක් ඔබා එක් කොණකින් බිංදුව බැගින් වැගිරෙන ප්‍රමාණයකි. උපාසක තෙම, අනිත් අය දුන් දේවල් එක්වකොට පිසවා, සිටුවරයා දුන් දේවල් වෙනවෙනම පිසවා වෙනම තැබුවේය. සිටුවරයා ඒ දැක, මොහු මා දුන් දේවල් වෙන් කොට තබයි. මෙසේ සිතා ඊළඟට කරන්නේ කුමක්දැයි බලන ලෙස ඔහුගේ පිටුපසින් සුළුසේවකයෙක් යැවීය. ඔහු දන් පිළිගන්වද්දී සිටුවරයාට මහත්ඵල වේවායි කැඳබත් කැවිලිද මුං මෑ ආදියද තෙල් පැණි බිංදුද සියලු භාජනවලට දැම්මේය. සුළුසේවකයා ගොස් ඒ බව සිටුවරයාට දැන්වීය.

තං සුත්‍වා සෙට‍්ඨි චින‍්තෙසි – “සචෙ මෙ සො පරිසමජ‍්ඣෙ අවණ‍්ණං භාසිස‍්සති, මම නාමෙ ගහිතමත‍්තෙයෙව නං පහරිත්‍වා මාරෙස‍්සාමී”ති නිවාසනන‍්තරෙ ඡුරිකං බන්‍ධිත්‍වා පුනදිවසෙ ගන‍්ත්‍වා භත‍්තග‍්ගෙ අට‍්ඨාසි. සො පුරිසො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා භගවන‍්තං ආහ – “භන‍්තෙ, මයා මහාජනං සමාදපෙත්‍වා ඉමං දානං දින‍්නං, තත්‍ථ සමාදපිතමනුස‍්සා අත‍්තනො අත‍්තනො බලෙන බහූනිපි ථොකානිපි තණ‍්ඩුලාදීනි අදංසු, තෙසං සබ‍්බෙසං මහප‍්ඵලං හොතූ”ති. තං සුත්‍වා සො සෙට‍්ඨි චින‍්තෙසි – “අහං ‘අසුකෙන නාම අච‍්ඡරාය ගණ‍්හිත්‍වා තණ‍්ඩුලාදීනි දින‍්නානීති මම නාමෙ ගහිතමත‍්තෙ ඉමං මාරෙස‍්සාමී’ති ආගතො, අයං පන සබ‍්බසඞ‍්ගාහිකං කත්‍වා ‘යෙහිපි නාළිආදීහි මිනිත්‍වා දින‍්නං, යෙහිපි අච‍්ඡරාය ගහෙත්‍වා දින‍්නං, සබ‍්බෙසං මහප‍්ඵලං හොතූ’ති වදති. සචාහං එවරූපං න ඛමාපෙස‍්සාමි, දෙවදණ‍්ඩො මම මත්‍ථකෙ පතිස‍්සතී”ති. සො තස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “ඛමාහි මෙ, සාමී”ති ආහ. “කිං ඉද”න‍්ති ච තෙන වුත‍්තෙ සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. තං කිරියං දිස‍්වා සත්‍ථා “කිං ඉද”න‍්ති දානවෙය්‍යාවටිකං පුච‍්ඡි. සො අතීතදිවසතො පට‍්ඨාය සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. අථ නං සත්‍ථා “එවං කිර සෙට‍්ඨී”ති පුච‍්ඡිත්‍වා, “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ, “උපාසක, පුඤ‍්ඤං නාම ‘අප‍්පක’න‍්ති න අවමඤ‍්ඤිතබ‍්බං, මාදිසස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා ‘අප‍්පක’න‍්ති න අවමඤ‍්ඤිතබ‍්බං. පණ‍්ඩිතමනුස‍්සා හි පුඤ‍්ඤං කරොන‍්තා විවටභාජනං විය උදකෙන අනුක‍්කමෙන පුඤ‍්ඤෙන පූරන‍්තියෙවා”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඒ ඇසූ සිටුවරයා, යම්හෙයකින් ඔහු පිරිස මැද නුගුණ කියා මගේ නම කීවොත්, ඒ වෙලාවේම ගසා මොහු මරන්නෙමියි කලවෙහි පිහියක් බැඳ ඊළඟ දිනයේ ගොස් දානශාලාවෙහි සිටියේය. ඒ පුරුෂයා බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයා වළඳවා භාග්‍යවතුන්වහන්සේට, ස්වාමීනි, මම මහාජනයාත් හවුල් කරගෙන මේ දානය දුන්නෙමි. ඒ සඳහා සම්මාදන් වුණු මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් බොහෝවූත් ස්වල්පමාත්‍ර වශයෙනුත් සහල් ආදිය දුන්හ. ඒ සියලු දෙනාටම මේ පින මහත්ඵල වේවායි කීය. ඒ අසා සිටි සිටුවරයා, මම අසවල් පුද්ගලයා විසින් ඇඟිලිවලින්ගෙන සහල් ආදිය දුන්නේයයි මගේ නම කී හැටියේ මොහු මරන්නෙමියි ආවෙමි. මොහු සියලුදෙනාම සංග්‍රහ කළවුන් හැටියට සලකා නැලි ආදියෙන් මැන දුන් අයටත් ඇඟිලිතුඩුවලින් ගෙන දුන් අයටත් පින සමසේ මහත්ඵල වේවායි කියයි. ඉදින් මම මෙබඳු පුද්ගලයා සමාකරවා නොගත්තොත් දේවදඬුවම මා හිසමත වැටෙන්නේයයි සිටුවරයා ඔහුගේ පාමුල වැඳවැටී ස්වාමීනි, මට සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කුමක්දැයි ඔහු ඇසූ කල්හි සියලු ප්‍රවෘත්තිය දන්වා සිටියේය. ඒ ක්‍රියාව දුටු ශාස්තෘන්වහන්සේ මේ කිමෙක්දැයි දානයට ව්‍යාවෘතවුණු අයගෙන් විචාළහ. හෙතෙම මුල පටන් ඒ පුවත දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, සිටුවරය, එසේදැයි අසා, එසේය ස්වාමීනියි කීකල්හි, උපාසකය පිනනම් අල්පයයි නිග්‍රහ කළයුතු නැත. මාවැනි බුදුකෙනෙකුන්ට, බුද්ධප්‍රමුඛ සංඝයාට හෝ දන්දී අල්පයයි නොසිතිය යුතුය. නුවණැති මිනිස්සු පින් කරන විට විවෘත භාජනයක් මත ජලබින්දු වැටී පිරෙන්නාක් මෙන් පින්ද සම්පූර්ණ වන්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“මාවමඤ‍්ඤෙථ පුඤ‍්ඤස‍්ස, න මන්‍දං ආගමිස‍්සති; උදබින්‍දුනිපාතෙන, උදකුම‍්භොපි පූරති; ධීරො පූරති පුඤ‍්ඤස‍්ස, ථොකං ථොකම‍්පි ආචින”න‍්ති.

එය කුඩා කුසලකි එයිනුදු පල ලැබේමැයි යනුවෙන් සිතාගෙන සුළුවුවද පින් කළයුතු බිඳුව බැගින් වැගිරෙන ජලය කළයක් පුරවයි

තස‍්සත්‍ථො – පණ‍්ඩිතමනුස‍්සො පුඤ‍්ඤං කත්‍වා “අප‍්පකමත‍්තං මයා කතං, න මන්‍දං විපාකවසෙන ආගමිස‍්සති, එවං පරිත‍්තකං කම‍්මං කහං මං දක‍්ඛිස‍්සති, අහං වා තං කහං දක‍්ඛිස‍්සාමි, කදා එතං විපච‍්චිස‍්සතී”ති එවං පුඤ‍්ඤං මාවමඤ‍්ඤෙථ න අවජානෙය්‍ය. යථා හි නිරන‍්තරං උදබින්‍දුනිපාතෙන විවරිත්‍වා ඨපිතං කුලාලභාජනං පූරති, එවං ධීරො පණ‍්ඩිතපුරිසො ථොකං ථොකම‍්පි පුඤ‍්ඤං ආචිනන‍්තො පුඤ‍්ඤස‍්ස පූරතීති.

එහි අර්ථය නම්, නුවණැති මනුෂ්‍යයෝ මම කුඩා පින්කමක් කෙළෙමි. එහි විපාක වශයෙන් මට කිසිවක් නොලැබේ. මෙබඳු කුඩා කර්මයක් කෙසේ නම් මා දකියිද, මම හෝ එය කොහිදී දකින්නද, කවදා නම් එබඳු පිනක් විපාක දෙන්නේදැයි අවමානය ලක් නොකරයි. නිරන්තරයෙන් දියබිඳු වැටීමෙන් විවෘතකොට තබන ලද කළගෙඩි වැනි භාජන ජලයෙන් පිරෙන්නාක් මෙනි. මෙසේ ධෛර්ය සම්පන්න නුවණැති පුරුෂයා ටිකටික පින් රැස්කරමින් විශාල පිනක් ලබාගනියි.

දෙසනාවසානෙ සො සෙට‍්ඨි සොතාපත‍්තිඵලං පාපුණි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනා කෙළවර ඒ සිටුවරයා සෝවාන්ඵලයට පැමිණියේය. සපැමිණි පිරිසට එම දේශනාව ප්‍රයෝජනවත් විය.

බිළාලපාදකසෙට‍්ඨිවත්‍ථු ඡට‍්ඨං.

සවන බිළාලපාදක සිටුහුගේ වස්තුවයි.