6. අසඤ්ඤතපරික්ඛාරභික්ඛුවත්ථු අට්ඨකථා
6. අසඤ්ඤතපරික්ඛාරභික්ඛුවත්ථු
6. අසංයත ලෙස පිරිකර පරිහරණය කළ භික්ෂුවගේ වස්තුව
මාවමඤ්ඤෙථ පාපස්සාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අසඤ්ඤතපරික්ඛාරං භික්ඛුං ආරබ්භ කථෙසි.
මාප්පමඤ්ඤෙථ පාපස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අසංයතව පිරිකර පාවිච්චිකරන එක් භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කරනලදි.
සො කිර යං කිඤ්චි මඤ්චපීඨාදිභෙදං පරික්ඛාරං බහි පරිභුඤ්ජිත්වා තත්ථෙව ඡඩ්ඩෙති. පරික්ඛාරො වස්සෙනපි ආතපෙනපි උපචිකාදීහිපි විනස්සති. සො භික්ඛූහි “නනු, ආවුසො, පරික්ඛාරො නාම පටිසාමිතබ්බො”ති වුත්තෙ “අප්පකං මයා කතං, ආවුසො, එතං, න එතස්ස චිත්තං අත්ථි, න පිත්ත”න්ති වත්වා තථෙව කරොති. භික්ඛූ තස්ස කිරියං සත්ථු ආරොචෙසුං. සත්ථා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං භික්ඛු එවං කරොසී”ති පුච්ඡි. සො සත්ථාරා පුච්ඡිතොපි “කිං එතං භගවා අප්පකං මයා කතං, න තස්ස චිත්තං අත්ථි, නාස්ස පිත්ත”න්ති තථෙව අවමඤ්ඤන්තො ආහ.
ඒ භික්ෂුව ආරාමයෙහි ඇති ඇඳන්පුටු ඇතිරිලි ආදි පිරිකර එළියට ගෙනවුත් ඒවා පරිහරණය කොට එහිම දමා එයි. ඒවා වැස්සට තෙමෙමින් අව්වට වියළෙමින් වේයන් මීයන් ආදීන් විසින් කනු ලබමින් විනාශවෙයි. හෙතෙම, සෙසු භික්ෂූන් විසින්, ඇවැත්නි මේ පිරිකර පරෙස්සම් කළයුතු නොවේදැයි කීකල්හි, ඇවැත්නි මම සුළුදෙයක් පමණක් ගතිමි. ඒවාට සිත්පිත් නැතැයි කියමින් නැවත නැවතත් එසේම කරයි. භික්ෂූහු ඔහුගේ ඒ ක්‍රියාව බුදුන්ට දැන්වූහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂුව කැඳවා මෙය සැබෑදැයි ඇසූහ. ඔහු බුදුන් එසේ ඇසුවත්, මේ කුඩා වරද ගැන බුදුරදුන් මෙසේ අසන්නේ ඇයි? මේවා සිත්පිත් නැති ද්‍රව්‍යයයි කියා අවමානයෙන් ඇසීය.
අථ නං සත්ථා “භික්ඛූහි එවං කාතුං න වට්ටති, පාපකම්මං නාම ‘අප්පක’න්ති න අවමඤ්ඤිතබ්බං. අජ්ඣොකාසෙ ඨපිතඤ්හි විවටමුඛං භාජනං දෙවෙ වස්සන්තෙ කිඤ්චාපි එකබින්දුනා න පූරති, පුනප්පුනං වස්සන්තෙ පන පූරතෙව, එවමෙවං පාපං කරොන්තො පුග්ගලො අනුපුබ්බෙන මහන්තං පාපරාසිං කරොතී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, මහණ, භික්ෂූන් විසින් මෙසේ නොකළ යුතුය. පව්කම කුඩායයි ගණන් නොගෙන සිටියයුතු නොවෙයි. ඉඩ ඇති තැනක උඩුකුරුව තැබූ කළය වැසි වසින විට එක බින්දුවකින් නොපිරුණත් නැවත නැවතත් වැසි වසිනවිට පිරෙන්නේමය. මේ ලෙසින් පව්කරන පුද්ගලයා ක්‍රමයෙන් පව් රැසක් කරගන්නේයයි වදාරා අනුසන්ධි ගළපා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:
“මාවමඤ්ඤෙථ පාපස්ස, න මන්දං ආගමිස්සති; උදබින්දුනිපාතෙන, උදකුම්භොපි පූරති; බාලො පූරති පාපස්ස, ථොකං ථොකම්පි ආචින”න්ති.
එය කුඩා වරදකි පලයක් එයින් නොලැබේ යනුවෙන් සිතාගෙන සුළු වරදවුව නොකරනු බිංදුව බැගින් වැගිරෙන ජලය කළයක් පුරවයි
තත්ථ මාවමඤ්ඤෙථාති න අවජානෙය්‍ය. පාපස්සාති පාපං. න මන්දං ආගමිස්සතීති “අප්පමත්තකං මෙ පාපකං කතං, කදා එතං විපච්චිස්සතී”ති එවං පාපං නාවජානෙය්යාති අත්ථො. උදකුම්භොපීති දෙවෙ වස්සන්තෙ මුඛං විවරිත්වා ඨපිතං යං කිඤ්චි කුලාලභාජනං යථා තං එකෙකස්සාපි උදකබින්දුනො නිපාතෙන අනුපුබ්බෙන පූරති, එවං බාලපුග්ගලො ථොකං ථොකම්පි පාපං ආචිනන්තො කරොන්තො වඩ්ඪෙන්තො පාපස්ස පූරතියෙවාති අත්ථො.
එහි මාප්පමඤ්ඤෙථ යනු අවමන් නොකළයුතුය. පාපස්ස යනු පාපයයි. න මන්තං ආගමිස්සති යනු මා කෙළේ කුඩා වරදකි. මෙය පැසවා ගොස් කවදා නම් විපාක දෙන්නේදැයි කියමින් අවමන් නොකළයුතුය යන අර්ථයයි. උදකුම්භොපි යනු වැසි වසිනවිට මුව උඩුකුරුව තැබූ කළය වැනි භාජනයකට එක එක දියබිංදුව බැගින් වැටී ක්‍රමයෙන් පිරීයයි. මෙසේ මෝඩ පුද්ගලයා ටිකටික කරන පව් රැස්කරමින් වර්ධනය කරමින් පව් රැසක් පුරවා ගන්නේය යන අර්ථයයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. සත්ථාපි “අජ්ඣොකාසෙ සෙය්යං සන්ථරිත්වා පටිපාකතිකං අකරොන්තො ඉමං නාම ආපත්තිමාපජ්ජතී”ති (පාචි· 108-110) සික්ඛාපදං පඤ්ඤාපෙසීති.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේත්, අභ්‍යවකාශයෙහි නිදාගැනීමට එලූ ඇතිරිල්ල මුලින් තිබූ ආකාරයට එය තැන්පත් නොකොළොත් මෙනම් වරදට හසුවන්නේයයි ශික්ෂාපද පැනවූහ.
අසඤ්ඤතපරික්ඛාරභික්ඛුවත්ථු පඤ්චමං.
පස්වන අසංයත ලෙස පිරිකර පරිහරණය කළ භික්ෂුවගේ වස්තුවයි.