යෙදුමෙන් කියවන්න

4-5. අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිවත්‍ථු අට‍්ඨකථා

4-5. අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිවත්‍ථු

4-5. අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුව

පාපොපි පස‍්සතී භද්‍රන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකං ආරබ‍්භ කථෙසි.

පාපොපි පස්සති භද්‍රං යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරනලදි.

අනාථපිණ‍්ඩිකො හි විහාරමෙව උද‍්දිස‍්ස චතුපණ‍්ණාසකොටිධනං බුද‍්ධසාසනෙ විකිරිත්‍වා සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ දෙවසිකං තීණි මහාඋපට‍්ඨානානි ගච‍්ඡති, ගච‍්ඡන‍්තො ච “කිං නු ඛො ආදාය ආගතොති සාමණෙරා වා දහරා වා හත්‍ථම‍්පි මෙ ඔලොකෙය්‍යු”න‍්ති තුච‍්ඡහත්‍ථො නාම න ගතපුබ‍්බො. පාතොව ගච‍්ඡන‍්තො යාගුං ගාහාපෙත්‍වාව ගච‍්ඡති, කතපාතරාසො සප‍්පිනවනීතාදීනි භෙසජ‍්ජානි. සායන‍්හසමයෙ මාලාගන්‍ධවිලෙපනවත්‍ථාදීනි ගාහාපෙත්‍වා ගච‍්ඡති. එවං නිච‍්චකාලමෙව දිවසෙ දිවසෙ දානං දත්‍වා සීලං රක‍්ඛති.

අනාථපිණ්ඩික සිටුවරයා පනස්හතර කෝටියක් බුද්ධශාසනය උදෙසා වියදම්කොට කරවනලද ජේතවනවිහාරයෙහි බුදුරජාණන්වහන්සේ වැඩවාසය කරන විට දිනපතා උපස්ථාන සඳහා තුන්වරක් යයි. එසේ යනවිට, ළදරු සාමණේරවරු ගෙනාවේ මොනවාදැයි මගේ අත්දෙස බලතියි හිස්අතින් නොයයි. උදේ වරුවේ යන්නේ නම්, කැඳ රැගෙනම යයි. උදේ ආහාර වේලාවෙන් පසු යනවිට ගිතෙල්, වෙඬරු ආදිය රැගෙන යය. සවස් වේලේ යනවිට මල්ගඳවිලවුන්, රෙදි ආදිය රැගෙන යයි. මෙසේ නිරන්තරයෙන්ම දවස්පතා දන්දෙමන් සිල් රකියි.

අපරභාගෙ ධනං පරික‍්ඛයං ගච‍්ඡති. වොහාරූපජීවිනොපිස‍්ස හත්‍ථතො අට‍්ඨාරසකොටිධනං ඉණං ගණ‍්හිංසු, කුලසන‍්තකාපිස‍්ස අට‍්ඨාරසහිරඤ‍්ඤකොටියො, නදීතීරෙ නිදහිත්‍වා ඨපිතා උදකෙන කූලෙ භින‍්නෙ මහාසමුද‍්දං පවිසිංසු. එවමස‍්ස අනුපුබ‍්බෙන ධනං පරික‍්ඛයං අගමාසි. සො එවංභූතොපි සඞ‍්ඝස‍්ස දානං දෙතියෙව, පණීතං පන කත්‍වා දාතුං න සක‍්කොති.

පසුකල් යනවිට ඔහුගේ ධනය අවසන් වූයේය. මෙසේ එදිනෙදා ජීවිතය සඳහා අටළොස්කෝටියක් ණයට ගන්නාලදි. තම පාරම්පරික ධනයෙන් අටළොස්කෝටියක ධන ගංඉවුරේ සැළක බහා නිධන්කොට තිබිණි. ජලයෙන් ඉවුරු සෝදාගෙන යනවිට ධනනිධානද මූදට ගසාගෙන ගියේය. මෙසේ ක්‍රමයෙන් ඔහුගේ ධනය ක්ෂය වී ගියේය. එසේවුවත් ඔහු සංඝදාන දිගටම දෙන්නේමය. එහෙත් ප්‍රණීත ලෙස දීමට අපොහොසත්විය.

සො එකදිවසං සත්‍ථාරා “දීයති පන තෙ, ගහපති, කුලෙ දාන”න‍්ති වුත‍්තෙ “දීයති, භන‍්තෙ, තඤ‍්ච ඛො කණාජකං බිලඞ‍්ගදුතිය”න‍්ති ආහ. අථ නං සත්‍ථා, “ගහපති, ‘ලූඛං දානං දෙමී’ති මා චින‍්තයි. චිත‍්තස‍්මිඤ‍්හි පණීතෙ බුද‍්ධාදීනං දින‍්නදානං ලූඛං නාම නත්‍ථි, අපිච ත්‍වං අට‍්ඨන‍්නං අරියපුග‍්ගලානං දානං දෙසි, අහං පන වෙලාමකාලෙ සකලජම‍්බුදීපං උන‍්නඞ‍්ගලං කත්‍වා මහාදානං පවත‍්තයමානොපි තිසරණගතම‍්පි කඤ‍්චි නාලත්‍ථං, දක‍්ඛිණෙය්‍යා නාම එවං දුල‍්ලභා. තස‍්මා ‘ලූඛං මෙ දාන’න‍්ති මා චින‍්තයී”ති වත්‍වා වෙලාමසුත‍්තමස‍්ස (අ· නි· 9.20) කථෙසි.

දිනක් බුදුරජාණන්වහන්සේ සිටුවරයා අමතා සිටුවරය ඔබේ නිවසේ පෙර සේම දැනුත් දන් දෙන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, දන්දෙමි. එහෙත් ඒ දෙන්නේ නිවුඩුහාලේ බත් කොඩිහොදිත් සමගයයි සිටුවරයා කියා සිටියේය. ගෘහපතිය, ඔබ කටුක ලෙස දන් දෙන්නෙමියි නොසිතව. සිතේ ප්‍රණීතබව ඇත්නම් බුද්ධාදීන්ට දෙන දානයක් කටුක නොවෙයි. එය අෂ්ටාර්යපුද්ගලයන්ට දෙන දානයක් හෙයිනි. ගෘහපතිය, මම වේලාම නම් බමුණෙක්ව සිටි කාලයේ නගරයේ සියලු දෙනා නඟුල් පසෙකින් බැඳ ගොවිතැන් නොකරන කාලයේත් මහදන් දුන්නත් තිසරණගිය කෙනෙක්වත් එකල නොලැබීමි. දක්‍ෂිණාර්හ පුද්ගලයෝ ඉතා දුර්ලභයහ. එනිසා මාදුන් දානය කටුකයයි නොසිතවයි කියා වේලාම සූත්‍රය දේශනා කළසේක.

අථස‍්ස ද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථා දෙවතා සත්‍ථරි චෙව සත්‍ථුසාවකෙසු ච ගෙහං පවිසන‍්තෙසු තෙසං තෙජෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී, “යථා ඉමෙ ඉමං ගෙහං න පවිසන‍්ති, තථා ගහපතිං පරිභින්‍දිස‍්සාමී”ති තං වත‍්තුකාමාපි ඉස‍්සරකාලෙ කිඤ‍්චි වත‍්තුං නාසක‍්ඛි, ඉදානි “පනායං දුග‍්ගතො ගණ‍්හිස‍්සති මෙ වචන”න‍්ති රත‍්තිභාගෙ සෙට‍්ඨිස‍්ස සිරිගබ‍්භං පවිසිත්‍වා ආකාසෙ අට‍්ඨාසි. අථ සෙට‍්ඨි නං දිස‍්වා “කො එසො”ති ආහ. අහං තෙ මහාසෙට‍්ඨි චතුත්‍ථද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථා දෙවතා, තුය‍්හං ඔවාදදානත්‍ථාය ආගතාති. තෙන හි ඔවදෙහීති. මහාසෙට‍්ඨි තයා පච‍්ඡිමකාලං අනොලොකෙත්‍වාව සමණස‍්ස ගොතමස‍්ස සාසනෙ බහුං ධනං විප‍්පකිණ‍්ණං, ඉදානි දුග‍්ගතො හුත්‍වාපි තං න මුඤ‍්චසියෙව, එවං වත‍්තමානො කතිපාහෙනෙව ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි න ලභිස‍්සසි, කිං තෙ සමණෙන ගොතමෙන, අතිපරිච‍්චාගතො ඔරමිත්‍වා කම‍්මන‍්තෙ පයොජෙන‍්තො කුටුම‍්බං සණ‍්ඨාපෙහීති. අයං මෙ තයා දින‍්නඔවාදොති. ආම, සෙට‍්ඨීති. ගච‍්ඡ, නාහං තාදිසීනං සතෙනපි සහස‍්සෙනපි සතසහස‍්සෙනපි සක‍්කා කම‍්පෙතුං, අයුත‍්තං තෙ වුත‍්තං, කං තයා මම ගෙහෙ වසමානාය, සීඝං සීඝං මෙ ඝරා නික‍්ඛමාහීති. සා සොතාපන‍්නස‍්ස අරියසාවකස‍්ස වචනං සුත්‍වා ඨාතුං අසක‍්කොන‍්තී දාරකෙ ආදාය නික‍්ඛමි, නික‍්ඛමිත්‍වා ච පන අඤ‍්ඤත්‍ථ වසනට‍්ඨානං අලභමානා “සෙට‍්ඨිං ඛමාපෙත්‍වා තත්‍ථෙව වසිස‍්සාමී”ති නගරපරිග‍්ගාහකං දෙවපුත‍්තං උපසඞ‍්කමිත්‍වා අත‍්තනා කතාපරාධං ආචික‍්ඛිත්‍වා “එහි, මං සෙට‍්ඨිස‍්ස සන‍්තිකං නෙත්‍වා ඛමාපෙත්‍වා වසනට‍්ඨානං දාපෙහී”ති ආහ. සො “අයුත‍්තං තයා වුත‍්තං, නාහං තස‍්ස සන‍්තිකං ගන‍්තුං උස‍්සහාමී”ති තං පටික‍්ඛිපි. සා චතුන‍්නං මහාරාජානං සන‍්තිකං ගන‍්ත්‍වා තෙහිපි පටික‍්ඛිත‍්තා සක‍්කං දෙවරාජානං උපසඞ‍්කමිත්‍වා තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා, “අහං, දෙව, වසනට‍්ඨානං අලභමානා දාරකෙ හත්‍ථෙන ගහෙත්‍වා අනාථා විචරාමි, වසනට‍්ඨානං මෙ දාපෙහී”ති සුට‍්ඨුතරං යාචි.

ඉන්පසු සිටුවරයාගේ දොරකොටුවෙහි අධිගෘහීත දේවතාදුව බුදුනුත් බුද්ධශ්‍රාවකයෝත් එතනින් ඇතුල් වනවිට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එහි සිටීමට නොහැකිව, මොවුන්ට මේ ගෙයට ඇතුල් නොවීමේ ක්‍රමයක් යෙදිය යුතුයයි ගෘහපතියා හා මේ පිරිස බිඳුවන්නෙමියි සිතා ඉසුරුමත් කාලයේ එය කියාගත නොහැකි වුණත්, දැන් ඔහු දුප්පත් නිසා මගේ කියමන් භාරගනු ඇතියි සිතා රාත්‍රිභාගයෙහි සිටුවරයාගේ ශ්‍රීයහන් ගැබට පිවිසි අහසෙහි සිටියාය. සිටුවරයා එය දැක මේ කවරෙක්දැයි ඇසීය. මහසිටුවරය, සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දේවතාදුවණිය මමයි, ඔබට අවවාදයක් දෙනු පිණිස ආවෙමි. එසේනම් අවවාද කරවයි කීපසු මහසිටුවරය, ඔබ පසුකාලය ගැන නොසිතා ශ්‍රමණගෞතමයන් උදෙසා බොහෝ ධනය වියදම් කෙළෙහිය. දැන් දුප්පත් වීමෙන් පසුවත් එය අත්නොහරින්නෙහිය. මෙහෙම ගියොත් කීප දිනකින්ම බඩගින්නට ආහාරවත් ඇඳීමට රෙදිවත් නැතිවීයන්නට පුළුවන. ඔබට ශ්‍රමණගෞතමයන්ගෙන් වැඩක් නැත. එය අතිපරිත්‍යාගයෙන් මිදී ධනය කර්මාන්තයෙහි යොදවා පවුල රැකගනු මැනවි. ඔබ මටදෙන අවවාදය එයද? සිටුවරය එසේය. ඉවත්ව යව, තී වැනි අය ලක්‍ෂයක් ආවත් මා එයින් ඉවත්කරනු නොහැකිය. තී කියන්නේ අයුක්තියකි. මගේ ගෙදරම වසමින් මෙසේ කියන තී මගේ ගෙයින් ඉවත්ව යවයි කීවේය. සෝවාන්ව සිටි ආර්යශ්‍රාවකයාගේ වචන අසා සිටිය නොහැකිව දරුවනුත් රැගෙන නික්මුණාය. එසේ නික්මී ගොසිනුත් වාසයකිරීමට වෙනත් තැනක් ලබාගත නොහැකිව, සිටුවරයා සමා කරවාගෙන එහිම වාසය කරන්නෙමියි නගරයටම අධිපති දිව්‍යපුත්‍රයා වෙත එළඹ තමන් කළ අපරාධය ගැන දන්වා මාත් සමග එන්න. සිටුවරයා ළඟට මා පමුණුවා සමාකරවා විසීමට තැනක් ලබා දෙන්නැයි කීවාය. ඒ දිව්‍යපුත්‍රයා, තී කියන්නේ අයුත්තකි. මම තී සමග එහි යෑමට උත්සාහ නොකරන්නෙමියි ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. ඈ සිව්වරම් දෙවියන් වෙත ගොස් ඔවුනුත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළකල්හි, ශක්‍රදිව්‍යරාජයන් වෙත ගොස් ඒ පුවත කියා දේවයන්වහන්ස, වසන තැනක් නොලැබ දරුවන් අතින් එල්ලාගෙන අනාථව ඇවිදිමි. වසන තැනක් මට සොයා දෙන්නැයි බලවත්සේ ඉල්ලා සිටියාය.

අථ නං සො “අහම‍්පි තව කාරණා සෙට‍්ඨිං වත‍්තුං න සක‍්ඛිස‍්සාමි, එකං පන තෙ උපායං කථෙස‍්සාමී”ති ආහ. සාධු, දෙව, කථෙහීති. ගච‍්ඡ, සෙට‍්ඨිනො ආයුත‍්තකවෙසං ගහෙත්‍වා සෙට‍්ඨිස‍්ස හත්‍ථතො පණ‍්ණං ආරොපෙත්‍වා වොහාරූපජීවීහි ගහිතං අට‍්ඨාරසකොටිධනං අත‍්තනො ආනුභාවෙන සොධෙත්‍වා තුච‍්ඡගබ‍්භෙ පූරෙත්‍වා මහාසමුද‍්දං පවිට‍්ඨං අට‍්ඨාරසකොටිධනං අත්‍ථි, අඤ‍්ඤම‍්පි අසුකට‍්ඨානෙ නාම අස‍්සාමිකං අට‍්ඨාරසකොටිධනං අත්‍ථි, තං සබ‍්බං සංහරිත්‍වා තස‍්ස තුච‍්ඡගබ‍්භෙ පූරෙත්‍වා දණ‍්ඩකම‍්මං කත්‍වා ඛමාපෙහීති.

ඉන්පසු සක්දෙව් රජ ඈට මෙසේ කීවේය. ඔබේ කරුණ සිටුවරයාට කීමට මමත් අපොහොසත් වෙමි. මම එක් උපායක් ඔබට කියා දෙමියි කීවේය. දේවයන්වහන්ස එසේයයි කීවිට, යව ගොසින් සිටුවරයාගේ ලියන්නකුගේ වෙස්ගෙන සිටුවරයාගෙන් ණයට ගත් අයට ලිපියක්ද ගෙන, ඔවුන් සිටින තැන්වලට ගොස් ඔවුන් විසින් ගන්නාලද අටළොස්කෙළක් ධනය තම ආනුභාවයෙන් රැගෙන අවුත් හිස් ගබඩා පුරවා, මහමුහුදට ගසාගිය අටළොස්කෙළක ධනයත්, අසවල් ස්ථානයෙහි ඇති අස්වාමික අටළොස්කෙළක ධනයක් ගෙනවුත් ඔහුගේ හිස් ගබඩා පුරවා දඬුවම් විඳ ක්ෂමාකරවානුවයි කීවේය.

සා “සාධු, දෙවා”ති වුත‍්තනයෙනෙව තං සබ‍්බං කත්‍වා පුන තස‍්ස සිරිගබ‍්භං ඔභාසයමානා ආකාසෙ ඨත්‍වා “කො එසො”ති වුත‍්තෙ අහං තෙ චතුත්‍ථද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථා අන්‍ධබාලදෙවතා, මයා අන්‍ධබාලතාය යං තුම‍්හාකං සන‍්තිකෙ කථිතං, තං මෙ ඛමථ. සක‍්කස‍්ස හි මෙ වචනෙන චතුපණ‍්ණාසකොටිධනං සංහරිත්‍වා තුච‍්ඡගබ‍්භපූරණං දණ‍්ඩකම‍්මං කතං, වසනට‍්ඨානං අලභමානා කිලමාමීති.

ඈ යහපත දේවයිනියි ඒ කී සියල්ල කී අයුරින්ම ඉටුකොට යළි සිටුවරයාගේ සිරි යහන්ගැබ ආලෝකවත් කරමින් අහසෙහි සිට මේ කවුදැයි ඇසූවිට මම ඔබේ සිව්වැනි දොරකොටුවෙහි අධිගෘහිතමෝඩ දේවතාදුවයි, මගේ මෝඩකමෙන් මා ඔබ ළඟදී යමක් කීවෙහි නම් ඒ සියල්ලට මට සමාව දෙනු මැනව. ශක්‍රදේවේන්ද්‍රයාගේ උපදෙස් අනුව සිව්පනස්කෝටියත් ගෙනුවත් හිස්ගබඩා පිරවීම දඬුවමක් වශයෙන් කෙළෙමි. වසන තැනක් නොමැතිව ක්ලාන්තව සිටිමැයි කීවාය.

අනාථපිණ‍්ඩිකො චින‍්තෙසි – “අයං දෙවතා ‘දණ‍්ඩකම‍්මඤ‍්ච මෙ කත’න‍්ති වදති, අත‍්තනො ච දොසං පටිජානාති, සම‍්මාසම‍්බුද‍්ධස‍්ස නං දස‍්සෙස‍්සාමී”ති. සො තං සත්‍ථු සන‍්තිකං නෙත්‍වා තාය කතකම‍්මං සබ‍්බං ආරොචෙසි. දෙවතා සත්‍ථු පාදෙසු සිරසා නිපතිත්‍වා, “භන‍්තෙ, යං මයා අන්‍ධබාලතාය තුම‍්හාකං ගුණෙ අජානිත්‍වා පාපකං වචනං වුත‍්තං, තං මෙ ඛමථා”ති සත්‍ථාරං ඛමාපෙත්‍වා මහාසෙට‍්ඨිං ඛමාපෙසි.

අනාථපිණ්ඩික මෙසේ සිතීය, මේ දේවතාවිය දඬුවම් වින්ද බවත්, තම වරද පිළිගන්නා බවත් කියයි. මැය බුදුන්ට පෙන්වන්නෙමියි සිතීය. හෙතෙම ඇය බුදුන් හමුවට පමුණුවා තී කළ හැම දෙයක්ම දන්වන්නැයි කීවේය. දේවතාවිය බුදුන්න පාමුල හිස තබා වැඳවැටී ස්වාමීනි, මම මගේ මෝඩකමෙන් ඔබවහන්සේගේ ගුණ නොදැන පව්කාර වචන කීවෙමි. ඒ සියල්ලටම මට සමාව දෙනු මැනවයි බුදුන් සමා කරවාගෙන, මහසිටුවරයාත් සමාකරගත්තාය.

සත්‍ථා කල්‍යාණපාපකානං කම‍්මානං විපාකවසෙන සෙට‍්ඨිඤ‍්චෙව දෙවතඤ‍්ච ඔවදන‍්තො “ඉධ, ගහපති, පාපපුග‍්ගලොපි යාව පාපං න පච‍්චති, තාව භද්‍රම‍්පි පස‍්සති. යදා පනස‍්ස පාපං පච‍්චති, තදා පාපමෙව පස‍්සති. භද්‍රපුග‍්ගලොපි යාව භද්‍රං න පච‍්චති, තාව පාපානි පස‍්සති. යදා පනස‍්ස භද්‍රං පච‍්චති, තදා භද්‍රමෙව පස‍්සතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

බුදුරජාණන්වහන්සේ හොඳනරක ක්‍රියාවල හැටි සිටුවරයාටත් දේවතාවියටත් පැහැදිලි කරමින් අවවාද කරමින්, ගෘහපතිය, මේ ලෝකයෙහි පව්කාර පුද්ගලයා; පාපය මුහුකුරා යනතුරු එය යහපතැයි සිතා ගනී. එය මුහුකුරා ගියපසු එය පාපයකියි දකියි. යහපත් පුද්ගලයා පින මුහුකුරා යනතුරු පාපයක් ලෙස දකියි. ඔහුගේ පින මෝරා ගියපසු එය යහපතක් ලෙස දකියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළහ:

“පාපොපි පස‍්සතී භද්‍රං, යාව පාපං න පච‍්චති; යදා ච පච‍්චතී පාපං, අථ පාපො පාපානි පස‍්සති.

පව්කරන අය මේ ලොව එය පවක් සේ නොදකිති මුහුකුරා පල දෙනවිට එය පවක් බව වැටහෙයි

“භද්‍රොපි පස‍්සතී පාපං, යාව භද්‍රං න පච‍්චති; යදා ච පච‍්චතී භද්‍රං, අථ භද්‍රො භද්‍රානි පස‍්සතී”ති.

පින්කරන අය මේ ලොව එය පිනක් සේ නොදකිති මුහුකුරා සැප දෙනවිට එය පිනක් සේ වැටහෙයි.

තත්‍ථ පාපොති කායදුච‍්චරිතාදිනා පාපකම‍්මෙන යුත‍්තපුග‍්ගලො. සොපි හි පුරිමසුචරිතානුභාවෙන නිබ‍්බත‍්තං සුඛං අනුභවමානො භද්‍රම‍්පි පස‍්සති. යාව පාපං න පච‍්චතීති යාවස‍්ස තං පාපකම‍්මං දිට‍්ඨධම‍්මෙ වා සම‍්පරායෙ වා විපාකං න දෙති. යදා පනස‍්ස තං දිට‍්ඨධම‍්මෙ වා සම‍්පරායෙ වා විපාකං දෙති, අථ දිට‍්ඨධම‍්මෙ විවිධා කම‍්මකාරණා, සම‍්පරායෙ ච අපායදුක‍්ඛං අනුභොන‍්තො සො පාපො පාපානියෙව පස‍්සති. දුතියගාථායපි කායසුචරිතාදිනා භද්‍රකම‍්මෙන යුත‍්තො භද්‍රො. සොපි හි පුරිමදුච‍්චරිතානුභාවෙන නිබ‍්බත‍්තං දුක‍්ඛං අනුභවමානො පාපං පස‍්සති. යාව භද්‍රං න පච‍්චතීති යාවස‍්ස තං භද්‍රං කම‍්මං දිට‍්ඨධම‍්මෙ වා සම‍්පරායෙ වා විපාකං න දෙති. යදා පන තං විපාකං දෙති, අථ දිට‍්ඨධම‍්මෙ ලාභසක‍්කාරාදිසුඛං, සම‍්පරායෙ ච දිබ‍්බසම‍්පත‍්තිසුඛං අනුභවමානො සො භද්‍රො භද්‍රානියෙව පස‍්සතීති.

එහි පාපො යනු කායදුශ්චරිතාදියෙන් යුක්ත පුද්ගලයායි. ඔහුත් පෙරසුචරිත කිරීමේ ආනුභාවයෙන් උපන් සැප අනුභව කරමින් එය යහපත් ලෙස දකියි. යාව පාපං න පච්චති යනු යම්තාක් ඔහුට ඒ පාපය මෙලොවදී හෝ පරලොවදී විපාක නොදෙයිද එතෙක්කල්ය. යම් විටක එලොවදී හෝ පරලොව විපාක දෙයිද, මෙලොවදී නොයෙක් දුකටත්, පරලොව අපාය දුකටත් වැටී දුක්විඳින කල එය පාපයක් ලෙස දකියි. දෙවෙනි ගාථාවේත් කායසුචරිතාදි භේද ඇති යහපත් ක්‍රියාවලින් යුක්තවූයේ යහපත් පුද්ගලයායි. ඔහුද පෙර කළ කර්මානුරූපව උපන් දුක් අනුභව කරමින් පවේ විපාක දැනගනී. යාව භද්‍රං පච්චති යනු යම්තාක් ඔහුගේ ඒ යහපත් ක්‍රියා මෙලොවදී හෝ පරලොවදී විපාක නොදේද, යම් විටකදී ඒ යහපත් ක්‍රියා මෝරා යයිද, එකල්හි මෙලොවදී හෝ පරලොවකදී හෝ ලාභසත්කාරාදිය ලැබීමේ සැපය හෝ දිව්‍යමය සම්පත් අනුභව කරන අවස්ථාවේදී හෝ කළ කර්මය යහපතක්ම ලෙස දකියි.

දෙසනාවසානෙ සා දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයෙහි ඒ දෙව්දුව සෝවාන්ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටත් එය ප්‍රයෝජනවත් ධර්මදේශනාවක් විය.

අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිවත්‍ථු චතුත්‍ථං.

සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි.