යෙදුමෙන් කියවන්න

3. ලාජදෙවධීතාවත්‍ථු අට‍්ඨකථා

3. ලාජදෙවධීතාවත්‍ථු

3. ලාජදෙව් දුවණියගේ වස්තුව

පුඤ‍්ඤඤ‍්චෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාජදෙවධීතරං ආරබ‍්භ කථෙසි. වත්‍ථු රාජගහෙ සමුට‍්ඨිතං.

පුඤ්ඤං චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරද්දී ලාජ දෙව්දුව අරභයා දේශනා කරනලදි.

ආයස‍්මා හි මහාකස‍්සපො පිප‍්පලිගුහායං විහරන‍්තො ඣානං සමාපජ‍්ජිත්‍වා සත‍්තමෙ දිවසෙ වුට‍්ඨාය දිබ‍්බෙන චක‍්ඛුනා භික‍්ඛාචාරට‍්ඨානං ඔලොකෙන‍්තො එකං සාලිඛෙත‍්තපාලිකං ඉත්‍ථිං සාලිසීසානි ගහෙත්‍වා ලාජෙ කුරුමානං දිස‍්වා “සද‍්ධා නු ඛො, අස‍්සද‍්ධා”ති වීමංසිත්‍වා “සද‍්ධා”ති ඤත්‍වා “සක‍්ඛිස‍්සති නු ඛො මෙ සඞ‍්ගහං කාතුං, නො”ති උපධාරෙන‍්තො “විසාරදා කුලධීතා මම සඞ‍්ගහං කරිස‍්සති, කත්‍වා ච පන මහාසම‍්පත‍්තිං ලභිස‍්සතී”ති ඤත්‍වා චීවරං පාරුපිත්‍වා පත‍්තමාදාය සාලිඛෙත‍්තසමීපෙයෙව අට‍්ඨාසි.

මෙහි මුල්කථාව රජගහ නුවරදී උපන්නකි. ආයුෂ්මත් මහා කාශ්‍යපතෙරණුවෝ පිප්ඵලී ගුහාවෙහි වාසයකරන කාලයෙහි ධ්‍යානයට සමවැදී සත්වෙනි දින එයින් නැගිට පිඬු පිණිස හැසිරීමට සුදුසු තැනක් දිවඇසින් බලවිට එක් හැල්කෙතක පාලිකාස්ත්‍රියක් හැල්වීකරල් නෙවුත් විලද කරනු දැක, ඈ සැදැහැවත්ද නැද්දැයි බලා සැදැහැති බවත්, ඈ මට සංග්‍රහයක් කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නීදැයි බැලූවිට, ඈ විශාරදවූ කුලදුවක් බවත් දැන, තමන්ට සංග්‍රහ කරනබවත් එයින් මහා සම්පතක් ලබනබවත් දැන, සිවුරුපොරවා පාත්‍රයක් රැගෙන හැල්කෙත ළඟට වැඩමවූහ.

කුලධීතා ථෙරං දිස‍්වාව පසන‍්නචිත‍්තා පඤ‍්චවණ‍්ණාය පීතියා ඵුට‍්ඨසරීරා “තිට‍්ඨථ, භන‍්තෙ”ති වත්‍වා ලාජෙ ආදාය වෙගෙන ගන‍්ත්‍වා ථෙරස‍්ස පත‍්තෙ ආකිරිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙහි දිට‍්ඨධම‍්මස‍්ස භාගිනී අස‍්ස”න‍්ති පත්‍ථනං අකාසි. ථෙරො “එවං හොතූ”ති අනුමොදනමකාසි. සාපි ථෙරං වන්‍දිත්‍වා අත‍්තනා දින‍්නදානං ආවජ‍්ජමානා නිවත‍්ති.

ඒ කුලදුව තෙරුන්දැක පැහැදී පස්වණක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, වැඩහිඳිනු මැනවැයි කියා විලඳ ගෙනවුත් තෙරුන්ගේ පාත්‍රයෙහි දමා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබ අවබෝධකරගත් ධර්මය ලබාගැනීමට සුදුසු කෙනෙක් වෙම්වායි ප්‍රාර්ථනා කළාය. එය එසේම වේවායි තෙරණුවෝ අනුමෝදනා කළහ. ඈද තෙරුන් වැඳ තමන් දුන් දානය ගැන සිතමින් නැවතුණාය.

තාය ච පන කෙදාරමරියාදාය ගමනමග‍්ගෙ එකස‍්මිං බිලෙ ඝොරවිසො සප‍්පො නිපජ‍්ජි. සො ථෙරස‍්ස කාසායපටිච‍්ඡන‍්නං ජඞ‍්ඝං ඩංසිතුං නාසක‍්ඛි. ඉතරා දානං ආවජ‍්ජමානා නිවත‍්තන‍්තී තං පදෙසං පාපුණි. සප‍්පො බිලා නික‍්ඛමිත්‍වා තං ඩංසිත්‍වා තත්‍ථෙව පාතෙසි. සා පසන‍්නචිත‍්තෙන කාලං කත්‍වා තාවතිංසභවනෙ තිංසයොජනිකෙ කනකවිමානෙ සුත‍්තප‍්පබුද‍්ධා විය සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතෙන තිගාවුතෙන අත‍්තභාවෙන නිබ‍්බත‍්ති. සා ද‍්වාදසයොජනිකං එකං දිබ‍්බවත්‍ථං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා අච‍්ඡරාසහස‍්සපරිවුතා පුබ‍්බකම‍්මපකාසනත්‍ථාය සුවණ‍්ණලාජභරිතෙන ඔලම‍්බකෙන සුවණ‍්ණසරකෙන පටිමණ‍්ඩිතෙ විමානද‍්වාරෙ ඨිතා අත‍්තනො සම‍්පත‍්තිං ඔලොකෙත්‍වා “කිං නු ඛො මෙ කත්‍වා අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති දිබ‍්බෙන චක‍්ඛුනා උපධාරෙන‍්තී “අය්‍යස‍්ස මෙ මහාකස‍්සපත්‍ථෙරස‍්ස දින‍්නලාජනිස‍්සන්‍දෙන සා ලද‍්ධා”ති අඤ‍්ඤාසි.

ඇගේ කුඹුරු සීමාවට යන මගෙහි එක් ගස් බෙනයක ඝෝර විෂ ඇති සර්පයෙක් සිටියේය. කසාවතින් වැසුණු තෙරුන්ගේ කෙණ්ඩ දෂ්ටකිරීමට සර්පයාට නොහැකිවිය. අර තැනැත්තී දුන් දානය ගැන සිහිකරමන් නැවතිනැවතී අවුත් ඒ ප්‍රදේශයට පැමිණියාය. සර්පයා බිලයෙන් පිටවී අවුත් ඈ දෂ්ටකොට එතැනම හෙළුවේය. ඈ පැහැදුණු සිතින්ම මිය පරලොව ගොස්, තිස්යොදුන් පමණවූ තව්තිසා භවනයෙහි සියලු ආකාර ඇඳුම් පැළඳුම්වලන් යුක්තව, නිදා පිබිදියාක් මෙන් උපන්නාය. ඈ දොළොස් යොදුන් පමණවූ එක් දිව්‍ය වස්ත්‍රයක් ඇඳ එකක් පෙරවාගෙන දිව්‍යාප්සරාවන් දහසක් පිරිවරා පෙර කළ පින්කම් කියනු පිණිස රන්වන් විලඳවලින් බරවූ එල්ලෙන්නාවූ රත්නමය භාජන සහිතව විමාන දොරටුවෙහි සිට තම සම්පත් දැක, කිනම් පිනක් කිරීමෙන් මේ සම්පත ලැබුවේදැයි දිවැසින් බලා, ආර්යවූ මහාකාශ්‍යප හිමියන්ට මවිසින් දෙනලද විලඳදානයෙනියි දැනගත්තාය.

සා එවං පරිත‍්තකෙන කම‍්මෙන එවරූපං සම‍්පත‍්තිං ලභිත්‍වා “න දානි මයා පමජ‍්ජිතුං වට‍්ටති, අය්‍යස‍්ස වත‍්තපටිවත‍්තං කත්‍වා ඉමං සම‍්පත‍්තිං ථාවරං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා පාතොව කනකමයං සම‍්මජ‍්ජනිඤ‍්චෙව කචවරඡඩ‍්ඩනකඤ‍්ච පච‍්ඡිං ආදාය ගන‍්ත්‍වා ථෙරස‍්ස පරිවෙණං සම‍්මජ‍්ජිත්‍වා පානීයපරිභොජනීයං උපට‍්ඨාපෙසි. ථෙරො තං දිස‍්වා “කෙනචි දහරෙන වා සාමණෙරෙන වා වත‍්තං කතං භවිස‍්සතී”ති සල‍්ලක‍්ඛෙසි. සා දුතියදිවසෙපි තථෙව අකාසි, ථෙරොපි තථෙව සල‍්ලක‍්ඛෙසි. තතියදිවසෙ පන ථෙරො තස‍්සා සම‍්මජ‍්ජනිසද‍්දං සුත්‍වා තාලච‍්ඡිද‍්දාදීහි ච පවිට‍්ඨං සරීරොභාසං දිස‍්වා ද‍්වාරං විවරිත්‍වා “කො එස සම‍්මජ‍්ජතී”ති පුච‍්ඡි. “අහං, භන‍්තෙ, තුම‍්හාකං උපට‍්ඨායිකා ලාජදෙවධීතා”ති. “නනු මය‍්හං එවංනාමිකා උපට‍්ඨායිකා නාම නත්‍ථී”ති.

මෙතරම් කුඩා පරිත්‍යාගයකින් මා මේසා විශාල සම්පතක් ලබා දැන් පමාවීම නුසුදුසුය. ආර්යයන්වහන්සේට වත්පිළිවෙත් කොට මේ සම්පත් ස්ථාවර කරගන්නෙමියි සිතා උදෑසනම රත්රන්මුවා මුසුනක්ද කසළ ඉවත්කරන භාජනයක්ද ගෙන තෙරුන්ගේ ගෙමිදුල හැමද බීමටත් පරිහරණයටත් අවශ්‍ය ජලය සපයා තැබුවාය. තෙරණුවෝ ඒවා දැක කිසියම් ළමයෙකු විසින් කරන්නට ඇතියි සිතාගත්තෝය. ඈ දෙවෙනි දවසේත් එසේ කළාය. තෙරණුවෝ එදවසත් එසේම වන්නට ඇතියි සිතූහ. තුන්වෙනි දිනයෙහි තෙරණුවෝ ඇගේ හැමදීම් හඬ අසා, යතුරුසිදුරු හෝ තල්කොළ වැටවල සිදුරු ආදියෙන් ආ ශරීර ආලෝකය දැක දොරහැර මේ අමදින්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, ඔබවහන්සේගේ උපස්ථායිකාවක්වූ ලාජදෙව්දුවවූ මමයයි කීවාය. මට මේනමින් උපස්ථායිකාවක් ඇතිබව මතකනැතැයි කීහ.

“අහං, භන‍්තෙ, සාලිඛෙත‍්තං රක‍්ඛමානා ලාජෙ දත්‍වා පසන‍්නචිත‍්තා නිවත‍්තන‍්තී සප‍්පෙන දට‍්ඨා කාලං කත්‍වා තාවතිංසදෙවලොකෙ උප‍්පන‍්නා, මයා අය්‍යං නිස‍්සාය අයං සම‍්පත‍්ති ලද‍්ධා, ඉදානිපි තුම‍්හාකං වත‍්තපටිවත‍්තං කත්‍වා ‘සම‍්පත‍්තිං ථාවරං කරිස‍්සාමී’ති ආගතාම‍්හි, භන‍්තෙ”ති. “හිය්‍යොපි පරෙපි තයාවෙතං ඨානං සම‍්මජ‍්ජිතං, තයාව පානීයභොජනීයං උපට‍්ඨාපිත”න‍්ති. “ආම, භන‍්තෙ”ති. “අපෙහි දෙවධීතෙ, තයා කතං වත‍්තං කතංව හොතු, ඉතො පට‍්ඨාය ඉමං ඨානං මා ආගමී”ති. “භන‍්තෙ, මා මං නාසෙථ, තුම‍්හාකං වත‍්තං කත්‍වා සම‍්පත‍්තිං මෙ ථිරං කාතුං දෙථා”ති. “අපෙහි දෙවධීතෙ, මා මං අනාගතෙ චිත‍්තබීජනිං ගහෙත්‍වා නිසින‍්නෙහි ධම‍්මකථිකෙහි ‘මහාකස‍්සපත්‍ථෙරස‍්ස කිර එකා දෙවධීතා ආගන‍්ත්‍වා වත‍්තපටිවත‍්තං කත්‍වා පානීයපරිභොජනීයං උපට‍්ඨාපෙසී’ති වත‍්තබ‍්බතං කරි, ඉතො පට‍්ඨාය ඉධ මා ආගමි, පටික‍්කමා”ති. සා “මා මං, භන‍්තෙ, නාසෙථා”ති පුනප‍්පුනං යාචියෙව. ථෙරො “නායං මම වචනං සුණාතී”ති චින‍්තෙත්‍වා “තුවං පමාණං න ජානාසී”ති අච‍්ඡරං පහරි. සා තත්‍ථ සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී ආකාසෙ උප‍්පතිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ, “භන‍්තෙ, මයා ලද‍්ධසම‍්පත‍්තිං මා නාසෙථ, ථාවරං කාතුං දෙථා”ති රොදන‍්තී ආකාසෙ අට‍්ඨාසි.

ස්වාමීනි, මම ඇල්කෙත රකිමින් විලඳ දන් දී ප්‍රීතියෙන් සිටින අවස්ථාවේ සර්පයකු දෂ්ටකර තව්තිසාවෙහි උපනිමි. මම මේ සම්පත් ලැබුවේ ආර්යයන් වහන්සේ නිසාය. දැනුත් ඔබවහන්සේට වත්පිළිවෙත්කොට සම්පත් ස්ථාවරකර ගන්නෙමියි ආවෙමි. ඊයේත් පෙරේදාත් මෙතැන හැමදියේ තී විසින්ද? පානීය පරිභෝජනීය පැන්ගෙනාවේත් තී විසින්ද? එසේය ස්වාමීනි. දෙව්දුව මෙතනින් පහවයව. තී විසින් කළ වතාවත් එසේම වේවා, මෙතැන් පටන් මෙතැනට නොආයුතුය. ස්වාමීනි, මා නොනසනසේක්වා, ඔබවහන්සේට වතාවත් කර මගේ සම්පත් ස්ථාවරකර ගැනීමට අවසර දෙනුමැනවි. දෙව්දුව පහව යව. අනාගතයේදී විජිනිපත් රැගෙන ධර්මාසනයෙහි වැඩ සිටින ධර්මකථිකයන් විසින්, මහාකාශ්‍යප තෙරුන්වහන්සේට එක් දේවතාදුවක් අවුත් වතාවත්කොට පානීය පරිභොජනීය පැන් ගෙනවුත් උවටැන් කරන ලදැයි කීමට කථාවක් නොතැබිය යුතුයයි කීහ. දැන් මෙතනින් යව. මින්පසු මෙහි නොඑවයිද කීහ. ඈ, අනේ ස්වාමීනි, මා නොනැසුව මැනවැයි යළියළිත් ඉල්ලා සිටියාය. තෙරණුවෝ මෑ මගේ වචනය අසන්නේ නැතැයි සිතා, තීගේ ප්‍රමාණය තීම දැනගනුවයි අසුරුසණක් ගැසූහ. ඈ එහි සිටිනු නොහැකිව අහස උඩට පැන ඇඳිලි බැඳගෙන සිට, ස්වාමීනි, මා ලත් සම්පත නොනැසුව මැනව, එය ස්ථාවර කර ගැනීමට ඉඩදෙන්නැයි හඬමින් වැළපෙමින් අහසෙහි සිටියාය.

සත්‍ථා ජෙතවනෙ ගන්‍ධකුටියං නිසින‍්නොව තස‍්සා රොදිතසද‍්දං සුත්‍වා ඔභාසං ඵරිත්‍වා දෙවධීතාය සම‍්මුඛෙ නිසීදිත්‍වා කථෙන‍්තො විය “දෙවධීතෙ මම පුත‍්තස‍්ස කස‍්සපස‍්ස සංවරකරණමෙව භාරො, පුඤ‍්ඤත්‍ථිකානං පන ‘අයං නො අත්‍ථො’ති සල‍්ලක‍්ඛෙත්‍වා පුඤ‍්ඤකරණමෙව භාරො. පුඤ‍්ඤකරණඤ‍්හි ඉධ චෙව සම‍්පරායෙ ච සුඛමෙවා”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ශාස්තෘන්වහන්සේ දෙව්රම ගන්ධකුටියෙහි වැඩසිටින ගමන්ම ඈ අඬන හඬ අසා ආලෝකයක් යවා දෙව්දුව ඉදිරියෙහි වැඩහිඳගෙන කථා කරන්නාක් මෙන් දෙව්දුව, මා පුත් කාශ්‍යපතෙරණුවන්ට සංවරවීම භාරය. පින් කැමති අයට මේ මේ දෙය අර්ථවත් යයි සලකා පින්කිරීම භාරය. පින්කිරීම මෙලොවටත් සැපම ගෙනදේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“පුඤ‍්ඤඤ‍්චෙ පුරිසො කයිරා, කයිරා නං පුනප‍්පුනං; තම‍්හි ඡන්‍දං කයිරාථ, සුඛො පුඤ‍්ඤස‍්ස උච‍්චයො”ති.

පින් කළහොත් කවුරු හෝ එය යළිත් කළයුතුමවේ එයට රුචි කළයුතු පින් රැස් කිරීමෙන් සැපත හැමවිට ළංවේ

තස‍්සත්‍ථො – සචෙ පුරිසො පුඤ‍්ඤං කරෙය්‍ය, “එකවාරං මෙ පුඤ‍්ඤං කතං, අලං එත‍්තාවතා”ති අනොරමිත්‍වා පුනප‍්පුනං කරොථෙව. තස‍්ස අකරණක‍්ඛණෙපි තම‍්හි පුඤ‍්ඤෙ ඡන්‍දං රුචිං උස‍්සාහං කරොථෙව. කිං කාරණා? සුඛො පුඤ‍්ඤස‍්ස උච‍්චයො. පුඤ‍්ඤස‍්ස හි උච‍්චයො වුඩ‍්ඪි ඉධලොකපරලොකසුඛාවහනතො සුඛොති.

එහි අර්ථය නම්, පුද්ගලයා පින් කරන්නේ නම්, එක් වරක් පිනක් කොට මම පිනක් කෙළෙමි දැන් ඉතින් මේ ප්‍රමාණවත්ය කියා එතැන් පටන් එහි නොඇළී නොසිට යළියළිත් පින් කළයුතුම වේ. පිනක නොයෙදන විටක වුවත් කළ පින් ගැන රුචියත් උත්සාහයත් කළයුතුම වේ. කුමක් නිසාද? සුඛො පුඤ්ඤස්ස උච්චයො පින් රැස්කිරීම, එහි වර්ධනය මෙලෝ පරලෝ සැප ගෙන දෙන බැවින් සැපයක්ම වන හෙයිනි.

දෙසනාවසානෙ දෙවධීතා පඤ‍්චචත‍්තාලීසයොජනමත්‍ථකෙ ඨිතාව සොතාපත‍්තිඵලං පාපුණීති.

දේශනාවසානයෙහි දෙව්දුව සතළිස්පස්යොදුනක් උඩ සිටම සෝවාන්ඵලයට පැමිණියාය.

ලාජදෙවධීතාවත්‍ථු තතියං.

තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි.