යෙදුමෙන් කියවන්න

2. සෙය්‍යසකත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

2. සෙය්‍යසකත්‍ථෙරවත්‍ථු

2. සෙය්‍යසක තෙරුන්ගේ වස්තුව

පාපඤ‍්ච පුරිසොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සෙය්‍යසකත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

පාපං චෙ පුරුසො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරද්දී සෙය්‍යසකතෙරුන් අරභයා දේශනා කරනලදි.

සො හි ලාළුදායිත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකො, අත‍්තනො අනභිරතිං තස‍්ස ආරොචෙත්‍වා තෙන පඨමසඞ‍්ඝාදිසෙසකම‍්මෙ සමාදපිතො උප‍්පන‍්නුප‍්පන‍්නාය අනභිරතියා තං කම‍්මමකාසි (පාරා· 234). සත්‍ථා තස‍්ස කිරියං සුත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “එවං කිර ත්‍වං කරොසී”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “කස‍්මා භාරියං කම‍්මං අකාසි, අනනුච‍්ඡවිකං මොඝපුරිසා”ති නානප‍්පකාරතො ගරහිත්‍වා සික‍්ඛාපදං පඤ‍්ඤාපෙත්‍වා “එවරූපඤ‍්හි කම‍්මං දිට‍්ඨධම‍්මෙපි සම‍්පරායෙපි දුක‍්ඛසංවත‍්තනිකමෙව හොතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

උන්වහන්සේ ලාලුදායීතෙරණුවන්ගේ සද්ධිවිහාරිකයෙකි. උන්වහන්සේ තමන්ගේ නොඇල්ම ලාලුදායිතෙරුන්ට දැන්වූ පසු උන්වහන්සේ විසින් ප්‍රථම සංඝාදිසෙස කර්මයෙහි පිහිටුවන ලදි. අනභිරතිය උපනුඋපන් අවස්ථාවල එම කර්මයම කෙළේය. බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මේ ක්‍රියාව ගැන අසා උන්වහන්සේ කැඳවා ඔබ මෙබන්දක් කෙළෙහිදැයි අසා ස්වාමීනි එසේයයි පිළිගත්කල්හි, ඇයි මෙතරම් බරපතළ දෙයක් කෙළේ, හිස් මිනිස, ඔබ නොගැළපෙන ක්‍රියාවක් කෙළෙහියයි නානාප්‍රකාරයෙන් ගර්හාකොට ශික්‍ෂාපද පණවා, මෙබදු ක්‍රියා කරන්නවුන්ට මෙලොවත් පරලොවත් එය දුක් ගෙනදීමටම හේතුවේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“පාපඤ‍්චෙ පුරිසො කයිරා, න නං කයිරා පුනප‍්පුනං; න තම‍්හි ඡන්‍දං කයිරාථ, දුක‍්ඛො පාපස‍්ස උච‍්චයො”ති.

පව් කළහොත් කවුරු හෝ යළිත් එයම නොකළයුතුවේ රුචි නොකළ යුතුය එයටම පව් රැස් කිරීමෙන් පසු දුක් විඳීමට සිදුවේ

තස‍්සත්‍ථො – සචෙ පුරිසො සකිං පාපකම‍්මං කරෙය්‍ය, තඞ‍්ඛණෙයෙව පච‍්චවෙක‍්ඛිත්‍වා “ඉදං අප‍්පතිරූපං ඔළාරික”න‍්ති න නං කයිරා පුනප‍්පුනං. යොපි තම‍්හි ඡන්‍දො වා රුචි වා උප‍්පජ‍්ජෙය්‍ය, තම‍්පි විනොදෙත්‍වා න කයිරාථෙව. කිං කාරණා? දුක‍්ඛො පාපස‍්ස උච‍්චයො. පාපස‍්ස හි උච‍්චයො වුඩ‍්ඪි ඉධලොකෙපි සම‍්පරායෙපි දුක‍්ඛමෙව ආවහතීති.

එහි අර්ථය නම්, යම් හෙයකින් පුද්ගලයා වරක් පාපකර්මයක් කළවිට, එකෙණෙහිම ඒ ගැන සිතාබලා මෙය නුසුදුසුය, පහත් වැඩකියි සිතා ගන්නේනම් එය නැවත නොකරන්නේය. ඒ පිළිබඳ යම් කැමැත්තක් රුචියක් හෝ උපන්නොත් එයත් නැතිකර දමන්නේමය. මක්නිසාදයත්? දුක්ඛො පාපස්ස උච්චයො පාපයාගේ රැස්කිරීම, වර්ධනයට පත්කර ගැනීම මෙලොවත් පරලොවත් දුකක්ම ගෙන දෙන හෙයිනි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

සෙය්‍යසකත්‍ථෙරවත්‍ථු දුතියං.

දෙවන සෙය්‍යසක තෙරුන්ගේ වස්තුවයි.