යෙදුමෙන් කියවන්න

1. චූළෙකසාටකබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

1. චූළෙකසාටකබ්‍රාහ‍්මණවත්‍ථු

1. චූලඒකසාටක බමුණාගේ වස්තුව

අභිත්‍ථරෙථ කල්‍යාණෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චූළෙකසාටකබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

අභිත්ථරෙථ කල්‍යාණෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි චූලඒකසාටක නම් බමුණා නිසා දේශනා කරනලදි.

විපස‍්සිදසබලස‍්ස කාලස‍්මිඤ‍්හි මහාඑකසාටකබ්‍රාහ‍්මණො නාම අහොසි, අයං පන එතරහි සාවත්‍ථියං චූළෙකසාටකො නාම. තස‍්ස හි එකො නිවාසනසාටකො අහොසි, බ්‍රාහ‍්මණියාපි එකො. උභින‍්නම‍්පි එකමෙව පාරුපනං, බහි ගමනකාලෙ බ්‍රාහ‍්මණො වා බ්‍රාහ‍්මණී වා තං පාරුපති. අථෙකදිවසං විහාරෙ ධම‍්මස‍්සවනෙ ඝොසිතෙ බ්‍රාහ‍්මණො ආහ – “භොති ධම‍්මස‍්සවනං ඝොසිතං, කිං දිවා ධම‍්මස‍්සවනං ගමිස‍්සසි, උදාහු රත‍්තිං. පාරුපනස‍්ස හි අභාවෙන න සක‍්කා අම‍්හෙහි එකතො ගන‍්තු”න‍්ති. බ්‍රාහ‍්මණී, “සාමි, අහං දිවා ගමිස‍්සාමී”ති සාටකං පාරුපිත්‍වා අගමාසි.

විපස්සිබුදුරදුන්ගේ කාලයෙහි මහාඒකසාටක නම් බමුණෙක් සිටියේය. මේ කතාවෙහි කියවෙන්නේ එකල සැවැත්නුවර සිටි චූලඒකසාටක ලෙසය. ඔහුට පොරවන එක් සළුවක් පමණක් තිබුණේය. බැමිණියටත් එයමය. දෙදෙනාම එකම සළුව පෙරවූහ. බැහැර යන කල බමුණා හෝ බැමිණිය එය පොරවා ගනියි. දිනක් විහාරයෙහි බණ ඇසීමට පැමිණෙන ලෙස ඝෝෂා කළවිට බමුණා, පින්වතිය, බණ ඇසීමට කාලය ඝෝෂා කරනලදි. කිම ඔබ දවල් බණ ඇසීමට යන්නෙහිද? නැතහොත් රාත්‍රියටද? පාරුපණයක් නැති නිසා අප දෙදෙනාටම යා නොහැකිය. බැමිණිය සැමියාණනි, මම දවල් යන්නෙමිය, සළුව පෙරවාගෙන ගියාය.

බ්‍රාහ‍්මණො දිවසභාගං ගෙහෙ වීතිනාමෙත්‍වා රත‍්තිං ගන‍්ත්‍වා සත්‍ථු පුරතො නිසින‍්නොව ධම‍්මං අස‍්සොසි. අථස‍්ස සරීරං ඵරමානා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජි. සො සත්‍ථාරං පූජිතුකාමො හුත්‍වා “සචෙ ඉමං සාටකං දස‍්සාමි, නෙව බ්‍රාහ‍්මණියා, න මය‍්හං පාරුපනං භවිස‍්සතී”ති චින‍්තෙසි. අථස‍්ස මච‍්ඡෙරචිත‍්තානං සහස‍්සං උප‍්පජ‍්ජි, පුනෙකං සද‍්ධාචිත‍්තං උප‍්පජ‍්ජි. තං අභිභවිත්‍වා පුන මච‍්ඡෙරසහස‍්සං උප‍්පජ‍්ජි. ඉතිස‍්ස බලවමච‍්ඡෙරං බන්‍ධිත්‍වා ගණ‍්හන‍්තං විය සද‍්ධාචිත‍්තං පටිබාහතියෙව. තස‍්ස “දස‍්සාමි, න දස‍්සාමී”ති චින‍්තෙන‍්තස‍්සෙව පඨමයාමො අපගතො, මජ‍්ඣිමයාමො සම‍්පත‍්තො. තස‍්මිම‍්පි දාතුං නාසක‍්ඛි. පච‍්ඡිමයාමෙ සම‍්පත‍්තෙ සො චින‍්තෙසි – “මම සද‍්ධාචිත‍්තෙන මච‍්ඡෙරචිත‍්තෙන ච සද‍්ධිං යුජ‍්ඣන‍්තස‍්සෙව ද‍්වෙ යාමා වීතිවත‍්තා, ඉදං මම එත‍්තකං මච‍්ඡෙරචිත‍්තං වඩ‍්ඪමානං චතූහි අපායෙහි සීසං උක‍්ඛිපිතුං න දස‍්සති, දස‍්සාමි න”න‍්ති. සො මච‍්ඡෙරසහස‍්සං අභිභවිත්‍වා සද‍්ධාචිත‍්තං පුරෙචාරිකං කත්‍වා සාටකං ආදාය සත්‍ථු පාදමූලෙ ඨපෙත්‍වා “ජිතං මෙ, ජිතං මෙ”ති තික‍්ඛත‍්තුං මහාසද‍්දමකාසි.

බමුණා දවල් කාලය ගෙදර ගතකොට රාත්‍රියෙහි ගොස් බුදුන් ඉදිරියෙන්ම හිඳගෙන ධර්මය ඇසුවේය. බණ අසා ඔහුගේ සිරුර පස්වණක්ප්‍රීතියෙන් පිනා ගියේය. ඔහු බුදුන්ට පුදනු කැමතිව, ඉතින් මේ සාටකය දුන්නොත් මට හෝ බැමිණියට හෝ පාරුපණයක් නැති වන්නේයයි සිතීය. ඔහුගේ සිත තුළ මසුරු කල්පනා දහස් ගණනින් ඉපදිණි. නැවත එක් ශ්‍රද්ධා සිතක් පහළවිය. එය යටපත් කරගෙන නැවත මසුරුසිත් පහළවිය. මෙසේ ඔහුග් සිතේ පහළ වන මසුරුසිත ඔහුගේ සිත බැඳගන්නාක් මෙන් ශ්‍රද්ධා සිත සිඳීගෙනම යයි. මෙය බුදුන්ට දෙන්නෙමි, නොදෙන්නෙමියයි සිතසිතා සිටින විට රාත්‍රි ප්‍රථම යාමය ගතවී ගියේය. මැදුම්යම පැමිණියේය. ඒ යාමයේදීත් දීගත නොහැකිවිය. පශ්චිම යාමය පැමිණි කළ හේ මෙසේ සිතීය. මගේ සැදැහැසිත සමග මසුරුසිත යුද්ධකරන අතර යාම දෙකක් ඉක්ම ගියේය. මේ මගේ මසුරුසිත වැඩී ගියොත් සතර අපායෙන් හිස ඔසවාගන්ට නොලැබෙයි. දැන් ඉතින් දන් දෙන්නෙමයි මසුරුසිත් දහස් ගණන මැඩපවත්වාගෙන ශ්‍රද්ධාසිත පෙරටු කරගෙන සළුව රැගෙන බුදුන්ගේ පාමුල තබා මම දිනුවා, මම දිනුවායය තෙවරක් කීවේය.

රාජා පසෙනදි කොසලො ධම‍්මං සුණන‍්තො තං සද‍්දං සුත්‍වා “පුච‍්ඡථ නං, කිං කිර තෙන ජිත”න‍්ති ආහ. සො රාජපුරිසෙහි පුච‍්ඡිතො තමත්‍ථං ආරොචෙසි. තං සුත්‍වා රාජා “දුක‍්කරං කතං බ්‍රාහ‍්මණෙන, සඞ‍්ගහමස‍්ස කරිස‍්සාමී”ති එකං සාටකයුගං දාපෙසි. සො තම‍්පි තථාගතස‍්සෙව අදාසි. පුන රාජා ද‍්වෙ චත‍්තාරි අට‍්ඨ සොළසාති ද‍්විගුණං කත්‍වා දාපෙසි. සො තානිපි තථාගතස‍්සෙව අදාසි. අථස‍්ස රාජා ද‍්වත‍්තිංස යුගානි දාපෙසි. බ්‍රාහ‍්මණො “අත‍්තනො අග‍්ගහෙත්‍වා ලද‍්ධං ලද‍්ධං විස‍්සජ‍්ජෙසියෙවා”ති වාදමොචනත්‍ථං තතො එකං යුගං අත‍්තනො, එකං බ්‍රාහ‍්මණියාති ද‍්වෙ යුගානි ගහෙත්‍වා තිංස යුගානි තථාගතස‍්සෙව අදාසි. රාජා පන තස‍්මිං සත‍්තක‍්ඛත‍්තුම‍්පි දදන‍්තෙ පුන දාතුකාමොයෙව අහොසි. පුබ‍්බෙ මහාඑකසාටකො චතුසට‍්ඨියා සාටකයුගෙසු ද‍්වෙ අග‍්ගහෙසි, අයං පන ද‍්වත‍්තිංසාය ලද‍්ධකාලෙ ද‍්වෙ අග‍්ගහෙසි.

බණ අසමින් සිටි පසේනදි කොසොල්රජ, ඔහුගේ ඒ හඬ අසා, යම්, ගොස් ඔහු දනුවේ කුමක්දැයි අසා බලව්යයි කීකල්හි, එහි ගිය රාජපුරුෂයන් විසින් විචාරන ලදුව ඒ පුවත කීවේය. ඒ ඇසූ රජු බමුණා කර තිබෙන්නේ දුෂ්කර ක්‍රියාවකියි ඔහුට සංග්‍රහ කළයුතුයයි එක් සළු යුගළයක් දෙවීය. බමුණා එයද බුදුන්ට පිදීය. ඉන්පසු රජ දෙකක් හතරක් අටක් දහසයක් වශයෙන් දෙගුණ කරමින් සළු දෙවීය. හෙතෙම ඒ සියල්ලම බුදුන්ටම පිදීය. බ්‍රාහ්මණ තෙම, තමන් නොගෙන දෙන දෙන සළු පූජාකරන්නේමයයි කියවෙන වචනයෙන් මිදීම පිණිස ඒවායින් එක් සළු යුගළයක් තමන්ට එකක් බැමිණියට එකක් වශයෙන් රැගෙන ඉතිරි සළුයුගළ තිහම බුදුන්ටම පිදීය. රජ ඔහුට සියවරක් දුන්නත් තවත් දෙනු කැමති විය. පෙර මහාඑකසාටකව සිටි කල සිව්සැටක් සාටක යුගළවලින් දෙකක් ගත්තේය. මෙකල දෙතිසක් ලැබුණු කල දෙකක් ගත්තේය.

රාජා පුරිසෙ ආණාපෙසි – “දුක‍්කරං භණෙ බ්‍රාහ‍්මණෙන කතං, අන‍්තෙපුරෙ මම ද‍්වෙ කම‍්බලානි ආහරාපෙය්‍යාථා”ති. තෙ තථා කරිංසු. රාජා සතසහස‍්සග‍්ඝනකෙ ද‍්වෙ කම‍්බලෙ දාපෙසි. බ්‍රාහ‍්මණො “න ඉමෙ මම සරීරෙ උපයොගං අරහන‍්ති, බුද‍්ධසාසනස‍්සෙව එතෙ අනුච‍්ඡවිකා”ති එකං කම‍්බලං අන‍්තොගන්‍ධකුටියං සත්‍ථු සයනස‍්ස උපරි විතානං කත්‍වා බන්‍ධි, එකං අත‍්තනො ඝරෙ නිබද‍්ධං භුඤ‍්ජන‍්තස‍්ස භික‍්ඛුනො භත‍්තකිච‍්චට‍්ඨානෙ විතානං කත්‍වා බන්‍ධි.

රජු පුරුෂයන්ට අණ කොට, සගයෙනි, බමුණා විසින් කර ඇත්තේ දුෂ්කර ක්‍රියාවකි. මේ කරුණ රජගෙදරදී මට මතක් කරවයි කීවේය. ඔවුහු එසේ කළහ. රජු ලක්‍ෂයක් වටිනා කම්බිලි දෙකක් දෙවීය. බමුණා, මෙතරම් වටිනා මේ කම්බිලි මගේ සිරුරෙහි ගෑවීමටවත් නුසුදුසුය. මේවා බුදුසසුනටම සුදුසුයයි එක් කම්බිලියක් බුදුන්ගේ ගඳකිළියේ බුදුන්ගේ සයනයට උඩින් වියනක් ලෙසින් බැඳ, අනික තමන්ගේ ගෙදර භික්‍ෂූන් දන් වැළඳීමට වැඩසිටින තැන උඩුවියනක් ලෙසින් බැන්දේය.

රාජා සායන‍්හසමයෙ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තං කම‍්බලං සඤ‍්ජානිත්‍වා, “භන‍්තෙ, කෙන පූජා කතා”ති පුච‍්ඡිත්‍වා “එකසාටකෙනා”ති වුත‍්තෙ “බ්‍රාහ‍්මණො මම පසාදට‍්ඨානෙයෙව පසීදතී”ති වත්‍වා “චත‍්තාරො හත්‍ථී චත‍්තාරො අස‍්සෙ චත‍්තාරි කහාපණසහස‍්සානි චතස‍්සො ඉත්‍ථියො චතස‍්සො දාසියො චත‍්තාරො පුරිසෙ චතුරො ගාමවරෙ”ති එවං යාව සබ‍්බසතා චත‍්තාරි චත‍්තාරි කත්‍වා සබ‍්බචතුක‍්කං නාම අස‍්ස දාපෙසි.

කොසොල් රජු සවස් වේලාවේ බුදුන් සමීපයට ගොස් කම්බිලිය හඳුනාගෙන ස්වාමීනි, මෙය කවුරුන් විසින් පුදන ලදදැයි අසා ඒකසාටක බමුණා විසිනැයි වදාළ කල්හි, බමුණා මා පැහැදෙන තැන්වලම ප්‍රසාදය ඇතිකර ගන්නෙකියි කියා, ඇතුන්, අසුන්, හතරදෙනා බැගින්ද, කහවනු හාරදහසක්, ස්ත්‍රීන් හතරදෙනෙක්, දාසියන් හතරදෙනෙක්, පුරුෂයන් හතරදෙනෙක්, ගම්වර හතරක් වශයෙන් මෙසේ සියල්ලෙන්ම හතර බැගින් ගෙන ඔහුට සබ්බචතුෂ්ක (සියල්ලෙන් හතරක්) යක් දෙවීය.

භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “අහො අච‍්ඡරියං චූළෙකසාටකස‍්ස කම‍්මං, තංමුහුත‍්තමෙව සබ‍්බචතුක‍්කං ලභි, ඉදානි කතෙන කල්‍යාණකම‍්මෙන අජ‍්ජමෙව විපාකො දින‍්නො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, සචායං එකසාටකො පඨමයාමෙ මය‍්හං දාතුං අසක‍්ඛිස‍්ස, සබ‍්බසොළසකං අලභිස‍්ස. සචෙ මජ‍්ඣිමයාමෙ අසක‍්ඛිස‍්ස, සබ‍්බට‍්ඨකං අලභිස‍්ස. බලවපච‍්ඡිමයාමෙ දින‍්නත‍්තා පනෙස සබ‍්බචතුක‍්කං ලභි. කල්‍යාණකම‍්මං කරොන‍්තෙන හි උප‍්පන‍්නං චිත‍්තං අහාපෙත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව කාතබ‍්බං. දන්‍ධං කතං කුසලඤ‍්හි සම‍්පත‍්තිං දදමානං දන්‍ධමෙව දදාති, තස‍්මා චිත‍්තුප‍්පාදසමනන‍්තරමෙව කල්‍යාණකම‍්මං කාතබ‍්බ”න‍්ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ධර්ම සභාවට රැස්වූ භික්ෂූහු, අහෝ චූලෙ-ඒකසාටක බමුණාගේ ක්‍රියාව ඉතා පුදුමයි. ඔහු එවේලාවේම සබ්බචතුෂ්කයක් ලැබුවේය. දැන් කළ යහපත් ක්‍රියාවෙන් අදම විපාක ලැබුණේය කියා කථාකරමින් සිටියහ. ශාස්තෘන්වහන්සේ එහි පැමිණ කරමින් සිටි කථාව ගැන අසා මෙබඳු කථාවකියි කීකල්හි මහණෙනි, යම්හෙයකින් මේ ඒකසාටකතෙම ප්‍රථම යාමයෙහි මට ඒ සාටකය දීමට පුළුවන්වූයේනම් සියල්ල සොළස බැගින් ලබන්නේය. යම් හෙයකින් මධ්‍යම යාමයේ දීමට හැකිවූයේ නම් සියල්ල අට බැගින් ලබන්නේය. උදෑසනම දීගත හැකිවූ හෙයින් සියල්ල හතර බැගින් ලැබීය. යහපත් වැඩ කරන්නහු විසින් උපන් සිත නොනසාගෙන එකෙණෙහිම කළයුතුය. පසුවෙවී කළ කුසලයෙහි විපාකද පසුවෙවී අඩුවෙවී ලැබෙයි. ඒ නිසා සිත පහළවූ හැටියේම යහපත් වැඩ කළයුතු යයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“අභිත්‍ථරෙථ කල්‍යාණෙ, පාපා චිත‍්තං නිවාරයෙ; දන්‍ධඤ‍්හි කරොතො පුඤ‍්ඤං, පාපස‍්මිං රමතී මනො”ති.

වහා පින් කළ යුතු පවින් සිත වෙන්කළ යුතු පමාවන අයගේ සිත පව්කම්වලම නියැලේ

තත්‍ථ අභිත්‍ථරෙථාති තුරිතතුරිතං සීඝසීඝං කරෙය්‍යාති අත්‍ථො. ගිහිනා වා හි “සලාකභත‍්තදානාදීසු කිඤ‍්චිදෙව කුසලං කරිස‍්සාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නෙ යථා අඤ‍්ඤෙ ඔකාසං න ලභන‍්ති, එවං “අහං පුරෙ, අහං පුරෙ”ති තුරිතතුරිතමෙව කාතබ‍්බං. පබ‍්බජිතෙන වා උපජ‍්ඣායවත‍්තාදීනි කරොන‍්තෙන අඤ‍්ඤස‍්ස ඔකාසං අදත්‍වා “අහං පුරෙ, අහං පුරෙ”ති තුරිතතුරිතමෙව කාතබ‍්බං. පාපා චිත‍්තන‍්ති කායදුච‍්චරිතාදිපාපකම‍්මතො වා අකුසලචිත‍්තුප‍්පාදතො වා සබ‍්බථාමෙන චිත‍්තං නිවාරයෙ. දන්‍ධඤ‍්හි කරොතොති යො පන “දස‍්සාමි, න දස‍්සාමි සම‍්පජ‍්ජිස‍්සති නු ඛො මෙ, නො”ති එවං චික‍්ඛල‍්ලමග‍්ගෙන ගච‍්ඡන‍්තො විය දන්‍ධං පුඤ‍්ඤං කරොති, තස‍්ස එකසාටකස‍්ස විය මච‍්ඡෙරසහස‍්සං පාපං ඔකාසං ලභති. අථස‍්ස පාපස‍්මිං රමතී මනො, කුසලකම‍්මකරණකාලෙයෙව හි චිත‍්තං කුසලෙ රමති, තතො මුච‍්චිත්‍වා පාපනින‍්නමෙව හොතීති.

එහි අභිත්ථරෙථ යනු වහවහා ශීඝ්‍රශීඝ්‍රයෙන් කළයුතුය යන අර්ථයි. ගිහියකු විසින් සලාකබත් දානාදි යම්කිසි පිනක් කරන්නෙමි යන කුසල් සිතක් ඇතිවූ හැටියේ අනික් අයට ඉඩ ලැබීමට පෙරාතුව මම පළමුව මම පළමුව වහවහා කළයුතුයයි කියාද, උපාධ්‍යායාදි වතාවත් කරන පැවිද්දකු විසින් නම් අනිත් අය ඒ වතාවත් කිරීමට පළමුව මම පළමුව මම පළමුව කරන්නෙමියි වහාම කළයුතුය. පාපා චිත්තං යනු කායදුශ්චරිතාදි පව්කම්වලින් අකුසලසිත් ඉපදීම්වලින් සියලු උත්සාහ දරා සිත මුදවා ගත යුතුය. දන්ධංහි කරොතො යනු යමෙක් දන් දෙම්ද නොදෙම්ද මට එයින් ප්‍රයෝජනයක් ලැබෙයිද නොලැබෙයිද යනාදි වශයෙන් මඩපාරක යන්නාක් මෙන් අස්ථිර සිතින් පින් කෙරෙයිද ඔහුට ඒකසාටක බමුණාට මෙන් මසුරුසිත් දහස් ගණනින් පහළ වී පවට අවකාශය ලැබෙයි. ඉන්පසු පාපස්මිං රමති මනො ඔහුගේ සිත කුසල්දහම් කරන වේලාවේදීත් සිත කුසලයෙහි මෙන්ම, ඉන්පසු එයින් මිදී පාපයෙහි ඇලීමේත් යෙදෙයි.

ගාථාපරියොසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

ගාථා කෙළවර බොහෝ භික්‍ෂූහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

චූළෙකසාටකබ්‍රාහ‍්මණවත්‍ථු පඨමං.

පළමුවන චූලඒකසාටක බමුණාගේ වස්තුවයි.