16. බහුපුත්තිකත්ථෙරීවත්ථු අට්ඨකථා
16. බහුපුත්තිකත්ථෙරීවත්ථු
16. බහුපුත්තික තෙරණියගේ වස්තුව
යො ච වස්සසතං ජීවෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො බහුපුත්තිකං ථෙරිං ආරබ්භ කථෙසි.
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ බහුපුත්තික ස්ථවිරීන් උදෙසා දේශනා කරනලදි.
සාවත්ථියං කිරෙකස්මිං කුලෙ සත්ත පුත්තා සත්ත ච ධීතරො අහෙසුං. තෙ සබ්බෙපි වයප්පත්තා ගෙහෙ පතිට්ඨහිත්වා අත්තනො ධම්මතාය සුඛප්පත්තා අහෙසුං. තෙසං අපරෙන සමයෙන පිතා කාලමකාසි. මහාඋපාසිකා සාමිකෙ නට්ඨෙපි න තාව කුටුම්බං විභජති. අථ නං පුත්තා ආහංසු – “අම්ම, අම්හාකං පිතරි නට්ඨෙ තුය්හං කො අත්ථො කුටුම්බෙන, කිං මයං තං උපට්ඨාතුං න සක්කොමා”ති. සා තෙසං කථං සුත්වා තුණ්හී හුත්වා පුනප්පුනං තෙහි වුච්චමානා “පුත්තා මං පටිජග්ගිස්සන්ති, කිං මෙ විසුං කුටුම්බෙනා”ති සබ්බං සාපතෙය්යං මජ්ඣෙ භින්දිත්වා අදාසි. අථ නං කතිපාහච්චයෙන ජෙට්ඨපුත්තස්ස භරියා “අහො අම්හාකං, අය්යා, ‘ජෙට්ඨපුත්තො මෙ’ති ද්වෙ කොට්ඨාසෙ දත්වා විය ඉමමෙව ගෙහං ආගච්ඡතී”ති ආහ. සෙසපුත්තානං භරියාපි එවමෙව වදිංසු. ජෙට්ඨධීතරං ආදිං කත්වා තාසං ගෙහං ගතකාලෙපි නං එවමෙව වදිංසු. සා අවමානප්පත්තා හුත්වා “කිං ඉමෙසං සන්තිකෙ වුට්ඨෙන, භික්ඛුනී හුත්වා ජීවිස්සාමී”ති භික්ඛුනීඋපස්සයං ගන්ත්වා පබ්බජ්ජං යාචි. තා නං පබ්බාජෙසුං. සා ලද්ධූපසම්පදා හුත්වා බහුපුත්තිකත්ථෙරීති පඤ්ඤායි.
සැවැත්නුවර එක් පවුලක පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය. ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා දුනහොත් ඔබ පෝෂණය කරන්ට අපට බැරිද? ඈ ඔවුන්ගේ කතාව අසාත් නිහඬවම සිටියාය. නැවතනැවතත් දරුවන් මේ ඉල්ලීම කරන නිසා ඈ මොවුන් මා රැකබලා ගන්නවා ඇතියි සිතා, සියලු ධනසම්පත් දෙකොටසකට බෙදා ගෑණු පිරිමි දෙපක්ෂයට දුන්නාය. ඉන්පසු කීප දිනකින් ඈ වැඩිමහල් පුතාගේ ගෙට ගියාය. පුතාගේ බිරිඳ දෙටුපුතායයි කියා දෙකොටසක් දුන්නාක් මෙන් මේ ගෙදරටම එන්නීයයි කීවාය. අනිත් පුතුන්ගේ භාර්යාවෝත් ඒ ලෙසින්ම කීවාහුය. දෙටු දියණිය ආදිකොට ඇති දුවරුන්ගේ ගෙවල්වලිනුදු ලැබුණේ ඒ කථාවමය. ඈ මෙසේ අවමානයට ලක්වී මොවුන් ළඟ සිටීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. භික්ෂුණීන්ගේ නිවාසයට ගොස් පැවිදි වන්නෙමියි සිතා එහි ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය. භික්ෂුණීහු ඈ පැවිදි කළාහුය. ඈ උපසම්පදාවද ලබා බහුපුත්තික තෙරණිය නමින් හඳුනා ගන්නාලදි.
සා “අහං මහල්ලකකාලෙ පබ්බජිතා, අප්පමත්තාය මෙ භවිතබ්බ”න්ති භික්ඛුනීනං වත්තපටිවත්තං කරොන්තී “සබ්බරත්තිං සමණධම්මං කරිස්සාමී”ති හෙට්ඨාපාසාදෙ එකං ථම්භං හත්ථෙන ගහෙත්වා තං ආවිඤ්ඡමානාව සමණධම්මං කරොති, චඞ්කමමානාපි “අන්ධකාරට්ඨානෙ මෙ රුක්ඛෙ වා කත්ථචි වා සීසං පටිහඤ්ඤෙය්යා”ති තං රුක්ඛං හත්ථෙන ගහෙත්වා තං ආවිඤ්ඡමානාව සමණධම්මං කරොති, “සත්ථාරා දෙසිතධම්මමෙව කරිස්සාමී”ති ධම්මං ආවජ්ජෙත්වා ධම්මං අනුස්සරමානාව සමණධම්මං කරොති. අථ සත්ථා ගන්ධකුටියං නිසින්නොව ඔභාසං ඵරිත්වා සම්මුඛෙ නිසින්නො විය තාය සද්ධිං කථෙන්තො “බහුපුත්තිකෙ මයා දෙසිතං ධම්මං අනාවජ්ජෙන්තස්ස අපස්සන්තස්ස වස්සසතං ජීවනතො මයා දෙසිතං ධම්මං පස්සන්තස්ස මුහුත්තම්පි ජීවිතං සෙය්යො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඈ මහලුවී පැවිදිවූ නිසා, අප්‍රමාදීව විසීම යෙහෙකියි සිතා භික්ෂුණීන් ළඟට ගොස් වත්පිළිවෙත් කරමින් මුළු රෑ මහණදම් පුරන්නෙමියි යට ප්‍රාසාදයෙහි එක් කණුවක් අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් සිටියාය. සක්මන් කරද්දීත් අඳුරු තැනකදී මගේ හිස ගසක හෝ වෙන තැනක හෝ ඇනෙන්නට හැකියයි සිතා ඒ ගසම අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් කැරකෙන ගමන්ම භාවනාකරමින් මහණදම් පුරයි. බුදුන් දෙසූ ධර්මයම කරන්නෙමියි ධර්මය ගැන මෙනෙහිකරමින් ධර්මය සිහිකරමින් මහණදම් පුරයි. ශාස්තෘන්වහන්සේ ගන්ධකුටියෙහි හිඳින ගමන්ම ආලෝකයක් විහිදුවා සම්මුඛයෙහි සිටින්නාක් මෙන් වී, ඈ සමග කතා කරමින් බහුපුත්රිකාවෙනි, මා දෙසූ දහම සිහි නොකරන්නාගේ ධර්මය නොදකින්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා, මා දෙසූ දහම දකින්නාගේ මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් සේ ගාථාව ප්‍රකාශ කළහ:
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො ධම්මමුත්තම”න්ති.
උතුම් සදහම නොදකින අය සියක් වස් සිටියත් දහම නිසි ලෙස දකිමින් සිටින එක දවස වැදගති
තත්ථ ධම්මමුත්තමන්ති නවවිධං ලොකුත්තරධම්මං. සො හි උත්තමො ධම්මො නාම. යො හි තං න පස්සති, තස්ස වස්සසතම්පි ජීවනතො තං ධම්මං පස්සන්තස්ස පටිවිජ්ඣන්තස්ස එකාහම්පි එකක්ඛණම්පි ජීවිතං සෙය්යොති.
එහි ධම්මමුත්තමං යනු නවවිධ ලොව්තුරා දහමය. උතුම් ධර්මය නම් එයයි. යමෙක් එය නොදකින්නේ නම් ඒ පුද්ගලයාගේ වර්ෂ සීයක් ජීවත්වීමට වඩා ධර්මය දකින්නාගේ අවබෝධකරගන්නාගේ එක් දවසක් එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨ වේ.
ගාථාපරියොසානෙ බහුපුත්තිකත්ථෙරී සහ පටිසම්භිදාහි අරහත්තෙ පතිට්ඨහීති.
ගාථා කෙළවර බහුපුත්තික තෙරණිය පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.
බහුපුත්තිකත්ථෙරීවත්ථු චුද්දසමං.
දහහතරවෙනි බහුපුත්තික තෙරණියගේ වස්තුවයි.
සහස්සවග්ගවණ්ණනා නිට්ඨිතා.
සහස්ස වර්ග වර්ණනාව අවසානයි.
අට්ඨමො වග්ගො.
අටවෙනි වර්ගයයි.