15. කිසාගොතමීවත්‍ථු අට‍්ඨකථා
15. කිසාගොතමීවත්‍ථු
15. කිසාගෝතමී තෙරණියන්ගේ වස්තුව
යො ච වස‍්සසතං ජීවෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කිසාගොතමිං ආරබ‍්භ කථෙසි.
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වසන කාලයෙහි කිසාගෝතමිය අරභයා දේශනා කරනලදි.
සාවත්‍ථියං කිරෙකස‍්ස සෙට‍්ඨිස‍්ස ගෙහෙ චත‍්තාලීසකොටිධනං අඞ‍්ගාරා එව හුත්‍වා අට‍්ඨාසි. සෙට‍්ඨි තං දිස‍්වා උප‍්පන‍්නසොකො ආහාරං පටික‍්ඛිපිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි. තස‍්සෙකො සහායකො ගෙහං ගන‍්ත්‍වා, “සම‍්ම, කස‍්මා සොචසී”ති පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා, “සම‍්ම, මා සොචි, අහං එකං උපායං ජානාමි, තං කරොහී”ති. “කිං කරොමි, සම‍්මා”ති? අත‍්තනො ආපණෙ කිලඤ‍්ජං පසාරෙත්‍වා තත්‍ථ තෙ අඞ‍්ගාරෙ රාසිං කත්‍වා වික‍්කිණන‍්තො විය නිසීද, ආගතාගතෙසු මනුස‍්සෙසු යෙ එවං වදන‍්ති – “සෙසජනා වත්‍ථතෙලමධුඵාණිතාදීනි වික‍්කිණන‍්ති, ත්‍වං පන අඞ‍්ගාරෙ වික‍්කිණන‍්තො නිසින‍්නො”ති. තෙ වදෙය්‍යාසි – “අත‍්තනො සන‍්තකං අවික‍්කිණන‍්තො කිං කරොමී”ති?
සැවැත්නුවර එක්තරා සිටුවරයෙකුගේ ගෙදර සතළිස් කෝටියක් පමණ ධනයක් අඟුරු බවට පත්වී තිබුණේය. ඒ දුටු සිටුතෙමේ උපන් ශෝකයෙන් ආහාරත් නොගෙන ඇඳේ වැතිර සිටියේය. ඔහුගේ එක් යහළුවෙක් ඒ ගෙට අවුත්, යහළුව කුමක් නිසා ශෝක කරන්නෙහිදැයි අසා යහළුව, ශෝක නොකරව. මම එක් උපායක් දනිමි. එය කරවයි කීය. යහළුව මා කුමක් කළයුතුද? නුඹ තමන්ගේ වෙළෙඳපොළෙහි කළාල අතුරුවා ඒ අඟුරුරාශිය එහි විසුරුවා තබා අඟුරු විකුණන්නකු ලෙස හිඳගෙන සිටුව. එනයන මිනිස්සු මෙසේ කියනු ඇති. අනිත් වෙළෙන්දෝ වස්ත්‍ර, තෙල්, මීපැණි ආදිය විකුණත්. ඔබ ඉඳගෙන අඟුරු විකුණන්නෙහිය. මා ඉතින් මට ඇති දේ විකුණනවා මිස වෙන කුමක් කරන්ටදැයි ඔවුන්ට කියන්න.
යො පන තං එවං වදති “සෙසජනා වත්‍ථතෙලමධුඵාණිතාදීනි වික‍්කිණන‍්ති, ත්‍වං පන හිරඤ‍්ඤසුවණ‍්ණං වික‍්කිණන‍්තො නිසින‍්නො”ති. තං වදෙය්‍යාසි “කහං හිරඤ‍්ඤසුවණ‍්ණ”න‍්ති. “ඉද”න‍්ති ච වුත‍්තෙ “ආහර, තාව න”න‍්ති හත්‍ථෙහි පටිච‍්ඡෙය්‍යාසි. එවං දින‍්නං තව හත්‍ථෙ හිරඤ‍්ඤසුවණ‍්ණං භවිස‍්සති. සා පන සචෙ කුමාරිකා හොති, තව ගෙහෙ පුත‍්තස‍්ස නං ආහරිත්‍වා චත‍්තාලීසකොටිධනං තස‍්සා නිය්‍යාදෙත්‍වා තාය දින‍්නං වලඤ‍්ජෙය්‍යාසි. සචෙ කුමාරකො හොති, තව ගෙහෙ වයප‍්පත‍්තං ධීතරං තස‍්ස දත්‍වා චත‍්තාලීසකොටිධනං නිය්‍යාදෙත්‍වා තෙන දින‍්නං වලඤ‍්ජෙය්‍යාසීති.
යමෙක් අවුත්, අනිත් වෙළෙන්දෝ රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ රත්රන් විකුණන්නෙහියයි කීවොත් ඔහුට මෙසේ කියව. මෙතන රත්රන් තියෙන්නේ කොහිද? මේ මේවායයි කීකල එය මට රැගෙන දෙන්නැයි කී අයගේ අතින්ම ඉල්වා ගෙන ඔබ අත සඟවා තබාගන්න. එසේ දුන් කල ඔබේ ඇති ඒවා රත්රන්ම වන්නේය. ඒවා අරගෙන ඔබට දුන්නේ කුමරියක් නම්, ඈ ඔබේ ගෙදරට ගෙන්වාගෙන ඔබේ පුතෙකුට ඈ පාවා දී සතළිස් කෙළක් ධනය ඈට පවරාදෙන්න. ඈ අතින් දෙන පමණක් ඔබ පරිහරණය කරන්න.
සො “භද‍්දකො උපායො”ති අත‍්තනො ආපණෙ අඞ‍්ගාරෙ රාසිං කත්‍වා වික‍්කිණන‍්තො විය නිසීදි. යෙ පන නං එවමාහංසු – “සෙසජනා වත්‍ථතෙලමධුඵාණිතාදීනි වික‍්කිණන‍්ති, කිං පන ත්‍වං අඞ‍්ගාරෙ වික‍්කිණන‍්තො නිසින‍්නො”ති? තෙසං “අත‍්තනො සන‍්තකං අවික‍්කිණන‍්තො කිං කරොමී”ති පටිවචනං අදාසි. අථෙකා ගොතමී නාම කුමාරිකා කිසසරීරතාය කිසාගොතමීති පඤ‍්ඤායමානා පරිජිණ‍්ණකුලස‍්ස ධීතා අත‍්තනො එකෙන කිච‍්චෙන ආපණද‍්වාරං ගන‍්ත්‍වා තං සෙට‍්ඨිං දිස‍්වා එවමාහ – “කිං, තාත, සෙසජනා වත්‍ථතෙලමධුඵාණිතාදීනි වික‍්කිණන‍්ති, ත්‍වං හිරඤ‍්ඤසුවණ‍්ණං වික‍්කිණන‍්තො නිසින‍්නො”ති? “කහං, අම‍්ම, හිරඤ‍්ඤසුවණ‍්ණ”න‍්ති ? “නනු ‘ත්‍වං තදෙව ගහෙත්‍වා නිසින‍්නොසී’ති, ආහර, තාව නං, අම‍්මා”ති. සා හත්‍ථපූරං ගහෙත්‍වා තස‍්ස හත්‍ථෙසු ඨපෙසි, තං හිරඤ‍්ඤසුවණ‍්ණමෙව අහොසි.
හෙතෙම මෙය හොඳ උපායක්යයි සිතා තම කඩපිලෙහි අඟුරු ගොඩ ගසා විකුණන්නට මෙන් සිටියේය. යමෙක් එහි අවුත්, සෙස්සෝ වස්ත්‍ර, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ ඉඳගෙන අඟුරු විකුණනවා නොවේදැයි කීකල, මට අයිති දේ විකුණනවා මිස මා වෙන කුමක් කරන්ටදැයි පිළිතුරු දුන්නේය. ඉන්පසු දිනෙක වැනසී ගිය පවුලක කෙට්ටු සිරුරක් ඇති නිසා කිසාගෝතමී නමින් හැඳින්වුණු කුමරියක් එහි පැමිණ වෙළෙඳ දොරටුවට ගොස් ඒ වෙළඳ සිටුවරයා දැක, පියාණනි, අනිත් අය රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණන අතර ඔබ ඉඳගෙන රත්රන් විකුණන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, මෙතැන රත්රන් මොනවාද? ඔබ ඔය තියාගෙන ඇත්තේ රත්රන්ය. මෑණියනි, ඔබේ අතින්ම මට ඒවා අරගෙන දෙන්නැයි හේ ඉල්ලීය. ඈ අත්පුරවා රැගෙන ඔහුගේ දැත්මත තැබුවාය. ඒ දුන් සියල්ලම රත්රන්මවිය.
අථ නං සෙට‍්ඨි “කතරං තෙ, අම‍්ම, ගෙහ”න‍්ති පුච‍්ඡිත්‍වා “අසුකං නාමා”ති වුත‍්තෙ තස‍්සා අස‍්සාමිකභාවං ඤත්‍වා ධනං පටිසාමෙත්‍වා තං අත‍්තනො පුත‍්තස‍්ස ආනෙත්‍වා චත‍්තාලීසකොටිධනං පටිච‍්ඡාපෙසි. සබ‍්බං හිරඤ‍්ඤසුවණ‍්ණමෙව අහොසි. තස‍්සා අපරෙන සමයෙන ගබ‍්භො පතිට‍්ඨහි. සා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි. සො පදසා ගමනකාලෙ කාලමකාසි. සා අදිට‍්ඨපුබ‍්බමරණතාය තං ඣාපෙතුං නීහරන‍්තෙ වාරෙත්‍වා “පුත‍්තස‍්ස මෙ භෙසජ‍්ජං පුච‍්ඡිස‍්සාමී”ති මතකළෙවරං අඞ‍්කෙනාදාය “අපි නු මෙ පුත‍්තස‍්ස භෙසජ‍්ජං ජානාථා”ති පුච‍්ඡන‍්තී ඝරපටිපාටියා විචරති.
ඉන්පසු ඒ සිටුවරයා, දුව ඔබේ ගෙය කොහිදැයි විචාරා, අසවල් තැනයයි කී පසු ඇගේ අස්වාමික බවද දැනගෙන ධනය පවරාදී ඈ තමන්ගේ පුතාට ගෙනවුත් දී සතළිස්කෝටියක ධනය දෑවැද්දකොට දුන්නේය. ඒ අඟුරු සියල්ල රත්රන්ම විය. පසු කලෙක ඈ ගැබ්බර වූවාය. දසමස් ඇවෑමෙන් පුතකු වැදුවාය. ඒ දරුවා පයින් ඇවිදගන්නා කාලයේ මිය ගියේය. ඈ මැරුණු කෙනෙක් මීට පෙර දැක නැති නිසා, ඔහු දැවීමට ගෙනයන විට එය වළක්වා මගේ පුතාට බෙහෙත් සොයන්නෙමියි මළසිරුර ඇකයේ හොවාගෙන, මගේ පුතාට බෙහෙතක් දන්නෙහිදැයි විචාරමින් ගෙවල් පිළිවෙළින් ඇවිදගෙන ගියාය.
අථ නං මනුස‍්සා, “අම‍්ම, ත්‍වං උම‍්මත‍්තිකා ජාතා, මතකපුත‍්තස‍්ස භෙසජ‍්ජං පුච‍්ඡන‍්තී විචරසී”ති වදන‍්ති. සා “අවස‍්සං මම පුත‍්තස‍්ස භෙසජ‍්ජං ජානනකං ලභිස‍්සාමී”ති මඤ‍්ඤමානා විචරති. අථ නං එකො පණ‍්ඩිතපුරිසො දිස‍්වා, “අයං මම ධීතා පඨමං පුත‍්තකං විජාතා භවිස‍්සති අදිට‍්ඨපුබ‍්බමරණා, මයා ඉමිස‍්සා අවස‍්සයෙන භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ආහ – “අම‍්ම, අහං භෙසජ‍්ජං න ජානාමි, භෙසජ‍්ජජානනකං පන ජානාමී”ති. “කො ජානාති, තාතා”ති? “සත්‍ථා, අම‍්ම, ජානාති, ගච‍්ඡ, තං පුච‍්ඡාහී”ති. සා “ගමිස‍්සාමි, තාත, පුච‍්ඡිස‍්සාමි, තාතා”ති වත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා පුච‍්ඡි – “තුම‍්හෙ කිර මෙ පුත‍්තස‍්ස භෙසජ‍්ජං ජානාථ, භන‍්තෙ”ති? “ආම, ජානාමී”ති. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “අච‍්ඡරග‍්ගහණමත‍්තෙ සිද‍්ධත්‍ථකෙ ලද‍්ධුං වට‍්ටතී”ති. “ලභිස‍්සාමි, භන‍්තෙ”. “කස‍්ස පන ගෙහෙ ලද‍්ධුං වට‍්ටතී”ති? “යස‍්ස ගෙහෙ පුත‍්තො වා ධීතා වා න කොචි මතපුබ‍්බො”ති.
මිනිස්සු ඒ දැක දුව ඔබට පිස්සුද? මළ පුතාට බෙහෙත් සොයා ඇවිදින්නෙහිදැයි කියති. ඈ නොවරදවාම මගේ පුතාට බෙහෙත් ලබාගන්නෙමි යන සිතින් ඇවිදගෙන ගියාය. ඉන්පසු එක් නුවණැති පුරුෂයෙක් මේ මගේ දුවණිය පළමුවෙන්ම පුතකු වැදුවා විය හැකියි. මැරුණු කෙනෙකු දැක නැත. මා මේ තැනැත්තියට උපකාර කළ යුතුයයි සිතා දුව මම බෙහෙත් දෙන්ට නොදනිමි. එහෙත් බෙහෙත් දන්නා කෙනෙක් නම් දනිමියයි කීවේය. ඒ බෙහෙත් දන්නේ කවුරුන්ද? දරුව, ඒ බුදුරජාණන්වහන්සේයි. එහි ගොස් උන්වහන්සේගෙන් අසා බලවයි කීවේය. ඈ පියාණෙනි, මම එහි යන්නම්. ගොස් උන්වහන්සේගෙන් අසන්නෙමියි කියා බුදුන් වෙත එළඹ වැඳ එක් පැත්තකටවී ස්වාමීනි, ඔබවහන්සේ මගේ පුතුට බෙහෙත් දන්නෙහිදැයි ඇසුවාය. එසේය මම දනිමි. ඒ සඳහා අවශ්‍ය මොනවාද? අහුරක් පමණ අබඇට වුවමනාය. ස්වාමීනි, එය ලබාගතයුතු තැනක් ඇද්ද? එසේය, පුතෙක් හෝ දුවක් හෝ වෙනත් කිසිවෙක් නොමළ ගෙයකින් ඒවා ලබාගතයුතුය.
සා “සාධු, භන‍්තෙ”ති සත්‍ථාරං වන්‍දිත්‍වා මතපුත‍්තකං අඞ‍්කෙනාදාය අන‍්තොගාමං පවිසිත්‍වා පඨමගෙහස‍්ස ද‍්වාරෙ ඨත්‍වා “අත්‍ථි නු ඛො ඉමස‍්මිං ගෙහෙ සිද‍්ධත්‍ථකො, පුත‍්තස‍්ස කිර මෙ භෙසජ‍්ජං එත”න‍්ති වත්‍වා “අත්‍ථී”ති වුත‍්තෙ තෙන හි දෙථාති. තෙහි ආහරිත්‍වා සිද‍්ධත්‍ථකෙසු දිය්‍යමානෙසු “ඉමස‍්මිං ගෙහෙ පුත‍්තො වා ධීතා වා මතපුබ‍්බො කොචි නත්‍ථි, අම‍්මා”ති පුච‍්ඡිත්‍වා “කිං වදෙසි, අම‍්ම? ජීවමානා හි කතිපයා, මතකා එව බහුකා”ති වුත‍්තෙ “තෙන හි ගණ‍්හථ වො සිද‍්ධත්‍ථකෙ, නෙතං මම පුත‍්තස‍්ස භෙසජ‍්ජ”න‍්ති පටිඅදාසි.
ඈ ස්වාමීනි, මැනවැයි කියා බුදුන් වැඳ මළපුතා ඇකයේ හොවාගෙන ඇතුළුගමට ගොස් පළමු ගෙදර දොර සිට ඔබලාගේ ගෙදර අබ ඇද්ද මගේ පුතාට එය බෙහෙතකියි ඇසූ විට, ඇතැයි කී කල එසේනම් මට ඒ අබ දෙන්නැය ඉල්ලුවාය. ඔවුන් අබ ගෙනවුත් දෙන කල, මේ ගෙදර පුතෙක් හෝ දුවක් හෝ මීට පෙර මැරී ඇද්ද නැද්දැයි ඇසූවිට, දුව කුමක් කියන්නෙහිද? මෙහි ජීවත්වන අය කීපදෙනෙකි. මැරුණු අය බොහෝ වෙතියි කීකල්හි, එසේනම් මේවා ආපසු ගන්න. මගේ පුතාගේ බෙහෙතට අවශ්‍යවන්නේ දූපුතුන් නොමළ ගෙයක ඇති අබවලින්යයි ප්‍රතික්ෂේප කළාය.
සා ඉමිනා නීයාමෙන ආදිතො පට‍්ඨාය නං පුච‍්ඡන‍්තී විචරි. සා එකගෙහෙපි සිද‍්ධත්‍ථකෙ අගහෙත්‍වා සායන‍්හසමයෙ චින‍්තෙසි – “අහො භාරියං කම‍්මං, අහං ‘මමෙව පුත‍්තො මතො’ති සඤ‍්ඤමකාසිං, සකලගාමෙපි පන ජීවන‍්තෙහි මතකාව බහුතරා”ති. තස‍්සා එවං චින‍්තයමානාය පුත‍්තසිනෙහං මුදුකහදයං ථද‍්ධභාවං අගමාසි. සා පුත‍්තං අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං සත්‍ථා “ලද‍්ධා තෙ එකච‍්ඡරමත‍්තා සිද‍්ධත්‍ථකා”ති ආහ. “න ලද‍්ධා, භන‍්තෙ, සකලගාමෙ ජීවන‍්තෙහි මතකාව බහුතරා”ති. අථ නං සත්‍ථා “ත්‍වං ‘මමෙව පුත‍්තො මතො’ති සල‍්ලක‍්ඛෙසි, ධුවධම‍්මො එස සත‍්තානං. මච‍්චුරාජා හි සබ‍්බසත‍්තෙ අපරිපුණ‍්ණජ‍්ඣාසයෙ එව මහොඝො විය පරිකඩ‍්ඪමානොයෙව අපායසමුද‍්දෙ පක‍්ඛිපතී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –
මේ ආකාරයෙන් ඈ මුල පටන් ගෙවල්වලින් විචාරමින් ඇවිද්දාය. එබදු එක ගෙයකින් හෝ අබ ලබාගත නොහැකිවූ ඈ සවස්වූ විට, අනේ මා කළ වැඩක හැටි. මගේ පුතා පමණයි මැරුණේ යන අදහසින් ගමේ ඇවිදි නමුත් මේ ගමේ ජීවත්වන අයට වඩා මළ අය වැඩියයි සිතුවාය. මෙසේ සිතන ඈ තුළ පුත්‍රස්නේහය මෘදුවී තුනීවී ගියේය. ඈ මළපුතා කැලයේ දමා බුදුන් හමුවට ගොස් වැඳ එක් පැත්තක හිඳගත්තේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ඔබ අහුරක් පමණ අබ ලැබුවාදැය ඇසූහ. ස්වාමීනි, නැත. මුළු ගමේම ජීවත්වන අයට වඩා මැරුණු අය වැඩිය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔබ මගේ පුතා පමණයි මිය ගියේ කියා සැලකුවෙහිය. මෙය සත්ත්වයන්ට හිමි ඒකාන්ත ස්වභාවයකි. මාරයා, බලාපොරොත්තු අදහස් මුදුන්පත් නොවුණු අයම මහාදියකඳක් මුහුදට ඇදගෙන යන්නාක් මෙන් අපාය නමැති මුහුදට හෙළන්නේයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාව ප්‍රකාශ කළහ:
“තං පුත‍්තපසුසම‍්මත‍්තං, බ්‍යාසත‍්තමනසං නරං; සුත‍්තං ගාමං මහොඝොව, මච‍්චු ආදාය ගච‍්ඡතී”ති. (ධ· ප· 287);
පුතුන් සතුන් නිසා හෝ මත් වී ඇළුණු සිත් ඇති මිනිසා නිදිගත් ගමක් වතුරෙන් ගසා යන සේ සියල්ලම සමගින් මරුවා ගසා ගෙන යය
ගාථාපරියොසානෙ කිසාගොතමී සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, අඤ‍්ඤෙපි බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
ගාථා කෙළවර කිසාගෝතමිය සෝවාන්ඵලයෙහි පිහිටියාය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සා පන සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචි, සත්‍ථා තං භික‍්ඛුනීනං සන‍්තිකං පෙසෙත්‍වා පබ‍්බාජෙසි. සා ලද‍්ධූපසම‍්පදා කිසාගොතමී ථෙරීති පඤ‍්ඤායි. සා එකදිවසං උපොසථාගාරෙ වාරං පත්‍වා දීපං ජාලෙත්‍වා නිසින‍්නා දීපජාලා උප‍්පජ‍්ජන‍්තියො ච භිජ‍්ජන‍්තියො ච දිස‍්වා “එවමෙව ඉමෙ සත‍්තා උප‍්පජ‍්ජන‍්ති චෙව නිරුජ‍්ඣන‍්ති ච, නිබ‍්බානප‍්පත‍්තා එව න පඤ‍්ඤායන‍්තී”ති ආරම‍්මණං අග‍්ගහෙසි. සත්‍ථා ගන්‍ධකුටියං නිසින‍්නොව ඔභාසං ඵරිත්‍වා තස‍්සා සම‍්මුඛෙ නිසීදිත්‍වා කථෙන‍්තො විය “එවමෙව, ගොතමි, ඉමෙ සත‍්තා දීපජාලා විය උප‍්පජ‍්ජන‍්ති චෙව නිරුජ‍්ඣන‍්ති ච, නිබ‍්බානප‍්පත‍්තා එව න පඤ‍්ඤායන‍්ති, එවං නිබ‍්බානං අපස‍්සන‍්තානං වස‍්සසතං ජීවනතො නිබ‍්බානං පස‍්සන‍්තස‍්ස ඛණමත‍්තම‍්පි ජීවිතං සෙය්‍යො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –
ඉන්පසු ඈ බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුහු ඈ භික්‍ෂුණීන් සමීපයට යවා පැවිදිකරවූහ. ඈ උපසම්පදාවද ලබා කිසාගෝතමී ස්ථවිරී නමින් ප්‍රකට වූවාය. එක් දිනක ඈ උපොසථාගාරයෙහි තමන්ට වාරය පැමිණි විට එහි ගොස් පහන් දල්වා හුන් කල පහන් දැල් බිඳෙමින් උපදිමින් යනු දැක, මේ පහන්සිළු මෙන් මේ සත්ත්වයෝත් ඉපදෙමින් මැරෙන්නාහුය. නිවනට පැමිණි අය පමණක් මෙසේ නොවෙතියි අරමුණු ගත්තේය. ශාස්තෘන්වහන්සේ ගඳකිළියෙහි වැඩසිටිමින්ම ආලෝකයක් එවා ඇගේ ඉදිරියෙහි පෙනී සිට කියන්නාක් මෙන් එසේය, ගෝතමිය, මේ සත්ත්වයෝ පහන්සිළු මෙන් ඉපදෙමින් මැරෙති. නිවනට පැමිණි අය පමණක් එසේ නොවෙති. එසේම නිවන් නොදකින අයගේ වසර සියයක් ජීවත්වීමට වඩා නිවන දැක්ක අයගේ ක්ෂණමාත්‍ර ජීවිතය උතුම්යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“යො ච වස‍්සසතං ජීවෙ, අපස‍්සං අමතං පදං; එකාහං ජීවිතං සෙය්‍යො, පස‍්සතො අමතං පද”න‍්ති.
නිවන් නොදකින අය වසර සීයක් සිටියත් නිවන් දැක එක දිනයක් ජීවත්වීම වැදගති.
තත්‍ථ අමතං පදන‍්ති මරණවිරහිතකොට‍්ඨාසං, අමතමහානිබ‍්බානන‍්ති අත්‍ථො. සෙසං පුරිමසදිසමෙව.
එහි, අමතං යනු මරණයෙන් තොර කොටසයි. අමාමහ නිවන යන අර්ථයයි. සෙස්ස පෙරසේමය.
දෙසනාවසානෙ කිසාගොතමී යථානිසින‍්නාව සහ පටිසම‍්භිදාහි අරහත‍්තෙ පතිට‍්ඨහීති.
දේශනාවසානයේ කිසාගෝතමිය ඒ හිටිහැටියෙන්ම පිළිසිඹියාත් සමග රහත්බවෙහි පිහිටියාය.
කිසාගොතමීවත්‍ථු තෙරසමං.
දහතුන්වන කිසාගෝතමී තෙරණියන්ගේ වස්තුවයි.