14. පටාචාරාථෙරීවත්ථු අට්ඨකථා
14. පටාචාරාථෙරීවත්ථු
14. පටාචාරා තෙරණියගේ වස්තුව
යො ච වස්සසතං ජීවෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පටාචාරං ථෙරිං ආරබ්භ කථෙසි.
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පටාචාරා ස්ථවිරීන් අරභයා දේශනා කරනලදි.
සා කිර සාවත්ථියං චත්තාලීසකොටිවිභවස්ස සෙට්ඨිනො ධීතා අහොසි අභිරූපා. තං සොළසවස්සුද්දෙසිකකාලෙ සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ රක්ඛන්තා වසාපෙසුං. එවං සන්තෙපි සා එකෙන අත්තනො චූළූපට්ඨාකෙන සද්ධිං විප්පටිපජ්ජි. අථස්සා මාතාපිතරො සමජාතිකකුලෙ එකස්ස කුමාරස්ස පටිස්සුණිත්වා විවාහදිවසං ඨපෙසුං. තස්මිං උපකට්ඨෙ සා තං චූළූපට්ඨාකං ආහ – “මං කිර අසුකකුලස්ස නාම දස්සන්ති, මයි පතිකුලං ගතෙ මම පණ්ණාකාරං ගහෙත්වා ආගතොපි තත්ථ පවෙසනං න ලභිස්සසි, සචෙ තෙ මයි සිනෙහො අත්ථි, ඉදානෙව මං ගහෙත්වා යෙන වා තෙන වා පලායස්සූ”ති. “සො සාධු, භද්දෙ”ති. “තෙන හි අහං ස්වෙ පාතොව නගරද්වාරස්ස අසුකට්ඨානෙ නාම ඨස්සාමි, ත්වං එකෙන උපායෙන නික්ඛමිත්වා තත්ථ ආගච්ඡෙය්යාසී”ති වත්වා දුතියදිවසෙ සඞ්කෙතට්ඨානෙ අට්ඨාසි.
ඕතොමෝ සැවැත්නුවර සතළිස්කෝටියක ධනසම්පතක් ඇති සිටුවරයෙකුගේ අභිරූපී දුවණියකවූවාය. මවුපියෝ ඈ සොළොසැවිරිදි වියේදී සත්මහල් ප්‍රාසාදයක උඩුමහලේ රැකවල් සහිතව ආරක්ෂා සහිතව වාසයකරවූශ. මෙසේ තිබියදීත් ඈ තමාගේ එක් සේවකයකු සමග නෝබිනා ආශ්‍රයට වැටුණාය. ඉන්පසු ඇගේ මවුපියෝ සම ජාති කුලවත් එක් කුමාරයකු ගැන කතාබහ කරගෙන විවාහයට දින නියම කරගත්හ. දිනය ළංවූ විට ඈ ඒ තමාගේ සුළුසේවකයාට කථාකොට, මා අසවල් පවුලේ අසවලාට දෙන්නේය. මා පතිකුලයට ගිය පසු මගේ පණිවුඩයක් රැගෙන එන කෙනෙකුට පවා එහි ඇතුළට යෑමට අවසරයක් නොලැබෙයි. ඉතින් ඔබ මා කෙරෙහි ආදරයක් ඇත්නම් දැන්ම මා රැගෙන කොහේ හරි පලායන්නැයි කීවාය. හෙතෙම සොඳුර, යහපති. මම හෙට උදේ පාන්දරම නුවර දොරටුවේ අසවල් තැන සිටින්නෙමි. ඔබ කුමක් හෝ උපායකින් නික්මී එතැනට එන්නැයි කියා දෙවෙනි දිනයේ නියම කරගත් තැනට ගොස් සිටියේය.
සාපි පාතොව කිලිට්ඨං වත්ථං නිවාසෙත්වා කෙසෙ වික්කිරිත්වා කුණ්ඩකෙන සරීරං මක්ඛිත්වා කුටං ආදාය දාසීහි සද්ධිං ගච්ඡන්තී විය ඝරා නික්ඛමිත්වා තං ඨානං අගමාසි. සො තං ආදාය දූරං ගන්ත්වා එකස්මිං ගාමෙ නිවාසං කප්පෙත්වා අරඤ්ඤෙ ඛෙත්තං කසිත්වා දාරුපණ්ණාදීනි ආහරති. ඉතරා කුටෙන උදකං ආහරිත්වා සහත්ථා කොට්ටනපචනාදීනි කරොන්තී අත්තනො පාපස්ස ඵලං අනුභොති. අථස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨාසි. සා පරිපුණ්ණගබ්භා “ඉධ මෙ කොචි උපකාරකො නත්ථි, මාතාපිතරො නාම පුත්තෙසු මුදුහදයා හොන්ති, තෙසං සන්තිකං මං නෙහි, තත්ථ මෙ ගබ්භවුට්ඨානං භවිස්සතී”ති සාමිකං යාචි.
ඈ දෙවෙනි දිනයේ කිළුටු ඇඳුම් ඇඳගෙන කෙස් මුදාහැරගෙන විසුරුවාහැර ධාන්‍යකුඩු ඇඟේ තවරාගෙන කළගෙඩියක්ද රැගෙන දාසයන් සමග යන්නියක මෙන් ගෙයින් පිටවී එකී තැනට ගියාය. ඔහු ඈත් සමග ඈත ගමකට ගොස් එහි නැවතී ආරණ්‍යයෙහි කෙතක් හදා සීසා දරකොළ ආදිය ගෙන එයි. අනිත් තැනැත්තිය කළයෙන් දිය ගෙනවුත් සියතින්ම වී කෙටීම් ආහාර පිසීම් ආදිය කරමින් තමන්ගේ පවෙහි විපාක විඳියි. පසුව ඇගේ කුස ගැබක් පිහිටියේය. ඈ පිරිපුන් ගැබ ඇතිව, මෙහි අපට කිසිම උදව් කරන්නෙක් නැත. මවුපියෝ දරුවන්ට මොළොක් හදවත් ඇත්තෝ වෙති. මා ඔවුන් ළඟට පමුණුවන්න, ඔවුන් ළඟදී මගේ දරුවන් ලැබී වියයුතුයයි කියමින් සැමියාගෙන් ඉල්ලාසිටියාය.
සො “කිං, භද්දෙ, කථෙසි, මං දිස්වා තව මාතාපිතරො විවිධා කම්මකාරණා කරෙය්යුං, න සක්කා මයා තත්ථ ගන්තු”න්ති පටික්ඛිපි. සා පුනප්පුනං යාචිත්වාපි ගමනං අලභමානා තස්ස අරඤ්ඤං ගතකාලෙ පටිවිස්සකෙ ආමන්තෙත්වා “සචෙ සො ආගන්ත්වා මං අපස්සන්තො ‘කහං ගතා’ති පුච්ඡිස්සති, මම අත්තනො කුලඝරං ගතභාවං ආචික්ඛෙය්යාථා”ති වත්වා ගෙහද්වාරං පිදහිත්වා පක්කාමි. සොපි ආගන්ත්වා තං අපස්සන්තො පටිවිස්සකෙ පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා “නිවත්තෙස්සාමි න”න්ති අනුබන්‍ධිත්‍වා තං දිස්වා නානප්පකාරං යාචියමානොපි නිවත්තෙතුං නාසක්ඛි. අථස්සා එකස්මිං ඨානෙ කම්මජවාතා චලිංසු. සා එකං ගච්ඡන්තරං පවිසිත්වා, “සාමි, කම්මජවාතා මෙ චලිතා”ති වත්වා භූමියං නිපජ්ජිත්වා සම්පරිවත්තමානා කිච්ඡෙන දාරකං විජායිත්වා “යස්සත්ථායාහං කුලඝරං ගච්ඡෙය්යං, සො අත්ථො නිප්ඵන්නො”ති පුනදෙව තෙන සද්ධිං ගෙහං ආගන්ත්වා වාසං කප්පෙසි.
හෙතෙම, සොඳුර කුමක් කියන්නෙහිද, මා දුටු හැටියේම ඔබේ මවුපියේ නොයෙක් වධහිංසා කරන්නහුය. ඔබ හා සමග මට නම් එහි යාම අපහසුයයි ප්‍රතික්ෂේප කෙළේය. ඈ නැවත නැවතත් ඉල්ලාසිටි නමුත් යාගත නොහැකිව ඔහු වනයට ගිය කල අසල්වැසියන් අමතා ඉදින් ඔහු අවුත් මා නොදැක කොහේ ගියාදැයි ඇසුවොත් මා තමන්ගේ ගෙදර ගියබව දන්වන්නැයි කියා යන්ට ගියාය. ඒ පුරුෂයාත් ගෙට අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් ඒ පුවත අසා ඈ නවත්වාගන්නෙමියි ලුහුබැඳගොස් හමුවී නානාප්‍රකාරයෙන් ඉල්ලාසිටි නමුත් නවත්වාගත නොහැකිවිය. ඉන්පසු පිටත්ව යන අතර එක්තැනකදී ඈට විලිරුදාව හටගත්තේය. ඈ එක් ගස් අතරකට ගොස් සැමියාණනි, මට විලිරුජා හටගත්තේයයි කියා බිම නිදාගෙන ඉතාමත් දුකසේ දරුවා වදා අපි අපේ ගෙදරට යන කරුණ මෙහිදීම සිදු වූයේයයි නැවත ආපසු ගෙදර ගොස් වාසය කළහ.
තස්සා අපරෙන සමයෙන පුන ගබ්භො පතිට්ඨහි. සා පරිපුණ්ණගබ්භා හුත්වා පුරිමනයෙනෙව සාමිකං යාචිත්වා ගමනං අලභමානා පුත්තං අඞ්කෙනාදාය තථෙව පක්කමිත්වා තෙන අනුබන්‍ධිත්‍වා “තිට්ඨාහී”ති වුත්තෙ නිවත්තිතුං න ඉච්ඡි. අථ නෙසං ගච්ඡන්තානං මහා අකාලමෙඝො උදපාදි සමන්තා විජ්ජුලතාහි ආදිත්තං විය මෙඝත්ථනිතෙහි, භිජ්ජමානං විය උදකධාරානිපාතනිරන්තරං නභං අහොසි. තස්මිං ඛණෙ තස්සා කම්මජවාතා චලිංසු. සා සාමිකං ආමන්තෙත්වා, “සාමි, කම්මජවාතා මෙ චලිතා, න සක්කොමි සන්ධාරෙතුං, අනොවස්සකට්ඨානං මෙ ජානාහී”ති ආහ. සො හත්ථගතාය වාසියා ඉතො චිතො ච උපධාරෙන්තො එකස්මිං වම්මිකමත්ථකෙ ජාතං ගුම්බං දිස්වා ඡින්දිතුං ආරභි. අථ නං වම්මිකතො නික්ඛමිත්වා ඝොරවිසො ආසීවිසො ඩංසි. තඞ්ඛණඤ්ඤෙවස්ස සරීරං අන්තොසමුට්ඨිතාහි අග්ගිජාලාහි ඩය්හමානං විය නීලවණ්ණං හුත්වා තත්ථෙව පති.
පසුකලකදී ඇගේ කුස තවත් ගැබක් පිහිටියේය. ඈ ගැබ මුහුකුරා ගියවිට පෙර පරිද්දෙන්ම සැමියාගෙන් යාච්ඤාකොට එය ඉටු නොවුණු හෙයින් පුතාත් වඩාගෙන පෙර පරිද්දෙන්ම පිටත්ව යනකල සැමියා පිටුපසින් අවුත් නවත්වා ගනු නොහැකිවිය. මෙසේ යන ඔවුන්ට අතරමගදී මහා අකල් වැස්සක් හමුවිය. හාත්පසම විදුලියවැලින් දිලිසෙන්නාක් මෙන්ද මේඝගර්ජනාවලින් අහස බිඳී වැගිරෙන්නාක් වැනි වර්ෂාධාරා නිපාතයෙන් පිරීගියේය. එකෙණෙහිම ඈට විලිරුදාවද ඇතිවිය. ඈ සැමියා අමතා, හිමියනි මට විලිරුදා ඇතිවිය. ඉවසීමත් අපහසුය. නොතෙමෙන තැනක් සොයන්නැයි කීවාය. ඔහු අතේ තිබුණු වෑයත් රැගෙන එහෙමෙහ සොයා යන අතර, එක් තුඹසක් මත වැවී තිබුණු පඳුරු කැලෑවක් දැක එය කපන්ට පටන්ගත්තේය. තුඹසේ සිටි ඝෝරවිෂ සර්පයෙක් ඇවිත් ඔහු දෂ්ටකෙළේය. එකෙණෙහි සිරුර ඇතුළේ ඇතිවූ විෂගිනිජාලාවකින් දැවෙන්නාක් මෙන් වී ශරීරය නිල්පැහැවී එතැනම ඇද වැටුණේය.
ඉතරාපි මහාදුක්ඛං අනුභවමානා තස්ස ආගමනං ඔලොකෙන්තීපි තං අදිස්වාව අපරම්පි පුත්තං විජායි. ද්වෙ දාරකා වාතවුට්ඨිවෙගං අසහමානා මහාවිරවං විරවන්ති. සා උභොපි තෙ උරන්තරෙ කත්වා ද්වීහි ජණ්ණුකෙහි චෙව හත්ථෙහි ච භූමියං උප්පීළෙත්වා තථා ඨිතාව රත්තිං වීතිනාමෙසි. සකලසරීරං නිල්ලොහිතං විය පණ්ඩුපලාසවණ්ණං අහොසි. සා උට්ඨිතෙ අරුණෙ මංසපෙසිවණ්ණං එකං පුත්තං අඞ්කෙනාදාය ඉතරං අඞ්ගුලියා ගහෙත්වා “එහි, තාත, පිතා තෙ ඉතො ගතො”ති වත්වා සාමිකස්ස ගතමග්ගෙන ගච්ඡන්තී තං වම්මිකමත්ථකෙ කාලං කත්වා පතිතං නීලවණ්ණං ථද්ධසරීරං දිස්වා “මං නිස්සාය මම සාමිකො පන්ථෙ මතො”ති රොදන්තී පරිදෙවන්තී පායාසි.
අනිත් තැනැත්තිය මහාදුකක් විඳිමින්, ඔහුගේ පැමිණීම බලාසිට ඔහු නොදැකම පුතකු වැදුවාය. දරුවෝ දෙදෙන වැසිවාත වේගය උහුලාගතනොහී මහහඬින් හඬන්නටවූහ. ඈ දරුවන් දෙදෙනාම බඩතුරුලට ගෙන අත්දෙකක් දණිස් දෙකත් පොළොවේ පිහිටුවා දරුවන් රකිමින් මුළු රැයම ගත කළාය. මුළු සිරුර ලේ නැතුව ගියක්මෙන් පඬුපැහැ ගැන්විණි. ඈ එළිවුණු පසු මස්වැදැල්ලක් වැනි දරුවා ඇකයෙන් ගෙන අනික් පුතාගේ ඇඟිල්ලෙන් අල්වාගෙන පුතා එන්න. ඔබේ පියා ගියේ මේ පැත්තටයයි කියා සැමියා ගිය පාරෙන් ගොස් ඔහු තුඹස උඩ මැරී වැටී නිල්වන්ව දරදඬු ගැහී තිබුණු සිරුර දැක මා නිසා මගේ සැමියා පාරේ වැටී මළේයයි හඬමින් විලාපකියමින් එතැනින් පිටත්ව ගියාය.
සා සකලරත්තිං දෙවෙන වුට්ඨත්තා අචිරවතිං නදිං ජණ්ණුප්පමාණෙන කටිප්පමාණෙන ථනප්පමාණෙන උදකෙන පරිපුණ්ණං දිස්වා අත්තනො මන්දබුද්ධිතාය ද්වීහි දාරකෙහි සද්ධිං උදකං ඔතරිතුං අවිසහන්තී ජෙට්ඨපුත්තං ඔරිමතීරෙ ඨපෙත්වා ඉතරං ආදාය පරතීරං ගන්ත්වා සාඛාභඞ්ගං අත්ථරිත්වා නිපජ්ජාපෙත්වා “ඉතරස්ස සන්තිකං ගමිස්සාමී”ති බාලපුත්තකං පහාය තරිතුං අසක්කොන්තී පුනප්පුනං නිවත්තිත්වා ඔලොකයමානා පායාසි. අථස්සා නදීමජ්ඣං ගතකාලෙ එකො සෙනො තං කුමාරං දිස්වා “මංසපෙසී”ති සඤ්ඤාය ආකාසතො භස්සි. සා තං පුත්තස්සත්ථාය භස්සන්තං දිස්වා උභො හත්ථෙ උක්ඛිපිත්වා “සූසූ”ති තික්ඛත්තුං මහාසද්දං නිච්ඡාරෙසි. සෙනො දූරභාවෙන තං අසුත්වාව කුමාරකං ගහෙත්වා වෙහාසං උප්පතිත්වා ගතො. ඔරිමතීරෙ ඨිතපුත්තො මාතරං නදීමජ්ඣෙ උභො හත්ථෙ උක්ඛිපිත්වා මහාසද්දං නිච්ඡාරයමානං දිස්වා “මං පක්කොසතී”ති සඤ්ඤාය වෙගෙන උදකෙ පති. ඉතිස්සා බාලපුත්තං සෙනො හරි, ජෙට්ඨපුත්තො උදකෙන වූළ්හො.
මුළු රැයමවැසි වැටී තනමත්තක් පමණ දියෙන් පිරුණු අචිරවතී ගඟ දුටු ඈ තම බුද්ධියේ මඳකම නිසා දරුවන් සමග දියට බසිනු නොහැකිව දෙටුපුතා මෙහා ඉවුරෙන් තබා ළදරුපුතා රැගෙන එහා ඉවුරට ගොස් අත්තක් කඩා දමා ඔහු එහි හොවා අනික් පුතා ගෙන එනු පිණිස දියට බැස ගොස් බාලපුතාගේ ඇඬීම නවතාගනු නොහැකිව නැවත නැවතත් නැවතී නැවතී ආපසු බලමන් ගියාය. ඈ නදිය මැදට ගියකල්හි එක් උකුස්සෙක් ඒ බිළිඳා දැක මස්වැදැල්ලකියි යන හැඟීමෙන් අහසින් බැස්සේය. පුතා නිසා එසේ බසින උකුස්සා දුටු ඈ දෑතින් අත්පුඩි ගසා සූ සූ කියා තෙවරක් මහහඬින් කෑගෑවාය. උකුස්සා දුරින් සිටි නිසා ඒ ශබ්දය නොඇසී බිළිඳා ඩැහැගෙන අහසට නැගී ගියේය. එහා ඉවුරෙහි සිටි පුතා මව නදියෙහි මැඳ සිටි දෑතින් මහහඬ නගන නිසා මට හඬගසන්නේයයි සිතා වේගයෙන් වතුරට පැන්නේය. මෙසේ ඇගේ බාලපුතා උකුස්සා ඩැහැගෙන ගියේය. දෙටුපුතා ජලය පැහැරගෙන ගියේය.
සා “එකො මෙ පුත්තො සෙනෙන ගහිතො, එකො උදකෙන වූළ්හො, පන්ථෙ මෙ පති මතො”ති රොදන්තී පරිදෙවන්තී ගච්ඡමානා සාවත්ථිතො ආගච්ඡන්තං එකං පුරිසං දිස්වා පුච්ඡි – “කත්ථ වාසිකොසි, තාතා”ති? “සාවත්ථිවාසිකොම්හි, අම්මා”ති. “සාවත්ථිනගරෙ අසුකවීථියං එවරූපං අසුකකුලං නාම අත්ථි, ජානාසි, තාතා”ති? “ජානාමි, අම්ම, තං පන මා පුච්ඡි, සචෙ අඤ්ඤං ජානාසි පුච්ඡා”ති. “අඤ්ඤෙන මෙ කම්මං නත්ථි, තදෙව පුච්ඡාමි, තාතා”ති. “අම්ම, ත්වං අත්තනො අනාචික්ඛිතුං න දෙසි, අජ්ජ තෙ සබ්බරත්තිං දෙවො වස්සන්තො දිට්ඨො”ති. “දිට්ඨො මෙ, තාත, මය්හමෙවෙසො සබ්බරත්තිං වුට්ඨො, න අඤ්ඤස්ස. මය්හං පන වුට්ඨකාරණං පච්ඡා තෙ කථෙස්සාමි, එතස්මිං තාව මෙ සෙට්ඨිගෙහෙ පවත්තිං කථෙහී”ති.
ඈ මගේ එක පුතෙක් උකුස්සකු විසින් ගන්නාලදි. එකෙක් ජලපහර මගින් ගසාගෙන ගියේය. සැමියා පාරෙහිදී මළේයයි හඬමින් වැලපෙමින් යන්නී සැවැත්නුවර සිට එන එක් පුරුෂයකු හමුවී ඔබ කොහි වසන්නෙක්දැයි ඇසුවාය. මෑණියනි, මම සැවැත්නුවර වසමි. සැවැත්නුවර අසවල් වීථියේ මෙබදු පවුලක් වෙයි. ඒ ගැන ඔබ දන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, එසේය මම එය දන්නෙමි. ඒ ගැන මගෙන් නොඇසුව මැනවි. වෙන ඕනෑම ඔබ දන්නා දෙයක් ගැන අසන්නැයි ඔහු කීවේය. මට වෙනත් දෙයකින් වැඩක් නැත. ඒ ගැනම අසමියි කීවාය. මෑණියනි, ඔබ මා වළකන දේම අසන්නෙහිය. අද මුළු රෑ පුරා වැසි වැස්ස බව දැක්කෙහිද? දරුව එසේය, දැක්කෙමි. ඒ වැස්ස මටම වැස්ස බව පසුව කියමි. දැන් ඒ සිටුගෙදරටවූ දෙය කියන්නැයි ඉල්ලා සිටියාය.
“අම්ම, අජ්ජ රත්තිං සෙට්ඨිඤ්ච සෙට්ඨිභරියඤ්ච සෙට්ඨිපුත්තඤ්චාති තයොපි ජනෙ අවත්ථරමානං ගෙහං පති, තෙ එකචිතකස්මිං ඣායන්ති. එස ධූමො පඤ්ඤායති, අම්මා”ති. සා තස්මිං ඛණෙ නිවත්ථවත්ථං පතමානං න සඤ්ජානි, උම්මත්තිකභාවං පත්වා යථාජාතාව රොදන්තී පරිදෙවන්තී –
මෑණියනි, අද රෑ වැස්සෙන් සිටුවරයාත්, සිටුභාර්යාවත්, සිටුපුතාත් යන තිදෙනාම යටකරගෙන ගෙය කඩා වැටුණේය. ඔවුහු අර පෙනෙන එකම දරසෑයේ පිළිස්සෙති. අර දුම මෑණියනි, අර දුම පෙනෙන්නේ ඒ දරසෑයෙනි. ඈ ඒ වේලාවේ ඇඳ සිටි වස්ත්‍ර වැටෙද්දීත් ඒබව නොදත්තාය. උමතුබවට පැමිණ උපන් හැටියෙන්ම හඬමින් විලාප කියමින්,
“උභො පුත්තා කාලකතා, පන්ථෙ මය්හං පතී මතො; මාතා පිතා ච භාතා ච, එකචිතම්හි ඩය්හරෙ”ති. (අප· ථෙරී 2.2.498) –
දරු දෙදෙනා නැසුණා හිමියා මගදී මැරුණා මව පියා සහ සොහොයුරු එකම සෑයක දැවුණා
විලපන්තී පරිබ්භමි. මනුස්සා තං දිස්වා “උම්මත්තිකා උම්මත්තිකා”ති කචවරං ගහෙත්වා පංසුං ගහෙත්වා මත්ථකෙ ඔකිරන්තා ලෙඩ්ඩූහි පහරන්ති. සත්ථා ජෙතවනමහාවිහාරෙ අට්ඨපරිසමජ්ඣෙ නිසීදිත්වා ධම්මං දෙසෙන්තො තං ආගච්ඡමානං අද්දස කප්පසතසහස්සං පූරිතපාරමිං අභිනීහාරසම්පන්නං.
යනාදිය කියමන් දුවන්ට පටන්ගත්තාය. ඒ දුටු මිනිස්සු කුණුකසල ආදියද පස්ද ගෙන ඇගේ හිස මත දමා කැටකැබිලිතිවලින්ද පහර දුන්හ. දෙව්රම්වෙහෙරෙහි අටපිරිස් මැද වැඩ හිඳගෙන දහම් දෙසමින් සිටි බුදුරජාණන්වහන්සේ එන්නාවූ ඈ දුටුසේක. ඈ කල්ප ලක්ෂයක් පිරූපාරමිතා ඇති අභිනීහාර ලැබූ තැනැත්තියකි.
සා කිර පදුමුත්තරබුද්ධකාලෙ පදුමුත්තරසත්ථාරා එකං විනයධරත්ථෙරිං බාහාය ගහෙත්වා නන්දනවනෙ ඨපෙන්තං විය එතදග්ගට්ඨානෙ ඨපියමානං දිස්වා “අහම්පි තුම්හාදිසස්ස බුද්ධස්ස සන්තිකෙ විනයධරත්ථෙරීනං අග්ගට්ඨානං ලභෙය්ය”න්ති අධිකාරං කත්වා පත්ථනං ඨපෙසි.
ඈ වනාහි පියුමතුරාබුදුන්ගේ කාලයෙහි ඒ බුදුන් විසින් එක් විනයධර තෙරණියක් අතින් ගෙන නන්දන වනයෙහි තබන්නාක් මෙන් එතදග්‍ර පාළියෙහි තබනු දැක, මමත් ඔබවහන්සේ වැනි බුදුකෙනකුන්ගේ හමුවෙහි විනයධර තෙරණියන්ගේ අග්‍රස්ථානය ලබම්වායි ප්‍රාර්ථනා තැබුවාය.
පදුමුත්තරබුද්ධො අනාගතංසඤාණං පත්ථරිත්වා පත්ථනාය සමිජ්ඣනභාවං ඤත්වා “අනාගතෙ ගොතමබුද්ධස්ස නාම සාසනෙ අයං පටාචාරා නාමෙන විනයධරත්ථෙරීනං අග්ගා භවිස්සතී”ති බ්යාකාසි.
පදුමුත්තර බුදුරජාණන්වහන්සේ අනාගතය බැලිය හැකි නුවණ විහිදුවා ඒ පැතුම සිද්ධ වනබව දැක අනාගතයෙහි ගෞතමනම් බුදුන්ගේ සසුනෙහි මැය පටාචාරී නමින් විනයධර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබන්නීයයි ප්‍රකාශකළහ.
තං එවං පත්ථිතපත්ථනං අභිනීහාරසම්පන්නං සත්ථා දූරතොව ආගච්ඡන්තිං දිස්වා “ඉමිස්සා ඨපෙත්වා මං අඤ්ඤො අවස්සයො භවිතුං සමත්ථො නාම නත්ථී”ති චින්තෙත්වා තං යථා විහාරාභිමුඛං ආගච්ඡති, එවං අකාසි. පරිසා තං දිස්වාව “ඉමිස්සා උම්මත්තිකාය ඉතො ආගන්තුං මා දදිත්ථා”ති ආහ. සත්ථා “අපෙථ, මා නං වාරයිත්ථා”ති වත්වා අවිදූරට්ඨානං ආගතකාලෙ “සතිං පටිලභ භගිනී”ති ආහ. සා තං ඛණංයෙව බුද්ධානුභාවෙන සතිං පටිලභි. තස්මිංකාලෙ නිවත්ථවත්ථස්ස පතිතභාවං සල්ලක්ඛෙත්වා හිරොත්තප්පං පච්චුපට්ඨාපෙත්වා උක්කුටිකං නිසීදි. අථස්සා එකො පුරිසො උත්තරසාටකං ඛිපි. සා තං නිවාසෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා සුවණ්ණවණ්ණෙසු පාදෙසු පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා, “භන්තෙ, අවස්සයො මෙ හොථ, පතිට්ඨා මෙ හොථ. එකඤ්හි මෙ පුත්තං සෙනො ගණ්හි, එකො උදකෙන වූළ්හො, පන්ථෙ මෙ පති මතො, මාතාපිතරො චෙව මෙ භාතා ච ගෙහෙන අවත්ථටා එකචිතකස්මිං ඣායන්තී”ති.
එසේ පැතූපැතුම් ඇති, විවරණත් ලබා ඇති දුරසිට එන්නාවූ ඈ දුටු බුදුරජාණන්වහන්සේ මැයට මාමිස වෙනත් කිසිවෙක් පිහිටවීමට සමත් නොවේයයි සලකා ඈ විහාරයට අභිමුඛව එන්නට සැලැස්වූහ. පිරිස ඈ දුටු හැටියේම මේ පිස්සියට මෙහි එන්නට ඉඩ නොදෙව්යයි කීවාහුය. බුදුරජාණන්වහන්සේ පහව යව්. ඈ නොවළක්වව්යයි කියා, සමීපයට ආකල්හි, නැගණිය සිහිඑළවා ගන්නැයි කීහ. ඈ එකෙණෙහිම බුද්ධානුභාවයෙන් සිහිය ලැබුවාය. එකල ඇඳසිටි වස්ත්‍ර ගැළවී ගොස් ඇති බව දැන හිරිඔතප් ඇතිකරගෙන උත්කුටිකව හිඳගත්තාය. ඉන්පසු එක් පුරුෂයෙක් ඈ වෙත උතුරුසළුවක් විසි කෙළේය. ඈ එය ඇඳගෙන බුදුන් වෙත එළඹ රන්වන් පාදයෙන් පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, මට පිහිටවන්නැයි කියා, මගේ එක පුතෙක් උකුස්සෙකු පැහැර ගන්නා ලදි. අනිකා වතුරේ ගසාගෙන ගියේය. ස්වාමියා මාර්ගයෙහිදී මළේය. මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී එකම දර සෑයක දැවෙන්නෝයයි කීවාය.
සත්ථා තස්සා වචනං සුත්වා “පටාචාරෙ, මා චින්තයි, තව තාණං සරණං අවස්සයො භවිතුං සමත්ථස්සෙව සන්තිකං ආගතාසි. යථා හි තව ඉදානි එකො පුත්තකො සෙනෙන ගහිතො, එකො උදකෙන වූළ්හො, පන්ථෙ පති මතො, මාතාපිතරො චෙව භාතා ච ගෙහෙන අවත්ථටා; එවමෙව ඉමස්මිං සංසාරෙ පුත්තාදීනං මතකාලෙ තව රොදන්තියා පග්ඝරිතඅස්සු චතුන්නං මහාසමුද්දානං උදකතො බහුතර”න්ති වත්වා ඉමං ගාථමාහ –
බුදුරජාණන්වහන්සේ ඇගේ වචන අසා පටාචාරවනි, අමුත්තක් නොසිතව. ඔබට පිහිටවීමට, සරණ ලබාදීමට සමත් අය ළඟටම පැමිණියේයය වදාළහ. යම් ලෙසකින් ඔබේ එක් පුත්‍රයෙක් උකුස්සකු විසින් ඩැහැ ගත්තේද, අනිත්පුතා ජලයෙහි ගිළී ගියේද, ස්වාමියා මගදී මළේද, මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී ගියෝද, මෙසේ මේ සසර ගමනේදී පුත්‍රාදීන් මළ අවස්ථාවල ඇඬූ ඔබගේ දෑසින් වැගුරූ කඳුළු සතරමහා සමුද්‍රයෙහි ජලයට බොහෝ වැඩියයි වදාරා මේ ගාථාවද වදාළහ:
“චතූසු සමුද්දෙසු ජලං පරිත්තකං, තතො බහුං අස්සුජලං අනප්පකං; දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොචනා, කිං කාරණා අම්ම තුවං පමජ්ජසී”ති.
සතර මහා සාගර ජලයට වැඩී බොහෝ කඳුළු දෑසින් වගුරා ඇත මිනිසා ශෝකෙන් දුකෙන් පෙළෙනවිට යහළුව ඔබ ඇයි තව පසුවෙන්නේ
එවං සත්ථරි අනමතග්ගපරියායං කථෙන්තෙ තස්ස සරීරෙ සොකො තනුත්තං අගමාසි. අථ නං තනුභූතසොකං ඤත්වා පුන සත්ථා ආමන්තෙත්වා “පටාචාරෙ පුත්තාදයො නාම පරලොකං ගච්ඡන්තස්ස තාණං වා ලෙණං වා සරණං වා භවිතුං න සක්කොන්ති, තස්මා විජ්ජමානාපි තෙ න සන්තියෙව, පණ්ඩිතෙන පන සීලං විසොධෙත්වා අත්තනො නිබ්බානගාමිමග්ගං ඛිප්පමෙව සොධෙතුං වට්ටතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මෙසේ ශාස්තෘන්වහන්සේ අනමතග්ග පර්යාය (කෙළවරක් නැති සසර පිළිබඳ විස්තරය) වදාරන විට ඇගේ ශරීරයෙහිවූ ශෝකය තුනීවී ගියේය. ඉන්පසු ඇගේ ශෝකය තුනීවී ගියබව දැන ශාස්තෘන්වහන්සේ ඈ අමතා පටාචාරාවෙනි, දූදරුවෝ වනාහි පරලොව යන්නාට පිහිටක්, සරණක් ආරක්ෂාවක් හෝ ලබාදීමට සමර්ථ නොවෙති. එහෙයින් ඔවුන් සිටියත් නැත්තාක් මෙනි. පණ්ඩිතයන් විසින් කළයුතුව ඇත්තේ සීලයෙන් පිරිසිදුව තමන්ගේ නිර්වාණගාමිණී මග වහවහා පිරිසිදු කරගැනීමයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාද ප්‍රකාශ කළහ:
“න සන්ති පුත්තා තාණාය, න පිතා නාපි බන්ධවා; අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා. (ධ· ප· 288; අප· ථෙරී 2.2.501);
පුතුන් දූවරුන් පිට නෑයන් වෙනත් අයෙකුගෙන් හෝ පිහිටක් නැත මරුවා ඇවිදින් කැඳවන දවසෙදි කිසිවෙකුනේ පිහිටක් නම් නොලැබේ
“එතමත්ථවස්සං ඤත්වා, පණ්ඩිතො සීලසංවුතො; නිබ්බානගමනං මග්ගං, ඛිප්පමෙව විසොධයෙ”ති. (ධ· ප· 289);
නුවණැතියෝ මේ බව වටහාගත් සීල සමාදි ගුණයෙන් යුතුවෙති නිවන් ගමන් යන පාරත් දැනගෙන වහාම එය පිරිසිදු කෙරෙතී
දෙසනාවසානෙ පටාචාරා මහාපථවියං පංසුපරිමාණෙ කිලෙසෙ ඣාපෙත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති. සා පන සොතාපන්නා හුත්වා සත්ථාරං පබ්බජ්ජං යාචි. සත්ථා තං භික්ඛුනීනං සන්තිකං පහිණිත්වා පබ්බාජෙසි. සා ලද්ධූපසම්පදා පටිතාචාරත්තා පටාචාරාත්වෙව පඤ්ඤායි.
දේශනාවසානයෙහි පටාචාරාව මහපොළොවේ පස් පමණවූ කෙලෙස් දවාලා සෝවාන්ඵලයෙහි පිහිටියාය. අනිත් බොහෝ අයත් සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ඕතොමෝ සෝවාන්ව ශාස්තෘන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. ශාස්තෘන්වහන්සේ ඈ භික්ෂුණීන් වෙත යවා පැවිදි කළහ. ඈ උපසම්පදාවද ලබා සිඳීගිය ආචාරය නැවත ලැබූ හෙයින් පටාචාරා නමින්ම ප්‍රකටවූවාය.
සා එකදිවසං කුටෙන උදකං ආදාය පාදෙ ධොවන්තී උදකං ආසිඤ්චි, තං ථොකං ගන්ත්වා පච්ඡිජ්ජි. දුතියවාරෙ ආසිත්තං තතො දූරතරං අගමාසි. තතියවාරෙ ආසිත්තං තතොපි දූරතරන්ති. සා තදෙව ආරම්මණං ගහෙත්වා තයො වයෙ පරිච්ඡින්දිත්වා “මයා පඨමං ආසිත්තං උදකං විය ඉමෙ සත්තා පඨමවයෙපි මරන්ති, තතො දූරතරං ගතං දුතියවාරෙ ආසිත්තං උදකං විය මජ්ඣිමවයෙපි මරන්ති, තතොපි දූරතරං ගතං තතියවාරෙ ආසිත්තං උදකං විය පච්ඡිමවයෙපි මරන්තියෙවා”ති චින්තෙසි. සත්ථා ගන්ධකුටියං නිසින්නොව ඔභාසං ඵරිත්වා තස්සා සම්මුඛෙ ඨත්වා කථෙන්තො විය “එවමෙතං පටාචාරෙ, පඤ්චන්නම්පි ඛන්ධානං උදයබ්බයං අපස්සන්තස්ස වස්සසතං ජීවනතො තෙසං උදයබ්බයං පස්සන්තස්ස එකාහම්පි එකක්ඛණම්පි ජීවිතං සෙය්යො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ගාථමාහ –
එක්දිනක් ඈ කළයෙන් වතුර ගෙන පා සෝදන විට ගළාගිය ජලය ටික දුරක් ගොස් සිඳීගියේය. දෙවෙනි වර වත්කළ විට ඊට වඩා දුරක් ගියේය. තුන්වෙනි වර ඊටද වඩා දුරක් ගියේය. ඈ එයම අරමුණු කොටගෙන තුන් වයස ගැන මෙනෙහි කරමින් මා පළමුවෙන් දැමූ වතුර මෙන් මේ සත්ත්වයෝ ප්‍රථම වියේදීත් මැරෙති. එයින් දුරට ගිය දෙවෙනි වර වත්කළ ජලය මෙන් මැදුම් වියේදීත් මැරෙති. එයිනුත් ඈතට ගිය තෙවෙනි වර වත්කළ ජලය මෙන් පශ්චිම වියෙහිදීත් මැරෙත්මැයි සිතුවාය. බුදුහු ගඳකිළියෙහි හිඳගෙනම ආලෝකයක් පතුරුවා ඈ ළඟ සිට කථා කරන්නාක්මෙන් පටාචාරාව එසේමයි. පංචස්කන්ධයන්ගේ උදාව හා නැසීම නොදන්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා ඒ ස්කන්ධයන්ගේ උදයව්‍යය දකින්නාගේ එක් දිනක්, එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං උදයබ්බයං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො උදයබ්බය”න්ති.
පස්කඳුන් ඇති නැති වීම නොදැන සියවසක් ජීවත්වීමට වඩා එදැන දවසක් සිටිනු යහපති
තත්ථ අපස්සං උදයබ්බයන්ති පඤ්චන්නං ඛන්ධානං පඤ්චවීසතියා ලක්ඛණෙහි උදයඤ්ච වයඤ්ච අපස්සන්තො. පස්සතො උදයබ්බයන්ති තෙසං උදයඤ්ච වයඤ්ච පස්සන්තස්ස. ඉතරස්ස ජීවනතො එකාහම්පි ජීවිතං සෙය්යොති.
එහි අපස්සං උදයව්‍යයං යනු පඤ්චස්කන්ධයන්ගේ විසිපස් ආකාර ලක්ෂණයන් අනුව ඉපදීමත් නැතිවීමත් නොදක්නා පුද්ගලයායි. පස්සතො උදයව්‍යයං යනු ඒ පංචස්කන්ධයන්ගේ ඉපදීමත් මැරීමත් දකින්නාගේ එක් දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බවයි.
දෙසනාවසානෙ පටාචාරා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
දේශනාවසානයෙහි පටාචාරාව පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.
පටාචාරාථෙරීවත්ථු ද්වාදසමං.
දොළොස්වන පටාචාරා තෙරණියගේ වස්තුවයි.