13. සප්පදාසත්ථෙරවත්ථු අට්ඨකථා
13. සප්පදාසත්ථෙරවත්ථු
13. සප්පදාස තෙරුන්ගේ වස්තුව
යො ච වස්සසතං ජීවෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සප්පදාසත්ථෙරං ආරබ්භ කථෙසි.
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි සප්පදාසක නම් තෙරුන් උදෙසා දේශනා කරනලදි.
සාවත්ථියං කිරෙකො කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පබ්බජිත්වා ලද්ධූපසම්පදො අපරෙන සමයෙන උක්කණ්ඨිත්වා “මාදිසස්ස කුලපුත්තස්ස ගිහිභාවො නාම අයුත්තො, පබ්බජ්ජාය ඨත්වා මරණම්හි මෙ සෙය්යො”ති චින්තෙත්වා අත්තනො මරණූපායං චින්තෙන්තො විචරති. අථෙකදිවසං පාතොව කතභත්තකිච්චා භික්ඛූ විහාරං ගන්ත්වා අග්ගිසාලාය සප්පං දිස්වා තං එකස්මිං කුටෙ පක්ඛිපිත්වා කුටං පිදහිත්වා ආදාය විහාරා නික්ඛමිංසු. උක්කණ්ඨිතභික්ඛුපි භත්තකිච්චං කත්වා ආගච්ඡන්තො තෙ භික්ඛූ දිස්වා “කිං ඉදං, ආවුසො”ති පුච්ඡිත්වා “සප්පො, ආවුසො”ති වුත්තෙ ඉමිනා “කිං කරිස්සථා”ති? “ඡඩ්ඩෙස්සාම න”න්ති. තෙසං වචනං සුත්වා “ඉමිනා අත්තානං ඩංසාපෙත්වා මරිස්සාමී”ති “ආහරථ, අහං තං ඡඩ්ඩෙස්සාමී”ති තෙසං හත්ථතො කුටං ගහෙත්වා එකස්මිං ඨානෙ නිසින්නො තෙන සප්පෙන අත්තානං ඩංසාපෙති, සප්පො ඩංසිතුං න ඉච්ඡති. සො කුටෙ හත්ථං ඔතාරෙත්වා ඉතො චිතො ච ආලොලෙති, ඝොරසප්පස්ස මුඛං විවරිත්වා අඞ්ගුලිං පක්ඛිපති, නෙව නං සප්පො ඩංසි. සො “නායං ආසීවිසො, ඝරසප්පො එසො”ති තං පහාය විහාරං අගමාසි.
සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් බුදුන්නේ බණ අසා පැවිදිවී උපසම්පදාවක් ලබා, පසු කලක සසුනෙහි කලකිරී මා වැනි කුලපුත්‍රයෙකුට ගිහිවීම සුදුසු නොවෙයි. පැවිද්දේ සිටම මිය යෑම යෙහෙකැයි සිතා තමන් මියයන උපායක් සොයමින් හැසිරෙයි. ඉන්පසු දිනක උදෑසනම වැළඳූ භික්ෂූහු විහාරයට ගොස් ගිනිශාලාවේ සර්පයකු දැක ඌ එක් කළයකට දමා කළය වසාගෙන විහාරයෙන් පිටත්වූහ. කළකිරුණු භික්ෂුවත් වළඳා එනවිට ඒ භික්ෂූන් දැක ඇවැත්නි මේ කුමක්දැයි අසා ඇවත්නි මේ සර්පයෙකියි කීකල්හි ඔය කරන්ට යන්නේ කුමක්දැයි අසා මූ ඈත තැනකට දමන්නෙමුයි කීහ. ඔවුන්ගේ කථාව ඇසූ භික්ෂුව මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන මැරෙන්නෙමියි එය ඉල්වාගෙන එක් තැනක හිඳගෙන ඒ සර්පයා ලවා තමන් දෂ්ටකරවාගන්ට වෑයම් කෙළේය. සර්පයා දෂ්ට කිරීමට නොකැමතිවිය. හෙතෙම කළය ඇතුළට අත දමා අත එහාට මෙහාට කාල් ගෑවේය. සර්පයාගේ කටඇර ඇඟිල්ල දැම්මේය. එහෙත් සර්පයා දෂ්ට කෙළේම නැත. හෙතෙම මූ විෂඝෝර සර්පයෙක් නොවේයයි ඌ හැරදමා විහාරයට ගියේය.
අථ නං භික්ඛූ “ඡඩ්ඩිතො තෙ, ආවුසො, සප්පො”ති ආහංසු. “න සො, ආවුසො, ඝොරසප්පො, ඝරසප්පො එසො”ති. “ඝොරසප්පොයෙවාවුසො, මහන්තං ඵණං කත්වා සුසුයන්තො දුක්ඛෙන අම්හෙහි ගහිතො, කිං කාරණා එවං ත්වං වදෙසී”ති ආහංසු. “අහං, ආවුසො, තෙන අත්තානං ඩංසාපෙන්තොපි මුඛෙ අඞ්ගුලිං පක්ඛිපෙන්තොපි තං ඩංසාපෙතුං නාසක්ඛි”න්ති. තං සුත්වා භික්ඛූ තුණ්හී අහෙසුං.
ඉන්පසු භික්ෂූහු, ඇවැත්නි, සර්පයා වීසි කෙළෙහිදැයි ඇසූහ. ඇවැත්නි, ඌ විෂඝෝර සර්පයෙක් නොවෙයි. නෑ ඇවැත්නි ඌ විෂඝොරයෙකි. පෙණය පුප්පා සූ සූ ගා ඌ පිම්බේය. අපි ඌ අල්ලාගත්තේ ඉතා අමාරුවෙනි. ඔබ මෙසේ කියන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ඇවැත්නි, මම ඌ ලවා දෂ්ටකරවාගන්ට වෑයම් කළත් උගේ කටට ඇඟිල්ල දැමුවත් දෂ්ටකරවාගන්ට නොහැකිවිය. ඒ ඇසූ භික්ෂූහු නිහඬවූහ.
අථෙකදිවසං න්හාපිතො ද්වෙ තයො ඛුරෙ ආදාය විහාරං ගන්ත්වා එකං භූමියං ඨපෙත්වා එකෙන භික්ඛූනං කෙසෙ ඔහාරෙති. සො භූමියං ඨපිතං ඛුරං ගහෙත්වා “ඉමිනා ගීවං ඡින්දිත්වා මරිස්සාමී”ති එකස්මිං රුක්ඛෙ ගීවං උපනිධාය ඛුරධාරං ගලනාළියං කත්වා ඨිතො උපසම්පදාමාළතො පට්ඨාය අත්තනො සීලං ආවජ්ජෙන්තො විමලචන්දමණ්ඩලං විය සුධොතමණිඛන්ධමිව ච නිම්මලං සීලං අද්දස. තස්ස තං ඔලොකෙන්තස්ස සකලසරීරං ඵරන්තී පීති උප්පජ්ජි. සො පීතිං වික්ඛම්භෙත්වා විපස්සනං වඩ්ඪෙන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා ඛුරං ආදාය විහාරමජ්ඣං පාවිසි.
පසුව දිනක හිසරැවුල් බාන කරනවෑමියෙක් දැලිපිහි දෙකතුනක් රැගෙන විහාරයට ගොස් එකක් බිම තියා අනිකෙන් භික්ෂූන්ගේ හිස බායි. ඒ භික්ෂුව බිම තිබූ කඩකැත්ත රැගෙන මේකෙන් ගෙන සිඳගෙන මැරෙන්නෙමියි, එක් ගසකට බෙල්ල තබා කඩකැති තලය උගුරුදණ්ඩේ තබා, සිට, උපසම්පදා මාලකයේ පටන් තමන්ගේ සීලය ගැන කල්පනාකර එය නිර්මල සඳමඬලක් මෙන්ද, සුදෝසුදු මැණිකක් මෙන් ද පිරිසිදු බව දුටුවේය. එසේ තමන්ගේ නිර්මල සීලය බලය ඔහුගේ මුළුසිරුර පුරා සිහිය පැතිර ගියේය. හෙතෙම ප්‍රීතිය විෂ්කම්භනය (යටපත්කොට) කොට විදර්ශනා වඩා සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණ, දැළිපිහියක් රැගෙන විහාරය මැදට පැමිණියේය.
අථ නං භික්ඛූ “කහං ගතොසි, ආවුසො”ති පුච්ඡිංසු. “‘ඉමිනා ඛුරෙන ගලනාළිං ඡින්දිත්වා මරිස්සාමී’ති ගතොම්හි, ආවුසො”ති. අථ “කස්මා න මතොසී”ති? ඉදානිම්හි සත්ථං ආහරිතුං අභබ්බො ජාතො. අහඤ්හි “ඉමිනා ඛුරෙන ගලනාළිං ඡින්දිස්සාමී”ති ඤාණඛුරෙන සබ්බකිලෙසෙ ඡින්දින්ති. භික්ඛූ “අයං අභූතෙන අඤ්ඤං බ්යාකරොතී”ති භගවතො ආරොචෙසුං. භගවා තෙසං කථං සුත්වා ආහ – “න, භික්ඛවෙ, ඛීණාසවා නාම සහත්ථා අත්තානං ජීවිතා වොරොපෙන්තී”ති. භන්තෙ, තුම්හෙ ඉමං “ඛීණාසවො”ති වදථ, එවං අරහත්තූපනිස්සයසම්පන්නො පනායං කස්මා උක්කණ්ඨති, කිමස්ස අරහත්තූපනිස්සයකාරණං “කස්මා සො සප්පො එතං න ඩංසතී”ති? “භික්ඛවෙ, සො තාව සප්පො ඉමස්ස ඉතො තතියෙ අත්තභාවෙ දාසො අහොසි, සො අත්තනො සාමිකස්ස සරීරං ඩංසිතුං න විසහතී”ති. එවං තාව නෙසං සත්ථා එකං කාරණං ආචික්ඛි. තතො පට්ඨාය ච සො භික්ඛු සප්පදාසො නාම ජාතො.
ඉන්පසු භික්ෂූහු ඇවැත්නි, කොහි ගියෙහිදැයි ඇසූහ. මේ දැළිපිහියෙන් උගුරුදණ්ඩ කපාගෙන මැරෙන්නෙමියි ගියෙමි. ඇවැත්නි, ඉතින් නොමැරුණේ ඇයි? මම දැන් පිහියකින් දිවි තොරකර ගැනීමට අපොහොසත් වෙමි. මම මේ පිහියෙන් ගළනාලය සිඳගන්නෙමියි නුවණ නමැති පිහියෙන් සියලු කෙලෙස් සිඳදැමීමියි කීහ. භික්ෂූහු මේ අය අභූතයෙන් නැති ගුණයක් කියන්නේ යයි භාග්‍යවතුන්වහන්සේට ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ගේ වචන අසා, මහණෙනි, රහතන්වහන්සේලා වනාහි සියතින් ජීවිතය තොරකර නොගනිති. ස්වාමීනි, ඔබවහන්සේ මොහු රහත්යයි කියනසේක්ද? මොහු රහත් වීමට උපනිශ්රයසම්පත් ඇත්තෙක් නම් සසුනෙහි කලකිරුණේ ඇයි? මොහුට රහත් වීමට ඇති හේතුසම්පත් මොනවාද? කුමක් නිසා ඒ සර්පයා මොහු දෂ්ට නොකෙළේද? මහණෙනි, ඒ සර්පයා ආත්මභාව තුනකට පෙර මොහුගේ දාසයෙකි. හෙතෙම තම ස්වාමියාගේ ශරීරය දෂ්ටකරන්ට උත්සාහ නොකෙළේය. මෙසේ ශාස්තෘන්වහන්සේ එක් කරුණක් පමණක් දැන්වූහ. එතැන් පටන් ඒ භික්ෂුව සප්පදාස නමින් ප්‍රකට විය.
කස්සපසම්මාසම්බුද්ධකාලෙ කිරෙකො කුලපුත්තො සත්ථු ධම්මකථං සුත්වා උප්පන්නසංවෙගො පබ්බජිත්වා ලද්ධූපසම්පදො අපරෙන සමයෙන අනභිරතියා උප්පන්නාය එකස්ස සහායකස්ස භික්ඛුනො ආරොචෙසි. සො තස්ස අභිණ්හං ගිහිභාවෙ ආදීනවං කථෙසි. තං සුත්වා ඉතරො සාසනෙ අභිරමිත්වා පුබ්බෙ අනභිරතකාලෙ මලග්ගහිතෙ සමණපරික්ඛාරෙ එකස්මිං සොණ්ඩිතීරෙ නිම්මලෙ කරොන්තො නිසීදි. සහායකොපිස්ස සන්තිකෙයෙව නිසින්නො. අථ නං සො එවමාහ – “අහං, ආවුසො, උප්පබ්බජන්තො ඉමෙ පරික්ඛාරෙ තුය්හං දාතුකාමො අහොසි”න්ති. සො ලොභං උප්පාදෙත්වා චින්තෙසි – “ඉමිනා මය්හං පබ්බජිතෙන වා උප්පබ්බජිතෙන වා කො අත්ථො, ඉදානි පරික්ඛාරෙ ගණ්හිස්සාමී”ති. සො තතො පට්ඨාය “කිං දානාවුසො, අම්හාකං ජීවිතෙන, යෙ මයං කපාලහත්ථා පරකුලෙසු භික්ඛාය චරාම, පුත්තදාරෙහි සද්ධිං ආලාපසල්ලාපං න කරොමා”තිආදීනි වදන්තො ගිහිභාවස්ස ගුණං කථෙසි. සො තස්ස කථං සුත්වා පුන උක්කණ්ඨිතො හුත්වා චින්තෙසි – “අයං මයා ‘උක්කණ්ඨිතොම්හී’ති වුත්තෙ පඨමං ගිහිභාවෙ ආදීනවං කථෙත්වා ඉදානි අභිණ්හං ගුණං කථෙති, ‘කිං නු ඛො කාරණ’”න්ති චින්තෙන්තො “ඉමෙසු සමණපරික්ඛාරෙසු ලොභෙනා”ති ඤත්වා සයමෙව අත්තනො චිත්තං නිවත්තෙසි.
කාශ්‍යප බුදුන් කාලයෙහි එක් කුලපුත්‍රයෙක් ශාස්තෘන්වහන්සේගෙන් බණ අසා උපන් සංවේගයෙන් පැවිදිවී උපසම්පදාවත් ලබා පසු කාලයක සසුනෙහි කලකිරීම ඇතිවී තමන්ගේ එක් යහළු භික්ෂුවකට ඒබව දැන්නුවේය. ඒ භික්ෂුව මොහුට නිතර ගිහිබවේ ආදීනව කියා දුන්නේය. ඒ අසා ඔහු සසුනෙහි කැමැත්ත ඇතිවී පෙර කලකිරී සිටි කාලයෙහි කිලිටිවී තිබුණු ශ්‍රමණ පරිස්කාර එක් ගල්පොකුණක ඉවුරේ තබා පිරිසිදුකරමින් සිටියේය. ඔහුගේ සහායකයාත් ළඟම වාඩිවී සිටියේය. ඉන්පසු ඔහුට කථාකොට, යහළුවාණනි, මම සිවුරු හැරීමට සිතූ කාලයෙහි මේ පිරිකර ඔබට දීමට සිතා සිටියෙමියි කීය. යහළුවා මෙසේ සිතීය. මොහු පැවිදිවී සිටියත් ගිහිවුවත් මට කමක් නැත. ඔහුගේ පිරිකර ගැනීම යෙහෙකි. එතැන් පටන් ඔහු, ඇවැත්නි, අපේ මේ ජීවිතයෙන් පලක් නැත. අපි කබලක් රැගෙන අනුන්ගේ ගෙවල්වලට පිඬුසිඟා යන්නෙමු. පුතුන් අඹුවන් සමග අල්ලාපසල්ලාප කරමු ආදිය කියමින් ගිහිභාවයෙහි ගුණ කීවේය. හෙතෙම ඔහුගේ කථා අසා නැවතත් කලකිරී, මොහු මම කලකිරුණු බව කීකල පළමුව ගිහිබවේ ආදීනව කියා දැන් නිතර එහි ගුණ කියයි. ඒ කුමක් නිසාදැයි සිතා, මේ ශ්රමණපරිෂ්කාර කෙරෙහි ලෝභයෙන් බව දැන, තමන්ම තමන්ගේ සිත නවත්වා ගත්තේය.
එවමස්ස කස්සපසම්මාසම්බුද්ධකාලෙ එකස්ස භික්ඛුනො උක්කණ්ඨාපිතත්තා ඉදානි අනභිරති උප්පන්නා. යො පන තෙනෙව තදා වීසති වස්සසහස්සානි සමණධම්මො කතො, ස්වස්ස එතරහි අරහත්තූපනිස්සයො ජාතොති. ඉමමත්ථං තෙ භික්ඛූ භගවතො සන්තිකා සුත්වා උත්තරිං පුච්ඡිංසු – “භන්තෙ, අයං කිර භික්ඛු ඛුරධාරං ගලනාළියං කත්වා ඨිතොව අරහත්තං පාපුණාති, උප්පජ්ජිස්සති නු ඛො එත්තකෙන ඛණෙන අරහත්තමග්ගො”ති. “ආම, භික්ඛවෙ, ආරද්ධවීරියස්ස භික්ඛුනො පාදං උක්ඛිපිත්වා භූමියං ඨපෙන්තස්ස පාදෙ භූමියං අසම්පත්තෙයෙව අරහත්තමග්ගො උප්පජ්ජති. කුසීතස්ස පුග්ගලස්ස හි වස්සසතං ජීවනතො ආරද්ධවීරියස්ස ඛණමත්තම්පි ජීවිතං සෙය්යො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ඉමං ගාථමාහ –
මෙසේ කසුප් බුදුන් සමයෙහි එක් භික්ෂුවකගේ සිත කලකිරවූ හෙයින් දැනුත් අනභිරතිය උපන්නේය. එකල විසිදහසක් අවුරුදු මහණදම් පිරූ නිසා ඔහුට මේ අත්බවෙහි රහත්වීමට එම කරුණු උපනිශ්රයවූයේයයි මේ කරුණ ඒ භික්ෂූහු බුදුරදුන්ගෙන් දැන නැවතත් මෙසේ විචාළහ. ස්වාමීනි, මොහු දැලිපිහිතලය ගළනාලයේ තබාගෙන සිටියදීම රහත්බවට පැමිණියේය. මෙතරම් සුළු වේලාවකින් රහත්මග ලැබිය හැකිද? එසේය මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇති භික්ෂුවට පයක් ඔසවා එය බිම ත බන කාලය අතරතුර පය බිම තැබීමට පෙර රහත්මග උපදියි. කුසීත පුද්ගලයාට වනාහි අවුරුදු සියයක්වුවද ජීවත්වුවත් ඊට වඩා ආරද්ධවිරිය ඇත්තාගේ ක්ෂණමාත්ර ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“යො ච වස්සසතං ජීවෙ, කුසීතො හීනවීරියො; එකාහං ජීවිකං සෙය්යො, වීරියමාරභතො දළ්හ”න්ති.
කුසීතව වෑයමක් නැති සියක් වසරක් සිටියත් දැඩි වීරියෙන් යුතු එක දිනය වැදගත් වේ.
තත්ථ කුසීතොති කාමවිතක්කාදීහි තීහි විතක්කෙහි වීතිනාමෙන්තො පුග්ගලො. හීනවීරියොති නිබ්බීරියො. වීරියමාරභතො දළ්හන්ති දුවිධජ්ඣානනිබ්බත්තනසමත්ථං ථිරං වීරියං ආරභන්තස්ස. සෙසං පුරිමසදිසමෙව.
එහි කුසීතො යනු කාමවිතර්කාදි තුන්වැදෑරුම් විතර්කයන්ගෙන් කාලය ගෙවන පුද්ගලයායි. හීනවිරියො යනු උත්සාහයක් නැති පුද්ගලයායි. විරියමාරභතො දළ්හං යනු දෙයාකාර ධ්‍යානයන් උපදවා ගැනීමට සමත් වීර්යයෙන් ආරම්භ කරන පුද්ගලයාය. සෙස්ස පෙරසේමය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
සප්පදාසත්ථෙරවත්ථු එකාදසමං.
එකොළොස්වන සප්පදාස තෙරුන්ගේ වස්තුවයි.