යෙදුමෙන් කියවන්න

12. ඛාණුකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

12. ඛාණුකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරවත්‍ථු

12. ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුව

යො ච වස‍්සසතං ජීවෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඛාණුකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා දේශනා කරනලදි.

සො කිර ථෙරො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තො අරහත‍්තං පත්‍වා “සත්‍ථු ආරොචෙස‍්සාමී”ති තතො ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ කිලන‍්තො මග‍්ගා ඔක‍්කම‍්ම එකස‍්මිං පිට‍්ඨිපාසාණෙ නිසින‍්නො ඣානං සමාපජ‍්ජි. අථෙකං ගාමං විලුම‍්පිත්‍වා පඤ‍්චසතා චොරා අත‍්තනො බලානුරූපෙන භණ‍්ඩිකං බන්‍ධිත්‍වා සීසෙනාදාය ගච‍්ඡන‍්තා දූරං ගන‍්ත්‍වා කිලන‍්තරූපා “දූරං ආගතාම‍්හ, ඉමස‍්මිං පිට‍්ඨිපාසාණෙ විස‍්සමිස‍්සාමා”ති මග‍්ගා ඔක‍්කම‍්ම පිට‍්ඨිපාසාණස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ථෙරං දිස‍්වාපි “ඛාණුකො අය”න‍්ති සඤ‍්ඤිනො අහෙසුං. අථෙකො චොරො ථෙරස‍්ස සීසෙ භණ‍්ඩිකං ඨපෙසි, අපරොපි තං නිස‍්සාය භණ‍්ඩිකං ඨපෙසි. එවං පඤ‍්චසතාපි චොරා පඤ‍්චහි භණ‍්ඩිකසතෙහි ථෙරං පරික‍්ඛිපිත්‍වා සයම‍්පි නිසින‍්නා නිද‍්දායිත්‍වා අරුණුග‍්ගමනකාලෙ පබුජ‍්ඣිත්‍වා අත‍්තනො අත‍්තනො භණ‍්ඩිකං ගණ‍්හන‍්තා ථෙරං දිස‍්වා “අමනුස‍්සො”ති සඤ‍්ඤාය පලායිතුං ආරභිංසු.

ඒ තෙරුන්වහන්සේ බුදුන් සමීපයෙහ කමටහන් ඉගෙන ආරණ්‍යවාසීව රහත්බවට පැමිණ ඒ බව බුදුරදුන්ට දන්වන්නෙමියි එනවිට අතරමගදී ක්ලාන්තය හැදී මගින් මෑත්වී ගල්තලාවක හිඳගෙන ධ්‍යානයට සමවැදුණාහ. ඉන්පසු පන්සීයක් පමණ සොරු ගම් කොල්ලකා තම ශක්ති පමණින් බඩුපොදි බැඳගෙන හිස මත තබා එනවිට බොහෝ දුර ගිය බැවින් විඩාවට පැමිණියෙමු. මේ ගල්තලාවේ විවේක ගෙන යන්නෙමුයයි මගින් ඉවත්ව ගල්තලාව ළඟට ගොස් තෙරුන් දුටුනමුත් මේ කණුවක්යයි සිතූහ. එක් සොරෙක් තම බඩුමිටිය තෙරුන්ගේ හිස මත තැබීය. තවත් එකෙක් ඒ උඩ තම බඩුමිටිය තැබීය. මේ ආකාරයෙන් පන්සීයක් සොරු තමතමන්ගේ බඩුමිටි තෙරුන් මත ගොඩ ගසා ඒ උඩ නිදාගත්හ. උදේ හිරපායා එනවිට ඇහැරී තමතමන්ගේ බඩුමිටි ගනිද්දී තෙරුන් දැක අමනුෂ්‍යයෙහිකියි සිතා පැනදුවන්ට පටන්ගත්හ.

අථ නෙ ථෙරො ආහ – “මා භායිත්‍ථ උපාසකා, පබ‍්බජිතො අහ”න‍්ති. තෙ ථෙරස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “ඛමථ, භන‍්තෙ, මයං ඛාණුකසඤ‍්ඤිනො අහුම‍්හා”ති ථෙරං ඛමාපෙත්‍වා චොරජෙට‍්ඨකෙන “අහං අය්‍යස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති වුත‍්තෙ සෙසා “මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති වත්‍වා සබ‍්බෙපි එකච‍්ඡන්‍දා හුත්‍වා ථෙරං පබ‍්බජ‍්ජං යාචිංසු. ථෙරො සංකිච‍්චසාමණෙරො විය සබ‍්බෙපි තෙ පබ‍්බාජෙසි. තතො පට‍්ඨාය ඛාණුකොණ‍්ඩඤ‍්ඤොති පඤ‍්ඤායි.

තෙරණුවෝ ඔවුන්ට කතාකොට උපාසකවරුනි, බිය නොවව්, මම පැවිද්දෙක්මියි කීහ. ඔවුහු තෙරුන් පාමුල වැඳ වැටී අපට සමාවුව මැනවි. අප සිතා ගත්තේ කණුවක්ය කියායයි තෙරුන් සමාකරවාගෙන, සොරදෙටුවා මම ආර්යයන්වහන්සේ සමීපයෙහි පැවිදිවෙමියි කී කල්හි, අපිත් පැවිදි වන්නෙමු යයි සෙස්සෝද පැවිදි වීමට ඒකච්ඡන්දයෙන් ඉදිරිපත්ව තෙරුන්ගෙන් පැවිද්ද ඉල්ලූහ. තෙරණුවෝත් සංකිච්චසාමණේරයන්මෙන් ඔවුන් පැවිදි කළහ. ඉන්පසු උන්වහන්සේ ඛාණුකොණ්ඩඤ්ඤ නමින් ප්‍රකටවූහ.

සො තෙහි භික‍්ඛූහි සද‍්ධිං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරා “කිං, කොණ‍්ඩඤ‍්ඤ, අන‍්තෙවාසිකා තෙ ලද‍්ධා”ති වුත‍්තෙ තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා “එවං කිර, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා, “ආම, භන‍්තෙ, න නො අඤ‍්ඤස‍්ස එවරූපො ආනුභාවො දිට‍්ඨපුබ‍්බො, තෙනම‍්හා පබ‍්බජිතා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, එවරූපෙ දුප‍්පඤ‍්ඤකම‍්මෙ පතිට‍්ඨාය වස‍්සසතං ජීවනතො ඉදානි වො පඤ‍්ඤාසම‍්පදාය වත‍්තමානානං එකාහම‍්පි ජීවිතං සෙය්‍යො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

උන්වහන්සේ ඒ භික්‍ෂූන් සමඟ බුදුන් සමීපයට ගොස් කිම කොණ්ඩඤ්ඤ ඔබට අන්තේවාසිකයන් ලැබුණේදැයි ඇසූ කල ඒ පුවත දන්වා සිටියහ. මහණෙනි, එසේදැයි විචාරා, ස්වාමීනි එසේය. මින්පෙර අපි මෙබඳු සෘද්ධ්‍යනුභාවයක් දැක නැත්තෙමු. එනිසා පැවිදිවීමයි කීකල්හි, මහණෙනි, තොප කළා සේ අනුවණ වැඩක යෙදී වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දැන් තොප ප්‍රඥාසම්පදාවෙහි යෙදී එක්දිනක් ජීවත්වීම අර ජීවිතයට වඩා වටින්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ.

“යො ච වස‍්සසතං ජීවෙ, දුප‍්පඤ‍්ඤො අසමාහිතො; එකාහං ජීවිතං සෙය්‍යො, පඤ‍්ඤවන‍්තස‍්ස ඣායිනො”ති.

නුවණ නැතිව සියවසක් යමෙකු ජීවත්වුව ලොව නුවණැතිව එක දවසක් ජීවත්වීම වැදගති.

තත්‍ථ දුප‍්පඤ‍්ඤො නිප‍්පඤ‍්ඤො. පඤ‍්ඤවන‍්තස‍්සාති සප‍්පඤ‍්ඤස‍්ස. සෙසං පුරිමසදිසමෙවාති.

එහි දුප්පඤ්ඤො යනු ප්‍රඥාවෙනි තොරවීමයි. පඤ්ඤාවන්තස්ස යනු ප්‍රඥාව ඇති තැනැත්තාගේයි. සෙස්ස පෙර පරිදිමය.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. සම‍්පත‍්තමහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයෙහි ඒ භික්‍ෂූන් පන්සීයම පිළිසිඹියාත් සමග රහත්බවට පත්වූහ. පැමිණි මහජනයාටද දේශනාව ප්‍රයෝජනවත් විය.

ඛාණුකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරවත්‍ථු දසමං.

දසවන ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුවයි.