යෙදුමෙන් කියවන්න

11. සංකිච‍්චසාමණෙරවත්‍ථු අට‍්ඨකථා

11. සංකිච‍්චසාමණෙරවත්‍ථු

11. සංකිච්ච සාමණේර වස්තුව

යො ච වස‍්සසතං ජීවෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සංකිච‍්චසාමණෙරං ආරබ‍්භ කථෙසි.

යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සංකිච්ච සාමණේරයන්වහන්සේ නිමිති කරගෙන දේශනා කරනලදි.

සාවත්‍ථියං කිර තිංසමත‍්තා කුලපුත‍්තා සත්‍ථු ධම‍්මකථං සුත්‍වා සාසනෙ උරං දත්‍වා පබ‍්බජිංසු. තෙ උපසම‍්පදාය පඤ‍්චවස‍්සා හුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ගන්‍ථධුරං විපස‍්සනාධුරන‍්ති ද‍්වෙ ධුරානීති සුත්‍වා “මයං මහල‍්ලකකාලෙ පබ‍්බජිතා”ති ගන්‍ථධුරෙ උස‍්සාහං අකත්‍වා විපස‍්සනාධුරං පූරෙතුකාමා යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා, “භන‍්තෙ, එකං අරඤ‍්ඤායතනං ගමිස‍්සාමා”ති සත්‍ථාරං ආපුච‍්ඡිංසු.

සැවැත්නුවර කුලපුත්‍රයෝ තිස්දෙනෙක් බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැහැදී පැවිදිවූහ. ඔවුහු උපසම්පදාවෙන් පස්වසක් ගෙවුණු පසු බුදුන් ළඟට පැමිණ මේ සසුනෙහි ග්‍රන්ථධුර විපස්සනාධුර වශයෙන් ධුර දෙකක් ඇතිබව අසා ඇත්තෙමු. අපි වයසට පත්ව පැවිදිවූ නිසා ග්‍රන්ථධුරයෙහි උත්සාහවත් නොවී විපස්සනාධුරය පුරනුකැමතිව රහත්බව දක්වා කමටහන් කියවාගෙන එක් අරණ්‍යායතනයකට යන්නෙමුයයි බුදුරදුන්ගෙන් විමසූහ.

සත්‍ථා “කතරං ඨානං ගමිස‍්සථා”ති පුච‍්ඡිත්‍වා “අසුකං නාමා”ති වුත‍්තෙ “තත්‍ථ තෙසං එකං විඝාසාදං නිස‍්සාය භයං උප‍්පජ‍්ජිස‍්සති, තඤ‍්ච පන සංකිච‍්චසාමණෙරෙ ගතෙ වූපසමිස‍්සති, අථ නෙසං පබ‍්බජිතකිච‍්චං පාරිපූරිං ගමිස‍්සතී”ති අඤ‍්ඤාසි.

ශාස්තෘන්වහන්සේ, කිනම් තැනකට යන්නහුදැයි අසා, අසවල් තැනටයයි කීකල්හි එහි එක් ඉඳුල් කන්නෙකු නිසා භයක් උපදින බවත් එය සංකිච්ච සාමණේරයන් නිසා දුරුවනබවත් ඉන්පසු ඔවුන්ගේ පැවිදිවීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබවත් දැක ගමනට අවසර දුන්හ.

සංකිච‍්චසාමණෙරො නාම සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සාමණෙරො සත‍්තවස‍්සිකො ජාතියා. තස‍්ස කිර මාතා සාවත්‍ථියං අඩ‍්ඪකුලස‍්ස ධීතා. සා තස‍්මිං කුච‍්ඡිගතෙ එකෙන බ්‍යාධිනා තඞ‍්ඛණඤ‍්ඤෙව කාලමකාසි. තස‍්සා ඣාපියමානාය ඨපෙත්‍වා ගබ‍්භමංසං සෙසං ඣායි. අථස‍්සා ගබ‍්භමංසං චිතකතො ඔතාරෙත්‍වා ද‍්වීසු තීසු ඨානෙසු සූලෙහි විජ‍්ඣිංසු. සූලකොටි දාරකස‍්ස අක‍්ඛිකොටිං පහරි. එවං ගබ‍්භමංසං විජ‍්ඣිත්‍වා අඞ‍්ගාරරාසිම‍්හි ඛිපිත්‍වා අඞ‍්ගාරෙහෙව පටිච‍්ඡාදෙත්‍වා පක‍්කමිංසු.

සංකිච්ච සාමණේරනම සැරියුත්හිමියන්ගේ සත්හැවිරිදි ගෝළනමකි. උන්වහන්සේගේ මව සැවැත්නුවර පොහොසත් පවුලක දියණියකි. ඈ ඔහු කුසෙහි උපන්කල එක්තරා රෝගයකින් හදිසියේම කළුරිය කළාය. ඈ දවා පුළුස්සන අවස්ථාවේ දරුගැබ නොදැවී සෙසු මස් දැවී ගියේය. ඇගේ ගර්භාසය චිතකයෙන් ඉවතට ගෙන දෙතුන්පලක් උල්වලින් විද්දාහ. උලේ කෙළවර දරුවාගේ ඇස් කොණේ ඇනුණේය. මෙසේ ගැබ්මස විද අඟුරු ගොඩක තබා අඟුරුවලින්ම වසා ගියෝය.

ගබ‍්භමංසං ඣායි, අඞ‍්ගාරමත්‍ථකෙ පන සුවණ‍්ණබිම‍්බසදිසො දාරකො පදුමගබ‍්භෙ නිපන‍්නො විය අහොසි. පච‍්ඡිමභවිකස‍්ස සත‍්තස‍්ස හි සිනෙරුනා ඔත්‍ථරියමානස‍්සපි අරහත‍්තං අප‍්පත්‍වා ජීවිතක‍්ඛයො නාම නත්‍ථි. පුනදිවසෙ “චිතකං නිබ‍්බාපෙස‍්සාමා”ති ආගතා තථානිපන‍්නං දාරකං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා “කථඤ‍්හි නාම එත‍්තකෙසු දාරූසු ඛීයමානෙසු සකලසරීරෙ ඣාපියමානෙ දාරකො න ඣායි, කිං නු ඛො භවිස‍්සතී”ති දාරකං ආදාය අන‍්තොගාමං ගන‍්ත්‍වා නෙමිත‍්තකෙ පුච‍්ඡිංසු.

ගර්භමාංශය දැවී ගියේය. අඟුරුගොඩ මතුපිට රන්පිළිමයක් වැනි දරුවෙක් නෙලුම් මලක හිඳිනාක් මෙන් සිටියේය. අන්තිම ජාතියෙහි උපදින සත්ත්වයන් මහමෙරෙන් පහළට දැම්මත් රහත් බව නොලබා මිය යන්නේ නැත. දෙවෙනි දිනයේ චිතකය නිවා දැමීමට පැමිණි අය අඟුරු මත සිටි දරුවා දැක විස්මයට පත්වූහ. මුළු ශරීරයක්ම දවාලන්ට සමත් මේ දරගොඩක් දැවෙද්දී මේ දරුවා නොදැවුණේ කෙසේද? මෙහි කිසියම් අමුතු කරුණක් තිබිය යුතුයයි දරුවා රැගෙන ඇතුළුගමට ගොස් නිමිති කියන්නන්ගෙන් ඒ ගැන ඇසූහ.

නෙමිත‍්තකා “සචෙ අයං දාරකො අගාරං අජ‍්ඣාවස‍්සිස‍්සති, යාව සත‍්තමා කුලපරිවට‍්ටා ඤාතකා දුග‍්ගතා භවිස‍්සන‍්ති? සචෙ පබ‍්බජිස‍්සති, පඤ‍්චහි සමණසතෙහි පරිවුතො විචරිස‍්සතී”ති ආහංසු. තස‍්ස සඞ‍්කුනා අක‍්ඛිකොටියා භින‍්නත‍්තා සංකිච‍්චන‍්ති නාමං කරිංසු. සො අපරෙන සමයෙන සංකිච‍්චොති පඤ‍්ඤායි. අථ නං ඤාතකා “හොතු, වඩ‍්ඪිතකාලෙ අම‍්හාකං අය්‍යස‍්ස සාරිපුත‍්තස‍්ස සන‍්තිකෙ පබ‍්බාජෙස‍්සාමා”ති පොසිංසු.

නිමිති කියන්නෝ යම් හෙයකින් මේ දරුවා ගිහිගෙයි සිටියොත් ඔහුගේ හත්වෙනි කුලපරපුර දක්වා සියලුම නෑදෑයෝ දුප්පතුන් බවට පත්වන්නාහුය. ඉදින් මොහු පැවිදි වන්නේ නම් පන්සීයක් පමණවූ ශ්‍රමණ පිරිසක් පිරිවරා සිටින්නේයයි දන්වා සිටියෝය. උලෙන් ඇනීමේදී ඔහුගේ ඇස් කෙළවර බිඳී ගිය නිසා සංකිච්චයයි නම් කළහ. හෙතෙම පසු කාලයෙහි සංකිච්ච නමින් ප්‍රකට විය. ඉන්පසු ඔහුගේ නෑයෝ වියයුත්තක් වේවායි සිතා වැඩුණු පසු අපේ ආර්යයන්වහන්සේ ළඟ පැවිදි කරන්නෙමුයයි පෝෂණය කළහ.

සො සත‍්තවස‍්සිකකාලෙ “තව මාතුකුච‍්ඡියං වසනකාලෙ මාතා තෙ කාලමකාසි, තස‍්සා සරීරෙ ඣාපියමානෙපි ත්‍වං න ඣායී”ති කුමාරකානං කථං සුත්‍වා “අහං කිර එවරූපා භයා මුත‍්තො, කිං මෙ ඝරාවාසෙන, පබ‍්බජිස‍්සාමී”ති ඤාතකානං ආරොචෙසි. තෙ “සාධු, තාතා”ති සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකං නෙත්‍වා, “භන‍්තෙ, ඉමං පබ‍්බාජෙථා”ති අදංසු. ථෙරො තචපඤ‍්චකකම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙසි. සො ඛුරග‍්ගෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අයං සංකිච‍්චසාමණෙරො නාම.

ඔහු සත්හැවිරිදි කාලය විට අනිත් කුමාරවරු, ඔබ මවුකුස් වසන කාලයෙහි ඔබේ මව කළුරිය කළාය. ඇගේ සිරුර දවන විට ඔබ නොදැවී සිටියෙහි යන කථාව අසා මම මෙපමණ බියකින් මිදුණෙමි. මේ ගිහිගෙයි වාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමියි සිතා නෑයන්ට එය දැන්වූයේය. ඔවුහු දරුව, යහපතැයි සැරියුත්තෙරණුවන් ළඟට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරන්නැයි කීහ. තෙරණුවෝ ඔහුට තචපංචක කමටහන් දී එදාම පැවිදි කළහ. හෙතෙම කරගෙයිදීම පිළිසිඹියාපත් සමග රහත්බවට පැමිණියේය. මේ සංකිච්ච සාමණේරයන්ගේ කථාවයි.

සත්‍ථා “එතස‍්මිං ගතෙ තං භයං වූපසමිස‍්සති, අථ නෙසං පබ‍්බජිතකිච‍්චං පාරිපූරිං ගමිස‍්සතී”ති ඤත්‍වා, “භික‍්ඛවෙ, තුම‍්හාකං ජෙට‍්ඨභාතිකං සාරිපුත‍්තත්‍ථෙරං ඔලොකෙත්‍වා ගච‍්ඡථා”ති ආහ. තෙ “සාධූ”ති වත්‍වා ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කිං, ආවුසො”ති වුත‍්තෙ මයං සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිතුකාමා හුත්‍වා ආපුච‍්ඡිම‍්හා, අථ නො සත්‍ථා එවමාහ – “තුම‍්හාකං ජෙට‍්ඨභාතිකං ඔලොකෙත්‍වා ගච‍්ඡථා”ති? “තෙනම‍්හා ඉධාගතා”ති.

ශාස්තෘන්වහන්සේ සංකිච්ච සාමණේරයන් එහි ගිය කල භය නැතිවන බවත් එයින් ඔහුගේ පැවිදි කිස මුදුන්පත් වන බවත් දැන මහණෙනි, තොපගේ දෙටු සොහොයුරු සැරියුත්තෙරණුවන් දැක බලා යව්යයි වදාළහ. ඔවුහු යහපතැයි කියා තෙරණුවන් හමුවට ගොස් ඇවැත්නි ඇයිදැයි ඇසූවිට, අපි බුදුන් හමුවෙහි කමටහන් ලබා ආරණ්‍යයට යනු කැමැත්තෙන් සිටිවිට බුදුරජාණන්වහන්සේ නුඹලාගේ දෙටු සොහොයුරා හමුවී යන්නැයි වදාළහ. එනිසා අපි මෙහි ආවෙමුයයි කීහ.

ථෙරො “සත්‍ථාරා ඉමෙ එකං කාරණං දිස‍්වා ඉධ පහිතා භවිස‍්සන‍්ති, කිං නු ඛො එත”න‍්ති ආවජ‍්ජෙන‍්තො තමත්‍ථං ඤත්‍වා ආහ – “අත්‍ථි පන වො, ආවුසො, සාමණෙරො”ති? “නත්‍ථි, ආවුසො”ති. “සචෙ නත්‍ථි, ඉමං සංකිච‍්චසාමණෙරං ගහෙත්‍වා ගච‍්ඡථා”ති. “අලං, ආවුසො, සාමණෙරං නිස‍්සාය නො පලිබොධො භවිස‍්සති, කිං අරඤ‍්ඤෙ වසන‍්තානං සාමණෙරෙනා”ති? “නාවුසො, ඉමං නිස‍්සාය තුම‍්හාකං පලිබොධො, අපිච ඛො පන තුම‍්හෙ නිස‍්සාය ඉමස‍්ස පලිබොධො භවිස‍්සති. සත්‍ථාපි තුම‍්හෙ මම සන‍්තිකං පහිණන‍්තො තුම‍්හෙහි සද‍්ධිං සාමණෙරස‍්ස පහිණනං පච‍්චාසීසන‍්තො පහිණි, ඉමං ගහෙත්‍වා ගච‍්ඡථා”ති. තෙ “සාධූ”ති අධිවාසෙත්‍වා සාමණෙරෙන සද‍්ධිං එකතිංස ජනා ථෙරං අපලොකෙත්‍වා විහාරා නික‍්ඛම‍්ම චාරිකං චරන‍්තා වීසයොජනසතමත්‍ථකෙ එකං සහස‍්සකුලං ගාමං පාපුණිංසු.

තෙරණුවෝ බුදුරජාණන්වහන්සේ මෙහි විශේෂ කරුණක් දැක මොවුන් මා සමීපයට එවන්නට ඇතැයි ආවර්ජනා කොට, එම කරුණ දැනගෙන, ඔබලා අතර සාමණේර නමක් ඇද්දැයි ඇසූහ. නැත. එසේ නැත්නම්, මේ සංකිච්චසාමණේරනමත් සමග යන්නැයි කීහ. ඇවැත්නි, අවශ්‍ය නැත. සාමණේරයන් නිසා අපට යම් යම් බාධා ඇතිවිය හැකිය. කැලේ වසන අපට සාමණේරනමකගෙන් ප්‍රයෝජනයක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොවෙයි. මේ සාමණේරයන් නිසා ඔබවහන්සේලාට කිසිම බාධාවක් නොවෙයි. බුදුරජාණන්වහන්සේත් වනයට යෑමට ප්‍රථම මා හමුවී යන්නැයි ඔබවහන්සේලා මෙහි එව්වේත් ඔබ සැම සමග සාමණේරයන් පිටත්කරවීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් මේ සාමණේරයනුත් සමගම යන්නැයි කීහ. ඒ භික්‍ෂූහු යහපතැයි පිළිගෙන සාමණේරයනුත් සමග තිස්එක්දෙනා තෙරුන්ගෙන් අවසර රැගෙන විහාරයෙන් නික්මී චාරිකාවේ හැසිරෙමින් එක්සිය විසියොදුනක් දුරින් පිහිටි සහස්සකුලක නම් ගමට පැමිණියාහුය.

මනුස‍්සා තෙ දිස‍්වා පසන‍්නචිත‍්තා සක‍්කච‍්චං පරිවිසිත්‍වා, “භන‍්තෙ, කත්‍ථ ගමිස‍්සථා”ති පුච‍්ඡිත්‍වා “යථාඵාසුකට‍්ඨානං, ආවුසො”ති වුත‍්තෙ පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “මයං, භන‍්තෙ, අය්‍යෙසු ඉමං ඨානං නිස‍්සාය අන‍්තොවස‍්සං වසන‍්තෙසු පඤ‍්චසීලං සමාදාය උපොසථකම‍්මං කරිස‍්සාමා”ති යාචිංසු. ථෙරා අධිවාසෙසුං.

මිනිස්සු උන්වහන්සේලා දැක පැහැදුණු සිතින් මනාකොට වළඳවා ස්වාමීන්වහන්සේ කොහි වඩින්නාහුදැයි අසා, ඇවැත්නි පහසු තැනකටයයි කීකල්හි, උන්වහන්සේලාගේ දෙපාමුල වැඳ සිට, ස්වාමීනි, ආර්යයන්වහන්සේලා මේ වස් තුන්මස මේ ස්ථානයෙහි වැඩ සිටියොත් අපට පන්සිල් සමාදන්ව පෙහෙවස් විසීමටද හැකිවේයයි ආරාධනා කළහ. උන්වහන්සේලා එය ඉවසා වදාළහ.

අථ නෙසං මනුස‍්සා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානචඞ‍්කමනපණ‍්ණසාලායො සංවිදහිත්‍වා “අජ‍්ජ මයං, ස‍්වෙ මය”න‍්ති උස‍්සාහප‍්පත‍්තා උපට‍්ඨානමකංසු. ථෙරා වස‍්සූපනායිකදිවසෙ කතිකවත‍්තං කරිංසු, “ආවුසො, අම‍්හෙහි ධරමානකබුද‍්ධස‍්ස සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහිතං, න ඛො පන සක‍්කා අඤ‍්ඤත්‍ර පටිපත‍්තිසම‍්පදාය බුද‍්ධෙ ආරාධෙතුං, අම‍්හාකඤ‍්ච අපායද‍්වාරානි විවටානෙව, තස‍්මා අඤ‍්ඤත්‍ර පාතො භික‍්ඛාචාරවෙලං, සායං ථෙරූපට‍්ඨානවෙලඤ‍්ච සෙසකාලෙ ද‍්වෙ එකට‍්ඨානෙ න භවිස‍්සාම, යස‍්ස අඵාසුකං භවිස‍්සති, තෙන ඝණ‍්ඩියා පහටාය තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා භෙසජ‍්ජං කරිස‍්සාම, ඉතො අඤ‍්ඤස‍්මිං රත‍්තිභාගෙ වා දිවසභාගෙ වා අප‍්පමත‍්තා කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජිස‍්සාමා”ති.

ඉන්පසු මිනිස්සු උන්වහන්සේලා සඳහා රෑ වසන තැන් දවල් වසන තැන් සක්මන්මළු පන්සල් ආදිය තනා, අද අපි, හෙට අපි ආදි වශයෙන් බෙදාගෙන බොහෝ උත්සාහයෙන් උපස්ථාන කළාහුය. තෙරුන්වහන්සේලා වස් වසන දිනයේ මෙසේ කථිකා කළහ. ඇවැත්නි, අපි ජීවමාන බුදුන් හමුවෙහි කමටහන් ලබාගත්තෙමු. වෙනත් පිළිවෙත්වලින් බුදුවරුන් සතුටු කිරීමට නොහැකිය. අප වෙනුවෙන් අපායේ දොරවල් විවෘතය. එහෙයින් උදේ වරුවේ පිඬුපිණිස හැසිරෙන වේලාවත් සවස මහතෙරුන් වෙත වතාවත් කරන වේලාවත් හැර අනිත් වේලාවක දෙදෙනෙක් එකතු නොවිය යුතුය. යම් කෙනෙකුට අසනීපාදි අපහසුවක් වුවහොත් ඔහු ගෙඩිය ගැසූ කල ඔහු ළඟට ගොස් බෙහෙත් කරන්නෙමු. මෙතැන් පටන් ආරණ්‍යයෙහි රාත්‍රීකාලයේ හෝ දවල්කාලයේ අප්‍රමාදීව කමටහන්වල යෙදෙන්නෙමු.

තෙසු එවං කතිකං කත්‍වා විහරන‍්තෙසු එකො දුග‍්ගතපුරිසො ධීතරං උපනිස‍්සාය ජීවන‍්තො තස‍්මිං ඨානෙ දුබ‍්භික‍්ඛෙ උප‍්පන‍්නෙ අපරං ධීතරං උපනිස‍්සාය ජීවිතුකාමො මග‍්ගං පටිපජ‍්ජි. ථෙරාපි ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා වසනට‍්ඨානං ආගච‍්ඡන‍්තා අන‍්තරාමග‍්ගෙ එකිස‍්සා නදියා න‍්හත්‍වා වාලුකපුලිනෙ නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කරිංසු. තස‍්මිං ඛණෙ සො පුරිසො තං ඨානං පත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං ථෙරා “කහං ගච‍්ඡසී”ති පුච‍්ඡිංසු. සො තමත්‍ථං ආරොචෙසි. ථෙරා තස‍්මිං කාරුඤ‍්ඤං උප‍්පාදෙත්‍වා, “උපාසක, අතිවිය ඡාතොසි, ගච‍්ඡ, පණ‍්ණං ආහර, එකමෙකං තෙ භත‍්තපිණ‍්ඩං දස‍්සාමා”ති වත්‍වා තෙන පණ‍්ණෙ ආහටෙ අත‍්තනා අත‍්තනා භුඤ‍්ජනනියාමෙනෙව සූපබ්‍යඤ‍්ජනෙහි සන‍්නහිත්‍වා එකමෙකං පිණ‍්ඩං අදංසු. එතදෙව කිර වත‍්තං, යං භොජනකාලෙ ආගතස‍්ස භත‍්තං දදමානෙන භික‍්ඛුනා අග‍්ගභත‍්තං අදත්‍වා අත‍්තනා භුඤ‍්ජනනියාමෙනෙව ථොකං වා බහුං වා දාතබ‍්බං. තස‍්මා තෙපි තථා අදංසු. සො කතභත‍්තකිච‍්චො ථෙරෙ වන්‍දිත්‍වා පුච‍්ඡි – “කිං, භන‍්තෙ, අය්‍යා, කෙනචි නිමන‍්තිතා”ති? “නත්‍ථි, උපාසක, නිමන‍්තනං, මනුස‍්සා දෙවසිකං එවරූපමෙව ආහාරං දෙන‍්තී”ති. සො චින‍්තෙසි – “මයං නිච‍්චකාලං උට‍්ඨාය සමුට‍්ඨාය කම‍්මං කරොන‍්තාපි එවරූපං ආහාරං ලද‍්ධුං න සක‍්කොම, කිං මෙ අඤ‍්ඤත්‍ථ ගතෙන, ඉමෙසං සන‍්තිකෙයෙව ජීවිස‍්සාමී”ති. අථ නෙ ආහ – “අහං වත‍්තපටිවත‍්තං කත්‍වා අය්‍යානං සන‍්තිකෙ වසිතුං ඉච‍්ඡාමී”ති. “සාධු, උපාසකා”ති.

උන්වහන්සේලා මෙසේ කථිකා කරගෙන වාසයකරන අතර, එක් දුප්පත් මිනිහෙක් දුවක් නිසා යැපෙන්නේ, එතැන ආහාරපාන හිඟ වෙනවිට අනිත් දුවණිය ළඟට යනු කැමැත්තෙන් පාරට බැස්සේය. තෙරුන්වහන්සේලා පිඬු පිණිස ගොස් සිඟාගෙන වසනා තැනට එන ගමන් අතරමග එක් නදියකින් නහා වැලිතලාවේ හිඳගෙන දානය වැළඳුවෝය. ඒ වේලාවේ අර දුගියාත් එතැනට පැමිණ එකත්පසෙක හිඳගත්තේය. තෙරුන්වහන්සේලා ඔහු කෙරෙහි කරුණාව උපදවා උපාසකය, හොඳටම බඩගින්නේ නොවේද, යන්න, කොළයක් ගෙනෙන්න අපි බත් පිඬුව බැගින් දෙන්නෙමුයයි කීවාහුය. දුගියා කොළයක් ගෙනා පසු තමතමන් වළඳන ආකාරයෙන් සූප ව්‍යංජන සහිතව එක් එක් බත්පිඬ බැගින් දුන්නාහුය. මෙය බත් වැළඳීමෙහිදී ඇති වතකි. බත් වළඳන වේලාවෙහි බත් සොයා ආවවුන්ට බත් දෙන භික්ෂුව පළමුව නොදී තමන් වළඳන්ට සූදානම්ව ටිකක් හෝ බොහෝ හෝ දියයුතුය. එනිසා උන්වහන්සේලාත් එසේ දුන්හ. හෙතෙම බත් කා තෙරවරුන් වැඳ, ස්වාමීනි, අද ආර්යයන්ට ආරාධනා කොට දුන් දනක්ද? නැත උපාසකය, ආරාධනාවක් නැත. එසේවුවත් මිනිස්සු දිනපතා මේ අයුරින්ම ආහාර දෙති. ඔහු මෙසේ සිතීය. අපි හැමදාම මහන්සිවී වැඩකළේ මෙබඳු අහරක් ලැබීම අපහසුය. මා වෙනත් තැනකට යෑමෙන් වැඩක් නැත. මුන්වහන්සේලා ළඟම ජීවත්වන්නෙමියි සිතා තෙරුන්වහන්සේලාගෙන්, ස්වාමීනි, මම වතාවත් කරමින් මෙහිම වසන්ටදැයි ඇසීය. උපාසකය මැනවැයි උන්වහන්සේලා කීහ.

සො තෙහි සද‍්ධිං තෙසං වසනට‍්ඨානං ගන‍්ත්‍වා සාධුකං වත‍්තපටිවත‍්තං කරොන‍්තො භික‍්ඛූ අතිවිය ආරාධෙත්‍වා ද‍්වෙමාසච‍්චයෙන ධීතරං දට‍්ඨුකාමො හුත්‍වා “සචෙ, අය්‍යෙ, ආපුච‍්ඡිස‍්සාමි, න මං විස‍්සජ‍්ජිස‍්සන‍්ති, අනාපුච‍්ඡා ගමිස‍්සාමී”ති තෙසං අනාචික‍්ඛිත්‍වාව නික‍්ඛමි. එත‍්තකමෙව කිරස‍්ස ඔළාරිකං ඛලිතං අහොසි, යං භික‍්ඛූනං අනාරොචෙත්‍වා පක‍්කාමි.

හෙතෙම උන්වහන්සේලා සමග ඒ වාසස්ථානයට ගොස් මැනවින් වතාවත් කරමින් භික්‍ෂූන් හොඳින් සතුටු කරගෙන, දෙමසකින් පමණ දුව දකිනු කැමතිව, ඉදින් ආර්යයන්ගෙන් ඇසුවොත් මට යෑමට මා මුදා නොහරිනු ඇත. නොදන්වාම යන්නෙමියයි එසේ පිටත්විය. ඔහු අතින් සිදුවුණු ඕලාරික වැරැද්ද මෙපමණක්ම විය.

තස‍්ස පන ගමනමග‍්ගෙ එකා අටවී අත්‍ථි. තත්‍ථ පඤ‍්චසතානං චොරානං “යො ඉමං අටවිං පවිසති, තං මාරෙත්‍වා තස‍්ස මංසලොහිතෙන තුය‍්හං බලිකම‍්මං කරිස‍්සාමා”ති දෙවතාය ආයාචනං කත්‍වා වසන‍්තානං සත‍්තමො දිවසො හොති. තස‍්මා සත‍්තමෙ දිවසෙ චොරජෙට‍්ඨකො රුක‍්ඛං ආරුය‍්හ ඔලොකෙන‍්තො තං ආගච‍්ඡන‍්තං දිස‍්වා චොරානං සඤ‍්ඤමදාසි.

ඔහු යන ගමන්මග එක් කැලයක් විය. එහි සොරු පන්සීයක් සිටියහ. ඔවුහු දෙවියන් උදෙසාවූ පොරොන්දුවක් විය. එය නම්, යමෙක් මේ වනයට ඇතුළු වුවහොත් ඔහු මරා ඔහුගේ ලේමස්වලින් ඔබට බිලිපූජා කරන්නෙමු යනු ඒ පොරොන්දුවයි. මෙසේ පොරොන්දු වී සත්වෙනි දිනය විය. එනිසා සත්වෙනි දිනයේ සොරදෙටුවා ගසකට නැගී මිනිස්සු එත්දැයි බලනවිට ඈතින් එන පුද්ගලයා දැක සොරුන්ට සංඥාවක් දුන්නේය.

තෙ තස‍්ස අටවිමජ‍්ඣං පවිට‍්ඨභාවං ඤත්‍වා පරික‍්ඛිපිත්‍වා තං ගණ‍්හිත්‍වා ගාළ‍්හබන්‍ධනං කත්‍වා අරණිසහිතෙන අග‍්ගිං නිබ‍්බත‍්තෙත්‍වා දාරූනි සඞ‍්කඩ‍්ඪිත්‍වා මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං කත්‍වා සූලානි තච‍්ඡිංසු. සො තෙසං තං කිරියං දිස‍්වා, “සාමි, ඉමස‍්මිං ඨානෙ නෙව සූකරා, න මිගාදයො දිස‍්සන‍්ති, කිං කාරණා ඉදං කරොථා”ති පුච‍්ඡි. “තං මාරෙත්‍වා තව මංසලොහිතෙන දෙවතාය බලිකම‍්මං කරිස‍්සාමා”ති. සො මරණභයතජ‍්ජිතො භික‍්ඛූනං තං උපකාරං අචින‍්තෙත්‍වා කෙවලං අත‍්තනො ජීවිතමෙව රක‍්ඛමානො එවමාහ – “සාමි, අහං විඝාසාදො, උච‍්ඡිට‍්ඨභත‍්තං භුඤ‍්ජිත්‍වා වඩ‍්ඪිතො, විඝාසාදො නාම කාළකණ‍්ණිකො, අය්‍යා පන යතො තතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිතාපි ඛත‍්තියාව, අසුකස‍්මිං ඨානෙ එකතිංස භික‍්ඛූ වසන‍්ති, තෙ මාරෙත්‍වා බලිකම‍්මං කරොථ, අතිවිය වො දෙවතා තුස‍්සිස‍්සතී”ති. තං සුත්‍වා චොරා “භද‍්දකං එස වදෙති, කිං ඉමිනා කාළකණ‍්ණිනා, ඛත‍්තියෙ මාරෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමා”ති චින‍්තෙත්‍වා “එහි, නෙසං වසනට‍්ඨානං දස‍්සෙහී”ති තමෙව මග‍්ගදෙසකං කත්‍වා තං ඨානං පත්‍වා විහාරමජ‍්ඣෙ භික‍්ඛූ අදිස‍්වා “කහං භික‍්ඛූ”ති නං පුච‍්ඡිංසු.

සොරු ඔහු කැලෑව මැදට පැමිණිබව දැන වටකොට ඔහු අල්වා දැඩි ලෙස බැඳ ගිනිගාන ලීවලින් දරගිනි දල්වා මහා ගිනිගොඩක් කොට උල් සැස්සාහ. හෙතෙම ඔවුන්ගේ මේ ක්‍රියා දැක, ස්වාමීනි, මෙතැන ඌරන් හෝ මුවන් ආදි සතුන් දක්නට නැත. එසේනම් මේ සූදානම කුමක් සඳහාද? තෝ මරා තාගේ ලේමස්වලින් දේවතාවන්ට බිලිපූජා කිරීම සඳහායි. හෙතෙම මරණභයෙන් තැතිගෙන භික්‍ෂුන්ගෙන් තමා ලැබූ උපකාර අමතක කොට, හුදෙක් තම ජීවිතය ගැන පමණක් සිතා එය රැකගනු පිණිස, ස්වාමීනි, මම බඩගිනිකාරයෙක්මි. ඉඳුල්බත් කා ශරීරය පෝෂණය කරගත් විඝාසාද නම් කාලකණ්ණියෙක්මි. ආර්යයන්වහන්සේලා වනාහි නොයෙක් තැන්වලින් අවුත් පැවිදිවූවත් ක්ෂත්‍රියයෝමය. අසවල් ස්ථානයේ තිස්එක්නමක් භික්ෂූහු වාසය කරති. ඔවුන් මරා බිලිපූජාව කරනු මැනවි. එයින් ඔබගේ දේවතාවෝ අතිශයින් කියතියයි මේ කාලකණ්ණියාගෙන් වැඩක් නැත. ක්ෂත්‍රියයන් මරා බිලිපූජාව කරන්නෙමුයයි සිතා, එව, ඔවුන් වසනා ස්ථානය පෙන්වවයි ඔහුම මගපෙන්වන්නාකොට ගෙන පැමිණ විහාරමධ්‍යයෙහි භික්‍ෂූන් නොදැක භික්‍ෂූන් කොහිදැයි ඔහුගෙන් ඇසූහ.

සො ද‍්වෙ මාසෙ වසිතත‍්තා තෙසං කතිකවත‍්තං ජානන‍්තො එවමාහ – “අත‍්තනො දිවාට‍්ඨානරත‍්තිට‍්ඨානෙසු නිසින‍්නා, එතං ඝණ‍්ඩිං පහරථ, ඝණ‍්ඩිසද‍්දෙන සන‍්නිපතිස‍්සන‍්තී”ති. චොරජෙට‍්ඨකො ඝණ‍්ඩිං පහරි.

හෙතෙම එහි දෙවසක් සිටි නිසා භික්‍ෂූන්ගේ කතිකාවතත් දන්නා හෙයින් මෙසේ කීවේය. දැන් භික්‍ෂූන්වහන්සේලා තමතමන්ගේ කුටිවලය. මේ ගෙඩිය ගසනු මැනවි. ඒ ගෙඩියේ ශබ්දයෙන් සියලු භික්‍ෂූහු මෙහි රැස්වන්නාහයි කීවේය. සොරදෙටුවා ගෙඩිය ගැසීය.

භික‍්ඛූ ඝණ‍්ඩිසද‍්දං සුත්‍වා “අකාලෙ ඝණ‍්ඩි පහටා, කස‍්සචි අඵාසුකං භවිස‍්සතී”ති ආගන‍්ත්‍වා විහාරමජ‍්ඣෙ පටිපාටියා පඤ‍්ඤත‍්තෙසු පාසාණඵලකෙසු නිසීදිංසු. සඞ‍්ඝත්‍ථෙරො චොරෙ ඔලොකෙත්‍වා පුච‍්ඡි – “උපාසකා කෙනායං ඝණ‍්ඩි පහටා”ති? චොරජෙට‍්ඨකො ආහ – “මයා, භන‍්තෙ”ති. “කිං කාරණා”ති? “අම‍්හෙහි අටවිදෙවතාය ආයාචිතං අත්‍ථි, තස‍්සා බලිකම‍්මකරණත්‍ථාය එකං භික‍්ඛුං ගහෙත්‍වා ගමිස‍්සාමා”ති. තං සුත්‍වා මහාථෙරො භික‍්ඛූ ආහ – “ආවුසො, භාතිකානං උප‍්පන‍්නකිච‍්චං නාම ජෙට‍්ඨභාතිකෙන නිත්‍ථරිතබ‍්බං, අහං අත‍්තනො ජීවිතං තුම‍්හාකං පරිච‍්චජිත්‍වා ඉමෙහි සද‍්ධිං ගමිස‍්සාමි, මා සබ‍්බෙසං අන‍්තරායො හොතු, අප‍්පමත‍්තා සමණධම‍්මං කරොථා”ති. අනුථෙරො ආහ – “භන‍්තෙ, ජෙට‍්ඨභාතු කිච‍්චං නාම කනිට‍්ඨස‍්ස භාරො, අහං ගමිස‍්සාමි, තුම‍්හෙ අප‍්පමත‍්තා හොථා”ති. ඉමිනා උපායෙන “අහමෙව අහමෙවා”ති වත්‍වා පටිපාටියා තිංසපි ජනා උට‍්ඨහිංසු, එවං තෙ නෙව එකිස‍්සා මාතුයා පුත‍්තා, න එකස‍්ස පිතුනො, නාපි වීතරාගා, අථ ච පන අවසෙසානං අත්‍ථාය පටිපාටියා ජීවිතං පරිච‍්චජිංසු. තෙසු එකොපි “ත්‍වං යාහී”ති වත‍්තුං සමත්‍ථො නාම නාහොසි.

භික්‍ෂූහු ගෙඩියේ හඬ අසා, අවේලාවේ ගෙඩිය ගැසීය. කිසිවෙකුට යම්කිසි අපහසුවක් වියහැකියයි අවුත් වෙහෙර මැද පිළිවෙලින් පැනවූ ගල්තලාවල වැඩහුන්හ. වැඩිමහලු සංඝස්ථවිරයන්වහන්සේ සොරුන් දෙස බලා, උපාසකවරුනි, මේ ගෙඩිය ගැසුවේ කවුදැයි විචාළහ. ස්වාමීනි, මා විසින්යයි සොරදෙටුවා පිළිතුරු දුන්නේය. ඒ කුමක් සඳහාද? ස්වාමීනි, වනදේවතාවුන්ට අප දෙනලද එක් පොරොන්දුවක් ඇත. එය නම් වනයට පිවිසෙන මිනිසුන් මරා බිලිපූජා කිරීමයි. එහෙයින් ඒ සඳහා එක් භික්‍ෂූවක් රැගෙන යන්නෙමුයි කීය. ඒ ඇසූ මහ තෙරණුවෝ, භික්‍ෂූන් අමතා, ඇවැත්නි, සහෝදරයන්ට මූණ දෙන්ට එළඹෙන කටයුත්ත දෙටු සොහොයුරා විසින් ඉටුකළ යුතුය. ඒ නිසා මම මගේ ජීවිතය ඔබවහන්සේලා වෙනුවෙන් කැපකොට මොවුන් සමග යන්නෙමි. ඒ සියල්ලන්ට උවදුරක් නොවනු සඳහාය. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවියි කීහ. ඉන්පසු දෙවෙනි තෙරණුවෝ, ස්වාමීනි, වැඩිමල් සහෝදරයාට පැවරෙන කටයුත්ත දෙවැන්නාටත් භාරය. එනසා මම යන්නෙමි. ඔබ වහන්සේලා නොපමාව මහණදම් පුරන්නැයි කීහ. මේ ආකාරයෙන් මමම යමි. මමම යමයි කියා පිළිවෙලින් තිස්දෙනාම ඉදිරිපත් වූහ. මෙසේ ඔවුන් එක මවකගෙ දරුවන් නොවුණත් එක පියෙකුගේ දරුවන් නොවුණත් වීතරාගී රහතන් නොවුණත් අනිත් සහෝදර පිරිසගේ යහපත උදෙසා තම දිවි පිදීමට පිළිවෙලින් ඉදිරිපත්වූහ. ඔවුන් අතර ඔබ යන්නැයි කියන්ට කිසිවෙක් නොවීය.

සංකිච‍්චසාමණෙරො තෙසං කථං සුත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙ තිට‍්ඨථ, අහං තුම‍්හාකං ජීවිතං පරිච‍්චජිත්‍වා ගමිස‍්සාමී”ති ආහ. තෙ ආහංසු – “ආවුසො, මයං සබ‍්බෙ එකතො මාරියමානාපි තං එකකං න විස‍්සජ‍්ජෙස‍්සාමා”ති. “කිං කාරණා, භන‍්තෙ”ති? “‘ආවුසො, ත්‍වං ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරස‍්ස සාමණෙරො, සචෙ තං විස‍්සජ‍්ජෙස‍්සාම, සාමණෙරං මෙ ආදාය ගන‍්ත්‍වා චොරානං නිය්‍යාදිංසූ’ති ථෙරො නො ගරහිස‍්සති, තං නින්‍දං නිත්‍ථරිතුං න සක‍්ඛිස‍්සාම, තෙන තං න විස‍්සජ‍්ජෙස‍්සාමා”ති. “භන‍්තෙ, සම‍්මාසම‍්බුද‍්ධො තුම‍්හෙ මම උපජ‍්ඣායස‍්ස සන‍්තිකං පහිණන‍්තොපි, මම උපජ‍්ඣායො මං තුම‍්හෙහි සද‍්ධිං පහිණන‍්තොපි ඉදමෙව කාරණං දිස‍්වා පහිණි, තිට‍්ඨථ තුම‍්හෙ, අහමෙව ගමිස‍්සාමී”ති සො තිංස භික‍්ඛූ වන්‍දිත්‍වා “සචෙ, භන‍්තෙ, මෙ දොසො අත්‍ථි, ඛමථා”ති වත්‍වා නික‍්ඛමි.

සංකිච්චසාමණේරයන්වහන්සේ ඒ අසා සිට ස්වාමීනි, ඔබවහන්සේලා නැවතුණ මැනවි. මම ඔබවහන්සේලා උදෙසා ජීවිත පරිත්‍යාගකොට යන්නෙමියි කීහ. ඇවැත්නි, අපි සියලු දෙනාම එකට මැරුණත් එකම ඔබ ඒ සඳහා මුදා නොහරින්නෙමු. ස්වාමීනි, ඒ කුමක් නිසාද? ඇවැත්නි, ඔබ ධම්මසේනාපති ශාරිපුත්‍රතෙරණුවන්ගේ ගෝළනමකි. ඉදින් ඔබ මේ සඳහා පිටත්කර හැරියොත් මගේ සාමණේර නම ගෙන ගොස් සොරුන්ට පවරා දුන්නාහුයයි තෙරණුවෝ අපට ගර්හා කරති. ඒ නින්දාවෙනි අපට ගැළවිය නොහැක. ඒ කරුණ නිසා ඔබ මුදාහැරිය නොහැකියයි කීහ. ස්වාමීනි, බුදුරජාණන්වහන්සේ ඔබවහන්සේලා මගේ උපාධ්‍යායයන්වහන්සේ වෙත එවන ලද්දේත් මගේ උපාධ්‍යයයන්වහන්සේ ඔබවහන්සේලා සමග මා මෙහි එවන ලද්දේත් මේ කාරණය දැනගෙනමයි. එනිසා ඔබවහන්සේලා නවතින්න. මමම යන්නෙමියි කියා සාමණේරනම භික්‍ෂූන් තිස්නමටම වැඳ, ස්වාමීනි, ඉතින් මා අතින් කිසියම් වරදක් විණිනම් මට සමාවුව මැනවැයි කියා පිටත්වුණේය.

තදා භික‍්ඛූනං මහාසංවෙගො උප‍්පජ‍්ජි, අක‍්ඛීනි අස‍්සුපුණ‍්ණානි හදයමංසං පවෙධි. මහාථෙරො චොරෙ ආහ – “උපාසකා අයං දහරකො තුම‍්හෙ අග‍්ගිං කරොන‍්තෙ, සූලානි තච‍්ඡන‍්තෙ, පණ‍්ණානි අත්‍ථරන‍්තෙ දිස‍්වා භායිස‍්සති, ඉමං එකමන‍්තෙ ඨපෙත්‍වා තානි කිච‍්චානි කරෙය්‍යාථා”ති. චොරා සාමණෙරං ආදාය ගන‍්ත්‍වා එකමන‍්තෙ ඨපෙත්‍වා සබ‍්බකිච‍්චානි කරිංසු.

ඒ අවස්ථාවේ ඒ භික්‍ෂූන්වහන්සේලාට මහා සංවේගයක් ඇතිවිය. ඇස්වල කඳුළු පිරුණේය. හදවත උණුවී වෙවුලා ගියේය. මහතෙරණුවෝ සොරා අමතා, උපාසකවරුනි, මේ ළදරුවෙකි. තෙපි ගිනිදල්වන, උල් සසින, කොළ අතුරන හැටි දැක බිය වෙන්ට පුළුවන. මේ දරුවා වෙන පැත්තකින් තබා එම වැඩ කරව්යයි කීහ. සොරු සාමණේරනමත් කැටුව ගොස් උන්වහන්සේ එක් පැත්තක තබා සියලු කටයුතු කළහ.

කිච‍්චපරියොසානෙ චොරජෙට‍්ඨකො අසිං අබ‍්බාහිත්‍වා සාමණෙරං උපසඞ‍්කමි. සාමණෙරො නිසීදමානො ඣානං සමාපජ‍්ජිත්‍වාව නිසීදි. චොරජෙට‍්ඨකො අසිං පරිවත‍්තෙත්‍වා සාමණෙරස‍්ස ඛන්‍ධෙ පාතෙසි, අසි නමිත්‍වා ධාරාය ධාරං පහරි, සො “න සම‍්මා පහරි”න‍්ති මඤ‍්ඤමානො පුන තං උජුකං කත්‍වා පහරි. අසි තාලපණ‍්ණං විය වෙඨයමානො ථරුමූලං අගමාසි. සාමණෙරඤ‍්හි තස‍්මිං කාලෙ සිනෙරුනා අවත්‍ථරන‍්තොපි මාරෙතුං සමත්‍ථො නාම නත්‍ථි, පගෙව අසිනා.

වැඩ නිමවීමෙන් පසු සොරදෙටුවා කඩුව කොපුවෙන් එළියට ඇදගෙන සාමණේරයන් වෙත පැමිණියේය. සාමණේරයන්වහන්සේ වැඩහුන් තැනම ධ්‍යානයට සමවැදී සිටියහ. සොරදෙටුවා කඩුවේ මුවහත් පැත්ත හරවා සාමණේරයන්ගේ ශරීරයට කෙටුවේය. කඩුවේ මුවහත උඩට හැරී ඉහළ කෙළවර දක්වා හැකිළී ගියේය. හෙතෙම හොඳින් පහර නොවැදුණේ යයි සිතා කඩුව තමන් ඉදිරි පසට ගෙන කෙටුවේය. කඩුව තල්කොළයක් මෙන් වෙළී කඩුමිට දක්වා හැකිළී ආවේය. ඒ වේලාවේ මේ සාමණේරනම මහමෙරින් පෙරළා දමා හෝ මරා දැමීමට සමතෙක් නැත. ඉතින් කඩුවකින් එය කෙසේවත් කළ නොහැකිය.

තං පාටිහාරියං දිස‍්වා චොරජෙට‍්ඨකො චින‍්තෙසි – “පුබ‍්බෙ මෙ අසි සිලාථම‍්භං වා ඛදිරඛාණුං වා කළීරං විය ඡින්‍දති, ඉදානි එකවාරං නමි, එකවාරං තාලපත‍්තවෙඨකො විය ජාතො. අයං නාම අසි අචෙතනා හුත්‍වාපි ඉමස‍්ස ගුණං ජානාති, අහං සචෙතනොපි න ජානාමී”ති. සො අසිං භූමියං ඛිපිත්‍වා තස‍්ස පාදමූලෙ උරෙන නිපජ‍්ජිත්‍වා, “භන‍්තෙ, මයං ධනකාරණා අටවිං පවිට‍්ඨාම‍්හා, අම‍්හෙ දූරතොව දිස‍්වා සහස‍්සමත‍්තාපි මනුස‍්සා පවෙධන‍්ති, ද‍්වෙ තිස‍්සො කථා කථෙතුං න සක‍්කොන‍්ති. තව පන සන‍්තාසමත‍්තම‍්පි නත්‍ථි, උක‍්කාමුඛෙ සුවණ‍්ණං විය සුපුප‍්ඵිතකණිකාරං විය ච තෙ මුඛං විරොචති, කිං නු ඛො කාරණ”න‍්ති පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

ඒ ප්‍රාතිහාර්යය දුටු සොරදෙටුවා, පෙර මගේ කඩුව ගල්කණුවක් වේවා, කිහිරිකණුවක් වේවා, කිළිල්කඩක් මෙන් කපාගෙන යයි. දැන් එය පළමුව නැමී ගියේය. දෙවෙනි වර තල්කොළයක් මෙන් හැකිළී ගියේය. මේ කඩුව අචේතනිකවූත් මුන්වහන්සේගේ ගුණය දනියි. සචේතනික මම එය නොදනිමියි කඩුව බිම තබා උන්වහන්සේගේ පාමුල පපුවෙන් වැටී ස්වාමීනි, අපි ධනය සොයන්ට වනයට ආවෙමු. අප දුර සිට දකින දහස් ගණන් මිනිස්සු බියෙන් වෙවුලා වැටෙත්. දෙතුන් දෙනෙක් ගැන කියන්ට දෙයක් නැත. ඔබවහන්සේට සන්ත්‍රාසයක් (තැතිගැන්මක්) පවා නැත. රත්කළ රත්රනක් මෙන් සුපුෂ්පිත කිනිහිරිමලක් මෙන් ඔබේ මුහුණ බබළයි. ඒ කුමක් හෙයින්දැයි විමසමින් මේ ගාථාව කීවේය.

“තස‍්ස තෙ නත්‍ථි භීතත‍්තං, භිය්‍යො වණ‍්ණො පසීදති; කස‍්මා න පරිදෙවෙසි, එවරූපෙ මහබ‍්භයෙ”ති. (ථෙරගා· 706);

තැති ගැනම බිය හෝ ඔබට නැත ඔබ හොඳින් බබළයි හඬන්නෙත් නැත ඒ ඇයි මෙතරම් බියක් තිබුණත්

සාමණෙරො ඣානා වුට‍්ඨාය තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො, “ආවුසො ගාමණි, ඛීණාසවස‍්ස අත‍්තභාවො නාම සීසෙ ඨපිතභාරො විය හොති, සො තස‍්මිං භිජ‍්ජන‍්තෙ වා නස‍්සන‍්තෙ වා තුස‍්සතෙව, න භායතී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

සාමණේරයන්වහන්සේ ධ්‍යානයෙන් නැගිට ඔහුට දහම් දෙසමින් ඇවැත් ගැමියාණනි, රහතන්ගේ භවය හිසේ තිබූ බරක් බිම තැබුවාක් මෙන් වෙයි. ඒ හිස බිඳ දමන විටත් සතුටු වෙත්මය. බිය නොවන්නාහුයයි වදාරා මේ ගාථාද කීහ.

“නත්‍ථි චෙතසිකං දුක‍්ඛං, අනපෙක‍්ඛස‍්ස ගාමණි; අතික‍්කන‍්තා භයා සබ‍්බෙ, ඛීණසංයොජනස‍්ස වෙ.

කිසිවෙක ඇළුම් නැති රහතුන් සිතේ දුක් නැත සියලු බියත් නැති කර සියලු කෙලෙසුන් බිඳ දමා ඇත

“ඛීණාය භවනෙත‍්තියා, දිට‍්ඨෙ ධම‍්මෙ යථාතථෙ; න භයං මරණෙ හොති, භාරනික‍්ඛෙපනෙ යථා”ති. (ථෙරගා· 707-708);

බව රැහැන් සිඳලූ දිටුදම් ඒ ලෙසම දුටු මරණයට බිය නැති රහතුන් බර හෙළා ඇත

සො තස‍්ස කථං සුත්‍වා පඤ‍්ච චොරසතානි ඔලොකෙත්‍වා ආහ – “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “තුම‍්හෙ පන, සාමී”ති. “මම තාව, භො, ‘එවරූපං පාටිහාරියං දිස‍්වා අගාරමජ‍්ඣෙ කම‍්මං නත්‍ථි, අය්‍යස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී’ති. මයම‍්පි තථෙව කරිස‍්සාමා”ති. “සාධු, තාතා”ති තතො පඤ‍්චසතාපි චොරා සාමණෙරං වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචිංසු.

හෙතෙම මේ කතාව අසා සිට පන්සීයක් තම අනුචරසොරුන් දෙස බලා, දැන් ඉතින් තෙපි කුමක් කරන්නහුදැයි ඇසීය. ස්වාමීනි, ඔබ කුමක් කරන්නෙහිද? මට නම් දැන් මෙබඳු ප්‍රාතිහාර්යයක් දැක ගිහිගෙයි විසීමෙන් පලක් නැතැයි සිතෙයි. මම ආර්යයන් ළඟ පැවිදි වෙමි. එසේනම් අපිත් එසේ කරන්නෙමු. යහපත දරුවනියි කී ඔහු අනුගාමීසොරුන් පන්සීයත් සමග සාමණේරයන් වැඳ පැවිද්ද ඉල්ලා සිටියහ.

සො තෙසං අසිධාරාහි එව කෙසෙ චෙව වත්‍ථදසා ච ඡින්‍දිත්‍වා තම‍්බමත‍්තිකාය රජිත්‍වා තානි කාසායානි අච‍්ඡාදාපෙත්‍වා දසසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා තෙ ආදාය ගච‍්ඡන‍්තො චින‍්තෙසි – “සචාහං ථෙරෙ අදිස‍්වාව ගමිස‍්සාමි, තෙ සමණධම‍්මං කාතුං න සක‍්ඛිස‍්සන‍්ති. චොරානඤ‍්හි මං ගහෙත්‍වා නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය තෙසු එකොපි අස‍්සූනි සන්‍ධාරෙතුං නාසක‍්ඛි, ‘මාරිතො නු ඛො සාමණෙරො, නො’ති චින‍්තෙන‍්තානං කම‍්මට‍්ඨානං අභිමුඛං න භවිස‍්සති, තස‍්මා දිස‍්වාව නෙ ගමිස‍්සාමී”ති. සො පඤ‍්චසතභික‍්ඛුපරිවාරො තත්‍ථ ගන‍්ත්‍වා අත‍්තනො දස‍්සනෙන පටිලද‍්ධඅස‍්සාසෙහි තෙහි “කිං, සප‍්පුරිස, සංකිච‍්ච, ලද‍්ධං තෙ ජීවිත”න‍්ති වුත‍්තෙ, “ආම, භන‍්තෙ, ඉමෙ මං මාරෙතුකාමා හුත්‍වා මාරෙතුං අසක‍්කොන‍්තා මම ගුණෙ පසීදිත්‍වා ධම‍්මං සුත්‍වා පබ‍්බජිතා, අහං ‘තුම‍්හෙ දිස‍්වාව ගමිස‍්සාමී’ති ආගතො, අප‍්පමත‍්තා සමණධම‍්මං කරොථ, අහං සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමී”ති තෙ භික‍්ඛූ වන්‍දිත්‍වා ඉතරෙ ආදාය උපජ‍්ඣායස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කිං සංකිච‍්ච, අන‍්තෙවාසිකා තෙ ලද‍්ධා”ති වුත‍්තෙ, “ආම, භන‍්තෙ”ති තං පවත‍්තිං ආරොචෙසි. ථෙරෙන “ගච‍්ඡ සංකිච‍්ච, සත්‍ථාරං පස‍්සාහී”ති වුත‍්තෙ, “සාධූ”ති ථෙරං වන්‍දිත්‍වා තෙ ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරාපි “කිං සංකිච‍්ච, අන‍්තෙවාසිකා තෙ ලද‍්ධා”ති වුත‍්තෙ, “ආම, භන‍්තෙ”ති තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා “එවං කිර, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා, “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, තුම‍්හාකං චොරකම‍්මං කත්‍වා දුස‍්සීලෙ පතිට‍්ඨාය වස‍්සසතං ජීවනතො ඉදානි සීලෙ පතිට‍්ඨාය එකදිවසම‍්පි ජීවිතං සෙය්‍යො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

උන්වහන්සේ, ඔවුන්ගේ කෙස් ඊතල කෙළවරින් කපාදමා ඇඳසිටි වස්ත්‍රවල වාටිකපා දමා ගුරුමැටි වතුරෙහි ලා පාකර ඒ කහවත් අන්දවා දසසීලයෙහි පිහිටුවා ඔවුනුත් රැගෙන යන ගමන්, ඉදින් මම අනිත් තෙරවරුන් හමු නොවී ගියොත් ඔවුන්ට මහණදම් පුරන්ට නොහැකි වන්නේය. සොරුන් මා ගෙන ගිය වේලෙහි පටන් උන්වහන්සේලාට ඇසේ කඳුළු නවතාගන්ට නොහැකිවිය. අපේ සාමණේරයන් මැරුවාහුද නැද්දයයි සිතන්නාවූ උන්වහන්සේලාට කමටහන් අභිමුඛ නොවෙයි. එහෙයින් උන්වහන්සේලා දැකම යන්නෙමියි සිතූහ. එසේ සිතා පන්සීයක් භික්‍ෂූන් පිරිවරා එහි ගොස් තමා දැකීමෙන් ලැබූ අස්වැසිල්ල ඇතිව, සත්පුරුෂ සංකිච්චයන්වහන්ස, කෙසේද ඔබ ජීවිතය ලද්දෙහිදැයි ඇසූ කල්හි ස්වාමීනි, එසේය, මොවුහු මා මරනු කැමැත්තෙන් ක්‍රියාකොට, එසේ කරනු බැරිවූ කල්හි මගේ ගුණ ගැන පැහැදී බණ අසා පැවිදිවූහ. මම ඔබවහන්සේලා දැක යන්නට මෙහි ආවෙමි. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවි. මම බුදුන් හමුවට යන්නෙමියි කීහ. උන්වහන්සේ ඒ භික්‍ෂූන් වැඳ සෙසු අයත් සමග උපාධ්‍යායයන්වහන්සේ ළඟට ගොස්, සංකිච්චය ඔබ අන්තේවාසිකයනුත් ලැබුවෙහිදැයි ඇසූවිට, ස්වාමීනි, එසේයයි ඒ ප්‍රවෘත්තිය දන්වා සිටියහ. සැරියුත් තෙරණුවන්ද සංකිච්චය, යව බුදුරදුන් දකින්නයයි කීකල්හි, තෙරණුවන් වැඳ ඒ සාමණේරවරුනුත් සමග බුදුන් සමීපයට ගොස් ශාස්තෘන්වහන්සේ, කොහොමද සංකිච්ච, ඔබ අතවැස්සන් ලද්දේදැයි වදාළකල්හි ස්වාමීනි, එසේයයි ඒ පුවත දන්වා සිටියහ. බුදුරජාණන්වහන්සේත් මහණෙනි, මේ ඇත්තදැයි ඇසූ කල්හි එසේය ස්වාමීනියි පිළිතුරු දුන්විට, මහණෙනි, තොපට සොරකම් කිරීමෙන් දුශ්ශීලයෙහි පිහිටා, අවුරුදු සීයක් ජීවත්වීමට වඩා, දැන් මේ සීලයෙහි පිහිටා එකදිනක් ජීවත්වීම උතුම්යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

“යො ච වස‍්සසතං ජීවෙ, දුස‍්සීලො අසමාහිතො; එකාහං ජීවිතං සෙය්‍යො, සීලවන‍්තස‍්ස ඣායිනො”ති.

දුසිල් නොදැමුණු ලෙස වසර සියයක් සිටියත් සුසින් දැහැන් ඇති අයගේ එක්දින දිවිය වැදගති

තත්‍ථ දුස‍්සීලොති නිස‍්සීලො. සීලවන‍්තස‍්සාති දුස‍්සීලස‍්ස වස‍්සසතං ජීවනතො සීලවන‍්තස‍්ස ද‍්වීහි ඣානෙහි ඣායිනො එකදිවසම‍්පි එකමුහුත‍්තම‍්පි ජීවිතං සෙය්‍යො, උත‍්තමන‍්ති අත්‍ථො.

එහි දුස්සීලො යනු සිල්නැති බවයි. සීලවන්තස්ස යනු දුස්සීල ඇත්තාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දෙවැදෑරුම් ධ්‍යානයන්ගෙන් ධ්‍යානවත්වූ සිල්වතාගේ එක් දවසක් එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨය. උතුම්ය යන අර්ථයයි.

දෙසනාවසානෙ තෙ පඤ‍්චසතාපි භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු, සම‍්පත‍්තමහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයෙහි ඒ පන්සීයක් භික්‍ෂූහු පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහුය. පැමිණ සිටි පිරිසටද ඒ ධර්මදේශනාව ප්‍රයෝජනවත් විය.

අපරෙන සමයෙන සංකිච‍්චො උපසම‍්පදං ලභිත්‍වා දසවස‍්සො හුත්‍වා සාමණෙරං ගණ‍්හි. සො පන තස‍්සෙව භාගිනෙය්‍යො අධිමුත‍්තසාමණෙරො නාම. අථ නං ථෙරො පරිපුණ‍්ණවස‍්සකාලෙ ආමන‍්තෙත්‍වා “උපසම‍්පදං තෙ කරිස‍්සාමි, ගච‍්ඡ, ඤාතකානං සන‍්තිකෙ වස‍්සපරිමාණං පුච‍්ඡිත්‍වා එහී”ති උය්‍යොජෙසි. සො මාතාපිතූනං සන‍්තිකං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ පඤ‍්චසතෙහි චොරෙහි බලිකම‍්මත්‍ථාය මාරියමානො තෙසං ධම‍්මං දෙසෙත්‍වා පසන‍්නචිත‍්තෙහි තෙහි “න තෙ ඉමස‍්මිං ඨානෙ අම‍්හාකං අත්‍ථිභාවො කස‍්සචි ආරොචෙතබ‍්බො”ති විස‍්සට‍්ඨො පටිපථෙ මාතාපිතරො ආගච‍්ඡන‍්තෙ දිස‍්වා තමෙව මග‍්ගං පටිපජ‍්ජන‍්තානම‍්පි තෙසං සච‍්චමනුරක‍්ඛන‍්තො නාරොචෙසි. තෙසං චොරෙහි විහෙඨියමානානං “ත්‍වම‍්පි චොරෙහි සද‍්ධිං එකතො හුත්‍වා මඤ‍්ඤෙ, අම‍්හාකං නාරොචෙසී”ති පරිදෙවන‍්තානං සද‍්දං සුත්‍වා තෙ මාතාපිතූනම‍්පි අනාරොචිතභාවං ඤත්‍වා පසන‍්නචිත‍්තා පබ‍්බජ‍්ජං යාචිංසු.

පසු කලෙක සංකිච්චසාමණේරයන්වහන්සේ උපසම්පදාව ලබා දසවස් ඉක්මවා (ස්ථවිර බවට පත්ව) අතිමුත්තක නමින් සාමණේර නමක් පැවිදි කරගත්හ. ඔහු තමන්ගේම බෑණා කෙනෙකි. ඉන්පසු ඔහු අමතා, තෙරණුවෝ මෙසේ කීහ. ඔබ දැන් පිරිපුන් වයස් ඇත්තෙකි. ඔබ උපසම්පදා කරන්නෙමි. නෑයන් ළඟට ගොස් වයස් ප්‍රමාණය දැනගෙන එවයි පිටත්කර හැරියේය. හෙතෙම මවුපියන් ළඟට යන අතරමග බලියාග සඳහා මිනිසුන් මරමින් සිටි පන්සීයක සොරුන්ට දහම් දෙසා පැහැදුණු සිත් ඇති ඔවුහු, මෙහි අප ඇතිබව නොදැන්විය යුතුයයි මුදා හැරියෝය. ඉදිරි මාර්ගයෙන් එන්නාවූ මවුපියන් ඒ මාර්ගයෙන්ම යනබව දැනදැනත් තම සත්‍ය වචනය ආරක්‍ෂා කරමින් ඔවුන්ටද සොරුන් මග ඇතිබවක් නොදැන්වූහ. සොරු ඔවුන් අල්ලා තළාපෙළද්දීත් ඔබත් සොරුන් සමග එකතුවී අපට නොදැන්වීයයි කියකියා හඬන මවුපියන්ගේ ශබ්දය අසා ඒ සාමණේරයන් තම මවුපියන්ටවත් දන්වා නැතිබව වටහාගෙන ප්‍රසාදයට පත්ව උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.

සොපි සංකිච‍්චසාමණෙරො විය තෙ සබ‍්බෙ පබ‍්බාජෙත්‍වා උපජ‍්ඣායස‍්ස සන‍්තිකං ආනෙත්‍වා තෙන සත්‍ථු සන‍්තිකං පෙසිතො ගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා “එවං කිර, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා, “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ පුරිමනයෙනෙව අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමමෙව ගාථමාහ –

සාමණේරයන්වහන්සේත් සංකිච්චසාමණේරයන් මෙන් ඒ සියලුදෙනාම පැවිදිකොට උපාධ්‍යායයන් වෙත රැගෙන ගොස්, උන්වහන්සේ විසින් බුදුන් සමීපයෙහි යවන ලදුව එපුව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ මහණෙනි එසේදැයි විමසා ස්වාමීනි, එසේයයි කීකල්හි පෙර පරිද්දෙන්ම අනුසන්ධි ගළපා දහම් දෙසමින් යථොක්ත ගාථාවම වදාළහ.

“යො ච වස‍්සසතං ජීවෙ, දුස‍්සීලො අසමාහිතො; එකාහං ජීවිතං සෙය්‍යො, සීලවන‍්තස‍්ස ඣායිනො”ති.

ඉදම‍්පි අධිමුත‍්තසාමණෙරවත්‍ථු වුත‍්තනයමෙවාති.

මේ අතිමුත්තක සාමණේර වස්තුවත් පෙර කී පරිදිම දේශනා කරන ලද්දකි.

සංකිච‍්චසාමණෙරවත්‍ථු නවමං.

නවවන සංකිච්ච සාමණේර වස්තුවයි.