10. ආයුවඩ්ඪනකුමාරවත්ථු අට්ඨකථා
10. ආයුවඩ්ඪනකුමාරවත්ථු
10. දීඝායුකුමාරයාගේ වස්තුව
අභිවාදනසීලිස්සාති ඉමං ධම්මදෙසනං සත්ථා දීඝලඞ්ඝිකං නිස්සාය අරඤ්ඤකුටියං විහරන්තො දීඝායුකුමාරං ආරබ්භ කථෙසි.
අභිවාදන සීලිස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දීඝලම්බික නුවර සමීපයෙහි ආරණ්යකුටියක වාසයකරන කාලයෙහි දීඝායුකුමරා නිමිති කරගෙන දේශනා කරනලදි.
දීඝලඞ්ඝිකනගරවාසිනො කිර ද්වෙ බ්රාහ්මණා බාහිරකපබ්බජ්ජං පබ්බජිත්වා අට්ඨචත්තාලීස වස්සානි තපචරණං කරිංසු. තෙසු එකො “පවෙණි මෙ නස්සිස්සති, විබ්භමිස්සාමී”ති චින්තෙත්වා අත්තනා කතං තපං පරෙසං වික්කිණිත්වා ගොසතෙන චෙව කහාපණසතෙන ච සද්ධිං භරියං ලභිත්වා කුටුම්බං සණ්ඨපෙසි. අථස්ස භරියා පුත්තං විජායි. ඉතරො පනස්ස සහායකො පවාසං ගන්ත්වා පුනදෙව තං නගරං පච්චාගමි.
දීඝලම්බික නුවර වැසි බමුණෝ දෙදෙනෙක් ශාසනයෙන් බැහැර පැවිදිවී සතළිස්අටවසක් තපස්චර්යා කළහ. එයින් එකෙක් මෙයින් මගේ කුලපරපුර නැසේයයි තමා කළ තපස් (තාපසාරාමය) විකුණා ගවයන් සියයක්ද කහවණු සියයක්ද භාර්යාවකද ලබාගෙන පවුල රැකගෙන සිටියේය. ඉන්පසු ඔහුගේ භාර්යාව දරුවකු වැදුවාය. අනිත් බමුණා වෙනත් ප්‍රදේශයකට ගොස් නැවතත් ඒ නගරයට පැමිණියේය.
සො තස්ස ආගතභාවං සුත්වා පුත්තදාරං ආදාය සහායකස්ස දස්සනත්ථාය අගමාසි. ගන්ත්වා පුත්තං මාතු හත්ථෙ දත්වා සයං තාව වන්දි, මාතාපි පුත්තං පිතු හත්ථෙ දත්වා වන්දි. සො “දීඝායුකා හොථා”ති ආහ, පුත්තෙ පන වන්දාපිතෙ තුණ්හී අහොසි. අථ නං “කස්මා, භන්තෙ, අම්හෙහි වන්දිතෙ ‘දීඝායුකා හොථා’ති වත්වා ඉමස්ස වන්දනකාලෙ කිඤ්චි න වදෙථා”ති ආහ. “ඉමස්සෙකො අන්තරායො අත්ථි, බ්රාහ්මණා”ති. “කිත්තකං ජීවිස්සති, භන්තෙ”ති? “සත්තාහං, බ්රාහ්මණා”ති. “පටිබාහනකාරණං අත්ථි, භන්තෙ”ති? “නාහං පටිබාහනකාරණං ජානාමී”ති. “කො පන ජානෙය්ය, භන්තෙ”ති? “සමණො ගොතමො ජානෙය්ය, තස්ස සන්තිකං ගන්ත්වා පුච්ඡාහී”ති. “තත්ථ ගච්ඡන්තො තපපරිහානිතො භායාමී”ති. “සචෙ තෙ පුත්තසිනෙහො අත්ථි, තපපරිහානිං අචින්තෙත්වා තස්ස සන්තිකං ගන්ත්වා පුච්ඡාහී”ති.
ගිහි බවට පත් බමුණා යහළුවා ආ බව දැනගෙන අඹුදරුවනුත් කැටුව ඔහු දැකීම සඳහා පැමිණියේය. එහි ගොස් පුතා මවු අතට දී තෙමේ පළමුව වැන්දේය. මව පුතා පියා අතට දී වැන්දාය. තවුසා දීර්ඝායුෂ ලැබේවායි කීය. පුතා ලවා වැන්දවු කල්හි තුෂ්ණිම්භූත විය. ස්වාමීනි, අප වඳින විට දීර්ඝායුෂ ලැබේවායි කියා මේ පුතා වන්දවන කල නිහඬවූයේ ඇයිදැයි ඇසීය. බ්‍රාහ්මණය මොහුට එක් අනතුරක් ඇත. ස්වාමීනි, මොහු කෙතේ කල් ජීවත් වන්නෙහිද? බ්‍රාහ්මණය සතියක් පමණි. ඒ අනතුරු වළක්වන ක්‍රමයක් ඇද්ද ස්වාමීනි. මම නම් එය වළකාලන ක්‍රමයක් නොදනිමි. ශ්‍රමණගෞතමයෝ එය දනිති. එහි ගොස් විචාරව. ස්වාමීනි, එහි යෑමෙන් මගේ තපසට හානියක් වේදෝයි භයවෙමි. පුතාට ස්නේහයක් ඇත්නම් තපස ගැන නොසිතා උන්වහන්සේ ළඟට ගොස් අසා බලවයි කීය.
සො සත්ථු සන්තිකං ගන්ත්වා සයං තාව වන්දි. සත්ථා “දීඝායුකො හොහී”ති ආහ, පජාපතියා වන්දනකාලෙපි තස්සා තථෙව වත්වා පුත්තස්ස වන්දාපනකාලෙ තුණ්හී අහොසි. සො පුරිමනයෙනෙව සත්ථාරං පුච්ඡි, සත්ථාපි තථෙව බ්යාකාසි. සො කිර බ්රාහ්මණො සබ්බඤ්ඤුතඤ්ඤාණං අපටිවිජ්ඣිත්වාව අත්තනො මන්තං සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සංසන්දෙසි, පටිබාහනූපායං පන න ජානාති. බ්රාහ්මණො සත්ථාරං පුච්ඡි – “අත්ථි පන, භන්තෙ, පටිබාහනූපායො”ති?
ඔහු බුදුන් ළඟට ගොස් තෙමේ පළමුව වැන්දේය. බුදුරජාණන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවායි වදාළහ. භාර්යාව වඳින විටද ඈට එසේම පැවසූහ. පුතා වන්දවන විට නිහඬවූහ. බමුණා පෙර පරිද්දෙන්ම බුදුරදුන්ගෙන් ඊට හේතුව විචාළේය. ශාස්තෘන්වහන්සේ පෙර පරිදිම ප්‍රකාශ කළහ. ඒ බමුණා සර්වඥතාඥානය ගැන නොදැන තමන්ගේ මන්ත්‍ර සර්වඥතාඥානය හා සමග සංසන්දන කෙළේය. උපද්‍රවය වළකාගන්නා උපායක් නොදත්තේය. බමුණා බුදුරදුන්ගෙන්, ස්වාමීනි, මේ උවදුර වළක්වා ගතහැකි උපායක් ඇද්දැයි විචාළේය.
“භවෙය්ය, බ්රාහ්මණා”ති. “කිං භවෙය්යා”ති? “සචෙ ත්වං අත්තනො ගෙහද්වාරෙ මණ්ඩපං කාරෙත්වා තස්ස මජ්ඣෙ පීඨිකං කාරෙත්වා තං පරික්ඛිපන්තො අට්ඨ වා සොළස වා ආසනානි පඤ්ඤාපෙත්වා තෙසු මම සාවකෙ නිසීදාපෙත්වා සත්තාහං නිරන්තරං පරිත්තං කාතුං සක්කුණෙය්යාසි, එවමස්ස අන්තරායො නස්සෙය්යා”ති. “භො ගොතම, මයා මණ්ඩපාදීනි සක්කා කාතුං, තුම්හාකං පන සාවකෙ කථං ලච්ඡාමී”ති? “තයා එත්තකෙ කතෙ අහං මම සාවකෙ පහිණිස්සාමී”ති.
බ්‍රාහ්මණය, විය හැකිය. කුමක් විය හැකිද ස්වාමීනි. ඉදින් ඔබ තමන්ගේ ගෙදොර මණ්ඩපයක් කරවා එහි මැද පුටුවක් හදවා ඒ වටා ආසන අටක් හෝ සොළසක් පනවා ඒ අසුන්වල මගේ ශ්‍රාවකයන් වඩා හිඳුවා සතියක් නිරන්තරව පිරිත් කියවන්ට හැකිනම් ඒ පිළිවෙතින් මොහුගේ අනතුර වැළකී යන්නේයයි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, මට මණ්ඩපාදිය කරවන්ට පුළුවන, එහෙත් ඔබවහන්සේගේ ශ්‍රාවකයන් ලබාගන්නේ කෙසේද? ඔබ ඒ හරිය සූදානම් කළ පසු මම මගේ ශ්‍රාවකයන් එවන්නෙමි.
“සාධු, භො ගොතමා”ති සො අත්තනො ගෙහද්වාරෙ සබ්බං කිච්චං නිට්ඨාපෙත්වා සත්ථු සන්තිකං අගමාසි. සත්ථා භික්ඛූ පහිණි, තෙ ගන්ත්වා තත්ථ නිසීදිංසු, දාරකම්පි පීඨිකායං නිපජ්ජාපෙසුං, භික්ඛූ සත්තරත්තින්දිවං නිරන්තරං පරිත්තං භණිංසු, සත්තමෙ දිවසෙ සායං සත්ථා ආගච්ඡි. තස්මිං ආගතෙ සබ්බචක්කවාළදෙවතා සන්නිපතිංසු. එකො පන අවරුද්ධකො නාම යක්ඛො ද්වාදස සංවච්ඡරානි වෙස්සවණං උපට්ඨහිත්වා තස්ස සන්තිකා වරං ලභන්තො “ඉතො සත්තමෙ දිවසෙ ඉමං දාරකං ගණ්හෙය්යාසී”ති ලභි. තස්මා සොපි ආගන්ත්වා අට්ඨාසි.
හෙතෙම භවත්ගෞතමයන් වහන්ස, මැනවැයි කියා තමන්ගේ ගෙදොර සියලු වැඩ නිමවා බුදුන් සමීපයට ගියෙය්. ශාස්තෘහු භික්ෂූන් එහි යැවූහ. උන්වහන්සේලා එහි ගොස් ආසනවල වැඩහුන්හ. දරුවාත් පීඨිකාවේ හින්දවූහ. භික්ෂූහු රෑදාවල් හතක් අතරක් නොතබා පිරිත් දේශනා කළහ. සත්වෙනි දින සවස ශාස්තෘන්වහන්සේ එහි වැඩමවූහ. උන්වහන්සේ එහි වැඩමවූ පසු මුළු සක්වළ දෙවියෝද රැස්වූහ. එක් අවරුද්ධක නම් යක්ෂයෙක් දොළොස් වසරක් වෛශ්‍රවණ රජුන්ට සේවය කොට ඔහු ළඟින් මෙයින් සත්වෙනි දිනයේ මේ ළදරුවා ගැනීමට ලැබෙන්නේයයි වරයක්ද ලබා ගත්තේය. එහෙයින් ඔහුද අවුත් සිටියේය.
සත්ථරි පන තත්ථ ගතෙ මහෙසක්ඛාසු දෙවතාසු සන්නිපතිතාසු අප්පෙසක්ඛා දෙවතා ඔසක්කිත්වා ඔසක්කිත්වා ඔකාසං අලභමානා ද්වාදස යොජනානි පටික්කමිංසු. අවරුද්ධකොපි තථෙව පටික්කමි, සත්ථාපි සබ්බරත්තිං පරිත්තමකාසි. සත්තාහෙ වීතිවත්තෙ අවරුද්ධකො දාරකං න ලභි. අට්ඨමෙ පන දිවසෙ අරුණෙ උග්ගතමත්තෙ දාරකං ආනෙත්වා සත්ථාරං වන්දාපෙසුං. සත්ථා “දීඝායුකො හොහී”ති ආහ. “කීවචිරං පන, භො ගොතම, දාරකො ඨස්සතී”ති? “වීසවස්සසතං, බ්රාහ්මණා”ති. අථස්ස “ආයුවඩ්ඪනකුමාරො”ති නාමං කරිංසු.
ශාස්තෘන්වහන්සේ එහි වැඩමවූ පසු මහානුභාව සම්පන්න දෙවියන් එහි පැමිණි නිසා, අල්පේශාක්‍ය දෙවියෝ පසුපසටවී අවකාශයක් ලැබුණේ දොළොස් යොදුනක් ඈතිනි. අවරුද්ධකත් එතරම්ම පිටුපසට ගියේය. ශාස්තෘන්වහන්සේත් මුළු රෑ පුරා පිරිත් කළහ. සතිය ඉක්මෙන විට අවරුද්ධකට දරුවා නොලැබිණි. අටවෙනි දිනයට හිරු පායන විටම දරුවා ගෙනවුත් බුදුන් වැන්දවූහ. බුදුරජාණන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවායි වදාළහ. භවත්ගෞතමයන් වහන්ස, දරුවා කෙතෙක් කල් සිටීදැයි බමුණා ඇසීය. බමුණ, එක්සියවිසි අවුරුද්දක්ය. ඉන්පසු ඔහුට ආයුවර්ධන කුමාර යන නම තැබූහ.
සො වුද්ධිමන්වාය පඤ්චහි උපාසකසතෙහි පරිවුතො විචරි. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “පස්සථාවුසො, ආයුවඩ්ඪනකුමාරෙන කිර සත්තමෙ දිවසෙ මරිතබ්බං අභවිස්ස, සො ඉදානි වීසවස්සසතට්ඨායී හුත්වා පඤ්චහි උපාසකසතෙහි පරිවුතො විචරති, අත්ථි මඤ්ඤෙ ඉමෙසං සත්තානං ආයුවඩ්ඪනකාරණ”න්ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, න කෙවලං ආයුවඩ්ඪනමෙව, ඉමෙ පන සත්තා ගුණවන්තෙ වන්දන්තා අභිවාදෙන්තා චතූහි කාරණෙහි වඩ්ඪන්ති, පරිස්සයතො මුච්චන්ති, යාවතායුකමෙව තිට්ඨන්තී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
හෙතෙම වැඩී වයසට පැමිණ පන්සීයක් උපාසකවරුන් පිරිවරා ගෙන හැසිරෙයි. දිනක් දම්සභාමණ්ඩපයට රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, බලව් ආයුවර්ධන කුමරා සත්වෙනි දින මරණයට පත්වීමට සිටියේය. දැන් ඔහු වසර එක්සිය විස්සක් ජීවත් වීමේ ශක්තිය ලබා උපාසකවරුන් පන්සීයක් පිරිවරාගෙන ඇවිදයයි. මේ ලෝකයේ, සත්ත්වයන්ට දීර්ඝායු ලබන කරුණුත් ඇතැයි කථා කළහ. බුදුරජාණන්වහන්සේ එතැනට වැඩමවා, මහණෙනි, කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි අසා, එය කී කල්හි, මහණෙනි, ආයුෂලැබීම පමණක් නොවේ. මෙලොව ගුණවතුන් වඳින පුදන සත්ත්වයෝ කරුණු සතරකින් සම්පූර්ණ වෙති. උවදුරුවලින් මිදෙත්. නියම ආයුප්රමාණයම සිටිතියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“අභිවාදනසීලිස්ස, නිච්චං වුඩ්ඪාපචායිනො; චත්තාරො ධම්මා වඩ්ඪන්ති, ආයු වණ්ණො සුඛං බල”න්ති.
නිති සිල්වතුන් වඳිනා වැඩිහිටියන් පුදනා ඔහු ආයු රුව සැප බල යන කරුණෙන් වැඩී යයි
තත්ථ අභිවාදනසීලිස්සාති වන්දනසීලිස්ස, අභිණ්හං වන්දනකිච්චපසුතස්සාති අත්ථො. වුඩ්ඪාපචායිනොති ගිහිස්ස වා තදහුපබ්බජිතෙ දහරසාමණෙරෙපි, පබ්බජිතස්ස වා පන පබ්බජ්ජාය වා උපසම්පදාය වා වුඩ්ඪතරෙ ගුණවුඩ්ඪෙ අපචායමානස්ස, අභිවාදනෙන වා නිච්චං පූජෙන්තස්සාති අත්ථො. චත්තාරො ධම්මා වඩ්ඪන්තීති ආයුම්හි වඩ්ඪමානෙ යත්තකං කාලං තං වඩ්ඪති, තත්තකං ඉතරෙපි වඩ්ඪන්තියෙව. යෙන හි පඤ්ඤාසවස්සආයුසංවත්තනිකං කුසලං කතං, පඤ්චවීසතිවස්සකාලෙ චස්ස ජීවිතන්තරායො උප්පජ්ජෙය්ය, සො අභිවාදනසීලතාය පටිප්පස්සම්භති, සො යාවතායුකමෙව තිට්ඨති, වණ්ණාදයොපිස්ස ආයුනාව සද්ධිං වඩ්ඪන්ති. ඉතො උත්තරිපි එසෙව නයො. අනන්තරායෙන පවත්තස්සායුනො වඩ්ඪනං නාම නත්ථි.
එහි අභිවාදන සීලිස්ස යන නිරන්තරයෙන් සිල්වතුන් වැඳීම පිදීමෙහි ඇලුණු යන අර්ථයයි. වද්ධාපචායිනො යනු ගිහියා, එදා පැවිදිවූ ළදරු සාමණේර නමටත්, පැවිද්දා පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් තමාට වැඩිමල් අයටත් ගුණෙන් වැඩිහිටියන්ටත් වැඳීම් පිදීම් හෝ කරන්නේ නම්, චත්තාරො ධම්මා වඩ්ඪන්ති යනු ආයු වර්ධනය වේ. යම්තාක් කල් ආයු වැඩේ නම් ඒතාක් කල් අනිත් ගුණද වැඩෙයි. යමෙක් ප්‍රඥාවෙන් ආයුසංවත්තනික කුසලක් කළවිට, විසිපස් වෙනි වියෙහි ඔහුට ජීවිත අනතුරක් ආවත්, යටකී පිනෙන්, අභිවාදනශීලී වන හෙයින් උවදුරු නැතිව ගොස් නියම ආයු ප්‍රමාණයම ජීවත් වෙයි. රූපශ්‍රීය ආදියද ආයුෂය සමගම වැඩිවෙයි. මෙයින් ඉදිරියටද මේ ක්‍රමයමය. අනතුරක් නැත්තාට ආයු වර්ධනයක් නොවේ.
දෙසනාවසානෙ ආයුවඩ්ඪනකුමාරො පඤ්චහි උපාසකසතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි ආයුවර්ධන කුමරා උපාසකවරුන් පන්සීයක් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ අයත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
ආයුවඩ්ඪනකුමාරවත්ථු අට්ඨමං.
අටවන දීඝායුකුමාරයාගේ වස්තුවයි.