9. සාරිපුත්තත්ථෙරස්ස සහායකබ්රාහ්මණවත්ථු අට්ඨකථා
9. සාරිපුත්තත්ථෙරස්ස සහායකබ්රාහ්මණවත්ථු
9. සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුව
යං කිඤ්චි යිට්ඨං වාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරස්ස සහායකබ්රාහ්මණං ආරබ්භ කථෙසි.
යං කිංචි යිට්ඨං ච යනාදි මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු නිමිතිකරගෙන දේශනා කරනලදි.
තම්පි හි ථෙරො උපසඞ්කමිත්වා “කිං, බ්‍රාහ්මණ, කිඤ්චි කුසලං කරොසී”ති පුච්ඡි. “ආම, භන්තෙ”ති. “කිං කරොසී”ති? “යිට්ඨයාගං යජාමී”ති. “තදා කිර තං යාගං මහාපරිච්චාගෙන යජ”න්ති. ඉතො පරං ථෙරො පුරිමනයෙනෙව පුච්ඡිත්වා තං සත්ථු සන්තිකං නෙත්වා තං පවත්තිං ආරොචෙත්වා “ඉමස්ස, භන්තෙ, බ්රහ්මලොකස්ස මග්ගං කථෙථා”ති ආහ.
ඔහු ළඟටත් සැරියුත්තෙරුන්වහන්සේ වැඩමවා බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මංගල සම්මත දිනයන්හි දන්දෙමි. එකල්හි ඒ යාගය මහත් ධනවියදමින් කරමි. මින් ඉදිරියට තෙරණුවෝ පෙර පරිදිම විමසා ඔහු බුදුන් ළඟට පමුණුවා, ඒ පුවත දන්වා, ස්වාමීනි, මොහුට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියනු මැනවැයි කීහ.
සත්ථා, “බ්‍රාහ්මණ, එවං කිරා”ති පුච්ඡිත්වා “එවං, භො ගොතමා”ති වුත්තෙ, “බ්‍රාහ්මණ, තයා සංවච්ඡරං යිට්ඨයාගං යජන්තෙන ලොකියමහාජනස්ස දින්නදානං පසන්නචිත්තෙන මම සාවකානං වන්දන්තානං උප්පන්නකුසලචෙතනාය චතුභාගමත්තම්පි න අග්ඝතී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බ්‍රාහ්මණය, ඔබ අවුරුදු ගණන් යිට්ඨයෝගදාන දුන්නත් මගේ ශ්රාවකයෙකුට වැඳීමෙන් ලබන පිනෙන් හතරෙන් එකක් පමණවත් වටින්නේ නැතැයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ, සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො; සබ්බම්පි තං න චතුභාගමෙති, අභිවාදනා උජ්ජුගතෙසු සෙය්යො”ති.
යමෙක් පින් පතමින් යාගය කළත් වසරක් බුදුසව්වෙකුට වැඳුමෙන් ලබන පින හා නොසම වේ එක් බුදුසව්වෙකුට වඳිනා පිනෙන් හතරෙන් එකකට පමණවත් සමනොවේමය
තත්ථ යං කිඤ්චීති අනවසෙසපරියාදානවචනමෙතං. යිට්ඨන්ති යෙභුය්යෙන මඞ්ගලකිරියාදිවසෙසු දින්නදානං. හුතන්ති අභිසඞ්ඛරිත්වා කතං පාහුනදානඤ්චෙව, කම්මඤ්ච ඵලඤ්ච සද්දහිත්වා කතදානඤ්ච. සංවච්ඡරං යජෙථාති එකසංවච්ඡරං නිරන්තරමෙව වුත්තප්පකාරං දානං සකලචක්කවාළෙපි ලොකියමහාජනස්ස දදෙය්ය. පුඤ්ඤපෙක්ඛොති පුඤ්ඤං ඉච්ඡන්තො. උජ්ජුගතෙසූති හෙට්ඨිමකොටියා සොතාපන්නෙසු උපරිමකොටියා ඛීණාසවෙසු. ඉදං වුත්තං හොති – “එවරූපෙසු පසන්නචිත්තෙන සරීරං ඔනමිත්වා වන්දන්තස්ස කුසලචෙතනාය යං ඵලං, තතො චතුභාගම්පි සබ්බං තං දානං න අග්ඝති, තස්මා උජුගතෙසු අභිවාදනමෙව සෙය්යො”ති.
එහි යං කිංචි යනු ඉතිරි නොකර ගැනීමට යොදන වචනයකි. යිට්ඨං යනු බොහෝ සෙයින් මංගල සම්මත දිනයන්හි දෙන දානයයි. හුතං යනු කර්මයත් ඵලයත් ගැන පිළිගෙන සකස්කොට අමුත්තන්ට දන්දීමයි. සංවච්ඡරං යජෙථ යනු අවුරුද්දක් පුරා නිරන්තරයෙන් ඉහත සඳහන් අයුරින් මුළු සක්වළම සිටින ලෞකික මහජනයාට දුන්නත්, පුඤ්ඤපෙක්ඛො යනු පින් බලාපොරොත්තුවෙන් උජ්ජුගතෙසු යනු අවම වශයෙන් සෝවාන් හෝ උපරිම වශයෙන් රහතන්වහන්සේලාටයි. මෙහි කියනලද්දේ - එබඳු අය කෙරෙහි ප්‍රසාද සිතින් සිරුර නමා වඳින පුද්ගලයාගේ කුසල්චේතනාවෙන් යම් ඵලයක් ලබන්නේ නම් එයින් හතරෙන් එකක් පමණවත් ඒ සියලු යාග දානය නොවටී යන අර්ථයයි. එනිසා ආර්යයන් වෙත වන්දනමානන පූජා කිරීම අතිශයින් ශ්‍රේෂ්ඨය.
දෙසනාවසානෙ සො බ්රාහ්මණො සොතාපත්තිඵලං පත්තො, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවගේ කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් බොහෝ දෙනාද සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සාරිපුත්තත්ථෙරස්ස සහායකබ්රාහ්මණවත්ථු සත්තමං.
හත්වන සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුවයි.