යෙදුමෙන් කියවන්න

8. සාරිපුත‍්තත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යවත්‍ථු අට‍්ඨකථා

8. සාරිපුත‍්තත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යවත්‍ථු

8. සැරියුත් තෙරණුවන්ගේ බෑණාගේ වස්තුව

යො ච වස‍්සසතං ජන‍්තූති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යං ආරබ‍්භ කථෙසි.

යො ච වස්සසතං ජන්තු යන මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවනාරාමයේ වසන සමයෙහි සැරියුත්තෙරණුවන්ගේ බෑණා වන බ්‍රාහ්මණයෙකු අරභයා දේශනා කරනලදි.

තම‍්පි හි ථෙරො උපසඞ‍්කමිත්‍වා ආහ – “කිං, බ්‍රාහ‍්මණ, කුසලං කරොසී”ති? “ආම, භන‍්තෙ”ති. “කිං කරොසී”ති? “මාසෙ මාසෙ එකං එකං පසුං ඝාතෙත්‍වා අග‍්ගිං පරිචරාමී”ති. “කිමත්‍ථං එවං කරොසී”ති? “බ්‍රහ‍්මලොකමග‍්ගො කිරෙසො”ති.

සැරියුත්තෙරණුවෝ මේ බමුණා ළඟටද ගොස් බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මාස් පතා එක එක සතා බැගින් මරා ගින්නට (ගිනිදෙවියාට) පුදන්නෙමි. කුමක් බලාපොරොත්තුවෙන් එසේ කරන්නෙහිද? බඹලොවට යන මග එය නිසාය.

“කෙනෙවං කථිත”න‍්ති? “ආචරියෙහි මෙ, භන‍්තෙ”ති. “නෙව ත්‍වං බ්‍රහ‍්මලොකස‍්ස මග‍්ගං ජානාසි, නාපි තෙ ආචරියා, එහි, සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමා”ති තං සත්‍ථු සන‍්තිකං නෙත්‍වා තං පවත‍්තිං ආරොචෙත්‍වා “ඉමස‍්ස, භන‍්තෙ, බ්‍රහ‍්මලොකස‍්ස මග‍්ගං කථෙථා”ති ආහ.

එසේ කීවේ කවුද? ස්වාමීනි, අපේ ආචාර්යවරයන් විසිනි. ඔබ බ්‍රහ්මලෝකයට යන මග නොදන්නෙහිය. ඔබේ ආචාර්යවරයනුත් එය නොදන්නහුය. මා සමග එන්න. බුදුන් සමීපයට යමුයයි ඔහුත් සමග බුදුන් ළඟට ගොස් ඒ ප්‍රවෘත්තිය කියා, ස්වාමීනි, මොහුට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියා දෙනු මැනවැයි ඉල්ලා සිටියහ.

සත්‍ථා “එවං කිරා”ති පුච‍්ඡිත්‍වා “එවං, භො ගොතමා”ති වුත‍්තෙ, “බ්‍රාහ‍්මණ, වස‍්සසතම‍්පි එවං අග‍්ගිං පරිචරන‍්තස‍්ස තව අග‍්ගිපාරිචරියා මම සාවකස‍්ස තඞ‍්ඛණමත‍්තං පූජම‍්පි න පාපුණාතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

බුදුරජාණන්වහන්සේ මේ කියන්නේ සැබෑවක්දැයි බමුණාගෙන් අසා, භවත් ගෞතමයන් වහන්ස එසේයයි පිළිතුරු දුන් පසු, බ්‍රාහ්මණය, මෙසේ වර්ෂ සියයක් ගිනිපුදන තොපගේ ඒ ගිනිපූජාවට වඩා එකෙණෙහි මගේ ශ්‍රාවකයෙකුට කරන පූජාව වටින්නේයයි වදාරා පූර්වාපර සන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“යො ච වස‍්සසතං ජන‍්තු, අග‍්ගිං පරිචරෙ වනෙ; එකඤ‍්ච භාවිතත‍්තානං, මුහුත‍්තමපි පූජයෙ; සායෙව පූජනා සෙය්‍යො, යඤ‍්චෙ වස‍්සසතං හුත”න‍්ති.

වසර සියයක් හෝ වනයෙහි ගිනි පිදීමෙන් පලක් නැත ඒ වෙනුවට මොහොතක් බුදුන් පිදුවොත් එයම උතුම් කුසලකි ගිනි පුදයකට වැඩියෙන්

තත්‍ථ ජන‍්තූති සත‍්තාධිවචනමෙතං. අග‍්ගිං පරිචරෙ වනෙති නිප‍්පපඤ‍්චභාවපත්‍ථනාය වනං පවිසිත්‍වාපි තත්‍ථ අග‍්ගිං පරිචරෙය්‍ය. සෙසං පුරිමසදිසමෙවාති.

එහි ජන්තු යනු සත්ත්වයන්ට කියන තවත් නමකි. අග්ගිං පරිචරෙ වනෙ යනු ප්‍රමාද නොවීම පතා වනයට ගොස් එහි ගිනි පුදන්නේද, සෙස්ස පෙර කී පරිදිමය.

දෙසනාවසානෙ සො බ්‍රාහ‍්මණො සොතාපත‍්තිඵලං පාපුණි, අඤ‍්ඤෙපි බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

[missing trans] දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

සාරිපුත‍්තත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යවත්‍ථු ඡට‍්ඨං.

සයවන සැරියුත් තෙරණුවන්ගේ බෑණාගේ වස්තුවයි.