7. සාරිපුත්තත්ථෙරස්ස මාතුලබ්රාහ්මණවත්ථු අට්ඨකථා
7. සාරිපුත්තත්ථෙරස්ස මාතුලබ්රාහ්මණවත්ථු
7. සැරියුත් තෙරණුවන් මාමාවූ බ්‍රාහ්මණයාගේ වස්තුව
මාසෙ මාසෙති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරස්ස මාතුලබ්රාහ්මණං ආරබ්භ කථෙසි.
මාසෙ මාසෙ යන මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ මාමා වන බ්‍රාහ්මණයෙකු උදෙසා දේශනා කරනලදි.
ථෙරො කිර තස්ස සන්තිකං ගන්ත්වා ආහ – “කිං නු ඛො, බ්‍රාහ්මණ, කිඤ්චිදෙව කුසලං කරොසී”ති? “කරොමි, භන්තෙ”ති. “කිං කරොසී”ති? “මාසෙ මාසෙ සහස්සපරිච්චාගෙන දානං දම්මී”ති. “කස්ස දෙසී”ති? “නිගණ්ඨානං, භන්තෙ”ති. “කිං පත්ථයන්තො”ති? “බ්රහ්මලොකං, භන්තෙ”ති. “කිං පන බ්රහ්මලොකස්ස අයං මග්ගො”ති? “ආම, භන්තෙ”ති. “කො එවමාහා”ති? “ආචරියෙහි මෙ කථිතං, භන්තෙ”ති.
සැරියුත්තෙරණුවෝ ඒ බමුණා ළඟට ගොස්, බ්‍රාහ්මණය, ඔබ යම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මාසයක් පාසා දහසක් වියදම් කොට දන් දෙමි. ඒ දන් දෙන්නේ කාටද? ස්වාමීනි, නිඝණ්ටයන්ටය. ඔබ කුමක් පතා දෙන්නෙහිද? ස්වාමීනි, බඹලොව පතමිනි, මෙය බඹලොවට මඟවේද? එය කියා දුන්නේ කවුරුන්ද? ස්වාමීනි, මාගේ ආචාර්යවරයන් විසිනි.
“නො ත්වං බ්රහ්මලොකස්ස මග්ගං ජානාසි, නාපි තෙ ආචරියා, සත්ථාව එකො ජානාති, එහි, බ්‍රාහ්මණ, බ්රහ්මලොකස්ස තෙ මග්ගං කථාපෙස්සාමී”ති තං ආදාය සත්ථු සන්තිකං නෙත්වා, “භන්තෙ, අයං බ්රාහ්මණො එවමාහා”ති, “තං පවත්තිං ආරොචෙත්වා සාධු වතස්ස බ්රහ්මලොකස්ස මග්ගං කථෙථා”ති. සත්ථා “එවං කිර, බ්රාහ්මණා”ති පුච්ඡිත්වා “ආම, භො ගොතමා”ති වුත්තෙ, “බ්‍රාහ්මණ, තයා එවං දදමානෙන වස්සසතං දින්නදානතොපි මුහුත්තමත්තං පසන්නචිත්තෙන මම සාවකස්ස ඔලොකනං වා කටච්ඡුභික්ඛාමත්තදානං වා මහප්ඵලතර”න්ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බ්‍රාහ්මණය, බඹලොවට යන මග ඔබ නොදන්නෙහිය. ඔබේ ගුරුවරුත් නොදන්නාහුය. මෙය දන්නෝ නම් බුදුරජහුමය. මා සමග එන්න. මම ඔබට ඒ මග කියවා දෙන්නෙමියි ඔහුත් සමග බුදුන් හමුවට ගොස් ස්වාමීනි, මේ බමුණා මෙසේ කියන්නේයයි එම ප්‍රවෘත්තිය බුදුරදුන්ට දන්වා ස්වාමීනි, මොහුට බඹලොව යනමග කියාදුන මැනවියි ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ බමුණාගෙන් එය අසා, එසේය භවත් ගෞතමයෙනියි කී කල්හි, බ්‍රාහ්මණය, මෙසේ දන් දෙන්නාවූ ඔබ වර්ෂ සීයක් දෙන දානයට වඩා එක මොහොතක් මාගේ ශ්‍රාවකයන් දෙස ප්‍රසන්න සිතින් බැලීම හෝ සැන්දක් පමණ බත්දීම මහත්ඵලදායක යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක:
“මාසෙ මාසෙ සහස්සෙන, යො යජෙථ සතං සමං; එකඤ්ච භාවිතත්තානං, මුහුත්තමපි පූජයෙ; සායෙව පූජනා සෙය්යො, යඤ්චෙ වස්සසතං හුත”න්ති.
දහසක් වියදමින් මසක් පාසා යාග කළමුත් ඊට වඩා සිල්වතුනට එක් වරක් බත් දීමෙන් මොහොතක්වුවද පිදුමත් එයම වැදගත් වේ වසර සියයක යාගයට වැඩි
තත්ථ සහස්සෙනාහි සහස්සපරිච්චාගෙන. යො යජෙථ සතං සමන්ති යො වස්සසතං මාසෙ මාසෙ සහස්සං පරිච්චජන්තො ලොකියමහාජනස්ස දානං දදෙය්ය, එකඤ්ච භාවිතත්තානන්ති යො පන එකං සීලාදිගුණවිසෙසෙන වඩ්ඪිතඅත්තානං හෙට්ඨිමකොටියා සොතාපන්නං, උපරිමකොටියා ඛීණාසවං ඝරද්වාරං සම්පත්තං කටච්ඡුභික්ඛාදානවසෙන වා යාපනමත්තආහාරදානවසෙන වා ථූලසාටකදානමත්තෙන වා පූජෙය්ය. යං ඉතරෙන වස්සසතං හුතං. තතො සායෙව පූජනා සෙය්යො. සෙට්ඨො උත්තමොති අත්ථොති.
එහි සහස්සෙන යනු දහසක් පරිත්‍යාග කිරීමෙනි. යො යජෙථ සතං සමං යනු යමෙක් අවුරුදු සියයක් වසක් පාසා දහස බැගින් වියදම් කොට ලෞකික මහාජනයාට දන් දුන්නත්, එකං ච භාවිතත්තානං යනු යම් කිසිවෙක් ශීලාදි ගුණවලින් දියුණු කරගත් සිත් ඇති, අවම වශයෙන් සෝවාන් පුද්ගලයෙකුට හෝ උපරිම වශයෙන් රහත්නමකට හෝ ගෙදොරට පැමිණි විට සැන්දක් පමණ භික්ෂාව හෝ යැපෙන පමණ දනක් දළසාටකයක් පමණක් පුදන්නේ නම් පළමු තැනැත්තා වසර සීයක් කළ යාගයට වඩා මෙම පූජාවම වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ පූජාවක් වෙයි යන අර්ථයි.
දෙසනාවසානෙ සො බ්රාහ්මණො සොතාපත්තිඵලං පත්තො, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනා කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සාරිපුත්තත්ථෙරස්ස මාතුලබ්රාහ්මණවත්ථු පඤ්චමං.
පස්වන සැරියුත් තෙරණුවන් මාමාවූ බ්‍රාහ්මණයාගේ වස්තුවයි.