යෙදුමෙන් කියවන්න

5-6. අනත්‍ථපුච‍්ඡකබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

5-6. අනත්‍ථපුච‍්ඡකබ්‍රාහ‍්මණවත්‍ථු

5-6. අනර්ථ ඇසූ බමුණාගේ වස්තුව

අත‍්තා හවෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනත්‍ථපුච‍්ඡකං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

අත්තාහවෙ ජිතං මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අනර්ථපුච්ඡක නම් බ්‍රාහ්මණයා නිමිති කරගෙන දේශනා කරනලදි.

සො කිර බ්‍රාහ‍්මණො “කිං නු ඛො සම‍්මාසම‍්බුද‍්ධො අත්‍ථමෙව ජානාති, උදාහු අනත්‍ථම‍්පි, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “භන‍්තෙ, තුම‍්හෙ අත්‍ථමෙව ජානාථ මඤ‍්ඤෙ, නො අනත්‍ථ”න‍්ති? “අත්‍ථඤ‍්චාහං, බ්‍රාහ‍්මණ, ජානාමි අනත්‍ථඤ‍්චා”ති. “තෙන හි මෙ අනත්‍ථං කථෙථා”ති. අථස‍්ස සත්‍ථා ඉමං ගාථමාහ –

ඒ බමුණු තෙමේ, කෙසේද සම්මාසම්බුදුන්වහන්සේ අර්ථයක්ම දන්නාසේක්ද, නැතහොත් අනර්ථයක්ම දන්නා සේක්දැයි කියා විමසා බලන්නෙමියි සිතා උන්වහන්සේ ළඟට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, ඔබවහන්සේ අර්ථයක්ම දන්නෙහිද, අනර්ථයක් නොදන්නා සේක්දැයි ඇසීය. බ්‍රාහ්මණය, මම අර්ථයත් අනර්ථයත් යන දෙකම දන්නෙමි. එසේනම් මට අනර්ථය නම් කුමක්දැයි කියා දෙනු මැනවි. ඉන්පසු බුදුරජාණන්වහන්සේ මේ ගාථාව වදාළහ:

“උස‍්සූරසෙය්‍යං ආලස්‍යං, චණ‍්ඩික‍්කං දීඝසොණ‍්ඩියං; එකස‍්සද‍්ධානගමනං පරදාරූපසෙවනං; එතං බ්‍රාහ‍්මණ සෙවස‍්සු, අනත්‍ථං තෙ භවිස‍්සතී”ති.

හිරු නැග එන තුරුම නිදියාම මැලි ගතිය ද රළු පරළු වීම ද වැඩෙහි නිසි ලෙස නොයෙදුම අනුන් අඹුන් සොයන මෙබදු ගති ඇතිවිට පිරිහීම නිතැතින්ම සිදු වේ

තං සුත්‍වා බ්‍රාහ‍්මණො සාධුකාරමදාසි “සාධු සාධු, ගණාචරිය, ගණජෙට‍්ඨක, තුම‍්හෙ අත්‍ථඤ‍්ච ජානාථ අනත්‍ථඤ‍්චා”ති. “එවං ඛො, බ්‍රාහ‍්මණ, අත්‍ථානත්‍ථජානනකො නාම මයා සදිසො නත්‍ථී”ති. අථස‍්ස සත්‍ථා අජ‍්ඣාසයං උපධාරෙත්‍වා, “බ්‍රාහ‍්මණ, කෙන කම‍්මෙන ජීවසී”ති පුච‍්ඡි. “ජූතකම‍්මෙන, භො ගොතමා”ති. “කිං පන තෙ ජයො හොති පරාජයො”ති. “ජයොපි හොති පරාජයොපී”ති වුත‍්තෙ, “බ්‍රාහ‍්මණ, අප‍්පමත‍්තකො එස, පරං ජිනන‍්තස‍්ස ජයො නාම න සෙය්‍යො. යො පන කිලෙසජයෙන අත‍්තානං ජිනාති, තස‍්ස ජයො සෙය්‍යො. න හි තං ජයං කොචි අපජයං කාතුං සක‍්කොතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

ඒ ඇසූ බමුණා සාධුකාර දුන්නේය. ගණාචාර්යවරයාණනි, ඉතා මැනවි. ජ්‍යෙෂ්ඨ පුරුෂයාණනි, ඔබ අර්ථය මෙන්ම අනර්ථයද දන්නෙහිය. බමුණ, මෙසේ අර්ථානර්ථ දන්නා මට සමාන කෙනෙක් නැත. ඉන්පසු ඔහුගේ අදහස් විමසා බලා, බමුණ, ඔබ කිනම් කර්මාන්තයක් කොට ජීවත් වන්නෙහිදැයි ඇසූහ. එසේ විචාරා, භවත්ගෞතමයන්වහන්ස, දූකෙළියෙනියි කීකල, කිම ඔබ එයින් දිනන්නේද, පරදින්නෙහිදැයි ඇසූහ. ජයත් ලැබෙයි පරාජයත් ලැබෙයියයි කී කල්හි, බ්‍රාහ්මණය, ඒ අයුරින් අනුන් පරදවා ලබන ජය එතරම් වැදගත් නොවෙයි. උතුම් වන්නේද නොවෙයි, යමෙක් තම සන්තානයෙහි පවත්නා කෙලෙස් පරදවා තමන් දිනන්නේද, ඔහුගේ ජයග්‍රහණය ශ්‍රේෂ්ඨ නොවෙයි. ඔහුගේ ජයග්‍රහණය කිසිවකු විසිනුත් පරාජය කළ නොහැකියයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක.

“අත‍්තා හවෙ ජිතං සෙය්‍යො, යා චායං ඉතරා පජා; අත‍්තදන‍්තස‍්ස පොසස‍්ස, නිච‍්චං සඤ‍්ඤතචාරිනො.

අන් අය පරදවා ලබන දිනුමට වැඩියෙන් කෙලෙස් නසා ලබන ජය උතුම් වේ එබඳු පුගුලා නිතර සන්සුන් ලෙසින් හැසිරේ

“නෙව දෙවො න ගන්‍ධබ‍්බො, න මාරො සහ බ්‍රහ‍්මුනා; ජිතං අපජිතං කයිරා, තථාරූපස‍්ස ජන‍්තුනො”ති.

දෙවියන් බඹුන් ගදඹුන් මරුන් හෝ කිසිවෙකුටත් ඔහුගේ දිනුම කිසිවිට පරාජය කළ හැකි නොවේ

තත්‍ථ හවෙති නිපාතො. ජිතන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසො, අත‍්තනො කිලෙසජයෙන අත‍්තා ජිතො සෙය්‍යොති අත්‍ථො. යා චායං ඉතරා පජාති යා පනායං අවසෙසා පජා ජූතෙන වා ධනහරණෙන වා සඞ‍්ගාමෙන වා බලාභිභවෙන වා ජිතා භවෙය්‍ය, තං ජිනන‍්තෙන යං ජිතං, න තං සෙය්‍යොති අත්‍ථො. කස‍්මා පන තදෙව ජිතං සෙය්‍යො, ඉදං න සෙය්‍යොති? යස‍්මා අත‍්තදන‍්තස‍්ස…පෙ… තථාරූපස‍්ස ජන‍්තුනොති. ඉදං වුත‍්තං හොති – යස‍්මා හි ය‍්වායං නික‍්කිලෙසතාය අත‍්තදන‍්තො පොසො, තස‍්ස අත‍්තදන‍්තස‍්ස කායාදීහි නිච‍්චං සඤ‍්ඤතචාරිනො එවරූපස‍්ස ඉමෙහි කායසඤ‍්ඤමාදීහි සඤ‍්ඤතස‍්ස ජන‍්තුනො දෙවො වා ගන්‍ධබ‍්බො වා මාරො වා බ්‍රහ‍්මුනා සහ උට‍්ඨහිත්‍වා “අහමස‍්ස ජිතං අපජිතං කරිස‍්සාමි, මග‍්ගභාවනාය පහීනෙ කිලෙසෙ පුන උප‍්පාදෙස‍්සාමී”ති ඝටෙන‍්තොපි වායමන‍්තොපි යථා ධනාදීහි පරාජිතො පක‍්ඛන‍්තරො හුත්‍වා ඉතරෙන ජිතං පුන ජිනන‍්තො අපජිතං කරෙය්‍ය, “එවං අපජිතං කාතුං නෙව සක‍්කුණෙය්‍යා”ති.

එහි භවෙ යනු නිපාත මාත්‍රයකි. ජිතං යනු ලිංග විපර්යාසයකි. තමන්ගේ කෙලෙස් පරදවා ලබන ජයෙන් ජයක් ලැබීම උතුම් යන අර්ථයයි. යා චායං ඉතරා පජා යනු යම් ඒ අවශේෂ මිනිස්සු සූදුවෙන්, ධනය පැහැරගැනීමෙන්, යුද්ධයෙන්, බලය මැඩපැවැත්වීමෙන් යන කරුණුවලින් පැරදවූවත්, එසේ දිනන්නාගේ ජයග්‍රහණය උතුම් නොවෙයි යන අර්ථයි. ඒ දිනීම කුමක් නිසා උතුම් නොවේද? එය උතුම් දිනුමක් නොවන හෙයිනි. යම් හෙයකින් අත්තදන්තස්ස -පෙ- තථාරූපස්ස ජන්තුනෝ යන්න කියනලදි. එහෙයින් කෙලෙසුන් නැසීම සඳහා තමා දමනය කරගත් පුද්ගලයා ඒ තමා දමනය කර ගැනීමේදී කාය සුචරිතාදියෙන් නිච්චං සඤ්ඤත චාරිනො මේ ආදි කාය සංයමය ආදියෙන් යුක්ත වූ පුද්ගලයාගේ ඒ ලබා තිබෙන ජයග්‍රහණය දෙවියෙකු විසින් හෝ ගන්ධර්වයෙකු, මාරයෙකු බඹෙකු විසින් හෝ නැගී සිට මම මොහු ලබා ඇති ජය පරාජයක් කරන්නෙමියි හෝ මාර්ග භාවනා මගින් ප්‍රහීණ කළ කෙලෙස් නැවත උපදවන්නෙමියි කියා හෝ ගැටෙමින් වෑයම් කරමින් යම්සේ ධනාදියෙන් පැරදුණු නැහුණු එකෙක් ඒ පරාජය පරාජයක් කරන්නේද, එසේ පරාජය කිරීමට නොහැකි වේ යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

අනත්‍ථපුච‍්ඡකබ්‍රාහ‍්මණවත්‍ථු චතුත්‍ථං.

සතරවන අනර්ථ ඇසූ බමුණාගේ වස්තුවයි.