3-4. කුණ්ඩලකෙසිත්ථෙරීවත්ථු අට්ඨකථා
3-4. කුණ්ඩලකෙසිත්ථෙරීවත්ථු
3-4. කුණ්ඩලකේසී ස්ථවිර වස්තුව
යො ච ගාථාසතං භාසෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කුණ්ඩලකෙසිං ආරබ්භ කථෙසි.
යො ච ගාථාසතං භාසෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කුණ්ඩලකේශී අරභයා දේශනා කරනලදි.
රාජගහෙ කිර එකා සෙට්ඨිධීතා සොළසවස්සුද්දෙසිකා අභිරූපා අහොසි දස්සනීයා පාසාදිකා. තස්මිඤ්ච වයෙ ඨිතා නාරියො පුරිසජ්ඣාසයා හොන්ති පුරිසලොලා. අථ නං මාතාපිතරො සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ සිරිගබ්භෙ නිවාසාපෙසුං. එකමෙවස්සා දාසිං පරිචාරිකං අදංසු.
රජගහනුවර සොළොස් හැවිරිදි පමණවූ දුටුවන් පහදවන ප්රසාදජනක අභිරූපීවූ එක් සිටුදියණියක් සිටියාය. ඒ වයසෙහිම සිටි ස්ත්‍රීහු පුරුෂයන් පිළිබඳ වූ සිතින් ඇය කෙරෙහි ලොල්ව සිටියාහුය. ඉන්පසු ඒ සිටුදුවණියගේ මවුපියෝ සත්මහල් පහයක උඩම ඇති මහලේ සිරියහන් ගබඩාවක දුවණිය වාසය කරවාලූහ. එකම එක දාසියක් ඇගේ ඇපඋපස්ථානය සඳහා යෙදවූහ.
අථෙකං කුලපුත්තං චොරකම්මං කරොන්තං ගහෙත්වා පච්ඡාබාහං බන්ධිත්වා චතුක්කෙ චතුක්කෙ කසාහි පහරිත්වා ආඝාතනං නයිංසු. සෙට්ඨිධීතා මහාජනස්ස සද්දං සුත්වා “කිං නු ඛො එත”න්ති පාසාදතලෙ ඨත්වා ඔලොකෙන්තී තං දිස්වා පටිබද්ධචිත්තා හුත්වා තං පත්ථයමානා ආහාරං පටික්ඛිපිත්වා මඤ්චකෙ නිපජ්ජි. අථ නං මාතා පුච්ඡි – “කිං ඉදං, අම්මා”ති? “සචෙ එතං ‘චොරො’ති ගහෙත්වා නිය්යමානං පුරිසං ලභිස්සාමි, ජීවිස්සාමි. නො චෙ ලභිස්සාමි, ජීවිතං මෙ නත්ථි, ඉධෙව මරිස්සාමී”ති. “අම්ම, මා එවං කරි, අම්හාකං ජාතියා ච ගොත්තෙන ච භොගෙන ච සදිසං අඤ්ඤං සාමිකං ලභිස්සසී”ති. “මය්හං අඤ්ඤෙන කිච්චං නත්ථි, ඉමං අලභමානා මරිස්සාමී”ති. මාතා ධීතරං සඤ්ඤාපෙතුං අසක්කොන්තී පිතුනො ආරොචෙසි. සොපි නං සඤ්ඤාපෙතුං අසක්කොන්තො “කිං සක්කා කාතු”න්ති චින්තෙත්වා තං චොරං ගහෙත්වා ගච්ඡන්තස්ස රාජපුරිසස්ස සහස්සභණ්ඩිකං පෙසෙසි – “ඉමං ගහෙත්වා එතං පුරිසං මය්හං දෙහී”ති. සො “සාධූ”ති කහාපණෙ ගහෙත්වා තං මුඤ්චිත්වා අඤ්ඤං මාරෙත්වා “මාරිතො, දෙව, චොරො”ති රඤ්ඤො ආරොචෙසි. සෙට්ඨිපි තස්ස ධීතරං අදාසි.
එක් සොරකම් කළ තරුණයෙක් අල්වාගෙන දෙඅත් පිටුපසට තබා බැඳගෙන කස සතරකින් තළතළා වධකාගාරයට ගෙන ගියාහ. ඒ සිටුදුව මහාජනයාගේ කෝලාහලය අසා මෙ කිමෙක්දැයි විමසා ප්‍රාසාදතලයෙහි සිට බලන්නී ඔහු දැක ඔහු හා පිළිබඳ සිත් ඇතිකරගෙන ඔහු ප්‍රාර්ථනා කරමින් ආහාර නොගෙන ඇඳෙහි වැදහෙවී සිටියාය. ඉන්පසු මව්පියෝ, දුව මේ කුමක්දැයි ඇසූහ. ඉදින් මේ සොරෙකියි ගෙන යන පුරුෂයා ලදොත් ජීවත්වෙමි. ඔහු නොලැබුණොත් මගේ ජීවිතයක් නැත. මැරෙන්නෙමියි කීවාය. දුව එසේ නොකරන්න. අපේ ජාති ගෝත්‍ර වත්කම් ආදියට සැසඳෙන අනිත් සැමියෙක් ලබා දෙන්නෙමුයයි කීවාහුය. මට වෙන එකෙකුගෙන් වැඩක් නැත. මොහු නොලැබුණොත් මැරෙන්නෙමියි කීවාය. දුව සනසාගත නොහැකිව සිටුවරයාට දන්වනලදි. ඔහුද ඈ සනසාගත නොහැකිව කුමක් කළහැකිදැයි සිතා ඒ සොරා ගෙන යන රජයේ නිලධාරීන්ට මිල දහසක් යැවීය. මේ මිල රැගෙන මේ සොරා මා වෙත එවව්. හෙතෙම යහපතැයි කහවණු රැගෙන ඔහු මුදා හැර වෙන එකෙක් මරා දේවයන්වහන්ස, සොරු මැරුවෙමියි රජුට දැන්වීය. සිටුවරයා තම දුවණිය ඔහුට පාවා දුන්නේය.
සා තතො පට්ඨාය “සාමිකං ආරාධෙස්සාමී”ති සබ්බාභරණපටිමණ්ඩිතා සයමෙව තස්ස යාගුආදීනි සංවිදහති, චොරො කතිපාහච්චයෙන චින්තෙසි – “කදා නු ඛො ඉමං මාරෙත්වා එතිස්සා ආභරණානි ගහෙත්වා එකස්මිං සුරාගෙහෙ වික්කිණිත්වා ඛාදිතුං ලභිස්සාමී”ති? සො “අත්ථෙකො උපායො”ති චින්තෙත්වා ආහාරං පටික්ඛිපිත්වා මඤ්චකෙ නිපජ්ජි, අථ නං සා උපසඞ්කමිත්වා “කිං තෙ, සාමි, රුජ්ජතී”ති පුච්ඡි. “න කිඤ්චි මෙ, භද්දෙති, කච්චි පන මෙ මාතාපිතරො තුය්හං කුද්ධා”ති? “න කුජ්ඣන්ති, භද්දෙ”ති. අථ “කිං නාමෙත”න්ති? “භද්දෙ, අහං තං දිවසං බන්ධිත්වා නිය්යමානො චොරපපාතෙ අධිවත්ථාය දෙවතාය බලිකම්මං පටිස්සුණිත්වා ජීවිතං ලභිං, ත්වම්පි මයා තස්සා එව ආනුභාවෙන ලද්ධා, ‘තං මෙ දෙවතාය බලිකම්මං ඨපිත’න්ති චින්තෙමි, භද්දෙ”ති. “සාමි, මා චින්තයි, කරිස්සාමි බලිකම්මං, වදෙහි, කෙනත්ථො”ති? “අප්පොදකමධුපායසෙන ච ලාජපඤ්චමකපුප්ඵෙහි චා”ති. “සාධු, සාමි, අහං පටියාදෙස්සාමී”ති සා සබ්බං බලිකම්මං පටියාදෙත්වා “එහි, සාමි, ගච්ඡාමා”ති ආහ. “තෙන හි, භද්දෙ, තව ඤාතකෙ නිවත්තෙත්වා මහග්ඝානි වත්ථාභරණානි ගහෙත්වා අත්තානං අලඞ්කරොහි, හසන්තා කීළන්තා සුඛං ගමිස්සාමා”ති. සා තථා අකාසි.
ඈ එතැන් පටන් සැමියා සතුටු කරන්නෙමියි සව්බරණින් සැරසී තම අතින්ම කැඳ ආදිය පිළියෙල කළාය. සොරා කීප දිනකින්, කවදා නම් මම මෑ මරා මැගේ ආබරණ ගෙන විකුණා එක් සුරා සැලකට ගොස් කාබී සිටින්ට ලබම්දෝයි සිතුවේය. මෙසේ සිතූ ඔහු එක් උපායක් ඇතැයි සිතා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇඳේ නිදාගත්තේය. ඉන්පසු සිටුදුව ඔහු වෙත පැමිණ ස්වාමීනි, ඇති අමාරුව කුමක්දැයි ඇසුවාය. සොඳුර, කිසිවක් නැතැයි හේ කීවේය. කිම මගේ මවුපියෝ ඔබ හා අමනාපද? සොඳුර අමනාප නැත. එසේනම් මේ හැටියට ඉන්නේ ඇයි? සොඳුර, එදා මා බැඳගෙන යන අතර චොරප්‍රපාතයෙහි (සොරුන් මැරීම සඳහා පහතට දමන හෙල) අධිගෘහිත දෙවියන්ට බිල්ලක් (පූජාවක්) දෙන්නෙමියි පොරොන්දුවී ජීවිතය ලදිමි. ඔබත් මට ලැබුණේ ඒ ආනුභාවයෙනි. මම තවමත් ඒ බාරය ඔප්පු නොකෙළෙමි සොඳුරයයි ඔහු කීවේය. ස්වාමීනි, ඒ ගැන නොසිතන්න. බාරය අපි ඔප්පු කරමු. ඒ සඳහා අවශ්‍ය දේ කියන්න. දියනුමුසු කිරිබත් හා ලදපස්මල් අවශ්‍යයි. සැමියාණනි, මැනවි. මම ඒවා පිළියෙල කරන්නෙමියි කී ඈ සියලු බාරවස්තු පිළියෙල කොට ස්වාමීනි, එන්න, යමුයයි කීවාය. එසේනම් සොඳුර ඔබේ නෑදෑයන් නවතා ඔබ අගනා වස්ත්‍රාභරණවලින් සැරසී එන්න. එවිට අපි සිනාසෙමින් සෙල්ලම් කරමින් මනාප ලෙසින් යන්නෙමු. ඈ එසේ කළාය.
අථ නං සො පබ්බතපාදං ගතකාලෙ ආහ – “භද්දෙ, ඉතො පරං උභොව ජනා ගමිස්සාම, සෙසජනං යානකෙන සද්ධිං නිවත්තාපෙත්වා බලිකම්මභාජනං සයං උක්ඛිපිත්වා ගණ්හාහී”ති. සා තථා අකාසි. චොරො තං ගහෙත්වා චොරපපාතපබ්බතං අභිරුහි.
ඉන්පසු ඈ පර්වත පාමුලට ගියකල්හි සොරා ඈ අමතා සොඳුර, මෙතැන් සිට අපි දෙදෙනා පමණක් යමු. සෙසු ජනයා යානාවත් සමග මෙහි නවත්වා බලිකර්මයට අවශ්‍ය භාජන ඔබම ගන්න. ඈ එසේ කළාය. සොරා ඈත් සමග චෝරප්‍රපාත පර්වතයට නැංගේය.
තස්ස හි එකෙන පස්සෙන මනුස්සා අභිරුහන්ති, එකං පස්සං ඡින්නපපාතං. පබ්බතමත්ථකෙ ඨිතා තෙන පස්සෙන චොරෙ පාතෙන්ති. තෙ ඛණ්ඩාඛණ්ඩං හුත්වා භූමියං පතන්ති. තස්මා “චොරපපාතො”ති වුච්චති. සා තස්ස පබ්බතස්ස මත්ථකෙ ඨත්වා “බලිකම්මං තෙ, සාමි, කරොහී”ති ආහ. සො තුණ්හී අහොසි. පුන තාය “කස්මා, සාමි, තුණ්හීභූතොසී”ති වුත්තෙ තං ආහ –
ඒ පර්වතයට මිනිස්සු එක් පැත්තකින් පමණක් නගිති. අනික් පැත්ත ප්රපාතයක් සේ ඇති නිසා පර්වත මුදුනේ සිට, සොරුන් ඒ පැත්තෙන් හෙළා දමති. ඒ වැටෙන හොරු කෑලි කෑලිවලට කැඩී බිමට වැටෙත්. ඒ නිසාම මේ පර්වතය චෝරප්‍රපාත නමින් හඳුන්වති. සිටුදුව පර්වත මුදුනේ සිට ස්වාමීනි, බලිකර්මය කරන්නැයි කීවාය. හොරා නිහඬ විය. නැවත ඈ ස්වාමීනි, තුෂ්ණීම්භූතව සිටින්නේ ඇයිදැයි ඇසුවාය. ඉන්පසු ඔහු මෙසේ කීවේය.
“න මය්හං බලිකම්මෙනත්ථො, වඤ්චෙත්වා පන තං ආදාය ආගතොම්හී”ති. “කිං කාරණා, සාමී”ති? “තං මාරෙත්වා තව ආභරණානි ගහෙත්වා පලායනත්ථායා”ති. සා මරණභයතජ්ජිතා ආහ – “සාමි, අහඤ්ච ආභරණානි ච තව සන්තකානෙව, කස්මා එවං වදෙසී”ති? සො, “මා එවං කරොහී”ති, පුනප්පුනං යාචියමානොපි “මාරෙමි එවා”ති ආහ. “එවං සන්තෙ කිං තෙ මම මරණෙන? ඉමානි ආභරණානි ගහෙත්වා මය්හං ජීවිතං දෙහි, ඉතො පට්ඨාය මං ‘මතා’ති ධාරෙහි, දාසී වා තෙ හුත්වා කම්මං කරිස්සාමී”ති වත්වා ඉමං ගාථමාහ –
මට බලිකර්ම කිරීමෙන් වැඩක් නැත. ඔබ මෙහි ගෙන ආවේ රවටාගෙනයයි හෙතෙම කීවේය. ස්වාමීනි, ඒ කුමක් සඳහාද? නුඹ මරා නුඹේ ආභරණ රැගෙන පලායාම සඳහායි. මරණභයට පැමිණි ඈ මෙසේ කීවාය. ස්වාමීනි, මාත් මේ ආභරණත් ඔබ සතුය. ඉතින් මෙසේ කියන්නේ ඇයිද? ඈ එසේ නොකරවයි නැවත නැවතත් ඉල්ලා සිටිනමුත් තී මරන්නෙමි යන්නම ඔහු කීවේය. එය එසේනම් මා මැරීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැත. මේ ආභරණ රැගෙන මට ජීවිතදානය කරන්න. මෙතැන් පටන් මා ඔබගේ අම්මායයි හෝ දාසියක් වශයෙන් හෝ ඔබට අවශ්‍ය සේවය කරන්නෙමියි කියා මේ ගාථාවද කීවාය.
“ඉදං සුවණ්ණකෙයූරං, මුත්තා වෙළුරියා බහූ; සබ්බං හරස්සු භද්දන්තෙ, මං ච දාසීති සාවයා”ති. (අප· ථෙරී 2.3.27);
මේ අඟු පළඳනා විදුරුමිණි වළළුද හැම ගනු මැනවි හිමියනි මමත් දැස්සක් වන්නෙමි
තං සුත්වා චොරො “එවං කතෙ ත්වං ගන්ත්වා මාතාපිතූනං ආචික්ඛිස්සසි, මාරෙස්සාමියෙව, මා ත්වං බාළ්හං පරිදෙවසී”ති වත්වා ඉමං ගාථමාහ –
ඒ ඇසූ සොරා ඔබ කියන ආකාරයට වැඩ කළොත් ඔබ ගොස් මවුපියන්ට දන්වන්නෙහිය. ඔබ මහ හඬින් විලාප තියා හැඬුවත් මරන්නෙමියි කියා මේ ගාථාවද කීවේය.
“මා බාළ්හං පරිදෙවෙසි, ඛිප්පං බන්ධාහි භණ්ඩිකං; න තුය්හං ජීවිතං අත්ථි, සබ්බං ගණ්හාමි භණ්ඩක”න්ති. –
හැඬුවත් වැළපෙමින් එයින් කම් නැත බඳුව බඩු රැස ඔබට දිවියක් නැත සියලු බඩුරැස අපිම ගන්නෙමු
සා චින්තෙසි – “අහො ඉදං කම්මං භාරියං. පඤ්ඤා නාම න පචිත්වා ඛාදනත්ථාය කතා, අථ ඛො විචාරණත්ථාය කතා, ජානිස්සාමිස්ස කත්තබ්බ”න්ති, අථ නං ආහ – “සාමි, යදා ත්වං ‘චොරො’ති ගහෙත්වා නීයසි, තදාහං මාතාපිතූනං ආචික්ඛිං, තෙ සහස්සං විස්සජ්ජෙත්වා තං ආහරාපෙත්වා ගෙහෙ කරිංසු. තතො පට්ඨාය අහං තුය්හං උපකාරිකා, අජ්ජ මෙ සුදිට්ඨං කත්වා අත්තානං වන්දිතුං දෙහී”ති.
ඈ මෙසේ සිතුවාය. අහෝ මේ සිදුවන දෙයක ඇති බරපතළකම. නුවණ නම් උයාපිහා කන්නට නෙවෙයි. විචාරයෙන් කටයුතු කිරීමටය. මොහුට කළයුතුදේ දන්නෙමියි සැමියා අමතා, ස්වාමීනි, යම්දවසක ඔබ සොරෙකියි අල්වාගෙන ගෙනාවේද, එදා මම ඔබට හිතවත්ව මවුපියන්ට කීවෙමි, ඔවුහු දහසක් වියදම් කොට ඔබ ගෙනවුත් අපේ ගෙදර නැවැත්වූහ. එදා පටන් මම ඔබට පක්ෂපාතීව සිටියෙමි. අද මට හොඳින් ඔබ දෙස බලා වැඳගන්ට අවසර දෙනුමැනවි.
සො “සාධු, භද්දෙ, සුදිට්ඨං කත්වා වන්දාහී”ති වත්වා පබ්බතන්තෙ අට්ඨාසි. අථ නං සා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතූසු ඨානෙසු වන්දිත්වා, “සාමි, ඉදං තෙ පච්ඡිමදස්සනං, ඉදානි තුය්හං වා මම දස්සනං, මය්හං වා තව දස්සනං නත්ථී”ති පුරතො ච පච්ඡතො ච ආලිඞ්ගිත්වා පමත්තං හුත්වා පබ්බතන්තෙ ඨිතං පිට්ඨිපස්සෙ ඨත්වා එකෙන හත්ථෙන ඛන්ධෙ ගහෙත්වා එකෙන පිට්ඨිකච්ඡාය ගහෙත්වා පබ්බතපපාතෙ ඛිපි. සො පබ්බතකුච්ඡියං පටිහතො ඛණ්ඩාඛණ්ඩිකං හුත්වා භූමියං පති. චොරපපාතමත්ථකෙ අධිවත්ථා දෙවතා තෙසං ද්වින්නම්පි කිරියං දිස්වා තස්සා ඉත්ථියා සාධුකාරං දත්වා ඉමං ගාථමාහ –
හෙතෙම යහපත සොඳුර, හොඳින් දැක බලාගෙන වැඳගනුවයි කියා පර්වත කෙළවර හිඳගත්තේය. ඉන්පසු ඈ ඔහු තෙවරක් පැදකුණු කොට සතර තැනක සිට වැඳ ස්වාමීනි මේ ඔබේ අවසාන දැකුමයි. ඔබට මා හෝ මා ඔබට හෝ මින්පසු දැකීමක් නැතැයි කියා ඉදිරි පසිනුත් පිටිපසිනුත් වැළඳගෙන මඳක් නැවතී සිට පර්වතප්රාන්තයෙහි පිටිපසින් සිට එක් අතකින් කඳත් අනිත් අතින් පිටිකරත් ගෙන පර්වතප්රපාතයට තල්ලු කළාය. හෙතෙම පර්වත කුහරයෙහි වැදිවැදි කෑලිකෑලිවී බිම වැටුණේය. චෝර ප්රපාතමුදුනේ අධිගෘහීත දේවතාවා ඒ දෙදෙනාගේම ක්‍රියා දැක ඒ ස්ත්‍රියගේ ක්‍රියාවට සාධුකාර දී මේ ගාථාව කීවේය.
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා”ති. (අප· ථෙරී 2.3.31);
හැම තැනම මිනිසා නුවණ ඇත්තෙක් නොම වේ ඒ ඒ තැන විචක්ෂණ ගැහැණිය ද නුවණැති වෙයි
සාපි චොරං පපාතෙ ඛිපිත්වා චින්තෙසි – “සචාහං ගෙහං ගමිස්සාමි, ‘සාමිකො තෙ කුහි’න්ති පුච්ඡිස්සන්ති, සචාහං එවං පුට්ඨා ‘මාරිතො මෙ’ති වක්ඛාමි, ‘දුබ්බිනීතෙ සහස්සං දත්වා තං ආහරාපෙත්වා ඉදානි නං මාරෙසී’ති මං මුඛසත්තීහි විජ්ඣිස්සන්ති, ‘ආභරණත්ථාය සො මං මාරෙතුකාමො අහොසී’ති වුත්තෙපි න සද්දහිස්සන්ති, අලං මෙ ගෙහෙනා”ති තත්ථෙවාභරණානි ඡඩ්ඩෙත්වා අරඤ්ඤං පවිසිත්වා අනුපුබ්බෙන විචරන්තී එකං පරිබ්බාජකානං අස්සමං පත්වා වන්දිත්වා “මය්හං, භන්තෙ, තුම්හාකං සන්තිකෙ පබ්බජ්ජං දෙථා”ති ආහ. අථ නං පබ්බාජෙසුං.
ඈ මෙසේ සිතුවාය. සොරා ප්‍රපාතයට හෙළා, මා ගෙදර ගියොත් ඔබේ සැමියා කොහිදැයි අසන්නාහුය. එසේ විට ඔහු මා විසින් මරා දමන ලද්දේයයි කිය යුතුය. ‘අවිනීත එකිය, කහවණු දහසක් ගෙවා ඔහු ගෙන්වාගෙන මේ හැටියට ඔහු මරා දැම්මෙහිය’ ආදි වාග්ප්රහාරවලින් මට හිරිහැර කරන්නාහුය. මගේ ආභරණවලට ආශාවෙන් ඔහු මා මරනු කැමති වූයේයයි කීවත් නොඅදහන්නාහ. මට ගෙයින් කම් නැතැයි ආභරණ සියල්ල එතැනම දමා කැලයට වැදී ඇවිදිමින් ගොස් එක් පරිව්‍රාජිකා ආශ්‍රමයකට පැමිණ වැඳ, ස්වාමීනි, ඔබ ළඟ මට පැවිද්ද දෙන්නැයි ඉල්ලා සිටියාය. ඉන්පසු ඔවුහු ඈ පැවිදි කළහ.
සා පබ්බජිත්වාව පුච්ඡි – “භන්තෙ, තුම්හාකං පබ්බජ්ජාය කිං උත්තම”න්ති? “භද්දෙ, දසසු වා කසිණෙසු පරිකම්මං කත්වා ඣානං නිබ්බත්තෙතබ්බං, වාදසහස්සං වා උග්ගණ්හිතබ්බං, අයං අම්හාකං පබ්බජ්ජාය උත්තමත්ථො”ති. “ඣානං තාව නිබ්බත්තෙතුං අහං න සක්ඛිස්සාමි, වාදසහස්සං පන උග්ගණ්හිස්සාමි, අය්යා”ති. අථ නං තෙ වාදසහස්සං උග්ගණ්හාපෙත්වා “උග්ගහිතං තෙ සිප්පං, ඉදානි ත්වං ජම්බුදීපතලෙ විචරිත්වා අත්තනා සද්ධිං පඤ්හං කථෙතුං සමත්ථං ඔලොකෙහී”ති තස්ස හත්ථෙ ජම්බුසාඛං දත්වා උය්යොජෙසුං – “ගච්ඡ, භද්දෙ, සචෙ කොචි ගිහිභූතො තයා සද්ධිං පඤ්හං කථෙතුං සක්කොති, තස්සෙව පාදපරිචාරිකා භවාහි, සචෙ පබ්බජිතො සක්කොති, තස්ස සන්තිකෙ පබ්බජාහී”ති.
ඈ පැවිදිවී, ස්වාමීනි, ඔබවහන්සේලාගේ පැවිද්දේ උතුම් පරමාර්ථ මොනවාදැයි ඇසුවාය. සොඳුර දසකසිණභාවනා කොට ධ්‍යාන ලබාගත යුතුය. අපට ආවේණික ප්‍රශ්න වාද හෝ උගත යුතුය. මේ අපගේ පැවිද්දේ උතුම් පරමාර්ථයෝයි. ධ්‍යාන උපදවා ගැනීමට මට අපහසුය. ආර්යයෙනි, මම වාදදහස ඉගෙන ගන්නෙමියි කීවාය. ඉන්පසු පරිව්‍රාජිකාවෝ ඈට වාද දහස උගන්වා, ඔබ දැන් ශිල්ප උගත්තෙහිය. දැන් ඔබ දඹදිව ඇවිදිමින් තමන් සමග වාදකරන්ට සමර්ථයෙක් ඇද්දැයි පරීක්ෂා කර බලන්නැයි ඇගේ අතට දඹ අත්තක් දී පිටත් කළහ. සොඳුර යව. ඉදින් කිසියම් ගිහියෙක් ඔබ හා වාද කරන්ට සමර්ථ වුවහොත් ඔහුගේ පාදපරිචාරිකා බවට පත් වෙව. ඉදින් පැවිද්දෙක් නම් ඔහු ළඟ පැවිදිවෙන්නැයි අවවාද දුන්හ.
සා නාමෙන ජම්බුපරිබ්බාජිකා නාම හුත්වා තතො නික්ඛමිත්වා දිට්ඨෙ දිට්ඨෙ පඤ්හං පුච්ඡන්තී විචරති. තාය සද්ධිං කථෙතුං සමත්ථො නාම නාහොසි. “ඉතො ජම්බුපරිබ්බාජිකා ආගච්ඡතී”ති සුත්වාව මනුස්සා පලායන්ති. සා ගාමං වා නිගමං වා භික්ඛාය පවිසන්තී ගාමද්වාරෙ වාලුකරාසිං කත්වා තත්ථ ජම්බුසාඛං ඨපෙත්වා “මයා සද්ධිං කථෙතුං සමත්ථො ජම්බුසාඛං මද්දතූ”ති වත්වා ගාමං පාවිසි. තං ඨානං උපසඞ්කමිතුං සමත්ථො නාම නාහොසි. සාපි මිලාතාය ජම්බුසාඛාය අඤ්ඤං ජම්බුසාඛං ගණ්හාති, ඉමිනා නීහාරෙන විචරන්තී සාවත්ථිං පත්වා ගාමද්වාරෙ වාලුකරාසිං කත්වා ජම්බුසාඛං ඨපෙත්වා වුත්තනයෙනෙව වත්වා භික්ඛාය පාවිසි. සම්බහුලා ගාමදාරකා ජම්බුසාඛං පරිවාරෙත්වා අට්ඨංසු.
ඈ ජම්බුපරිව්රාජිකා නමින් ප්රකටව එතැනින් නික්ම දකින දකින අයගෙන් ප්‍රශ්නකරමින් ඇවිදියි. ඈ සමග වාදකරන්ට සමතෙක් නොවීය. මේ පෙදෙසට ජම්බුපරිව්රාජිකාව එන්නීයයි ඇසූ පමණනින්ම මිනිස්සු පලා ගියහ. ඈ ගමකට හෝ නියම්ගමකට පිඬුපිණිස එනවිට ගම්දොරටුවෙහි වැලිගොඩක් ගසා එහි දඹඅත්ත සිටුවා මා සමග වාද කරනු සමතෙක් ඇත්නම් මේ ජම්බු අත්ත අල්ලනුයයි කියා යන්නීය. එතැනට යාමටවත් කිසිවෙක් සමත් නොවූහ. ඒ දඹඅත්ත වියළීගිය පසු ඈ වෙනත් අත්තක් ගත්තාය. මේ ආකාරයෙන් ඇවිදින ඈ සැවත්නුවරට පැමිණ ගම්දොරටුවේ වැලිගොඩක් ගසා අත්ත එහි පිහිටුවා යටකී පරිදිම කියා පිඬුපිණිස ගියාය. බොහෝ ගැමිදරුවෝ දඹඅත්ත වටා රොක්වූහ.
තදා සාරිපුත්තත්ථෙරො පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො නගරා නික්ඛන්තො තෙ දාරකෙ ජම්බුසාඛං පරිවාරෙත්වා ඨිතෙ දිස්වා “කිං ඉද”න්ති පුච්ඡි. දාරකා ථෙරස්ස තං පවත්තිං ආචික්ඛිංසු. “තෙන හි දාරකා ඉමං සාඛං මද්දථා”ති. “භායාම, භන්තෙ”ති. “අහං පඤ්හං කථෙස්සාමි, මද්දථ තුම්හෙ”ති. තෙ ථෙරස්ස වචනෙන සඤ්ජාතුස්සාහා තථා කත්වා මද්දන්තා ජම්බුසාඛං උක්ඛිපිංසු. පරිබ්බාජිකා ආගන්ත්වා තෙ පරිභාසිත්වා “තුම්හෙහි සද්ධිං මම පඤ්හෙන කිච්චං නත්ථි, කස්මා මෙ සාඛං මද්දථා”ති ආහ. “අය්යෙනම්හා මද්දාපිතා”ති ආහංසු. “භන්තෙ, තුම්හෙහි මෙ සාඛා මද්දාපිතා”ති? “ආම, භගිනී”ති. “තෙන හි මයා සද්ධිං පඤ්හං කථෙථා”ති. “සාධු කථෙස්සාමී”ති.
සැරියුත් තෙරණුවෝ පිඬු පිණිස හැසිරී බත්කිස නිමවා නගරයෙන් නික්මෙන විට, ඒ අත්ත පිරිවරා සිටි ගම්දරුවන් දැක මේ කුමක්දැයි ඇසූහ. දරුවෝ තෙරණුවන්ට එපුවත දන්වා සිටියහ. එසේ නම් දරුවනි, ඔබ අත්ත මැඩපියවයි කීහ. ස්වාමීනි, අපි ඊට භයය දරුවෝ කීහ. මම ප්‍රශ්න විසඳමි. එය මැඩලවයි තෙරණුවෝ කීහ. දරුවෝ තෙරුන්ගේ වචනයෙන් ඔදවැඩී එය ගළවා පොඩි කරමින් නටා දූවිලි ඇවිස්සූහ. ජම්බුපරිව්රාජිකාව එහි පැමිණ දරුවන්ට බැණ දොඩා, තොප හා මා හා ප්‍රශ්න විසඳීමක් නැත. ඉතින් කුමක් නිසා මගේ අත්ත මැඩලූවාහුදැයි ඇසුවාය. අපේ ආර්යයන්වහන්සේ අප ලවා එය මැඩලූහයි දරුවෝ කීහ. පරිව්‍රාජිකාව, ස්වාමීනි මෙය ගලවාලන ලද්දේ ඔබවහන්සේ විසින්ද? නැගණිය එසේය. එසේ නම් මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙහිද? එසේය පිළිතුරු දෙන්නෙමි.
සා වඩ්ඪමානකච්ඡායාය පඤ්හං පුච්ඡිතුං ථෙරස්ස සන්තිකං අගමාසි, සකලනගරං සඞ්ඛුභි. “ද්වින්නං පණ්ඩිතානං කථං සුණිස්සාමා”ති නාගරා තාය සද්ධිංයෙව ගන්ත්වා ථෙරං වන්දිත්වා එකමන්තං නිසීදිංසු. පරිබ්බාජිකා ථෙරං ආහ – “භන්තෙ, පුච්ඡාමි තෙ පඤ්හ”න්ති. “පුච්ඡ, භගිනී”ති. සා වාදසහස්සං පුච්ඡි, පුච්ඡිතං පුච්ඡිතං ථෙරො විස්සජ්ජෙසි. අථ නං ථෙරො ආහ – “එත්තකා එව තෙ පඤ්හා, අඤ්ඤෙපි අත්ථී”ති? “එත්තකා එව, භන්තෙ”ති. “තයා බහූ පඤ්හා පුට්ඨා, මයම්පි එකං පුච්ඡාම, විස්සජ්ජිස්සසි නො”ති? “ජානමානා විස්සජ්ජිස්සාමි පුච්ඡථ, භන්තෙ”ති.
ඈ සවස්වේලෙහි ප්‍රශ්න ඇසීම සඳහා තෙරුන් සමීපයට ගියාය. මුළු නගරය කැළඹී ගියේය. පඬිවරුන් දෙදෙනාගේ කතා අසන්නෙමු යයි නුවරවැස්සෝ ඈ සමගම ගොස් තෙරුන් වැඳ එකත්පසක හුන්නාහුය. පරිව්‍රාජිකාව, ස්වාමීනි, ප්‍රශ්න අහන්ටද? නැගණිය අසව. ඈ වාද දහසම ඇසුවාය. ඇසූ ඇසූ ප්රශ්නය තෙරණුවෝ විසඳූහ. ඉන්පසු තෙරණුවෝ ඔබේ ප්‍රශ්න මෙපමණද? තවත් ඇද්දැයි ඇසූහ. ස්වාමීනි, මෙපමණයි. ඔබ බොහෝ ප්‍රශ්න ඇසුවෙහිය. මාත් එකක් අහන්ට එය විසඳිය හැකිද? ස්වාමීනි, අසනු මැනවි.
ථෙරො “එකං නාම කි”න්ති (ඛු· පා· 4.1) පඤ්හං පුච්ඡි. සා “එවං නාමෙස විස්සජ්ජෙතබ්බො”ති අජානන්තී “කිං නාමෙතං, භන්තෙ”ති පුච්ඡි. “බුද්ධපඤ්හො නාම, භගිනී”ති. “මය්හම්පි තං දෙථ, භන්තෙ”ති. “සචෙ මාදිසා භවිස්සසි, දස්සාමී”ති. “තෙන හි මං පබ්බාජෙථා”ති. ථෙරො භික්ඛුනීනං ආචික්ඛිත්වා පබ්බාජෙසි. සා පබ්බජිත්වා ලද්ධූපසම්පදා කුණ්ඩලකෙසිත්ථෙරී නාම හුත්වා කතිපාහච්චයෙනෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
තෙරණුවෝ එක නම් කුමක්දැයි ඇසූහ. ඈ තමා විසින් විසඳිය යුත්තේ කුමක්දැයි නොදැන ස්වාමීනි, ඒ කුමක්දැයි ඇසුවාය. නැගණිය මෙය බුදුන්ගේ ප්රශ්නයකි. ස්වාමීනි, මටත් එය දෙනුමැනවැයි ඉල්ලා සිටියාය. ඉදින් මා වගේ වන්නෙහි නම් දෙන්නෙමි. එසේනම් මා පැවිදි කරනු මැනවි. තෙරණුවෝ භික්ෂුණීන්ට භාරකොට ඈ පැවිදි කරවාලූහ. ඈ පැවිදි වී උපසම්පදාවත් ලබා කුණ්ඩලකේසී ස්ථවිරි යන නමද ලබා කීප දිනකින්ම පිළිසිඹියාපත් රහත්තෙරණියක වූවාය.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “කුණ්ඩලකෙසිත්ථෙරියා ධම්මස්සවනඤ්ච බහුං නත්ථි, පබ්බජිතකිච්චඤ්චස්සා මත්ථකං පත්තං, එකෙන කිර චොරෙන සද්ධිං මහාසඞ්ගාමං කත්වා ජිනිත්වා ආගතා”ති.
ධර්මසභාවෙහි රැස්වූ භික්ෂූන්වහන්සේලා කුණ්ඩලකේසී තෙරණිය බොහෝ බණ ඇසුවාය. එහෙත් ඇගේ පැවිදිකිස මුදුන් පැමිණියේය. එක් සොරකු සමග මහ යුද්ධයක් කොට දිනා මෙහි පැමිණියාහයි කථාවක් ඉපදවූහ.
සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, මයා දෙසිතධම්මං ‘අප්පං වා බහුං වා’ති පමාණං මා ගණ්හථ, අනත්ථකං පදසතම්පි සෙය්යො න හොති, ධම්මපදං පන එකම්පි සෙය්යොව. අවසෙසචොරෙ ජිනන්තස්ස ච ජයො නාම න හොති, අජ්ඣත්තිකකිලෙසචොරෙ ජිනන්තස්සෙව පන ජයො නාම හොතී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මා එන විට කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විමසා, මෙනම් කතාවකිනුයි කීකල්හි, මහණෙනි, මා දෙසූ ධර්මය, ටිකක්ය බොහෝයයි නොමනිව්. අර්ථයක් නැති බොහෝ කථා කිරීම ශ්‍රේෂ්ඨ නොවේ. අර්ථ සහිත එකම දහම්පදය ඊට වඩා ශ්‍රේෂ්ඨය. අවශේෂ සොරුන් දිනීමෙන් ජයක් නොලැබේ. ආධ්‍යාත්මික කෙලෙස් සොරුන් දිනීම සැබෑ ජයග්රහණයයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළසේක:
“යො ච ගාථාසතං භාසෙ, අනත්ථපදසංහිතා; එකං ධම්මපදං සෙය්යො, යං සුත්වා උපසම්මති.
සියක් ගාථා කීවත් අරුතක් නොමැති නම් එහි වැදගත්කමක් නොපැනේ යමක් අසා සැනසේ නම් ඒ දම්පදය වැදගති
“යො සහස්සං සහස්සෙන, සඞ්ගාමෙ මානුසෙ ජිනෙ; එකඤ්ච ජෙය්යමත්තානං, ස වෙ සඞ්ගාමජුත්තමො”ති.
මිනිසුන් දහස් ගණනින් යමෙක් දිනුවත් යුද කොට තමන් දිනුමයි වැදගත් එයම උතුම් වේ
තත්ථ ගාථාසතන්ති යො ච පුග්ගලො සතපරිච්ඡෙදා බහූපි ගාථා භාසෙය්යාති අත්ථො. අනත්ථපදසංහිතාති ආකාසවණ්ණනාදිවසෙන අනත්ථකෙහි පදෙහි සංහිතා. ධම්මපදන්ති අත්ථසාධකං ඛන්ධාදිපටිසංයුත්තං, “චත්තාරිමානි පරිබ්බාජකා ධම්මපදානි. කතමානි චත්තාරි? අනභිජ්ඣා පරිබ්බාජකා ධම්මපදං, අබ්යාපාදො පරිබ්බාජකා ධම්මපදං, සම්මාසති පරිබ්බාජකා ධම්මපදං, සම්මාසමාධි පරිබ්බාජකා ධම්මපද”න්ති (අ· නි· 4.30) එවං වුත්තෙසු චතූසු ධම්මපදෙසු එකම්පි ධම්මපදං සෙය්යො. යො සහස්සං සහස්සෙනාති යො එකො සඞ්ගාමයොධො සහස්සෙන ගුණිතං සහස්සං මානුසෙ එකස්මිං සඞ්ගාමෙ ජිනෙය්ය, දසමනුස්සසතසහස්සං ජිනිත්වා ජයං ආහරෙය්ය, අයම්පි සඞ්ගාමජිනතං උත්තමො පවරො නාම න හොති. එකඤ්ච ජෙය්යමත්තානන්ති යො රත්තිට්ඨානදිවාට්ඨානෙසු අජ්ඣත්තිකකම්මට්ඨානං සම්මසන්තො අත්තනො ලොභාදිකිලෙසජයෙන අත්තානං ජිනෙය්ය. ස වෙ සඞ්ගාමජුත්තමොති සො සඞ්ගාමජිනානං උත්තමො පවරො සඞ්ගාමසීසයොධොති.
එහි ගාථාසතං යනු යම් පුද්ගලයෙක් සිය ගණනින් බොහෝ ගාථා කියන නමුත් යන අර්ථයි. අනත්ථපදසංහිතා යනු ආකාශ වන වර්ණනාදි වශයෙන් අර්ථයක් නැති පදවලින් යුතු ධම්මපදං යනු අර්ථගෙනදෙන ස්කන්ධාදි වශයෙන් අර්ථ සමූහයයි. පරිව්රාජිකාවනි, මේ ධර්මපදයෝ සිව්දෙනෙකි. ඒ කවරහුද? පරිව්රාජිකාවනි, විසමලෝභයක් නැතිවීම ‘අනභිජ්ඣා’ ධර්මපදයකි. අව්‍යාපාද යනු ධර්මපදයකි. සම්මාසතිය ධර්මපදයකි. සම්මාසමාධි යනු ධර්මපදයකි. මෙසේ කියන මේ සතරෙන් කුමක්වුවද ධම්මපදයකි. එය ශ්‍රේෂ්ඨයි. යො සහස්සං සහස්සෙන යනු යම් එක් සංග්රාම යෝධයෙක් දහසින් වැඩිකළ දහස් ගණන් මිනිසුන් එකම යුද්ධයකදී පරදවා ජය ගන්නේද, ලක්ෂයක් මිනිසුන් මරා ජය ගන්නේද, එසේ කළත් යුද්ධ ජයගන්නා අය අතර උතුම් දිනුමක් නම් නොවේ. එකං ච ජෙය්යමත්තානං යනු යමෙක් රාත්‍රි වසන තැන් දවල් වසන තැන්වලදී ආධ්‍යාත්මික කමටහන් සම්මර්ෂණා (සිහිකිරීම) කරමින් තමන් තුළ ඇති ලෝභාදි කෙලෙස්ජයෙන් තමන් දිනන්නේද? ස වෙ සංගාමජුත්තමො යනු ඒ පුද්ගලයා යුද ජය ගැනීම් අතර උතුම් සංග්රාමයෙහි ප්‍රධාන යෝධයෙක් වෙයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
කුණ්ඩලකෙසිත්ථෙරීවත්ථු තතියං.
තුන්වන කුණ්ඩලකේසී ස්ථවිර වස්තුවයි.