2. බාහියදාරුචීරියත්ථෙරවත්ථු අට්ඨකථා
2. බාහියදාරුචීරියත්ථෙරවත්ථු
2. දාරුචීරිය තෙරුන්ගේ වස්තුව
සහස්සමපි චෙ ගාථාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො දාරුචීරියත්ථෙරං ආරබ්භ කථෙසි.
සහස්සම්පි චෙ ගාථා යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ දාරුචීරිය තෙරුන් නිමිතිකොට දේශනා කරනලදි.
එකස්මිඤ්හි කාලෙ බහූ මනුස්සා නාවාය මහාසමුද්දං පක්ඛන්‍දිත්‍වා අන්තොමහාසමුද්දෙ භින්නාය නාවාය මච්ඡකච්ඡපභක්ඛා අහෙසුං. එකොවෙත්ථ එකං ඵලකං ගහෙත්වා වායමන්තො සුප්පාරකපට්ටනතීරං ඔක්කමි, තස්ස නිවාසනපාරුපනං නත්ථි. සො අඤ්ඤං කිඤ්චි අපස්සන්තො සුක්ඛකට්ඨදණ්ඩකෙ වාකෙහි පලිවෙඨෙත්වා නිවාසනපාරුපනං කත්වා දෙවකුලතො කපාලං ගහෙත්වා සුප්පාරකපට්ටනං අගමාසි, මනුස්සා තං දිස්වා යාගුභත්තාදීනි දත්වා “අයං එකො අරහා”ති සම්භාවෙසුං.
එක් කලෙක බොහෝ මිනිස්සු නැවකට නැගී මහ මුහුදේ මැදදී නැව බිඳීගොස් මත්ස්‍යයන්ගේ ආහාර බවට පත්වූහ. එයින් එක් මිනිහෙක් ලෑලි කැබැල්ලක එල්ලී ඉතාමත් දැඩි වෑයමකින් සුප්පාරකපටුන නම් තැනට ගොඩබැස්සේය. ඔහුට ඇඳුම් පෙරවුම් සඳහා රෙදිපිළි නැතිවිය. හෙතෙම වෙනත් කිසිවක් නොදැක දරලෑලි පතුරු රැගෙන ඒවා වැල්වලින් ගොතා අඳනා පොරවනා සාදාගෙන දෙවොලකින් වළං කබලක් රැගෙන සුප්පාරකපටුනට ගියේය. එහි මිනිස්සු ඔහු දැක කැඳබත් ආදිය දී මේත් එක් රහත් කෙනෙක්යයි සිතා සැලකිලි දැක්වූහ.
සො වත්ථෙසු උපනීතෙසු “සචාහං නිවාසෙස්සාමි වා පාරුපිස්සාමි වා, ලාභසක්කාරො මෙ පරිහායිස්සතී”ති තානි වත්ථානි පටික්ඛිපිත්වා දාරුචීරානෙව පරිදහි. අථස්ස බහූහි “අරහා අරහා”ති වුච්චමානස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි “යෙ ඛො කෙචි ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසං අඤ්ඤතරො”ති. අථස්ස පුරාණසාලොහිතා දෙවතා එවං චින්තෙසි.
හෙතෙම රෙදිපිළි ගෙනත් දුන් කල ඉදින් මා මේවා හැඳීම් පෙරවීම් කළහොත් ලාභසත්කාරයෙන් පිරිහී යා හැකියයි ඒවා ප්‍රතික්ෂේප කර දරවලින් තැනූ ඇඳුම්ම පරිහරණය කෙළේය. ඉන්පසු බොහෝ දෙනා ඔහුට රහතන්වහන්සේ රහතන්වහන්සේයයි කීම නිසා මෙබඳු සිතිවිල්ලක් ඇතිවිය. ලොව කවුරුන් හෝ රහතුන් හෝ රහත්මගට පැමිණි කෙනෙක් වෙත්නම් මමත් එබඳු කෙනෙක්මි කියාය. ඉන්පසු පැරණි කාලයක ඔහු හා එකට සිටි දෙවියෙක් මෙසේ සිතීය.
පුරාණසාලොහිතාති පුබ්බෙ එකතො කතසමණධම්මා. පුබ්බෙ කිර කස්සපදසබලස්ස සාසනෙ ඔසක්කමානෙ සාමණෙරාදීනං විප්පකාරං දිස්වා සත්ත භික්ඛූ සංවෙගප්පත්තා “යාව සාසනස්ස අන්තරධානං න හොති, තාව අත්තනො පතිට්ඨං කරිස්සාමා”ති සුවණ්ණචෙතියං වන්දිත්වා අරඤ්ඤං පවිට්ඨා එකං පබ්බතං දිස්වා “ජීවිතෙ සාලයා නිවත්තන්තු. නිරාලයා ඉමං පබ්බතං අභිරුහන්තූ”ති වත්වා නිස්සෙණිං බන්ධිත්වා සබ්බෙපි තං අභිරුය්හ නිස්සෙණිං පාතෙත්වා සමණධම්මං කරිංසු.
පුරාණ සගයෙක් යනු පෙර කාලයක එකට මහණදම් පිරූ කෙනෙකි. අතීතයේ කාශ්යපබුදුරදුන්ගේ සසුන පිරිහී යනකල්හි සාමණේරාදීන්ගේ විප්‍රකාර දැක සංවේගයට පැමිණි භික්ෂූන් සත්නමක් සසුන අතුරුදහන් වීමට පෙර තමන් කිසියම් ස්ථාවරත්වයකට පැමිණිය යුතුයයි ස්වර්ණචෛත්යය වැඳපුදා වනයට පිවිසියාහුය. එහිදී එක් පර්වතයක් දැක ජීවිතය ගැන ආශා ඇත්තෝ නවතිත්වා, එබඳු ආශා නැති අය මේ පර්වතයට නැංගයුතුයයි කථිකා කරගෙන හිණිමඟක් බැඳගෙන සියලු දෙනාම පර්වතයට නැගී හිණිමඟ පහතට දමා මහණදම් පිරූහ.
තෙසු සඞ්ඝත්ථෙරො එකරත්තාතික්කමෙනෙව අරහත්තං පාපුණි. සො අනොතත්තදහෙ නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා උත්තරකුරුතො පිණ්ඩපාතං ආහරිත්වා තෙ භික්ඛූ ආහ – “ආවුසො, ඉමං දන්තකට්ඨං ඛාදිත්වා මුඛං ධොවිත්වා ඉමං පිණ්ඩපාතං පරිභුඤ්ජථා”ති. කිං පන, භන්තෙ, අම්හෙහි එවං කතිකා කතා “යො පඨමං අරහත්තං පාපුණාති, තෙනාභතං පිණ්ඩපාතං අවසෙසා පරිභුඤ්ජිස්සන්තී”ති? “නො හෙතං, ආවුසො”ති. “තෙන හි සචෙ මයම්පි තුම්හෙ විය විසෙසං නිබ්බත්තෙස්සාම, සයං ආහරිත්වා පරිභුඤ්ජිස්සාමා”ති න ඉච්ඡිංසු. දුතියදිවසෙ දුතියත්ථෙරො අනාගාමිඵලං පාපුණි. සොපි තථෙව පිණ්ඩපාතං ආහරිත්වා ඉතරෙ නිමන්තෙසි. තෙ එවමාහංසු – “කිං පන, භන්තෙ, අම්හෙහි එවං කතිකා කතා ‘මහාථෙරෙන ආභතං පිණ්ඩපාතං අභුඤ්ජිත්වා අනුථෙරෙන ආභතං භුඤ්ජිස්සාමා’”ති? “නො හෙතං, ආවුසො”ති. “එවං සන්තෙ තුම්හෙ විය මයම්පි විසෙසං නිබ්බත්තෙත්වා අත්තනො පුරිසකාරෙන භුඤ්ජිතුං සක්කොන්තා භුඤ්ජිස්සාමා”ති න ඉච්ඡිංසු. තෙසු අරහත්තං පත්තො භික්ඛු පරිනිබ්බායි, අනාගාමී බ්රහ්මලොකෙ නිබ්බත්ති. ඉතරෙ පඤ්ච ථෙරා විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තා සුස්සිත්වා සත්තමෙ දිවසෙ කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ තතො චවිත්වා තත්ථ තත්ථ කුලඝරෙසු නිබ්බත්තිංසු. තෙසු එකො පුක්කුසාති රාජා (ම· නි· 3.342) අහොසි, එකො කුමාරකස්සපො (ම· නි· 1.249), එකො දාරුචීරියො (උදා· 10), එකො දබ්බො මල්ලපුත්තො (පාරා· 380; උදා· 79) එකො සභියො පරිබ්බාජකොති (සු· නි· සභියසුත්තං). තත්ථ යො බ්රහ්මලොකෙ නිබ්බත්තො භික්ඛු තං සන්ධායෙතං වුත්තං “පුරාණසාලොහිතා දෙවතා”ති.
ඔවුන් අතර සිටි සංඝස්ථවිරයන්වහන්සේ (ප්‍රධාන) එක්රැයක් ඉක්මෙනවිටම රහත්බවට පැමිණියහ. උන්වහන්සේ අනෝතත්ත විලෙහිදී නාලියදැහැටි වළඳා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාත ලබා ගෙනවුත් ඒ භික්ෂූන්ට කතා කොට, ඇවැත්නි, මේ දැහැටි වළඳා මුවසෝදාගෙන මේ පිණ්ඩපාතය වළඳවයි කීහ. ස්වාමීනි, කිම? අපෙන් යමෙක් පළමුව රහත් වුණොත්, ඔහු විසින් ගෙනා පිණ්ඩපාතය අනිත් අය වැළඳිය යුතුයයි අපි කථිකාකරගෙන ඇද්දැයි විචාළහ. ඇවැත්නි, එබඳු කතිකාවක් නැත. එසේනම් ස්වාමීනි, අපිත් ඔබ මෙන් විශේෂත්වයක් උපදවාගන්නෙමුයයිද කියා පිණ්ඩපාතය නොකැමති වූහ. දෙවෙනි දිනයේදී දෙවෙනි තෙරණුවෝ අනාගාමී ඵලයට පැමිණියහ. උන්වහන්සේත් පිණ්ඩපාතය රැගෙන අවුත් අනිත් අයට නිමන්ත්‍රණය කළෝය. උන්වහන්සේලා කිම? ස්වාමීනි, මහතෙරුන් ගෙනා පිණ්ඩපාතය නොගෙන දෙවෙනි තෙරුන් ගෙනා පිණ්ඩපාතය වළඳන්නෙමුයයි අපි කතිකාවක් කෙළෙමුද? නැත ඇවැත්නි. එසේනම් ඔබ මෙන් අපිද විශේෂත්වයකට පැමිණ තමන්ගේ පුරුෂ ධෛර්යයෙන් වළඳන්ට හැකි වෙමුයයි පිණ්ඩපාතය නොවැළඳූහ. ඔවුනතර රහත් බවට පත් භික්ෂූන්වහන්සේ පිරිනිවුණාහ. අනාගාමීතෙරණුවෝ මිය පරලොව ගොස් බඹලොව උපන්හ. අනිත් පස්නම විශේෂත්වයක් නොලබාම වියළී-හොඳටම වියළීගොස් සත්වෙනි දිනයේ කාලක්‍රියා කොට දෙව්ලොව ඉපදී මේ බුද්ධාන්තරයේදී දෙව්ලොවින් චුතව ඒ ඒ කුලගෙවල්වල උපන්හ. එයින් එක්කෙනෙක් පුක්කුසාති රජ විය. අනිත් කෙනෙක් කුමාරකස්සප විය. එක් කෙනෙක් දාරුචීරිය විය. එක් කෙනෙක් දබ්බමල්ලපුත්තය. තව කෙනෙක් සහිය පරිව්‍රාජක විය. ඒ අතර බඹලොව උපන් භික්ෂුව සඳහායි මෙහි පුරාණසාලොහිත දේවතා නමින් සඳහන් කරනලද්දේ.
තස්ස හි බ්රහ්මුනො එතදහොසි – “අයං මයා සද්ධිං නිස්සෙණිං බන්ධිත්වා පබ්බතං අභිරුහිත්වා සමණධම්මං අකාසි, ඉදානි ඉමං ලද්ධිං ගහෙත්වා විචරන්තො විනස්සෙය්ය, සංවෙජෙස්සාමි න”න්ති.
ඒ බ්‍රහ්මයාට මෙබඳු සිතක් ඇතිවිය. මොහු මා සමග හිණක් බැඳ පර්වතයට නැගී මහණදම් පිරීය. දැන් මොහු වැරදි ලබ්ධියක් ගෙන වැනසෙන්නේය. ඔහුට සංවේගය උපදවන්නෙමි කියාය.
අථ නං උපසඞ්කමිත්වා එවමාහ – “නෙව ඛො ත්වං, බාහිය, අරහා, නපි අරහත්තමග්ගං වා සමාපන්නො, සාපි තෙ පටිපදා නත්ථි, යාය ත්වං අරහා වා අස්ස අරහත්තමග්ගං වා සමාපන්නො”ති. බාහියො ආකාසෙ ඨත්වා කථෙන්තං මහාබ්රහ්මානං ඔලොකෙත්වා චින්තෙසි – “අහො භාරියං කම්මං කතං, අහං ‘අරහන්තොම්හී’ති චින්තෙසිං, අයඤ්ච මං ‘න ත්වං අරහා, නපි අරහත්තමග්ගං වා සමාපන්නොසී’ති වදති, අත්ථි නු ඛො ලොකෙ අඤ්ඤො අරහා”ති. අථ නං පුච්ඡි – “අත්ථි නු ඛො එතරහි දෙවතෙ ලොකෙ අරහා වා අරහත්තමග්ගං වා සමාපන්නො”ති. අථස්ස දෙවතා ආචික්ඛි – “අත්ථි, බාහිය, උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං, තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි, බාහිය, භගවා අරහා චෙව අරහත්තත්ථාය ච ධම්මං දෙසෙතී”ති.
ඉන්පසු ඔහු බාහිය ළඟට ගොස්, බාහිය ඔබ රහත්වී නැත. රහත්මගකට පැමිණිලාත් නැත. ඔබේ ඔය ප්‍රතිඥාවෙන් ඔබ රහත්වන්නේ හෝ රහත්මගකට පිවිසෙන්නේ නැත. බාහිය අහසෙහි සිට කතාකරන මහාබ්‍රහ්මයා දෙස බලා, අනේ මම බැරෑරුම් දෙයක් කෙළෙමි. මම රහත්මීයි සිතීමි. මේ තෙමේත් මා රහත් වී නැතිබවත් එබඳු මගකට පිවිසී නැති බවත් කියයි. ලොව රහත් නමින් වෙනත් කිසිවෙක් ඇද්දැයි සිතීය. බාහිය මෙසේ ඇසීය, දේවතාවනි, ලෝකයේ මේ කාලයේ රහත්වුණු හෝ රහත්මගට පිළිපන් කිසිවෙක් ඇත්තේද? ඉන්පසු දෙවියා, බාහියට කථාකොට බාහිය එබන්දෝ සිටිති. උතුරු ජනපදයේ සැවැත් නම් නුවරක් ඇත. එහි ඒ භාග්‍යවතුන්වහන්සේ වැඩ සිටිති. බාහිය, උන්වහන්සේ රහත්ය. රහත්බව ලබාදීම පිණිස දහම් දෙසන්නෝයයි කීවේය.
බාහියො රත්තිභාගෙ දෙවතාය කථං සුත්වා සංවිග්ගමානසො තං ඛණංයෙව සුප්පාරකා නික්ඛමිත්වා එකරත්තිවාසෙන සාවත්ථිං අගමාසි, සබ්බං වීසයොජනසතිකං මග්ගං එකරත්තිවාසෙනෙව අගමාසි. ගච්ඡන්තො ච පන දෙවතානුභාවෙන ගතො. “බුද්ධානුභාවෙනා”තිපි වදන්තියෙව.
බාහිය පසුගිය රාත්‍රියේ දේවතාවා කළ කථාව අසා සංවේගයට පැමිණ එවේලාවේම සුප්පාරක පටුනින් නික්මී එක් රැයක ඇවෑමෙන් සැවැත්නුවරට ගියේය. සියලු එක්සියවිසි ගව්වම එක් රැයකින්ම ගියේය. එසේ යන ඔහුට දේවතාවන්ගේ ආනුභාවයද ලැබුණේය. බුද්ධානුභාවයෙන් ගියේයයිද කියති.
තස්මිං පන ඛණෙ සත්ථා සාවත්ථිං පිණ්ඩාය පවිට්ඨො හොති. සො භුත්තපාතරාසෙ කායආලසියවිමොචනත්ථං අබ්භොකාසෙ චඞ්කමන්තෙ සම්බහුලෙ භික්ඛූ “කහං එතරහි සත්ථා”ති පුච්ඡි. භික්ඛූ “භගවා සාවත්ථිං පිණ්ඩාය පවිට්ඨො”ති වත්වා තං පුච්ඡිංසු – “ත්වං පන කුතො ආගතොසී”ති? “සුප්පාරකා ආගතොම්හී”ති. “කදා නික්ඛන්තොසී”ති? “හිය්යො සායං නික්ඛන්තොම්හී”ති. “දූරතොසි ආගතො, නිසීද, තව පාදෙ ධොවිත්වා තෙලෙන මක්ඛෙත්වා ථොකං විස්සමාහි, ආගතකාලෙ සත්ථාරං දක්ඛිස්සසී”ති. “අහං, භන්තෙ, සත්ථු වා අත්තනො වා ජීවිතන්තරායං න ජානාමි, එකරත්තෙනෙවම්හි කත්ථචි අට්ඨත්වා අනිසීදිත්වා වීසයොජනසතිකං මග්ගං ආගතො, සත්ථාරං පස්සිත්වාව විස්සමිස්සාමී”ති.
ඒ වේලාවෙහි ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර පිඬුපිණිස හැසුරුණාහ. උන්වහන්සේ උදේ ආහාර වැළඳීමෙන් පසු ශාරීරික අලස බැවින් මිදෙනු පිණිස ඉඩපාඩු ඇති තැනක සක්මනෙහි යෙදී සිටියදී බොහෝ භික්ෂූන් සිටි තැනට ගිය බාහිය මේ වේලාවේ භාග්‍යවතුන්වහන්සේ කොහිදැයි විචාළේය. භික්ෂූහු, භාග්‍යවතුන්වහන්සේ පිඬුපිණිස සැවැත්නුවරට වැඩිය බව කියා, ඔබ කොහිසිට ආවෙහිදැයි ඇසූහ. මම සුප්පාරකයේ සිට එන්නෙමි. පිටත් වුණේ කවදාද? ඊයේ සවස පිටත් වුණෙමි. ඔබ බොහෝ දුර සිට එන්නෙහිය. ඉඳගන්න. ඔබේ පා දොවාගෙන තෙල් ගා මඳක් විවේක ගන්න. බුදුන් ආකල බලාගන්න. ස්වාමීනි, මම බුදුරදුන්ගේ හෝ මගේ හෝ ජීවිත අන්තරාය කොයි වේලේ සිදුවේදැයි නොදනිමි. කිසිතැනක නොරැඳී එක්සියවිසි යොදුනක් එක් රැයකින්ම ආවෙමි. බුදුන් දැක ගැනීමෙන් පසුවම විවේක ගන්නෙමියි කීවේය.
සො එවං වත්වා තරමානරූපො සාවත්ථිං පවිසිත්වා භගවන්තං අනොපමාය බුද්ධසිරියා පිණ්ඩාය චරන්තං දිස්වා “චිරස්සං වත මෙ ගොතමො සම්මාසම්බුද්ධො දිට්ඨො”ති දිට්ඨට්ඨානතො පට්ඨාය ඔනතසරීරො ගන්ත්වා අන්තරවීථියමෙව පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා ගොප්ඵකෙසු දළ්හං ගහෙත්වා එවමාහ – “දෙසෙතු මෙ, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. අථ නං සත්ථා “අකාලො ඛො තාව, බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා”ති පටික්ඛිපි.
මෙසේ කී ඔහු යුහුසුලු ගමනින් සැවතට වැද උපමා රහිත බුදුසිරියෙන් යුක්තව පිඬුපිණිස හැසිරෙන බුදුන් දැක මම බොහෝ කලකින් ගෞතමසම්මාසම්බුදුන් දුටුවෙමියි දුටු තැන් පටන් සිරුර නමාගෙන අවුත් ඇතුළුවීථිය තුළදීම පසඟ පිහිටුවා වැඳ පයේ ගොප්මස දැඩිව අල්ලාගෙන භාග්‍යවතුන්වහන්ස, මට දහම් දෙසනසේක්වා, සුගතයන්වහන්ස මට දහම් දෙසනසේක්වා, එය දිගුකලක් හිතවැඩ පිණිස හේතු වන්නේයයි ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු ඇමතූ ශාස්තෘන්වහන්සේ, බාහිය, මේ දැන් මම ගෙවල්වලට ගොස් පිණ්ඩපාතය ලබා ගන්නා වේලාවයි. එහෙයින් මේ දහම් දෙස වේලාවක් නොවේයයි ප්‍රතික්ෂේප කළහ.
තං සුත්වා බාහියො, භන්තෙ, සංසාරෙ සංසරන්තෙන කබළීකාරාහාරො න අලද්ධපුබ්බො, තුම්හාකං වා මය්හං වා ජීවිතන්තරායං න ජානාමි, දෙසෙතු මෙ ධම්මන්ති. සත්ථා දුතියම්පි පටික්ඛිපියෙව. එවං කිරස්ස අහොසි – “ඉමස්ස මං දිට්ඨකාලතො පට්ඨාය සකලසරීරං පීතියා නිරන්තරං අජ්ඣොත්ථටං හොති, බලවපීතිවෙගො ධම්මං සුත්වාපි න සක්ඛිස්සති පටිවිජ්ඣිතුං, මජ්ඣත්තුපෙක්ඛාය තාව තිට්ඨතු, එකරත්තෙනෙව වීසයොජනසතිකං මග්ගං ආගතත්තා දරථොපිස්ස බලවා, සොපි තාව පටිප්පස්සම්භතූ”ති. තස්මා ද්වික්ඛත්තුං පටික්ඛිපිත්වා තතියං යාචිතො අන්තරවීථියං ඨිතොව “තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සතී’”තිආදිනා (උදා· 10) නයෙන ධම්මං දෙසෙසි. සො සත්ථු ධම්මං සුණන්තොයෙව සබ්බාසවෙ ඛෙපෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තාවදෙව ච පන භගවන්තං පබ්බජ්ජං යාචි, “පරිපුණ්ණං තෙ පත්තචීවර”න්ති පුට්ඨො “න පරිපුණ්ණ”න්ති ආහ. අථ නං සත්ථා “තෙන හි පත්තචීවරං පරියෙසාහී”ති වත්වා පක්කාමි.
ඒ ඇසූ බාහිය, ස්වාමීනි, සසර සැරිසරණ අය විසින් කබලු වශයෙන් ගන්නා ආහාර නොලැබූ වාර කෙළවරක් නැත. ඔබවහන්සේගේ හෝ මගේ ජීවිතයට අනතුරක් වන්නේ කොයි වේලාවේදැයි මම නොදනිමි. එහෙයින් මට දහම් දෙසන සේක්වායි ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ දෙවෙනි වරත් ප්‍රතික්ෂේප කළහ. බුදුන් එසේ දේශනා නොකෙළේ, මොහුට මා දැක්නට ලැබුණු වේලාවේ පටන් මුළු සිරුර නිරන්තරව ප්‍රීතියෙන් මැඩීගොස් ඇත. බලවත් ප්‍රීතිවේගය නිසා ධර්මය ඇසුවත් එය අවබෝධ කරගැනීමට අපොහොසත්ය. මගේ මැලිකමත් දැන ටික වේලාවක් සිටිවිට ප්‍රීතියද තුනීවී ගොස් මධ්‍යස්ථ උපේක්ෂක බව ඇතිවේ. එතෙක් සිටියා වේ. එක් රැයකින් එක්සිය විසි යොදුනක් මග ගෙවූ හෙයින් එහි මහන්සියද ඇත. එයද මඳක් අඩුවී යන්නේයයි සිතාගෙනය. එහෙයින් දෙවරක් ප්‍රතික්ෂේප කොට තෙවෙනි වර ඉල්ලා සිටි විට ඇතුළුවීථියේ සිට ගෙනම, බාහිය ඔබ මෙසේ හික්මිය යුතුය. දුටු දෙයෙහි දැකීම් මාත්‍රයක් පමණක් ගතයුතුය ආදි වශයෙන් බණ වදාළසේක. ඔහු බුදුබණ අසමින්ම සියලු කෙලෙස් නසා පිළිසිඹියා හා සමග රහත්වය. එකෙණෙහිම ඔහු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔබේ පාසිවුරු සොයාගෙන එවයි වදාරා උන්වහන්සේ වැඩියහ.
“සො කිර වීසති වස්සසහස්සානි සමණධම්මං කරොන්තො ‘භික්ඛුනා නාම අත්තනා පච්චයෙ ලභිත්වා අඤ්ඤං අනොලොකෙත්වා සයමෙව පරිභුඤ්ජිතුං වට්ටතී’ති එකභික්ඛුස්සාපි පත්තෙන වා චීවරෙන වා සඞ්ගහං න අකාසි, තෙනස්ස ඉද්ධිමයපත්තචීවරං න උපජ්ජිස්සතී”ති ඤත්වා එහිභික්ඛුභාවෙන පබ්බජ්ජං න අදාසි. තම්පි පත්තචීවරං පරියෙසමානමෙව එකා යක්ඛිනී ධෙනුරූපෙන ආගන්ත්වා උරම්හි පහරිත්වා ජීවිතක්ඛයං පාපෙසි.
බාහිය වනාහි විසිදහසක් අවුරුදු මහණදම් කරමින් තමන්ට ලැබුණු ලාභප්රත්යයන් කිසිවෙකුටත් නොදී තමන්ම පරිහරණය කෙළේය. එකද භික්සුවකට හෝ පාත්‍රයෙන් සිවුරකින් සංග්‍රහ නොකෙළේය. එනිසා ඔහුට සෘද්ධිමය පාසිවුරු නොලැබෙනබව දැන එහිභික්ඛු භාවයෙන් පැවිද්ද නොදුන්හ. ඔහු පාසිවුරු සොයා යන අතර එක් යකින්නක් ගවදෙනකගේ වේෂයෙන් අවුත් පපුවට ඇන ඔහු ජීවිතක්ෂයට පත්කළාය.
සත්ථා පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නික්ඛන්තො බාහියස්ස සරීරං සඞ්කාරට්ඨානෙ පතිතං දිස්වා භික්ඛූ ආණාපෙසි, “භික්ඛවෙ, එකස්මිං ගෙහද්වාරෙ ඨත්වා මඤ්චකං ආහරාපෙත්වා ඉමං සරීරං නගරතො නීහරිත්වා ඣාපෙත්වා ථූපං කරොථා”ති. භික්ඛූ තථා කරිංසු, කත්වා ච පන විහාරං ගන්ත්වා සත්ථාරං උපසඞ්කමිත්වා අත්තනා කතකිච්චං ආරොචෙත්වා තස්ස අභිසම්පරායං පුච්ඡිංසු. අථ නෙසං භගවා තස්ස පරිනිබ්බුතභාවං ආචික්ඛිත්වා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඛිප්පාභිඤ්ඤානං යදිදං බාහියො දාරුචීරියො”ති (අ· නි· 1.216) එතදග්ගෙ ඨපෙසි.
ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා බොහෝ භික්ෂූන් සමග නික්මී ගොස් කසළ ගොඩක වැටී තිබුණු බාහියගේ සිරුර දැක භික්ෂූන් අමතා මහණෙනි, මේ සිරුර ගෙනගොස් එක් ගෙදොරක ඇඳක තබා නගරයෙන් බැහැර තැනක දවා ස්තූපයක් කරවයි වදාළසේක. භික්ෂූහු එසේ කළහ. එසේ කොට විහාරයට ගොස් බුදුන් හමුවී තමන් කළ ක්‍රියාව දන්වා බාහිය උපන්තැන ඇසූහ. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ බාහිය පිරිනිවන් පෑබව වදාරා මහණෙනි, මාගේ ශාසනයෙහි, වහා ධර්මය අවබෝධ කරන්නන් අතර බාහියදාරුචීරිය අග්‍රයයි එතදග්රපාළියෙහි තැබූහ.
අථ නං භික්ඛූ පුච්ඡිංසු – “භන්තෙ, තුම්හෙ ‘බාහියො අරහත්තං පත්තො’ති වදෙථ, කදා සො අරහත්තං පත්තො”ති? “මම ධම්මං සුතකාලෙ, භික්ඛවෙ”ති. “කදා පනස්ස, භන්තෙ, තුම්හෙහි ධම්මො කථිතො”ති? “පිණ්ඩාය චරන්තෙන අන්තරවීථියං ඨත්වා”ති. “අප්පමත්තකො හි, භන්තෙ, තුම්හෙහි අන්තරවීථියං ඨත්වා කථිතධම්මො කථං සො තාවත්තකෙන විසෙසං නිබ්බත්තෙසී”ති, අථ නෙ සත්ථා “කිං, භික්ඛවෙ, මම ධම්මං ‘අප්පං වා බහුං වා’ති මා පමාණං ගණ්හථ. අනෙකානිපි හි ගාථාසහස්සානි අනත්ථනිස්සිතානි න සෙය්යො, අත්ථනිස්සිතං පන එකම්පි ගාථාපදං සෙය්යො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු භික්ෂූහු මෙසේ විචාළාහුය. ස්වාමීනි, ඔබවහන්සේ බාහියදාරුචීරිය රහත් බවට පැමිණිබව කියනසේක. ඔහු රහත්බවට පැමිණියේ කවදාද? මහණෙනි මගේ බණ ඇසූ කාලයෙහිය. ස්වාමීනි, ඔබවහන්සේ ඔහුට ධර්මය දේශනා කරනලද්දේ කවදාද? පිඬුපිණිස හැසිරෙන වේලාවේ අතුරුවීථියෙහිදීය. ස්වාමීනි, පිඬුපිණිස හැසිරෙන ගමන් අතුරුවීථියෙහිදී ඔබවහන්සේ වදාළේ අල්පමාත්‍ර දහමකි. ඔහු ඒ පමණකින් විශේෂත්වයක් උපදවා ගත්තේ කෙසේද? අනතුරුව භාග්‍යවතුන්වහන්සේ ඒ භික්ෂූන් අමතා, මහණෙනි, මාගේ ධර්මය අල්පයයි හෝ බොහෝයයි හෝ නොසිතව්. නිරර්ථක වූ නොයෙක් ගාථා දහස් ගණනක් වුවද ශ්‍රේෂ්ඨ නැත. අර්ථ සහිතවූ එක් ගාථා පදයක් වුවද වඩා වටින්නේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසංහිතා; එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා උපසම්මතී”ති.
දහසක් වදන් කීවත් අරුතක් නොමැති නම් එහි එක දම්පදය වටිනේ වෙයි ඒ අසා සැනසේ නම්
තත්ථ එකං ගාථාපදං සෙය්යොති “අප්පමාදො අමතපදං…පෙ… යථා මයා”ති (ධ· ප· 21) එවරූපා එකා ගාථාපි සෙය්යොති අත්ථො. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
එහි එකං ගාථාපදං සෙය්යො යනු අප්පමාදො අමතපදං -පෙ- යථා මාතා ති මේ ආදි එකම ගාථාව වුවත් ශ්‍රේෂ්ඨ වෙයි යන අර්ථයි. සෙස්ස පෙර පරිද්දෙන්ම දත යුතුය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
බාහියදාරුචීරියත්ථෙරවත්ථු දුතියං.
දෙවන දාරුචීරිය තෙරුන්ගේ වස්තුව.