යෙදුමෙන් කියවන්න

1. තම‍්බදාඨිකචොරඝාතකවත්‍ථු අට‍්ඨකථා

1. තම‍්බදාඨිකචොරඝාතකවත්‍ථු

1. තඹදැළි නම් චෝරඝාතකයාගේ වස්තුව

සහස‍්සමපි චෙ වාචාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො තම‍්බදාඨිකචොරඝාතකං ආරබ‍්භ කථෙසි.

සහස්සමපි චෙ වාචා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වසන සමයෙහි තඹදැළිරැවුලැති චෞරඝාතකයා අරභයා දේශනා කරනලදි.

එකූනපඤ‍්චසතා කිර චොරා ගාමඝාතකාදීනි කරොන‍්තා ජීවිකං කප‍්පෙසුං. අථෙකො පුරිසො නිබ‍්බිද‍්ධපිඞ‍්ගලො තම‍්බදාඨිකො තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා “අහම‍්පි තුම‍්හෙහි සද‍්ධිං ජීවිස‍්සාමී”ති ආහ. අථ නං චොරජෙට‍්ඨකස‍්ස දස‍්සෙත්‍වා “අයම‍්පි අම‍්හාකං සන‍්තිකෙ වසිතුං ඉච‍්ඡතී”ති ආහංසු. අථ නං චොරජෙට‍්ඨකො ඔලොකෙත්‍වා “අයං මාතු ථනං ඡින්‍දිත්‍වා පිතු වා ගලලොහිතං නීහරිත්‍වා ඛාදනසමත්‍ථො අතිකක‍්ඛළො”ති චින‍්තෙත්‍වා “නත්‍ථෙතස‍්ස අම‍්හාකං සන‍්තිකෙ වසනකිච‍්ච”න‍්ති පටික‍්ඛිපි. සො එවං පටික‍්ඛිත‍්තොපි ආගන‍්ත්‍වා එකං තස‍්සෙව අන‍්තෙවාසිකං උපට‍්ඨහන‍්තො ආරාධෙසි. සො තං ආදාය චොරජෙට‍්ඨකං උපසඞ‍්කමිත්‍වා, “සාමි, භද‍්දකො එස, අම‍්හාකං උපකාරකො, සඞ‍්ගණ‍්හථ න”න‍්ති යාචිත්‍වා චොරජෙට‍්ඨකං පටිච‍්ඡාපෙසි.

හාරසිය අනූනවයක් පමණ සොරු ගම් පැහැරගැනීමාදියෙන් ජීවිකාව කරගෙන ගියහ. ඉන්පසු එක්තරා පිඟුවන් ඇස් ඇති, තඹපාට දැලිරැවුලක් ඇති මිනිසෙක් ඔවුන් ළඟට ඇවිත් මමත් නුඹලා සමග ජීවත්වීමට කැමැත්තෙමියි කීය. ඉන්පසු ඔහු හොරදෙටුවා ළඟට ගෙනගොස් මොහුත් අප සමග ජීවත් වීමට කැමැත්තේයයි කීවෝය. සොරදෙටුවා ඔහු දෙස බලා, මෙතෙම ම වගේ තනයවුවත් කපාගෙන කෑමට, පියාගේ ගෙළ සිඳ ලේ බීමටවුවත් දක්ෂ අතිශයින්ම කර්කෂ එකෙකියි දැනගෙන, මොහුට අප හා සමග විසීමට අවසරයක් නැතැයි ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. දෙවැන්නා, තම ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් දෙටුසොරාගේ අතවැසියකු ළඟට ගොස් ඔහුට උපස්ථාන කරමින් ඔහු පහදවා ගත්තේය. අතවැස්සා ඔහුත් රැගෙන සොරදෙටුවා ළඟට ගොස් මෙසේ කීවේය. ස්වාමීනි, මොහු අපට සුදුසුයි. හොඳ උපකාරකයෙකි. මොහු ගැන අනුකම්පා කරන්නැයි ඉල්ලා සිටියේය.

අථෙකදිවසං නාගරා රාජපුරිසෙහි සද‍්ධිං එකතො හුත්‍වා තෙ චොරෙ ගහෙත්‍වා විනිච‍්ඡයමහාමච‍්චානං සන‍්තිකං නයිංසු. අමච‍්චා තෙසං ඵරසුනා සීසච‍්ඡෙදං ආණාපෙසුං. තතො “කො නු ඛො ඉමෙ මාරෙස‍්සතී”ති පරියෙසන‍්තා තෙ මාරෙතුං ඉච‍්ඡන‍්තං කඤ‍්චි අදිස‍්වා චොරජෙට‍්ඨකං ආහංසු –

ඉන්පසු දිනෙක නුවරවැසියෝ රාජපුරුෂයන් සමග එක්වී ඒ සොරුන් අල්වා අධිකරණ ඇමතියන් වෙත පැමිණවූහ. ඇමතියෝ ඔවුන් හිස් පොරොවෙන් කපාදමන ලෙස නියෝග කළහ. ඉන්පසු සොරුන් මැරීමට කැමති කවුරුන්දැයි සොයා බැලූවිට ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අනතුරුව සොරදෙටුවාට මෙසේ කීවාහුය.

“ත්‍වං ඉමෙ මාරෙත්‍වා ජීවිතඤ‍්චෙව ලභිස‍්සසි සම‍්මානඤ‍්ච, මාරෙහි නෙ”ති. සොපි අත‍්තානං නිස‍්සාය වසිතත‍්තා තෙ මාරෙතුං න ඉච‍්ඡි. එතෙනූපායෙන එකූනපඤ‍්චසතෙ පුච‍්ඡිංසු, සබ‍්බෙපි න ඉච‍්ඡිංසු. සබ‍්බපච‍්ඡා තං නිබ‍්බිද‍්ධපිඞ‍්ගලං තම‍්බදාඨිකං පුච‍්ඡිංසු. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තෙ සබ‍්බෙපි මාරෙත්‍වා ජීවිතඤ‍්චෙව සම‍්මානඤ‍්ච ලභි. එතෙනූපායෙන නගරස‍්ස දක‍්ඛිණතොපි පඤ‍්ච චොරසතානි ආනෙත්‍වා අමච‍්චානං දස‍්සෙත්‍වා තෙහි තෙසම‍්පි සීසච‍්ඡෙදෙ ආණත‍්තෙ චොරජෙට‍්ඨකං ආදිං කත්‍වා පුච‍්ඡන‍්තා කඤ‍්චි මාරෙතුං ඉච‍්ඡන‍්තං අදිස‍්වා “පුරිමදිවසෙ එකො පුරිසො පඤ‍්චසතෙ චොරෙ මාරෙසි, කහං නු ඛො සො”ති. “අසුකට‍්ඨානෙ අම‍්හෙති දිට‍්ඨො”ති වුත‍්තෙ තං පක‍්කොසාපෙත්‍වා “ඉමෙ මාරෙහි, සම‍්මානං ලච‍්ඡසී”ති ආණාපෙසුං. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තෙ සබ‍්බෙපි මාරෙත්‍වා සම‍්මානං ලභි. අථ නං “භද‍්දකො අයං පුරිසො, නිබද‍්ධං චොරඝාතකමෙව එතං කරිස‍්සාමා”ති මන‍්තෙත්‍වා තස‍්ස තං ඨානන‍්තරං දත්‍වාව සම‍්මානං කරිංසු.

ඔබ මොවුන් මරාදැම්මොත් සම්මානත් ජීවත්වීමත් ලබාගත හැකිය. එනිසා මොවුන් මරාදමවයි කියාය. ඔහුද තමන් නිසා තමන් ළඟ සිටිනවුන් නිසා ඔවුන් මරාදැමීමට එකඟ නොවීය. මේ ආකාරයෙන් හාරසිය අනූනව දෙනාගෙන්ම විමසා බැලූහ. ඒ සියල්ලෝම අකමැතිවූහ. සියල්ලන්ගෙන්ම පසුව යටකී පිඟුවන් ඇස් ඇති තඹවන් දැළිරැවුලු ඇති එකාගෙන් අසා බැලූහ. හෙතෙම යහපතැයි කැමති වී ඒ සියලු දෙනා මරා ජීවිතයත් සම්මානත් ලැබීය. නගරයේ දක්ෂින දිසාවෙනුත් අල්ලාගත් සොරුන් පන්සීයක් අල්ලාගෙනවුත් ඇමතියන්ට භාරදුන්හ. ඇමතියෝ පෙර පරිදිම ඔවුන්ගේ හිසගසා දැමීමට නියෝග කළවිට සොරදෙටුවාගේ පටන් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවූහ. පසුව මීට පෙර දිනයේ එක් පුද්ගලයෙක් සොරුන් පන්සීයක් මැරුවේය. ඔහු කොහේදැයි විමසූ විට අසවල් අසවල් තැන්වලදී දක්නාලදැයි කීකල ඔහු කැඳවා මේ සොරුන් මරා දමව. ඒ සඳහා සම්මාන ලැබෙනු ඇතැයි කීහ. හෙතෙම හොඳයි කියා එය පිළිගෙන ඔවුනුත් මරාදමා සම්මාන ලැබීය. ඉක්බිතිව මොහු මේ ක්‍රියාවට සුදුස්සෙකි. මොහු ස්ථිර චොරඝාතක කරන්නෙමුයයි සාකච්ඡා කොට ඔහුට ඒ තනතුර දී සම්මානද කළහ.

සො පච‍්ඡිමදිසතොපි උත‍්තරදිසතොපි ආනීතෙ පඤ‍්චසතෙ පඤ‍්චසතෙ චොරෙ ඝාතෙසියෙව. එවං චතූහි දිසාහි ආනීතානි ද‍්වෙ සහස‍්සානි මාරෙත්‍වා තතො පට‍්ඨාය දෙවසිකං එකං ද‍්වෙති ආනීතෙ තෙ මනුස‍්සෙ මාරෙත්‍වා පඤ‍්චපණ‍්ණාස සංවච‍්ඡරානි චොරඝාතකකම‍්මං අකාසි.

බටහිර-උතුරු දිසාවලින් ගෙන ආ පන්සීය පන්සීය බැගින් වූ සොරුන්ද ඝාතනය කෙළේය. මෙසේ සිව්දිසාවෙන් ගෙන ආ සොරුන් දෙදහසක් මරා එතැන් පටන් දිනපතා ගෙන ආ එක්කෙනා දෙන්නා බැගින්වූ සොරුන් මරමින් පනස්පස් වසරක් චෝරඝාතක කර්මය කෙළේය.

සො මහල‍්ලකකාලෙ එකප‍්පහාරෙනෙව සීසං ඡින්‍දිතුං න සක‍්කොති, ද‍්වෙ තයො වාරෙ පහරන‍්තො මනුස‍්සෙ කිලමෙති. නාගරා චින‍්තයිංසු – “අඤ‍්ඤොපි චොරඝාතකො උප‍්පජ‍්ජිස‍්සති, අයං අතිවිය මනුස‍්සෙ කිලමෙති, කිං ඉමිනා”ති තස‍්ස තං ඨානන‍්තරං හරිංසු.

හෙතෙම මහලු වූ පසු එක පහරින් හිස ගසාලන්ට අසමත් විය. දෙතුන්වර කඩුපහර දෙනු බලාසිටි මිනිස්සු ක්ලාන්ත වූහ. නුවර මිනිස්සු තවත් චෝරඝාතකයකු උපදිනු ඇති. මොහු බොහෝ මිනිසුන් ක්ලාන්ත කරවයි, මොහුගෙන් වැඩක් නැතැයි ඔහුගේ තනතුර පැහැර ගත්හ.

සො පුබ‍්බෙ චොරඝාතකකම‍්මං කරොන‍්තො “අහතසාටකෙ නිවාසෙතුං, නවසප‍්පිනා සඞ‍්ඛතං ඛීරයාගුං පිවිතුං, සුමනපුප‍්ඵානි පිලන්‍ධිතුං, ගන්‍ධෙ විලිම‍්පිතු”න‍්ති ඉමානි චත‍්තාරි න ලභි. සො ඨානා චාවිතදිවසෙ “ඛීරයාගුං මෙ පචථා”ති වත්‍වා අහතවත්‍ථසුමනමාලාවිලෙපනානි ගාහාපෙත්‍වා නදිං ගන‍්ත්‍වා න‍්හත්‍වා අහතවත්‍ථානි නිවාසෙත්‍වා මාලා පිලන්‍ධිත්‍වා ගන්‍ධෙහි අනුලිත‍්තගත‍්තො ගෙහං ආගන‍්ත්‍වා නිසීදි. අථස‍්ස නවසප‍්පිනා සඞ‍්ඛතං ඛීරයාගුං පුරතො ඨපෙත්‍වා හත්‍ථධොවනොදකං ආහරිංසු.

පෙර චොරඝාතක තනතුර දරද්දී ඔහුට අලුත් සළුපිළි අඳින්ට, වෙඬරු හා කිරිකැඳ බොන්ට සමන්මල් පළඳින්ට සුවඳවිලවුන් ගාගන්ට යන මේ කටයුතු සඳහා වේලාවක් නොවීය. ඔහු තනතුරෙන් පහවූ දිනයෙහි මට කිරිකැඳ පිසව්යයි කියා අලුත් සළුපිළිද සමන්මල් සුවඳවිලවුන්ද ගෙන්වාගෙන ගඟට ගොස් නා අලුත් සළුපිළි හැඳ මල් පැළඳ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන ගෙට අවුත් හිඳගත්තේය. ඉන්පසු ඔහුට අලුත් ගිතෙල් මිශ්‍ර කිරිකැඳ ඉදිරියෙන් තබා අත් සේදීමට වතුරගෙන ආහ.

තස‍්මිං ඛණෙ සාරිපුත‍්තත්‍ථෙරො සමාපත‍්තිතො වුට‍්ඨාය “කත්‍ථ නු ඛො අජ‍්ජ මයා ගන‍්තබ‍්බ”න‍්ති අත‍්තනො භික‍්ඛාචාරං ඔලොකෙන‍්තො තස‍්ස ගෙහෙ ඛීරයාගුං දිස‍්වා “කරිස‍්සති නු ඛො මෙ පුරිසො සඞ‍්ගහ”න‍්ති උපධාරෙන‍්තො “මං දිස‍්වා මම සඞ‍්ගහං කරිස‍්සති, කරිත්‍වා ච පන මහාසම‍්පත‍්තිං ලභිස‍්සති අයං කුලපුත‍්තො”ති ඤත්‍වා චීවරං පාරුපිත්‍වා පත‍්තං ආදාය තස‍්ස ගෙහද‍්වාරෙ ඨිතමෙව අත‍්තානං දස‍්සෙසි.

ඒ වේලාවෙහි සැරියුත්තෙරණුවෝ සමවතින් නැගිට අද මා කොතනට යායුතුදැයි තමන්ගේ භික්‍ෂාචාර වේලාව ගැන සලකා ඔහුගේ ගෙදර කිරිකැඳ පිළියෙල වී ඇතිබව දැක, ඔහු මට සංග්‍රහ කරයිද කියා බලා මේ කුල පුත්‍රයා මා දැක මට සංග්‍රහ කරන්නේය, එසේ කර මහ සම්පත් ලබන්නේයයි දැන සිවුරු පෙරවා පාත්‍රයද රැගෙන ඔහුගේ ගෙදොර සිටින්නාක් මෙන් පෙන්වාලූහ.

සො ථෙරං දිස‍්වා පසන‍්නචිත‍්තො චින‍්තෙසි – “මයා චිරං චොරඝාතකකම‍්මං කතං, බහූ මනුස‍්සා මාරිතා, ඉදානි මෙ ගෙහෙ ඛීරයාගු පටියත‍්තා, ථෙරො ආගන‍්ත්‍වා මම ගෙහද‍්වාරෙ ඨිතො, ඉදානි මයා අය්‍යස‍්ස දෙය්‍යධම‍්මං දාතුං වට‍්ටතී”ති පුරතො ඨපිතයාගුං අපනෙත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා අන‍්තොගෙහෙ නිසීදාපෙත්‍වා පත‍්තෙ ඛීරයාගුං ආකිරිත්‍වා නවසප‍්පිං ආසිඤ‍්චිත්‍වා ථෙරං බීජමානො අට‍්ඨාසි. අථස‍්ස ච දීඝරත‍්තං අලද‍්ධපුබ‍්බතාය ඛීරයාගුං පාතුං බලවඅජ‍්ඣාසයො අහොසි. ථෙරො තස‍්ස අජ‍්ඣාසයං ඤත්‍වා “ත්‍වං, උපාසක, අත‍්තනො යාගුං පිවා”ති ආහ. සො අඤ‍්ඤස‍්ස හත්‍ථෙ බීජනිං දත්‍වා යාගුං පිවි. ථෙරො බීජමානං පුරිසං “ගච‍්ඡ, උපාසකමෙව බීජාහී”ති ආහ. සො බීජියමානො කුච‍්ඡිපූරං යාගුං පිවිත්‍වා ආගන‍්ත්‍වා ථෙරං බීජමානො ඨත්‍වා කතාහාරකිච‍්චස‍්ස ථෙරස‍්ස පත‍්තං අග‍්ගහෙසි. ථෙරො තස‍්ස අනුමොදනං ආරභි. සො අත‍්තනො චිත‍්තං ථෙරස‍්ස ධම‍්මදෙසනානුගං කාතුං නාසක‍්ඛි. ථෙරො සල‍්ලක‍්ඛෙත්‍වා, “උපාසක, කස‍්මා චිත‍්තං දෙසනානුගං කාතුං න සක‍්කොසී”ති පුච‍්ඡි. “භන‍්තෙ, මයා දීඝරත‍්තං කක‍්ඛළකම‍්මං කතං, බහූ මනුස‍්සා මාරිතා, තමහං අත‍්තනො කම‍්මං අනුස‍්සරන‍්තො චිත‍්තං අය්‍යස‍්ස දෙසනානුගං කාතුං නාසක‍්ඛි”න‍්ති. ථෙරො “වඤ‍්චෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා “කිං පන ත්‍වං අත‍්තනො රුචියා අකාසි, අඤ‍්ඤෙහි කාරිතොසී”ති? “රාජා මං කාරෙසි, භන‍්තෙ”ති. “කිං නු ඛො තෙ, උපාසක, එවං සන‍්තෙ අකුසලං හොතී”ති? මන්‍දධාතුකො උපාසකො ථෙරෙනෙවං වුත‍්තෙ “නත්‍ථි මය‍්හං අකුසල”න‍්ති සඤ‍්ඤී හුත්‍වා තෙන හි, “භන‍්තෙ, ධම‍්මං කථෙථා”ති. සො ථෙරෙ අනුමොදනං කරොන‍්තෙ එකග‍්ගචිත‍්තො හුත්‍වා ධම‍්මං සුණන‍්තො සොතාපත‍්තිමග‍්ගස‍්ස ඔරතො අනුලොමිකං ඛන‍්තිං නිබ‍්බත‍්තෙසි. ථෙරොපි අනුමොදනං කත්‍වා පක‍්කාමි.

හෙතෙම තෙරණුවන් දැකීමෙන්ම පැහැදුණු සිතැතිව මම බොහෝ කලක් චොරඝාතක කර්මය කෙළෙමි. බොහෝ මිනිසුන් මැරුවෙමි. දැන් මගේ ගෙදර කිරිකැඳක් පිළියෙල වී ඇත. තෙරණුවෝත් පැමිණ මගේ ගෙදොර සිටියෝය. දැන් මම ආර්යයන්වහන්සේට දනක් දීම සුදුසුයයි සිතා ඉදිරියෙහි තිබුණු කැඳ හැරගෙන තෙරුන් වෙත එළඹ වැඳ තමන්ගේ ගේතුළ වඩා හිඳුවා පාත්‍රය කිරිකැඳවලින් පුරවා අලුත් ගිතෙල් ඉස පිළිගන්වා තෙරුන්ට පවන් සලමින් සිටියේය. බොහෝ කලකින් කිරිකැඳ නොලැබුණු හෙයින් කිරිකැඳ බීමට බලවත් ආශාවක් ඇතිවිය. තෙරණුවෝ ඔහුගේ අදහස දැන උපාසකය, ඔබ ඔබේ කැඳ බොන්න. හෙතෙම වෙන එකකුගේ අතට විජිනිපත දී කැඳ බීවේය. තෙරණුවෝ පවන් සලන පුරුෂයාට කථා කොට යව උපාසකයාටම පවන් සලවයි කීහ. ඔහු පවන් සැලීමද ඉවසාගෙන බඩපුරා කැඳබී අවුත් තෙරුන්ට පවන් සලමින් සිට අහරකිස නිමවූ තෙරුන්ගේ පාත්‍රය ගත්තේය. තෙරණුවෝ ඔහුට අනුමෝදනා දේශනාව පටන්ගත්හ. උපාසකයාට තමන්ගේ සිත තෙරණුවන්ගේ දේශනාවට යොමුකරගත නොහැකි විය. තෙරණුවෝ ඒබව දැන, උපාසකය, කුමක් නිසා ඔබේ සිත දේශනාවට යොමුකර ගත නොහැකි වන්නේදැයි ඇසූහ. ස්වාමීනි, මම දිගු කලක් ඉතා දරුණු ක්‍රියාවක් කෙළෙමි. බොහෝ මිනිසුන් මරාදැමුවෙමි. මම ඒ ක්‍රියාව සිහිකරමින් මගේ සිත ආර්යයන්වහන්සේගේ දේශනාව කෙරෙහි යොමුකරගත නොහැකිවී සිටිමි. තෙරණුවෝ, මොහු රවටන්නෙමියි සිතා, මොකද ඔබ එය සිතාමතාම කැමැත්තෙන්ම කෙළෙහිද, නැත්නම් අනුන්ගේ කීම නිසා කෙළෙහිද? ස්වාමීනි, මා ලවා රජුන් විසින් කරවනලදි. ඉතින් එසේනම් උපාසකය, අකුසලයක් වෙයිද? මුළාවට පත් උපාසක තෙම තෙරුන් එසේ කීකල මට පවක් සිදුවී නැත යන සංඥාව ඇතිකරගත්තේය. එසේනම් ස්වාමීනි බණ කියනු මැනවැයි කීය. හෙතෙම තෙරණුවන් අනුමෝදනා කරද්දී එක්සිත්ව බණ අසන්නේ සෝවාන් මගට පහතින්වූ අනුලෝමික ඥානය උපදවා ගත්තේය. තෙරණුවෝ අනුමෝදනාව කොට වැඩියහ.

උපාසකං ථෙරං අනුගන‍්ත්‍වා නිවත‍්තමානං එකා යක‍්ඛිනී ධෙනුවෙසෙන ආගන‍්ත්‍වා උරෙ පහරිත්‍වා මාරෙසි. සො කාලං කත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්ති.

උපාසකයා තෙරුන් අනුව ගොස් නැවතුණු විට එක් යක්ෂණියක් ගවදනකගේ වෙස් ගෙන අවුත් ඔහුගේ පපුවට ඇන ඔහු මරා දැම්මේය. හෙතෙම කළුරියකොට තුසිතපුරයෙහි උපන්නේය.

භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “චොරඝාතකො පඤ‍්චපණ‍්ණාස වස‍්සානි කක‍්ඛළකම‍්මං කත්‍වා අජ‍්ජෙව තතො මුත‍්තො, අජ‍්ජෙව ථෙරස‍්ස භික‍්ඛං දත්‍වා අජ‍්ජෙව කාලං කතො, කහං නු ඛො නිබ‍්බත‍්තො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, තුසිතපුරෙ නිබ‍්බත‍්තො”ති ආහ. “කිං, භන‍්තෙ, වදෙථ, එත‍්තකං කාලං එත‍්තකෙ මනුස‍්සෙ ඝාතෙත්‍වා තුසිතවිමානෙ නිබ‍්බත‍්තො”ති. “ආම, භික‍්ඛවෙ, මහන‍්තො තෙන කල්‍යාණමිත‍්තො ලද‍්ධො, සො සාරිපුත‍්තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා අනුලොමඤාණං නිබ‍්බත‍්තෙත්‍වා ඉතො චුතො තුසිතවිමානෙ නිබ‍්බත‍්තො”ති වත්‍වා ඉමං ගාථමාහ –

ධර්මසභාවෙහි රැස්වූ භික්‍ෂූහු, චෝරඝාතකයා පනස්පස් වසරක් දරුණු අපරාධ කොට අදම එයින් මිදී අදම තෙරණුවන්ට භික්ෂාවදී අදම මිය පරලොව ගොස් කොහි ඉපදුණේදැයි කථාවක් ඇති කළහ. ශාස්තෘන්වහන්සේ එතැනට වැඩමවා මහණෙනි, මේ වේලාවේ කිනම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා, මෙබඳු කථාවකිනුයි කී කල්හි, මහණෙනි, ඔහු තුසිතපුරයෙහි උපන්නේයයි වදාළහ. ස්වාමීනි, කුමක් වදාරනසේක්ද? මෙතෙක් කල් මෙපමණ මිනිසුන් මරා තුසිත භවනයෙහි උපන්නේද? එසේය මහණෙනි, ඔහුට මහාකල්‍යාණ මිතුරෙක් ලැබුණේය. හෙතෙම සැරියුත්තෙරණුවන්ගෙන් බණ අසා අනුලෝම ඥානය ලබා මෙයින් චුතව තුසිතවිමානයෙහි උපන්නේයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශකළහ.

“සුභාසිතං සුණිත්‍වාන, නගරෙ චොරඝාතකො; අනුලොමඛන‍්තිං ලද‍්ධාන, මොදතී තිදිවං ගතො”ති.

චොරඝාතක තෙම මැනවින් කී බණ අසා අනුලොම්නුවණ ලැබගෙන සතුටුවෙයි තුසිතයේ ඉපදී

“භන‍්තෙ, අනුමොදනකථා නාම න බලවා, තෙන කතං අකුසලකම‍්මං මහන‍්තං, කථං එත‍්තකෙන විසෙසං නිබ‍්බත‍්තෙසී”ති. සත්‍ථා “කිං, භික‍්ඛවෙ, ‘මයා දෙසිතධම‍්මස‍්ස අප‍්පං වා බහුං වා’ති මා පමාණං ගණ‍්හථ. එකවාචාපි හි අත්‍ථනිස‍්සිතා සෙය්‍යාවා”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ස්වාමීනි, අනුමෝදනා කථාව එතරම් බලවත් නොවෙයි. ඔහු කළ අකුසලකර්මය ඉතා මහත්ය. ඉතින් ඒ පමණකින් මෙවැනි විශේෂ උත්පත්තියක් ලබන්නේ කෙසේද? මහණෙනි, මා දෙසූ දහමෙහි හුඟක්ය ටිකක්ය කියා පිළිගන්නහුද? අර්ථවත් එක වචනයක් වුවද ශ්‍රේෂ්ඨම වන්නේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

“සහස‍්සමපි චෙ වාචා, අනත්‍ථපදසංහිතා; එකං අත්‍ථපදං සෙය්‍යො, යං සුත්‍වා උපසම‍්මතී”ති.

දහසක් වදන් කීවත් අරුතක් නොමැති නම් එහි එක දම්පදය වටිනේ වෙයි ඒ අසා සැනසේ නම්

තත්‍ථ සහස‍්සමපීති පරිච‍්ඡෙදවචනං, එකං සහස‍්සං ද‍්වෙ සහස‍්සානීති එවං සහස‍්සෙන චෙපි පරිච‍්ඡින‍්නවාචා හොන‍්ති, තා ච පන අනත්‍ථපදසංහිතා ආකාසවණ‍්ණනාපබ‍්බතවණ‍්ණනාවනවණ‍්ණනාදීනි පකාසකෙහි අනිය්‍යානදීපකෙහි අනත්‍ථකෙහි පදෙහි සංහිතා යාව බහුකා හොති, තාව පාපිකා එවාති අත්‍ථො. එකං අත්‍ථපදන‍්ති යං පන “අයං කායො, අයං කායගතාසති, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තො, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති එවරූපං එකං අත්‍ථපදං සුත්‍වා රාගාදිවූපසමෙන උපසම‍්මති, තං අත්‍ථසාධකං නිබ‍්බානප‍්පටිසංයුත‍්තං ඛන්‍ධධාතුආයතනඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගසතිපට‍්ඨානපරිදීපකං එකම‍්පි පදං සෙය්‍යොයෙවාති අත්‍ථො.

එහි සහස්සම්පි යන කොටකර කී වචනයකි. එක්දහස, දෙදහස ආදි මේ අයුරින් වෙන්කොට කීමක් ඇත. ඒ වචනද අරුතින් තොර ආකාශවර්ණනා, පර්වතවර්ණනා, වනවර්ණනා ආදි නිවන් අරමුණු නොකොට ප්‍රකාශකයන්ගේ අරුතින් තොර පදසංයෝගයක් මෙන් පද බහුල වෙයිද, ඒ පද පාපී පැත්තටම බරවේ යනු අරුතයි. එකං අත්ථපදං යනු යම් පදයක් අනුව මේ කයයි, මේ කායගතාසතියයයි කියවෙන පද අනුව ත්‍රිවිධ විද්‍යාවන්ට පැමිණ බුද්ධානුශාසනය කරගන්නාලදි යනාදි වශයෙන් අර්ථයක් ලබා දෙන පදයෝයි. එකං අත්ථපදං සුත්වා යනු යම් පදයක් නිසා රාගාදි කෙලෙස් ව්‍යපසමනය වන්නේය යන අරුතින් උපසම්මති වුපසම්මති නම්වේ. එබඳු පදය අර්ථයක් ගෙනදෙන්නේය. නිවන් හා සමග සම්බන්ධය. ස්කන්ධධාතු ආයතන ඉන්ද්‍රිය බල බොධ්‍යංග සතිපට්ඨාන විසඳා දෙන්නේය. එබඳු එක පදය පවා ශ්‍රේෂ්ඨ වන්නේමය යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

තම‍්බදාඨිකචොරඝාතකවත්‍ථු පඨමං.

පළමුවන තඹදැළි නම් චෝරඝාතකයාගේ වස්තුවයි.