10. අඤ්ඤතරඉත්ථිවත්ථු අට්ඨකථා
10. අඤ්ඤතරඉත්ථිවත්ථු
10. එක්තරා ස්ත්‍රියකගේ වස්තුව
රමණීයානීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං ඉත්ථිං ආරබ්භ කථෙසි.
රමණීයානි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ එක්තරා ගැහැණියක් අරභයා දේශනා කරනලද්දකි.
එකො කිර පිණ්ඩපාතිකො භික්ඛු සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා එකං ජිණ්ණඋය්යානං පවිසිත්වා සමණධම්මං කරොති. එකා නගරසොභිනී ඉත්ථී පුරිසෙන සද්ධිං “අහං අසුකට්ඨානං නාම ගමිස්සාමි, ත්වං තත්ථ ආගච්ඡෙය්යාසී”ති සඞ්කෙතං කත්වා අගමාසි. සො පුරිසො නාගච්ඡි. සා තස්ස ආගමනමග්ගං ඔලොකෙන්තී තං අදිස්වා උක්කණ්ඨිත්වා ඉතො චිතො ච විචරමානා තං උය්යානං පවිසිත්වා ථෙරං පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නං දිස්වා ඉතො චිතො ච ඔලොකයමානා අඤ්ඤං කඤ්චි අදිස්වා “අයඤ්ච පුරිසො එව, ඉමස්ස චිත්තං පමොහෙස්සාමී”ති තස්ස පුරතො ඨත්වා පුනප්පුනං නිවත්ථසාටකං මොචෙත්වා නිවාසෙති, කෙසෙ මුඤ්චිත්වා බන්ධති, පාණිං පහරිත්වා හසති. ථෙරස්ස සංවෙගො උප්පජ්ජිත්වා සකලසරීරං ඵරි. සො “කිං නු ඛො ඉද”න්ති චින්තෙසි.
එක් පිණ්ඩපාතික භික්ෂුවක් බුදුන් හමුවෙහි කමටහන් ඉගෙන එක් දිරාගිය උයනකට වැදී මහණදම් පුරයි. එක් නගරශෝභිනියක් (වේසාවියක්) එක් මිනිසෙකු සමග මම අසවල් තැනට යන්නෙමි. ඔබ එතැනට එන්නැයි තැනක් නියම කොට ගියාය. ඒ මිනිහා එතැනට නාවේය. ඈ ඔහු එන පාර බලමින් සිට ඔහු නොදැක කලකිරී එහෙමෙහෙ ඇවිදිමින් ඒ උයනට පිවිස පර්යංකයක් බැඳ වැඩහුන් තෙරුන් දැක, එහෙමෙහෙ බලා වෙන කිසිවෙක් නොදැක, මේත් මිනිහෙකි. මොහුගේ සිත මෝහනය කර ගන්නෙමියි තෙරුන් ඉදිරියේ සිට නැවත නැවතත් ඇඳ සිට සළුව ලිහා අඳියි. කෙස් මුදා බඳියි. දෙඅත් එකට ගසා සිනාසෙයි. තෙරුන්ට සංවේගය ඇතිවී මුළු සිරුර පුරා පැතිරී ගියේය. හෙතෙම මේ කිමෙක්දැයි සිතීය.
සත්ථාපි “මම සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ‘සමණධම්මං කරිස්සාමී’ති ගතස්ස භික්ඛුනො කා නු ඛො පවත්තී”ති උපධාරෙන්තො තං ඉත්ථිං දිස්වා තස්සා අනාචාරකිරියං, ථෙරස්ස ච සංවෙගුප්පත්තිං ඤත්වා ගන්ධකුටියං නිසින්නොව තෙන සද්ධිං කථෙසි – “භික්ඛු, කාමගවෙසකානං අරමණට්ඨානමෙව වීතරාගානං රමණට්ඨානං හොතී”ති. එවඤ්ච පන වත්වා ඔභාසං ඵරිත්වා තස්ස ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බුදුරජාණන්වහන්සේත් තමන්ගෙන් කමටහන් ඉගෙන මහණදම් පුරන්නෙමියි ගිය ඒ භික්ෂුවගේ තත්ත්වය කෙබඳුදැයි සොයා බලනසේක් ඒ ස්ත්‍රිය දැක ඇගේ අනාචාර ක්‍රියාද දැක තෙරුන් සංවේගය උපදවාගෙන සිටින අයුරුද දැන ගඳකිළියෙහි හිඳගෙනම ඒ භික්ෂුව සමඟ කථා කළසේක. මහණ, කම්සැප සොයන අයගේ සිත් නොඅලවන තැන්ම වීතරාගීන්ගේ සිත් ගන්නා තැන් වෙයි යනුවෙන් වදාරා ආලෝකයක් යවා ඔහුට දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
“රමණීයානි අරඤ්ඤානි, යත්ථ න රමතී ජනො; වීතරාගා රමිස්සන්ති, න තෙ කාමගවෙසිනො”ති.
ජනයා කැමති නැති සිත්කලු වන ගහනයෝ රහතුනට රමණීය වේ කම්සැප නොසොයන බැවින්
තත්ථ අරඤ්ඤානීති සුපුප්ඵිතතරුවනසණ්ඩපටිමණ්ඩිතානි විමලසලිලසම්පන්නානි අරඤ්ඤානි නාම රමණීයානි. යත්ථාති යෙසු අරඤ්ඤෙසු විකසිතෙසු පදුමවනෙසු ගාමමක්ඛිකා විය කාමගවෙසකො ජනො න රමති. වීතරාගාති විගතරාගා පන ඛීණාසවා නාම භමරමධුකරා විය පදුමවනෙසු තථාරූපෙසු අරඤ්ඤෙසු රමිස්සන්ති. කිං කාරණා? න තෙ කාමපවෙසිනො, යස්මා තෙ කාමගවෙසිනො න හොන්තීති අත්ථො.
එහි අරඤ්ඤානි යනු පිපුණුමල් ඇති ගස්වලින් යුතු, නිර්මල ජලය ගලා බසින ඇළදොළ ඇති ආරණ්යයෝයි. රමණීයානි යත්ථ යනු පිපී ගිය පියුම් වනයන්හි ගම්මැස්සන් නොඇලෙන්නාක් මෙන් කාමයන්ම සොයන අය සිත් නොඅලවති. වීතරාගා යනු පහවූ රාග ඇති රහතන්වහන්සේලා පියුම් වනයෙහි හැසිරෙන බමරමීමැස්සන් මෙන් එබඳු ආරණ්‍යවල රමිස්සන්ති ඇලෙත්. කුමක් නිසාද? න තෙ කාමගවෙසිනො යම්හෙයකින් උන්වහන්සේලා කාමයන් සොයා නොයන්නාහුද එහෙයින්ය යන අර්ථයි.
දෙසනාවසානෙ සො ථෙරො යථානිසින්නොව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණිත්වා ආකාසෙනාගන්ත්වා ථුතිං කරොන්තො තථාගතස්ස පාදෙ වන්දිත්වා අගමාසීති.
දේශනා කෙළවර තෙරුන්වහන්සේ සිටිසැටියෙන්ම පිළිසිඹියාත් සහිතව රහත් බවට පත්ව අහසින් පැමිණ ස්තුති කරමින් තථාගතයන්වහන්සේගේ පා වැඳ නික්මී වැඩියාහුය.
අඤ්ඤතරඉත්ථිවත්ථු දසමං.
දසවන එක්තරා ස්ත්‍රියකගේ වස්තුවයි.
අරහන්තවග්ගවණ්ණනා නිට්ඨිතා.
අරහන්තවර්ග වර්ණනාව සමාප්තයි.
සත්තමො වග්ගො.
සත්වන වර්ගයයි.