9. ඛදිරවනියරෙවතත්ථෙරවත්ථු අට්ඨකථා
9. ඛදිරවනියරෙවතත්ථෙරවත්ථු
9. ඛදිරවනිය රේවතතෙරුන්ගේ වස්තුව
ගාමෙ වාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ඛදිරවනියරෙවතත්ථෙරං ආරබ්භ කථෙසි.
ගාමෙ වා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවසන කාලයෙහි ඛදිරවනිය රේවතහිමියන් අරභයා දේශනා කරන ලදි.
ආයස්මා හි සාරිපුත්තො සත්තාසීතිකොටිධනං පහාය පබ්බජිත්වා චාලා, උපචාලා, සීසූපචාලාති තිස්සො භගිනියො, චුන්දො උපසෙනොති ඉමෙ ද්වෙ ච භාතරො පබ්බාජෙසි. රෙවතකුමාරො එකොව ගෙහෙ අවසිට්ඨො. අථස්ස මාතා චින්තෙසි – “මම පුත්තො උපතිස්සො එත්තකං ධනං පහාය පබ්බජිත්වා තිස්සො ච භගිනියො ද්වෙ ච භාතරො පබ්බාජෙසි, රෙවතො එකොව අවසෙසො. සචෙ ඉමම්පි පබ්බාජෙස්සති, එත්තකං නො ධනං නස්සිස්සති, කුලවංසො පච්ඡිජ්ජිස්සති, දහරකාලෙයෙව නං ඝරාවාසෙන බන්ධිස්සාමී”ති.
ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ අසූහත් කෝටියක ධනය හැරදමා පැවිදිව, චාලා උපචාලා සිසූපචාලා යන නැගණියන් තිදෙනාද, මන්ද්‍ර, උපසේන යන සොහොයුරන් දෙදෙනාද පැවිදිකළහ. රේවතකුමරු පමණක් ගෙදර ඉතුරු විය. ඉන්පසු ඔහුගේ මව, මාගේ පුතා උපතිස්ස සහෝදරියන් තිදෙනාද සොහොයුරන් දෙදෙනාද සමග පැවිදිවිය. රේවත පමණක් ඉතිරිවිය. යම් හෙයකින් මොහුත් පැවිදි කළහොත් අපේ මේසා මහත් ධනය විනාශවන්නේය. කුලවංශයත් නැසෙන්නේය. ළමා වියේදීම මොහු ගෘහබන්ධනයට ඇතුළත් කරන්නෙමියි සිතුවාය.
සාරිපුත්තත්ථෙරොපි පටිකච්චෙව භික්ඛූ ආණාපෙසි “සචෙ, ආවුසො, රෙවතො පබ්බජිතුකාමො ආගච්ඡති, ආගතමත්තමෙව නං පබ්බාජෙය්යාථ, මම මාතාපිතරො මිච්ඡාදිට්ඨිකා, කිං තෙහි ආපුච්ඡිතෙහි, අහමෙව තස්ස මාතා ච පිතා චා”ති. මාතාපිස්ස රෙවතකුමාරං සත්තවස්සිකමෙව ඝරබන්ධනෙන බන්ධිතුකාමා සමානජාතිකෙ කුලෙ දාරිකං වාරෙත්වා දිවසං වවත්ථපෙත්වා කුමාරං මණ්ඩෙත්වා පසාධෙත්වා මහතා පරිවාරෙන සද්ධිං ආදාය කුමාරිකාය ඤාතිඝරං අගමාසි.
සැරියුත්තෙරණුවෝද පළමු කොටම භික්ෂූන්වහන්සේලාට මෙසේ නියෝගයක් කළහ. ඇවැත්නි, යම් වේලාවක රේවත මහණවීමේ කැමැත්තෙන් මෙහි ආවොත්, ඒ ආගමන්ම ඔහු පැවිදිකරව්. මගේ මවුපියෝ මිසදිටුවෝය. ඔවුන්ගෙන් ඇසීමේ තේරුමක් නැත. මමම රේවතගේ මවුපියෝය. රේවත කුමරුගේ මවද ඔහු සත්හැවිරිදි කාලයේම ගෘහබන්ධනයෙන් බැඳලනු සඳහා සමාන ජාතික පවුලක දැරියක් සමග සරණ බන්ධනයට කථා කොට දිනද නියම කරගෙන කුමරා ආභරණ පළඳවා සරසා මහත්වූ පිරිවර සහිතව කුමරියගේ නෑගෙදරට කැඳවාගෙන ගියාය.
අථ නෙසං කතමඞ්ගලානං ද්වින්නම්පි ඤාතකෙසු සන්නිපතිතෙසු උදකපාතියං හත්ථෙ ඔතාරෙත්වා මඞ්ගලානි වත්වා කුමාරිකාය වුඩ්ඪිං ආකඞ්ඛමානා ඤාතකා “තව අය්යිකාය දිට්ඨධම්මං පස්ස, අය්යිකා විය චිරං ජීව, අම්මා”ති ආහංසු. රෙවතකුමාරො “කො නු ඛො ඉමිස්සා අය්යිකාය දිට්ඨධම්මො”ති චින්තෙත්වා “කතරා ඉමිස්සා අය්යිකා”ති පුච්ඡි. අථ නං ආහංසු, “තාත, කිං න පස්සසි ඉමං වීසවස්සසතිකං ඛණ්ඩදන්තං පලිතකෙසං වලිත්තචං තිලකාහතගත්තං ගොපානසිවඞ්කං, එසා එතිස්සා අය්යිකා”ති. “කිං පන අයම්පි එවරූපා භවිස්සතී”ති? “සචෙ ජීවිස්සති, භවිස්සති, තාතා”ති. සො චින්තෙසි – “එවරූපම්පි නාම සරීරං ජරාය ඉමං විප්පකාරං පාපුණිස්සති, ඉමං මෙ භාතරා උපතිස්සෙන දිට්ඨං භවිස්සති, අජ්ජෙව මයා පලායිත්වා පබ්බජිතුං වට්ටතී”ති. අථ නං ඤාතකා කුමාරිකාය සද්ධිං එකයානං ආරොපෙත්වා ආදාය පක්කමිංසු.
ඉන්පසු ඔවුන්ගේ මංගල කටයුතු අවසන දෙදෙනාගේම නෑයන් එක්වී ජලය පිරූ රන්තලියෙහි දෙදෙනාගේම අත් බහා මගුල්පාඨ කියා කුමරියගේ දියුණුව බලාපොරොත්තු නෑයෝ ඇගේ මිත්තණිය පෙන්වා මේ බලන්න. ඔබේ මිත්තණිය කෙතෙක් දිගු කලක් ජීවත්ව සිටින්නීද, එමෙන් දුවණිය ඔබත් බොහෝ කල් ජීවත් වන්නැයි කීවාහුය. රේවතකුමරු මාගේ මිත්තණියගේ මෙලොව සැප කුමක්දැයි විමසා බල්නනෙමියි සිතා මගේ මිත්තණිය කවරියකදැයි ඇසුවේය. අනතුරුව නෑයෝ මෙසේ ඇසූහ. දරුව ඔබ ඈ නොදුටුවෙහිද? ඒ එක්සිය විසිහවුරුදු සපිරි, දත් හැළුණු, කෙස් පැසුණු, සම වැරහැලි ගැසුණු, මුළු සිරුර තලකැරලියෙන් ගැවසීගත් ගොණැස්සක් මෙන් වකගැසුණු තැනැත්තී මැගේ මුත්තණයෝයයි කීවෝය. කිම මෑත් එබඳු තත්ත්වයට පත්වන්නීද? ඉදින් එතෙක් ජීවත් වුවහොත් ඒ තත්ත්වයට පැමිණෙයි. කුමරා, මෙතරම් ලක්ෂණ සිරුරක් පසුව මෙසේ විප්‍රකාරයට පැමිණෙන්නේය. මගේ සහෝදර උපතිස්ස මේ කරුණ හොඳින් වටහා ගත්තේය. අදම පැනගොස් පැවිදිවීම වටනේයයි සිතීය. ඉන්පසු ඔහුගේ නෑයෝ ඒ දෙදෙනා එකම යානයක නංවා රැගෙන ගියාහුය.
සො ථොකං ගන්ත්වා සරීරකිච්චං අපදිසිත්වා “ඨපෙථ තාව යානං, ඔතරිත්වා ආගමිස්සාමී”ති යානා ඔතරිත්වා එකස්මිං ගුම්බෙ ථොකං පපඤ්චං කත්වා අගමාසි. පුනපි ථොකං ගන්ත්වා තෙනෙව අපදෙසෙන ඔතරිත්වා අභිරුහි, පුනපි තථෙව අකාසි. අථස්ස ඤාතකා “අද්ධා ඉමස්ස උට්ඨානානි වත්තන්තී”ති සල්ලක්ඛෙත්වා නාතිදළ්හං ආරක්ඛං කරිංසු. සො පුනපි ථොකං ගන්ත්වා තෙනෙව අපදෙසෙන ඔතරිත්වා “තුම්හෙ පාජෙන්තො පුරතො ගච්ඡථ, මයං පච්ඡතො සණිකං ආගමිස්සාමා”ති වත්වා ඔතරිත්වා ගුම්බාභිමුඛො අහොසි. ඤාතකාපිස්ස “පච්ඡතො ආගමිස්සතී”ති සඤ්ඤාය යානං පාජෙන්තා ගමිංසු. සොපි තතො පලායිත්වා එකස්මිං පදෙසෙ තිංසමත්තා භික්ඛූ වසන්ති, තෙසං සන්තිකං ගන්ත්වා වන්දිත්වා ආහ – “පබ්බාජෙථ මං, භන්තෙ”ති.
කුමරු ටික දුරක් ගොස් සිරුරුකිස කර ආපසු එන්නෙමියි එයින් බැස එක් වන ලැහැබක ටිකක් නැවතී සිට ආවේය. නැවතත් මඳ දුරක් ගොස් ඒ අයුරින්ම යානයෙන් බැස ගොස් ඇවිත් යානයට නැංගේය. නැවතත් එසේ කෙළේය. පසුව ඔහුගේ නෑයෝ මොහුට නැගිට ගැනීම අපහසුයයි සලකා මදවූ ආරක්ෂක ක්‍රමයක් කළහ. කුමරු නැවතත් ටික දුරක් ගොස් පෙර පරිද්දෙන්ම යානයෙන් බැස, තෙපි මා පෙරටුව යව්. මම පසුව සෙමින් එන්නෙමියි කියා බැස වන ලැහැබ කරා ගියේය. නෑයෝත් ඔහු පසුව එනු ඇතියි සිතා යානා පදවාගෙන ගියහ. හෙතෙම එතනින් පැන ගොස් භික්ෂූන් තිස්නමක් පමණ වසන ප්‍රදේශයකට ගොස් ස්වාමීනි, මා පැවිදි කරන්නැයි ඉල්ලීය.
“ආවුසො, ත්වං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො, මයං තෙ රාජපුත්තභාවං වා අමච්චපුත්තභාවං වා න ජානාම, කථං පබ්බාජෙස්සාමා”ති? “තුම්හෙ මං, භන්තෙ, න ජානාථා”ති? “න ජානාමාවුසො”ති. “අහං උපතිස්සස්ස කනිට්ඨභාතිකො”ති. “කො එස උපතිස්සො නාමා”ති? “භන්තෙ, භද්දන්තා මම භාතරං ‘සාරිපුත්තො’ති වදන්ති, තස්මා මයා ‘උපතිස්සො’ති වුත්තෙ න ජානන්තී”ති. “කිං පන ත්වං සාරිපුත්තත්ථෙරස්ස කනිට්ඨභාතිකො”ති? “ආම, භන්තෙ”ති. “තෙන හි එහි, භාතරා තෙ අනුඤ්ඤාතමෙවා”ති වත්වා භික්ඛූ තස්ස ආභරණානි ඔමුඤ්චාපෙත්වා එකමන්තං ඨපෙත්වා තං පබ්බාජෙත්වා ථෙරස්ස සාසනං පහිණිංසු. ථෙරො තං සුත්වා භගවතො ආරොචෙසි – “භන්තෙ, ‘ආරඤ්ඤිකභික්ඛූහි කිර රෙවතො පබ්බාජිතො’ති සාසනං පහිණිංසු, ගන්ත්වා තං පස්සිත්වා ආගමිස්සාමී”ති. සත්ථා “අධිවාසෙහි තාව, සාරිපුත්තා”ති ගන්තුං න අදාසි. ථෙරො පුන කතිපාහච්චයෙන සත්ථාරං ආපුච්ඡි. සත්ථා “අධිවාසෙහි තාව, සාරිපුත්ත, මයම්පි ආගමිස්සාමා”ති නෙව ගන්තුං අදාසි.
ඇවැත්නි, තෙපි සව්බරණින් සැරසිලාය. ඔබ රාජපුත්රයෙක්ද, අමාත්‍ය පුත්රයෙක්දැයි අපි නොදනිමු. ඉතින් අප ඔබ පැවිදි කරන්නේ කෙසේද? ස්වාමීනි, ඔබවහන්සේලා මා ගැන නොදන්නාසේක්ද? ඇවැත්නි අපි නොදන්නෙමු. මම උපතිස්සගේ බාල සොහොයුරා වෙමි. මේ උපතිස්ස කියන්නේ කවුද? එසේය ස්වාමීනි, ඔබවහන්සේලා මාගේ සහෝදරයාට සාරිපුත්තයයි කියති. එනිසා උපතිස්සයයි කීකල නොදන්නාහුය. එසේ නම් ඔබ සැරියුත්තෙරණුවන්ගේ බාලසොහොයුරාද? ස්වාමීනි, එසේය. එසේනම් මෙහි එන්න. ඔබ පැවිදි කිරීම ඔබේ සොහොයුරා අනුදැන ඇතැයි කියා ඔහුගේ ආභරණ ගළවා පසෙකින් තබා ඔහු පැවිදිකර සැරියුත්තෙරණුවන් වෙත, ස්වාමීනි, ආරණ්‍යක භික්ෂූන් විසින් රේවතකුමරා පැවිදි කරනලදැයි හසුනක් යැවූහ. සැරියුත්තෙරණුවෝ ඒබව බුදුරදුන්ට දැන්වූහ. ස්වාමීනි, ආරණ්‍යයක භික්ෂූන් විසින් රේවත කුමරුන් පැවිදිකළ බව දන්වා ඇත. එහි ගොස් බහු බලා එන්නෙමියි දැන්වූහ. බුදුරජාණන්වහන්සේ, ශාරීපුත්‍රය තව ටිකක් ඉවසන්නැයි යන්ට නොදුන්හ. තෙරණුවෝ තවත් දින කීපයකින් බුදුන්ගෙන් ඇසූහ. ශාරීපුත්‍රය, මමත් එන්නෙමි. තව ටිකක් ඉවසවයි යන්ට නොදුන්හ.
සාමණෙරොපි “සචාහං ඉධ වසිස්සාමි, ඤාතකා මං අනුබන්‍ධිත්‍වා පක්කොසිස්සන්තී”ති තෙසං භික්ඛූනං සන්තිකෙ යාව අරහත්තා කම්මට්ඨානං උග්ගණ්හිත්වා පත්තචීවරමාදාය චාරිකං චරමානො තතො තිංසයොජනිකෙ ඨානෙ ඛදිරවනං ගන්ත්වා අන්තොවස්සෙයෙව තෙමාසබ්භන්තරෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
සාමණේර තෙමේත් ඉදින් මා මෙහි සිටියොත් මගේ නෑයෝ මෙහි අවුත් මා කැඳවන්නාහුයයි ඒ භික්ෂූන් වෙතින් අර්හත්වය දක්වා කමටහන් ඉගෙන පාසිවුරු රැගෙන චාරිකාවේ හැසිරෙමින් එයින් තිස්යොදුනක් පමණ දුරින් පිහිටි ඛදිරවනය නම් තැනට ගොස් වස් තුන් මාසය ඇතුළතදීම සිව්පිළිසිඹියා පත් රහත්බවට පැමිණියේය.
ථෙරොපි පවාරෙත්වා සත්ථාරං පුන තත්ථ ගමනත්ථාය ආපුච්ඡි. සත්ථා “මයම්පි ගමිස්සාම, සාරිපුත්තා”ති පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නික්ඛමි. ථොකං ගතකාලෙ ආනන්දත්ථෙරො ද්වෙධාපථෙ ඨත්වා සත්ථාරං ආහ – “භන්තෙ, රෙවතස්ස සන්තිකං ගමනමග්ගෙසු අයං පරිහාරපථො සට්ඨියොජනිකො මනුස්සාවාසො, අයං උජුමග්ගො තිංසයොජනිකො අමනුස්සපරිග්ගහිතො, කතරෙන ගච්ඡාමා”ති. “සීවලි, පන, ආනන්ද, අම්හෙහි සද්ධිං ආගතො”ති? “ආම, භන්තෙ”ති. “සචෙ, සීවලි, ආගතො, උජුමග්ගමෙව ගණ්හාහී”ති.
සැරියුත් තෙරණුවෝත් වස් පවාරණය කොට එහි යෑම පිණිස බුදුන්ගෙන් ඇසූහ. බුදුරජාණන්වහන්සේත් ශාරිපුත්‍රය, අපත් එන්නෙමුයයි භික්ෂූන් පන්සීයක් සමග නික්මුණාහ. ටිකක් දුර ගිය පසු, ආනන්දතෙරණුවෝ දෙමංසන්ධියකදී, බුදුන්වෙත ගොස්, ස්වාමීනි, රේවත වෙත යන ගමන් මාර්ගයන්හි මෙය දීර්ඝ මාර්ගයකි. සැටයොදුනක් දුරය. මනුෂ්යාවාස සහිතය. මේ මාර්ගය සෘජුමගකි. තිස්යොදුනකි. අමනුෂ්‍යයන්ගෙන් පිරුණකි. අප යන්නේ කොයි මාර්ගයෙන්දැයි ඇසූහ. ආනන්ද, සීවලීතෙරණුවෝත් අප සමග ආවෙහිද? ස්වාමීනි, එසේය. සීවලීතෙරණුවන් ආවාහු නම් සෘජුමාර්ගයම ගන්නැයි වදාළහ.
සත්ථා කිර “අහං තුම්හාකං යාගුභත්තං උප්පාදෙස්සාමි, උජුමග්ගං ගණ්හාහී”ති අවත්වා “තෙසං තෙසං ජනානං පුඤ්ඤස්ස විපාකදානට්ඨානං එත”න්ති ඤත්වා “සචෙ, සීවලි, ආගතො, උජුමග්ගං ගණ්හාහී”ති ආහ. සත්ථරි පන තං මග්ගං පටිපන්නෙ දෙවතා “අම්හාකං අය්යස්ස සීවලිත්ථෙරස්ස සක්කාරං කරිස්සාමා”ති චින්තෙත්වා එකෙකයොජනෙ විහාරෙ කාරෙත්වා එකයොජනතො උද්ධං ගන්තුං අදත්වා පාතො වුට්ඨාය දිබ්බයාගුආදීනි ගහෙත්වා, “අය්යො, නො සීවලිත්ථෙරො කහං නිසින්නො”ති විචරන්ති. ථෙරො අත්තනො අභිහටං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දාපෙසි. එවං සත්ථා සපරිවාරො තිංසයොජනිකං කන්තාරං සීවලිත්ථෙරස්ස පුඤ්ඤං අනුභවමානොව ආගමාසි.
බුදුරජාණන්වහන්සේ, මම තොපට කැඳබත් එළවා දෙන්නෙමි සෘජුමාර්ගය ගනුවයි නොකියා, ඒ ඒ අයගේ පුණ්‍යවිපාක පලදීමට මේ හොඳ අවස්ථාවකියි දැන සීවලී ආවෙහි නම් සෘජුමග ගනුවයි වදාළහ. ශාස්තෘන්වහන්සේ ඒ මගට පිළිපන් කල්හි දෙවියෝ, අපේ ආර්යවූ සීවලීතෙරණුවන්ට සත්කාර කරන්නෙමුයයි සිතා එක් එක් යොදුනක විහාරයන් කරවා එක් එක් යොදුනක් හෝ ඉක්මවා යානොදී උදෑසනම අවදිව දිව්‍යමය කැඳබත් ආදිය රැගෙන අවුත් අපේ ආර්යවූ සීවලීතෙරණුවෝ කොහි වෙසෙත්ද, කොහි වෙසෙත්දැයි විචාරමින් යෙති. සීවලීතෙරණුවෝ තමන්ට ගෙනා ආහාර බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දෙවූහ. ශාස්තෘන්වහන්සේ පිරිවර සහිතව තිස්යොදුන් කාන්තාරය සීවලීතෙරුන්ගේ පිනම අනුභව කරමින් වැඩියහ.
රෙවතත්ථෙරොපි සත්ථු ආගමනං ඤත්වා භගවතො ගන්ධකුටිං මාපෙත්වා පඤ්ච කූටාගාරසතානි, පඤ්ච චඞ්කමනසතානි, පඤ්චරත්තිට්ඨානදිවාට්ඨානසතානි ච මාපෙසි. සත්ථා තස්ස සන්තිකෙ මාසමත්තමෙව වසි. තස්මිං වසමානොපි සීවලිත්ථෙරස්සෙව පුඤ්ඤං අනුභවි.
රේවත තෙරණුවෝත් බුදුන්ගේ පැමිණීම දැනගෙන බුදුරදුන් උදෙසා ගඳකිළියක් නිර්මාණයකොට කුළුගෙවල් පන්සීයක් සක්මන්මළු පන්සීයක් රාත්රිස්ථාන දිවාස්ථාන පන්සීයක් වශයෙන්ද නිර්මාණය කරවූහ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේ සමීපයෙහි මසක් පමණ විසූහ. එහි වසමිනුත් සීවලීතෙරුන්ගේ පිනම අනුභව කළසේක.
තත්ථ පන ද්වෙ මහල්ලකභික්ඛූ සත්ථු ඛදිරවනං පවිසනකාලෙ එවං චින්තයිංසු – “අයං භික්ඛු එත්තකං නවකම්මං කරොන්තො කිං සක්ඛිස්සති සමණධම්මං කාතුං, සත්ථා ‘සාරිපුත්තස්ස කනිට්ඨො’ති මුඛොලොකනකිච්චං කරොන්තො එවරූපස්ස නවකම්මිකස්ස භික්ඛුස්ස සන්තිකං ආගතො”ති.
බුදුන් සමගම පැමිණි මහලු භික්ෂු දෙනමක්, මේ රේවත භික්ෂුවට මෙතෙක් නවකර්මාන්ත කරමින්ම ශ්රමණදහම් පිරීමට හැකි වෙයිද? බුදුරදුනුත් සැරියුත්තෙරුන්ගේ බාල මල්ලී නිසා, භික්ෂාවක් සපයමින් මෙබඳු නවකාර්මිකයෙකු ළඟට පැමිණියාහුයයි සිතූහ.
සත්ථාපි තං දිවසං පච්චූසකාලෙ ලොකං වොලොකෙත්වා තෙ භික්ඛූ දිස්වා තෙසං චිත්තාචාරං අඤ්ඤාසි. තස්මා තත්ථ මාසමත්තං වසිත්වා නික්ඛමනදිවසෙ යථා තෙ භික්ඛූ අත්තනො තෙලනාළිඤ්ච උදකතුම්බඤ්ච උපාහනානි ච පමුස්සන්ති, තථා අධිට්ඨහිත්වා නික්ඛමන්තො විහාරූපචාරතො බහි නික්ඛන්තකාලෙ ඉද්ධිං විස්සජ්ජෙසි. අථ තෙ භික්ඛූ “මයා ඉදඤ්චිදඤ්ච පමුට්ඨං, මයාපි පමුට්ඨ”න්ති උභොපි නිවත්තිත්වා තං ඨානං අසල්ලක්ඛෙත්වා ඛදිරරුක්ඛකණ්ටකෙහි විජ්ඣමානා විචරිත්වා එකස්මිං ඛදිරරුක්ඛෙ ඔලම්බන්තං අත්තනො භණ්ඩකං දිස්වා ආදාය පක්කමිංසු. සත්ථාපි භික්ඛුසඞ්ඝං ආදාය පුන මාසමත්තෙනෙව සීවලිත්ථෙරස්ස පුඤ්ඤං අනුභවමානො පටිගන්ත්වා පුබ්බාරාමං පාවිසි.
භාග්‍යවතුන්වහන්සේ එදින උදෑසන ලොව බලනසේක් ඒ භික්ෂූන් සිතන අයුරු දැනගත්සේක. එනිසා එහි මසක් පමණ ගතකොට, එතනින් නික්ම යන දිනයේ ඒ භික්ෂූන්ගේ තෙල්කුළා, ඩබරා, පාවහන් අමතක වේවායි ඉටා නික්මී විහාර උපවනයෙන් බැහැරවූ කල සෘද්ධිය අත්හළසේක. පසුව ඒ භික්ෂූහු අපේ අසවල් අසවල් දේ අමතක විය. අපිත් මුළාවට පත්වුම්හයි දෙදෙනාම නැවතී ඒ තැන් සිහිකර ගැනීමටත් නොහැකිව කිහිරිකටු ඇනගනිමින් ඇවිද එක් කිහිරි ගසෙක එල්ලෙමින් තිබුණු තමන්ගේ උපකරණ දැක ඒවා රැගෙන ගියාහුය. ශාස්තෘන්වහන්සේත් භික්ෂුසංඝයාත් සමග නැවතත් මාසයක්ම සීවලීතෙරුන්ගේ පින් අනුභව කරමින් වැඩමවා පූර්වාරාමයට පැමිණියාහ.
අථ තෙ මහල්ලකභික්ඛූ පාතොව මුඛං ධොවිත්වා “ආගන්තුකභත්තදායිකාය විසාඛාය ඝරං යාගුං පිවිස්සාමා”ති ගන්ත්වා යාගුං පිවිත්වා ඛජ්ජකං ඛාදිත්වා නිසීදිංසු. අථ නෙ විසාඛා පුච්ඡි – “තුම්හෙපි, භන්තෙ, සත්ථාරා සද්ධිං රෙවතත්ථෙරස්ස වසනට්ඨානං අගමිත්ථා”ති. “ආම, උපාසිකෙති, රමණීයං, භන්තෙ, ථෙරස්ස වසනට්ඨාන”න්ති. “කුතො තස්ස රමණීයතා සෙතකණ්ටකඛදිරරුක්ඛගහනං පෙතානං නිවාසනට්ඨානසදිසං උපාසිකෙ”ති.
ඉන්පසු ඒ මහලු භික්ෂූන් දෙනම උදෑසනම මුව සෝදා ආගන්තුක බත් දෙන විශාඛාවගේ ගෙදර කැඳ බොන්නෙමුයයි එහි ගොස් කැඳ වළඳා කැවිලිත් වළඳා සිටියහ. ඉන්පසු විශාඛාව, ස්වාමීනි, ඔබවහන්සේලා බුදුරදුන් සමග රේවත හිමියන්ගේ වාසස්ථානයට වැඩියාහුදැයි ඇසුවාය. උපාසිකාව, එසේය. ස්වාමීනි, ඒ වාසස්ථානය සිත්කලු එකක්ද? එහි රමණීයත්වයක් කොහෙන්ද? සුදුකටුවලින් යුත් කිහිරි වනයකි. එය ප්‍රේතයන්ගේ වාසස්ථානයක් වැනිය.
අථඤ්ඤෙ ද්වෙ දහරභික්ඛූ ආගමිංසු. උපාසිකා තෙසම්පි යාගුඛජ්ජකං දත්වා තථෙව පටිපුච්ඡි. තෙ ආහංසු – “න සක්කා උපාසිකෙ වණ්ණෙතුං, සුධම්මදෙවසභාසදිසං ඉද්ධියා අභිසඞ්ඛතං විය ථෙරස්ස වසනට්ඨාන”න්ති. උපාසිකා චින්තෙසි – “පඨමං ආගතා භික්ඛූ අඤ්ඤථා වදිංසු, ඉමෙ අඤ්ඤථා වදන්ති, පඨමං ආගතා භික්ඛූ කිඤ්චිදෙව පමුස්සිත්වා ඉද්ධියා විස්සට්ඨකාලෙ පටිනිවත්තිත්වා ගතා භවිස්සන්ති, ඉමෙ පන ඉද්ධියා අභිසඞ්ඛරිත්වා නිම්මිතකාලෙ ගතා භවිස්සන්තී”ති අත්තනො පණ්ඩිතභාවෙන එතමත්ථං ඤත්වා “සත්ථාරං ආගතකාලෙ පුච්ඡිස්සාමී”ති අට්ඨාසි. තතො මුහුත්තංයෙව සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො විසාඛාය ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. සා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං සක්කච්චං පරිවිසිත්වා භත්තකිච්චාවසානෙ සත්ථාරං වන්දිත්වා පටිපුච්ඡි – “භන්තෙ, තුම්හෙහි සද්ධිං ගතභික්ඛූසු එකච්චෙ රෙවතත්ථෙරස්ස වසනට්ඨානං ‘ඛදිරගහනං අරඤ්ඤ’න්ති වදන්ති, එකච්චෙ ‘රමණීය’න්ති, කිං නු ඛො එත”න්ති? තං සුත්වා සත්ථා “උපාසිකෙ ගාමො වා හොතු අරඤ්ඤං වා, යස්මිං ඨානෙ අරහන්තො විහරන්ති, තං රමණීයමෙවා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු තවත් ළදරු සාමණේර දෙනමක් එහි පැමිණියාහුය. උපාසිකාව උන්වහන්සේලාටත් කැඳකැවිලි පිළිගන්වා ඉහත සඳහන් අයුරින්ම ප්‍රශ්න කළාය. ඒ දෙනම, උපාසිකාවනි, එතැන වර්ණනා කිරීම අපහසුය. සුධර්මා නම් දේවසභාව මෙනි. ඒ තෙරුන්ගේ වාසස්ථානය සෘද්ධියෙන් මැවූවක් වැන්න. උපාසිකාවෝ, පළමුව පැමිණි භික්ෂූහු කෙසේ හෝ කිසිවක් අමතක කොට සෘද්ධිය මුදාහළ වේලාවේ නැවත ගියාහු වන්නට පිළිවන. මේ දෙනම සෘද්ධියෙන් නිර්මාණය කර තිබුණු වේලාවේ ගිය අය වන්නට පිළිවනියි තමන් නුවණැති හෙයින් මේ බව දැන එය බුදුන් පැමණි කල අසා දැනගන්නෙමියි නැවතුණාය. ඒ මොහොතේම ශාස්තෘන්වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා විශාඛාවගේ ගෙදරට වැඩමවා පැණවූ ආසනයෙහි වැඩසිටියහ. ඕ තොමෝ බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා මැනවින් වළඳවා වළඳා අන්තයෙහි බුදුන් වැඳ නැවත මෙසේ විචාළාය. ස්වාමීනි, ඔබවහන්සේ සමග රේවත තෙරණුවන්ගේ වාසස්ථානයට ගිය ඇතැම් භික්ෂූහු එය කිහිරිගස්වලින් හෙබි මහ වනයකියි කියති. තවත් අය එය අතිශයින් රමණීය යයි කියති. මෙසේ කීමට හේතුව කුමක්ද? බුදුරජාණන්වහන්සේ උපාසිකාවනි, ගමක් හෝ ආරණ්‍යයක් හෝ වේවා, යම් තැනක රහතන්වහන්සේලා වෙසෙත් නම් එතැන රමණීයම වේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, නින්නෙ වා යදි වා ථලෙ; යත්ථ අරහන්තො විහරන්ති, තං භූමිරාමණෙය්යක”න්ති.
ගමක හෝ අරණක වළ ගොඩැලි ඇති බිම හෝ රහතුන් වැඩ සිටිත් නම් රමණීය වේ ඒ බිම
තත්ථ කිඤ්චාපි අරහන්තො ගාමන්තෙ කායවිවෙකං න ලභන්ති, චිත්තවිවෙකං පන ලභන්තෙව. තෙසඤ්හි දිබ්බපටිභාගානිපි ආරම්මණානි චිත්තං චාලෙතුං න සක්කොන්ති. තස්මා ගාමො වා හොතු අරඤ්ඤාදීනං වා අඤ්ඤතරං, යත්ථ අරහන්තො විහරන්ති, තං භූමිරාමණෙය්යකන්ති සො භූමිපදෙසො රමණීයො එවාති අත්ථො.
ඒ කෙසේ නමුත් ග්‍රාමාන්ත සෙනසුන්වලදී රහතන්වහන්සේලා කාය විවේකයක් නොලබති. චිත්තවිවේකය නම් ලබන්නාහුමය. උන්වහන්සේලාගේ සිත දිව්යප්රතිභාගාදි අරමුණුවලින් සෙලවීමට නොහැකිය. එහෙයින් ගමක හෝ වේවා, ආරණ්‍යාදි අන්කිසි තැනකදී හෝ වේවා. යත්ථ අරහන්තෝ විහරන්ති තං භූමිං රාමණෙය්යකං - ඒ භූමිප්‍රදේශය රමණීයම වේ යන අර්ථයයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
අපරෙන සමයෙන භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, කෙන නු ඛො කාරණෙන ආයස්මා සීවලිත්ථෙරො සත්තදිවසසත්තමාසාධිකානි සත්ත වස්සානි මාතු කුච්ඡියං වසි, කෙන නිරයෙ පච්චි, කෙන නිස්සන්දෙන ලාභග්ගයසග්ගප්පත්තො ජාතො”ති? සත්ථා තං කථං සුත්වා, “භික්ඛවෙ, කිං කථෙථා”ති පුච්ඡිත්වා, “භන්තෙ, ඉදං නාමා”ති වුත්තෙ තස්සායස්මතො පුබ්බකම්මං කථෙන්තො ආහ –
පසුකලක භික්ෂූහු කථාවක් ඉපදවූහ. ඇවැත්නි, කිනම් කරුණක් නිසා සීවලී තෙරණුවෝ වර්ෂ හතකුත් මාස හතකුත් දින හතක් මවගේ කුසෙහි විසුවෝද? කිනම් හේතුවකින් නිරයේත් පැසුණාහුද? කිනම් හේතුවකින් මෙතරම් ලාභ යසස්වල අගතැන්පත්ව උපන්නාහුද? ශාස්තෘන්වහන්සේ මහණෙනි කුමක් කියව්දැයි අසා, මෙනම් කතාවකිනුයි කී කල්හි, ඒ ආයුෂ්මතුන්ගේ පූර්ව කර්මයන් විස්තර කරමින්, මෙසේ වදාළහ.
භික්ඛවෙ, ඉතො එකනවුතිකප්පෙ විපස්සී භගවා ලොකෙ උප්පජ්ජිත්වා එකස්මිං සමයෙ ජනපදචාරිකං චරිත්වා පිතු නගරං පච්චාගමාසි. රාජා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස ආගන්තුකදානං සජ්ජෙත්වා නාගරානං සාසනං පෙසෙසි “ආගන්ත්වා මය්හං දානෙ සහායකා හොන්තූ”ති. තෙ තථා කත්වා “රඤ්ඤා දින්නදානතො අතිරෙකතරං දස්සාමා”ති සත්ථාරං නිමන්තෙත්වා පුනදිවසෙ දානං පටියාදෙත්වා රඤ්ඤො සාසනං පහිණිංසු. රාජා ආගන්ත්වා තෙසං දානං දිස්වා “ඉතො අධිකතරං දස්සාමී”ති පුනදිවසත්ථාය සත්ථාරං නිමන්තෙසි, නෙව රාජා නාගරෙ පරාජෙතුං සක්ඛි, න නාගරා රාජානං. නාගරා ඡට්ඨෙ වාරෙ “ස්වෙ දානි යථා ‘ඉමස්මිං දානෙ ඉදං නාම නත්ථී’ති න සක්කා හොති වත්තුං, එවං දානං දස්සාමා”ති චින්තෙත්වා පුනදිවසෙ දානං පටියාදෙත්වා “කිං නු ඛො එත්ථ නත්ථී”ති ඔලොකෙන්තා අල්ලමධුමෙව න අද්දසංසු. පක්කමධු පන බහුං අත්ථි. තෙ අල්ලමධුස්සත්ථාය චතූසු නගරද්වාරෙසු චත්තාරි කහාපණසහස්සානි ගාහාපෙත්වා පහිණිංසු. අථෙකො ජනපදමනුස්සො ගාමභොජකං පස්සිතුං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ මධුපටලං දිස්වා මක්ඛිකා පලාපෙත්වා සාඛං ඡින්දිත්වා සාඛාදණ්ඩකෙනෙව සද්ධිං මධුපටලං ආදාය “ගාමභොජකස්ස දස්සාමී”ති නගරං පාවිසි. මධුඅත්ථාය ගතො තං දිස්වා, “අම්භො, වික්කිණියං මධු”න්ති පුච්ඡි. “න වික්කිණියං, සාමී”ති. “හන්ද, ඉමං කහාපණං ගහෙත්වා දෙහී”ති. සො චින්තෙසි – “ඉමං මධුපටලං පාදමත්තම්පි න අග්ඝති, අයං පන කහාපණං දෙති. බහුකහාපණකො මඤ්ඤෙ, මයා වඩ්ඪෙතුං වට්ටතී”ති. අථ නං “න දෙමී”ති ආහ, “තෙන හි ද්වෙ කහාපණෙ ගණ්හාහී”ති. “ද්වීහිපි න දෙමී”ති. එවං තාව වඩ්ඪෙසි, යාව සො “තෙන හි ඉදං සහස්සං ගණ්හාහී”ති භණ්ඩිකං උපනෙසි.
මහණෙනි, මෙයින් අනූකල්පයකට පෙර විපස්සිබුදුන් ලොව පහළවී එක් කැලෑ ප්‍රදේශයක ජනපද චාරිකාවේ හැසිරෙමින් සිය පියාගේ නුවරට පැමිණියහ. රජු බුදුන් ප්රමුඛ සංඝයාට ආගන්තුක දන් සූදානම්කොට, මෙහි අවුත් මගේ දානයට සහායක වන්නැයි නුවර මිනිසුන් වෙත පණිවුඩයක් යැවීය. ඔවුහු එසේ කොට, රජුන් දුන් දනට වඩා සුවිශේෂ දානයක් දෙන්නෙමුයයි බුදුන්ට ආරාධනාකොට දෙවෙනි දිනයේ දන් පිළියෙලකොට මෙහි නැති දේ කුමක්දැයි සොයා බලා මීපැණි සහිත මීවර නැති බව දුටහ. පැසවාගත් හෝ පැසුණු මීපැණි නම් දඬුවෙල්බෑ වල බොහෝ ඇත. ඔවුහු නොපැසුණු මධුවක් සොයනු පිණිස නගර දොරටු සතරෙහි කහවණු සාරදහසක් අත තබා මිනිස්සු යැවූහ. ඉන්පසු එක් දනව්වැසි මිනිසෙක් ගම්මුලාදෑනියා හමුවීමට එන අතර අතරමග මීවදයක් දැක මැස්සන් එලවා අත්ත කඩාගෙන අත්තත් සමගම මීවදය රැගෙන ගම්මුලාදෑනියාට දෙන්නෙමියි සිතා ආවේය. මී සොයා ගිය එකෙක් එය දැක පින්වත රැගෙන යන්නේ විකුණන මීයක් දැයි ඇසීය. ස්වාමීනි, මෙය විකුණන්නේ නැත. එසේනම් මේ කහවණුව රැගෙන මීය දෙවයි ඉල්ලීය. මගියා, මේ මීවදය පාදයක් පමණවත් නොවටී. මොහු මීට කහවණුවක් දෙයි. මොහු බොහෝ කහවණු ඇත්තෙකි. තවත් වැඩි මිලක් කියන්නෙමියි සිතීය. එසේ සිතා මෙය දෙන්නේ නැතැයි කීය. එසේනම් කහවණු දෙකකට දෙව. දෙකකටවත් නොදෙමි. මෙසේ වැඩි කරමින් ගොස් කහවණු දහසකට ගනුවයි දහසින් බැඳි පියල්ලම දික් කෙළේය.
අථ නං සො ආහ – “කිං නු ඛො ත්වං උම්මත්තකො, උදාහු කහාපණානං ඨපනොකාසං න ලභසි, පාදම්පි න අග්ඝනකං මධුං ‘සහස්සං ගහෙත්වා දෙහී’ති වදසි, ‘කිං නාමෙත’”න්ති? ‘ජානාමහං, භො, ඉමිනා පන මෙ කම්මං අත්ථි, තෙනෙවං වදාමී’ති. “කිං කම්මං, සාමී”ති? “අම්හෙහි විපස්සීබුද්ධස්ස අට්ඨසට්ඨිසමණසහස්සපරිවාරස්ස මහාදානං සජ්ජිතං, තත්රෙකං අල්ලමධුමෙව නත්ථි, තස්මා එවං ගණ්හාමී”ති. එවං, සන්තෙ, නාහං මූලෙන දස්සාමි, සචෙ “අහම්පි දානෙ පත්තිං ලභිස්සාමි, දස්සාමී”ති.
ඉන්පසු මගියා ඔහුට කථාකොට, ඇයි ඔබ පිස්සෙක්ද, නැතහොත් ඇති කහවණු තියාගන්නට තැනක් ඔබට නැද්ද, පාදයක්වත් නොවටිනා මීය දහසකට දෙන්නැයි කියන්නේ ඇයි? මෙහි ඇති කාරණය කුමක්ද, මොහුට මෙයින් ඇති ප්‍රයෝජනය දැනගමියි කීවිට මෙයින් මට ප්‍රයෝජනයක් ඇත. එනිසා මෙසේ කියමියි කීපසු ඒ කෙබඳු වැඩක්දැයි අසා, අපි විපස්සිබුදුන් ප්රමුඛ සැටදහසක් භික්ෂු පිරිසට මහාදානයක් පිළියෙල කෙළෙමු. එහි මේ දඩුවෙල්බෑ මී පමණක් අඩුය. එනිසා මෙය මේ ගණන්වලට ගනිමුයි කීහ. කරුණු එසේනම් මම මෙය මුදලකට නොදෙමි, ඉතින් මටත් ඒ දානයට හවුල්විය හැකිනම් දෙන්නෙමියි කීය.
සො ගන්ත්වා නාගරානං තමත්ථං ආරොචෙසි. නාගරා තස්ස සද්ධාය බලවභාවං ඤත්වා, “සාධු, පත්තිකො හොතූ”ති පටිජානිංසු, තෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා යාගුඛජ්ජකං දත්වා මහතිං සුවණ්ණපාතිං ආහරාපෙත්වා මධුපටලං පීළාපෙසුං. තෙනෙව මනුස්සෙන පණ්ණාකාරත්ථාය දධිවාරකොපි ආහටො අත්ථි, සො තම්පි දධිං පාතියං ආකිරිත්වා තෙන මධුනා සංසන්දිත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස ආදිතො පට්ඨාය අදාසි. තං යාවදත්ථං ගණ්හන්තානං සබ්බෙසං පාපුණි උත්තරිම්පි අවසිට්ඨං අහොසියෙව. “එවං ථොකං මධු කථං තාව බහූනං පාපුණී”ති න චින්තෙතබ්බං. තඤ්හි බුද්ධානුභාවෙන පාපුණි. බුද්ධවිසයො න චින්තෙතබ්බො. චත්තාරි හි “අචින්තෙය්යානී”ති (අ· නි· 4.77) වුත්තානි. තානි චින්තෙන්තො උම්මාදස්සෙව භාගී හොතීති.
මී සොයා ආ තැනැත්තා ගොස් නාගරිකයන්ට ඒ බව කීවේය. නාගරිකයෝත් ඔහුගේ ශ්‍රද්ධාව බලවත් බව දැන, ඉතායෙහෙක, ඉතායෙහෙකැයි හවුල්කාරයෙක් වේවායි අනුමත කළහ. නාගරිකයෝ බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා වඩා හිඳුවා කැඳ කැවිලි පිළිගන්වා මහත් රන්තලියක් ගෙන්වා මධුපටල (දඩුවෙල්බෑ මීවදය) මිරිකූහ. මීය ගෙන ආ මිනිසුන් ගෙනා දීකිරි සැළියක්ද විය. ඒ දීත් මීපැණි මිරිකූ තළියට දමා මිශ්‍රකර බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයාට මුල පටන් දුන්හ. පිළිගන්නා සියලුදෙනාවහන්සේටම බෙදීමට සෑහුණේය. තවත් ඉතිරිද විය. මෙබදු පොඩි මීවදයක් බොහෝ දෙනාට ලැබුණේ කෙසේදැයි නොසිතිය යුතුය. එය වනාහි බුද්ධානුභාවයෙන් පැමිණියේය. බුද්ධවිෂය නොසිතිය හැක්කේය. කරුණු සතරක් අචින්ත්‍ය ලෙස දක්වා ඇත. ඒවා ගැන සිතීමට යෑම ඔල්මාදයට කරුණු වන්නේය.
සො පුරිසො එත්තකං කම්මං කත්වා ආයුපරියොසානෙ දෙවලොකෙ නිබ්බත්තිත්වා එත්තකං කාලං සංසරන්තො එකස්මිං සමයෙ දෙවලොකා චවිත්වා බාරාණසියං රාජකුලෙ නිබ්බත්තො පිතු අච්චයෙන රජ්ජං පාපුණි. සො “එකං නගරං ගණ්හිස්සාමී”ති ගන්ත්වා පරිවාරෙසි, නාගරානඤ්ච සාසනං පහිණි “රජ්ජං වා මෙ දෙන්තු යුද්ධං වා”ති. තෙ “නෙව රජ්ජං දස්සාම, න යුද්ධ”න්ති වත්වා චූළද්වාරෙහි නික්ඛමිත්වා දාරූදකාදීනි ආහරන්ති, සබ්බකිච්චානි කරොන්ති.
ඒ පුරුෂයා මේ එකම පින්කම කොට, ආයු කෙළවර දෙව්ලොව ඉපදී මෙතෙක් කල් සැරිසරා එක් සමයෙක දෙව්ලොවින් චුතව බරණැස රජපවුලක ඉපදී පියාගේ ඇවෑමෙන් රජබවට පැමිණියේය. හෙතෙම එක් නගරයක් අල්වා ගනිමියි ගොස් නගරය වට කෙළේය. නාගරිකයන්ට රාජ්‍යය හෝ දෙව, නැත්නම් යුද්ධයකට හෝ සූදාන්ම වෙවයි හසුනක් යැවීය. නාගරිකයෝ, අපි රාජ්‍යය නොදෙන්නෙමු. යුද්ධත් නොකරන්නෙමුයයි කියා කුඩා දෙරටුවලින් ගොස් දරදිය ආදිය ගෙන එත්. අනිත් සියලු කර්මාන්තත් කරති.
ඉතරොපි චත්තාරි මහාද්වාරානි රක්ඛන්තො සත්තමාසාධිකානි සත්ත වස්සානි නගරං උපරුන්ධි. අථස්ස මාතා “කිං මෙ පුත්තො කරොතී”ති පුච්ඡිත්වා “ඉදං නාම දෙවී”ති තං පවත්තිං සුත්වා “බාලො මම පුත්තො, ගච්ඡථ, තස්ස ‘චූළද්වාරානිපි පිධාය නගරං උපරුන්ධතූ’ති වදෙථා”ති. සො මාතු සාසනං සුත්වා තථා අකාසි. නාගරාපි බහි නික්ඛමිතුං අලභන්තා සත්තමෙ දිවසෙ අත්තනො රාජානං මාරෙත්වා තස්ස රජ්ජං අදංසු.
අනිත් තැනැත්තාත් ප්‍රධාන දෙරටු රකිමින් සත්වස් සත්මසක් නුවර රැකවල් ලා සිටියේය. ඉන්පසු රජුගේ මව මගේ පුතා කුමක් කරන්නේදැයි අසා දේවීනි, ඒ මෙසේයයි කී පුවත අසා, මගේ පුතා මෝඩයෙකි. යව, ගොස් කුඩා දොරවලුත් වසා රැකවල් ලවන්නැයි කියා යැව්වාය. හෙතෙම මවගේ පණිවුඩය අසා එසේ කෙළේය. නාගරිකයෝ බැහැර යා නොහැකිව සත්වෙනි දවස තමන්ගේ රජු මරා ඔහුට රාජ්‍යය දුන්හ.
සො ඉමං කම්මං කත්වා ආයුපරියොසානෙ අවීචිම්හි නිබ්බත්තිත්වා යාවායං පථවී යොජනමත්තං උස්සන්නා, තාව නිරයෙ පච්චිත්වා චතුන්නං චූළද්වාරානං පිදහිතත්තා තතො චුතො තස්සා එව මාතු කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා සත්තමාසාධිකානි සත්ත වස්සානි අන්තොකුච්ඡිස්මිං වසිත්වා සත්ත දිවසානි යොනිමුඛෙ තිරියං නිපජ්ජි. එවං, භික්ඛවෙ, සීවලි, තදා නගරං උපරුන්ධිත්වා ගහිතකම්මෙන එත්තකං කාලං නිරයෙ පච්චිත්වා චතුන්නං චූළද්වාරානං පිදහිතත්තා තතො චුතො තස්සා එව මාතු කුච්ඡියං පටිසන්ධිං ගහෙත්වා එත්තකං කාලං කුච්ඡියං වසි. නවමධුනො දින්නත්තා ලාභග්ගයසග්ගප්පත්තො ජාතොති.
හෙතෙම මේ පව්කමකොට ආයු කෙළවර අවීචියෙහි ඉපිද මේ මහපොළොව යොදුනක් පමණ වැඩී උස් වෙන තුරු නිරයේ පැසී ම හදොරවල්හතර වසා දැමූ හෙයින් ඒ නිරයෙන් චුතවී ඒ මවගේම කුස පිළිසිඳගෙන සත් වසකුත් සත් මසක් කුස ඇතුළේම සිට සත්වෙනි දිනයේ යෝනිමුඛයෙහි හරස්වී සිටියේය. මහණෙනි, එදා සීවලී, නගරය වටකොට එය අල්වා ගැනීමේ පව්කම නිසා මෙතෙක් නිරයෙහි පැසී කුඩා දොරවල් වැසීමේ පවෙන් එයින් චුතව ඒ මවගේම කුසේ පිළිසිඳ ගෙන මෙතෙක් කල් කුසයෙහිම විසුවේය. අලුත් දඬුවෙල්බෑ මීපටකය දන්දීමෙන් ලාභ යසස්වලින් අග්‍රප්‍රාප්ත විය.
පුනෙකදිවසං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “අහො සාමණෙරස්ස ලාභො, අහො පුඤ්ඤං, යෙන එකකෙන පඤ්චන්නං භික්ඛුසතානං පඤ්චකූටාගාරසතාදීනි කතානී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, මය්හං පුත්තස්ස නෙව පුඤ්ඤං අත්ථි, න පාපං, උභයමස්ස පහීන”න්ති වත්වා බ්රාහ්මණවග්ගෙ ඉමං ගාථමාහ –
නැවත දිනක රැස්වූ භික්ෂූහු, අහෝ මේ සාමණේරයන්ගේ ලාභයක මහත හෝ පිනක අසිරිමත්බව. එක එක භික්ෂුවකට එක එක බැගින් පන්සීයක් භික්ෂූන්ට පන්සීයක් කූටාගාර කෙළේයයි කථාවක් ඇති කළහ. බුදුරජාණන්වහන්සේ එහි පැමිණ, මහණෙනි, කවර නම් කතාවකින් යුක්තව හුන්නාහුදැයි අසා, මෙනම් කථාවකිනුයි දැන්වූ කල, මහණෙනි, මගේ පුතාට පිනක් පවක් නැත. ඒ දෙකම ඔහු විසින් ප්‍රහීණ කර ඇතැයි වදාරා මේ ගාථාව ද වදාළහ.
“යොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච, උභො සඞ්ගමුපච්චගා; අසොකං විරජං සුද්ධං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 412);
යමෙක් පින් පව් යන දෙකමදුරු කොට ඇත්නම් කෙලෙස් සෝක නැති පිරිසිදු ඔහු බමුණෙකියි පවසමි
ඛදිරවනියරෙවතත්ථෙරවත්ථු නවමං.
නවවන ඛදිරවනිය රේවතතෙරුන්ගේ වස්තුවයි.