යෙදුමෙන් කියවන්න

8. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

8. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

8. සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුව

අස‍්සද‍්ධොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

අස්සද්ධො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන් උදෙසා දේශනා කරනලදහ.

එකස‍්මිඤ‍්හි සමයෙ තිංසමත‍්තා ආරඤ‍්ඤකා භික‍්ඛූ සත්‍ථු සන‍්තිකං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තෙසං සහ පටිසම‍්භිදාහි අරහත‍්තස‍්සූපනිස‍්සයං දිස‍්වා සාරිපුත‍්තත්‍ථෙරං ආමන‍්තෙත්‍වා “සද‍්දහසි ත්‍වං, සාරිපුත‍්ත, සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරියොසාන”න‍්ති (සං· නි· 5.514) එවං පඤ‍්චින්‍ද්‍රියානි ආරබ‍්භ පඤ‍්හං පුච‍්ඡි.

දිනක් ආරණ්‍යක භික්‍ෂූන් තිස්නමක් පමණ බුදුන් සමීපයෙහි පැමිණ වැඳ එක්පසෙක වැඩහුන්හ. බුදුරජාණන්වහන්සේ ඒ භික්‍ෂූන්ට සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණමේ හේතුසම්පත් ඇතිබව දැන, සැරියුත්තෙරුන් අමතා, ශාරීපුත්‍රයෙනි, සද්ධින්ද්‍රිය භාවිතකිරීමෙන් එය නිරන්තරව ප්‍රගුණකිරීමෙන් නිවනට බැස ගැනීමට නිවනින් කෙළවරවීමට පුළුවන්බව ඔබ පිළිගන්නෙහිදැයි ඇසූහ. මෙසේ පංචේන්ද්‍රියයන් පිළිබඳවම ප්‍රශ්න කළසේක.

ථෙරො “න ඛ‍්වාහං, භන‍්තෙ, එත්‍ථ භගවතො සද‍්ධාය ගච‍්ඡාමි, සද‍්ධින්‍ද්‍රියං…පෙ… අමතපරියොසානං. යෙසඤ‍්හෙතං, භන‍්තෙ, අඤ‍්ඤාතං අස‍්ස අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය, තෙ තත්‍ථ පරෙසං සද‍්ධාය ගච‍්ඡෙය්‍යුං. සද‍්ධින්‍ද්‍රියං…පෙ… අමතපරියොසාන”න‍්ති (සං· නි· 5.514) එවං තං පඤ‍්හං බ්‍යාකාසි.

තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන්හ. ස්වාමීනි, මෙහිදී මම භාග්‍යවතුන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සද්ධින්ද්‍රියාදිය භාවිතයෙන් වැඩීම නිවන් අවසන් කොට ඇත්තේයයි නොගනිමි. ස්වාමීනි, යම් කෙනෙකුන්ට එය ප්‍රඥාවෙන් දැනගනු නොහැකි වෙයිද, නොදුටු විරූවක් හෝ නොදන්නා ලද්දක් ප්‍රත්‍යක්‍ෂ නොවූවක්, ස්පර්ශ නොකරන ලද්දක් වෙයිද, එවිට ඔවුහු අනුන්ගේ ශ්‍රද්ධාවකට ඇදී යන්නාහුයයි මේ ආකාරයෙන් ඒ ප්‍රශ්නය විසඳාලූහ.

තං සුත්‍වා භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “සාරිපුත‍්තත්‍ථෙරො මිච‍්ඡාගහණං නෙව විස‍්සජ‍්ජෙසි, අජ‍්ජාපි සම‍්මාසම‍්බුද‍්ධස‍්ස න සද‍්දහතියෙවා”ති. තං සුත්‍වා සත්‍ථා “කිං නාමෙතං, භික‍්ඛවෙ, වදෙථ. අහඤ‍්හි ‘පඤ‍්චින්‍ද්‍රියානි අභාවෙත්‍වා සමථවිපස‍්සනං අවඩ‍්ඪෙත්‍වා මග‍්ගඵලානි සච‍්ඡිකාතුං සමත්‍ථො නාම අත්‍ථීති සද‍්දහසි ත්‍වං සාරිපුත‍්තො’ති පුච‍්ඡිං. සො ‘එවං සච‍්ඡිකරොන‍්තො අත්‍ථි නාමාති න සද‍්දහාමි, භන‍්තෙ’ති කථෙසි. න දින‍්නස‍්ස වා කතස‍්ස වා ඵලං විපාකං න සද‍්දහති, නාපි බුද‍්ධාදීනං ගුණං න සද‍්දහති. එසො පන අත‍්තනා පටිවිද‍්ධෙසු ඣානවිපස‍්සනාමග‍්ගඵලධම‍්මෙසු පරෙසං සද‍්ධාය න ගච‍්ඡති. තස‍්මා අනුපවජ‍්ජො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඒ අසා සිටි භික්‍ෂූහු, සැරියුත් තෙරණුවෝ මිථ්‍යාවශයෙන් යම් යම් දේ ගැනීම විසඳුවේ නැත. අදත් සම්මාසම්බුදුන් නොඅදහතියි කථාවක් ඉපදවූහ. ඒ ඇසූ භාග්‍යවතුන්වහන්සේ, මේ කුමක් කියව්ද, තොප කියන්නේ, සැරියුත්තෙරණුවන්, තමන් ගැන සිතමින් තමන් පංචේන්ද්‍රිය නොවඩා, සමථ විපස්සනා නොවඩා මාර්ගඵල සාක්ෂාත් කිරීමට සමර්ථයන් ඇතැයි යන අදහස දරන්නකු සේදැයි වදාළහ. දෙනලද දෙයෙහි කරනලද කර්මයෙහි පලවිපාක නොඅදහන්නා බුද්ධාදීන්ගේ ගුණද නොඅදහයි. මේ තෙරණුවෝ වනාහි තමන් ප්‍රතිවේධ කළ දහම්හිද ධ්‍යාන විපස්සනා මාර්ගඵල ධර්මයන් කෙරෙහිද අනුන් කෙරෙහි ශ්‍රද්ධාවක්ද නොපිළිගනිති. එහෙයින් එහි වරදක් නැතැයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

“අස‍්සද‍්ධො අකතඤ‍්ඤූ ච, සන්‍ධිච‍්ඡෙදො ච යො නරො, හතාවකාසො වන‍්තාසො, ස වෙ උත‍්තමපොරිසො”ති.

අනුන් බස් නොඅදහන නිවන් දහමම පසක්කළ සසර බැමි සිඳ බිඳහළ සිව්මගින් කම් නැවතූ ඔහුම උතුම් පුරුෂයෙකු වේ

තස‍්සථො – අත‍්තනො පටිවිද‍්ධගුණං පරෙසං කථාය න සද‍්දහතීති අස‍්සද‍්ධො. අකතං නිබ‍්බානං ජානාතීති අකතඤ‍්ඤූ, සච‍්ඡිකතනිබ‍්බානොති අත්‍ථො. වට‍්ටසන්‍ධිං, සංසාරසන්‍ධිං ඡින්‍දිත්‍වා ඨිතොති සන්‍ධිච‍්ඡෙදො. කුසලාකුසලකම‍්මබීජස‍්ස ඛීණත‍්තා නිබ‍්බත‍්තනාවකාසො හතො අස‍්සාති හතාවකාසො. චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බකිච‍්චස‍්ස කතත‍්තා,සබ‍්බා ආසා ඉමිනා වන‍්තාති වන‍්තාසො. සො එවරූපො නරො. පටිවිද‍්ධලොකුත‍්තරධම‍්මතාය පුරිසෙසු උත‍්තමභාවං පත‍්තොති පුරිසුත‍්තමොති.

එහි තමන් ප්‍රතිවේධකළ ගුණ අනුන්ගේ කියමන් අනුව ලැබුණේයයි නොඅදහයි යන අරුතින් අස්සද්ධො නම් වේ. නොකළ නිවන දනී යන අරුතින් අකතඤ්ඤු නම් වේ. තමන් සාක්ෂාත් කළ නිවන් ඇත යන අරුත්ය. සසර පැවැත්ම නම් සන්ධිය නසා සිටියි යන අරුතින් සන්ධිච්ඡෙද නම් වේ. කුශලාකුශලකර්ම බීජ නැසූ හෙයින් ඉපදීමේ ඉඩ මොහු විසින් නසා දමන ලදි යන අරුතින් හතාවකාසො නමි. සිව්මගින් කළයුතු දේ කළ හෙයින්ද, ආශා සියල්ල වමාරා දැමූ හෙයින්ද වන්තාසො නමි. සො මෙබඳු පුද්ගලයා අවබෝධ කළ ලොව්තුරා දහම් ඇති බැවින් උතුම් බවට පත් පුරුෂෝත්තමයෙකි.

ගාථාවසානෙ තෙ ආරඤ‍්ඤකා තිංසමත‍්තා භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. සෙසජනස‍්සාපි සත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

ගාථාවසානයෙහි තිහක් පමණ වූ ආරණ්‍යක භික්‍ෂූහු පිළිසිඹියාපත් රහතන් බවට පත්වූහ. සෙසු ජනයාටද ධර්මදේශනාව සාර්ථක විය.

සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨමං.

අටවන සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුවයි.