7. කොසම්බිවාසීතිස්සත්ථෙරසාමණෙරවත්ථු අට්ඨකථා
7. කොසම්බිවාසීතිස්සත්ථෙරසාමණෙරවත්ථු
7. කොසඹෑවාසි තිස්ස තෙරුන් ගේ සාමණෙර වස්තුව
සන්තං තස්ස මනං හොතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො තිස්සත්ථෙරස්ස සාමණෙරං ආරබ්භ කථෙසි.
සන්තං තස්ස මනං හොති ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙර වාසයකරන කාලයෙහි තිස්සතෙරුන්ගේ සාමණේරයන්වහන්සේ උදෙසා දේශනා කරනලදි.
එකො කිර කොසම්බිවාසී කුලපුත්තො සත්ථු සාසනෙ පබ්බජිත්වා ලද්ධුපසම්පදො “කොසම්බිවාසීතිස්සත්ථෙරො”ති පඤ්ඤායි. තස්ස කොසම්බියං වුට්ඨවස්සස්ස උපට්ඨාකො තිචීවරඤ්චෙව සප්පිඵාණිතඤ්ච ආහරිත්වා පාදමූලෙ ඨපෙසි.
කොසඹෑනුවරවාසී එක් කුලපුත්‍රයෙක් ශාස්තෘශාසනයෙහි පැවිදිවී උපසම්පදාවද ලබා කොසඹෑවේ තිස්ස තෙරුන්යයි ප්රකටවූයේය. කොසඹෑවේ වස්වසා සිටි උන්වහන්සේට දායකවරයෙක් තුන්සිවුරුද ගිතෙල් පැණි ආදියද ගෙනවුත් උන්වහන්සේගේ පාමුල තැබීය.
අථ නං ථෙරො ආහ – “කිං ඉදං උපාසකා”ති. “නනු මයා, භන්තෙ, තුම්හෙ වස්සං වාසිතා, අම්හාකඤ්ච විහාරෙ වුට්ඨවස්සා ඉමං ලාභං ලභන්ති, ගණ්හථ, භන්තෙ”ති. “හොතු, උපාසක, න මය්හං ඉමිනා අත්ථො”ති. “කිං කාරණා, භන්තෙ”ති? “මම සන්තිකෙ කප්පියකාරකො සාමණෙරොපි නත්ථි, ආවුසො”ති. “සචෙ, භන්තෙ, කප්පියකාරකො නත්ථි, මම පුත්තො අය්යස්ස සන්තිකෙ සාමණෙරො භවිස්සතී”ති. ථෙරො අධිවාසෙසි. උපාසකො සත්තවස්සිකං අත්තනො පුත්තං ථෙරස්ස සන්තිකං නෙත්වා “ඉමං පබ්බාජෙථා”ති අදාසි. අථස්ස ථෙරො කෙසෙ තෙමෙත්වා තචපඤ්චකකම්මට්ඨානං දත්වා පබ්බාජෙසි. සො ඛුරග්ගෙයෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
ඉන්පසු තෙරණුවෝ ඔහු අමතා මෙසේ කීහ. උපාසකය, මේ කුමක්ද? ස්වාමීනි, මම ඔබවහන්සේ මෙහි වස්වස්වා ගත්තෙම් නේද? අපේ විහාරයෙහි වස්විසූ අයට මේ ලාභය ලැබෙයි. එනිසා මෙය භාරගනු මැනවි. උපාසකය එය එසේවුවත් මෙයින් මට ප්‍රයෝජනයක් නැත. ස්වාමීනි ඒ කුමක් නිසාද? උපාසකය, මා ළඟ සාමණේරයෙකු පවා නැත්තේය. උපාසක තෙම තමන්ගේ සත්හැවිරිදි පුතා තෙරුන් ළඟට කැඳවාගෙන ගොස් ස්වාමීනි, මොහු පැවිදි කළමැනවැයි භාරකළහ. ඉන්පසු තෙරණුවෝ ඒ ළදරුවාගේ කෙස් තෙමා කපා තචපංචක කර්මස්ථානය දී පැවිදිකළහ. ඒ දරුවා කෙස් කපද්දීම පිළිසිඹියා සහිත රහත්බවට පත්විය.
ථෙරො තං පබ්බාජෙත්වා අඩ්ඪමාසං තත්ථ වසිත්වා “සත්ථාරං පස්සිස්සාමී”ති සාමණෙරං භණ්ඩකං ගාහාපෙත්වා ගච්ඡන්තො අන්තරාමග්ගෙ එකං විහාරං පාවිසි. සාමණෙරො උපජ්ඣායස්ස සෙනාසනං ගහෙත්වා පටිජග්ගි. තස්ස තං පටිජග්ගන්තස්සෙව විකාලො ජාතො, තෙන අත්තනො සෙනාසනං පටිජග්ගිතුං නාසක්ඛි. අථ නං උපට්ඨානවෙලායං ආගන්ත්වා නිසින්නං ථෙරො පුච්ඡි – “සාමණෙර, අත්තනො වසනට්ඨානං පටිජග්ගිත”න්ති? “භන්තෙ, පටිජග්ගිතුං ඔකාසං නාලත්ථ”න්ති. “තෙන හි මම වසනට්ඨානෙයෙව වස, දුක්ඛං තෙ ආගන්තුකට්ඨානෙ බහි වසිතු”න්ති තං ගහෙත්වාව සෙනාසනං පාවිසි.
තෙරණුවෝ ඔහු පැවිදිකොට අඩමසක් එහි වැස බුදුන් දකින්නෙමියි සාමණේරයන් අතට බඩුභාණ්ඩාදිය දීයන අතරමග එක් විහාරයකට පැමිණියෝය. සාමණේර තෙම උපාධ්යායයන්වහන්සේට සෙනසුන් පනවා උවටැන් සැපයුවේය. ඔහු එසේ පිළිදැගුම් කරන අතර විකාලය පැමිණියේය. ඔහු විසින් තමන් සඳහා සෙනසුන් පිළියෙල කරගැනීමට නොහැකි විය. ඉන්පසු උපස්ථාන කරන වේලාවෙහි පැමිණි ඔහුගෙන් තෙරණුවෝ මෙසේ ඇසූහ. සාමණේරය තමන්ට වසන තැනක් පිළියෙල කර නොගත්තෙහිද? ස්වාමීනි, පිළියෙල කරගැනීමට කාලයක් නැතිවිය. එසේනම් මා වසන තැනම වසන්න. ආගන්තුක තැන්වල පිටත විසීම දුක් සහිතයයි කියමින්ම ඔහු රැගෙන සෙනසුන ඇතුළට ගියෝය.
ථෙරො පන පුථුජ්ජනො නිපන්නමත්තොව නිද්දං ඔක්කමි. සාමණෙරො චින්තෙසි – “අජ්ජ මෙ උපජ්ඣායෙන සද්ධිං තතියො දිවසො එකසෙනාසනෙ වසන්තස්ස, ‘සචෙ නිපජ්ජිත්වා නිද්දායිස්සාමි, ථෙරො සහසෙය්යං ආපජ්ජෙය්යා’ති නිසින්නකොව වීතිනාමෙස්සාමී”ති උපජ්ඣායස්ස මඤ්චකසමීපෙ පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නකොව රත්තිං වීතිනාමෙසි.
පෘථග්ජන තෙරණුවෝ ඇඳේ වැතිරුණු හැටියේම නින්දට වැටුණෝය. සාමණේරයන්වහන්සේ, මෙසේ සිතූහ. උපාධ්‍යායයන් වහන්සේ සමග එක් සෙනසුනක වසන තුන්වෙන දිනය අදයි. ඉදින් වැදහෙවී නිදාගත්තොත් තෙරුන්වහන්සේ සහසෙය්‍ය වරදට පැමිණෙති. එනිසා නොනිදාම රැය ගත කරන්නෙමියි උපාධ්‍යායයන්ගේ ඇඳ සමීපයෙහි කුඩා පුටුවක් තබා නොනිදාම රාත්‍රිය ගතකළහ.
ථෙරො පච්චූසකාලෙ පච්චුට්ඨාය “සාමණෙරං නික්ඛමාපෙතුං වට්ටතී”ති මඤ්චකපස්සෙ ඨපිතබීජනිං ගහෙත්වා බීජනිපත්තස්ස අග්ගෙන සාමණෙරස්ස කටසාරකං පහරිත්වා බීජනිං උද්ධං උක්ඛිපන්තො “සාමණෙර, බහි නික්ඛමා”ති ආහ, බීජනිපත්තදණ්ඩකො අක්ඛිම්හි පටිහඤ්ඤි, තාවදෙව අක්ඛි භිජ්ජි. සො “කිං, භන්තෙ”ති වත්වා උට්ඨාය “බහි නික්ඛමා”ති වුත්තෙ “අක්ඛි මෙ, භන්තෙ, භින්න”න්ති අවත්වා එකෙන හත්ථෙන පටිච්ඡාදෙත්වා නික්ඛමි. වත්තකරණකාලෙ ච පන “අක්ඛි මෙ භින්න”න්ති තුණ්හී අනිසීදිත්වා එකෙන හත්ථෙන අක්ඛිං ගහෙත්වා එකෙන හත්ථෙන මුට්ඨිසම්මුඤ්ජනිං ආදාය වච්චකුටිඤ්ච මුඛධොවනට්ඨානඤ්ච සම්මජ්ජිත්වා මුඛධොවනොදකඤ්ච ඨපෙත්වා පරිවෙණං සම්මජ්ජි. සො උපජ්ඣායස්ස දන්තකට්ඨං දදමානො එකෙනෙව හත්ථෙන අදාසි.
තෙරණුවෝ අලුයම් වේලෙහි නැගිට සාමණේරයන් පිටතට යැවිය යුතුයයි ඇඳේ පසෙකින් තිබුණු විජිනිපත ගෙන විජිනි පත්‍රයෙහි අගින් අල්ලා සාමණේරයන් සැතපෙන්නට දැමූ කළාලයට ගසා විජිනිපත උඩට ඔසවන ගමන් සාමණේරය පිටතට යන්නැයි කීහ. විජිනිපත්දණ්ඩ ඇසේ ඇනුණේය. එකෙණෙහිම ඇස සිදුරුවී ගියේය. හෙතෙම ස්වාමීනි ඇයිදැයි කියා, නැගිට පිටතට යන්නැයි කීවිට ස්වාමීනි මගේ ඇස සිදුරුවීයයි නොකියා එක් අතකින් ඇස වසාගෙන නික්මුණේය. වතාවත් කරන වේලාවේත් මගේ ඇස බිඳුණේයයි නොසිට එක් අතකින් ඇස වසාගෙන අනිත් අතින් මුස්න රැගෙන වැසිකිළියත් මූණසෝදන තැනත් ඇමද මුව සෝදන පැන් තබා මිදුල අතුගෑවේය. හෙතෙම උපාධ්යායයන්වහන්සේට දැහැටි පිළිගන්වන ගමන් එක් අතකින් දුන්නේය.
අථ නං උපජ්ඣායො ආහ – “අසික්ඛිතො වතායං සාමණෙරො, ආචරියුපජ්ඣායානං එකෙන හත්ථෙන දන්තකට්ඨං දාතුං න වට්ටතී”ති. ජානාමහං, භන්තෙ, “න එවං වට්ටතී”ති, එකො පන මෙ හත්ථො න තුච්ඡොති. “කිං සාමණෙරා”ති? සො ආදිතො පට්ඨාය තං පවත්තිං ආරොචෙසි. ථෙරො සුත්වාව සංවිග්ගමානසො “අහො වත මයා භාරියං කම්මං කත”න්ති වත්වා “ඛමාහි මෙ, සප්පුරිස, නාහමෙතං ජානාමි, අවස්සයො මෙ හොහී”ති අඤ්ජලිං පග්ගය්හ සත්තවස්සිකදාරකස්ස පාදමූලෙ උක්කුටිකං නිසීදි. අථ නං සාමණෙරො ආහ – “නාහං, භන්තෙ, එතදත්ථාය කථෙසිං, තුම්හාකං චිත්තං අනුරක්ඛන්තෙන මයා එවං වුත්තං නෙවෙත්ථ තුම්හාකං දොසො අත්ථි, න මය්හං. වට්ටස්සෙවෙසො දොසො, මා චින්තයිත්ථ, මයා තුම්හාකං විප්පටිසාරං රක්ඛන්තෙනෙව නාරොචිත”න්ති.
ඉන්පසු උපාධ්‍යායයන්වහන්සේ, මේ සාමණේරය, අශික්ෂිතයි. ආචාර්ය උපාධ්‍යයන්ට දැහැටි දෙන විට එක් අතකින් දීම අයෝග්‍යයයි දොස් නැගූහ. ස්වාමීනි, මෙය නුසුදුසු ක්‍රියාවක් බව මම දනිමි. එසේවුවත් මගේ එක් අතක් නිදහස් නැත. සාමණේරය, ඒ කුමක් නිසාද? හෙතෙම මුලපටන් ඒ පුවත දන්වා සිටියේය. තෙරණුවෝ එය අසා සිටිමින්ම, සංවේග උපදවා, අනේ මා අතින් සිදුවී ඇත්තේ බරපතල වරදකියි කියා සත්පුරුෂය මට ක්ෂමාකරන්න. මේ වරද මා අතින් වීයයි අවශ්‍යයෙන්ම දැන නොසිටියෙමියි ඇඳිලිබැඳගෙන සත්වයස් දරුවා ඉදිරියේ උක්කුටිකව හුන්නෝය. ඉන්පසු සාමණේර තෙම, ස්වාමීනි, මම මෙසේ කරවීමට සිතා මෙය නොකීවෙමි. ඔබවහන්සේගේ සිත රැකීම පිණිසම කීයෙමි. මෙහි ඔබවහන්සේගේ දෝෂයක් නැත. මෙය මගේ සසර පැවැත්මේ දෝෂයකි. විපිළිසරට පත් නොවුව මැනවි. ඔබවහන්සේ විපිළිසරට පත්නොකරනු සඳහාම නොදැන්වූයෙමියි කීය.
ථෙරො සාමණෙරෙන අස්සාසියමානොපි අනස්සාසිත්වා උප්පන්නසංවෙගො සාමණෙරස්ස භණ්ඩකං ගහෙත්වා සත්ථු සන්තිකං පායාසි. සත්ථාපිස්ස ආගමනං ඔලොකෙන්තොව නිසීදි. සො ගන්ත්වා සත්ථාරං වන්දිත්වා සත්ථාරා සද්ධිං පටිසම්මොදනං කත්වා “ඛමනීයං තෙ භික්ඛු, කිඤ්චි අතිරෙකං අඵාසුකං අත්ථී”ති පුච්ඡිතො ආහ – “ඛමනීයං, භන්තෙ, නත්ථි මෙ කිඤ්චි අතිරෙකං අඵාසුකං, අපිච ඛො පන මෙ අයං දහරසාමණෙරො විය අඤ්ඤො අතිරෙකගුණො න දිට්ඨපුබ්බො”ති.
තෙරණුවෝ සාමණේරයන් තමන් අස්වසද්දීත් සැනසීමක් නැතිව උපන් සංවේග ඇතිව සාමණේරයන් අත තිබූ භාණ්ඩද තමන් රැගෙන බුදුන් හමුවට ගියෝය. බුදුරජාණන්වහන්සේත් ඔහුගේ පැමණීම බලමින්ම සිටිසේක. උන්වහන්සේ ගොස් වැඳ බුදුන් සමග පිළිසඳර කතා කොට, මහණ ඔබ සුවසේද? කිසියම් අතිරේක අපහසුතාවක් ඇද්දැයි විචාළසේක. එසේ ඇසූ කල්හි උන්වහන්සේ, එසේය ස්වාමීනි, අප සුවසේය. මටකිසි අතිරේක අපහසුවක් නැත. එහෙත් මගේ මේ ළදරු සාමණේර නම වැනි අතිරේක ගුණ ඇත්තෙක් මා මින් පෙර දැක නැතැයි කීහ.
“කිං පන ඉමිනා කතං භික්ඛූ”ති. සො ආදිතො පට්ඨාය සබ්බං තං පවත්තිං භගවතො ආරොචෙන්තො ආහ – “එවං, භන්තෙ, මයා ඛමාපියමානො මං එවං වදෙසි ‘නෙවෙත්ථ තුම්හාකං දොසො අත්ථි, න මය්හං. වට්ටස්සෙවෙසො දොසො, තුම්හෙ මා චින්තයිත්ථා’ති, ඉති මං අස්සාසෙසියෙව, මයි නෙව කොපං, න දොසමකාසි, න මෙ, භන්තෙ, එවරූපො ගුණසම්පන්නො දිට්ඨපුබ්බො”ති. අථ නං සත්ථා “භික්ඛු ඛීණාසවා නාම න කස්සචි කුප්පන්ති, න දුස්සන්ති, සන්තින්ද්රියා සන්තමානසාව හොන්තී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මහණ, මේ සාමණේරතෙම විසින් කුමක් කරන ලදද? උන්වහන්සේ මුල පටන් සියලු පුවත් භාග්‍යවතුන්වහන්සේට දන්වා මෙසේ කීහ. එසේය, ස්වාමීනි, මා ක්ෂමාව ඉල්ලා සිටිවිට මෙතෙම මට මෙසේ කීවේය. මෙහි ඔබවහන්සේගේ වරදක් නැත. මගේ සසර පැවැත්මේ දෝෂයයි මෙහි ඇත්තේ. ඒ නිසා ඒ ගැන වැඩියක් නොසිතන්න. මෙසේ කියමින් මා සැනසීය. මා කෙරෙහි කෝපයක් ද්වේෂයක් පහළ කෙළේ නැත. ස්වාමීනි, මා නම් මීට පෙර මෙබඳු ගුණ සම්පන්න වෙනත් කිසිවෙක් දැක නැත. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ, මහණ, රහත්බවට පත්වූවෝ කිසිවෙකුට කිපෙන්නාහු නොවෙති. ද්වේෂ කරන්නාහුද නොවෙත්. ඔවුහු ශාන්තවූ ඉන්ද්රියයන් ඇති, ශාන්තවූ සිත් ඇත්තෝම වෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.
“සන්තං තස්ස මනං හොති, සන්තා වාචා ච කම්ම ච; සම්මදඤ්ඤා විමුත්තස්ස, උපසන්තස්ස තාදිනො”ති.
මැනවින් දැන විමුතුවූ තාදී ගුණෙන් පිරිපුන් ඔවුන් සිත සන්සුන්ය ක්‍රියා වචනද එලෙසය
තත්ථ සන්තං තස්සාති තස්ස ඛීණාසවසාමණෙරස්ස අභිජ්ඣාදීනං අභාවෙන මනං සන්තමෙව හොති උපසන්තං නිබ්බුතං. තථා මුසාවාදාදීනං අභාවෙන වාචා ච පාණාතිපාතාදීනං අභාවෙන කායකම්මඤ්ච සන්තමෙව හොති. සම්මදඤ්ඤා විමුත්තස්සාති නයෙන හෙතුනා ජානිත්වා පඤ්චහි විමුත්තීහි විමුත්තස්ස. උපසන්තස්සාති අබ්භන්තරෙ රාගාදීනං උපසමෙන උපසන්තස්ස. තාදිනොති තථාරූපස්ස ගුණසම්පන්නස්සාති.
එහි සන්තං යනු ඒ ක්ෂීණාශ්රව සාමණේරයන්වහන්සේගේ අභිධ්‍යාදිය අභාවයට ගොස් නිසා මනස සන්සුන් වේ. උපශාන්ත වේ. නිවුණේ වේ. එසේම මුසාවාදාදියක් නරති හෙයින් වචනයත්, ප්රාණඝාතාදියක් නැති හෙයින් කායික කර්මයනුත් සන්සුන්ය. සම්මදඤ්ඤා විමුත්තස්ස යනු න්‍යාය හේතූන් අනුව දැන පංචවිධ විමුක්ති මගින් මිදුණේය. උපසන්තස්ස යනු අභ්‍යන්තර රාගාදීන්ගේ ව්‍යපසමනයෙන් උපශාන්තවූ, තාදිනො යනු එබඳු ස්වරූප ඇති, නොසැලෙන පුද්ගලයෝයි.
දෙසනාවසානෙ කොසම්බිවාසීතිස්සත්ථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සෙසමහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනා කෙළවර කොසඹෑවැසි තිස්ස ස්ථවිරයන්වහන්සේ පිළිසිඹියා පත් රහත්බවට පැමිණියාහ. සෙසු මහාජනයාටද දේශනාව සාර්ථක විය.
කොසම්බිවාසීතිස්සත්ථෙරසාමණෙරවත්ථු සත්තමං.
සත්වන කොසඹෑවාසි තිස්ස තෙරුන් ගේ සාමණෙර වස්තුවයි.