යෙදුමෙන් කියවන්න

6. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

6. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

6. ශාරීපුත්‍රස්ථවිර වස්තුව

පථවිසමොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

පඨවීසමො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් විහාරයෙහි වාසය කරන කාලයේ සැරියුත් තෙරණුවන් අරභයා දේශනා කරන ලද්දකි.

එකස‍්මිඤ‍්හි සමයෙ ආයස‍්මා සාරිපුත‍්තො වුට‍්ඨවස‍්සො චාරිකං පක‍්කමිතුකාමො භගවන‍්තං ආපුච‍්ඡිත්‍වා වන්‍දිත්‍වා අත‍්තනො පරිවාරෙන සද‍්ධිං නික‍්ඛමි. අඤ‍්ඤෙපි බහූ භික‍්ඛූ ථෙරං අනුගච‍්ඡිංසු. ථෙරො ච නාමගොත‍්තවසෙන පඤ‍්ඤායමානෙ භික‍්ඛූ නාමගොත‍්තවසෙන කථෙත්‍වා නිවත‍්තාපෙසි. අඤ‍්ඤතරො නාමගොත‍්තවසෙන අපාකටො භික‍්ඛු චින‍්තෙසි – “අහො වත මම‍්පි නාමගොත‍්තවසෙන පග‍්ගණ‍්හන‍්තො කථෙත්‍වා නිවත‍්තාපෙය්‍යා”ති ථෙරො මහාභික‍්ඛුසඞ‍්ඝස‍්ස අන‍්තරෙ තං න සල‍්ලක‍්ඛෙසි. සො “අඤ‍්ඤෙ විය භික‍්ඛූ න මං පග‍්ගණ‍්හාතී”ති ථෙරෙ ආඝාතං බන්‍ධි. ථෙරස‍්සපි සඞ‍්ඝාටිකණ‍්ණො තස‍්ස භික‍්ඛුනො සරීරං ඵුසි, තෙනාපි ආඝාතං බන්‍ධියෙව. සො “දානි ථෙරො විහාරූපචාරං අතික‍්කන‍්තො භවිස‍්සතී”ති ඤත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “ආයස‍්මා මං, භන‍්තෙ, සාරිපුත‍්තො තුම‍්හාකං අග‍්ගසාවකොම‍්හීති කණ‍්ණසක‍්ඛලිං භින්‍දන‍්තො විය පහරිත්‍වා අඛමාපෙත්‍වාව චාරිකං පක‍්කන‍්තො”ති ආහ. සත්‍ථා ථෙරං පක‍්කොසාපෙසි.

එක් සමයක ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ වස් කෙළවර චාරිකාවේ හැසිරෙනු කැමතිව භාග්‍යවතුන්වහන්සේගෙන් අසා වැඳ තම පිරිවර භික්‍ෂූන් සමඟ නික්මුණාහුය. තෙරණුවෝ නම්ගොත් වශයෙන් ප්‍රකට භික්‍ෂූන්ට, ඒ නම්ගොත්වලින්ම කථා කොට නැවැත්වූහ. නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධියක් නැති එක් භික්ෂුවක්, අනේ මටත් නම්ගොත් වශයෙන් ගෙන කථා කොට නවත්වන්නේ නම් යෙහෙකියි සිතීය. මහා සංඝයා මැද සිටි හෙයින් සැරියුත් හිමියෝ ඒ භික්‍ෂුව ගැන සැලකිල්ලක් නොදැක්වූහ. ඒ භික්‍ෂුව, අනිත් භික්‍ෂූන්ට මෙන් මා ගැන සැලකිල්ලක් නොදැක්වීයයි තෙරුන් කෙරෙහි වෛර බැන්දේය. මේ අතර තෙරුන්ගේ සංඝාටි (සඟල සිවුර) කෙළවර ඒ භික්ෂුවගේ ඇඟේ වැදුණේය. එයිනුත් වෛරයම හටගත්තේය. හෙතෙම, දැන් තෙරුන් විහාරය ළඟ කොටස ඉක්ම වන්නට ඇතැයි දැන බුදුන් ළඟට ගොස්, ස්වාමීනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඔබවහන්සේගේ අග්‍රශ්‍රාවකයෙමියි මගේ කන්සිදුර බිඳී යන තරම් පහරක් ගසා, මා ක්ෂමා කර නොගෙනම චාරිකාවේ ගියහයි දන්වා සිටියේය. ශාස්තෘන්වහන්සේ තෙරුන් කැඳවූහ.

තස‍්මිං ඛණෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ච ආනන්‍දත්‍ථෙරො ච චින‍්තෙසුං – “අම‍්හාකං අග‍්ගජෙට‍්ඨභාතරා ඉමස‍්ස භික‍්ඛුනො අපහටභාවං සත්‍ථා නො න ජානාති, සීහනාදං පන නදාපෙතුකාමො භවිස‍්සතීති පරිසං සන‍්නිපාතාපෙස‍්සාමා”ති. තෙ කුඤ‍්චිකහත්‍ථා පරිවෙණද‍්වාරානි විවරිත්‍වා “අභික‍්කමථායස‍්මන‍්තො, අභික‍්කමථායස‍්මන‍්තො, ඉදානායස‍්මා සාරිපුත‍්තො භගවතො සම‍්මුඛා සීහනාදං නදිස‍්සතී”ති (අ· නි· 9.11) මහාභික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙසුං.

එකෙණෙහි මහමුගලන්තෙරණුවෝත් ආනන්දතෙරණුවෝත් මෙසේ සිතූහ. අපේ දෙටු සොහොයුරා මේ භික්‍ෂුවට ගැසූ නොගැසූ බව ශාස්තෘන්වහන්සේ නොදනිත්ද? සැරියුත්හිමියන් ලවා සිංහනාදයක් කරවනු කැමැත්තක් ඇති වියහැකියයි සලකා පිරිස රැස් කරවන්නෙමුයයි උන්වහන්සේලා යතුරුමුදුත් රැගෙන පිරිවෙන් දොරටුවල ඇවිදිමින්, ඇවැත්නි රැස්වව්, ඇවැත්නි රැස්වව්, දැන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ බුදුන් හමුවෙහි සිංහනාද කරන්නාහුයයි ප්‍රකාශ කළහ. මහත් භික්‍ෂුසමූහයක් රැස්වූහ.

ථෙරොපි ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදි. අථ නං සත්‍ථා තමත්‍ථං පුච‍්ඡි. ථෙරො “නායං භික‍්ඛු මයා පහටො”ති අවත්‍වාව අත‍්තනො ගුණකථං කථෙන‍්තො “යස‍්ස නූන, භන‍්තෙ, කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍යා”ති වත්‍වා “සෙය්‍යථාපි, භන‍්තෙ, පථවියං සුචිම‍්පි නික‍්ඛිපන‍්ති, අසුචිම‍්පි නික‍්ඛිපන‍්තී”තිආදිනා නයෙන අත‍්තනො පථවීසමචිත‍්තතඤ‍්ච ආපොතෙජොවායො රජොහරණචණ‍්ඩාලකුමාරකඋසභඡින‍්නවිසාණසමචිත‍්තතඤ‍්ච අහිකුණපාදීහි විය අත‍්තනො කායෙන අට‍්ටියනඤ‍්ච මෙදකථාලිකා විය අත‍්තනො කායපරිහරණඤ‍්ච පකාසෙසි. ඉමාහි ච පන නවහි උපමාහි ථෙරෙ අත‍්තනො ගුණෙ කථෙන‍්තෙ නවසුපි ඨානෙසු උදකපරියන‍්තං කත්‍වා මහාපථවී කම‍්පි. රජොහරණචණ‍්ඩාලකුමාරකමෙදකථාලිකො පමානං පන ආහරණකාලෙ පුථුජ‍්ජනා භික‍්ඛූ අස‍්සූනි සන්‍ධාරෙතුං නාසක‍්ඛිංසු, ඛීණාසවානං ධම‍්මසංවෙගො උදපාදි.

සැරියුත්තෙරණුවෝත් පැමිණ බුදුන් වැඳ හිඳගත්හ. ඉන්පසු බුදුරජාණන්වහන්සේ එකරුණ විචාළහ. තෙරණුවෝ මේ භික්‍ෂුවට මම නොගැසුවෙමියි නොකියාම තමන්ගේ ගුණකථාව කියමින්, ස්වාමීනි, යම් කෙනෙක් කායගතාසති භාවනාව පුරුදු නොකොට නැත්නම් ඔහු මෙහි වෙනත් සබ්‍රම්සරුන්වහන්සේ නමකට ගසා සමාකරවා නොගෙන චාරිකාවේ හැසිරෙන්නෙහිදැයි කියා; ස්වාමීනි, යම්සේ පොළොවෙහි පිරිසිදු දේත් දමති. අශුචිත් දමති ආදි වශයෙන් තමන්ගේ සිත හොඳනරක ඉවසීමේ ශක්තිය ඇතිබව ප්‍රකට කරමින් ජලය, ගින්න, වායුව, රජෝහරණ, චණ්ඩාලකුමාර, අං ගැලවී ගිය හරකෙකු ආදියට සමාන කරමින් සර්පකුණපයක් මෙන් තම සිරුර පිළිකුල් කටයුතු බව දන්නා බවද, තම සිරුර අශුචි පිරුණ කළයක් වැනියයි දන්නා බවද යන මේ උපමා නවයෙන් තමන් ගුණ කථාව ප්‍රකටකරන විට නවවාරයක් මුහුද හිම් කොට ඇති මහපොළොව කම්පා විය. රජෝහරණ, චණ්ඩාල කුමාර, අශුචි පිරුණ කළගෙඩි උපමා ගෙනහැර පානා විට පෘථග්ජන භික්ෂූහු කඳුළු නොවගුරුවා සිටීමට අසමත් වූහ. රහතන්වහන්සේලාට ධර්මසංවේගය ඇතිවිය.

ථෙරෙ අත‍්තනො ගුණං කථෙන‍්තෙයෙව අබ‍්භාචික‍්ඛනකස‍්ස භික‍්ඛුනො සකලසරීරෙ ඩාහො උප‍්පජ‍්ජි, සො තාවදෙව භගවතො පාදෙසු පතිත්‍වා අත‍්තනො අබ‍්භාචික‍්ඛනදොසං පකාසෙත්‍වා අච‍්චයං දෙසෙසි. සත්‍ථා ථෙරං ආමන‍්තෙත්‍වා, “සාරිපුත‍්ත, ඛම ඉමස‍්ස මොඝපුරිසස‍්ස, යාවස‍්ස සත‍්තධා මුද‍්ධා න ඵලතී”ති ආහ.

තෙරුන් තමාගේ ගුණ ප්‍රකාශකරන විට දොස් පැවරූ භික්‍ෂුවගේ මුළු ශරීරය පුරා දැවිල්ලක් උපන්නේය. හෙතෙම එවිටම බුදුරදුන්ගේ පාමුල වැඳ වැටී තමන් බොරුකීමේ දෝෂය ප්‍රකාශකොට සමාව අයැදීය. බුදුරජාණන්වහන්සේ සැරියුත්තෙරණුවන් අමතා, ශාරීපුත්‍රය, මේ හිස් මිනිසාගේ දෝෂයට සමාව දෙන්න. නැතහොත් මොහුගේ හිස සත්කඩකට පැලීයන්නේයයි වදාළහ.

ථෙරො උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ “ඛමාමහං, භන‍්තෙ, තස‍්ස ආයස‍්මතො, ඛමතු ච මෙ සො ආයස‍්මා, සචෙ මය‍්හං දොසො අත්‍ථී”ති ආහ. භික‍්ඛූ කථයිංසු “පස‍්සථ දානාවුසො, ථෙරස‍්ස අනොපමගුණං, එවරූපස‍්ස නාම මුසාවාදෙන අබ‍්භාචික‍්ඛනකස‍්ස භික‍්ඛුනො උපරි අප‍්පමත‍්තකම‍්පි කොපං වා දොසං වා අකත්‍වා සයමෙව උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඛමාපෙතී”ති.

සැරියුත්තෙරණුවෝ උක්කුටුකයෙන් හිඳ දොහොත් මුදුනේ තබා ස්වාමීනි, මම ඒ ආයුෂ්මතුන්ට සමාව දෙමි. ඒ ආයුෂ්මතුන්ද මගේ දෝෂයක් ඇත්නම් සමා දෙනු මැනවියයි කීහ. භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත්නි බලව්. සැරියුත්තෙරණුවන්ගේ ගුණ අසීමිතය. මෙබඳු කෙනෙකුන්ට මුසාවාදයෙන් චෝදනා කරන භික්‍ෂුව කෙරෙහි අල්පමාත්‍ර වූ හෝ කෝපයක් හෝ ද්වේෂයක් නොකොට තමන්ම ඇත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ක්ෂමාව දෙයි යනුවෙනි.

“සත්‍ථා තං කථං සුත්‍වා, භික‍්ඛවෙ, කිං කථෙථා”ති පුච‍්ඡිත්‍වා “ඉදං නාම, භන‍්තෙ”ති වුත‍්තෙ, “න භික‍්ඛවෙ, සක‍්කා සාරිපුත‍්තසදිසානං කොපං වා දොසං වා උප‍්පාදෙතුං, මහාපථවීසදිසං, භික‍්ඛවෙ, ඉන්‍දඛීලසදිසං පසන‍්නඋදකරහදසදිසඤ‍්ච සාරිපුත‍්තස‍්ස චිත‍්ත”න‍්ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

බුදුරජාණන්වහන්සේ ඒ කථාව අසා මහණෙනි, කුමක් කියව්දැයි විචාරා ස්වාමීනි, මෙනම් කථාවක්යයි කීකල්හි මහණෙනි, ශාරිපුත්‍ර වැනි අය තුළ කෝප ද්වේෂ ඉපදවීම කළ නොහැක්කකි. මහණෙනි, ශාරිපුත්‍රයන්ගේ හිත මහපොළොව සමානය. ඉන්‍ද්‍රඛීලයක් මෙන්ය. පැහැදිලි ජලය පිරි දියපොකුණක් වැනියයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

“පථවිසමො නො විරුජ‍්ඣති, ඉන්‍දඛිලුපමො තාදි සුබ‍්බතො; රහදොව අපෙතකද‍්දමො, සංසාරා න භවන‍්ති තාදිනො”ති.

නොසැලෙන පොළොව ඉඳුකිළ වැනි වතින් සපිරි අය කිසිවිට සතුරු නොවේ මඩ නැති විල් මෙන් තිරගතියෙන් පිරි රහතන්ට සසර සැරුම්ද නොවේ

තස‍්සත්‍ථො – භික‍්ඛවෙ, යථා නාම පථවියං සුචීනි ගන්‍ධමාලාදීනිපි නික‍්ඛිපන‍්ති, අසුචීනි මුත‍්තකරීසාදීනිපි නික‍්ඛිපන‍්ති, යථා නාම නගරද‍්වාරෙ නිඛාතං ඉන්‍දඛීලං දාරකාදයො ඔමුත‍්තෙන‍්තිපි ඌහදන‍්තිපි, අපරෙ පන තං ගන්‍ධමාලාදීහි සක‍්කරොන‍්ති. තත්‍ථ පථවියා ඉන්‍දඛීලස‍්ස ච නෙව අනුරොධො උප‍්පජ‍්ජති, න විරොධො; එවමෙව ය‍්වායං ඛීණාසවො භික‍්ඛු අට‍්ඨහි ලොකධම‍්මෙහි අකම‍්පියභාවෙන තාදි, වතානං සුන්‍දරතාය සුබ‍්බතො. සො “ඉමෙ මං චතූහි පච‍්චයෙහි සක‍්කරොන‍්ති, ඉමෙ පන න සක‍්කරොන‍්තී”ති සක‍්කාරඤ‍්ච අසක‍්කාරඤ‍්ච කරොන‍්තෙසු නෙව අනුරුජ‍්ඣති, නො විරුජ‍්ඣති, අථ ඛො පථවිසමො ච ඉන්‍දඛිලුපමො එව ච හොති. යථා ච අපගතකද‍්දමො රහදො පසන‍්නොදකො හොති, එවං අපගතකිලෙසතාය රාගකද‍්දමාදීහි අකද‍්දමො විප‍්පසන‍්නොව හොති. තාදිනොති තස‍්ස පන එවරූපස‍්ස සුගතිදුග‍්ගතීසු සංසරණවසෙන සංසාරා නාම න හොන‍්තීති.

මහණෙනි, එහි අර්ථය නම් පොළොවෙහි පිරිසිදු සුවඳමල් ආදියද දමත්. අපිරිසිදු මළමුත්‍රාදියද දමත්. එසේම නුවර දොරටුවේ හොඳින් කැණ සිටවූ ඉන්ද්‍රඛීලය ගම්දරු ආදීහු ගළවා උදුරා දමන්ට යත්න දරති. අනිත් අය ඊට සුවඳමලින් සත්කාර කෙරෙති. එහිදී පොළොවේත් ඉන්ද්‍රඛීලයේත් විරුද්ධත්වයක්, අනුරෝධයක් නූපදී. එපරිද්දෙන් මේ රහත් භික්ෂූහු අටවැදෑරුම් ලෝ දහම්හි කම්පා නොවන හෙයින් තාදී නම් වෙති. වතින් පිරිපුන් බැවින් සුබ්බතො සුව්‍රතයහ. හෙතෙම, මොවුහු මට සිව්පසයෙන් සත්කාර කෙරෙති. මේ අය මට නොසලකත්යයි සත්කාරත් අසත්කාරත් කරන්නන් කෙරෙහි නොකිපෙත්. නොවිරුජ්ඣති විරුද්ධකම් නොපාති. එනිසා පොළොව හා ඉන්ද්‍රඛීල වැනිම වෙත්. යම්සේ අපගතකද්දමො පහවගිය මඩ ඇති විල් පැහැදුණු ජලයෙන් පිරුණේ වෙයිද, එසේ පහවගිය කෙලෙස් ඇති හෙයින් රාගාදිකද්දම (මඩ)වලින් අකද්දම (නොකිලිටි)ව පැහැදිලිවූයේම වෙයි. තාදිනො යනු එබඳු පුද්ගලයාට සුගති දුර්ගති සැරිසැරීම් වශයෙන් සංසාරා සංසරණයක් නම් නොවෙයි.

දෙසනාවසානෙ නව භික‍්ඛුසහස‍්සානි සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසූති.

දේශනාවසානයෙහි භික්‍ෂූන් නවදහසක් පිළිසිඹියා සමග රහත්බවට පත්වූහ.

සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු ඡට‍්ඨං.

සවන ශාරීපුත්‍රස්ථවිර වස්තුවයි.