5. මහාකච්චායනත්ථෙරවත්ථු අට්ඨකථා
5. මහාකච්චායනත්ථෙරවත්ථු
5. මහාකාත්යායනස්ථවිර වස්තුව
යස්සින්ද්රියානීති ඉමං ධම්මදෙසනං සත්ථා පුබ්බාරාමෙ විහරන්තො මහාකච්චායනත්ථෙරං ආරබ්භ කථෙසි.
යස්සින්ද්රියානි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් පූර්වාරාමයෙහි වැඩහිඳින කාලයෙහි මහාකාත්යායනතෙරුන් අරභයා දේශනා කරන ලද්දකි.
එකස්මිඤ්හි සමයෙ භගවා මහාපවාරණාය මිගාරමාතුයා පාසාදස්ස හෙට්ඨා මහාසාවකපරිවුතො නිසීදි. තස්මිං සමයෙ මහාකච්චායනත්ථෙරො අවන්තීසු විහරති. සො පනායස්මා දූරතොපි ආගන්ත්වා ධම්මස්සවනං පග්ගණ්හාතියෙව. තස්මා මහාථෙරා නිසීදන්තා මහාකච්චායනත්ථෙරස්ස ආසනං ඨපෙත්වා නිසීදිංසු.
එක් කාලයක භාග්‍යවතුන්වහන්සේ මහාපවාරණ දිනයක මිගාරමාතා ප්‍රාසාදයේ යටිමහලෙහි මහසව්වන් පිරිවරා වැඩසිටිසේක. එසමයෙහි මහාකාත්‍යායන ස්ථවිරයන්වහන්සේ අවන්ති දේශයෙහි වාසයකරති. ඒ තෙරණුවෝ දුරසිටියත් අවුත් බණ අසති. ඒ නිසා සෙසු මහතෙරවරු හිඳගන්නා විට ම හාකාත්යායන් තෙරණුවන්ට අසුනක් වෙන්කොට තබා හිඳගනිත්.
සක්කො දෙවරාජා ද්වීහි දෙවලොකෙහි දෙවපරිසාය සද්ධිං ආගන්ත්වා දිබ්බගන්ධමාලාදීහි සත්ථාරං පූජෙත්වා ඨිතො මහාකච්චායනත්ථෙරං අදිස්වා කිං නු ඛො මම, අය්යො, න දිස්සති, සාධු ඛො පනස්ස සචෙ ආගච්ඡෙය්යාති. ථෙරොපි තං ඛණඤ්ඤෙව ආගන්ත්වා අත්තනො ආසනෙ නිසින්නමෙව අත්තානං දස්සෙසි. සක්කො ථෙරං දිස්වා ගොප්ඵකෙසු දළ්හං ගහෙත්වා “සාධු වත මෙ, අය්යො, ආගතො, අහං අය්යස්ස ආගමනමෙව පච්චාසීසාමී”ති වත්වා උභොහි හත්ථෙහි පාදෙ සම්බාහිත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි.
මෙදින සක්දෙව්රජ දෙදෙව්ලොවෙහි දෙව්පිරිස සමග අවුත් සුවඳමලින් බුදුන් පුදා, මහාකාත්‍යායන තෙරුන් නොදැක, මාගේ ආර්යයන්වහ්නසේ පෙනේනට නැත්තේ ඇයි? දැන් මෙහි වැඩියොත්නම් ඉතා මැනවයි සිතීය. තෙරණුවෝත් එවිටම අවුත් තමන්ගේ අසුනෙහි සිටින හැටියෙන්ම පෙන්වූහ. ශක්‍රයා තෙරුන් දැක පාගොප්ඇට ළඟින් දැඩිව අල්වාගෙන ස්වාමීන්වහන්ස, මාගේ ආර්යවූ ඔබවහන්සේගේ වැඩමවීම ඉතා මැනවි. මම ඔබවහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමියි කියා සුවඳමලින් පුදා එක්පසෙක සිටියේය.
භික්ඛූ උජ්ඣායිංසු. “සක්කො මුඛං ඔලොකෙත්වා සක්කාරං කරොති, අවසෙසමහාසාවකානං එවරූපං සක්කාරං අකරිත්වා මහාකච්චායනං දිස්වා වෙගෙන ගොප්ඵකෙසු ගහෙත්වා ‘සාධු වත මෙ, අය්යො, ආගතො, අහං අය්යස්ස ආගමනමෙව පච්චාසීසාමී’ති වත්වා උභොහි හත්ථෙහි පාදෙ සම්බාහිත්වා පූජෙත්වා වන්දිත්වා එකමන්තං ඨිතො”ති. සත්ථා තෙසං තං කථං සුත්වා, “භික්ඛවෙ, මම පුත්තෙන මහාකච්චායනෙන සදිසා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භික්ඛූ දෙවානම්පි මනුස්සානම්පි පියායෙවා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
භික්ෂූහු, මේ ශක්‍රයා මූණ බලා සත්කාර කරන්නෙකි. සෙසු මහාශ්රාවකයන්ට මෙබඳු සැලකිල්ලක් නොකොට මහාකාත්යායනහිමියන් දැක දුවගොස් ගොප්මස ළඟින් අල්වාගෙන, මගේ ආර්යයන්වහන්සේගේ පැමිණීම ඉතා යෙහෙක. මම ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමි ආදිය කියකියා දෑතින් මා මඩිමින් පුදා වැඳ එකත්පසෙක සිටියේයයි කියමින් දොස් නැගූහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා, මහණෙනි, මා පුත් මහාකාත්‍යායන සමාන ඉන්ද්රියසංවරයෙන් යුක්ත භික්ෂූහු දෙවියන්ටත් මිනිසුන්ටත් ප්රියයෝම වෙතියි වදාරා පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“යස්සින්ද්රියානි සමථඞ්ගතානි, අස්සා යථා සාරථිනා සුදන්තා; පහීනමානස්ස අනාසවස්ස, දෙවාපි තස්ස පිහයන්ති තාදිනො”ති.
අසුන් දමනය කළ රියදුරෙකු මෙන් යමෙක් තම ඉඳුරන් දැමුවේ නම් මාන මද කෙලෙස් දැමූ ඔහු දෙවිමිනිසුන්ට ප්‍රිය වේ
තස්සත්ථො – යස්ස භික්ඛුනො ඡෙකෙන සාරථිනා සුදන්තා අස්සා විය ඡ ඉන්ද්රියානි සමථං දන්තභාවං නිබ්බිසෙවනභාවං ගතානි, තස්ස නවවිධං මානං පහාය ඨිතත්තා පහීනමානස්ස චතුන්නං ආසවානං අභාවෙන අනාසවස්ස. තාදිනොති තාදිභාවසණ්ඨිතස්ස තථාරූපස්ස දෙවාපි පිහයන්ති, මනුස්සාපි දස්සනඤ්ච ආගමනඤ්ච පත්ථෙන්තියෙවාති.
එහි අර්ථ නම් යස්ස ඉන්ද්රිය දමනයෙහි දක්ෂ භික්ෂුවකගේ සාරථිනා සුදන්තා අස්සා අසුන් දමනයෙහි දක්ෂ රියැදුරෙකු මෙන් ඡ ඉන්ද්රියානි සමථං ෂඩ්ඉන්ද්රියයන් දැමුණු තැවුණු බවට ගතානි පත්වීද තස්ස ඒ භික්ෂුවට නවවිධ මානයන් දුරුකර සිටින බැවින් පහීනමානස්ස, චතුර්විධ කාමාදි ආශ්‍රවයන් නොමැති හෙයින් අනාසවස්ස ආශ්‍රව රහිතවූ හෙයින් දෙවාපි පිහයන්ති දෙවියෝත් මනුෂ්‍යයෝත් එතුමාගේ දැකීමත් පැමිණිමත් ප්‍රාර්ථනා කෙරෙත්මයයි දේශනාකළසේක.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
මහාකච්චායනත්ථෙරවත්ථු පඤ්චමං.
පස්වන මහාකාත්යායනස්ථවිර වස්තුවයි.