4. අනුරුද්ධත්ථෙරවත්ථු අට්ඨකථා
4. අනුරුද්ධත්ථෙරවත්ථු
4. අනුරුද්ධතෙරුන්ගේ වස්තුව
යස්සාසවාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අනුරුද්ධත්ථෙරං ආරබ්භ කථෙසි.
යස්සාසවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසය කරනකල්හි අනුරුද්ධතෙරණුවන් අරභයා දේශනාකළසේක.
එකස්මිඤ්හි දිවසෙ ථෙරො ජිණ්ණචීවරො සඞ්කාරකූටාදීසු චීවරං පරියෙසති. තස්ස ඉතො තතියෙ අත්තභාවෙ පුරාණදුතියිකා තාවතිංසභවනෙ නිබ්බත්තිත්වා ජාලිනී නාම දෙවධීතා අහොසි. සා ථෙරං චොළකානි පරියෙසමානං දිස්වා ථෙරස්ස අත්ථාය තෙරසහත්ථායතානි චතුහත්ථවිත්ථතානි තීණි දිබ්බදුස්සානි ගහෙත්වා “සචාහං ඉමානි ඉමිනා නීහාරෙන දස්සාමි, ථෙරො න ගණ්හිස්සතී”ති චින්තෙත්වා තස්ස චොළකානි පරියෙසමානස්ස පුරතො එකස්මිං සඞ්කාරකූටෙ යථා නෙසං දසන්තමත්තමෙව පඤ්ඤායති, තථා ඨපෙසි. ථෙරො තෙන මග්ගෙන චොළකපරියෙසමානං චරන්තො නෙසං දසන්තං දිස්වා තත්ථෙව ගහෙත්වා ආකඩ්ඪමානො වුත්තප්පමාණානි දිබ්බදුස්සානි දිස්වා “උක්කට්ඨපංසුකූලං වත ඉද”න්ති ආදාය පක්කාමි.
එක් දිනක් තෙරණුවෝ දිරූ සිවුරු දරා කසළගොඩවල් ආදියෙහි සිවුරක් සොයති. මෙයින් තුන්වෙනි භවයෙහිදී උන්වහන්සේගේ පුරාණ භාර්‍ය්‍යාව තව්තිසා භවනයෙහි ඉපදී ජාලිනී දෙව්දුව නම් වූවාය. ඈ, තෙරුන් සිවුරු සොයන බව දැක දිගින් තෙළෙස්රියන්වූ පළලින් සතරරියන්වූ දිවසළු තුනක් රැගෙන ඉදින් මේ සළු මේ අයුරින්ම දුන්නොත් තෙරණුවෝ මේවා නොගනිත්යයි සිතා සිවුරු සොයන උන්වහන්සේගේ ඉදිරියෙන් එක් කසළගොඩක රෙදි කෙළවරවල් පමණක් පෙනෙන හැටියට දැමීය. තෙරණුවෝ ඒ මාර්ගයෙහි රෙදි සොයමින් යන අතර ඒ දාවලු දැක එය අල්වාගෙන අදිමින් යට කියනලද දිව්යසාටක දැක එය ඉවතලූ පාංශුකූල සංඥාවෙන් මෙය ගනිමියි රැගෙන වැඩියාහ.
අථස්ස චීවරකරණදිවසෙ සත්ථා පඤ්චසතභික්ඛුපරිවාරො විහාරං ගන්ත්වා නිසීදි, අසීතිමහාථෙරාපි තත්ථෙව නිසීදිංසු, චීවරං සිබ්බෙතුං මහාකස්සපත්ථෙරො මූලෙ නිසීදි, සාරිපුත්තත්ථෙරො මජ්ඣෙ, ආනන්දත්ථෙරො අග්ගෙ, භික්ඛුසඞ්ඝො සුත්තං වට්ටෙසි, සත්ථා සූචිපාසකෙ ආවුණි, මහාමොග්ගල්ලානත්ථෙරො යෙන යෙන අත්ථො, තං තං උපනෙන්තො විචරි.
උන්වහන්සේ සිවුරු කරන දිනයෙහි ශාස්තෘන්වහන්සේ පන්සීයක් භික්ෂූන් පිරිවරා විහාරයට වැඩමවා වැඩහුන්හ. අසූමහාශ්‍රාවක තෙරවරුද එහිම සිවුරු මැසීම සඳහා වැඩහුන්හ. මහකසුප්තෙරණුවෝ මුලින්ම වැඩසිටියහ. සැරියුත්හිමියෝ මැදය. ආනන්දහිමියෝ අගමය. භික්ෂූහු නූල් ඇඹරූහ. ශාස්තෘන්වහන්සේ ඉදිකටුවල නූල් අමුණා දුන්හ. මුගලන්තෙරණුවෝ ඒ ඒ තැනට අවශ්‍ය සේ සපයමින් ඇවිද්දාහ.
දෙවධීතාපි අන්තොගාමං පවිසිත්වා “භොන්තා අය්යස්ස නො අනුරුද්ධත්ථෙරස්ස චීවරං කරොන්තො සත්ථා අසීතිමහාසාවකපරිවුතො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං විහාරෙ නිසීදි, යාගුආදීනි ආදාය විහාරං ගච්ඡථා”ති භික්ඛං සමාදපෙසි.
දෙව්දුව ඇතුල් ගමට ගොස් ආර්ය අනුරුද්ධහිමියන්ට සිවුරුකරමින් ශාස්තෘන්වහන්සේ අසූමහා සව්වන් සහිත භික්ෂූන් පන්සීයනමක් සමග විහාරයෙහි සිටිති. කැඳබත් රැගෙන විහාරයට යව්යයි කියමින් භික්ෂා සඳහා සම්මාදන් කරවූවාය.
මහාමොග්ගල්ලානත්ථෙරොපි අන්තරාභත්තෙ මහාජම්බුපෙසිං ආහරි, පඤ්චසතා භික්ඛූ පරික්ඛීණං ඛාදිතුං නාසක්ඛිංසු. සක්කො චීවරකරණට්ඨානෙ භූමිපරිභණ්ඩමකාසි, භූමි අලත්තකරසරඤ්ජිතා විය අහොසි. භික්ඛූහි පරිභුත්තාවසෙසානං යාගුඛජ්ජකභත්තානං මහාරාසි අහොසි. භික්ඛූ උජ්ඣායිංසු “එත්තකානං භික්ඛූනං කිං එවංබහුකෙහි යාගුආදීහි, නනු නාම පමාණං සල්ලක්ඛෙත්වා එත්තකං නාම ආහරථා”ති ඤාතකා ච උපට්ඨාකා ච වත්තබ්බා සියුං, අනුරුද්ධත්ථෙරො අත්තනො ඤාතිඋපට්ඨාකානං බහුභාවං ඤාපෙතුකාමො මඤ්ඤෙ”ති, අථ නෙ සත්ථා “කිං, භික්ඛවෙ, කථෙථා”ති පුච්ඡිත්වා, “භන්තෙ, ඉදං නාමා”ති වුත්තෙ “කිං පන තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං අනුරුද්ධෙන ආහරාපිත’න්ති මඤ්ඤථා”ති? “ආම, භන්තෙ”ති. “න, භික්ඛවෙ, මම පුත්තො අනුරුද්ධො එවරූපං වදෙති. න හි ඛීණාසවා පච්චයපටිසංයුත්තං කථං කථෙන්ති, අයං පන පිණ්ඩපාතො දෙවතානුභාවෙන නිබ්බත්තො”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මහමුගලන්තෙරණුවෝ අතුරුපස වේලාවෙහි මහදඹයක් ගෙන ආහ. භික්ෂූන් පන්සීයට එය වළඳා අවසන් කළ නොහැකි විය. ශක්‍රයා සිවුරුකරන තැන බිම පිරිබඩ දුන්නේය. බිම ලා රස ගෑවාක් මෙන් රතුපාට විය. භික්ෂූන් වළඳා ඉතිරි කැඳ බත් ආදිය අතිවිශාල විය. භික්ෂූහු මෙතරම්වූ භික්ෂූන්ට මෙපමණ කැඳ ආදිය කුමක් සඳහා ගෙනාවේද, භික්ෂූන් මෙපමණයයි සලකාගෙන මෙපමණ ගෙනෙව්යයි නෑයන්ටත් දායකයන්ටත් කියා යවන්ට තිබුණා නොවේදැයි කියමින් දොස් කියන්ට වූහ. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන් අමතා, මහණෙනි, කුමක් කියව්දැයි අසා ස්වාමීනි මෙබඳු කථාවක් යයි දැන්වූ පසු, මහණෙනි මේ දානසම්භාරය අනුරුද්ධතෙරුන් විසින් ගෙන්වනලදැයි සිතන්නහුද? ස්වාමීනි, එසේය. මහණෙනි, මාගේ පුත්‍ර අනුරුද්ධ මෙබන්දක් කියන්නේ නැත. රහත්හු ප්‍රත්‍යය ප්‍රතිසංයුක්ත කථා නොකෙරෙත්. මේ පිණ්ඩපාතය දේවානුභාවයෙන් උපන්නේයයි අනුසන්ධි ගළපා ධර්මදේශනා කරමින් මේ ගාථාව වදාළහ:
“යස්සාසවා පරික්ඛීණා, ආහාරෙ ච අනිස්සිතො; සුඤ්ඤතො අනිමිත්තො ච, විමොක්ඛො යස්ස ගොචරො; ආකාසෙව සකුන්තානං, පදං තස්ස දුරන්නය”න්ති.
රැස් කෙරුම් ඉවත හළ අහරෙහි නොඇළුණා වූ අනිමිති පැතුම් ඇති නිවන් අරමුණු ඇති කළ රහතන් ගිය ගමන්මග අහස විහඟුන් ගිය සේ පියසටහන් නොදත හැක.
තත්ථ යස්සාසවාති යස්ස චත්තාරො ආසවා පරික්ඛීණා. ආහාරෙ ච අනිස්සිතොති ආහාරස්මිඤ්ච තණ්හාදිට්ඨිනිස්සයෙහි අනිස්සිතො. පදං තස්ස දුරන්නයන්ති යථා ආකාසෙ ගච්ඡන්තානං සකුණානං “ඉමස්මිං ඨානෙ පාදෙහි අක්කමිත්වා ගතා, ඉදං ඨානං උරෙන පහරිත්වා ගතා, ඉදං සීසෙන, ඉදං පක්ඛෙහී”ති න සක්කා ඤාතුං, එවමෙව එවරූපස්ස භික්ඛුනො “නිරයපදෙන වා ගතො, තිරච්ඡානයොනිපදෙන වා”තිආදිනා නයෙන පදං පඤ්ඤාපෙතුං නාම න සක්කොති.
එහි යස්සාසවා යනු යමකුගේ සිව්වැදෑරුම් ආශ්‍රව ක්ෂයවී ගියේද, ආහාරෙ ච අනිස්සිතො ආහාරයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ආශ්‍රයක් නැද්ද, පදන්තස්ස දුරන්නයං යම්සේ අහසේ පියාඹා යන පක්ෂීන්ගේ මෙතැන හිස ගසමින් ගියහ, මෙතැන පියාපත් වැදුණේයයි කියනොහැකිද? එපරිද්දෙන් මෙබඳු භික්ෂූන්ගේ නිරයට යෑමක් ගැන හෝ තිරිසන් භවයට ගියහයි හෝ ආදි වශයෙන් පාසටහන් නියම කිරීම නොකළහැකිය.
දෙසනාවසානෙ බහූ සොතාපත්ති ඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
අනුරුද්ධත්ථෙරවත්ථු චතුත්ථං.
සතරවන අනුරුද්ධතෙරුන්ගේ වස්තුවයි.