3. බෙලට්ඨසීසත්ථෙරවත්ථු අට්ඨකථා
3. බෙලට්ඨසීසත්ථෙරවත්ථු
3. බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.
යෙසං සන්නිචයො නත්ථීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ආයස්මන්තං බෙලට්ඨසීසං ආරබ්භ කථෙසි.
යෙසං සන්නිචයො නත්ථි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් අරභයා දේශනාකරන ලද්දකි.
සො කිරායස්මා අන්තොගාමෙ එකං වීථිං පිණ්ඩාය චරිත්වා භත්තකිච්චං කත්වා පුන අපරං වීථිං චරිත්වා සුක්ඛං කූරං ආදාය විහාරං හරිත්වා පටිසාමෙත්වා “නිබද්ධං පිණ්ඩපාතපරියෙසනං නාම දුක්ඛ”න්ති කතිපාහං ඣානසුඛෙන වීතිනාමෙත්වා ආහාරෙන අත්ථෙ සති තං පරිභුඤ්ජති. භික්ඛූ ඤත්වා උජ්ඣායිත්වා තමත්ථං භගවතො ආරොචෙසුං. සත්ථා එතස්මිං නිදානෙ ආයතිං සන්නිධිකාරපරිවජ්ජනත්ථාය භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙත්වාපි ථෙරෙන පන අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ අප්පිච්ඡතං නිස්සාය කතත්තා තස්ස දොසාභාවං පකාසෙන්තො අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඒ තෙරුන්වහන්සේ ඇතුල් ගමෙහි පිඬුසිඟා බත්කිස නිමවා නැවතත් වෙනත් වීථියකට පැමිණ වියළි ආහාර ලබා විහාරයට ගෙනගොස් සකස්කොට තබා, නිතර පිඬුසිඟා යෑම දුකකි සිතා කීප දිනක් ධ්‍යානසුඛයෙන් සිට ආහාර අවශ්‍ය වන විට ඒ ආහාර වළඳති. භික්ෂූහු මෙය දැක දොස් නගා ඒ පුවත භාග්‍යවතුන්වහන්සේට දැන්වූහ. ශාස්තෘන්වහන්සේ මේ කරුණු මුල්කොටගෙන ඉදිරියෙහි දී සන්නිධිකාර (භෝජන) වර්ජනය කරවනු පිණිස භික්ෂූන්ට ශික්ෂාපද පැනවූයේ නමුත්, තෙරුන් වහන්සේ ශික්ෂාපද පනවා නොතිබූ අවස්ථාව නිසාද අල්පේච්ඡබව නිසාද කළ හෙයින් උන්වහන්සේ නිදොස්බව ප්‍රකාශකරමින් අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“යෙසං සන්නිචයො නත්ථි, යෙ පරිඤ්ඤාතභොජනා; සුඤ්ඤතො අනිමිත්තො ච, විමොක්ඛො යෙසං ගොචරො; ආකාසෙව සකුන්තානං, ගති තෙසං දුරන්නයා”ති.
රැස් කෙරුම් ඉවත ලූ බෝජුනෙහි පමණ දන්නා අනිමිති පැතුම් නොම ඇති නිවන් අරමුණ පිහිටියාවූ රහතන් ගිය ගමන්මග විහඟුන් ගිය මඟක් සේ කිසිවිට දත නොහැකිවේ
තත්ථ සන්නිචයොති ද්වෙ සන්නිචයා – කම්මසන්නිචයො ච, පච්චයසන්නිචයො ච. තෙසු කුසලාකුසලකම්මං කම්මසන්නිචයො නාම, චත්තාරො පච්චයා පච්චයසන්නිචයො නාම. තත්ථ විහාරෙ වසන්තස්ස භික්ඛුනො එකං ගුළපිණ්ඩං, චතුභාගමත්තං සප්පිං, එකඤ්ච තණ්ඩුලනාළිං ඨපෙන්තස්ස පච්චයසන්නිචයො නත්ථි, තතො උත්තරි හොති. යෙසං අයං දුවිධොපි සන්නිචයො නත්ථි. පරිඤ්ඤාතභොජනාති තීහි පරිඤ්ඤාහි පරිඤ්ඤාතභොජනා. යාගුආදීනඤ්හි යාගුභාවාදිජානනං ඤාතපරිඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤාවසෙන පන භොජනස්ස පරිජානනං තීරණපරිඤ්ඤා, කබළීකාරාහාරෙ ඡන්දරාගඅපකඩ්ඪනඤාණං පහානපරිඤ්ඤා. ඉමාහි තීහි පරිඤ්ඤාහි යෙ පරිඤ්ඤාතභොජනා. සුඤ්ඤතො අනිමිත්තො චාති එත්ථ අප්පණිහිතවිමොක්ඛොපි ගහිතොයෙව. තීණිපි චෙතානි නිබ්බානස්සෙව නාමානි. නිබ්බානඤ්හි රාගදොසමොහානං අභාවෙන සුඤ්ඤතො, තෙහි ච විමුත්තන්ති සුඤ්ඤතො විමොක්ඛො, තථා රාගාදිනිමිත්තානං අභාවෙන අනිමිත්තං, තෙහි ච විමුත්තන්ති අනිමිත්තො විමොක්ඛො, රාගාදිපණිධීනං පන අභාවෙන අප්පණිහිතං, තෙහි ච විමුත්තන්ති අප්පණිහිතො විමොක්ඛොති වුච්චති. ඵලසමාපත්තිවසෙන තං ආරම්මණං කත්වා විහරන්තානං අයං තිවිධො විමොක්ඛො යෙසං ගොචරො. ගති තෙසං දුරන්නයාති යථා නාම ආකාසෙන ගතානං සකුණානං පදනික්ඛෙපස්ස අදස්සනෙන ගති දුරන්නයා න සක්කා ජානිතුං, එවමෙව යෙසං අයං දුවිධො සන්නිචයො නත්ථි, ඉමාහි ච තීහි පරිඤ්ඤාහි පරිඤ්ඤාතභොජනා, යෙසඤ්ච අයං වුත්තප්පකාරො විමොක්ඛො ගොචරො, තෙසං තයො භවා, චතස්සො යොනියො, පඤ්ච ගතියො, සත්ත විඤ්ඤාණට්ඨිතියො, නව සත්තාවාසාති ඉමෙසු පඤ්චසු කොට්ඨාසෙසු ඉමිනා නාම ගතාති ගමනස්ස අපඤ්ඤායනතො ගති දුරන්නයා න සක්කා පඤ්ඤාපෙතුන්ති.
එහි සන්නිචයො යනු රැස්කිරීමයි. රැස් කිරීම් දෙකකි. කම්මසන්නිචය ප්රත්යසන්නිචය වශයෙනි. එහි කුසලාකුසල කර්ම, කම්මසන්නිචය නමි. සිව්පසය රැස්කිරීම පච්චයසන්නිචයයි. එහිදී විහාරයට වසන භික්ෂුවට එක උක්හකුරු කෑල්ලක්, එයින් සතර භාගයක් පමණ ගිතෙල් හා එක් සහල් නැළියක් පරෙස්සමට තැබීමෙන් ප්රත්යයසන්නිචය වරද නොවේ. එයට වැඩිනම් වරද වෙයි. රහතන්ට මේ දෙයාකාර සන්නිචය නැත. පරිඤ්ඤාතභොජනා යනු ත්‍රිවිධ දැනුමෙන් යුතු භෝජන පරිහරණයයි. කැඳ ආදියේදී ඒවා කැඳබව දැනීම ඤාතපරිඤ්ඤාවයි. ආහාරයෙහි පිළිකුල්බව දනිමින් වැළඳීම තීරණපරිඤ්ඤාවයි. කැබලි ආහාර ගැනීමේදී ඡන්දරාගයෙන් තොරවූ ඥානයෙන් යුතුව ගැනීම පහාණපරිඤ්ඤාවයි. මේ තුන් ආකාර පරිඥාවෙන් යෙ යම්කෙනෙක් දැනගෙන ආහාර ගැනීමයි. සුඤ්ඤතො අනිමිත්තො ච යනු මෙහි අප්පණිහිත විමෝක්ෂයද ගන්නා ලදි. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන මේ ත්‍රිවිධ නාම නිවනටම කියන නම්ය. නිවන රාග දෝෂ මෝහයන්ගේ අභාවයෙන් ශූන්යභාවයට යන හෙයින් විමුක්තිය වේ. සුඤ්ඤතො විමොක්ඛො යනුද එයයි. එසේම රාගාදි නිමිති නොමැති හෙයින් අනිමිත්ත වෙයි. ඒ රාගාදියෙන් මිදුණේය යන අරුතින් අනිමිත්ත විමොක්ඛ නම්ද වේ. රාගාදියෙහි පිහිටීමක් නොවන හෙයින් අප්පනිහිත ව්. ඒවාගෙනුත් මිදුණු හෙයින් අප්පනිහිත විමොක්ඛයයි කියනු ලැබේ. ඵලසමාපත්ති අරමුණු වශයෙන් ගෙන වාසය කරන්නාට ත්‍රිවිධ විමොක්ෂයම ලැබෙයි. එය ඒ අයගේ ගෝචරය නිසයි. ගති තෙසං දුරන්නයා යනු යම්සේ අහසේ පියාඹා ගිය පක්ෂීන්ගේ පියවර තැබීමේ සලකුණු දක්නට නොලැබෙන නිසා ඔවුන් ගිය මග දැනගත නොහැකිද, ඒ අයුරින් යම් අයට මේ දෙයාකාර සන්නිචය නැත්තේද, මේ ත්‍රිවිධ පරිඥාවලින් යුතුව බොජුන් ගැනීමක් යෙදී මෙකී අයුරු විමෝක්ෂ ගෝචර වෙයිද, ඒ අය භව තුනද, සිව්වැදෑරුම් යෝනි (උපත්ද) ද පංචවිධ ගතිනිමිතිද සප්තවධ විඥානස්ථිතිද නව සත්තාවාසද යන මේ කොටස් පහෙන්, මේ මාර්ගයෙන් ගියාහුදැයි ගමන්මග නොපෙනෙන හෙයින් ඒ අයගේ ගමන්මග දත නොහැකිය. පැනවීමටද නොහැකිය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
බෙලට්ඨසීසත්ථෙරවත්ථු තතියං.
තුන්වන බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.