යෙදුමෙන් කියවන්න

2. මහාකස‍්සපත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

2. මහාකස‍්සපත්‍ථෙරවත්‍ථු

2. මහාකාශ්‍යප ස්ථවිර වස්තුව

උය්‍යුඤ‍්ජන‍්තීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො මහාකස‍්සපත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

උය්‍යුංජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ මහාකාශ්‍යප තෙරණුවන් අරභයා දේශනාකරන ලද්දකි.

එකස‍්මිඤ‍්හි සමයෙ සත්‍ථා රාජගහෙ වුට‍්ඨවස‍්සො “අද‍්ධමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සාමී”ති භික‍්ඛූනං ආරොචාපෙසි. වත‍්තං කිරෙතං බුද‍්ධානං භික‍්ඛූහි සද‍්ධිං චාරිකං චරිතුකාමානං “එවං භික‍්ඛූ අත‍්තනො පත‍්තපචනචීවරරජනාදීනි කත්‍වා සුඛං ගමිස‍්සන‍්තී”ති “ඉදානි අද‍්ධමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සාමී”ති භික‍්ඛූනං ආරොචාපනං. භික‍්ඛූසු පන අත‍්තනො පත‍්තචීවරාදීනි කරොන‍්තෙසු මහාකස‍්සපත්‍ථෙරොපි චීවරානි ධොවි. භික‍්ඛූ උජ‍්ඣායිංසු “ථෙරො කස‍්මා චීවරානි ධොවති, ඉමස‍්මිං නගරෙ අන‍්තො ච බහි ච අට‍්ඨාරස මනුස‍්සකොටියො වසන‍්ති. තත්‍ථ යෙ ථෙරස‍්ස න ඤාතකා, තෙ උපට‍්ඨාකා, යෙ න උපට‍්ඨාකා, තෙ ඤාතකා. තෙ ථෙරස‍්ස චතූහි පච‍්චයෙහි සම‍්මානසක‍්කාරං කරොන‍්ති. එත‍්තකං උපකාරං පහාය එස කහං ගමිස‍්සති? සචෙපි ගච‍්ඡෙය්‍ය, මාපමාදකන්‍දරතො පරං න ගමිස‍්සතී”ති. සත්‍ථා කිර යං කන්‍දරං පත්‍වා නිවත‍්තෙතබ‍්බයුත‍්තකෙ භික‍්ඛූ “තුම‍්හෙ ඉතො නිවත‍්තථ, මා පමජ‍්ජිත්‍ථා”ති වදති. තං “මාපමාදකන්‍දර”න‍්ති වුච‍්චති, තං සන්‍ධායෙතං වුත‍්තං.

එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර වස් වැස වස් අවසන්වී අඩමසකින් පමණ චාරිකාවෙහි හැසිරෙන්නෙමියි භික්ෂූන්ට දන්වා යැවූහ. භික්ෂූන් සමග මෙසේ චාරිකාවේ හැසිරීම බුදුවරයන්ගේ එක්තරා වතකි. මෙසේ භික්ෂූන් තමන්ගේ පාසිවුරු ආදිය සෝදා පඬුපොවාගැනීම් ආදිය කරන අතර මහාකාශ්‍ය තෙරණුවෝත් සිවුරු ආදිය සේදූහ. භික්ෂූහු දොස් කියන්ට පටන්ගත්හ. මහකසුප්තෙරණුවෝ කුමක් නිසා සිවුරු සෝදත්ද? මේ නුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු සිටිති. එයින් යම් කෙනෙක් තෙරුන්ගේ නොනෑයෝ නම් ඔවුහු උපස්ථායක දායකයෝය. යම් කෙනෙක් දායකයෝ නොවෙත් නම් ඔවුහු නෑයෝය. ඒ අය තෙරුන්ට සත්කාරසම්මාන නොකෙරෙත්ද, මෙතරම් උපකාර කරද්දීත් ඒවා අතහැර මුන්වහන්සේ කොහි යන්නාහුද, ඉදින් ගියත් මාපමාද ඔයෙන් එහාට නොයන්නාහුයයි කියාය. ශාස්තෘන්වහන්සේ යම් ඔයක් ළඟට පැමිණ, නැවැත්විය යුතු භික්ෂූන්ට තෙපි මෙහි නවතිව් පමා නොවව්යයි වදාරති. එහෙයින් එතැනට මාපමාදකන්දරයයි කියති. ඒ සඳහාම මෙසේ කියා ඇත.

සත්‍ථාපි චාරිකං පක‍්කමන‍්තො චින‍්තෙසි – “ඉමස‍්මිං නගරෙ අන‍්තො ච බහි ච අට‍්ඨාරස මනුස‍්සකොටියො වසන‍්ති. මනුස‍්සානං මඞ‍්ගලාමඞ‍්ගලට‍්ඨානෙසු භික‍්ඛූහි ගන‍්තබ‍්බං හොති, න සක‍්කා විහාරං තුච‍්ඡං කාතුං, කං නු ඛො නිවත‍්තෙස‍්සාමී”ති? අථස‍්ස එතදහොසි –“කස‍්සපස‍්ස හෙතෙ මනුස‍්සා ඤාතකා ච උපට‍්ඨාකා ච, කස‍්සපං නිවත‍්තෙතුං වට‍්ටතී”ති. සො ථෙරං ආහ – “කස‍්සප, න සක‍්කා විහාරං තුච‍්ඡං කාතුං, මනුස‍්සානං මඞ‍්ගලාමඞ‍්ගලට‍්ඨානෙසු භික‍්ඛූහි අත්‍ථො හොති, ත්‍වං අත‍්තනො පරිසාය සද‍්ධිං නිවත‍්තස‍්සූ”ති. “සාධු, භන‍්තෙ”ති ථෙරො පරිසං ආදාය නිවත‍්ති. භික‍්ඛූ උපජ‍්ඣායිංසු “දිට‍්ඨං වො, ආවුසො, නනු ඉදානෙව අම‍්හෙහි වුත‍්තං ‘මහාකස‍්සපො කස‍්මා චීවරානි ධොවති, න එසො සත්‍ථාරා සද‍්ධිං ගමිස‍්සතී’ති, යං අම‍්හෙහි වුත‍්තං, තදෙව ජාත”න‍්ති. සත්‍ථා භික‍්ඛූනං කථං සුත්‍වා නිවත‍්තිත්‍වා ඨිතො ආහ – “භික‍්ඛවෙ, කිං නාමෙතං කථෙථා”ති? “මහාකස‍්සපත්‍ථෙරං ආරබ‍්භ කථෙම, භන‍්තෙ”ති අත‍්තනා කථිතනියාමෙනෙව සබ‍්බං ආරොචෙසුං.

ශාස්තෘන්වහන්සේ චාරිකාව පටන්ගෙන මෙනුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු වාසය කරති. ඒ මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවල ඒ සඳහා භික්ෂූන් යායුතුය. විහාරය හිස් කරන්ටත් බැරිය. මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවලදී භික්‍ෂූන්ගෙන් වැඩද ඇත. කවුරුන් නවතා යන්නෙම්ද? ඉන්පසු මෙසේද සිතූහ. කාශ්‍යපට මෙහි නෑයෝත් දායකයෝත් සිටිති. එහෙයින් උන්වහන්සේ නවතා යන්නෙමියි ඔබේ පිරිසත් සමග නවතින්නැයි කාශ්‍යප හිමියන්ට කීහ. එසේයයි තෙරණුවෝ පිරිසත් සමග නැවතුණාහ. භික්ෂූහු ඇවැත්නි, අප විසින් මේ දැන් කීදෙය තෙපි දැක්කාහුනේද, අප කීලෙසම මහකසුප්තෙරණුවෝ සිවුරු සෝදන්නේ කුමක් නිසාද? උන්වහන්සේ බුදුන් සමග නොයායුතුය යනාදි අප කීදෙය ඉක්මනින්ම සිදුවිය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ කතා අසා නැවතී මෙසේකීහ: මහණෙනි, කුමක් කථා කළාහුද? ස්වාමීනි, මහාකාශ්‍යප තෙරුන් ගැන කථා කරන්නෙමුයයි ඔවුහු දන්වා සිටියහ. තමන් කලින්ම කීදෙය එලෙසම සිදුවූ හැටි දැන්වූහ.

තං සුත්‍වා සත්‍ථා “න, භික‍්ඛවෙ, තුම‍්හෙ කස‍්සපං ‘කුලෙසු ච පච‍්චයෙසු ච ලග‍්ගො’ති වදෙථ, සො ‘මම වචනං කරිස‍්සාමී’ති නිවත‍්තො. එසො හි පුබ‍්බෙ පත්‍ථනං කරොන‍්තොයෙව ‘චතූසු පච‍්චයෙසු අලග‍්ගො චන්‍දූපමො හුත්‍වා කුලානි උපසඞ‍්කමිතුං සමත්‍ථො භවෙය්‍ය’න‍්ති පත්‍ථනං අකාසි. නත්‍ථෙතස‍්ස කුලෙ වා පච‍්චයෙ වා ලග‍්ගො, අහං චන්‍දොපමප‍්පටිපදඤ‍්චෙව (සං· නි· 2.146) අරියවංසප‍්පටිපදඤ‍්ච කථෙන‍්තො මම පුත‍්තං කස‍්සපං ආදිං කත්‍වා කථෙසි”න‍්ති ආහ.

මහණෙනි, තෙපි මහකසුප්තෙරණුවන් කුලයෙහි හා ප්‍රත්‍යයයෙහි ඇළුණු කෙනෙකියි නොකියව්. හෙතෙම මගේ වචනය ඉටු කරන්නෙමියි නැවතුණේය. මෙතෙම පෙරත් සිව්පසයෙහි නොඇළී සඳමෙන්වී කුලයන් වෙත එළඹෙන්ට සමර්ථ වෙම්වායි ප්‍රාර්ථනා කෙළේය. කුලයන්හි හෝ ප්‍රත්‍යයන්හි හෝ ලැගීමක් උන්වහන්සේට නැත. මම චන්ද්‍රෝපම ප්‍රතිපදාවත්, අරියවංස ප්‍රතිපදාවත් කාශ්‍යප ආදීන් නිසාම දේශනා කෙළෙමි.

භික‍්ඛූ සත්‍ථාරං පුච‍්ඡිංසු – “භන‍්තෙ, කදා පන ථෙරෙන පත්‍ථනා ඨපිතා”ති? “සොතුකාමාත්‍ථ, භික‍්ඛවෙ”ති? “ආම, භන‍්තෙ”ති. සත්‍ථා තෙසං,

භික්ෂූහු, ස්වාමීනි, තෙරුන් විසින් ඒ ප්‍රාර්ථනා කරන ලද්දේ කවදාදැයි ඇසූහ. මහණෙනි, එය අසනු කැමැත්තාහුද? ස්වාමීනි, එසේය. බුදුරජාණන්වහන්සේ භික්ෂූන් අමතා මෙසේ කීහ.

“භික‍්ඛවෙ, ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ පදුමුත‍්තරො නාම බුද‍්ධො ලොකෙ උදපාදී”ති වත්‍වා පදුමුත‍්තරපාදමූලෙ තෙන ඨපිතපත්‍ථනං ආදිං කත්‍වා සබ‍්බං ථෙරස‍්ස පුබ‍්බචරිතං කථෙසි. තං ථෙරපාළියං (ථෙරගා· 1054 ආදයො) විත්‍ථාරිතමෙව.

මෙයින් කල්පලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුන් ලොව පහළවීයයි වදාරමින් පදුමුත්තර බුද්ධ කාලයෙහි ඔහු තැබූ ප්‍රාර්ථනා ආදිකොට ඇති තෙරුන් පිළිබඳ සියලු පූර්වචරිතවිස්තර ප්‍රකාශකළහ. එය ථෙරපාළියෙහි විස්තරකොට ඇත.

සත්‍ථා පන ඉමං ථෙරස‍්ස පුබ‍්බචරිතං විත්‍ථාරෙත්‍වා “ඉති ඛො, භික‍්ඛවෙ, අහං චන්‍දොපමප‍්පටිපදඤ‍්චෙව අරියවංසප‍්පටිපදඤ‍්ච මම පුත‍්තං කස‍්සපං ආදිං කත්‍වා කථෙසිං, මම පුත‍්තස‍්ස කස‍්සපස‍්ස පච‍්චයෙසු වා කුලෙසු වා විහාරෙසු වා පරිවෙණෙසු වා ලග‍්ගො නාම නත්‍ථි, පල‍්ලලෙ ඔතරිත්‍වා තත්‍ථ චරිත්‍වා ගච‍්ඡන‍්තො රාජහංසො විය කත්‍ථචි අලග‍්ගොයෙව මම පුත‍්තො”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

බුදුරජාණන්වහන්සේ මේ තෙරණුවන්ගේ පූර්ව චරිතකථාව විස්තරකොට මහණෙනි, මම මෙසේ තොපට චන්‍ද්‍රෝපම ප්‍රතිපදාවත්, ආර්යවංශ ප්‍රතිපදාවත් මාගේ පුත්‍ර කාශ්‍යපතෙරුන් නිමිතිකොට කීවෙමි. මාගේ පුත්‍ර මහාකාශ්‍යප තෙරණුවන්ට සිව්පසය හෝ පවුල් කෙරෙහි හෝ විහාර පිරිවෙන් ආදියේ ලැගීමක් හෝ නැත. දිය පිරුණු කුඩා විලක බැස එහි පීනා එයින් ඉගිලී කිසිවක නොඇළී නොලැගී යන රාජහංසයෙකු මෙන් මගේ පුත්‍රයාගේ පිළිවෙල වන්නේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

“උය්‍යුඤ‍්ජන‍්ති සතීමන‍්තො, න නිකෙතෙ රමන‍්ති තෙ; හංසාව පල‍්ලලං හිත්‍වා, ඔකමොකං ජහන‍්ති තෙ”ති.

දැහැන් වඩන සිහිමත් අය ආලය කම්සැපෙහි නොලැග විල හැර යන හසෙකු වගේ ඇළුම් බැඳුම් හැරදා යෙති

තත්‍ථ උය්‍යුඤ‍්ජන‍්ති සතීමන‍්තොති සතිවෙපුල‍්ලප‍්පත‍්තා ඛීණාසවා අත‍්තනා පටිවිද‍්ධගුණෙසු ඣානවිපස‍්සනාදීසු ආවජ‍්ජනසමාපජ‍්ජනවුට‍්ඨානාධිට‍්ඨානපච‍්චවෙක‍්ඛණාහි යුඤ‍්ජන‍්ති ඝටෙන‍්ති. න නිකෙතෙ රමන‍්ති තෙති තෙසං ආලයෙ රති නාම නත්‍ථි. හංසාවාති දෙසනාසීසමෙතං, අයං පනෙත්‍ථ අත්‍ථො – යථා ගොචරසම‍්පන‍්නෙ පල‍්ලලෙ සකුණා අත‍්තනො ගොචරං ගහෙත්‍වා ගමනකාලෙ “මම උදකං, මම පදුමං, මම උප‍්පලං, මම කණ‍්ණිකා”ති තස‍්මිං ඨානෙ කඤ‍්චි ආලයං අකත්‍වා අනපෙක‍්ඛාව තං ඨානං පහාය උප‍්පතිත්‍වා ආකාසෙ කීළමානා ගච‍්ඡන‍්ති; එවමෙවං ඛීණාසවා යත්‍ථ කත්‍ථචි විහරන‍්තාපි කුලාදීසු අලග‍්ගා එව විහරිත්‍වා ගමනසමයෙපි තං ඨානං පහාය ගච‍්ඡන‍්තා “මම විහාරො, මම පරිවෙණං, මමූපට‍්ඨාකා”ති අනාලයා අනුපෙක‍්ඛාව ගච‍්ඡන‍්ති. ඔකමොකන‍්ති ආලයාලයං, සබ‍්බාලයෙ පරිච‍්චජන‍්තීති අත්‍ථො.

එහි උය්‍යුංජන්ති සතිමන්තො යනු සිහිය දියුණුකර විපුල භාවයට පත් රහතන්වහන්සේලා තමන්ට අවබෝධ කළ ගුණදහම්ද ධ්‍යාන විදර්ශනාදියද ආවර්ජනා කිරීම, සමවැදීම එයින් නැගිටීම අධිෂ්ඨානය ප්‍රත්‍යවේක්ෂාකිරීම ආදියෙහි යෙදෙති. උත්සාහවත් වෙති. න නිකෙතෙ රමන්ති තෙ යනු ඒ අයට ආලය කළයුතු වස්තූන් පිළිබඳ ඇලීමක් නැත. හංසාව යනු දේශනාශීර්ෂයකි. එහි අර්ථය මෙයයි. ආහාරපාන ආදි ගොදුරුවලින් පිරිපුන් දිය පිරුණු කුඩා විලකට බසින හංසයෝ ගොදුරු සොයාගෙන එයින් පිටත්ව යනවිට, මේ මගේ ජලයය, මේ මගේ නෙළුම්ය, මේ මගේ උපුල්ය, මේ මගේ මල්කෙමිය ආදි වශයෙන් එතැන පිළිබඳ කිසිම බැඳීමක් නොකොට අපේක්ෂා රහිතවම ඒ පෙදෙස හැරදමා ඉගිලී අහසෙහි කෙළිමින් යෙති. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාත් එපරිද්දෙන්ම යම්කිසි තැනක වාසයකළත් කුලයන්හි නොඇලී සිට එතනින් පිටත්ව ඒ ඒ තැන් හැරයන විටත් මගේ විහාරය, මගේ පිරිවෙන, මගේ දායකයෝයි නොඇලී අපේක්ෂා රහිතවම යෙති. ඔකමොකං යනු ඇළෙන රැඳෙන තැන්ය. ඒ සියලු ඇලෙන තැන් හැරදමත් යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

මහාකස‍්සපත්‍ථෙරවත්‍ථු දුතියං.

දෙවන මහාකාශ්‍යප ස්ථවිර වස්තුව.