1. ජීවකපඤ්හවත්ථු අට්ඨකථා
1. ජීවකපඤ්හවත්ථු
1. ජීවකප්‍රශ්න වස්තුව
ගතද්ධිනොති ඉමං ධම්මදෙසනං සත්ථා ජීවකම්බවනෙ විහරන්තො ජීවකෙන පුට්ඨපඤ්හං ආරබ්භ කථෙසි. ජීවකවත්ථු ඛන්ධකෙ (මහාව· 326 ආදයො) විත්ථාරිතමෙව.
ගත්ද්ධිනො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරනකාලයේ ජීවකයන් ඇසූ ප්‍රශ්නයක් අරභයා දේශනා කරනලද්දකි. ජීවකවස්තුව විනය ඛන්ධකයෙහි විස්තර වශයෙන් දැක්වේ.
එකස්මිං පන සමයෙ දෙවදත්තො අජාතසත්තුනා සද්ධිං එකතො හුත්වා ගිජ්ඣකූටං අභිරුහිත්වා පදුට්ඨචිත්තො “සත්ථාරං වධිස්සාමී”ති සිලං පවිජ්ඣි. තං ද්වෙ පබ්බතකූටානි සම්පටිච්ඡිංසු. තතො භිජ්ජිත්වා ගතා පපටිකා භගවතො පාදං පහරිත්වා ලොහිතං උප්පාදෙසි, භුසා වෙදනා පවත්තිංසු. භික්ඛූ සත්ථාරං මද්දකුච්ඡිං නයිංසු. සත්ථා තතොපි ජීවකම්බවනං ගන්තුකාමො “තත්ථ මං නෙථා”ති ආහ. භික්ඛූ භගවන්තං ආදාය ජීවකම්බවනං අගමංසු.
එක් සමයෙක දෙව්දත්තෙම අජාසත්රජු සමග එක්වී ගිජුකුළුපව්වට නැගී දූෂණය කරගත් සිතින් බුදුන් මරාදමන්නෙමියි ගලක් පෙරළීය. ඒ ගල පර්වත මුදුන් දෙකක් විසින් පිළිගන්නාලදි. එයින් බිඳී විසිවුණු පගල්පතුරක් බුදුන්ගේ පාදයේ ඇනී ලේ පිටවිය. ක්‍රෑර වේදනාවක් ඇතිවිය. භික්ෂූහු බුදුන් මද්දකුච්ඡි නම් තැනට පැමිණවූහ. බුදුරජාණන්වහන්සේ එතැනින් ජීවකඅඹවනයට යනු කැමැත්තෙන් මා එහි ගෙනයව්යයි කීහ. භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ රැගෙන ජීවක අඹවනයට ගියාහුය.
ජීවකො තං පවත්තිං සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා වණපටිකම්මත්ථාය තිඛිණභෙසජ්ජං දත්වා වණං බන්ධිත්වා සත්ථාරං එතදවොච – “භන්තෙ, මයා අන්තොනගරෙ එකස්ස මනුස්සස්ස භෙසජ්ජං කතං, තස්ස සන්තිකං ගන්ත්වා පුන ආගමිස්සාමි, ඉදං භෙසජ්ජං යාව මමාගමනා බද්ධනියාමෙනෙව තිට්ඨතූ”ති. සො ගන්ත්වා තස්ස පුරිසස්ස කත්තබ්බකිච්චං කත්වා ද්වාරපිදහනවෙලාය ආගච්ඡන්තො ද්වාරං න සම්පාපුණි.
ජීවක වෛද්‍යවරයා එපුවත අසා ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් තුවාලයට ප්‍රතිකර්ම සඳහා තියුණු බෙහෙතක් සාදා එය තබා බැඳ බුදුරදුන් මෙසේ දන්වා සිටියේය. ස්වාමීනි, මම ඇතුළු නගරයේ එක් මිනිසෙකුට බෙහෙත් කරමින් සිටියෙමි. නැවත ඔහු ළඟට ගොස් එන්නෙමි. මේ බෙහෙත මා එනතුරු බැඳි ආකාරයෙන්ම තිබියයුතුයයි කියා ගියේය. ඔහු ගොස් අනිත් රෝගියාට කළයුතු වෙදකම් කොට දොරවල් වසන වේලාවෙහි එන්නේ දොරවල් වසන්ටපෙර පැමිණිය නොහැකිවිය.
අථස්ස එතදහොසි – “අහො මයා භාරියං කම්මං කතං, ය්වාහං අඤ්ඤතරස්ස පුරිසස්ස විය තථාගතස්ස පාදෙ තිඛිණභෙසජ්ජං දත්වා වණං බන්ධිං, අයං තස්ස මොචනවෙලා, තස්මිං අමුච්චමානෙ සබ්බරත්තිං භගවතො සරීරෙ පරිළාහො උප්පජ්ජිස්සතී”ති. තස්මිං ඛණෙ සත්ථා ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ආනන්ද, ජීවකො සායං ආගච්ඡන්තො ද්වාරං න සම්පාපුණි, ‘අයං වණස්ස මොචනවෙලා’ති පන චින්තෙසි, මොචෙසි න”න්ති. ථෙරො මොචෙසි, වණො රුක්ඛතො ඡල්ලි විය අපගතො. ජීවකො අන්තොඅරුණෙයෙව සත්ථු සන්තිකං වෙගෙන ආගන්ත්වා “කිං නු ඛො, භන්තෙ, සරීරෙ වො පරිළාහො උප්පන්නො”ති පුච්ඡි. සත්ථා “තථාගතස්ස ඛො, ජීවක, බොධිමණ්ඩෙයෙව සබ්බපරිළාහො වූපසන්තො”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු ඔහුට මෙබඳු සිතක් ඇතිවිය. අනේ මා අතින් නපුරු දෙයක් සිදුවිය. අනිත් රෝගීන්ට මෙන් බුදුන්ගේ පාදයෙහිත් ලේ පිළිස්සෙන කටුක බෙහෙතක් තබා බැන්දෙමි. දැන් ඒ බෙහෙත ඉවත්කරන වේලාවයි. එය දැන් ඉවත් නොකොළොත් මුළු රෑ පුරා බුදුන්ගේ සිරුරෙහි දැවිල්ල හටගන්නේය. ඒ වේලාවෙහි ශාස්තෘන්වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට, ආනන්ද, සවස්වී ආ ජීවකයන්ට දොරවල් වැසීමට පෙරාතුව ආගත නොහැකි විය. දැන් තුවාලයේ බෙහෙත ඉවත් කරන වේලාවයයි ඔහු සිතීය. එහෙයින් එය මුදාලන්නැයි වදාළහ. තෙරණුවෝත් එය මුදාහළහ. තුවාලය ගසක මැලියමක් ගැළවුණාක් මෙන් පහවී ගොස් තිබිණි. ජීවකතෙම අරුණ නැගෙන වේලාවෙහි බුදුන් සමීපයට වේගයෙන් අවුත් ස්වාමීනි, කෙසේද ඔබ වහන්සේගේ ශරීරයෙහි දැවිල්ල හටගත්තේදැයි විචාළේය. ශාස්තෘන්වහන්සේ, ජීවකයෙනි, තථාගතයන්ට බෝධිමණ්ඩයෙහිදීම සියලු දැවිලිවේදනා නිවීගියේයයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“ගතද්ධිනො විසොකස්ස, විප්පමුත්තස්ස සබ්බධි; සබ්බගන්ථප්පහීනස්ස, පරිළාහො න විජ්ජතී”ති.
සසර ගමන් කෙළවර කොට සැම සෝදුක්වලින් මිදුණ සියලු ගැටලු මුදා දැමූ අයට වේදනා නොම වේ
තත්ථ ගතද්ධිනොති ගතමග්ගස්ස කන්තාරද්ධා වට්ටද්ධාති ද්වෙ අද්ධා නාම. තෙසු කන්තාරපටිපන්නො යාව ඉච්ඡිතට්ඨානං න පාපුණාති, තාව අද්ධිකොයෙව, එතස්මිං පන පත්තෙ ගතද්ධි නාම හොති. වට්ටසන්නිස්සිතාපි සත්තා යාව වට්ටෙ වසන්ති, තාව අද්ධිකා එව. කස්මා? වට්ටස්ස අඛෙපිතත්තා. සොතාපන්නාදයොපි අද්ධිකා එව, වට්ටං පන ඛෙපෙත්වා ඨිතො ඛීණාසවො ගතද්ධි නාම හොති. තස්ස ගතද්ධිනො. විසොකස්සාති වට්ටමූලකස්ස සොකස්ස විගතත්තා විසොකස්ස. විප්පමුත්තස්ස සබ්බධීති සබ්බෙසු ඛන්ධාදිධම්මෙසු විප්පමුත්තස්ස, සබ්බගන්ථප්පහීනස්සාති චතුන්නම්පි ගන්ථානං පහීනත්තා සබ්බාගන්ථප්පහීනස්ස. පරිළාහො න විජ්ජතීති දුවිධො පරිළාහො කායිකො චෙතසිකො චාති. තෙසු ඛීණාසවස්ස සීතුණ්හාදිවසෙන උප්පන්නත්තා කායිකපරිළාහො අනිබ්බුතොව, තං සන්ධාය ජීවකො පුච්ඡති. සත්ථා පන ධම්මරාජතාය දෙසනාවිධිකුසලතාය චෙතසිකපරිළාහවසෙන දෙසනං විනිවත්තෙන්තො, “ජීවක, පරමත්ථෙන එවරූපස්ස ඛීණාසවස්ස පරිළාහො න විජ්ජතී”ති ආහ.
එහි ගතද්ධිනො යනු මාර්ගයට පැමිණි, කාන්තාර මාර්ගය, සංසාරවට්ට මාර්ගය වශයෙන් අතරමාර්ග දෙකකි. එයින් කාන්තාරයට පැමිණි පුද්ගලයා යම් විටක තමන් කැමති ස්ථානයට නොපැමිණෙන්නේද එතෙක් ඔහු මගියෙක්ම වේ. ඒ ස්ථනයට පැමිණිවිට ඔහු ගතද්ධිමාර්ගය අවසන් කළ පුද්ගලයෙක් වෙයි. සංසාරවට්ටයෙහි ඇවිදින සත්ත්වයෝද සසර වසනාතාක් කල් මගියෝම වෙති. කුමක් නිසාද? සංසාරවර්ටය අත්නොහැරි හෙයිනි. සෝවාන් ආදීහුද මගියෝමය. සංසාර පැවැත්ම ප සෙකට දැමූ රහතන්වහන්සේ වූකලි ගතද්ධි හෙවත් සසරගමන් කෙළවර කළහෙයින් ගතද්ධි යන නම ලබති. විසොකස්ස යනු සසර පැවැත්ම මුල්කොට ඇති ශෝකවලින් බැහැරවූ හෙයින් ශෝක නැත්තෙකු වෙයි. සබ්බධි-සියලු ස්කන්ධාදි ධර්මයන් කෙරෙහි, විප්පමුත්තස්ස සිව්වැදෑරුම් ග්රන්ථ (ගැටලු) ප්‍රහීණ කළ හෙයින් සබ්බගන්ථප්පහීණස්ස යනුවේ. පරිළාහො න විජ්ජති දැවීම් දෙකකි. කායික චේතසික වශයෙනි. එයින් රහතන් වහන්සේට ශීත උෂ්ණාදි වශයෙන් උපදින කායික දැවීම් නිවුණේ නැත. ඒ නිසයි ජීවක බුදුන්ගෙන් අසා සිටියේ. ශාස්තෘන්වහන්සේ ධර්මරාජයන් බැවිනුත් දේශනාවිධි පිළිබඳ කුශලත්වයක් ඇති බැවිනුත් කායික චේතසික දැවීම් වශයෙන් දේශනාව පවත්වමින්, ඇවැත් ජීවකයෙනි, පරමාර්ථ වශයෙන් නම් මෙබඳු ක්ෂීණාශ්රව කෙනෙකුන්ට දැවීම් නැත්තේයයි වදාළහ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ජීවකපඤ්හවත්ථු පඨමං.
පළමුවන ජීවකප්‍රශ්න වස්තුවයි.