යෙදුමෙන් කියවන්න

12-14. පඤ‍්චසතආගන‍්තුකභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

12-14. පඤ‍්චසතආගන‍්තුකභික‍්ඛුවත්‍ථු

12-14. ආගන්තුක භික්‍ෂූන් පන්සීයක්නමකගේ වස්තුව

කණ‍්හං ධම‍්මං විප‍්පහායාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්චසතෙ ආගන‍්තුකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

කණ් හං ධම්මං විප්පහාය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ පන්සීයක් ආගන්තුක භික්‍ෂූන් අරභයා දේශනාකරන ලද්දකි.

කොසලරට‍්ඨෙ කිර පඤ‍්චසතා භික‍්ඛූ වස‍්සං වසිත්‍වා වුට‍්ඨවස‍්සා “සත්‍ථාරං පස‍්සිස‍්සාමා”ති ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. සත්‍ථා තෙසං චරියපටිපක‍්ඛං නිසාමෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

කොසොල්රට පන්සීයක් භික්ෂූහු වස් වැස වස් අන්තයෙහි බුදුන් දකින්නෙමුයි දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේලාගේ චාරිත්‍රානුකූලව දහම් දෙසමින් මේ ගාථා වදාළහ:

“කණ‍්හං ධම‍්මං විප‍්පහාය, සුක‍්කං භාවෙථ පණ‍්ඩිතො; ඔකා අනොකමාගම‍්ම, විවෙකෙ යත්‍ථ දූරමං.

කළු දහම් හැරලා සුදු දහම වෙත සපැමිණ ආලය හැර දමා අනාලයෙහි සිත අලවා

“තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍ය, හිත්‍වා කාමෙ අකිඤ‍්චනො; පරියොදපෙය්‍ය අත‍්තානං, චිත‍්තක‍්ලෙසෙහි පණ‍්ඩිතො.

කාමයන් දුරුකොට නිවන් රසයට එළඹී ගැටලු කිසිවක් නැති පිරිසිදු සිතක් ඇතිකර

“යෙසං සම‍්බොධියඞ‍්ගෙසු, සම‍්මා චිත‍්තං සුභාවිතං; ආදානපටිනිස‍්සග‍්ගෙ, අනුපාදාය යෙ රතා; ඛීණාසවා ජුතිමන‍්තො, තෙ ලොකෙ පරිනිබ‍්බුතා”ති.

සම්බෝදි අංගයන් වෙත සිත යොමුකරන නිති ඇලුම් බැඳුම් නැතිව ගොස් නිවනෙහි රසය හමුවේ සිටින අරී උතුමෝ ලොව පිරිනිවියාහු නම් වෙත්

තත්‍ථ කණ‍්හං ධම‍්මන‍්ති කායදුචරිතාදිභෙදං අකුසලං ධම‍්මං විප‍්පහාය ජහිත්‍වා. සුක‍්කං භාවෙථාති පණ‍්ඩිතො භික‍්ඛු අභිනික‍්ඛමනතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා කායසුචරිතාදිභෙදං සුක‍්කං ධම‍්මං භාවෙය්‍ය. කථං? ඔකා අනොකමාගම‍්මාති ඔකං වුච‍්චති ආලයො, අනොකං වුච‍්චති අනාලයො, ආලයතො නික‍්ඛමිත්‍වා අනාලයසඞ‍්ඛාතං නිබ‍්බානං පටිච‍්ච ආරබ‍්භ තං පත්‍ථයමානො භාවෙය්‍යාති අත්‍ථො. තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍යාති යස‍්මිං අනාලයසඞ‍්ඛාතෙ විවෙකෙ නිබ‍්බානෙ ඉමෙහි සත‍්තෙහි දුරභිරමං, තත්‍ර අභිරතිං ඉච‍්ඡෙය්‍ය. හිත්‍වා කාමෙති වත්‍ථුකාමකිලෙසකාමෙ හිත්‍වා අකිඤ‍්චනො හුත්‍වා විවෙකෙ අභිරතිං ඉච‍්ඡෙය්‍යාති අත්‍ථො. චිත‍්තක‍්ලෙසෙහීති පඤ‍්චහි නීවරණෙහි, අත‍්තානං පරියොදපෙය්‍ය වොදාපෙය්‍ය, පරිසොධෙය්‍යාති අත්‍ථො. සම‍්බොධියඞ‍්ගෙසූති සම‍්බොජ‍්ඣඞ‍්ගෙසු. සම‍්මා චිත‍්තං සුභාවිතන‍්ති හෙතුනා නයෙන චිත‍්තං සුට‍්ඨු භාවිතං වඩ‍්ඪිතං. ආදානපටිනිස‍්සග‍්ගෙති ආදානං වුච‍්චති ගහණං, තස‍්ස පටිනිස‍්සග‍්ගසඞ‍්ඛාතෙ අග‍්ගහණෙ චතූහි උපාදානෙහි කිඤ‍්චි අනුපාදියිත්‍වා යෙ රතාති අත්‍ථො. ජුතිමන‍්තොති ආනුභාවවන‍්තො, අරහත‍්තමග‍්ගඤාණජුතියා ඛන්‍ධාදිභෙදෙ ධම‍්මෙ ජොතෙත්‍වා ඨිතාති අත්‍ථො. තෙ ලොකෙති ඉමස‍්මිං ඛන්‍ධාදිලොකෙ පරිනිබ‍්බුතා නාම අරහත‍්තපත‍්තිතො පට‍්ඨාය කිලෙසවට‍්ටස‍්ස ඛෙපිතත‍්තා සඋපාදිසෙසෙන, චරිමචිත‍්තනිරොධෙන ඛන්‍ධවට‍්ටස‍්ස ඛෙපිතත‍්තා අනුපාදිසෙසෙන චාති ද‍්වීහි පරිනිබ‍්බානෙහි පරිනිබ‍්බුතා, අනුපාදානො විය පදීපො අපණ‍්ණත‍්තිකභාවං ගතාති අත්‍ථො.

එහි කණ් හං ධම්මං යනු කායදුශ්චරිතාදි භේද ඇති අකුසල් දහම් අතහැර සුක්කං භාවෙථ යනු නුවණැති භික්ෂුව අභිනිෂ්ක්‍රමණයේ සිට රහත්බව දක්වා කායසුචරිතාදි භේද ඇති ශුක්ලධර්‍මයන් (කුසල්) වැඩිය යුතුවේ. ඒ කෙසේද? ඔකා අනොකං ආගම්ම යනු ඔක නම් ආලයයි. අනෝකයයි කියන්නේ අනාලයටයි. ආලයෙන් නික්මී-ඉවත්වී අනාලය සංඛ්‍යාත නිවන උදෙසා කටයුතු අරඹා, එය ප්‍රාර්ථනා කළ යුතුය යන අර්ථයි. තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය යනු යම් අනාලය සංඛ්‍යාත විවේකවූ නිවනෙහි මේ සත්ත්වයන් විසින් ඇලීම ඇතිකර ගැනීම අමාරුවුවත් එයි ඇලීම කැමති විය යුතුය. හිත්වා කාමෙ යනු වස්තුකාම ක්ලේශකාමයන් හැරදමා අකිඤ්චනො ගැටලු රහිතකොටගෙන විවේකයෙහි අභිරතිය කැමති වියයුතුය යන අර්ථයි. චිත්තක්ලේසෙහි යනු පංචනීවරණයන්නේ තමා පරිසොධෙය්‍ය පිරිසිදු වියයුතුය යන අර්ථයි. සම්බොධි අංගෙසු යනු සම්බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, සම්මා චිත්තං සුභාවිතං යනු යථායොග්‍ය ලෙස සිත මැනවින් වඩාගැනීමයි. ආදානපටිනිස්සග්ගෙ යනු ආදාන නම් දැඩිව ග්‍රහණයයි. එයින් මිදීම් සංඛ්‍යාත නොගැනීමයි. සිව්වැදෑරුම් උපාදානයන්ගෙන් කිසිවක් උපදවා නොගෙන යෙ රතා නිවනෙහි ඇලීම යන අර්ථයි. ජුතීමන්තො යනු ආනුභාව ඇති අර්හත්මාර්ගඥාන දිලිසීමක් ඇති, ස්කන්ධාදි භේද ඇති ධර්මයන් බබළවා සිටින යන අර්ථයි. තෙ ලොකෙ යනු මේ ස්කන්ධාදි ලෝකයෙහි පරිනිබ්බුතා යනු රහත්බවට පැමිණීමේ පටන් කෙලෙස්වෘත්ත බහා තැබූ හෙයින් සඋපධිසේස වශයෙනුත් අන්තිම චිත්තය නිරෝධ කිරීමෙන් ස්කන්ධ වෘත්තයන් බහාතබනලද හෙයින් අනුපදිසේස යන දෙයාකාර පිරිනිවනින් පිරිනිවී ගිය, තෙල් සිඳීගිය පහනක් මෙන් නොපවත්නා බවට පත්වූ යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

පඤ‍්චසතආගන‍්තුකභික‍්ඛුවත්‍ථු එකාදසමං.

එකොළොස්වන ආගන්තුක භික්‍ෂූන් පන්සීයක්නමකගේ වස්තුවයි.

පණ‍්ඩිතවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පණ්ඩිතවර්ගය පිළිබඳ වර්ණනාව අවසානයි.

ඡට‍්ඨො වග‍්ගො.

සවන වර්ගයයි.