යෙදුමෙන් කියවන්න

10-11. ධම‍්මස‍්සවනවත්‍ථු අට‍්ඨකථා

10-11. ධම‍්මස‍්සවනවත්‍ථු

10-11. බණ ඇසීමේ වස්තුව

අප‍්පකා තෙ මනුස‍්සෙසූති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මස‍්සවනං ආරබ‍්භ කථෙසි.

අප්පකා තෙ මනුස්සෙසු යන මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි බණ ඇසීම පිළිබඳව දේශනාකරන ලද්දකි.

සාවත්‍ථියං කිර එකවීථිවාසිනො මනුස‍්සා සමග‍්ගා හුත්‍වා ගණබන්‍ධෙන දානං දත්‍වා සබ‍්බරත‍්තිං ධම‍්මස‍්සවනං කාරෙසුං, සබ‍්බරත‍්තිං පන ධම‍්මං සොතුං නාසක‍්ඛිංසු. එකච‍්චෙ කාමරතිනිස‍්සිතා හුත්‍වා, පුන ගෙහමෙව ගතා, එකච‍්චෙ දොසනිස‍්සිතා හුත්‍වා, එකච‍්චෙ මානනිස‍්සිතා හුත්‍වා, එකච‍්චෙ ථිනමිද‍්ධසමඞ‍්ගිනො හුත්‍වා තත්‍ථෙව නිසීදිත්‍වා පචලායන‍්තා සොතුං නාසක‍්ඛිංසු.

සැවැත්නුවර එක් වීථියක වසන මිනිස්සු සමගිව කොටස් වශයෙන් බෙදාගෙන දන් දී සර්වරාත්‍රිකව බණ ඇසීමට සූදානම් කළහ. එහෙත් සර්වරාත්‍රිකව බණ ඇසීමට නොහැකි විය. සමහරු කාමුක හැඟීම් බලවත්වී ගෙවල්වලට ආපසු ගියහ. සමහරු ද්වේෂ සහගත සිතිවිලි නිසාද ඇතමෙක් කායික මානසික මැලිකම් නිසාද එහි හිඳගෙන නිදිබර ගතියෙන්ද දහම් ඇසීමට අපොහොසත් වූහ.

පුනදිවසෙ භික‍්ඛූ තං පවත‍්තිං ඤත්‍වා ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, ඉමා සත‍්තා නාම යෙභුය්‍යෙන භවනිස‍්සිතා, භවෙසු එව ලග‍්ගා විහරන‍්ති, පාරගාමිනො නාම අප‍්පකා”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා ආහ –

දෙවෙනි දිනයේ භික්ෂූහු එපුවත දැන ධර්මසභායෙහි ඒ පිළිබඳ කථා කළහ. ශාස්තෘන්වහන්සේ එහි වඩමවා, කරමින් සිටි කථාව විමසා එය දන්වා සිටිකල්හි මහණෙනි, මේ සත්ත්වයෝ වනාහි, බොහෝ සෙයින් භවය ඇසුරුකරමින් භවයෙහිම ඇළීගැලී වාසය කරත්. භවයෙන් එතර වන අය ඉතා විරලයයි පූර්වාපරසන්ධි ගළපා දහම්දෙසින් මේ ගාථාද වදාළහ:

“අප‍්පකා තෙ මනුස‍්සෙසු, යෙ ජනා පාරගාමිනො; අථායං ඉතරා පජා, තීරමෙවානුධාවති.

පරතෙර කරා යන ජනයෝ බොහෝ විරලය ඉතිරි හැමදෙනම මෙන් ඉවුර ළඟටම දුවයති

“යෙ ච ඛො සම‍්මදක‍්ඛාතෙ, ධම‍්මෙ ධම‍්මානුවත‍්තිනො; තෙ ජනා පාරමෙස‍්සන‍්ති, මච‍්චුධෙය්‍යං සුදුත‍්තර”න‍්ති.

මැනවින් දෙසූ දහමට අනුව පවතින යමෙක් වෙත් නම් ඔවුහු පරතෙර යෙති මරු පරදවා ජයගෙන

තත්‍ථ අප‍්පකාති ථොකා න බහූ. පාරගාමිනොති නිබ‍්බානපාරගාමිනො. අථායං ඉතරා පජාති යා පනායං අවසෙසා පජා සක‍්කායදිට‍්ඨිතීරමෙව අනුධාවති, අයමෙව බහුතරාති අත්‍ථො. සම‍්මදක‍්ඛාතෙති සම‍්මා අක‍්ඛාතෙ සුකථිතෙ. ධම‍්මෙති දෙසනාධම‍්මෙ. ධම‍්මානුවත‍්තිනොති තං ධම‍්මං සුත්‍වා තදනුච‍්ඡවිකං පටිපදං පූරෙත්‍වා මග‍්ගඵලසච‍්ඡිකරණෙන ධම‍්මානුවත‍්තිනො. පාරමෙස‍්සන‍්තීති තෙ එවරූපා ජනා නිබ‍්බානපාරං ගමිස‍්සන‍්ති. මච‍්චුධෙය්‍යන‍්ති කිලෙසමාරසඞ‍්ඛාතස‍්ස මච‍්චුස‍්ස නිවාසට‍්ඨානභූතං තෙභූමිකවට‍්ටං. සුදුත‍්තරන‍්ති යෙ ජනා ධම‍්මානුවත‍්තිනො, තෙ එතං සුදුත‍්තරං දුරතික‍්කමං මාරධෙය්‍යං තරිත්‍වා අතික‍්කමිත්‍වා නිබ‍්බානපාරං ගමිස‍්සන‍්තීති අත්‍ථො.

එහි අප්පකං යනු ටිකක්, බොහෝ නොවන, පාරගාමිනො යනු නිවන්පරතෙරට යන. අථායං ඉතරා පජා යනු එසේ නොයන ඉතිරි සත්ත්වයෝ සත්කායදෘෂ්ටි නමැති තීරයට පමණක් දුවන්නෝය. ඒ අය බහුතරයි යන අර්ථයයි. සම්මදක්ඛාතෙ යනු මැනවින් ප්‍රකාශකළ, හොඳින් කියනලද, ධම්මෙ යනු දේශනා ධර්මයයි. ධම්මානුවත්තිනො යනු ඒ දහම අසා ඊට අනුකූල ප්‍රතිපදාවෙහි යෙදී මාර්ගඵලවලට පැමිණ දහම අනුව පැවතීමයි. පාරමෙස්සන්ති යනු නිවන් පරතෙරට යන්නාහුය. මච්චුධෙය්‍යං යනු ක්ලේශ මාර සංඛ්‍යාත මාරයාගේ නිවාසස්ථානයවූ ත්‍රිභූමක සංසාර වෘත්තයයි. සුදුත්තරං යනු ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයෙහි සිටින සත්තවයෝ මේ එතෙර වීමට අමාරු ඉක්මවා යෑමට දුෂ්කර මාරවාසස්ථානයවූ සංසාර සාගරය මච්චුධෙය්‍යං තරණයකොට, ඉක්මවාගොස් නිවනින් පරතෙරට යන්නාහ යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධම‍්මස‍්සවනවත්‍ථු දසමං.

දහවන බණ ඇසීමේ වස්තුවයි.