9. ධම්මිකත්ථෙරවත්ථු අට්ඨකථා
9. ධම්මිකත්ථෙරවත්ථු
9. ධම්මික තෙරුන්ගේ වස්තුව
න අත්තහෙතූති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ධම්මිකත්ථෙරං ආරබ්භ කථෙසි.
න අත්තහෙතු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ධම්මික නම් තෙරුන් අරභයා දේශනා කරන ලද්දකි.
සාවත්ථියං කිරෙකො උපාසකො ධම්මෙන සමෙන අගාරං අජ්ඣාවසති. සො පබ්බජිතුකාමො හුත්වා එකදිවසං භරියාය සද්ධිං නිසීදිත්වා සුඛකථං කථෙන්තො ආහ – “භද්දෙ, ඉච්ඡාමහං පබ්බජිතු”න්ති. “තෙන හි, සාමි, ආගමෙහි තාව, යාවාහං කුච්ඡිගතං දාරකං විජායාමී”ති. සො ආගමෙත්වා දාරකස්ස පදසා ගමනකාලෙ පුන තං ආපුච්ඡිත්වා “ආගමෙහි තාව, සාමි, යාවායං වයප්පත්තො හොතී”ති වුත්තෙ “කිං මෙ ඉමාය අපලොකිතාය වා අනපලොකිතාය වා, අත්තනො දුක්ඛනිස්සරණං කරිස්සාමී”ති නික්ඛමිත්වා පබ්බජි. සො කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්තො වායමන්තො අත්තනො පබ්බජිතකිච්චං නිට්ඨපෙත්වා තෙසං දස්සනත්ථාය පුන සාවත්ථිං ගන්ත්වා පුත්තස්ස ධම්මකථං කථෙසි. සොපි නික්ඛමිත්වා පබ්බජි, පබ්බජිත්වා ච පන න චිරස්සෙව අරහත්තං පාපුණි. පුරාණදුතියිකාපිස්ස “යෙසං අත්ථාය අහං ඝරාවාසෙ වසෙය්යං, තෙ උභොපි පබ්බජිතා, ඉදානි මෙ කිං ඝරාවාසෙන, පබ්බජිස්සාමී”ති නික්ඛමිත්වා පබ්බජි, පබ්බජිත්වා ච පන න චිරස්සෙව අරහත්තං පාපුණි.
සැවැත්නුවර එක් උපාසකයෙක් දැහැමින් සෙමෙන් සිය ගෙදර වාසය කරයි. හෙතෙම පැවිදිවනු කැමැත්තෙන් එක් දිනක් භාර්යාවත් සමඟ සුහදව කථා කරන අතර, සොඳුර, මම මහණවෙන්ට යන්නෙමියි කීවේය. හිමියනි, මගේ කුස සිටින දරුවා වදන තුරු නවතින්නැයි ඈ කීවාය. හෙතෙම නැවතී දරුවා පයින් ඇවිදින කාලයෙහි නැවත ඈට කතාකොට යෑමට අවශ්‍යබව දැන්වූවිට ස්වාමීනි, දරුවා තවටිකක් වයසට යනතුරු නවතින්නැයි කීකල්හි, මට මෑගෙන් අවසරයක් අනවසරයක් හෝ ලැබීමෙන් ප්‍රයෝජනයක් නැත. තමන් දුකෙන් එගොඩකර ගන්නෙමියි නික්මගොස් පැවිදිවිය. හෙතෙම කමටහන් ලබාගෙන වෙහෙස මහන්සිවී තමන්ගේ පැවිදිකිස නිමවා ඔවුන්ට එය පෙන්වනු සඳහා යළි සැවතට ගොස් පුතාට බණකථාවක් කීවේය. පුතාත් පිටත්වගොස් පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියේය. පැරණි භාර්යාවත්, මා ගිහිගෙය නැවතුණේ ඔවුන් දෙදෙනා උදෙසාය. දැන් මෙහි විසීමෙන් වැඩක් නැතැයි නික්මී ගොස් පැවිදිවූවාය. පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියාය.
අථෙකදිවසං ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ධම්මිකඋපාසකො අත්තනො ධම්මෙ පතිට්ඨිතත්තා නික්ඛමිත්වා පබ්බජිත්වා අරහත්තං පත්තො පුත්තදාරස්සාපි පතිට්ඨා ජාතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා ‘ඉමාය නාමා’”ති වුත්තෙ, “භික්ඛවෙ, පණ්ඩිතෙන නාම නෙව අත්තහෙතු, න පරහෙතු සමිද්ධි ඉච්ඡිතබ්බා, ධම්මිකෙනෙව පන ධම්මපටිසරණෙන භවිතබ්බ”න්ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
දිනක් භික්ෂූහු ධර්මසභාවෙහි, ඇවැත්නි බලව්, ධම්මික උපාසකතෙම තමන් දහමෙහි සිටි නිසා ගොස් පැවිදිව රහත්විය. ඒ මගින් ඔහුගේ පුතාටත් බිරිඳටත් පිහිටවීයයි කථාවක් ඇතිකළහ. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි දැන් කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි නුවණැතියා තමන්ගේ පමණක් හෝ අනුන්ගේ පමණක් හෝ දියුණුව බලාපොරොත්තු නොවිය යුතුය. සැමගේ දියුණුව බලාපොරොත්තුවෙමින් ධාර්මිකවීමෙන් මෙන්ම ධාර්මික විපිළිසරවීමෙනුත් යුක්තවිය යුතුයයි පූර්වාපරසන්ධි ගළපා ධර්මදේශනා කරමින්-
“න අත්තහෙතු න පරස්ස හෙතු, න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං; න ඉච්ඡෙය්ය අධම්මෙන සමිද්ධිමත්තනො, ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා”ති.
තමන් නිසා අනුන් නිසා පුතුන් නිසා ධනය නිසා රටක් නිසා නොදැහැමිකම් නොකර සිටින අය පමණක් දැහැමි සීලවතුන් බවට නුවණැතියන් බවට සදා පත්වන බව සත්‍යය වේ
තත්ථ න අත්තහෙතූති පණ්ඩිතො නාම අත්තහෙතු වා පරහෙතු වා පාපං න කරොති. න පුත්තමිච්ඡෙති පුත්තං වා ධනං වා රට්ඨං වා පාපකම්මෙන න ඉච්ඡෙය්ය, එතානිපි ඉච්ඡතො පාපකම්මං න කරොතියෙවාති අත්ථො. සමිද්ධිමත්තනොති යා අත්තනො සමිද්ධි, තම්පි අධම්මෙන න ඉච්ඡෙය්ය,සමිද්ධිකාරණාපි පාපං න කරොතීති අත්ථො. ස සීලවාති යො එවරූපො පුග්ගලො, සො එව සීලවා ච පඤ්ඤවා ච ධම්මිකොච සියා, න අඤ්ඤොති අත්ථො.
එහි න අත්තහෙතු යනු නුවණැත්තා නම් තමන් නිසා හෝ අනුන් නිසා පව් නොකරයි. න පුත්තම්ච්ඡේ යනු පුතුන් නිසා හෝ ධනං ධනය නිසා රට්ඨං රටක් නිසා හෝ පාපකර්ම කිරීමෙන් දියුණුවක් න ඉච්ඡෙය්ය ලබා ගැනීමට පව් නොකරයි යනු අර්ථයි. සමිද්ධිමත්තනො යම් තමාගේ සමෘද්ධියක්වේද, එයත් අධම්මෙන අධාර්මික ලෙස බලාපොරොත්තු නොවෙයි. ඒ සඳහා පව් නොකරයි යන අර්ථයි. ස සීලවා යනු යම් මෙබඳු පුද්ගලයෙක් සිටීද, ඔහුම සිල්වතා වෙයි. පඤ්ඤවා නුවණැත්තාද වෙයි. ධම්මිකොච සියා ධාර්මිකයාද වෙයි. අන්‍යයෝ එසේ නොවෙත් යනු අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ධම්මිකත්ථෙරවත්ථු නවමං.
නවවන ධම්මික තෙරුන්ගේ වස්තුවයි.