8. පඤ්චසතභික්ඛුවත්ථු අට්ඨකථා
8. පඤ්චසතභික්ඛුවත්ථු
8. බඩගිනිකාර යාචකයන්ගේ දොස්කී පන්සීයක් භික්ෂූන්ගේ වස්තුව
සබ්බත්ථ වෙ සප්පුරිසා චජන්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්චසතෙ භික්ඛූ ආරබ්භ කථෙසි. දෙසනා වෙරඤ්ජායං සමුට්ඨිතා.
සබ්බත්ථ වෙ සප්පුරිසා වජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවාසයකරන කාලයෙහි පන්සීයක් භික්ෂූන් අරභයා දේශනාකරන ලදහ. මේ දේශනාව වේරංජාවේ ඇතිවූවකි.
පඨමබොධියඤ්හි භගවා වෙරඤ්ජං ගන්ත්වා වෙරඤ්ජෙන බ්රාහ්මණෙන නිමන්තිතො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං වස්සං උපගඤ්ඡි. වෙරඤ්ජො බ්රාහ්මණො මාරාවට්ටනෙන ආවට්ටො එකදිවසම්පි සත්ථාරං ආරබ්භ සතිං න උප්පාදෙසි. වෙරඤ්ජාපි දුබ්භික්ඛා අහොසි, භික්ඛූ සන්තරබාහිරං වෙරඤ්ජං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතං අලභන්තා කිලමිංසු. තෙසං අස්සවාණිජකා පත්ථපත්ථපුලකං භික්ඛං පඤ්ඤාපෙසුං. තෙ කිලමන්තෙ දිස්වා මහාමොග්ගල්ලානත්ථෙරො පථවොජං භොජෙතුකාමො, උත්තරකුරුඤ්ච පිණ්ඩාය පවෙසෙතුකාමො අහොසි, සත්ථා තං පටික්ඛිපි. භික්ඛූනං එකදිවසම්පි පිණ්ඩපාතං ආරබ්භ පරිත්තාසො නාහොසි, ඉච්ඡාචාරං වජ්ජෙත්වා එව විහරිංසු. සත්ථා තත්ථ තෙමාසං වසිත්වා වෙරඤ්ජං බ්රාහ්මණං අපලොකෙත්වා තෙන කතසක්කාරසම්මානො තං සරණෙසු පතිට්ඨාපෙත්වා තතො නික්ඛන්තො අනුපුබ්බෙන චාරිකං චරමානො එකස්මිං සමයෙ සාවත්ථිං පත්වා ජෙතවනෙ විහාසි, සාවත්ථිවාසිනො සත්ථු ආගන්තුකභත්තානි කරිංසු. තදා පන පඤ්චසතමත්තා විඝාසාදා භික්ඛූ නිස්සාය අන්තොවිහාරෙයෙව වසන්ති. තෙ භික්ඛූනං භුත්තාවසෙසානි පණීතභොජනානි භුඤ්ජිත්වා නිද්දායිත්වා උට්ඨාය නදීතීරං ගන්ත්වා නදන්තා වග්ගන්තා මල්ලමුට්ඨියුද්ධං යුජ්ඣන්තා කීළන්තා අන්තොවිහාරෙපි බහිවිහාරෙපි අනාචාරමෙව චරන්තා විචරන්ති.
ප්‍රථම බෝධිකාලයෙහි (බුදුවීමෙන් විසිවසක් පමණ කාලය) භාග්‍යවතුන්වහන්සේ වේරංජාවට වැඩමවා වේරංජ බමුණාගෙන් ආරාධනා ලැබ පන්සීයක් භික්ෂූන් සමග වස් එළඹුණුසේක. වේරංජ බමුණා මාරාවේශයෙන් ආවේශව එක් දවසකුත් බුදුරදුන් ගැන සිහිනොකෙළේය. වේරංජාවෙහිත් දුර්භික්ෂතත්ත්වයක් පැවතිණි. භික්ෂූහු වේරංජාවේ ඇතුළ පිට හැමතැන පිඬුසිඟා පිණ්ඩපාතය නොලැබ ක්ලාන්ත භාවයට පත්වූහ. එහි පැමිණි අස් වෙළෙන්දෝ උන්වහන්සේලාට නැළියක පමණ බත් එවන්ටවූහ. මෙසේ ක්ලාන්ත භාවයටපත් භික්ෂූන් දුටු මුගලන් මහතෙරණුවෝ උන්වහන්සේලා පෘථුවීඕජස් වළඳවනු කැමැත්තෙන් උතුරුකුරු දිවයිනෙහි පිඬුපිණිස හැසිරවීමේ බලාපොරොත්තුව ඇතිකර ගත්හ. ශාස්තෘන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. කැමති පරිදි හැසිරීමද වර්ජනයකොට සිටියහ. ශාස්තෘන්වහන්සේ එහි තෙමසක් ගතකොට වේරංජ බමුණා වෙත වැඩමවා ඔහුගේ සත්කාර සම්මානද විඳ ඔහු තිසරණයෙහි පිහිටුවා එයින් නික්ම පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් දෙව්රමට වැඩමවා එහි විසූසේක. සැවැත්නුවර වැසියෝ බුදුරදුන්ට ආගන්තුක දාන පිරිනැමූහ. එකල පන්සීයක් පමණ බඩසයින් පෙළී සිටි යාචකයෝ භික්ෂූන් ඇසුරෙහිම, විහාරයෙහිම සිටියෝය. ඔවුහු භික්ෂූන් වළඳා ඉතිරිවූ ප්‍රණීත බොජුන් කා නිදාසිට නැගිට නදීතීරයට ගොස් කෑගසමින් වර්ගවලට බෙදී මල්ලවපොර බදමින් කෑකෝ ගසමින් ක්‍රීඩා කරමින් විහාරය ඇතුළතත් පිටතත් ආනාචාර කරමින් හැසිරෙති.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “පස්සථාවුසො, ඉමෙ විඝාසාදා දුබ්භික්ඛකාලෙ වෙරඤ්ජායං කඤ්චි විකාරං න දස්සෙසුං, ඉදානි පන එවරූපානි පණීතභොජනානි භුඤ්ජිත්වා අනෙකප්පකාරං විකාරං දස්සෙන්තා විචරන්ති. භික්ඛූ පන වෙරඤ්ජායම්පි උපසන්තරූපා විහරිත්වා ඉදානිපි උපසන්තුපසන්තාව විහරන්තී”ති. සත්ථා ධම්මසභං ගන්ත්වා, “භික්ඛවෙ, කිං කථෙථා”ති පුච්ඡිත්වා “ඉදං නාමා”ති වුත්තෙ “පුබ්බෙපෙතෙ ගද්රභයොනියං නිබ්බත්තා පඤ්චසතා ගද්රභා හුත්වා පඤ්චසතානං ආජානීයසින්ධවානං අල්ලරසමුද්දිකපානකපීතාවසෙසං උච්ඡිට්ඨකසටං උදකෙන මද්දිත්වා මකචිපිලොතිකාහි පරිස්සාවිතත්තා ‘වොලොදක’න්ති සඞ්ඛ්‍යං ගතං අප්පරසං නිහීනං පිවිත්වා මධුමත්තා විය නදන්තා විචරිංසූති වත්වා –
දම්සභායෙහි රැස්වූ භික්ෂූහු, ඇවැත්නි. බලව් මේ බඩගින්නේ සිටි යාචකයෝ දුර්භික්ෂකාලයේ වේරංජාවේදී කිසි විකාරයක් නොකළහ. දැන් මේ ප්‍රණීත ආහාරපාන ලැබී නානාප්‍රකාර විකාර කරමින් හැසිරෙත්. භික්ෂූහු වේරංජාවේදීත් උපශාන්තව සිට දැනුත් එලෙසින්ම සිටිතියි කථාවක් ඉපදවූහ. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා, කළ කථාව අසා මහණෙනි, අතීතයේදීත් මොවුහු ගද්රභයෝනියෙහි පන්සීයක් කොටළුවන්ව ඉපදී, ආජානීය අශ්වයන්ට පැන් නුමුසු මිදියුෂ දී ඉතිරි රොඩුවලට ඉඳුල්කහට වතුර දමා පොඩිකර නියඳ රෙදිවලින් පෙරා කිසි රසයක් නැති කහට මිදිපැන් බී, මී බී මත්වූ බඹරුන් මෙන් නාදකරමින් හැසුරුණාහයි වදාරා,
“වාලොදකං අප්පරසං නිහීනං, පිත්වා මදො ජායති ගද්රභානං; ඉමඤ්ච පිත්වාන රසං පණීතං, මදො න සඤ්ජායති සින්ධවානං.
කසට රසැති පහත්වූ ජලය බී උමතුවෙති කොටළුවෝ මිහිරි රස බොන්නේ නමුත් මත් නොවෙති සින්ධවයෝ පහත් නොපත් අය
“අප්පං පිවිත්වාන නිහීනජච්චො, සො මජ්ජතී තෙන ජනින්ද පුට්ඨො; ධොරය්හසීලී ච කුලම්හි ජාතො, න මජ්ජතී අග්ගරසං පිවිත්වා”ති. (ජා· 1.2.65);
ටිකක් රසඇති දේ බීගෙන රජතුමනි, ඔවුහු මත්වෙති උපත හොඳ සිල්වත් අය මිහිරි රස බීවත් කිසිදා මත්බවට නොයෙතී
ඉදං වාලොදකජාතකං විත්ථාරෙන කථෙත්වා “එවං, භික්ඛවෙ, සප්පුරිසා ලොකධම්මං විවජ්ජෙත්වා සුඛිතකාලෙපි දුක්ඛිතකාලෙපි නිබ්බිකාරාව හොන්තී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මේ වාලෝදක ජාතකය විස්තර කොට, මහණෙනි, මෙසේ සත්පුරුෂයෝ ලොභකටයුතු දහම් හැරදමා සුඛිතකාලයේත් දුක්ඛිතකාලයේත් විකාර නොකරන්නෝවෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“සබ්බත්ථ වෙ සප්පුරිසා චජන්ති, න කාමකාමා ලපයන්ති සන්තො; සුඛෙන ඵුට්ඨා අථ වා දුඛෙන, න උච්චාවචං පණ්ඩිතා දස්සයන්තී”ති.
සපුරිස්හු හැම තැන ඇල්ම හැරදා නිවසති කැමති දේ ගැන නොදොඩවති ලැබෙන සැප දුක දෙකෙහිම උස් පහත්කම් නොසලකි
තත්ථ සබ්බත්ථාති පඤ්චක්ඛන්ධාදිභෙදෙසු සබ්බධම්මෙසු. සප්පුරිසාති සුපුරිසා. චජන්තීති අරහත්තමග්ගඤාණෙන අපකඩ්ඪන්තා ඡන්දරාගං විජහන්ති. කාමකාමාති කාමෙ කාමයන්තා කාමහෙතු කාමකාරණා. න ලපයන්ති සන්තොති බුද්ධාදයො සන්තො කාමහෙතු නෙව අත්තනා ලපයන්ති, න පරං ලපාපෙන්ති. යෙ හි භික්ඛාය පවිට්ඨා ඉච්ඡාචාරෙ ඨිතා “කිං, උපාසක, සුඛං තෙ පුත්තදාරස්ස, රාජචොරාදීනං වසෙන ද්විපදචතුප්පදෙසු නත්ථි කොචි උපද්දවො”තිආදීනි වදන්ති, තාව තෙ ලපයන්ති නාම. තථා පන වත්වා “ආම, භන්තෙ, සබ්බෙසං නො සුඛං, නත්ථි කොචි උපද්දවො, ඉදානි නො ගෙහං පහූතඅන්නපානං, ඉධෙව වසථා”ති අත්තානං නිමන්තාපෙන්තා ලපාපෙන්ති නාම. සන්තො පන ඉදං උභයම්පි න කරොන්ති. සුඛෙන ඵුට්ඨා අථ වා දුඛෙනාති දෙසනාමත්තමෙතං, අට්ඨහි පන ලොකධම්මෙහි ඵුට්ඨා තුට්ඨිභාවමඞ්කුභාවවසෙන වා වණ්ණභණනඅවණ්ණභණනවසෙන වා උච්චාවචං ආකාරං පණ්ඩිතා න දස්සයන්තීති.
එහි සබ්බත්ථ යනු පංචස්කන්‍ධාදි ප්‍රභේද ඇති සියලු ධර්මයන් කෙරෙහිය. සප්පුරිසා යනු යහපත් පුරුෂයෝය. චජන්ති යනු අර්හත්මාර්ගඥානයෙන් කඩා දමනලද ඡන්දරාගය හැර දමත්. කාමකාමා යනු කැමති දෙය කැමතිවීම, මනාප දෙය කාම හේතුවක් කාම කාරණයක් කර ගැනීමය. න ලපයන්ති සන්තො යනු බුද්ධාදි ශාන්ත පුද්ගලයෝ කැමති දේගැන තමන් කථා නොකරති. භික්ෂා පිණිස හැසිරී කැමැත්තෙන් සිටගෙන උපාසකය, ඔබේ දූදරුවන්ට කෙසේද, රජ-සොර සතුරන්ගෙන්, දෙපා සිව්පාවන්ගෙන් කිසි උවදුරක් නැද්ද ආදිය කියමින් සිටීමයි. එසේ කියා, එසේය ස්වාමීනි, අපි සියල්ලන්ම සැපසේ සිටිමු. කිසිම උවදුරක් නැත. දැන් අපේ පවුල කෑමබීම ආදියෙන් පිරිපුන්ය, මෙහිම වසනු මැනවයි තමන්ට ආරාධනා කරවා ගැනීම සඳහා කියවාගැනීමයි. ශාන්තයෝ වනාහි මේ දෙකම නොකෙරෙත්. සුඛෙන ඵුට්ඨා අථවා දුඛෙන යනු මෙය දේශනාමාත්රයක් පමණි. අෂ්ටවිධ ලෝකධර්මයන් හා ගැටීමෙන් සතුටුවීම නොසතුටුවීම වශයෙන් හෝ වර්ණනාකිරීම් නින්දාකිරීම් වශයෙන් හෝ උච්චාවචං උඩට හෝ පහතටවැටීම් යනාද ආකාර පණ්ඩිතා න දස්සයන්ති පණ්ඩිතයෝ ප්‍රදර්ශනය නොකෙරෙත්.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පඤ්චසතභික්ඛුවත්ථු අට්ඨමං.
අටවන බඩගිනිකාර යාචකයන්ගේ දොස්කී පන්සීයක් භික්ෂූන්ගේ වස්තුවයි.